![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHvtsqSV4ebGobOZnRdQ9kB6_5ak1RFmADPu1NTBdBI7VAMrBiz-QEKdYmQKjd-OBYnj-C6_oPGL8ojRJSW9JUfvHujAzSl6i03kRJZsRPmlI491e6zWCQomYM4aPjM1UMo_Vfzz8XaF0F/s320/annie-spratt-709287-unsplash.jpg)
ගඟට කැපූ ඉනි ගංදියෙ පාවෙනවා බලා උනිමි
පළගැටියෙකු විලසින් නුඹ පහන් දැල්ල වෙතම ඇදුනි
මහාමෙරක් උසට තිබුනු සෙනෙහස හෙමි හෙමින් ලිහුනි
හදේ කොනක සුව නොවෙනා තුවාලයක කබොල දැනුනි
මතක පොතේ පිටු පෙරළන හැම මොහොතෙම පපුව දැවුනි
සෙනෙහස සිහිවෙන මොහොතෙම අමාරුවෙන් දැස වසමි
කිසිම කෙනෙක් නොමැති තැනක කඳුලු දෝරේ ගලා යවමි
එක ගුලියට එකට උන්නු ඒ කාලය ආයේ පතමි
වෙන වටිනා දෙයක් නැතත් ආදර මිණි පළිගු තුබුණි
සොර සතුරෙක් පැමිණ සියලු මිණි මුතු හැංගුවා වැනී
අභිමානෙද ආදරයද එක කාසියේ දෙපැත්තෙනී
කවුද වැරදි කවුරුද හරි සිතා ගන්න කොහෙත් බැරී . . . !
Pic from: https://unsplash.com/photos/GIK1tsETnXI