UAE Sri Lankans Events

Wednesday, September 9, 2009

ළමා නිවාසයේ අකුරු උගැන්වූ යුවතිය . . . !


රටක ළමා නිවාස ඇතිවීම සාමාජීය ප්‍රශ්නයක් . . . කුටුම්භ ඝට්ටන . . . අතෘප්තිකර විවාහ ජීවිත . . . නේකවිද රිය අණතුරු . . . ඉඩ-කඩම් හබ . . . අනියම් සබඳකම් . . . පිටරට රැකියා . . . නෑදෑ අසමඟිකම් . . . මෙවැනි ප්‍රශ්න බොහොමයක් . . රටක ළමා නිවාස ඇතිවීමේ සාධකයේ එක් පැතිකඩක් කියා මට සිතුනා . . . . ! ළමා නිවාස බිහිවන්නේ අනාථ වූ දරුවන් සිටින විටෙක . . . දරුවන් අනාථ වන්නේ ඉහත සඳහන් කල කරුනු හා වෙනත් බොහෝම කරුනු මූලික වීමෙන් . . . !

ළමා නිවාස ඇතිවීමේ කාලීන අවෂ්‍යතාවයකුත් ඇති බව හැඟෙනවා . . . "තම දිවියේ ඒකායන පරමාර්ථය තමාට හැකි පමනින් උදව් අවැසි අන් අයට පිහිට වීමයි" යන ආදර්ශපාඨය සහිත . . . සදෙව් ලොව පරසතු පුෂ්පයක් වන් ළතෙත් බවින් පිරිපුන් . . කාරුනික . . සුවඳ හමන ආත්මීය හදවත් ඇත්තන්ට . . . තම දිවියේ අමා පැන් පොදක් අසරන දරුවන් වෙනුවෙන් ඉසිමින් තම සිතැඟි සතපවාගෙන සුළඟේ පාවෙන වරා මලක් මෙන් වූ සහැල්ලු දිවි පෙවෙතක් ගෙවීමට . . .නොසේනම් . . . තමා බුදුන් දවස අසූකෙලක් රන් කහවනු වැයකොට ජේතවන විහාරය කරවූ අනාත පිණ්ඩිකස්ස සිටුතුමනෝ මෙන් දාන මානාදී පිංකම් කරවන මහ පිං කඳක් බව ලෝකයාට පෙන්වීමට රුපියල් 10,000ක් පමන වැයකොට දනක් දී . . . රුපියල් දශ ලක්ෂයක් පමන වැයකොට රූපවාහිණිය . . . ගුවන් විදුලිය ලව්වා තමාගේ ප්‍රශස්ති ගායනා කරගැනීමට අවැසි දේශපාලකයින්ට හෝ ප්‍රභූ දන්නට ඒ සඳහා ඉඩකඩ ලබා දීමට . . . ! එසේත් නොමැති නම් මේ අරමුනු දෙකම අඩු වැඩි වශයෙන් ඇති හුදී ජනයා වෙනුවෙන් . . මේ ළමා නිවාස පිහිටා තිබීම යෝග්‍ය යැයි හැඟුනු බැවිනි මා අදහස් කලේ ළමා නිවාස කාලීන අවශ්‍යතාවයක් ලෙස . . . !

කෙසේ නමුත් මගේ ලිපියේ අරමුණ ළමා නිවාස ඇතිවීමේ සාමාජීය ප්‍රශ්න ගැනවත් . . . ඒවායේ කාලීන අවශ්‍යතාවය ගැන වත් කතාබහ කිරීම නොව . . . පුංචි දනක් දෙන්නට ගොස් සිටියදී සිත සසළ කල සිදුවීමක් ගැන ලියා තැබීමක් පමනක් බව ඔබට මා මුලින්ම පැවසිය යුතුයි . . . !

අපේ පුංචි පුතාගේ පළමු උපන්දිනය දා විශාල මුදලක් වැයකොට මිතුරු මිතුරියන් 50ක් හෝ 60ක් පමන සහභාගී කරවාගෙන සිදුකල උපන්දින උත්සවයේ අවසන ඊට පසුදා අස්පස් කිරීම් කරන අතරතුර . . .

"අයේ නම් පුතාගේ උපන්දිනෙට පාර්ටි දාන්න ඕන නෑ . . . අපි ළමා නිවාසෙකට දානයක් දෙමු . . . "
බිරිඳ කීවේ “මොන වදයක්ද මේ” කියා ඇතිවූ කලකිරීම මුසු "ඔයා තමයි මේ ඔක්කොම කලේ " වැනි නෝක්කාඩුවක් සහිත ටිකක් තරහ ගිය හඬකින් . . .

“ඔව් අපි ලංකාවේ හිටියත් . . .නොහිටියත් . . එහෙම කරමු . . . !”
මමත් පිළිතුරු දුන්නේ . . . දින ගනනක් වෙහෙස වෙලා හෙම්බත් වෙලා හිටි නිසාම නොවුනත් . . . පුතාගේ උපන් දිනය වෙනුවෙන් මීට වඩා අර්ථවත් යමක් කරන්න තිබුනා කියා මගේ හිත නැඟූ චෝදනා වලිනුත් නිදහස් වීමට සිතාගෙන

ඉතිං දෙවෙනි උපන් දිනයට මාස දෙකතුනක් තියා අපි සොයාබැලුවා ළමා නිවාස ගැන . . .

"අපේ යෞවන සමිතියෙන් දාන දුන් අංගවිකල ළමා නිවාසක් තියෙනවා . . . එතනට දෙමුද . . ?"
මම බිරිඳගෙන් ඇසුවා . . .

"කොහේ හරි කමක් නෑ . . . වැඩිය ආධාර නොලැබෙන තැනක් වුනොත් හොඳයි නේද . . .?"
ඇයත් ප්‍රශ්නයකින්ම පිලිතුරු දුන්නා . .

"සමහර තැන් තියෙනවා දරුවෝ පෙන්නලා ආධාර අරගෙන ඒවා පාලනය කරන අය භුක්ති විඳින. . . ඒක නිසා ටිකක් හොයල බලල දෙමු . . "
ඇය තව කොටසක් එකතු කලා . .

"දේශපාලකයින්ට ලිංගික බිලිපූජා ලෙස ගැහැනු ළමයින් ලබාදෙන . . . විදේශිකයින්ට ළමා ගනිකාවන් ලෙස කුඩා ගැහැනු පිරිමි ළමයි ලබා දෙන ළමා නිවාසත් තියෙනවා කියල මමත් අහල තියෙනවා . . . "
මම පැවසුවේ අනේ මෙහෙමත් මිනිසුන් ඉන්නවානේදැයි උපන් සංවේගයෙන් . . . !

කොළඹට නුදුරු ජනප්‍රිය පාසැලක ගුරුවරයෙක් වූ මගේ හොඳම මිතුරෙකුට අපි භාර දුන්නා කුඩා දානයක් දිය හැකි ළමා නිවාසයක් සොයා පුතාගේ උපන්දිනයදා හෝ ඒ ලඟම දිනෙක දවල් දානයක් දීමට වෙන්කර ගන්නා ලෙස . . . !

"මචං උඹල දාන දුන්නු සුපුරුදු තැනට වැඩිය ඇත්තෙන්ම යමක් අවශ්‍ය තැනක් තියෙනවා . . ."
මගේ දුරකථන ඇමතුමට අමරෙ දුන් පිලිතුර මට සතුටක් ලඟාකලා. . . !

"අපේ ස්කෝලේ ළමයි ලඟදි පාසැල් ව්‍යාපෘතියක් ලෙසට එතනට දානයක් දුන්නා මචං . . . මමත් ගියා ළමයි එක්ක . . . පපුව හෝස්ගාලා ඇවිලිලා යනවා බං ඒ පුංචි උන් දැක්කාම . . . ."
ඔහුගේ දුක්බර හැන්දින්වීමම මට ඇති කියා සිතුනා ස්ථානය තෝරා ගැනීමට . . . !

"අපි ගියේ පාසැල් දවසක . . අනේ උන් ඔක්කොම පාසැල් යවනවා මචං . . . හාමුදුරු නමක් තමයි මුල්වෙලා ඒ ළමා නිවාසේ කරන්නේ . . . "
ඔහු තවත් යමක් එකතු කලා . . .

"මචං එහෙනම් සැප්. XX එතන බුක් කරපන් . . මම නිවාඩු ආව ගමන් අපි එතනට යමු . . ."
මම බොහෝම සතුටින් පැවසුවා . . .

නිවාඩු ගිහින් දෙවෙනි දවසෙම කලේ දානයට අවශ්‍ය මුදල් ගෙවීම් කරන්න අමරෙත් එක්කගෙන එතනට යාම තමයි . . .

හැම දේටම කලින් ළමා නිවාසේ නම සහ විස්තර කිව යුතුයි . . . !

ශ්‍රී ජිනානන්ද ළමා නිවාසය . . . (ළමා සංවර්ධන මධ්‍යස්ථානය )
ශ්‍රී සුගත විහාරය . . . අංක :1 . . . වැල්ලවත්ත . . . කොළඹ -06. . .
(සැවෝයි සිනමා ශාලාව ඉදිරිපිට)
දුරකථන අංකය : 0112-587534
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය : 11/1/4/2036/89


අපි ටිකකට කන්දුන්නා ළමා නිවාසයේ ස්වේච්ඡා සේවිකාවක් වූ පින් පාට . . . කරුනාව කඩාහැලෙන දෙනෙතක් ඇති . . . ළගන්නා සිනහවකින් මුවපුරවාගෙන සිටි . . . සුදු සාරියකින් සැරසී සිටි . . මැදිවියේ පාලිකාවට . . . !

"මෙතන ළමයි 67 දෙනෙක් ඉන්නවා. . . ."

"සමහර අයගේ දෙමව්පියෝ දෙන්නාම නෑ . . . "

"සමහර අයගේ තාත්තා ඉන්නවා . . අම්මා වෙන කෙනෙක් එක්ක පැනලා ගිහින් . . ."

"සමහර අයගේ අම්මා ඉන්නවා තත්තා දාලා ගිහින් . . "

"පිරිමි ළමයි විතරයි මෙතන ඉන්නේ . . . "

"එකම පවුලේ අයියයි මල්ලියි 25-30ක් විතර ඉන්නවා . . "

"වයස අවුරුදු 4 ඉඳලා උසස්පෙළ කරන වයසේ වෙනකම් දරුවෝ මෙතන ඉන්නවා . . "

"හැම දෙනෙක්වම අපි පාසැල් යවනවා. . . "

"සමහර අය ලඟ පාත පාසැල් වලට යවන්නේ . . ."

"එක් පුතෙක් කොළඹ උසස් පාසැලකටත් යවනවා . . "

"ගොඩක් අයව අපි ටියුශන් පංතිත් යවනවා . . . "

"විශ්ව විද්‍යාල සිසු-සිසුවියො දෙතුන් දෙනෙක්ම මෙතන ස්වේච්ඡාවෙනම උගන්වනවා . . . "

"මේ ළමයින්ගේ ටියුශන් ෆීස් වලට මාසෙකට රු.23,000/-ක් විතර යනවා . . . "

"අපිට ළමයින්ගේ කෑමට ලැබෙන සල්ලි වලින් තමයි කෑම බීම වියදම් ටිකක් එහාට මෙහාට කරල ළමයින්ගේ ටියුශන් ෆීස් වලට යන ගාන කවර් කරන්නේ . . . "

"ආධාර නොලැබෙන්නෙමත් නෑ . . නමුත් ගොඩාක් අඩුපාඩු තියෙනවා . . . හැම තැනකටම මම ලියනවා . . . බලමු අනාගතයේදී . . . "

"එක පුතෙක් ඉන්නවා O/L විභාගේ දෙපාරක් කලා ඒත් ෆේල් . . . පස්සේ මෝට මිකැනික් කෝස් එකක් කලා . . .මහත්තයට පුලුවන්නම් අනේ ඒ පුතාට පොඩි ජොබ් එකක් හොයල දෙන්න . . "

ඇගේ වචන තාමත් මගේ දෙසවනේ දෝංකාර දෙනවා . . . . !


අපි මුල් දවසේ එතනට ගියේ පුංචි එවුන්ට දෙන්න ටොෆී ටිකකුත් අරගෙන . . . බෙදන අතරේ වැටිලා තිබුනු එකක් පුංචි එකෙක් ආපසු මගේ බිරිඳට දුන්නලු . . .

"නැන්දේ මේ එකක් වැටිලා . . "

“කමක් නෑ පුතා ඔයා තියා ගන්න" . . .

"නෑ මට එකක් ලැබුනා "

පුංචි එකාගේ විනීත කම . . . අවංකකම ගැන ඈ මට කීවේ දෙනෙතේ කඳුලු පුරෝගෙන . . . මගේ දෙනෙතුත් තෙත් වෙන්න ගතවුනේ සුලු මොහොතයි . . . !

පාර්ටියක් දාන්නේ නෑ කිව්වට මගේ ආදරණීය නංගීගේ බලවත් පෙරැත්තයට අපිට පාර්ටියක් දාන්නම සිදුවුනා . . . අවසන දානයට වියදම් කලා හා සමාන හෝ ඊට වඩා වැඩි මුදලක් පාර්ටිය වෙනුවෙනුත් වියදම් වුනා . . . ඒ අසරන දරුවන් වෙනුවෙන් උඹට මීට වඩා දෙයක් කලහැකිව තිබුනා . . කියා මගේ සිත නිතර නිතර කරන කංකෙඳිරිගෑම හෙවත් . . . මම මා සිතා සිටි තරම් දනට ලැදියෙක් නොවේ කියන හදවතේ ඇනුනු කටුව ගැලවී කුඩා හෝ සහනයක් මට දැනුනේ . . .

"මම ඒ ළමා නිවාසය ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියන්නම් . . . එය බලන තව එක් අයෙක් හෝ එම ස්ථානයට දනක් නොදී සිටීවිද . . . "

"එය බලන තව එක් හෝ සරසවි සිසුවෙක් . . . සිසුවියක් . . ස්වේච්චාවෙන් ඒ අසරන දරුවන්ට අකුරු උගැන්වීමට නොගොස් සිටීවිද . . "

"එය බලන කිසියම් සිසුපිරිසක් ඔවුන්ගේ පාසැල් / විශ්වවිද්‍යාල ව්‍යාපෘතියක් ලෙස ඔවුනට දනක් නොබෙදාවිද . . "

"නැත . . මේ බ්ලොග් අවකාශයේ ඇත්තේ . . යමෙකුගේ ප්‍රේමය පවා බිඳවැටුනායැයි ඇසූ විටෙකත් නෙතට කඳුලක් නඟින සංවේදී සොයුරු සොයුරින්මය . . . "

"මිනිසාගේ සොඳුරු ගුණ සහ නුගුණ ඇත යන පාඨය අසා ඇති . . . නුගුන අමතක කොට සොඳුරු ගුණ වලට ආදරයෙන් ආදරය කරන සොඳුරු හදවත් ඇත්තෝමය . . . "

"ඔවුන් මට කල නොහැකි වූ එම අසරන දරුවන් වෙනුවෙන් කලයුතු මෙහෙය . . . මා වෙනුවෙන් කරනු ඇතැයි "

යන උපකල්පනය පමනි . . . මා හදවතේ තුවාලයට පවන් සලන්නාක් මෙන් වූයේ . . .

අප කුඩා වුන් සමඟ කතාබහකර ළමා නිවාසය මැදින් ආපසු එන ගමනේදී . . . මා දුටු යමක් මගේ සිත සසළ කලා . . .

වයස 20ක හෝ 22ක පමන ඇති. . . නිල්පාට ඩෙනිම් කලිසමකිනුත් එයටම ගැලපුනු ලා නිල්පාට කමිසයකිනුත් සැරසුනු . . . පැහැපත් . . . සුරූපී යුවතියක් . . . කුඩා දරුවන්ට යමක් උගන්වමින් සිටියා . . . !

අප තිදෙනාගේම දෙනෙත් අදහා ගනු නොහැකි ලෙසම ඈ වෙතම යොමුව ඇති බව දුටු පාලක වරිය . . .

"ඔය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියක් . . . ස්වේච්ඡාවෙන්ම ඇවිත් මෙතන දරුවන්ට උගන්වනවා . ."
ඈ පැවසුවේ අපේ සිතැඟි වටහා ගත් ලෙසින් . . .

ඇයට සිනාවකින් සංග්‍රහ කිරීම පමනයි අපට ඒ මොහොතේදී හැකිවූයේ . . .

අපේ සිනාවට පොදු සිනාවකින් ඈ පිලිතුරු දුන් මොහොතේදීයි මා දුටුවේ . . . ඇගේ දෙනෙතේ වූ අසරන කුඩා දරුවන් වෙනුවෙන් උපන් ඇගේ උතුරා ගලන කරුනාව . . . "ලෝකයටම සෙවන සදන මහා වෘක්ශයක් වීමට ඔබට නොහැකිනම් . . . එක් අයෙකුගේ හෝ හෝ පා සනහාලිය හැකි තණපතක් වන්න" යැයි මා අසා තිබූ වැකියක නියම අරුත ඈ මට ඒ මොහොතේදීම පසක් කලා යැයි මට සිතුනා . .

ළමා නිවාසෙට පාරෙන් ඉදිරිපස ඇති සැවෝයි සිනමා ශාලාවේ හෝ වෙන කිසියම් සිනමා ශාලාවක . . . අදුරේ තම පෙම්වතා සමඟ ප්‍රේමයෙන් වෙලී තුරුලුවී ගතකල හැකි සොඳුරු සැඳෑවක් නොවේද ඈ මේ කුඩා දරුවන් අතරේ ගෙවනේ කියා සිතූ මට . . . පරාර්තයට සේවයට වඩා ස්වාර්ථය සතපවා ගැනීම කෙරෙහි සිත යොමුකරන මගේ කුනු ආත්මය ගැන දැනුනේ පිළිකුලක් . . . ඒ අතරෙම පරාර්ථය කෙරෙහි ඇලුනු ඒ කරුනාබර දෙණෙත්තිය කෙරෙහි උපන් පහන් හැඟීමක් ඒ පිළිකුල මරා ඉපදෙනු දැනුනු මා . . . ඇගේ සුවඳ හමන ආත්මය ඉදිරියේ මනසින් දන නමස්කාර කලා . . . !

46 comments:

  1. විශාල සිහිකැඳවුමක්!

    ReplyDelete
  2. ඇත්තටම ඒ කැපකිරීම නම් උතුම් එවන් කෙනෙකුගේ ආද‍රය ලබන පෙම්වතානම් වාසනාවන්තයෙක්

    ReplyDelete
  3. ඇත්තටම මෙහෙම තැනක් කොළඹ අවට තියනවද කියලවත් හිතාගන්න බෑ. අනිවාර්යයෙන්ම අර විශ්ව විද්‍යාල ශිෂ්‍යාව පිටිසර පලාතක ඉඳලා කොළඹට ආපු එක්කෙනෙක් වෙන්න ඕනේ.

    ලිපියේ මුල් හරියේ භාෂා ශෛලය පොඩ්ඩක් වෙනස් වෙලා වගේ. නිකන් ජාතක කථාවක් කියවනවා වගෙයි දැනුනේ.
    කොහොම උනත් මේ වගේ අත්දැකීමක් අපිත් එක්ක බෙදාගත්තට දුකා අයියට බොහෝම පින් !

    ReplyDelete
  4. අයියේ ඔයා ලිපියෙන් ගොඩක් ලොකු දෙයක් කියල තියනව. ඇත්තටම දුක හිතෙනව..... හිතටත් දැනෙනව. අපි කරන්නෙ මොනවද කියලත් හිතෙනව

    ReplyDelete
  5. ආ කියන්න අමතක උනා බබාට happy birthday එයාට සුභ අනාගතයක් පතනව!

    ReplyDelete
  6. මගේ නෙතටත් කියවාගෙන යන විට කඳුළු ඉනුව.
    ඇත්තටම කාලීන වැදගත් කමක් ඇති සිහිකැඳවීමක්....

    ReplyDelete
  7. @ ඩෝසන්!
    කල හැකි යමක් ඇත්දැයි සිතා බලන බවට දුන් සහතිකයක් ලෙස මා එය භාර ගන්නද ඩෝසන් . . . ??

    ReplyDelete
  8. @ රන්දීර වීරකෝන් !
    ඈ ගැන මටත් එලෙසම සිතුනා . . . ! ඈ හිමිවිය යුත්තේත් එවන් පින්බර අයෙකුටමැයි . . . !

    ReplyDelete
  9. @ Chrishi !
    සැවෝයි සිනමාහලේ ජූලියා නරඹපු කීදෙනෙකුගේ ඇසට ඉන් ඔබ්බෙන් තිබූ මේ ළමා නිවාසය නෙතගැටුනාදැයි සැක සහිතයි . . . !

    අර යුවතිය ගැන කියනවනම් ඒ යුවතියගේ තිබුනේ නාගරික තරුණියකගේ පෙනුමක් . . . ගමේ නගරයේ කියා නෑ සහෝ . . . මිනිසත් බව හඳුනන්නෝ . . . ලෝකේ කොහේත් ඉන්නවා . . .

    මේ අත්දැකීම බෙදාගත් මට නියම පින ලැබෙන්නේ ඔබලා කිසිවෙකු හෝ හැකි පමනින් ඔවුනට යම් කිසි උපකාරයක් කලොත් පමනයි . . . ඒ ගැනත් ටිකක් සිතා බලන්න . . . !

    ReplyDelete
  10. @ ushan !
    එක තමයි මලේ . . . අද අද එයි මරු පින්කර ගන්නේ . . . කෙලෙසද හෙට මරු නේති සිතනේ කියල හිතලා . . . පොඩි හරි කරන්න පුලුවන් යමක් කරන්න හිතුවොත් මොකද . . ? හිතලා බලන්න . . . !

    ස්තූතියි සුභපැතුමට . . . මම පුතා ලොකු වුනාම එයාට කියන්නම් . . . !

    ReplyDelete
  11. @ Prabhath Darshana!
    ස්තූතියි . . . !

    ReplyDelete
  12. සදරුවන් සුජීව ට හෑගෙනුයේ...
    සෑහෙන්න හොද වෑඩක් ලෙසිනි.

    ReplyDelete
  13. ඇත්තටම මටත් දුක හිතුනා.....
    ඇත්තටම මේ වගේ ළමයින්ට හොදින් සළකන මිනිස්සු
    ලංකාවෙ ඉන්නවද කියලා හිතෙනවා.දැං ලංකාවෙ පවතින තත්වය
    එක්ක බලනකොට.
    අයියගෙ blog එක නොදකින්න අපි දන්නේ නෑ මේ වගේ තැන් ලංකාවෙ
    තියනවද කියලා.
    ඒ ‍වගේ අනුන්ගේ දුක දැනෙන අය අද සමාජයේ ගොඩක් සුලභයි....
    එහෙම කෙනෙකුට කවදාවත් වරදින්නෙ නෑ.

    ReplyDelete
  14. මේ ලංකාව තුල කොතරම් ළමා නිවාස, ඵමා ගම්මාන තියෙනවද ? මේ ළමුන්ට ගොඩ එන්න තියෙන එකම විසදුම හොදින් අධ්‍යාපනය ලැබීම පමණයි. අද සමාජයේ මෙවැනි ළමුන් අප අතර සිටිනවාද යන්න සිතන අය කීයෙන් කී දෙනෙක් ඉන්නවාද කියන එක අපට සිතා ගන්න පුළුවන්. ඒ වගේම එහෙම ළමයෙක් ඉගෙනගෙන හොද රැකියාවක් කරන විට දැනෙන දේ මේ අයට දැනෙනවද ? මෙහෙම ඇහුවොත් නිදහසට කාරණාවක් විදිහට කියාවි එහෙම වෙලාම බලන්න වෙන්නෙ කියල. අපි අතර මෙවැනි අය ඉන්නවා, මේ අයට උදවු කල යුතුයි කියල කවුරුන් හෝ සිතනවනම් ඇයි මේ උපන්දිනයක්, දානයකට පමණක් සිහිවෙන්නෙ කියල එක මට නම් ගැටළුවක්. ඇයි හැම මාසෙම පුංවි මුදලක් මෙවැනි ළමයෙකුගෙ අධ්‍යාපන වියදම් වලට දෙන්න බැරි ? මම නම් මෙවැනි දේ දකින්නේ අප තුල තියෙන Attitudes වල ගැටළුවක් බවයි.

    අද සමාජයේ තිබෙන තත්වය සමග බලන විට අවුරුද්දකට එක් දවසක හරි ඔබ ඉටුකිරීම වගේම මෙවැනි සටහනක් හෝ තැබීම ගැන පෞද්ගලිකව මා ඔබ ගැන සතුටු වෙමි.

    ReplyDelete
  15. @ Anonymous!
    සදරුවන් සුජීවට හොඳවැඩක් ලෙසින් සිතෙනුයේ . . . අර යුවතියගේ කැප වීම වියහැකි යැයි මා අනුමාන කරමි . . . !

    ReplyDelete
  16. @ Sameera !
    වැඩේ කියන්නේ මල්ලියා අපි ගොඩක් අයට අනුන්ගේ දුක දැනෙනෙවා . . . අපට හැකි පමනින් ඔවුන්ට පිහිට වියයුතුයි කියා නොදැනෙන . . නොහැඟෙන එක තමයි . . . හොඳ නැත්තේ . . . !

    ReplyDelete
  17. @ har !
    ඔබේ අදහසට මම එකහෙලාම එකඟයි . . .

    උපන්දිනේට පමනක් දානයක් දියයුතුයි කියා සිතූ මා ගැන මට විශාල තරහාවක් නැත්තේ . . .

    අපි මිතුරෝ පිරිසක් එක්වී . . . අපේ මාස් පඩියෙන් ගානක් එකතු කර . . දෙහිඅත්තකන්ඩියේ දුෂ්කර පාසලක ශාලාවක් සෑදීම . . සමහර පාසැල වලට පරිඝනක ලබාදීම . . දුප්පත් දරුවන් පිරිසකට ආහාර පොත්පත් සඳහා මාසිකව කුඩා මුදලක් පිරිනැමීම වැනි කටයුතුත් . . .
    පවුලේ අය වෙනුවෙන් ඉටුකල යුතු යුතුකම් සඳහා මාසිකව මුදල් වෙන් කිරීම වැනි කටයුතුත් . . . ඒ අතර පුවත්පත් වල පලවන ශල්‍යකර්ම සඳහා මුදල් අවැසි අයට හැකි පමන උපකාර කිරීම . . . ආදී කටයුතු සඳහා මා උපයන මුදලින් යම් කිසිවක් කිසියම් කාල පරාසයක් තුලදී ඉටුකල නිසායි . . .

    කෙසේ වෙතත් . . . මේ දරුවන් වෙනුවෙනුත් මාසිකව කිසියම් මුදලක් යැවීමට බැංකුවට ස්ථාවර නියෝගයක් ලබාදීමට . . . තදබල ආර්ථික ප්‍රශ්න මග හැරෙන තුරු මාසයක් දෙකක පමන ඉවසා සිටින්න මා සිතා සිටිනවා . . .

    ReplyDelete
  18. මම එහෙම කීවෙ, බොහෝ අය ඔය දවසකට ගිහිල්ල ඉන්න අයගෙ ඔළු අවුල් කරනව වෛයිවාරන ඇදුම් පැළදුම් ඇද පැළදගෙන වෙනස් කරනලද වැහන වැනිදෑ මෙන්ම ජංගම දුරකථන මගින්. (මම දැක ඇති දේ) ඉතින් මම ඒකෙ වරදක් දකින්නෙ නෑ මන්දයත් උපන්දිනයකදි කවුල ලස්සනට ඉන්න අකැමැති. නමුත් ඉන්න අසරණ ළමයින්ගේ ඹළුවලට මෙවැනි දේ ගියාම ඔවුන් සිතනුයේ මොනවාද ? අපි මේ ගැන සිතනවාද ? මෙවැනි කාරනා නිසා තමා මම ‍මෙහෙම ලීවේ.

    හිත රිදුනා නම් සමාවෙන්න. මට මේ සටහන දැක්ක ගමන් හැඟුනු දේ තමා ලීවෙ. ඔබගේ සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා මම ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  19. @ har !

    හිත රිදුනා නොවේ සහෝ . . .

    ඒකයි මම කීවේ මා ඔබේ අදහසට එකහෙලාම එකඟයි කියා . . . !

    ReplyDelete
  20. අපේ සීයගේ 92 වෙනි උපන් දිනේට ඔය ලමා නිවාසයට දානයක් දුන්නා මතකයි.

    ReplyDelete
  21. දුකා අයියේ.. මේ අනාථ නිවාස/ ආබාධ සහිත දරුවන්ගේ නිවාස වලට දාන මාන දෙන එක ගැන නම් මං දරන්නේ වෙනස් ප්‍රතිපත්තියක්.. ඒකට හේතුව මං කියන්නම්.. මම දැනට වැඩ කරන සංවිධානයටත් මේ වගේම ළමයි, හැබැයි ආබාධ සහිත ගැහැණු දරුවන් සිටින නිවස්නයක් තියෙනවා.. නමුත් අපි කවරමදාකවත් කිසිම කෙනෙකුගෙන් දානයක් මානයක් පිළිගන්නේ නෑ.. ඒකට සාධාරණ හේතුත් තියෙනවා.. මුලින්ම මං පොඩි ප්‍රශ්ණයක් අහන්නම්.. අයියා කැමතිද පිට කෙනෙක් ඔයාට දාන මාන දීලා අනුකම්පාවෙන් ඇස් දෙක තෙත් කරගෙන බලනවට ? එහෙම වුනොත් ඔයාගේ ආත්මාභිමානයට මොන වගේ දෙයක් වෙයිද ? අපි කාටවත් පින් දෙන්ඩ ජීවත් වෙන්න කැමතිද? අපි පව්කාරයෝ කියනවට කැමතිද ? ඉතින් දෙයියනේ මේ ළමයිනුත් මනුස්සයෝ නේද අයියේ? මේ ළමයින්ටත් ආත්ම ගරුත්වයක් ඇති නේද? අපි මහ ලොකුවට කෑම කන්දක් ගොඩ ගහලා ටොපි චොකලට් බෙදලා අයිස්ක්‍රීම් සැලඩ් වලින් මේ ළමයිව නෑවුවත් වැඩක් නෑ මේ විදිහට.. මං දැකලා තියෙනවා සමහර ළමා නිවාස වල ළමයින්‍ට පුරුදු කරලා තියෙනවා පින් දෙන්ඩ පොඩි කවියක් කියන්ඩ... හරිම කැත වැඩක් නෙමේද ?

    ඉතින් මේ ක්‍රමේට මං නම් කැමති නෑ.. මේ ළමයින්ගේ ආත්ම ගෞරවය වැඩිදියුණු වෙන විදිහකට දෙන දෙයක් දුන්නොත් හොඳයි කියලා තමයි මං නම් හිතන්නේ..

    ReplyDelete
  22. නියම බ්ලොස් සටහනක්, අනික්වා වාගේම. පරක්කු වෙලා වුනත් නූනත්, ප්‍රතිචාර එකතු කරත් නොකරත්. කියවන නිසා අනිවාර්යයෙන්ම ඉස්සරහට ලියන්න.

    මේක ලොකු සංවාදාත්මක තැනක් ලංකාවේ සමාජය ඇතුළේ. ඇත්ත බොරුවෙන් වෙන් කරගන්න අමාරු ලෝකයක් ඇතුළේ අසරණකමම කෙනෙක්ගේ ආර්ථික වාසිය වෙනුවෙන් පාවිච්චි කරගන්නා වෙලාවක, ‍ලෝකයක තමයි අපි ඉන්නේ. එතින් එහෙම වුනත්, ඇත්ත අවශ්‍යතාවක් තියෙන කණ්ඩායම් සොයාගෙන යන්න මඟ පාදා දෙන බ්ලොග් ලිපියක් ලිව්වාට ස්තූතියි.

    ReplyDelete
  23. @ Udara || උදාර මදුෂංක !
    මල්ලි මම එකඟයි ඔබේ අදහසට . . .

    ඒක මට තවත් ප්‍රත්‍යක්ශ වෙන සිදුවීමකුත් සිදු වුනා . . . ඒක මම පසුව දවසක ලියන්නම් . . . ඇත්තෙන්ම අපි දෙවෙනි දවසේ ඔවුන්ට අපි කැමති නම් කෑම බෙදන්න කියල කරපු ඉල්ලීමත් අපි කාරුනිකව ප්‍රතික්ශේප කලා ඔය අදහසම මමත් දරන නිසා . . . ඒකයි මම හිතාගෙන ඉන්නේ බැංකුව මාර්ගයෙන් කිසියම් ආධාරයක් ඔවුනට ලැබෙන්න සලස්වලා . . . ඒකෙන් විතරක් හිත සනසා ගන්න . . .

    අපි ඔවුන්ට අනුකම්පා කල යුතු නෑ . . .ආදරය කල යුතුයි . . . අර මා සඳහන් කල සරසවි දියනිය ඔවුන්ට බෙදා දුන්නේ ඒකයි කියා මට සිතෙනවා . . .

    කෙසේ වෙත්ගත් සත්‍යට මුහුන දිය යුතුයි . . . කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුන් අන් අයගේ සැලකිල්ල ලැබිය යුතු කොටසක් . . . සැලකීම් කිරීමට කැමති අයගේ වෙනස් වෙනස් මනෝභාවයන් හා අනුකූලව ඔවුන්ට ලැබිය යුතු දේ ලබා දීමට ඉඩක් ලබාදිය යුතුයි කියාත් හිතෙන්නේ නැත්ද . . . ?

    ReplyDelete
  24. @ Supun Sudaraka !
    සුදාරක මල්ලී . . .දන් දීමේ ක්‍රමය ගැන කතිකාවක් ඇතිවිය යුතුයි ඇත්තෙන්ම . . . ඒ අතරම ඔබ පැවසූ පරිදි නියම අවශ්‍යතාවයක් ඇති අය වෙනුවෙන් තමයි මම මේ බ්ලොග් සටහන ලීවේ . . . ඒ අතරම එවැනි අයගේ උදව්වෙන් ඒ ස්තානයට යම් කිසි සේවාවකුත් . . .එහි දරුවන් වෙනුවෙනුත් යම්කිසි සේවාවකුත් සිදුවුනොත් . . . මගේ පැතුම ඉටුවුනා වෙනවා .. . !

    ReplyDelete
  25. @ සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath !
    සීයාට 102 දිත් 112දීත් දානයක් දීමට තරම් දීර්ඝායුශ ලැබේවායි පතනවා . . .!

    ReplyDelete
  26. මං දන්නවා දුකා අයියාත් මගේ අදහසට එකඟ වන බව...

    හ්ම්ම්... සැලකුම් කිරීමට කැමති අයට වුවමනා වුවමනා ආකාරයට වඩා යම්කිසි ක්‍රමවත් නිශ්චිත වැඩපිළිවෙලක් තිබීම වඩා වැදගත් කියලයි මට නම් හිතෙන්නේ.. නැත්නම් එක එකාගේ මනෝභාවයන් මොන මොන ආකාරයේ වෙයිද කියලා හිතාගන්නවත් බැරිවෙයි අපිට...

    ReplyDelete
  27. Har, බොහොම ස්තුතියි මචෝ මට මතක් නොවුණත් මඟ හැරි නො යුතුදේ කිව්වාට.

    මම මෙතනදී අවංකවම කිසිවක් නොසඟවාම කියන්නම් නොකියාම බැරි නිසා.

    අපේ පවුලේ සමාජිකයන් කිහිප දෙනෙකුගේ කලමනාකාරිත්වයෙන් හා මුල්‍යම වශයෙන් ගම්පහ තියෙන ළමා නිවාස ස්වල්පයෙන් දෙකක් ගෑණු හා පිරිමි යනුවෙන් පවන්වාගෙන යනවා. ඒ නිසා කුඩා කාලයේ සිටම මාත් නිවාසේ ගත කරලා තියෙනවා මගේම ඒ නිවාස වල "නිමාල්" "දයා" "අයිනීරාගී" "කුසුමා" අක්කලා අයියලා යටතේ හැදී දැඩි වෙලා තියෙනවා.

    ඇත්තම කිව්වොත් මම මුල් වාතාවට කෙනෙක්ට කැමති වුණේ මේ නිවාසේ හැදී වැඩුණ මගේ සමීතම යෙහෙලියෙක්, ඇය ද්‍රවිඩ කෙනෙක් වුණත් සිංහල හොඳින් හසුරුවන්න පුළුවන් කෙනෙක්. තාත්තා නැති ඇයව කදුකරණයේ කෙනෙක් දුෂණ කරලා ගෙනාවේ. ඉතින් දෙදෙනාට දෙදනාගේ කැමැත්ත තිබුණත් මෙහිලා සඳහන් නොකල හැකි සමාජයෙන් එල්ලවු මතවාදි නිසා සම්බන්ධතාවයක් හරි හැටි ඇති වුණේ නෑ.

    ඇය සාමන්‍ය පෙළට මාත් එක්ක කණ්ඩායම් පන්තියකට ආවා, අපේ දෙමව්පියන්ගේ වියදමින් ඇය එන නිසායි මා සිටි පන්තියටත් ආවේ. ඉතින් පන්තියට තාත්තා අපිට ඇරලවුවත් අවසානයේ අපි කි.මී ගාණක් ඇවිද ආපහු ගියේ. ඇත්තම කියනවා නම් සරලත්වය හා මුදල් ඉදිරි කිරිම ඇයගෙනුයි පුරුදු වුණේ. දිනයක් මට කලින් යන්න වුනවිට පන්තියේම කොලුවන් කිහිප දෙනෙක් ඇයට විසිළු කර තිබුණෙත් ඇයගේ අනාථ බවත් මා සමඟ තිබු මිත්‍රත්වය භාවිතා කරලායි. ඒකත් එක් හේතුවක් අපිට සම්බන්ධය අරඹන්න බැරි වුණ.
    (ඇය සා.පෙල අවසන් කල විගස නිවාසයේ රැදවුම් කාලය ඉවර වුන නිසා ගියා.)

    මම මෙතන කියන්න හැදුවේ මේ අනාථ නිවාසවල ඉන්න අයගේ අනාගතය හා ජිවිතය ගැන. මේ අයට බොහෝ දුරට නිසියාකාරව සාමන්‍ය දරුවෙක් තරම් හොඳ තත්වයට ගන්න හැකි වෙන්නේ ඒ ළමුන්ගෙන් සුළු දෙනෙක්ට විතරයි(බෑ කියා අදහස් කරනවා නෙමේ). ඊට හේතු අතරින් දෙමව්පියන්ගේ සුරක්ෂිතභාවය නැති වීම, සම්පත් බෙදී යාම ( ඔහුටම කියා දේ ඇත්තේ නම් ඒ සුළුවෙනි) හා අපේ සමාජයේම ආකල්ප හා තැන නිසායි. (මා මුලින් කී කෙනා එක්ක සම්බන්දයක් ඇතැයි සිතු කෙනෙක් මට කිව්වෙත් ඇය සමඟ සම්බන්ධයක් පවත්වාගෙන ලැබෙන දෙයක් නැති බවත් මගෙන් සුරා කෑ හැකි බවයි. ඒකල මා මෙවැනි තත්වයන්ට එතරම් මුහුණ දී නොතිබු නිසාත් මෙවැනිදෑද ඇයට ආරංචි වී තිබු නිසා එතරම් නොවුණත් එය අපිට බලපෑවා). ආගම පාරුවක් නම් එය කරමත තබාගෙන යනවා මිස එයින් එගොඩ වන්නට තැත් කරන අපේ රටේ මෙවැනි තත්වයක් තිබිම අතිශයෙන් දුක්ඛිතජනකයි දුකෝ. මට දැනෙන් පිළිකුල කේන්තිය දැනෙන්නේ මගේ ඒ පෞද්ගලික සිදුවීම නිසාම නෙමේ. මාත් එක්ක සෙල්ලම් කල දානයක් ඔස්සේ තමුන්ට ලැබෙන කේක් කෑල්ල චොකලට් කෑල්ල (මටත් ලැබුණත්) මට දෙන ඒ අක්කලා අයියලාට වුණු දේ නිසාත්, අනෙක් නිවාස වල සිටින බොහෝ ළමුන්ට මුහුණ දුන් හා දෙන්නට වු සිද්ධියත් මගේ අත්දැකීම් නිසාත් මේ ගැන තියෙන්නේ ඔයාටත් වඩා පසුතැවිල්ලක් කේන්තියක් හා පිලිකුලක්.

    සිංහල බෞද්ධයැයි අමුතු මතවාදයක් ගෙනගියත් අවංකවම (සමාජය කරන නිසා නොව) දානයක් දෙන අසරණයන්ට පිහිට වෙන සමානත්වය අගය කරන සමාජයක් අපේ රටේ නැති වෙන්න වගේ. කණගාටුයි මචෝ.

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. මේ නිවාස තව තව ඉදි කිරිම නිසි විසදුමක් නම් නෙමේ. ඒත් උදාර එකක් කියලා ඇති. නොසන්සුන්තාවය නිසා තවත් දේ තිබ්බත් මේ වෙලාවේ ඔලුවට එන්නේ නෑනේ , ඒත් උඹ‍ට තේරෙනවා ඇතිනේ උඹෙත් අත්දැකීම් එක්ක.

    උඹ ලිව්වේ ඉතාම ඉතා අගනා ලිපියක් මචං.

    ReplyDelete
  30. සුදාර...

    අපිට මේ සමාජයට කල යුතු වැඩ කොටසක් හැම වෙලාව්ම ඉතිරි වෙලා තියනවා. ඇපි මොන තැනක හිටියත් ඒ සමාජ වගකීම ඉටු කල යුතුමයි.

    ReplyDelete
  31. අපි කොහෙද ඉන්නේ? කරන්නේ මොනතරම් බොරු වැඩ ද කියල හිතෙනවා මචො.මොනවා කරන්න ද පුලු පුලු වන් විදිහට උදව් කරමු.මෙව් වගෙ තෑනක් ගෑන කියපු එක ම එල වෑඩක්

    ReplyDelete
  32. අයියා අර job එකක් ඕන කිව්ව ලමයට job එකක් හම්බවුනාද?
    මට පුලුවන් දෙන්න උදවුවක් විස්ත‍ර ටිකක් ඕන ඒකට

    ReplyDelete
  33. @මිත්‍රය රන්දීර
    හැකිනම් ලබා දෙන්න, ඔහුට සාධාරණක් ඉටු කරන්න දායක වෙන්න.
    ස්තුතියි!

    ReplyDelete
  34. @රන්දීර වීරකෝන් !
    රන්දීර අනෙ පුලුවන් නම් ලොකු උදව්වක් . . . එතන අංකයට කෝල් එකක් දීල විස්තර දනගන්න පුලුවන්ද මලේ . . . නැතිනම් මම කෝල් කරල ඔයාට ආපහු මැසේජ් එක දෙන්නම් . . .!

    ReplyDelete
  35. @ -බිன்ku- ! උදාරගේ අදහස් වලටත් මගේ සිතුම් මේ පිලිතුරේ ගැබ්වී ඇත . . .

    සමාවෙන්න ඔබේ දිගු කමෙන්ට් එකට සටහනක් දැමීමට පමාවීම ගැන . . .

    ඇත්තෙන්ම සමාජයේ ළමා නිවාස ඇතිවීම ඛේදවාචකයක් . . . නමුත් මා සිතනුයේ පෙරදිග රටවලට සාපේක්ෂව අපේ රටේ දෙමාපියන්ගේ ආරවුල් නිසා අනාථවන ළමයින් සංඛ්‍යාත්මකව අඩු බවයි . . .

    කෙසේ වෙතත් පෙරදිග රටවල නම් මෙවැනි ළමා නිවාස තනිකරම රජයේ නඩත්තුවෙන් පවත්වාගෙන යනවා ඇති කියා මා සිතනවා (සෑම රැකියා කරන අයගෙන්ම ටැක්ස් අය කරනුයේ මේවා නඩත්තුවටත් එක්ක මා සිතන පරිදි / මා අසා අති පරිදි) අපේ රටේ නම් මේවායේ නඩත්තුවට රජයෙන් යම් අධාර සහ සහන ලබා දෙනවා පමනයි . . . ඉතිරි සියලුම වියහියදම් ළමා නිවාසයෙන් සපයා ගත යුතුයි . . . මෙන්න මෙතැනදීයි ඔවුනට සාමාන්‍ය මහජයාගේ උපකාර අවැසි වනුයේ . ..

    එවිට අපට උපකාර කිරීමට කැමති අයගේ ප්‍රදර්ශනාත්මක හැඟීම වලට අනුකූලතාවයක් දක්වා එයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුන්ගේ උපකාර ලැබීමේ අවෂ්‍යතාවයට යටත් වීමට සිදුවෙනවා . . . දරුවන්ගේ බඩගිනි නිවීම සහ ඔවුන්ගේ අවෂ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් . . .

    අප කිසිවෙක් කමති නෑ අපට අනුකම්පා කරනවාට . . . නමුත් අප අනුකම්පාවට බඳුන්විය යුතු අඩියක සිටිනවානම් අපට අනුකම්පා කිරීමට අන් අයට ඇති අයිතියට කෙසේ වැටකඩොලු බඳිම්ද. . . ?

    එහි දරුවන් අද දවසේ යම් කිසි අපහසුවකට පත්වෙනවා වියහැකියි . .. නමුත් සත්‍ය වටහාගැනීමට තරම් ඔවුන් දැනමුතු වූ දිනෙක . . . ඔවුන්ට උපකාර කල සියලු දෙනාට මනසින් පිංපමුනුවනවා ඇති . . .

    ReplyDelete
  36. @-බිன்ku, මට නම් අනන්ත වත් මේ දේවල් ගැන අත්දැකීම් තියෙනව. අපි සිතන පතන සෑම දේම අපිට ලැබෙන්නෙ නෑනෙ. එහෙම වෙනව නම් මේ ලෝකය කොතරම් සුන්දරද ?

    බොහෝ අය ඒ ළමයින්ගේ මට්ටමින් සිතන්නෙ නෑ. අපි කාටවත් එහෙම කරන්න උවමනාවක් නෑ. නමුත් දැන් බොහෝ අය දාන මාන පිංකම් කරන අවස්ථාවන්හී පන්සලට පමණක් කරනව. ඒක සාධාරණ ක්‍රමයක් විදිහටය් මට සිතෙන්නෙ.

    තව දෙයක් අපි කවුරුත් හිතට එකගව සිතනව නම් අපිට මෙවැනි ආයතන අඩු කරගැනීමේ හැකියාව තියෙනව.

    ReplyDelete
  37. දුකා අයියෙ !ඈත්තටම දුක හිතෙන කතාවක්.අයියට සුභ පතනවා.දිගටම ලියන්න.එල!

    ReplyDelete
  38. Bohoma Sthuthi details dunnata... oya wage than hari adui.....

    ReplyDelete
  39. @ har !
    අනිවාර්යෙන් ඔවැනි තැන් අඩු කරන්න අපිට හැකි පමන උත්සාහ කිරීම ඇත්තෙන්ම වැදගත් . . .

    ReplyDelete
  40. @ chutte malli, DReeZone!
    ස්තූතියි . . .

    ReplyDelete
  41. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මම කැමතියි ඒ අයට මම දන්න දෙයක් කියල දෙන්න. මම පොඩි දුරක්වත් පයින් යන්නෙ නැතිව threewheel වල යන, බස් එකේ යන්නෙම නැතුව cab වල යන කෙනෙක්. මම අද ඉඳන් ඒ සල්ලි ඉතුරු කරල ඒ අයට උදව් කරනවා.

    ReplyDelete
  42. @ පොඩ්ඩා !
    අනේ මල්ලියා . . . මට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ . . . . . ස්තූතියි . . . පිං සිදුවෙනවා . . . . වගේ දේවල් කියලා ඔයා කරන්න හිතපු උතුම් කාර්‍‍යය හෑල්ලු කරන්න මම කැමති නෑ . . . ජය වේවා . . . ! ! !

    ReplyDelete
  43. නගර සලසුම් කරද්දි ළමයි ගැනත් හිතනවා නම් කියලා මට හිතුනේ රස්සාව කරද්දි ඒත් අපි එච්චර දියුණු ජාතියක් නෙවේ කියලා හිතෙන්නේ මේවගේ කතා අහද්දි දකිද්දි
    ඊ සුභා

    ReplyDelete
  44. මචන් දුකා, අපි කැම්පස් ඉන්න කාලෙ ඔය ලමා නිවසෙ පැටව් ටික කැම්පස් එකට එක්ක ඇවිල්ල උන් එක්ක දවසක්ම ගත කලා. තවමත් ඒ දවස සුන්දර (ඒ වගෙම මොකක්දෝ කියාගන්න බැරි හැගීමක් එක්ක මුසු වෙච්ච ) මතකයක් වෙලා හිතෙ කොනක තියනවා.
    මට මේ බ්ලොග් සටහන කියවල ඇඩුනා, ඒ දවස මතක් වෙලා.
    ඇත්ත, අපි හැමෝම තම තමන්ගෙ ලොක වල හිර කරයො වෙලා, "අනිකා"ව අමතක කරලා....... ඒත් ඉදල හිටල දකින මෙ වගෙ පුංචි සටහනක් අපෙ වෙලිච්ච සිත් අයෙමත් තෙත් කරනවා......

    උඹට ජය......

    ReplyDelete
  45. මම මේ පොස්ට් එක කියෙව්වේ අද. කඳුළු එන්නෙ ලියල තියෙන විදිහට. පොඩි එවුන්ගේ දුක නම් මට අලුත් දෙයක් නෙමේ. ඒත් සමහර ආධාර යන්නෙ පිට පාරෙ.
    ඇත්තටම මෙහෙ උපන්දින උත්සවයක් ගන්න ගියහම ලොකු මුදලක් යනවා. ගිය වතාවෙ දුවගෙ උපන්දින උත්සවය වෙනුවෙන් මම මරණයට නියම උනු ගවයෙක් නිදහස් කරා. ඒ වගේ වැඩක් කරපු තුන් වෙනි වතාව. මුල් පාර රස්සාවට ගිහින් ටික දවසකට පස්සෙත්, දෙවෙනි වතාව විවාහය ලියාපදිංචිය වෙනුවෙනුත්. පළමු වතාවෙ නිදහස් කරපු සතා දැන් අම්ම කෙනෙකුත් වෙලා. හදා ගන්න දීපු කෙනා මට ඒ සත්තු පෙන්නුවා. මේ ජනවාරි මෙහෙ ආවට පස්සෙ මම ඩිරාම් එකේ ඒවා කැට දෙකක දාලා එකතු කරා, එකක් සතෙක් නිදහස් කරන්නත්, අනෙක දුවගේ පොතේ දාන්නත්. දෙවෙනි කැටේ මම මේ ළමා නිවාසයට දෙන්න හිතා ගත්තා,( දුවගෙ පොතට මාසෙ අන්තිමටත් සල්ලි දානවා නේ ) දන්නවනේ ඩිරාම් එකේ ඒවා උනත් එකතු උනහම ලොකු මුදලක් නේ.
    ඔය වගේම තැනක් බම්බලපිටියෙ හවුස් ඔෆ් ෆැශන් එක කිට්ටුවත් තියෙනවා කියලා අපෙ නංගි කිව්වා. මට යන්න නම් බැරි උනා.
    මේ පෝස්ට් එක දාපු එකත් ලොකු පිනක්.

    ReplyDelete
  46. මම මේක ගැන මුලින්ම ඇහුවේ අපේ office එකේ මගෙත් එක්ක වැඩ කරන නංගි කෙනෙක් ගෙන්. එයාගේ නම සචි සන්තුෂා. එයා එක සැරයක් එයාගේ උපන්දිනයට පොඩි අයට පොඩි සංග්‍රහයක්‌ කලා. එදා මාත් අවා. එක දැකලා මටත් හිතුනා ඒවගේ දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් මගේ උපන්දිනයත් ලග ලගම එනවා. ඒවගේ සංග්‍රයක් කරන්න තමා මාත් හිතාගෙන ඉන්නේ. කොහොම උනත් POST එක නම් මරු. ඔයාට පින් post එක දැම්මාට සචි නංගිට පින් මට මේ link එක දුන්නාට.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails