Saturday, August 31, 2013

ඉෂාන්

ඉෂාන් ධම්මික අබේරත්න ගැන මම මුලින්ම දැන ගත්තේ සිරාගේ කාමරේ බ්ලොග් එක ලියන සංජීව සිරිවර්ධන මල්ලීගේ මෙන්න මේ බ්ලොග් පෝස්ට් එකෙන්.


ඒ ලිපියේ මේ කොටස මගේ හිතට තදින්ම වැදුනා.

“අයියෙ මට පුලුවන් නම් උදව්වක් කරන්න.  බල්ගේරියාවෙ පුහුණු සැසියකට යන්න මාව තෝරගෙන තියෙනවා...ඒත් මට යන්න සල්ලි නෑ.  ඔලිම්පික් පදක්කමක් දිනන එක මගේ එකම සිහිනය කියලා අයියා දන්නවනෙ... ලංකාවෙ විතරක් පුහුණුවීම් කරලා එතනට එන්න බෑ...අපේ ක්‍රීඩාවල වර්තමානයේ පාවිච්චි කරන අලුත්ම තාක්ෂණය ගැන දැනගන්න  නම් මේ වගේ අන්තර්ජාතික පුහුණූවීම් වලට යන්නම ඕනෙ..

මම ඉදිරිපත් වෙලා තියෙන ක්‍රීඩා වලට අපේ රටේ ලොකු පිළිගැනීමක් නැති හින්දම මීට කලින් චීනයේ තිබ්බ පුහුණු සැසි දෙකකට ගියෙ පුද්ගලිකව අනුග්‍රාහකයො හොයාගෙන... මේ රටේ ඉන්න ඉහළම ව්‍යාපාරිකයො පස්සෙ මම ඕනෑ තරම් ගිහිල්ලා ඇති...ඒ අය මාව රස්තියාදු කලා විතරයි. අදටත් රස්සාවක් නැතුව මේ තරම් දුරට හරි පුහුණුවීම් කරගෙන ආවෙ ඔලිම්පික් පදක්කමක් දිනන්න පුලුවන් කියලා මට තියෙන විශ්වාසය නිසා..

ගිය අවුරුද්දෙ ඔක්තොම්බර් මාසෙ ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලැබුනා මාස තුනකට...ගුවන් ටිකට් පතේ ඉදන් හැමදේම නොමිලේ. ඒ උනාට මට වීසා ලැබුනෙ නෑ... ගියොත් ආයෙත් ලංකාවට එන එකක් නෑ කියලා...මෙහෙ හිටිය ශ්‍රීලංකා ජාතික තානාපති නිලධාරියෙක් මාව කැපුවා... ලොකු ගිවිසුමක් තිබුනා නම් යවන්න තිබුනලු... අනුග්‍රාහකයෙකු නැතුව මොන ගිවිසුම් ද... ඔන්න ඔය විදියට තමයි අපේ රටේ අය අපිට සලකන්නෙ.

මේ වෙද්දි මට ඉන්දියාව කථා කරලා තියෙනවා  ඒගොල්ලන්ගෙ රටට ක්‍රීඩා කරන්න...එහෙම ක්‍රීඩා කරනවා නම් මට මාසෙකට ලක්ෂ 5 ක වැටුපක් ගෙවන්න පුලුවන් කිව්වා....මගේ එකම අරමුණ ලංකාවට සෙල්ලම් කරන එක නිසා ඒ යෝජනාව මම ප්‍ර‍තික්ෂේප කලා, ඉරානයේ තිබ්බ ලෝක ශූරතා තරගාවලියෙන් මාව දැනගෙන  ඇමරිකාවෙ ක්‍රීඩා සමාජ දෙකක් කථා කලා ඒ අයගෙ ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කරන්න... නමුත් ලංකාව නියෝජනය කරනවා නම් ඒවාට යෑම තහනම් කියලා මට යන්න දෙන්නෙ නෑ.... ක්‍රිකට් ගහන අය IPL ගිහිල්ලා සල්ලි හොයනවා වගේ එකක් තමයි ඒ අවස්ථාව,අපට සල්ලි දෙන්නෙත් නෑ...පුද්ගලික සංචාර හරි ගිහිල්ලා සල්ලි හොයාගෙන රට වෙනුවෙන් පදක්කම් දිනන්න අවස්ථාවක් දෙන්නෙත් නෑ....මටම තේරෙන්නෙ නෑ අයියෙ මම දැන් මොකද කරන්නෙ කියලා... ”

එයිනුත් මේ කොටස කියවද්දී මට හිතුනේ ඉෂාන්  කොයි තරම් රටට ආදරේ කරන කෙනෙක්ද කියන එක

“මේ වෙද්දි මට ඉන්දියාව කථා කරලා තියෙනවා  ඒගොල්ලන්ගෙ රටට ක්‍රීඩා කරන්න...එහෙම ක්‍රීඩා කරනවා නම් මට මාසෙකට ලක්ෂ 5 ක වැටුපක් ගෙවන්න පුලුවන් කිව්වා....මගේ එකම අරමුණ ලංකාවට සෙල්ලම් කරන එක නිසා ඒ යෝජනාව මම ප්‍ර‍තික්ෂේප කලා”

පෝස්ට් එක කියවපු කීප දෙනෙක් පොරොන්දුවෙලා තිබ්බා ඉෂාන් වෙනුවෙන් යමක් කරන්නම් කියලා. ගොඩක් අය ඉෂාන්ගේ පැතුම ඉටුවේවා කියලා සුභ පතලා තිබ්බා. 

සුභ පතලා කොමෙන්ට් එකක් දානවට එහා ගිය යමක් කරන්න ඕන කියන දේ මම හිතට ගත්තා. 

ෆේස්බුක් එකේ සිරාගේ පෝස්ට් එක ශෙයා කලේ “රට වෙනුවෙන් අපි යමක් කරමුද . . එක්කෙනෙක් රුපියල් 5000 ගේනේ 100දෙනෙක් සල්ලි දැම්මොත් ඉෂාන්ට ලක්ෂ පහක් හොයලා දෙන්න පුලුවන් නේද?” කියලා.

මගේ දයාබර යාලුවෝ ඥාති සහෝදරයෝ බොහෝ දෙනෙක් කැමැත්ට පලකලා ඉෂාන්ට සහයෝගය දක්වන්න. ඉෂාන්  එක්ක කතාකරද්දී පසුව ඔහු කිව්වා දැනට දෙලක්ෂ තිස්දාහක පමන මුදලක් ලැබුනානම් ඇති කියලා. කීප දිනකින් අපි එකතුකල මුදල ඔහුට ලැබෙන්න සැලැවූවා.

රුපියල් 10,000 ගානේ 18 දෙනෙක් මුදල් දුන්නා. එක් අයෙක් 20,000ක්ද, තවත් අයෙක් 17,000ක්ද තවත් අයෙක් 6,800ක්ද 3,400 බැගින් 5 දෙනෙක්ද මුදල් ලබා දුන්නා. 

ඉතාම කෙටි කලකින් අපි රුපියල් දෙලක්ශ හතලිස්දාහක මුදලක් අපි (සුභාෂ්, රවීන්ද්‍ර ලක්ප්‍රිය, යොහාන් කනිෂ්ක, රුචක - රුචා, සුදර්ෂන - මීගොඩයා, හසිත රොෂාන්, මනෝජ් හේරත්, සනුර කිත්මාල්, ජනක එදිරිසිංහ, දුෂාන් - දුමී, චමල් ශානක, මනු බුද්ධික, දමිත් ප්‍රනාන්දු,  රුචිර චින්තක, අසංක සංජය, ඩිලන්ක වික්‍රමසිංහ, සමන් එදිරිසිංහ, මහින්ද රණතුංග, සුදත් ප්‍රේමරත්න, ඉන්දික කොඩිතුවක්කු - සිංහයා, ක්සැන්ඩර් (බ්ලොග් නම ), තරංග කොල්ලුරේ, සුමුදු ප්‍රනාන්දු - සුදු මුවා, ශානක කුමාර - ඔටු ශානා, හෂිත සඳරුවන්, ප්‍රභාත් අරවින්ද ) ලබා දුන්නා

මේ මුදල් ලබාදීමේ කටයුතු කෙරෙන අතරතුර අපි (රුචා, රවී, මම ) නිතර ඉෂාන් එක්ක ස්කයිප් කතාබහ කලා. ඉෂාන් කිව්ව සමහර දේවල් ඇහුවාම ඇත්තෙන්ම ඉෂාන් ගැන පුදුම ආඩම්බරයකුත් අපේ සමහර මිනිස්සු ගැන පුදුම කලකිරීමකුත් දැනුනා. 

 ඉෂාන්ගේ බොඩි බිල්ඩින් පින්තූර දැකලා ඔහුට උදව් කරන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙන්න හදල තියෙනවා නමුත් ඒ අයගේ යටි අරමුන වෙලා තියෙන්නේ වෙනත් දෙයක්. හිතා ගන්න පුලුවන්නේ. පිටරටක ඉන්න හාමුදුරු කෙනෙක් පවා ඒ විදිහේ අයුතු ජෝජනා ගෙනාවා කියල ඔහු කිව්වේ හරිම හිතේ අමාරුවෙන්.

"සල්ලි වලට ආත්මය පාවා දෙන්න පුලුවන් නම් මගේ ඔලිම්පික් සිහිනය සැබෑ කරගන්න ට්‍රේනින් වලට ටුවර් යන්න මේ තරම් මහන්සි වෙන්න දෙයක් නෑ අයියේ. ඒත් මට ඒ වැඩේ කරන්න බැරි නිසයි මම අනිත් අයගෙන් උදව් ඉල්ලන්නේ මට රට වෙනුවෙන් ඔලිම්පික් මෙඩල් එකක් අරගන්න සිහිනය සැබෑ කරගන්න උදව් කරන්න කියල . . " ඉෂාන් දවසක් ස්කයිප් කතාබහකදී මට කිව්ව්වේ හරිම හැඟීම්බරව.

ඉෂාන්ගේ බල්ගේරියා සංචාරයට අපිට උදව් කරන්න පුලුවන් උනාට එතනින් පස්සේ කිසිම දෙයක් කරන්න පුලුවන් උනේ නෑ. ඔහු හැකි විදිහට මුදල් හොයාගෙන සමහර වෙලාවට නයට පවා මුදල් අරගෙන ට්‍රේනින් වලට ගිහින් තිබුනා. 

දැන් අපි හැමෝගෙම වාරේ . . ලබන සැරේ ඔලිම්පික් තරඟාවලියේදි තවත් සුසන්තිකා කෙනෙක් බිහිකරන්න දායක වීමේ සතුටේ පංගුකාරයෙක් වෙන්න අපි හැමෝටම අවස්ථාවක් ලැබිලා තියෙනවා. 

ලෝක සිතියමේ ශ්‍රී ලංකාව කියන පුංචි තිත දක්ෂයින්ගේ පිරුණු දූපතක් කියන එක ලෝකයේ මිනිස්සුන්ට දන්වන්න මේක අපිට හොඳ අවස්ථාවක් වේවි. අපි හැමෝම පුලු පුලුවන් විදිහට ඉෂාන්ට උදව් කලොත් ඉෂාන්ගේ චිත්ත ධෛ‍ය්ය ගැන හිතුවාම මේ ඔලිම්පික් සිහිනය ඔහුට සැබෑ කරගන්න පුලුවන් බවට මට ලොකු විස්වාසයක් තියෙනවා.

මේ තියෙන්නේ ඉෂාන් ට උදව් කරන්න පුලුවන් ක්‍රම:
1. ඔහු වෙනුවෙන් වියදම් කල හැකි අනුග්‍රාහකයෝ කීප දෙනෙක් සොයා දීම.
2. ඔහු හා කතාබහ කර ඔහුගේ ගිනුම් අංකය ලබාගෙන ට්‍රේනිං ටුවර් සඳහා සහභාගී වීමට ගන්නයි කියා මුදලක් ඔහුගේ ගිනුමට බැර කිරීම.
3. ඔහු ට උදව් කල හැකි අය ඉන්නවා නම් ඒ අයට ඉෂාන්ව හඳුන්වා දීම.

කොයි විදිහෙන් හෝ කමක් නෑ ඔහු වෙනුවෙන් ඔබට කල හැකි යමක් ඇත්නම් පුද්ගලයෙක් වෙනුවෙන් පමනක් කරන උපකාරයක් සේ නොසිතා රට වෙනුවෙන් රටේ නාමය ලෝකයට ගෙනයෑමේ උත්සාහයක් සේ සිතා හැකිපමනින් යමක් කරන මෙන් ඔබ සමගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

මෙන්න ඉෂාන්ගෙ දක්ෂතා ලැයිස්තුව

ජාතික වූෂු ශූරතාවයක් ජයග්‍ර‍හණය කල ලාබාලතමයා වීම... වයස අවුරුදු 17 දී ඔහු කල මේ වික්‍ර‍මය අදටත් නොබිදී පවතී. (2001)

වර්තමානයේ ක්‍රීඩා දෙකකින් ජාතික සංචිත දෙකක් නියෝජනය කරන එකම ක්‍රීඩකයා විම.

2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා දෙකක් (මල්ලව පොර/ වූෂු) නියෝජනය කිරීමට අවස්ථාව ලබා ගැනීම.

මල්ලවපොර,වූෂු, බොක්සිං ක්‍රීඩා ත්‍රිත්වයෙන්ම ජාතික පාසල් ශූරයා වීම. (2000-2003)

වාර දෙකක් ලංකාවේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා ලෙස සම්මාන ලබා ගැනීම.(2002 හා 2003)

අඛණ්ඩව වසර 12 ක් තමාගේ බර පන්තියේ ජාතික වූෂු ශූරයා ලෙස තේරී පත් වීම. 65 ඛ්ග් බර පන්තියේ වර්තමාන ජාතික වූෂු ශූරයාද ඔහුය.

___________________________________________

මළල ක්‍රීඩාවට ඉෂාන්ගේ ආදරේ කොපමනද නම් ඔහු කිසිදු මුදලක් අය නොකර නොමිලේ මළල ක්‍රීඩා උපදේශකයෙකු ලෙස සේවය කරයි. සමහර අවස්තාවලදී ඔහුගේ දුප්පත් ගෝලයෝ තරඟ වලට සහභාගී වෙත්දී ඔහුගේම සපත්තු පවා ඔවුන් වෙනුවෙන් ලබා දෙන බව පැවසුවේ .  . . "ක්‍රීඩාවට ආස උනාට අපි හැමෝටම සම්පත් නෑ අයියේ . . . මගේ කොල්ලෝ මීට් එකකට යද්දී මම මගේ ඇඳුම් සපත්තු උනත් දෙන්නේ කොහොම හරි මේ ක්‍රීඩාව අපි දිගටම කරගෙන යන්න ඕන නිසා ඒ අයව වැටෙන්න දීලා බෑනේ අයියේ" 

මේ ඉෂාන් ගැන සිරා ලියපු පෝස්ට් එකෙන් කොටසක්

එකවර ක්‍රීඩා දෙකකින් රටක ජාතික සංචිතය නියෝජනය කල හැක්කේ ඔහු සැබෑම දක්ෂයෙකු නම් පමණය. ඒ අනුව ඉෂාන් අබේරත්නද සැබෑ දක්ෂයෙකි. මල්ලව පොර (Wrestling) හා වූෂු (Wushu යන ක්‍රීඩා ද්විත්වයෙන්ම ඔහු ජාතික තලය නියෝජනය කරයි. ඔහුත් මමත් එක්ව අකුරු කල විදු පියසේදී ඔහු මෙම ක්‍රීඩාවන් කෙරේ යොමු වූ අතර පාසල් වියේදීම ඔහු ප්‍ර‍කට කල අනගි භවනීය හැකියාවන් නිසාම, කවදා හෝ දිනක රටට කීර්තියක් අත්කර දෙන ක්‍රීඩයකු බවට සහෝදර සිසු කැළ අතර ඔහුට පිළිගැනීමක් ඇති විය. පාසල් ශිෂ්‍යයකුව සිටියදීම ඔහු මල්ලවපොර පුහුණුකරුවෙකුගේ භූමිකාව රගදැක්වූයේද ඒ නිසාම විය යුතුය.

වයස අවුරුදු 17 ක ශිෂ්‍යයෙකු ලෙස  1998 වසරේ සමස්ත ලංකා  මල්ලවපොර ශූරතාවය  දිනා ගනිමින් ජයග්‍රාහී ආරම්භයක් ලබාගත්  ඔහු නමින් එතැන් සිට සටහන් වූ ජාතික හා අන්තර්ජාතික ජයග්‍ර‍හණ රැසකි.
මේ ජයග්‍ර‍හණයන් නිසාමදෝ ඉෂාන්ගේ ධෛර්යය සම්පන්න සිතේ ලියලා දළු දැම්මේ අපූරු සිහිනයකි.

" කවදා හරි දවසක මම ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනලා දෙනවා" යනුවෙන් ඔහු සපථ කලේ කට කයිවාරුවකට නොව තමාගේ හැකියාවන් පිළිබද ඔහුට තිබූ තක්සේරුව නිසාවෙනි.  එහෙත් සිහින ඇති කරගැනීම තරම් ඒවා සාක්ෂාත් කරගැනීමේ ව්‍යායාමය සුන්දර නොවන බැව් පසක් කර ගන්නට ඉෂාන් ට තවත් කලක් ගත විය.

පාසල් අධ්‍යාපනයෙන් පසුව කටුනායක ඉංජිනේරු තාක්ෂණික අයතනයට  විදුලි සංදේශ ඉංජිනේරු ශිෂ්‍යයකු  ලෙස ඇතුලත් වන ඔහු තවමත් එහි දෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. ඔහුගේ සමවයසේ මිතුරන් පාඨමාලාව හදාරා අවසන් කර අද ඉංජිනේරුවන් ලෙස සේවය කලත් ක්‍රීඩාවට තිබූ අසීමිත කැපවීම හා සිහිනය හඹා යෑමට ඔහු තුල තිබූ අධිෂ්ඨානය නිසාවෙන්ම අධ්‍යාපනය කැපකිරීමට ඔහුට සිදුව ඇත. එහෙත් මතු දිනයක නැවතත් අධ්‍යාපන කටයුතු ඇරඹීමට ඔහු අපේක්ෂාවෙන් සිටී...

Wushu :


Tours and Tournaments

Ø  12th South Asian Games (SAG)-2013 New Delhi- India
Ø  Lusophony Games- 2013 Goa-India
Ø  World Games -2013 Cali-Colombia
Ø  World Combat Games -2013 Saint Petersburg-Russia
Ø  Asian Martial art Games-2013 Incheon-South Korea
Ø  World Wushu Championship-2013 Kuala Lumpur - Malaysia


International Achievements
Ø  World Martial Art Festival-2012 Kish Island-Iran –Bronze Medal
Ø  South Asian Games (SAG 2010) Dhaka-Bangladesh –Silver Medal
Ø  South Asian Championship -2003 New Delhi –India –Silver Medal
Ø  World Wushu Championship -2011 Ankara-Turkey-10th Place
Ø  Asian Games – 2010 Guangzhou –China- 8th Place


Participated International Tournaments
Ø  World Wushu Championship-2003 Macao-China
Ø  Kazakhstan Championship -2012 Taraz-Kazakhstan
Ø  Super Fight League (Coach) -2012-Chandigarh –India


International Training
Ø  Successfully completed Wushu training scholarship of Shanghai Sports University- Shanghai- China (2002)                    
Ø  Successfully completed Wushu training scholarship of Shi-Sha-Hai Sports Training University- Shanghai-China (2011)
   
ඉෂාන් පිළිබද පුවත් පත් වාර්තා



කරුනු සහ පින්තූර උපුටා ගැනීම සිරාගේ කාමරේ බ්ලොග් අඩවියෙනි.

ඉෂාන් සම්බන්ධ කරගත හැකි අන්දම

ජංගම දුරකථන අංකය - 0719 129678

ලිපිනය - 38-C, කොරසෙ, උඩුගම්පොල.

ඔහුගේ Facebook පිටුව

Wednesday, August 14, 2013

මහජනයා සහ අරක්කු . . !



මහජනයා කියන්නේ චන්දේ දාන එකාටනේ . . .

ඒ කියන්නේ චන්දේ දාට චන්දපොලට ගිහින් කතිරේ කෙලලා එන එකානේ.

එකා එකී මේ ඔක්කෝම තමයි මහජනයා කියන්නේ හා නැද්ද?


මෑත කාලයේ මේ මහජනයයි අරක්කුයි එක ලඟම එකට ගෑවිලා තියෙන දෙයක් . . ඒ දෙක අතරේ තියෙන්නේ පුදුම බැඳීමක්.


හරියට ජාඩියයි මූඩියයි වගේ . . . ඉඳිකට්ටයි නූලයි වගේ .. අමුඩෙයි පුකයි වගේ . . . එක ලඟින්ම තමා යන්නේ . . . :D


මොකක් කිව්වා එහෙම නෑ . . . !!


අනේ පලයන් බන් යන්න . . . ඔය කතිරේ කෙලින එක උඹ හිතන්නේ අපි (මහජනයා) හදවතින් කෙලින කෙලිල්ලක් කියලද . . 

නෑ බොල නෑ . . ඕක තනිකරම අරක්කු නිසා කෙලින කෙලිල්ලක් . . .


ඒ කොහොමෙයි කිව්වා?

මෙහෙමයි යකෝ වෙන්නේ . .


අපි (මහජනයා) ගැන තීරණ තීන්දු ගන්න . . . කොටින්ම අපිට බොන්න තියෙන වතුර ඇසිඩ් වතුර මිශ්‍ර ඒවාද? ඒ ඇසිඩ් වතුර එපා නම් එපා කියන උන්ට වෙඩි තියලා මරලා දාන්න ඕනද? වගේ උනත් අපි ගැන තීන්දු තීරණ ගන්නනේ බන් අපි මහජන නියෝජිතයෝ කියලා මොක්කුන්ට හරි කතිරේ කෙලලා පාර්ලිමේන්තු පලාත් සභා ප්‍රාදේශීය සභා යවන්නේ . .


ඉතිං කියන්නේ .. . . .උඹ කියන්නේ අපි කතිරේ කෙලින්නේ අපි වෙනුවෙන් නියම තීන්දු තීරණ ගනීවි, අපේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් කතා කරලා අපිට සහනයක් සලසාවී කියලා අපිට ෆුල්ම සුවර් එකෙක්ට කියලද . . ?


අනේ මගේ කට . . .


යකෝ අපි කතිරේ කෙලින්නේ වැඩියෙන්ම අරක්කු බොන්න දෙන එකාට . . . 

චන්දෙට මාස ගානක් කලින් ඉඳන් අරක්කු කසිප්පු දන්සැලෙන් දෙනවා වගේ බොන්න දෙන එකාට . . .


ගෑනු . . ඇයි උන් බොන්නේ නැති නිසා අර වගේ බොක්කෙන් හිතලා කතිරේ කෙලිනවා කියලද කියන්නේ . . 

අනේ නිකම් බබා පාර්ට් නැතුව හිටහන් රජෝ . . අපි නොදන්න අපේ ගෑනු . .


යකෝ චන්දේ ඉල්ලන එකාගෙන් පිනට බීලා ඩෝප් වෙලා ගෙදර එන මිනිහා ගෑනුන්ගේ බඩ උඩ නැගලා දහ අට සන්නිය නටලා ආදරෙන් "අනේ ඩාලිං ඔයා අරයට කතිරේ කෙලින්න ඈ" . . . හරි ඊටත් වඩා ආදරෙන් "බොල ගෑනියෙ . . තෝ අරූට කතිරේ කෙලපන් මම නරක මිනිහා කියන්නේ නැතුව හරිය . . " කියලා ඉල්ලන නිසා ගෑනුත් වක්‍රාකාරව අරක්කු නිසා තමයි කතිරේ කෙලලා තියෙන්නේ . .


ඉතින් කියහන් මහජනයා සහ අරක්කු කියන්නේ අමුඩෙයි පුකයි වගේ එක ලඟින්ම යන ජාති දෙකක් නෙමේද කියල . . ?


හරි චන්දේ ඉල්ලන එකාගේ වාඩියට ගිහින් උගේ චන්දෙට කලින් දෙන අරක්කු දන්සැලෙන් නොබොන උන් අරක්කු නිසා නෙමෙයි කතිරේ කෙලියේ කියලා ද ඔය කියන්නේ ඉතිං . .


යකෝ "අපේ කක්කුස්සියේ වහලෙට ටකරං දුන්නු නිසා අපේ පවුලම එදා ඉඳන් මේ පක්සේ . . " . . . . "අපේ අප්පුච්චා ස්ට්‍රැයික් කොලා කියලා රස්සාවෙන් දොට්ට දැම්මේ ඒ ආන්ඩුවෙන් හන්දා එදා ඉඳන් අපි අනිත් පක්සේ . ." . . . . "අපේ ලොකු නැන්දගේ මිනිහගේ බාප්පගේ පුතාව දුස්කර සේවෙන් අයින් කොල්ලා කොලඹට මාරුවක් දුන්නේ මේ ආන්ඩුවෙන් ඒක නිසා අපි එදා ඉඳන් මේ පක්සේ . . " . . . . කිය කියා පක්සයක් බදාගෙන . .. . 

ඒ පක්සෙන් මිනී මරුවෙක්, ස්තිරී දූෂකයෙක්, කසිප්පු පෙරන්නෙක්, හොරෙක්, කෝච්චියේ මාල කඩන්නෙක්, කුඩු විකුනන්නෙක්, ගොන් බඩුවක් මොකෙක් ආවත් උන්ට කතිරේ කෙලින උන් අරක්කු බීලා ඩෝප් වෙච්චි උන් නෙමේ කියලද බොලා කියන්නේ . . .


යකෝ උන් අර චන්දේ ඉල්ලන එකාගේ දන්සැලේ අරක්කු නොබිව්වට දිවයින පත්තරෙන්, ලංකාදීප පත්තරෙන්, රූපවාහිනියෙන්, අයි අටී එන් එකෙන් සුවර්නවාහිනියෙන් පොවපු අරක්කු බීල මත් වෙච්චි උන් ඕයි ගෑනු පිරිමි බේදයක් නැතුව අම්බානක ඩෝප් වෙච්චි උන් . . . .  හක හක හක . . . !

Pics From: 

Monday, August 5, 2013

මධාරා - රණසිංහ ප්‍රේමදාස, ජනතාව - මහින්ද රාජපක්ෂ සහ මාධ‍යවේදියෝ . . !



එක්දාස් නවසිය අසූ නවය - අනූව වගේ කාලවල ඒ කිව්වේ මම ඕලෙවල් විභාගය කරපු කාලේ මම ආසාවෙන් කියවපු පත්තරේ ඉරිදා දිවයින. දැන් නම් දිවයින නම මතක් වෙද්දිත් බඩ දඟලනවා.

පත්තරේ අතට ගත්තු ගමන් පෙරලන්නේ සෝමා ජයකොඩි මහත්මිය ලියපු "මධාරා" නවකතාව හොයන්න. පිටු පෙරලද්දී පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන සද්දේ මේ දැනුත් ඇහෙනවා වගේ. "අනේ මේ ගෑනිව මරලා දාලා නිසා මෙතැන් සිට මධාරා නවකතාව පලනොවේ" කියන ප්‍රවෘත්තිය ඇස නොගැටේවා කියන එක තමයි අර ගිඩි ගිඩි ගාල ගැහෙන පපුවේ ශබ්දයේ දෝංකාරය.

වර්තමානයේදී සජිත් ප්‍රේමදාසත්, යූ.එන්.පී. පාක්ෂිකයිනුත්, සමහර පොදු පෙරමුනු විරෝධීනුත් ශුද්ධවූ සාන්තුවරයින්ගේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනෙක් විදිහට හඳුන්වන්න උත්සාහ කරන රණසිංහ ප්‍රේමදාස මහතා තමයි එකල රට පාලනය කල ජනාධිපති.

අද බුදුවෙන්න ඔන්න මෙන්න වගේ මූනක් හදාගෙන මල්වට්ටිය අතේ තියාගෙන පන්සලක් පන්සලක් ගානේ යන සජිත් එදා තාත්තගේ බලේ පාවිච්චි කරලා නිදන් හෑරුවා කියලා ඒ කාලේ හිටපු අදීන ලේඛකයෝ වාර්තා කලා. අද නාමල් රාජපක්ෂත් තාත්තගේ බලය පාවිච්චි කරලා සජිත් හෑරුවා වගේ හතර පස් ගුණයක් හෑරුවා කියලා එහෙන් මෙහෙන් ඉතුරු වෙලා ඉන්න අදීන ලේඛකයෝ එකෙක් දෙන්නෙක් කිව්වත් එදා සජිත් කලා කිව්ව දේ දේ වගේම මෙදා නාමල් කලා කියන දේත් මිනිස්සුන්ට සතියෙන් දෙකෙන් අමතක වෙලා යනවා.

අද සජිත් වගේව එදා මල් වට්ටිය අතේ තියාගෙන පන්සල් ගානේ ගිය ආර්. ප්‍රේමදාසට "ශ්‍රීමත් පුෂ්ප කුමාර" කියලා කාඩ් එකක් තිබ්බා මතක ඇති අය ඇති. හැමදාම ටීවී එකේ මූන පෙන්නගෙන ශ්‍රීමතානෝ කියලා බලෙන් කියව ගත්තු නිසා ඒ කාඩ් එක වැදුනු බව දන්නෝ දනී.

හේමා ප්‍රේමදාස කොට සායක් ඇඳගෙන ටෙනිස් ගහන හැටි ෆොටෝ එකක් ගත්තු කැමරමන් කෙනෙක්ව අහම්බෙන් උනාවගේ පේන්න වාහනයකට හප්පලා මරපු කතා අපි කියෙව්වේ විකල්ප පත්තර කියලා හොරෙන් විකුනපු පොඩි තීරු පත්තර වලින්. යෝෂිත රාජපක්ෂ එක්ක වලියක් ගිය රගර් ටීම් එකේ මුස්ලිම් ක්‍රීඩකයා වාහනයක් ඇතුලේ මැරිලා හිටපු එක වගේ දේවල් ඉතිහාසයේ දේවල් ඒ ලෙසටම නැවත නැවත සිදුවේ කියන දේට සාධක කියලා අපි හිතුවා ඊලඟ සතියේ අමතක කලා . . .

අද සාන්තුවරයින්ගේ ලිස්ට් එකට දාන්න හදන රණසිංහ ප්‍රේමදාස එදා පත්තරේට මධ්‍යස්ථ මත ලියපු මාධ්‍යවේදියෝ මර්ධනය කල තරම අවුරුදු 16ක 17ක පොඩි එකෙක්ට උනත් දැනුනු හැටි හිතා ගන්න මධාරා නවකතාව සම්බන්ධ උදාහරණේ ඇති නේද?

එදා ආර් ප්‍රේමදාස කාලේත් ආන්ඩුවට අයිති ලේක් හවුස් පත්තර වලින් ආන්ඩුවට රෙදි නැතුව කඩේ ගියා තමයි. ඒත් අනෙක් මධ්‍යස්ත මත දැරූ මාධ්‍යවෙදීන් ආන්ඩුවෙන් යම් හොඳ දේවල් කලොත් හොඳයි කියන්නත් ආන්ඩුවේ වැරදි වලට කොන්ද පන ඇතුව විරුද්ධව ලියන්නත් තරම් අදීන කමක් තිබූ අයයි කියන එකයි මගේ අදහස.

එහෙම නොවුනානම්, එවැනි මාධ්‍යවෙදීන් නොහිටියානම් දාහත් වසරක සාපය කියලා හඳුන්වපු සූරිය කන්දේ, බටලන්දේ ඇතුලු හතර දිබ්බාගෙම තරුණ තරුණියන් ලක්ශයකට ආසන්න ප්‍රමානයක් මරලා ලේ ගංගාවල ජබු ගහපු එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව පෙරලලා "අපේ ආන්ඩුව" කියලා බහුතර මිනිස්සු හිතපු පොදු පෙරමුණු ආන්ඩුවක් පත්කර ගන්න එක හීනයක් වෙන්න තිබ්බා.  

යූඑන්පී ආන්ඩුවෙන් මරපු මළමිනී බාබකිව් කරලා කාලා උන් මැරුනු එකමයි හොඳ කියලා ලියලා ඒ අදහස සාමාන්‍ය මිනිස්සුන්ට ගිල්ලවන්න පුලුවන් උන් එදා හිටියා නම් අදටත් තියෙන්නේ යූඑන්පී ආන්ඩුවක්.

දැන් තියෙන ආන්ඩුවේ නම පොදු පෙරමුණ උනාට ඒකේ මැති ඇමති ලොකු ලොකු තණතුරු ඔක්කොගේම වගේ වැඩිපුරම ඉන්නේ එදා යූඑන්පී  එකේ ඉඳගෙන මිනී මරපු මිනී මරන්න උඩගෙඩි දුන්නු යූඑන්පී කාරයන්මයි කියන එක හදවතින්ම පොදු පෙරමුණු ආන්ඩුවකට සහය දුන්නු ජනතාවට අමතක වෙච්චි එක ඛේදවාචකයක්.

එදා යූඑන්පීයේ දාහත් වසරක සාපයත් සාපය නිමාකරන්න මාධ්‍යවේදීන්ගෙන් ලැබුනු දායකත්වයත් සිහි කලාම මතක් වෙන්නේ "කඩුවට වඩා පෑන බලවත්" කියලා කියන කියමන.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ කියන බෝඩ් එක ගහගෙන දූෂිත මිනීමරු යූඑන්පී කාරයින් රැලකුත් වටකරගෙන පවතින ආන්ඩුව එජාපයේ දාහත් වසරක සාපයේ දෙවෙනි කොටස පවත්වාගෙන යනවා කියලා හිතෙන්නේ විශ්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව කටුනායකදී කල උද්ඝෝෂණයට එල්ල කල අමානුෂික ප්‍රහාරය සහ මිනී මැරුම, ඉන්ධන සහනාධාරය ලබා දෙන්න කියලා හලාවතදී කල උද්ඝෝෂණයට එල්ල කල අමානුෂික ප්‍රහාරය, පානීය ජලයට විෂ මුසුවීම නිසා එයට විසඳුමක් ඉල්ලා කල උද්ඝෝෂණයට එල්ල කල අමානුෂික ප්‍රහාරය සහ මිනී මැරුම් දිහා බලද්දී තමයි.

මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමා යූඑන්පීයේ දාහත් වසරක සාපය නිමා කරන්න පොදු පෙරමුණට චන්දය දුන් ජනතාවට එරෙහිව යූඑන්පීයේ උන් එක්ක එක පුකේ රෙමින් දාහත් වසරක සාපයේ දිගුව කරගෙන යෑමට විරුද්ධ ව පීඩනයට පත්වෙන මහජනයාගේ අන්තයේ සිට හෝ මධ්‍යස්ත්ව සිට ජනමාධ්‍යකරණයේ යෙදෙන්න මාධ්‍යවේදියෝ අද දවසේ හිඟ උනේ ලංකාවේ අලුත් පරම්පරාවේ හෝ උපදින්න ඉන්න උන්ගේ හෝ අවාසනාවටද?

අර කඩුවට වඩා බලවත් පෑන මාධ්‍යවේදියෝ පුකේ ගහගත්තේ මහින්ද ලබා දුන් ලැප්ටොප් එකට සල්ලි වලට අරක්කු වලට පිට රට සවාරි වලට ලෝභ කමින් නොවේද?

යූඑන්පී එකේ මිනීමරුවෝ දූෂකයෝ එක්ක එකතුවෙලා ජනාධිපති මහින්ද රාජපක්ෂ රට විනාස කරන එක, තවත් සාපලත් කාලයක් කරන එක නතර කරන්න උත්සාහ දැරීමේ භාරදූර කාරිය ඇත්තේ කඩුවට වඩා බලවත් පෑනක් අතින් ගත් ජනමාධ්‍යවෙදීන්ට බව අමතක කල ජනමාධ්‍යවෙදීන්ට කියන්න යමක් තිබේ.

බොරු ලියන මාධ්‍ය කලාව වේසකමේ යොදවන මාධ්‍යකාරයෝ කියල කියන දීන බල්ලන්ට කියන්නේ . . !

තමන්ගේ බඩ පුරෝ ගන්නම නෙමෙයි දරුවන්ගේත් බඩවල් පුරවන්න ඕන කමට තොපි ගූ කනවා කියලා හිතාගෙන මේ බොරු ලියනවා ඇති . . .

ඒත් පාලකයෝ වැරදි කලාම වැරදියි කියලා පාලකයෝ යහමඟට ගන්නවා වෙනුවට උන්ගේ ගූ රෙදි හෝදලා මාධ්‍ය කලාව වේසකමේ යොදවන තොපි නිසා රටේ ඉදිරි පරම්පරාවට සතුටින් සාමෙන් ඉන්න රටක් නැතිවෙන බව හිතපියව්.

තොපි මේ සුන්දර රට විනාස කරපු පාපෙට තොපිත් එක්ක එකට ඒ ගූ කාපු දරුවොම තොපිට අනාගතයේ කවද හරි දවසක සාපකරයි.

ඒ වෙනකම් මෙහෙම බොරු කියන තොපිට අපි සාප කරන බව දැන ගනිව්.

බොරු ලියන තොපේ අත් උරහිස් ලඟින් කැඩිච්චාවේ . . . !

බොරු ලියන්න හිතන තොපේ හිත් හතරට පැලිච්චාවේ. . . !

බොරු ලියලා ගන්න සල්ලි වලින් කන තොපේ බඩවල් වලට ලේ පාචනේ හැදිච්චාවේ . . !

සල්ලි වෙනුවෙන් ගූ කන කාලකන්නි පෙරේතයිනේ . .


තොපිට මේ රටේ යහපත වෙනුවෙන් කරන්න දෙයක් නැතිනම් වහ ටිකක් කාලා මැරියව් රට විනාස කරන්නේ නැතුව.

Thursday, August 1, 2013

ඇට මිදුළු වලට පවා දැනෙන දාරක ප්‍රේමය . .. !

දාරක ප්‍රේමය ඇට මිදුළු වලට පවා දැනෙන හැඟීමකැයි කීවේ මහචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතායි. 

එසේ කීවේ වනයේ හැරදමා බිරිඳ සුප්පා දේවියත් පුතු සිංහබාහුත් දෝනි සිංහසීවලීත් ගල් ලෙන බිඳ පලා ගිය සොවින් වැලපෙන සිංහයාගේ දරුපෙම විදහා දැක්වීමටයි.

පහල කොමෙන්ටුවක අයිලාෂ් සඳහන් කල පසුයි මතක් උනේ. සරච්චද්‍ර මහතා ඒ අදහස පැරණි බෞද්ධ සාහිත්‍ය පතපොතින් උපුටා ගත්තා විය හැකියි. සීයා වූ සුදොවුන් රජුගේත් මෑණියන් වූ යසෝදරා දේවීන්ගෙත් අවසරයකින් තොරව රාහුල කුමරුන් මහන කරවා ගත් බුදුන්වහන්සේට සුද්ධෝදන රජතුමා "දාරක ප්‍රේමය ඇට මිදුළු වලට පවා දැනෙන" හැඟීමකැයි පැවසූ බව බෞද්ධ සාහිත්‍ය කතා වල සඳහන් වෙනවා.

එසේ ඇටමිදුළු වලටත් දැනෙන ඒ දරුපෙම නොදැනුනේ මන්දැයි මගේ තාත්තා සමඟ මම ක්‍රෝධයෙන් සිටියෙමි බොහෝ කාලයක්. 

සමහර විට ඔහු දරුපෙම හදෙහි සඟවාගෙන සිටියා විය හැකියි. 

හදවතේ මහා ලොකු ක්‍රෝධයක්ද ඒ හා සමාන ආදරයක්ද දරාගෙන ක්‍රෝධයට නැගී සිට විට ඔහුට රිදවන්ටත් ආදරයට නැගී සිටින විට ඔහුට ආදරය කරන්නත් මම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බොහෝ වසර ගානක් මගේ හදවතට ඉඩ දුන්නෙමි.

වාසනාවකට සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ "පූර්ව ජන්ම අපූර්වය" පොත කියවන්න ලැබුනායින් එතෙක් කලක් හදවතේ ලැගුම්ගෙන සිටි ක්‍රෝධයට මගෙන් ඉවත්ව යන්න අවසර දුන්නෙමි.

අහා . .. හදවතට දැනෙන සනීපය . . !

අතීතයට ගොස් එහි සියළු වැරදි යලි පිලිසකර කරන්න බැරි බව දන්නා නිසා අතීතයේ ඒ අඳුරු ගුලිය දිහා නොබලන්න ප්‍රවේසම් වෙමි.

දැන හෝ නොදැන මගේ පියාගෙන් මට වුනු අඩුපාඩුව . . එනම් මහාමෙරක් තරම් මා බලාපොත්තු වූ ආදරය නොලැබී යාම නම් වූ සිදුවීම මගේ දරුවෙකුට නම් කවදාවත් සිද්ද වෙන්න ඉඩ නොතබමියි සඵත වුනෙමි.

සිදුවීම් සිදුවෙන්නේ අපිට අවැසි ආකාරය නොවේ.

ජීවන ගමනේ බර කරගසාගෙන යනු වස් ව්‍යාපාරික කටයුතු වලට මාස ගනන් දුර බැහැර ගොස් අපෙන් ඔහු දුරස්ව සිටියාක් මෙන් මට ද බිරිඳ දරුවන් හැරදමා ජීවන ගමනේ බර කරගසගසනු සඳහා ඔවුන් තනිකොට මාස ගනන් ඔවුන්ගේන් දුරස්ව ඉන්න සිදුවුනි. 

එය දෛවයේ සරදමක්ද? 

"උඹේ තාත්තට ත් උනේ මේ දේමයි ඒ නිසා ඔහුට සමාව දීපන්" යන පාඩම දෛවය මට උගන්වන්න සිතුවාද?

මාස ගානකට පසු ගෙදර එන තාත්තාගේ සරමේ ඔන්චිල්ලා පදින්න, ඔහුගේ ඇඟ උඩ පිනුම් ගහන්න,  කරේ නැගලා පේර ගහේ උඩ අතුවල ගෙඩි කඩන්න, වාසනාව නැති උනේ අපිට පමනක්ද?

අපිට ඒ හුරතල් විඳින්න තිබූ කාලය සොරා ගත්තේ කවුරුන්ද?

ඒ කැත, ජරා දේසපාලනයයි. පක්ෂ දේශපාලනයයි.

සාක්ශරතාවය සීයට අනූ ගනන් ඉහල ගියාට ඊට සමානව තාර්කිත බුද්ධි මට්ටම ඉහල නොගිය එකල සිටි (අවාසනාවට මෙකලත් එසේමයි) චන්ද දායකයන් එක්කෝටි අසූ ලක්ෂයෙන් එකෙක් වූ අපේ තාත්තගේ උනුහුම අපිට විඳින්න  තිබූ කාලය සොරා ගත්තේ ජරා දේසපාලනයයි.

මහ එවුන් පාර්ලිමේන්තුවෙදී ස්ටේජ්වලදී ටී වී වලට පේන්න පත්තර වලට ඇහෙන්න මරාගෙන, හෝටල් වලදී මුනගැසී කරේ අතදාගෙන විස්කි බිබී ජොලි කරන පක්ෂ දේසපානය නිසා මාස ගානකට පසු ගෙදර එන තාත්තාට අපිත් සමඟ ඉන්න වෙලාව නැති කරගත් බව දුටු මම මට මාස ගානකට පසු පවුලේ උනුහුමේ දැවටෙන්න ලැබුනු නිවාඩු වෙලාවේ ඔවුන් හැර දමා කොහේවත් නොයන්න වග බලා ගත්තෙමි. යන තැනක අපි හැමෝම ගියා පමනයි.

තාත්තාගෙන් මට උනු අඩුපාඩුව මගෙන් මගෙ පුතාට සිදුනොවෙන්න වග බලා ගන්න මහන්සි උනෙමි.

වරක් රැකියාව අහිමි උනු වෙලාවේ පුතාත් අරන් ගම රට ගිය බිරිඳ දිවි බරට උර දෙන්න ව්‍යාපාරයක් පටන් ගත්තේ අනාගතයේදී දරුවාට හරි ඉන් ප්‍රයෝජනයක් ලැබෙයි යන විස්වාසයෙන්.

අනාගතය වෙනුවෙන් වර්ථමානය කැප කරන එක කොයි තරම් පිස්සු වැඩක්දැයි වෙලාවකට සිතේ.

දරුවෙක් අනාගතයේ දී වටිනා දේවල් ලෙස සලකන්නේ  දෙමාපියන්ගේ කැපකිරීම් තුලින් ලැබූ භෞතික වටිනාකම්ද . . ඔවුන්ගේ ආදරය රැකවරණය මත ලැබූ අධ්‍යාත්මික සන්තෘෂ්ටියද යන දෙකෙන් කොයි එකද කෙසේ විසඳා ගන්නද?

මම මගෙන් ඒ ප්‍රශ්නය ඇසුවොත් පිලිතුර කුමක් වේදැයි නිතර අසමි.

ඇත්ත තාත්තා බිස්නස් කරලා හම්බකලා උනත් දේසපාලනේට නාස්ති කලායින් ගෙයක් දොරක් වත් හැදුවේ නෑ.

ඒත් අපිව බඩගින්නේ නොතියා හැදුවා වැඩුවා නේ ..

තාත්තට බැරි උනු නිසා මට පිට රට ගිහින් එයාලටත් ඉන්න හිටින්න ගෙයක් දොරක් හදල දෙන්න උනා.

නංගිත් එයාලගේ සියළු දුකට සැපට පිහිට වෙනවා.

අක්කත් ඉඳලා හිටලා ගිහින් දුක සප හොයා බලනවා.

ඒත් අපිට මොනව දුන්න නොදුන්නත් තාත්තා අපි පුන්චි කාලේ උතුරන්න තරම් ආදරේ දුන්නා නම් අපිට තාත්ත ගැන තරහක් නොහිතා ඉන්න තිබ්බ නේද?

සරලව ම මගේ පිලිතුර භෞතික දේවල් අපිට කොහොම හරි ලබා ගන්න පුලුවන්. ඒත් අර නැතුවුනු අධා‍යාත්මික සුවය??

- - - - - -- - - - - --

අනිද්දට ස්කෝලේ නිවාඩු දෙන නිසා හෙට මගේ සොඳුරු ත්‍රස්තවාදියයි එයාගේ අම්මයි මෙහේ එනවා.

කොල්ලගේ අනාගතේ ත් වෙනුවෙන් කියලා පටන් ගත්තු අපේ බිස්නස් එක ටික කාලයක්ට නතර කරලා හරි අපි ආපහු එකට ඉමු කියන මගේ යෝජනාවට නදීෂගේ කැමැත්තක් පේන්න තියෙනවා.

ස්කෝල වලට කතා කලාම ගොඩක් ඒවායේ ළමයි අරගෙන ඉවරයි කියනවා . . ඒත් සමහර ඒවා කිව්වේ ළමයව එක්කගෙන එන්න . . ආවට පස්සේ කතා කරමු කියලා.

කොල්ලට මෙහේ හොඳ ස්කෝලයක් ලැබේවා. අපිට ආපහු සංතෝසෙන් එකට ඉන්න ලැබේවා කියන එකයි මගේ එකම ප්‍රාර්ථනය දැන් . . !

එහෙම උනොත් මාස දෙක තුනකට පස්සේ  නිවාඩු ගිහින් බිස්නස් ඒකත් දිගටම කරගෙන යන්න ක්‍රමයක් හොයා ගන්න ඕන.

කොයි දේ වෙන්නෙත් හොඳටයි . . . . !




පින්තූරය: විරුල්ගේ හතරවෙනි උපන්දිනය සැමරුවේ සාජා වල දුමීලගේ ගෙදර. මේ 2011-09-03 ගත්තු එකක්.

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails