Tuesday, February 19, 2013

මෙන්න මෙහෙමයි වෙන්නේ . . !



"මචං උඹලගේ බඩු නම් හරි ලස්සනයි. කොහෙන්ද ගෙන්නන්නේ චීනෙන්ද?"

"මොකක් චීනෙන්. . ?"

"අහ් වෙන රටකින්ද? චීනෙන් හරි වෙන රටකින් හරි ගෙනත් උඹලගේ නම ගහල විකුනන එකනේ කරන්නේ නේද?"

"පිස්සුද ඒවා ඔක්කෝම මගේ ගෙදර උන්දෑ නදීෂා ම ඩිසයින් කරලා එයාම හදන ඒවා"

"සිරාවට? එතකොට නදීෂා ඒවා හදන්න ඉගෙන ගත්තද?"

"ඔව් මගේ නැන්දම්මා සපත්තු හදන කෝස් එකක් ගැන විස්තරයක් දැකලා එයාට බල කරලා ඒ කෝස් එක කරන්න කියලා. ඉතිං එයා කෝස් එක කලා. ඒක ඉවර වෙලා තමයි මේ වැඩේට බැස්සේ."


"එතකොට සපත්තු හදන මැෂින් එහෙමත් උඹලා ගත්තද?"

"තාම නෑ බන්. කොහොමත් අපේ සපත්තු 100% හෑන්ඩ්මේඩ්. ගොඩක් අය චීනේ මැෂින් වලින් හැදිලා එන සපත්තු වලට වඩා Handmade ඒවට කැමතියි"

"මැෂින් මොකවත් නැතුව කොහොමද බන් එයා ඒවා හදන්නේ?"

"මහන්න එහෙම තියෙන ඒවට දැනට එයාගේ අම්මගේ සිංගර් මැෂිම යූස් කරනවා. ඒ ඇරුනාම සපත්තු මෝල්ඩ්ස් වලට අමතරව පෑනයි, කතුරයි, ටේප් එකයි, අඩි රූලයි, පේපර් කටර් එකයි, තලන යකඩෙයි, රබර් මිටියයි විතරයි"

"අඩේ නියමයිනේ. එතකොට උඹලගේ Shop එක දාලා තියෙන්නේ කොහේද? කොළඹද, නුවරද?"

"අපි Shop එකක් දාලා නෑ මචං. අපිට තියෙන්නේ ඔන්ලයින් Shop එකක්"

"මොකක්?? ඔන් ලයින් Shop එකක්!! ඒ කිව්වේ?"

"මෙහෙමයි නදීෂා හදන හැම සපත්තුවක්ම මුලින්ම එයාගේ කකුලේ ගානට හදලා, එයා ටික දවසක් දාලා බලලා කොම්ෆොටබල් නම් ඩිසයින් එක ගැන එයා හැපී නම් ෆොටෝස් අරගෙන අපේ ෆේස්බුක් පේජ් එකේයි වෙබ් සයිට් එකේයි දානවා. අපේ වෙබ් සයිට් එකයි ෆේස්බුක් ෆෑන් පේජ් එකයි තමයි අපේ ශොප් දෙක."

"ඒක හොඳයි මචං, කට්ට කාගෙන Shop ගානේ යන්න ඕන නෑ කොම්පුටරේ ඉස්සරහා ඉඳගත්තා, උඹලගේ වෙබ් සයිට් එක බැලුවා. ඕඩර් කලා. එත් එතකොට ඒ සපත්තු අපිට ලැබෙන්නේ කොහොමද?”

"අපි Courier කම්පනි දෙකක් එක්ක ගිවිසුම් ගහල තියෙන්නේ. එකක් ලංකාව ඇතුලේ ඕනෑම තැනකට ගෙනියන්න. අනික ලෝකේ ඕනෑම රටකට ගෙනියන්න"

"එතකොට ඒවායේ ගනං මිනුම්?"

"ලංකාවේ ඇතුලේ ඕනෑම තැනකට එක සපත්තු කුට්ටමක් ගෙනියන්න රුපියල් 200යි. ($1.60), පිට රටවලට පලමු ග්‍රෑම් 500ට ඩොලර් $10 ඉඳන් ඩොලර් $15 වෙනකම් ගානකුත් වැඩිවෙන හැම ග්‍රෑම් 500කට අමතර ඩොලර් $3 ඉඳන් $5 වෙනකම් ගානකුත් දීලා තියෙන්නේ. ඒ නිසා පිට රට යවන සපත්තු වලට අපි එක සපත්තු කුට්ටමක් ඩොලර් $5.60ක් කියලා ඇවරේජ් ගානක් දාලා තියෙන්නේ පිට රට ඉඳන් ඕඩර් කරන කෙනෙක් අඩු තරමින් සපත්තු කුට්ටම් 3ක්වත් ඕඩර් කරයි කියලා උපකල්පනය කරලා"

"ඇයි එහෙම උපකල්පනයක් කලේ"


"ඩුබායි වුනත් යුරෝප් උනත් අපේ කොලිටියේ සපත්තු කුට්ටමක්  අපේ ගාන වගේ තුන් ගුනයක ගානක් ගෙවල මිසක් ගන්න බෑ. අපි රුපියල් 1000ට ($7.20) විකුනන සෙරෙප්පු දෙකක් පිටරටදී ඩොලර් 25ක් වත් වෙනවා. ඊට වැඩි මිසක් අඩු නෑ. ඉතිං පිටරට ඉඳන් අපේ සපත්තු ගන්න කෙනෙක් ලාබ නිසාම එක පාර තුක වත් ගනීවී කියලා අපි උපකල්පනය කලා"

“හරි එතකොට සල්ලි ගෙවන්නේ කොහොමද?"

"ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙන කෙනෙක්ට නම් මෙන්න මේ පහල තියෙන විදිහට වැඩේ කර ගන්න පුලුවන්. .

1. ඉන්ටර්නෙට් ලොග් වෙලා www.viroozv.com ගහලා අපේ වෙබ් සයිට් එකට යන්න.

2. ගිහින් එකේ ප්‍රොඩක්ට්ස් යටතේ තමන් ගන්න කැමති සපත්තු සිලෙක්ට් කරන්න

3. එතනදී සපත්තු සයිස් එකයි කුට්ටම් කීයක් ඕනද කියන එකයි සිලෙක්ට් කරලා මතක තියා ගන්න

4. පස්සේ Add to Bag කියල ක්ලික් කලාම එනවා මෙසේජ් එකක් "Go checkout" එහෙම නැතිනම්  "Continue Shopping" කියලා

5. සිලෙක්ට් කරපු සපත්තුව විතරක් ගන්නවා කියලා හිතුවොත් "Go checkout" එක ක්ලික් කලම සල්ලි ගෙවන තැනට යනවා"

6. එතනදි මුලින්ම රට සිලෙක්ට් කරන්න ඕන. පස්සේ Billing ඇඩ්‍රස් කියන තැනටයි Shipping ඇඩ්‍රස් කියන තැනයි පුරවලා ඉවර උනාම Proceed to Purchase කියන එක ක්ලික් කරන ඕන

7. පස්සේ ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර ටික එහෙම ඇතුලත් කරලා ගෙවීම සහතික කරන්නයි තියෙන්නේ.


"හරි මෙහෙම හිතමු. මම ඉන්නේ USA මට ඕන නංගිගේ උපන්දිනේට තෑග්ගක් යවන්න. මට පුලුවන්ද මගේ USA ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් සල්ලි ගෙවලා ලංකාවේ ඉන්න නංගිගේ එඩ්‍රස් Shipping එඩ්‍රස් කියලා දාල යවන්න?"

"ම් ම් ම් ගොඩක් අය Paypal එක විස්වාස කරන නිසාත්, ලංකාවේ බැංකුවක පේමන්ට් ගේට්වේ  එකකට එකතු වෙන්න ලොකු ගානක් යන නිසාත් අපි පේමන්ට් ගේට්වේ එක විදිහට පාවිච්චි කරන්නේ Paypal. ඒකේ Billing එඩ්‍රස් වෙන රටක් තිබිලා Shipping එඩ්‍රස් ලංකාව දැම්මට සපෝර්ට් කරන්නේ නෑ. ඒ නිසා ඒ වැඩේ වෙන විදිහකින් තමයි කරන්න වෙනේ"

"ඇයි Paypal එකෙන් එහෙම කරන්න ඉඩ දෙන්නේ නැත්තේ"

"සමහර විට ක්‍රෙඩිට් කාර්ඩ් ෆ්‍රෝඩ්ස් වලට ලංකාව ප්‍රසිද්ද නිසාද දන්නේ නෑ මොකද මගේ ඩුබායි ක්‍රෙඩිට් කාර්ඩ් එකත් ලංකාවෙදි යූස් කලොත් ඒ වෙලාවෙම බ්ලොක් කරනවා. කරලා ආපහු ඩුබායි අවහම අලුත් එකක් දෙනවා"

"හරි එතකොට අර කිව්ව අනිත් ක්‍රමේ මොකද්ද?"

"යවන්න කැමති සපත්තු ටිකේ ගානයි ඒක ලංකාවේ ඇතුලත Deliver කරන්න යන ගානයි හදලා Billing එඩ්‍රස් එකයි Shipping එඩ්‍රස් එකයි එකක් දාලා ඒ වටිනාකමට හරියන්න තියෙන සපත්තු ටිකක් select කරලා ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් සල්ලි ගෙවනවා. ගෙවල ඉවර වෙලා අපිට ඊමේල් එකක් එවන්න සල්ලි ගෙව්ව සපත්තු නෙමෙයි ඇත්තටම මට ඕන කරන්නේ මෙන්න මේ මේ සපත්තු, යවන්න ඕන මෙන්න මේ එඩ්‍රස් එකට කියලා. සිම්පල් ප්ලෑන් එකක්. හි හී"
"එහෙම කරද්දි ගාන පොඩ්ඩක් එහා මෙහා උනොත්"

"අනේ බන් අපි ෂයිලොක් වගේ පපුවෙන් මස් රාත්තලම ඉල්ලන ජාතියේ නෙමෙයි. රුපියල් සීයක හමාරාක ගානක් එහා මෙහා උනාට අවුලක් නෑ"

"ඒත් හැමදාම ඕක කරන්න බෑනේ?"

"ඔව් අපි දියුනු උනාට පස්සේ අවුරුද්දකට රුපියල් 60,000ක් 70,000ක් ගෙවන්න ලංකාවේ බැංකුවක පේමන්ට් ගේට්වේ එකකට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. තාම බිස්නස් එක පටන් ගත්තා විතරයිනේ බන්. අඩියෙන් අඩිය නැගලා එන්න එපැයි."

"හරි, ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙන අයට ඔහොම කරන්න පුලුවන්. නැති අයට ගන්න විදිහක් නැද්ද?"


"මොකෝ නැත්තේ. එයාලට කරන්න තියෙන්නේ තමන් ගන්න කැමති සපත්තුවල කෝඩ් නම්බර් ටිකයි, සයිස් එකයි, ඕන කරන පාටවල් ටිකයි දාලා අපිට ඊමේල් එකක් එවන එක. අපි එතකොට අපේ ගිනුම් අංකේ දෙනවා. සල්ලි දාලා අපිට ඩිපොසිට් ස්ලිප් එක ස්කෑන් කරල මේල් කරන්න. එතකොටම නදීශා ඒ සපත්තු හදන්න පටන් ගන්නවා. බෑන්ක් එකේ අපි චෙක් කරලා සල්ලි වැටුන කියල කන්ෆර්ම් වුනු ගමන් Courier කම්පනි එකේ අයට එන්න කියලා පාර්සලේ එයාලට දෙනවා."

"ඕන කරන පාටවල් ගැන උඹ කිව්වනේ. ඒ කියන්නේ සයිට් එකේ දාලා තියෙන සපත්තු සෙරෙප්පු වල තියෙන පාටට අමතරව අපි කැමති පාට වලින් ගන්න පුලුවන්ද?

"ඔව් හිතන්න මෙන්න මේ පහල තියෙන සෙරෙප්පුව.

අපේ සයිට් එකේ, ෆේස්බුක් ෆෑන්පේජ් එකේ එහෙම තියෙන්නේ රතුපාට සෙරෙප්පුව විතරයි. ඒත් කාට හරි මේ ඩිසයින් එකෙන් කලු පාට දෙකක් ඕන නම් අපිට ඊමේල් එකක් එවනන් මට ඕන කරන පාට කලු කියලා. එච්චරයි"

"ඉතිං පාට සිලෙක්ට් කරන පහසුකම සයිට් එකේම තිබ්බ නම් හරිනේ"

"ඔව් අපි එහෙම කරන්න පුලුවන් විදිහට සයිට් එක අප්ඩේට් කරමින් ඉන්නවා. ලඟදීම ඒ ටික කරලා ඉවර කරන්න පුලුවන් වෙයි"

"සපත්තු වල සයිස් එක සයිට් එකේ තියෙන විදිහට යූකේ සයිස් හරි යුරෝප් සයිස් වලින් හරි දුන්නොත් ඇත්ද?"

"මෙහෙමයි. කකුල කොලේක ඇඳලා රූලක් අරගෙන විලුඹේ ඉඳන් මහපට ඇඟිල්ල දක්වා තියෙන දිග අඟල් වලින් හරි සෙන්ටිමීටර් වලින් හරි එව්වොත් තවත් හොඳයි. මොකද අපි තනිකරම සපත්තු ගන්න කෙනාගේ කකුලටම මැච්වෙන විදිහටම හදන්නයි ට්‍රයි කරන්නේ."

"කකුල ඇඳපු කොලේ ම අර කිව්ව දිගයි, කකුලේ පළලම තැන මිම්මයි දාලා ඒ කොලේ ස්කෑන් කරල උඹලට එව්වොත්"

"එහෙම කලොත් තවත් හොඳයි"

"ආන්ඩුවේ රස්සාවක් කර කර හිටපු නදීෂාව ඒකෙන් අස් කරලා මේ වගේ දේකට පටලෝපු එක අපරාධයක් කියලා හිතෙන්නේ නැද්ද?

"අපේ පුතා විරුල් ඉපදුනාට පස්සේ එයාව තනිකරලා රස්සාවට යන එකට අපි දෙන්නම කැමති උනේ නෑ. අපි හැමදේම කරන්නේ දරුවෝ වෙනුවෙන්නේ. දරුවන්ට ලබා දිය යුතු අධ්‍යාත්මික ආදරය සෙනෙහස නොදී භෞතික මොන දේ දුන්නත් මොකටද කියලා අපි හිතුවා. මේ වැඩේ නිසා නදීෂාට විරුල් එක්ක ඉන්න කාලේ හම්බවෙනවා. අනික එයාට සහජයෙන් ලැබුනු මේ දක්ෂකමින් කරන නිර්මාණශීලී වැඩක් නිසා එයත් ගොඩක් සතුටක් ලබනවා.

"අන්තිම ප්‍රශ්නේ - කඩයිම් ප්‍රශ්නේ. . ගන්නවද?"

"අහපන්කෝ බලන්න"

"උඹයි නදීෂයි දෙන්නම QS ලා සිවිල් ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ බිස්නස් එකක් නැතුව මේ වගේ ෆැෂන් ෆීල්ඩ් එකේ බිස්නස් එකක් කරන්න හිතුවේ ඇයි?"

"ඕකට දුන්නු දිග උත්තරයක් මෙන්න මේ ලිපියේ තියෙනවා. පොඩ්ඩක් ගිහින් බලපන්"

මේ තියෙන්නේ පහුගිය කාලේ පුරාවට මගේ යාලුවෝ ගොඩක් දෙනෙක් අපේ බිස්නස් එක ගැන  ෆේස්බුක් එකෙන්, ගූල් එකෙන්, ස්කයිප් එකෙන් සහ හැබෑවටම චැට් කරද්දී අහපු පුරස්න ටිකකුයි ඒවට මම දුන්නු උත්තර ටිකයි.

78 comments:

  1. අයියේ.. උපදෙස් මාලාවේ අංක එකේ වෙබ් ලිපිනය අඩුයි..
    http://www.viroozv.com/

    සපත්තු ඔක්කොම හරි....ම ලස්සනයි. :D

    ReplyDelete
  2. සපත්තු ටික හරි හැඩයි, දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා පතනවා

    ReplyDelete
  3. සුබපැතුම් දුකා අයියේ... දවසින් දවස ව්‍යාපාරය දියුණු කරගෙන ඉදිරියටම යන්න වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා...!

    ReplyDelete
  4. නියමායි අයියා ..ඔය තියෙන්නෙ නියමෙට

    ReplyDelete
  5. ඔව්.. සපත්තු ඩිසයින් සිරාවටම ලස්සනයි මචෝ..
    ජයවේවා!!

    ReplyDelete
  6. අන්න නියම අදහසක් ජොබ් නෑ කියල කෑ ගහන්නේ නැතිව නිදහසක් හොයන් කරන්න පුළුවන් හොඳ වැඩක්... එල

    ReplyDelete
  7. අම්මෝ දුකා අය්යේ මට නම් පිස්සුම හැදුනා හෙමින් සැරේ බලල ඕඩර් කරන්න ඕනි...ලංකාවෙදි කොහොමවෙතත් මෙහෙදි නම් මගේ සයිස් එකට සපත්තු හොයන්න හරි අමාරුයි. එපා වෙනවා ඒක නෑ කියල මේ පිල්ලො කියන විදිහට තවත් තරහ යනවා...

    ReplyDelete
  8. උඹ මේක දැම්ම එක හොදයි දුකා අයියේ, මටත් ගිෆ්ට් වවුචර් එකක් ලැබුණා. ඒකෙන් හාමිනේට සපත්තු ජෝඩුවක් ගන්න ඕන කිව්ව. මං මේ අහන්න හිතා උන්නේ මොනවද අපි කරන්න ඕන කියල. උඹට සදා ජය!

    ReplyDelete
  9. සුපිරි වැඩක්. තමන්ගෙම දෙයක් කරන එක තමා දැන් කාලෙ හොඳම දේ. අනුන්ට කඹුරනවට වැඩිය. මමත් මේ එහෙම එකක් ගැන යාලුවෙක් එක්ක මේ දවස් වල බලාගෙන යනව. :)

    සුභ පතනව සුපිරිම සාර්තකත්වය පිරුණු අනාගතයකට.

    ReplyDelete
  10. ඒකත් ෂෝක් නේ...
    අපිටත් කාන්තා සෙරප්පු අරං දෙන්න අවස්ය වෙයිනේ...
    බුක් මාක් කල්ලා තියා ගත්තා...
    ව්‍යාපාරය දිනෙන් දිනම දියුනුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  11. අෆ්ෆා අරයා දැක්කොත් තමයි.

    නියමයි ව්‍යාපාරය දියුණු කරගෙන ඉදිරියටම යන්න වාසනාව ලැබේවා කියලා සුභ පතනවා !!!

    ReplyDelete
  12. දියුණුවෙන් දියුණු වේවා!!

    තමන්ටම කියල හැකියාවක් තියේ නම් මෙන්න වැඩ.

    ReplyDelete
  13. @යසසි!
    හරි නංගී හැදුවා ඒක. ස්තූතියි.

    @අටම්!
    තැන්කූ මචං ...අර උඹෙන් අහපු සෙකන්ඩ් හෑන්ඩ් ජුකී මැසිමේ සීන් එකේ වැඩේට අතට කීයක් හරි හම්බ වෙච්චි ගමන් කතා කරන්නම් ඈ. අපි සපත්තුවලට මැච් වෙන්න හෑන්ඩ් බෑග්ස් ත් හදන්න පටන් ගන්න හිතාගෙන ඉන්නවා. එතකොට නයක් හරි වෙලා ගන්න ඕන. හොඳ එකක් අරන් දියන් හොඳේ.

    @හරේ!
    තැන්කූ ඈ . . මේ මලියට මේවායින් දෙක තුනක් අරන් දීපන් :D

    @ප්‍රදීප්!
    ස්තූතියි මල්ලී සුභ පැතුම් වලට.

    @සහෝදරයා!
    සෑහෙන කාල ඉඳන් ඉඳලා ඉඳලා ඔක්කෝටම එක පාර රිප්ලයි කරන්න පෝස්ට් එකක් ලිව්වා බන්.

    @තිසා!
    තැන්කූ තැන්කූ. හාමිනේට උපන් දිනේට තෑගි එහෙම යවන්න ඕන නම් කියපන් ඈ . .

    @සුලා!
    මගේ නම් ජොබ් එක තියෙනව බන්. නෝනා කර කර හිටි එකෙන් අයින් කර ගත්තා දරුව හින්දා. පස්සේ එයා ආස කරන එකක් කරන්න මම මෙහේ ඉඳන් හම්බ වෙන සල්ලි වලින් උදව් කරනවා. හෙ හෙ හේ.

    ReplyDelete
  14. @නදිනි!
    ඇයි නංගී. කකුලේ සයිස් එක ලොකු වැඩීද පොඩි වැඩීද?
    මෙහේ ඩුබායි වල මට තියෙන පුරස්නේ පිරිමි සපත්තු පටන් ගන්නේ 40න්. එත් 40 මට ඩිංගක් ලොකු වැඩී. චූටි කකුල් තියෙන්නේ මට. :D

    @u4j10!
    tnx tnx . . !

    @The Modern Patriot !
    අහ් බස් රේඩියෝ බ්ලොග් අවෝර්ඩ්ස් එකට නේද? ඒකට අපි 1000 ගිෆ්ට් වවුචර් 10ක් දුන්නා. දැනට 6ක් නැතිනම් 7ක් රිඩීම් කරලත් ඉවරයි. එක වවුචරේකට සෙරෙප්පු ගන්න ඇවිත් තිබ්බේ ජනවාරි පලමුවෙනිදා උදේ පාන්දර 8ට . . . අපේ මනුස්සයා කියනවා අවුරුද්දේ පලවෙනි බිස්නස් එක ෆ්‍රී කලේ කියලා . . හෙ හෙ හේ

    @මාධව!
    ජීවත් වෙන්න මොනව හරි කරන්නත් එපැයි බන්. හැමදාම මේ කාන්තාරේ ඉන්නත් බෑනේ. ඔයාලගේ වැඩේ ත් ඉක්මනට අටන් ගන්න ලැබේවා.

    @තරියා!
    උඹ කෙල්ලෙක් හම්බ වෙනකම් ඉන්නද කල්පනාව? ඒවා බෑ. . කෙල්ලට අරන් දෙන්න කලින් අම්මට අරන් දීලා හිටු. :P

    @දිනේෂ්!
    තැන්කූ ඈ සුභ පැතුම් වලට. අරයගේ ඊමේල් දීපන් මල්ලී . . නෑ නෑ මේ පෝස්ට් එකේ ලින්ක් යවන්නේ නෑ . . හික්ස්

    @ක්සැන්ඩර් මල්ලී!
    ඔව් ඔව් මගේ ගෙදර උන්දෑට හොඳ හැකියාවක් තියෙනවා මේවාට.
    තැන්කූ හොඳේ සුභ පැතුම්වලට.

    ReplyDelete
  15. ඇත්තටම ලස්සනයි..!
    ව්‍යාපාරය දිනෙන් දින දියුණුවේවා..!!

    ReplyDelete
  16. මේකනම් සුපිරිම වැඩක් අයියේ. ඔන්න තෑග්ගට මට (කිව්වට ඉතින් නගාට) එවපු සෙරෙප්පු ජෝඩුවත් ගොඩක් ස්තුතියි. ජයෙන් ජයම වේවා!!!! :)

    ReplyDelete
  17. දෙසැරයක්ම courier වචනෙ තියෙන නිසා හරියට දාමු නේද දුකා මල්ලි.

    ලංකාව එක්ක paypal වලින් ගණුදෙනු කරන්න හැකිවෙනකම් මාත් දැන් කාලයක් තිස්සෙ බලාගෙන ඉන්නෙ. බාධාව ආණ්ඩුවේ බැංකු ප්‍රතිපත්ති.

    බිස්නස් ජයවේවා!

    ReplyDelete
  18. Apith baluwa... ohoma yan suba gaman

    ReplyDelete
  19. harima lassanai. matath ona kamak awoth site eka paththe ennam.

    podi suggestion ekakuth karannada? ara foot size eka ehema separate email ekaka ewanne nathuwa order ekath ekkama note ekak widihata add karanna widihak thibunanam hodai neda.

    nathnam order eka kageda email eka ewwe kauda kiyala patalenna puluwan neda?

    ReplyDelete
  20. wow .හරිම අගෙයි.. අපිටත් ඕඩර් කරන්න පුලුවන් නේද.. මමත් ඇත්තෙන්ම සපත්තු පිස්සියෙක් කොච්චර ගත්තත් ඇතිවෙන්නේ නෑ. ඒක ලෙඩක්ද මංදා.
    ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා...!

    ReplyDelete
  21. Payment getway eka vidiyata 2checkout use kara nam goda.
    www.lankatronics.com wahe aya eka use karanawa hodata.

    ReplyDelete
  22. මේක කියවල මගේ ඇස් දෙකට ආවේ කඳුලක්. ඒ ඇයි කියන්න දන්නේ නෑ. අමාරුවෙන් ඉහල නගින්න හදන මේ ව්‍යාපාරයට ජය වේවා !!!

    ReplyDelete
  23. ජය වේවා දුකා අයියා!

    ReplyDelete
  24. ඩිසයින් නියමයි...වර්ණ ගැලපීමත් ගානටම තියෙනවා.(ඒ හින්දම කොපි කිරීමේ අනතුරකුත් නැතුවම නෙවෙයි)
    තව මාල වළලු - මුදු - කරබු සහ හෑන්ඩ් බෑග් එකත් එක් වුනාම වැඩේ අංග සම්පූර්ණයි.

    ජයෙන් ජයම වේවා.....!

    ReplyDelete
  25. මං අපෙ හාමිනේට දෙන්නංකො මේක..

    ReplyDelete
  26. ව්‍යාපාරයට සුභ පැතුම් දුකා අයියේ.
    විරුල්වත් මතක් කලා කියන්න :)

    ReplyDelete
  27. අපේ පුරුෂ පාර්ශවය සඳහා එහෙම සපත්තු සෙරෙප්පු හදන්න අදහසක් නැද්ද අයියෙ. ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා කියලා මාත් පතනවා.

    ReplyDelete
  28. මමත් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ව්‍යාපාරය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන්න කියලා

    2013 පටන් ගන්නකොටම මම ගියානේ මගේ ආදරී එක්ක මෙව්වා එකක් ගන්න... මට හම්බුවෙච්චි වවුචර් එකෙන් අවුරුද්දේ මුලම ගෙදරටම ඇවිත් ගත්තනේ ඒක සුපිරියි කියලා මට තමා ලකුණු වැටුනේ...

    හැබැයි එක දෙයක් අමතක වුනා අවුරුද්දේ මුලම අත වන වන ඇවිල්ලා මුළු අවුරුද්දම මම චාටර් කලාදෝ කියලා අවුලක් හිතුනා මටම...

    බොහෝම ස්තූතියි දුකා අයියටයි අක්කටයි... ඒ වගේම තමා වැඩකට ගිහින් හිටිය අක්කා අපි එනවයි කිව්වම ඒ වැඩෙත් නවත්තලා අපි වෙනුවෙන් හෙන දුරක් ගෙවාගෙන ගෙදරට ආපු එකට හදවතින්ම ස්තූති කරනවා ඒ වගේම එහෙම කරදර කලාට සමාවත් ‍ඉල්ලනවා මේ ගමන්ම...

    ජය වේවා දුකා අයියේ

    ආ අමතක වුනා ඒවගේ කොලිටිය ඉස්තරම් ඈ

    ReplyDelete
  29. ඔව් අය්යේ මෙහෙ 36 අඩුයි ගොඩක්. අනේ දුකා අය්යේ මම එද කොන්සර්ට් එක බලන්න ආපු වෙලාවෙ ඔයා එලියෙ ඉන්නවා දැක්ක.. මම මවාගෙන හිටියෙ අලි පත සයිස් එක්කෙනෙක්වනෙ ඉතින් කතා කරන්න බැරි උනා... ඔයා වෙන්න ඕනි ඒ..දුමී අය්ය ප්ලේ කරවත් දැක්ක එයාව එහෙම දකිද්දි නම් හිතන්නවත් බෑ මේ කතා කොහොම ලියනවද කියල.. දෙකට ගනින්න බෑ වගේ ඉන්නෙ...

    ReplyDelete
  30. මම ඔය බ්‍රෑන්ඩ් නේම් එක තැන දෙකතුනක දැකල තියෙනවා. හැබැයි අයි දන්නේ අයිය කියල මේකේ අයිති කාරයා. එල කියන්නේ උපරිමයි අයියගේ මේල් අයිඩි එක මට මේල් කරන්න මමත් ඕඩර් එකක් දෙන්න saji.vimu@valtrans.org (සිරාවටම හොඳේ) කොහොම නමුත් මම මගේ හදවතින්ම සුබ පතනවා දවසින් දවස ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා කියල.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  31. මෙහෙදි සපත්තු ගන්න ගියාම මට වෙන වැඩක් තමයි එකක සයිස් 7 හරියනකොට තව එකක හරියන්නෙ 8... ළඟකදි සයිස් 6 එකකුත් දාන්න පුළුවන් උනා... ඒ නිසා අර කකුලෙ සයිස් එක ඇඳලා යවන්න පුළුවන් එක නම් මං වගේ අයට ලොකු සැනසිල්ලක්... ඩිසයින් ටිකයි පාටවල් ටිකයි හරිම ලස්සනයි... අපේ නගාට ඔත්තුවක් දෙන්න ඕන... උන්දගෙ කකුල්වලටත් ලේසියෙන් සපත්තු හොයන්න බෑ පොඩි කාලෙ ඉඳලම...
    බිස්නස් එක දියුණුවෙන් දියුණුවට පත් වේවා කියල ප්‍රාර්ථනා කරනව දුකා...!!

    ReplyDelete
  32. මුලින් දුක, පස්සේ සාහිත්‍ය දැන් මාකටිං, අනේ අනිච්චේ සංසාරේ. කල දුටු කල වල ඉහගන්නවා කියන්නේ ඕකට තමා.

    ReplyDelete
  33. ඇනෝ . .

    අන්න හරි ඒක තමා . . :D

    ඒත් උඹ වගේ හිතවත්කමට අනුන් දුක් මහන්සිවෙලා හම්බ කරන ඒවා ඉල්ලගෙන පොල්ල තියන්නේ නෑ.

    මාකටින් කලත් 100% අපේ මහන්සියෙන් කිසි කෙනෙක්ට හානියක් නොකරන දෙයක්. :P

    ReplyDelete
  34. සිරාවටම ලස්සනයි බං. මේ වැඩේට නෝනට අත්ගුණේ පිහිටල තියනව.

    ReplyDelete
  35. අප්පට සිරි කීව්වලු. හෙනම හෙන කාලෙකින් බන්. වෙලාව නැති හින්දා වැඩිය නෑ බන්. ආපු එකේ කොමෙන්ටුවක් කොටලා යන්න හිතුනා. දවසක් ගියා මාරයා පැත්තේ. මොකද්ද බන් මේ අලුත් බිස්නස් සීන් එක.

    ReplyDelete
  36. එතකොට ඒක එහෙමයි වෙන්නේ නේද...?

    උඹට ඕඩරයක් දාන්න තිබුනා.. ඒත් එයිට කලින් මිම්මක් ගන්න කකුලක් එපෑ..ටිකක් ඉවසලා හිටහං ඈ... :D

    ReplyDelete
  37. හරිම ලස්සනයි අයියා...දවසින් දවස ඔයාලගේ ව්‍යාපාරය දියුණු වෙන්න කියලා හදවතින්ම පතනවා..

    ReplyDelete
  38. මේක FAQ එකක්නෙ. හැබැයි හැම ප්‍රශ්ණයක්ම වගේ කවර් වෙලා තියෙනවා මම හිතන්නෙ. බිස්නස් වැඩි වෙනකොට නදීශට පුලුවන් වේවිද තනියෙම ඔය වැඩේ කරන්න?
    හැබැයි උඹලාට මාර ආත්ම විශ්වාසයක් තියෙන බව නම් කියන්න ඕනෙ.
    ජයම වේවා!

    ReplyDelete
  39. සපත්තු ව්‍යාපාරය විතරක් නෙමෙයි... මම දන්නවා හිතේ තියෙන ඉදිරි ගමන... ඒවාත් සාර්ථක කරගන්නට සුභ පැතුම්....

    ReplyDelete
  40. ඇත්තටම ලස්සන් ඩිසයින් ටිකක් ...ඉන්න්කෝ නෝනත් එක්කම ෆේස් බුක් එකට ගොඩ වෙලා සපත්තු ඕඩරයක් එවන්නම්.....

    ReplyDelete
  41. මගේ අතිජාත මිත්‍රයා., බොහොමත්ම අගෙයි. උණුසුම් සුභපැතුම්.........!!!!!!!

    ReplyDelete
  42. දුකා අයියා, සපත්තුත් ලස්සනයි, වෙබ් සයිට් එකත් මරු. මට දැනගන්න ඕනේ ක්‍රෙඩිට් කාඩ් නැති කෙනෙකුට බැංකුවට සල්ලි දැම්මා කියලා කන්ෆම් වුනාට පස්සෙ සපත්තුව ගන්න දවස් කීයක් යනවද කියන එක.?

    ReplyDelete
  43. දුකා, හරිම සතුටුයි මල්ලි මේ සටහන කියෙව්වාම. හරිම ලස්සනයි සපත්තුත්. ව්‍යාපර කරගෙන ගිය අයෙක් ලෙස බොහොම සෙනෙහසින් සුබ පතනවා මල්ලි දිනෙන් දින දියුනුවට පත්වේවා! කියල. අපි වර්ක් ෂොප් එක තිබුන කාලෙ අඩි වලට මොල්ඩ් කලා. CNC මැෂිමේ. ඒ නිසා ලාංකියෙකුට මේ වාගේ දෙයක් පටන් ගන්න නිසා හදවතින්ම සුබ පැතුම්!
    මගේ නංගී මැලේෂියාවෙ ඉන්නෙ, එයාට මම කියන්නද ඔන්ලයින් යවන්න පුලුවන්නෙ. ලොකු සයිස් හදනවාද? ඈ ඇතින්නක්.D; හොඳ වෙලාවට සිංහල කියවන්න බෑ. නැත්නම් මාව මරාවි. විස්තර දෙන්න පුලුවන්නම් මල්ලී.

    ReplyDelete
  44. කවදා හරි මගෙ වෙඩිමට සපත්තු කුට්ටං හතරක්ම විරූස් එකට දීලා හදව ගන්නවා..ඒත් කවුද අප්පා මේ වහන්තරාව කර ගහන්නෙ... :D

    ReplyDelete
  45. Pl. Puluvan nam me tikama English valin danna. pita rata inna ayata mea measurement ganna vidiha ehema bala ganna puluvan ne.

    ReplyDelete
  46. අඩේ සිරාවටම මං දැක්ක සුපිරි ඇඩ්වටිස්මන්ට් එකක් ඈ..මරු මාකටින් පාර..සපත්තු ටික පංකාදු පහයි..වෙන්ඩ කෙල්ලට සප්‍රයිස් එකක් කරන්න සපත්තු කුට්ටමක් යවන්න ට්‍රයි එකක් දීල බලන්න ඕනේ තව ටිකක් මම ලොකු වුනාම.

    බිස්නස් එක හිතන පතන විදිහට සාර්ථක වෙලා දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා දුකා අයියේ

    ReplyDelete
  47. ඇඩ් එකක් නොවුනට.සපත්තු විකුණගන්න නියමෙට දාල තියනවා.

    ReplyDelete
  48. මම සුපිරි කිව්වෙ සපත්තු නෙවෙයි ඩෘකායියා... මේ ඉස්ට්‍රැටජිය මරු. ලිවිල්ල නියමයි. සපත්තු සම්බන්ධයෙංනං මගේ රසය මෙලෝ රහක් නෑ...

    ReplyDelete
  49. බොරුවට නෙමෙයි කියන්නේ.. දුකා මේ වැඩේ පටං ගන්නවා කියපු කාලේ මම බ්ලොග් යන්තම් කියවනවා.. මේ විස්තර දැන ගත්තම් තමයි මගේ වැඩේ පටන් ගන්න මුල්ම ප්ලෑන් එක හිතට ආවේ... අනිත් එක මේ වැඩෙත් හරිම ලස්සනයි...

    ජය ‌වේවා දෙන්නටම....

    ReplyDelete
  50. @නන්ඳු !
    බොහෝස් ස්තූතියි සුභ පැතුම් වලට

    @කෝච්චියා!
    එල එල . . නගා මොකෝ කිව්වේ සපත්තු ගැන?

    @අරුණි අක්කා
    ඔන්න අක්කේ හැදුවා . .ස්තූතියි පෙන්නලා දුන්නට
    ම් ම් ඔව් අක්කේ පිත් ටික දවසක් ගිහින් වෙන විදිහක් බලන්න ඕන

    @ඇනෝ!
    ස්තූතියි ඇනෝ

    @සයුරි!
    බලමු වෙබ් සයිට් එක හදපු කෙනාට මම කිව්වා පොඩ්ඩක් මේකේ තියෙන සජෙෂන් ගන බලන්න කියලා. ස්තූතියි ඔයාටත්

    @පුංචි කුමාරිහාමි
    ගනන් ගන්න එපා. මටයි නදීෂටයිත් ඔය ලෙඩේම තියෙනවා. ඒකම තමයි මේ වැඩේ පටන් ගත්තෙත් ලාබෙට හොඳ කොලිටියේ සපත්තු ලබා දෙන්න.

    @RKSK Ekanayaka!
    අපේ වෙබ් සයිට් එක හදපු කෙනා ඒක ගැන බලන්නම් කිව්වා. බොහෝම ස්තූතියි ඔත්තුවට

    @සුදීක!
    බොහෝම ස්තූතියි මචෝ සුභ පැතුම් වලට.
    අහ් ඒ යාලුවෙක්ගේ ජයග්‍රහනකදී උනන සතුටු කඳුළු.

    ReplyDelete
  51. ඔබගේ වියාපාරය දවසින් දවස දියුණු වේවා! නොදන්නා අයවත් මම දැනුවත් කරන්නම්..

    ReplyDelete
  52. ඈ... මං මේ බැළුවෙ ජෝක් එකක්ද කියලා.. ලංකාවෙ හදපුව කියල හිතන්නවත් බෑ.. ෆිනිශ් එක ලෙසටම තියෙනවනෙ..
    ලේඩීස් එව්වා විතරද ?

    ReplyDelete
  53. ඉතාමත්ම අගයන වැඩක්. හැමදේම පිටරටින් එන කාලේ මේවගේ දේශිය නිස්පාදයකට මුල පිරුම කොයිතරම් හොදද? මේ ඩිසයින් ටික දැක්කාම විදේශ නිෂ්පාදන මොකටද කියල හිතුනා. ‍

    දාඩිය මහන්සියෙන් ඇතිකරගත් මෙවන් ව්‍යාපාරයකින් ජයම අත්වේවා..

    ReplyDelete
  54. මටත් තිබුණ ප්‍රශ්න ටිකකට උත්තර ලැබුණා... කකුලේ සයිස් දෙන එක ගැන හෙම...

    ජයවේවා මචෝ...! :)

    ReplyDelete
  55. @පරිකල්පන !
    එල එල . . තැන්කූ

    @සුමිත්!
    ඩිසයින් කොපි කරන එක නම් මොනාද බන්. කොපි කලාට කොලිටියට හදන්න පුලුවන් අය අඩු නිසා බය නෑ. අනික තව කෙනෙක් කීයක් හරි හොයා ගන්නවනම් හොඳයිනේ බන්.
    අහ් අපි ලඟදීම හෑන්ඩ් බෑග් එහෙම කරන්න ඉන්නේ. ස්තූතියි මචං . .

    @සරත් අයියා!
    හොඳා හොඳා අයියේ . . තැන්කූ ඈ

    @ගයාන්!
    තැන්කූ මල්ලී හරි ඔන්න මම කිව්වා ඈ . .

    @පිණිබිඳු!
    පුරුස පක්ශේ ඒවා දැන් මාස ගානක් තිස්සේ ටෙස්ටින්.
    හදලා මට එවලා, මම දාලා බලලා, අඩුපාඩු කියලා ආයේ ආයේ හදවන්වා. අපේ සපා අයියට පෙන්නලා එයාගේ විශේෂඥ උපදෙස් ලබා ගන්නවා. ලබන මාසේ වත් එලියට දාන්නයි අදහස.

    @ගැමියා!
    අහ් අපි ඒවා ඒ තරම්ම ගනන් ගන්නේ නෑ මල්ලී. අක්ක එදා කතා කරලා කිව්වා ඔන්න අවුරුද්දේ මුල්ම බිස්නස් එක ෆ්‍රී එකක් කියලා.
    හෙ හෙ හේ. . . අවුලක් නෑ . .තැන්කූ සුභ පැතුම් වලට මල්ලී.

    @නදිනි!
    අඩේ කතා කරන්න එපැයි හලෝ. දුමිය නම් පත් සයිස් එකෙක් අනේ මම නම් හරි පුංචියි. හෙ හෙ හේ. ඔව් ඔව් දුමිය ඉන්නේ දහයට ගනින්න බෑ වගේ ඒත් එකපාර සීයට ගනිනවා . . හෙ හෙ හේ. අනිත් දවසේ දැක්කොත් කතාකරපන් හොඳේ නංගී . .

    @කෝරලේ!
    අඩෝ මල්ලී උඹ කෝල් කලේ දවල්ට කන වෙලාවෙනේ. උඹේ ඒ නම්බර් එකට මම ගත්තා ගත්තා වැඩ කලේ නෑ. ආයේ පාරක් කතා කරපන්.

    @මියුරු!
    ඔව් සයිස් 7 හයි හීල්ස් වල නම් පොඩි අවුලක් තියෙනවා තමා. දැනට ඕඩර් සෑහෙන ගානක් ඇවිත් තියෙනවා. ෆ්ලැට් මෝල්ඩ් එක නම් තියෙනවලු. හයිහීල්ස් මෝල්ඩ් එක නැති නිසා තාම කඩවල් ගානේ හොයනවා ඒක.
    හරි නංගිට යවලා අපිට මේල් කරන්න කියන්නකෝ.

    ReplyDelete
  56. @රාජ් !
    ඔව් බන් එයාට හොඳට මහන්නත් පුලුවන්. ඇඳුම් මහන්න බිස්නස් එකක් පටන්න ගන්න ඉන්නකොට තමා නැන්දම්මා නිසා මේක කැරකුනේ. දැන් නම් වැඩේ නැගලා යනවා.

    @බිඟූවා!
    ඔව් බන් අපේම කියලා දෙයක් පොඩියට පටන් ගත්තා.

    @මාරයා!
    ඇයි බන් උඹ ලඟදී බැන්දා කියලා කතාවක් ගියේ. එයාට සපත්තු අරන් දෙන්න වෙයි කියලා උඹ බබා උකුන් පාට් දානවා නේද? :ඩී

    @බට්ටි !
    තැන්කූ බට්ටී සුභ පැතුම් වලට.

    @ඩූඩ්!
    මේ මාසේ මුල ඉඳන් වැඩ කරන්න කෙල්ලෙක් ගත්තා. ඒත් එයා තාම පොඩි පොඩි වැඩ කරලා දෙනව විතරයිලු තාම. බරපතල වැඩ ටික තාම නදීෂාමයි කරන්නේ. තව ටිකක් ඉස්සරහට ගිහින් තව එක්කෙනෙක් දෙන්නෙක් වැඩට ගන්න ඉන්නේ මචං . . කාට හරි ජීවන පාර්ගයක් හදල දෙන්න පුලුවන් වෙන එකම කොයි තරම් දෙයක්ද බන් . .
    හිත හිත හිටියා ටික කාලයක්. එක පාරක් රස්සාව නැති උනාට පස්සේ තමා බය නැතුව වැඩේට බැස්සේ මචං . . දැක්කනේ කොයි දේ වෙන්නෙත් හොඳට . .

    @අභීත!
    ස්තූතියි

    @මයියා.
    අහ් එල එල මචං . . . වැඩි විස්තර ඕන උනොත් ඊමේලක් එවපන්
    තැන්කූ ඈ . .

    @ඇනෝ!
    කවුද මේ . .තැන්කූ ඈ සුභ පැතුම් වලට.

    @බුද්ධි!
    දවල් උත්තරේ දුන්නානේ. ඒත් කමක් නෑ ආයේ කියන්නම්. මෙහෙමයි සමහර සයිස් වල සමහර මෝල්ඩ් අපි ලඟ නෑ (ඒවා මාක්ට් එකේත් නෑ බන් මාස ගානක් තිස්සේ හොයනවා - උදා: සයිස් 7 හයි හීල් මෝල්ඩ් එක හොයා ගන්න නෑ ඒත් සෙරෙප්පු සැඬල් වලට ඕන කරන මෝල්ඩ් එක තියේ) එහෙම කේස් එකක් නොවුන්නොත් උපරිම දවස් දෙකෙන් අපි කුරියර් කොම්පැනියට් භාර දෙනවා. එයාලා සමහර වෙලාවට දවසක් ඇතුලත ගෙනිහින් දෙනවා සමහර වෙලාවට දෙකක් මැක්සිමම් තුනක් ගන්නවා (දුර සහ සොයා ගන්න අමාරුකම උඩ වෙනස් වෙනවා ඒක මල්ලී)

    @චාන්දි අක්කේ
    බොහෝම සතුටුයි ඔයාව ෆේස්බුක් එකේ අඳුරගන්න ලැබුනු එකටත්. කාලයක් තිස්සේ හිත හිතා හිටියේත්. ස්තූතියි අක්කේ සුභ පැතුම් වලට. හරි නංගිට කියන්නකෝ . . නදීෂා ලඟ ගොඩක් සයිස් වල මෝල්ඩ්ස් තියෙනවා. අර කලින් කිව්ව වගේ එකක් දෙකක් ඇර.
    ඔව් අක්කේ මගේ යාලුවෙක්ට කිව්වා මේක ඉංග්ලිශ් වලට පරිවර්ථනය කරලා දෙන්න කියලා. මගේ ඉංග්‍රීසි ඒ තරම් හොඳ නෑ . . හි හි

    @නෙරංජි!
    මොකෙක් හරි එකක්ව උඹට අල්ලලා දුන්න නම් අපිට සපත්තු හතරක ඕඩර් එකක් එනවා නේ හෙ හෙ හේ . . හිටහන් බන් ටිකක් ඉවසලා . . "හිඳීවි කොතැනක හෝ හිමිකාරයා උපන් ඔබේ නමින් . . වඩීවි කෙදිනක හෝ . . ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්" කියලා සිංදුවකුත් තියෙන්නේ බන් . .

    @පැතුම්!
    මොකක් වෙන්ඩ කෙල්ල ඇයි එතකොට උඹේ දිලූ?
    හෙ හෙ හේ . .
    සුභ පැතුම් වලට තැන්කූ හොඳේ . .

    @යසිරු!
    ඔයාගේ ගිෆ්ට් වවුචර් එකේ සපත්තු එව්වා. හම්බ උනාද?

    @හරේ!
    මට තේරුනා බන් . . ඒත් මම මුට්ටිය දාලා බැලුවේ උඹ ලව්වා මලියට අපේ සපත්තු දෙක තුනක් අරන් දෙවන්න. ඒකි පවුනේ බන් .(නැතුව මේ අපේ සපත්තු විකුන ගන්ඩ නෙමේ ඈ . . හික්ස්)

    @හිරු!
    අඩේ ඒක නියමයි. සංජුවටත් ඔහොම හිතිලා ඒකිත් වැඩක් පටන් ගත්තා. නියමයි. බ්ලොග් අවකාශේ ස්වාධීන ව්‍යාපාරිකයෝ වැඩිවෙනනම් කොයි තරම් දෙයක්ද . . දෙයක් විස්වාසෙන් ගන්න ඇහැකි එතකොට. ඇයි අවුලක් උනොත් බ්ලොග් පෝස්ට් එකක් ලියලා අවනඩුව කියන්න වත් ඇහැකිනේ . . (කිව්වට වැඩක් නැති වෙන එක වෙනම දෙයක් හික් හික් හික් )

    ReplyDelete
  57. @අසරණයා !
    බොහෝම ස්තූතියි කොල්ලෝ. .

    @යසිත්!
    නෑ නෑ මේවා තනිකර ශ්‍රී ලාංකික බඩු. පිරිමි සෙරෙප්පු තාම ටෙස්ටින් ස්ටේජ් එකේ. මාසෙකිත් විතර එලියට දාන්න පුලුවන් වෙයි වගේ.

    @දයානන්ද!
    ඔව් දයා. 2011 මාර්තු මාසේ මෙහේ අබුදාබි වල රස්සාවට කෙල උනා. කොයි දේ වෙන්නෙත් හොඳටයි කියලා වයිෆ් කිව්වා මෙහෙම දෙයක් කරමු කියලා ඉතිං පටන් ගත්තා. ස්තූතියි සුභ පැතුම් වලට මචං . .

    @බීට්ල්!
    හරි එහෙනම් ඔන්න ඔක්කෝම විස්තර දුන්නා ඈ . . හෙ හෙ හේ . .

    ReplyDelete
  58. මම හරිම ආඩම්බර වෙනවා ඔයාල ගැන... මීට වඩා ඔයාලා ගැන අපි සමාජයට කියන්න ඕනේ ... අර උපාධිධාරී ‍රැකියා විරහිත කියලා පිට කො‍ටුවේ දුම්රියපොල ඉදිරියෙ අව්වේ කර වෙවී ආන්ඩුවට බැන බැන ඉන්න මෝඩ නංගිලා මල්ලිලාට ඔයාලා දෙන්න නොම්මර එකේ ආදර්ශයක්... ඔයාලට දියුනුවට ණයක් උවමනා නම් අපි උදව් කරන්නම්... ඒ ගැන සියලු විස්තර හොයලා දෙන්න පුලුවන්....සදා ජය!!!පුලුවන් නම් තව දරුවෝ දෙන්නෙක් විතර හදා ගන්න.. අපේ රට ට ඕනෙ ඔයලා වගේ හිතන සිංහලයෝ.. එහෙම දෙමව්පියන්ගේ දරුවන් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.....

    ReplyDelete
  59. සල්ලි ගෙවන්න ක්‍රෙඩිට් කාඩ් නැතුව වෙන ක්‍රමයක් නැද්ද ? eZ cash වගේ. මට ක්‍රෙඩිට් කාඩ් නෑනේ..
    ☻ඕඩර් එකක් දීල කොච්චර කාලෙකින් දෙන්න පුළුවන්ද ?
    ☻මට අයියව ක්න්ටැක් කරගන්න ක්‍රමයක් නැද්ද ? ඊමේල් එක වත් දෙන්නෝ..

    ReplyDelete
  60. එන්න පරක්කු වුණා... ඒත් බ්ලොග් අවකාසෙ ඉන්න සපතේරුව හැටියට මේකට කොමෙන්ටුවක් නොදා ඉන්න බෑ...

    මිනිස්සුන්ට නොයෙකුත් හැකියාවල් තියෙනව.. සමහර ඒව සුලබයි.. සමහර ඒව දුලබයි... ඒ අතරින් ඉතාම කලාතුරකින් පිහිටන හැකියාවක් තමා ෆැෂන් ඩිසයිනින්ග් කියන්නෙ...අවුරුදු දහයකටත් වඩා සපත්තු එක්කම හැප්පෙන මම න්දීශගෙ ඒ ටැලන්ට් එක දැක්කෙ විරූස් මුල්ම ඩිසයින්ස් දැක්ක දවසෙ...

    මම නම් හැමදාම දුකාට කියන්නෙ විරූස් ෆුට්වෙයා බිස්නස් එක ඔර්ඩර්ස් වලට සපත්තු හදන් තැනින් එහාට ගිහිල්ල මාස් මාකට් එකට බ්‍රෑන්ඩ් එකක් හැටියට එකතු වෙන්න ඕන කියල... නදීශගෙ ටැලන්ට් එකට දුකාගෙ තියෙන යම් දෙයක් අතගගා නොඉඳ දෙයක් කරල බ්ලන පොසිටිව් ප්‍රැක්ටිකල් ඇප්‍රෝච් එක එකතු වුණාම මේක අමාරු දෙයක් නෙමෙයි...

    ජය .. !

    ReplyDelete
  61. මේකෙ ඩොලර් අගය US ඩොලර් ද? ඒක සඳහන් කරලා නෑ නේද කොහෙවත්

    ReplyDelete
  62. මම අපිත් එක්ක වැඩ කරන නෝනා මහත්තයෙකුට ඔය ගොල්ලන්ගේ ඩිසයින් පෙන්නුවාම කිව්වේ, "හානේ මේක මම ඊයේ දැක්කනේ , අනිවාර්යයෙන්ම එකක් ගන්න හිටියේ" :D, සහ තෝරගෙන ඉන්න මොඩ්ල් එකත් පෙන්නුවා. ඒ වගේම දන්නා කියන අයත් එක්කත් ෂෙයාර් කරන බව කිව්වා.

    අදත් බුකියේ මැසේජ් එකක් දැම්මා..

    ජය වේවා..

    ReplyDelete
  63. දුකා යහළුවෙක් ගෙන් උදව්වක් ගන්න මේක පෙරලන්න. නැත්නම් මට මේක නංගිට අරින්න විදිහක් නෑ. එයා ලංකාවෙන් ගියේ මාස 8 දී ඉතින් සිංහල කියවන්න බෑ. හැබැයි හොඳට කතා කරන්න පුළුවන්.

    ReplyDelete
  64. වෙනමම මතක තියන් ඉඳල නිදහසේ කියෙව්වා... මටත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කරුණු ටිකක් තියෙනව... බොහොම ස්තූතියි දුකා අයියා..

    ReplyDelete
  65. හදවතින්ම සුබ පැතුම් දුකා අයියා. අනිවා මේ අවුරුදේ වයිෆ්ගෙ උපන් දිනේට විරූස් ජෝඩුවක් අරං දෙනවා.

    ReplyDelete
  66. ඇත්තටම මේ නිෂ්පාදන බොහොම ලස්සනයි...ප්‍ර‍ධාන වෙළද නාමයන්ගෙන් එන නිෂ්පාදන සමග හොදට තරග කරන්න පුලුවන් තරමේ හොද ඩිසයින් ඔබේ නිෂ්පාදන වලට තියෙනවා... ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා පතනවා !

    ReplyDelete
  67. සුපිරිම වැඩක්නේ.. මගේ උණුසුම් සුබ පැතුම්. අවශ්‍ය නම් ලංකාවේ ප්‍රචාරක අනුග්‍රහයක් නොමිලේ ම දෙන්න හැකියි.ජය වේවා ..

    ReplyDelete
  68. @වර්ශා!
    බොහෝම ස්තූතියි දිරි ගැන්වීමට.
    "ඔයාලට දියුනුවට ණයක් උවමනා නම් අපි උදව් කරන්නම්... ඒ ගැන සියලු විස්තර හොයලා දෙන්න පුලුවන්.."
    ලින්ක් එකක් නමක් ඊමේල් එකක් නැතුව කොහොමෙයි වර්ෂාගෙන් උදව් ඉල්ලන්නේ ඉතිං?

    @යසිත්!
    ක්‍රෙඩිට් කාර්ඩ් නැති අයට ගන්න ක්‍රමයක් පෝස්ට් එකේ ම තියෙනව මල්ලී දැක්කේ නැද්ද?
    අපේ බිස්නස් ඊමේල් එක

    @සපා!
    අපේ වැඩේට උඹෙන් සහ මගේ යාලුවන් හැමෝගෙන්ම ලැබෙන උපදෙස් අදහස් යෝජනා වලට කොහොම ස්තූතිය් කරන්නද මන්දා මචෝ . . ම් ම් ම් තව ටිකක් කල් ගිහින් බලමු. මෙදා සැරේ නිවාඩු ගිහින් අපි දෙන්න බිස්නස් ප්ලෑන් එකක් හදන්න හිතාගෙන ඉනන්වා.

    @තිසර!
    තෑන්ක්ස් මචෝ
    ඔව් යූ,එස්. ඩොලර්ස් .. සිම්බල් එක දැම්ම නිසා ඇමරිකන් කතාව කිව්වේ නෑ බන්

    @රාමා!
    බොහෝම ස්තූතියි රාමා.

    @චාන්දි අක්කා!
    අක්කා මගේ යාලු සචී මේ ක මේ දවස්වල ට්‍රාන්ස්ලේට් කරන වා. ඉවර උනු ගමන් අක්කට එවන්නම් අක්කේ.
    බොහෝම ස්තූතියි.

    @සාතන්!
    එල එල . . කෝකද ප්‍රයෝජනවත් වෙන්නේ වෙඩින් සපත්තු ද ? :D

    @කල්හාර!
    හා හා කලින් කියන්නකෝ හොඳේ . . බොහෝම ස්තූතියි සුභ පැතුම් වලට මල්ලී . .

    @සිරා!
    බොහෝම ස්තූතියි මල්ලී අදහස් දැක්වූවාට සහ සුභ පැතුම් වලට.

    @නලින්!
    බොහොම ස්තූතියි. තවම කුඩා පරිමානයෙන් කරන නිසා දැනට යන විදිහ හොඳයි කියලයි අපේ අදහස.

    ReplyDelete
  69. මෙහෙම හිටියට මමත් viroozv සන්නම් තානාපති කෙනෙක් නේද බන්...

    ReplyDelete
  70. පට්ට ලස්සනයි.

    TV එකේ ad එකක් දැම්මනම් මාර මාර්කට් එකක් එයි.ස්වර්ණවාහිනියේ අර යටින් යන ඇඩ්ස් ගොඩක් ගාන අඩුයිලු.

    අනික මම හිතනවා වෙබ්සයිට් එකේ ස්ලිපර් එකේ විවිද පාටින් හදපු ඒවයෙන් රුප දානවනම් හොදයි කියලා?

    ඕඩර්ස් එනවද?

    ReplyDelete
  71. අපිට කුඩම්මගේ සැලකිලි....

    ReplyDelete
  72. මම එදත් කිව්වා දැන් අදත් කියනවා අපිට හුළංද ?? තාම මොකුත් හැදුවේ නැද්ද ??

    ReplyDelete
  73. අපෙන් සුබ පැතුම්....!!!

    ReplyDelete
  74. lankawe address eka dannawanam lankawata giyama gihillama measurments denna thibuna. me online weda mata wediya purudu nehe. aththama kiwwoth kammelyi...
    harima lassana colours saha design. wedi vikara nehe.nadeeshata honda talent ekak thiyenawa.me rateth hoya ganna amarui me wage lassana shoes.
    oyalata godak dura yanna puluwan bawa penawa duko... baya nethiwa shop ekak arinna me mama wage ayata.
    wish you all the best....

    ReplyDelete
  75. 2013 එකක් ඔන්න දැන් කියෙවුවා
    ජයෙන් ජය..

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails