Sunday, September 20, 2009

කරදරකාර නංගී හෙවත් දෙවියන් දුන් තෑග්ග!


"අම්මේ මම කොහෙද දැන් නිදා ගන්නේ. . . "

මට වඩා අවුරුදු 3ක් බාල නංගී ව රෝහලේ සිට ගෙදර ගෙනාපු ගමන් ඒ වෙනතුරු . . .. අම්මගෙන් කිරිබීල . . . අම්මගෙයි තත්තාගෙයි මැද්දට වෙලා දෙන්නගේ උනුසුමට මැදිවෙලා නිදන්න පුරුදුවෙලා හිටපු මගේ පලමු වෙනි ප්‍රශ්නය වුනාලු . . .

මගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස තාත්තා අම්මටයි නංගීටයි කාමරේ මහ ඇඳ දීලා මටයි තාත්තාටයි නිදන්න වෙනම ඇඳක් සවි කලාලු . . .

නංගී ගැන මුලින්ම මගේ හිතේ නෝක්කාඩුවක් . . තරහක් අතිවෙන්න ඇත්තේ මේ උනුසුමට නිදා ගැනීමේ ප්‍රශ්නයත් සමගම වෙන්න ඇති කියලා මට සමහර වෙලාවට හිතෙනවා. .. . ළමයි දෙන්නෙක් එක්ක පොඩි එකීගේ වැඩ කරගන්න අම්මට අපහසුවෙයි කියලා හිතලා, තාත්තගේ අම්මා හෙවත් ගමේ ආච්චී අක්කව ගමේ එක්ක ගිහින් පාසල් යැවූ නිසා . . . මගේ පාලුව තනිකකම තවදුරටත් වැඩිවී ඒ නෝක්කාඩුවට තව පොහොර වැටෙන්න ඇති . . . . .

පාසැල් නිවාඩුවට අක්ක ගෙදර එනකම් මම මඟ බලා ඉන්න ඇත්තේ පුංචි සිතේ උතුරා පිටාර ගලා යන නොසන්සුන්කමකින් වෙන්නත් ඇති . . . නිවාඩුව ඉවරවෙලා අක්කව අපසු ගමේ එක්කගෙන යන්න හදද්දි "අනේ මල්ලීව දාලා යන්න බෑ. . ." කියලා අක්ක හඬාවැටෙද්දී . . . "අනේ අක්කට යන්න දෙන්න බෑ . . "කියලා මම අක්කව බදාගෙන එකල මගේ කට අක්කගේ බුරිය ගාවට තරම් උසක් තිබූ මා අක්කගේ බුරිය තදින්ම හපන්න ඇත්තේ ඇගේ නික්මීමෙන් මට දැනෙන පාලුව තනිකම දරා ගන්න බැරි කම නිසාම වෙන්න ඇති . ..( ඒ සලකුන සෑහෙන කලක් තිබුනා කියලා ගෙදර අය කතාවෙනවා මට මතකයි . . )

කෙසේ වෙතත් ඒ රෝසපාට අත්පා තිබූ . . . කිරිසුදු හා පැටියෙක් වන් සුන්දර කුඩා ප්‍රානියාට මගේ විශාල ආදරයකුත් (මට මතක ඇති විදිහට ) ඒ අතරම තිබුනා . . .

අම්මා කුස්සියේ උයන කම් . . . වතුර ගෙනෙන්න වත්ත පහල ලිඳට ගොස් එනකම් ඇයව බලා ගැනීම . . . ආදී දේ මා ආදරෙන් කලබව අම්මා නිතරම සිහිපත් කරනවා. . . අම්මලගේ මහගේ කිට්ටුව ගේකට අපි මාරුවෙලා ආවාට පසු, අම්ම අක්කවත් අපි ලඟට ගෙන්න ගත්තාම මම කොයි තරම් සතුටකින් ඉපිලී යන්න ඇද්ද කියල මට හිතෙනවා. .

අක්කයි මමයි සාංගම් වෙලා නංගිට කෙනෙහිලි කම් කරන්න අම්මගෙයි තත්තාගෙයි මැද්දේ නිදා ගැනීමට වඩා හේතු අපිට තිබුනා . . .

1. එලිෆන්ට් හවුස් එකෙන් එකල මුලු ගමම ඒකාලෝක කරගෙන වටේට ටියුබ් ලයිට් හයිකරගෙන ආපු අයිස්ක්‍රීම් වෑන් එකෙන් අපිට පොප්සිකල් අරන් දෙද්දී නංගීට කෝන්ස් අරන්දීම (පස්සේ කාලෙක තමයි තේරුනේ කෝන් වලට වැඩිය රස පොප්සිකල් කියලා) . . . .
2. අම්මා විශේෂ කෑමක් හදනකොට අපි හදල ඉවරවෙනකම් ඉවසීමෙන් ඉන්න ඕන වුනත් නංගීට හදන අතරමගම කෑල්ලක් දීම . . .
3. තාත්තා පුවත් පතක් බලන මොහොතක ඔහුගේ සරමේ වාඩිවී සරොම් ඔංචිල්ලා පදින අවස්තාවල් අපට වඩා ඇයට ලබා දීම . ..
4.  පාසැල් අරිලා නංගීව එක්ක එනකොට පිටකෝට්ටේ හන්දියේ කූල් බාර් එකෙන් නංගීට හැමදාම කසඇටදාපු සරුවත් එකක් අරන්දීම . . . ("මේ හොර කෙල්ල එතනින් ආවෙම නෑ නේ සරුවත් අරන් දෙනකම්" කියා අම්මාගේ පාරම් බෑමෙන් තමයි අපි දැනගන්නේ ඒ විස්තර)

ඔවනි හේතු නිසා නංගීට ගේමක් දීමට තරවටු කිරීමට අපි හේතු සොයමින් සිටියා කීවොත් නිවරදියි . . . අනෙක් අතට ඇයට දඬුවම් දීමට හේතු ඇයම අපට සකස් කර දුන්නා . . .

රුපියල රුපියල කැටේකට දමා එකතු කර ගත් මුදලින් අපි දෙදෙනා මිලදී ගන්නා සිමෙන්ති මල් පෝච්චිවලත් . . . වත්තේ හැකි සැම තැනකමත් අපි දෙන්නා බොහෝ වෙහෙස මහන්සිවී වවන මල් ගස් වල සියගනන් පමන කොල තිබුනත්, ඈ එකක් හෝ කැඩුවොත් . . . ! එක මලක් හෝ අපේ අවසරය නැතුව කැඩුවොත් අපි දෙදෙනාම එකතුවී ඇයට පහර දෙන්නේ ඈ කෙරෙහි ඇති අපේ තරහව පිට කරගත්තා කියා හරිම ප්‍රීතියකින් . . (අම්මාගෙන් අපි දෙදෙනාට මේවාට වන්දි ලෙස හොඳවැයින් කෝටු පාරවල් ලැබී තිබෙනවා ඒ කාලයේ . . )

එකල රැකියාවක් කල අම්මා ගෙදර එන්න කලින් පොඩිඋන් දෙන්නා නාවා පිරිසිදු කර තැබීම තමාගේ යුතුකමක් ලෙස සැලකූ අක්කාට, චිත්‍රකතා පත්තරයක් පෙන්වා "මල්ලී එන්න පිටුවක් දෙන්න " කියා හෝ රේඩියෝ එකේ ලස්සන ගීතයක් වාදනය වන විට "මල්ලී මෙන්න ඔයාගේ ආසම සිංදුවක් යනවා" කියා හෝ මා අල්ලාගෙන නෑවීම කල හැකිවුවත් . . . අම්මා එනතුරුම ළමයින් සමඟ සෙල්ලම් කරන නංගීව අල්ලා ගැනීමට බොහෝ අපහසු වූවා . . . එවිට මා හොරෙන් ඇය පසුපස හඹාගොස් ඇය අල්ලා දෙන්නේ තරඟයකින් ජයගත් එකෙකුගේ මෙන් උද්දාමයකින් . . .

කෙසේ වෙතත් රාත්‍රියේ අපි තුන්දෙනාම කෑම මේසයට වාඩිවී පාසැලේ ගෙදරදී කරගෙන ඒමට දුන් වැඩ කිරීමට හෝ පොත් පත් වල වැඩ කරන කාලය අපි තුන් දෙනා ආදරයෙන් එකට ගතකල මොහොතක් වූවා . .. 

මෙලෙස වරෙක මිතුරු කමිනුත් . . වරෙක සතුරු කමිනුත් කල්ගෙවූ අපේ ලෝකය, අඩු වයසකින් විවාහවූ අක්කා අප අතහැර යාමෙන් පසුව, අප දෙදෙනාට අප දෙදෙනා එකට බැඳී සිටීම හැර වෙන විකල්පයක් නොමැති තැනකට අපව තල්ලු කලා කීවොත් නිවරදියි . . .

වැඩුනු දරුවන් වූ නමුත් අප නිවසේදී එකිනෙකා මාරුවෙන අවස්තාවේදී අඩු තරමින් ඇඟේ හැපීගෙන වත් නොගියොත් . . . ලඟ සිටින විටෙක ගුටි කෙලියක් වත් නොගියෝතින් . . . කිසියම් අඩුවක් ලෙස දැනෙන්නට ගත්තා . . .

එකිනෙකා කෙරෙහි තරහින් මෙලෙස කා කොටා ගත්තා කියා අප සිතුවත් එහි ඇත්තේ කිසියම් සහෝදරාත්මක බැඳීමක් යයි වටහා ගත් අම්මා පවා අපේ රන්ඩු බේරීමට ඉදිරිපත් නොවුනා.

එකල මගේ විනෝංශයක් වූ නිවසේ සාලයේත් මගේ කාමරයෙත් නොයෙක් තැන් වල කුඩා රාක්ක සාදා ඒ මත මැටි බඳුන් එකතු කිරීම අප අතර රන්ඩු ඇතිවූ අවස්තාවන් හිදී ඇයට මට දමා ගැසීමටම තබා තිබුනු ආයුධ වූවා . . . ඒ පහරවල් වලින් බේරීමට මා ගත් උත්සාහයන් යලි සිහිකැඳවූයේ මෙට්‍රික්ස් චිත්‍රපටයයි . . . පසුකාලීනව ඒ මතකයන් සුන්දර සිහිවටන පමනක්ම වූවා . . .

කොටින්ම කීවොත් නංගී ගැනත් මට එකල සිතුනේ මහාම මහා කරදර කාරියක් ලෙසට . . .

සෝදා මැද පිලිවෙලකට අල්මාරියේ තැන්පත් කර ඇති මගේ ලස්සන ටී ෂර්ට්ස් මම ගෙදර නැතිවෙලාවල් වලදී ඇගේ වගේ ඇදගෙන යන, මගේ පෙම් සබඳකම් වල විස්තර කෙසේ හෝ මගෙන්ම දැනගෙන තරහ වුනු වෙලාවල වලදී හැමෝටම ඇහෙන්න කෑ ගසා පවසන, කොල්ලෝ ආ ඔයා අහවලාගේ අයියා නේද කියා අසත්දී හිසට යක්ශයා ආරූඩ වන, පඩි දවසට බොරු ආදරක් පෙන්වා "අයියේ තියන්ගා එකට නියම වයිට් ෆ්‍රොක්ස් ටිකක් ඇවිත් තියෙනවා හලෝ කියා පඩියෙන් විශාල ප්‍රමානයක් හූරා ගන්නා . .. නංගී කරදරකාරියක්ම ලෙස වෙන කෙසේ ඇයව හන්දුන්වා දෙන්නද . .. ?

නිවසේදී මෙසේ වුවත් ගමන් බිමන් යාමේදී අප එකට ගමන් කලේ අතින් අල්ලාගෙන . . . එසේ අතින් අල්ලා සිටිද්දී ඈ නිතරම මගේ ඇඟිලි තුඩු ඇගේ ඇඟිලි තුඩු වලින් මිරිකීමට පුරුදුවී සිටියා . . . නිතරම අප අතර රන්ඩු සරුවල් ඇතිවූවා වුවත් මෙසේ ඇඟිලි තුඩු මිරිකමින් පාරේ ගමන් කරද්දී ඇගේ හදවතත් මගේ හදවතත් ඇතුලත වූ යම්කිසි දෙයක් විදුලියක් පරිපත තුලින් ගමන් කරනවා වැනිව ගමන් කලා කියා අපට මොහොතකටවත් සිතුනේ නැති තරම් . . .

"අයියේ . . . ."

ප්‍රතිචාරයක් නොමැත

"අයියේ . . කන් ඇහෙන්නෙ නැද්ද බං . . "

"ඇයි ඕයි . . "මා කියවමින් තිබූ පොතෙන් නෙත් මෑත් කර ගන්නේ මොන වදයක්ද මේ කියා හිතෙන් බැන වදිමින්

"දන්නවාද වැඩක්"

"ම්ම්හු . . . "

"තමුසෙටයි මටයි මේ ගමේ අය නමක් දාලානේ . . ." දෙවෙනියට අපේ ගම වූ පෙදෙසේදී දිනක් ඈ මගේ අවදානය බින්දා . . .

"නෑ . . . ඒ මොකද්ද ?" මම කුතුහලයෙන් ඇසුවා

"සමගි"

"හූ ඌ . . පිස්සු හැදෙනවා . . . !"

"ඔව් හලෝ මුන් දන්නවා නම් උඹෙයි මගෙයි සමගියේ තරම . . කටවල් කලුගල් වල අතුල්ල ගන්නවා . . . "

ඒ මතුපිට සත්‍ය වුවත් නියම සත්‍ය නොවෙයි . . .

අක්කා තරම්ම නොවුනත්, නංගීත් අඩු වයසකින් විවාහ වී ලෝකයේ නැගෙනහිර කොනේ වූ සුන්දර රටකට පිටවී යන දිනයේදීත් ඊට පසුදාත් මා පසුවූයේ කෑ ගසා හඬන්නට නොහැකි කමින් උගුරේ යමක් සිරවූවාක් මෙන් වූ කියාගත් නොහකි තරම් වූ වේදනාවකින් !

අඩු තරමින් ගුවන් තොටුපලටවත් යාමට මා එකඟ නොවූයේ ඈ මා තනිකර දමා යාම මට කෙසේවත් ඉවසා ගත් නොහැකි බව මා දැන සිටි නිසාවෙන්මයි . ..

ඉන් දින කිහිපයකට පසු අක්කාත් මාත් ඇගේ වියෝව පිලිබඳ අපේ දුක බෙදාගෙන අපේ ලෝකයටම පමනක් ඇසෙන සේ හදවතින් හඬා නොවැටුනානම් අයට එලෙස දඬුවම් දීමට අපට සාධාරන හේතු තිබුනා කියා පාපොච්චාරනය කර නොගත්තානම් . . . ඇයට අප දුන් දඩුවම් ගැන අපේ හදවත් තවමත් අපට දොස් පවරනවාට කිසිදු සැකයක් නෑ . . .

ඈ මා තනිකර දමා පිටත්වූ මුල්කාලයේ මා තනිවම මග තොට ගමන් කරද්දී . . .මගේ ඇඟිලි මිරිකීමට කෙනෙකු නොමතිකමින් මගේ ඇඟිලි තුඩු රිදුම් දෙනවා මෙන් මට හැඟුනු වාර බොහෝමයි . . . ඇඟිලි තුඩු දෙස බලාගෙන දෑසින් පිටවීමට ආ කඳුලු නවතා ගැනීමට කටේ දමා රිදෙන තුරු තදින් සැපීම හැර වෙන විකල්පයක් නොවූවා. . ..

අප අතර තිබූ බොහේ සුන්දර සිදුවීම් එපමනටම වේදනාකාරී වූවා. . ..

වසර 5ක් එකදිගට පිටරටක ගතකල ඈ, ලංකාවට යලි පැමිනෙන විට මා මවුබිමෙන් බැහරක රැකියාවකට ගොසින් . . .

ඇගේ ආගමනය පැවසූ මොහොතේම, ඇය දකින කම් සිහියක් නැතුව හිටි මා, දින 8කට පසු මා හදිසි නිවාඩු ලබා ගෙන ඈ බලන්න පිටත්වූවා . . .

ගුවන්තොටුපලේ පැමිනීමේ පර්යන්තයේ මා එනතුරු නොසන්සුන් ලෙසින් සැමියා සමඟ ඇය බලා සිටියා.

මා දුටු ගමන් සැමියා අතහැර දුවගෙන විත් මගේ ඇඟේ එල්ලී මා වැලඳ සිපගත්තේ අපේ සුපුරුදු සහෝදරත්වයේ සුවඳ දස අත විහිදුවමින් !

එතැන් සිට අද වනතුරු . . . මාස ගනනාවකට පසු යලි මව්බිමට පැමිනෙන මා මුලින්ම ඇගේ නිවසට ගොඩවැදීමටත් . . . ආපසු පිටවීමේදී ඇයගේ නිවසේ සිට පිට වීමට සිදුවීමත් එක්තරා හාස්කමක් මෙන් කියා සමහර විට මට සිතෙනවා . . .

එසේ මාස ගනන්කින් මා දකින ඈ මා පිලිගන්නේ කඳුලින් . . .

මා දුටු විටම ඇගේ සිතේ ඇතිවන සතුට ප්‍රකාශ වන්නේ කඳුලින් . . . .

මා පිට වෙද්දී ඇගේ දෑසේ ලියවී ඇති "අනේ අයියේ මාව දාලා යන්න එපා " යන්න වටහා නොගැනීමට මා අගේ කඳුලින් පිරීගිය දෙස නොබැලීමට දරන වෙහෙස දින ගනක් යනතුරු මා පීඩාවට පත්කරනු ලබන බව මා හැර වෙන කවුරු දනීද . . .

කුඩාකල මහා කරදර කාරියක් ලෙස අප සිතා සිටින නංගී, සැබැවින්ම කරදරකාරියක් නොව දෙවියන් විසින් දුන් අගනා වස්තුවක් බව, 

"කඳුලින්ම මුනගැසී . . . කඳුලින්ම සමුගන්නා" මගේ නංගී මා හට පසක් කර දුන්නා යැයි මට නිතරම හැඟේ . . ..

107 comments:

  1. නියමය්....ඇත්තටම ඔයා සැහෙන්න වාසනාවන්තය්..

    ReplyDelete
  2. මාරයි දුකා අයියේ. . .ශිහ් මටත් මෙහෙම අත්දැකීමක් තිබුනානං

    ReplyDelete
  3. අනේ මෙක මගෙ අය්යාටත් පෙන්වන්නම ඔන කතාවක්...මෙ කතාව අපෙ ජ්ව්තයට ගොඩක් සමීපයි.......ඈත්ත කතවක්......................බොහොම ස්තුතියි

    ReplyDelete
  4. දුකා අයියේ මේ කතාව අනාගතයේදී මටත් හිතේවි...
    දැන් මට නම් නංගි ඇණයක් මේ දැනුත් මාත් එක්ක පැටලුනා.
    විටෙක ඇය ගැන ආදරයක්,තරහක් මාතුල ඇතිවෙනව
    හැබැයි අනාගතයේදී මටත් ඔයාට වගේ හිතේවි

    ReplyDelete
  5. @ushan හෑම අය්යා කෙනෙකුටම මුලින්ම එහෙම තමඉ හිතෙන්නෙ.එත් ඔයගෙනංගි ඈත්තටම ඔයට ගොඩක් ආදරය ඈති...මොකද මම හිතන විදීහට හෑමනංගි කෙනෙක්ම තමන්ගෙ අය්යාට ගොඩක් ගරු කරන නිසා,ආදරය කරන නිසා......ඔයා වාසනාවන්තයි.නංගියෙක් ඉන්න නිසා

    ReplyDelete
  6. මගේ නංගි මට වඩා අවුරුදු හයක් බාලයි.ඉතින් එයා එනකන් මම තමයි ගෙදර රජා වගේ හිටියේ . එයා නිසා ඒ රජ සැලකිලි ඔක්කොම අහෝසි වුනා . මටත් දුකා වගේ නංගි ගැන හරි තරහක් තිබුණෙ . අපි දෙන්නා හැමදාම ෆයිට්.තාත්තා නංගිට ගොඩක් ආදරේ නිසා මගේ නපුරු වැඩ වලට ගුටි ලැබෙනවා.ඒත් දුකාට වගේ එක දවසක මටත් නංගි ගැන ගොඩක් ආදරේ හිතුනා.මට මුල්ම වතාවට ගෙදරින් වෙන්වෙලා යන්න වුනේ කැම්පස් යන්න . මම ගෙදරින් බෝඩිමට යන මුල් දවසෙ නංගි හරියට ඇඬුවා. එතකොට එයාට වයස 16 ක් විතර .එදා ඉඳලා අපි හරි යාලුයි.දැන් අම්මා මට බනින්නෙ මම නංගිත් නරක් කරනවා කියලා.අපි දෙන්නම දැන් එක පැත්තෙ අම්ම අපිට උපදෙස් පන්ති පවත්වනකොට .අපේ පොඩිකාලෙ ගැන රස කතාවක් තියෙනවා.ඒකත් මගේ බ්ලොග් එකට ලියන්න හිතුනා මේ කතාව කියෙව්වම .

    ReplyDelete
  7. ජීවිතය හරීම පුදුමයි දුකා..,
    මේක කියවන විටත් ඔය ඉහත කිව්වා වාගේ ඇන වසංගතය මේ කොමෙන්ටුව ලියන වේලාවෙත් මා ලඟ දැවෙටෙමින් ඉන්නවා.

    ඒ උනත් ඔය කියන විදියට ඇය කවදා හෝ තනිවම ජීවිතය ගෙවන්නට යන දවසට..,
    මම කොහොම ඔලුව හදා ගනීද කියලා හිතාගන්නත් බෑ. මම හිතන්නෙත් නෑ. එය මාව හරිම තිගස්වන සුලුයි.

    [හොඳ වෙලාවට ඇස්දෙකේ කඳුලු නංගී දක්කේ නැත්තේ; නැත්තං, ඕකි මට අද කෑම කන්න ගිහින් අනිවාරයයෙන් ම වදේ ගහනවා.]

    ReplyDelete
  8. lahiruni@ ඔව් ඉස්සෙල්ල Comment එක දාදී මං නංගිත් එක්ක මාර තරහකින් හිටියෙ (මම කරපු ලොකු වැරැද්ද කට එයා මට බැන්න) නමුත් දැන් මේ මොහොත වන විට එයාට වත් මටවත් ඒක ගානක් නෑ තව විදියකට කිවුවොත් එහෙම දෙයක් උනෙත් නෑවගේ
    හැබැයි එයාට මම නැතුවත් බෑ, අපි දෙන්නටම එහෙමයි,
    එක අතකින් බැලුවම අපේ ජීවිත කොච්චර ලස්සනද සුන්දරද (රන්ඩු වෙවී යාලුවෙවී)
    මම එයාට ගොඩක් ආද‍රේ එයත් මට එහෙමයි කියල මට දැනෙනව

    ReplyDelete
  9. හ්ම්..නංගියෙක් නැති මං මොනව කියන්නද?

    ReplyDelete
  10. නියම සටහනක් දුකා. මටත් නංගියෙක් නැති උනාට අක්කෙක් ඉන්නවනේ අපි දෙන්නත් ඔය වගේම තමයි. හැබැයි එයා විවාහ වෙලා ගිය දවසෙ මට නම් උඹට වගේ කඳුළු හංගන් ඉන්න බැරි උනා. මම පැය ගානක් ඇඬුව මතකයි. ඔහොම තමයි ජීවිතේ.

    ReplyDelete
  11. නියම සටහනක් දුකා. මගේ පවුලේ ඉන්නෙත් මමයි නංගියි විතරයි. එයා කුඩා කාලේ මම එයාව පාලනය කරගෙන උන්නත් පස්සේ පස්සේ එයා මට එකට එක කියන්න ගත්තගම ඔන්න මටත් තදවෙන්න ගත්තා. ඉතින් වලියක් දා ගන්නෙ නැති දවසක් තිබුනොත් ඒ හරිම අහම්බයකින් තමයි.

    ඒත් ලංකාවෙන් පිටවෙලා මම මේ දුරු රටකට ආවට පස්සේ ඒ දැනුනු දුක අදටත් එහෙමමයි. කවදා හරි එයා අපෙන් වෙන් වෙලා යන දවසට මම කොහොම ඒක දරා ගනියි ද කියලා මට තාමත් හිතාගන්න බැහැ.

    කොහොම උනත් එලම පෝස්ට් එකක් දුකා. ඔබට සුබ පතනවා.

    ReplyDelete
  12. @ Anonymous !
    ඇත්තෙන්ම මගේ අක්කයි නංගියි නිසා මට නිතරම සිතෙනවා මා හරිම වාසනාවන්තයෙක් කියා. . .

    @ මුචලින්ද !
    මටත් දුකයි ඔයාට නංගි කෙනෙක් නැති එක ගැන . . .

    ReplyDelete
  13. @ Lahiruni Hansika!
    මට හරිම සතුටුයි ඔයාටත් මම වගේම ආදරනීය අයියා කෙනෙක් ඉන්න එක ගැන . . .

    ReplyDelete
  14. @ මනෝ( TMG)!
    ඇත්තෙන්ම සහෝදර ප්‍රේමය නියමාකාරයෙන් විග්‍රහ කරන්න ඕනෑම භාශාවක තියෙන වචන මදි කියලයි මගේ නම් හැඟීම නම් . .. සහෝදර ප්‍රේමයේ ඔබේ කතාවත් ඉක්මනින් ලියන්න අපි බලන් ඉන්නවා නොයිවසිල්ලෙන් . . .

    ReplyDelete
  15. @ ushan !
    මල්ලී . .. අපි දවසක් චැට් කලා මතකද ඔබෙයි නංගිගෙයි රන්ඩු ගැන . . . ඇත්තෙන්ම ඔබට දවසක තෙරේවි ඔබ ඇයට කොපමන ආදරේද . .. ඇය ඔබට කොපමන ආදරේද කියා . . ඒ දවස ඔබලාට ඉක්මනින් උදාවේවා කියලා මා පතනවා. . . විශේශයෙන් ඔය රන්ඩු වලට මුලත් ඇත්තෙන්ම ආදරේම තමයි . . .

    ReplyDelete
  16. @ LishWish !
    ඇය කාගේ සෙවනට ගියත් අනාගතයේදී . . . ඇගේ නොවෙනස් ආදරේ අපට අහිමි වෙන්නේ නම් නෑ විශ්වාසයි මට නම් එය ඉර හඳ මෙන් . . .

    මටත් වෙලාවකට ඇගේ ආදරේ ගැඹුර සිහිවෙනවිට නෙතට කඳුලක් නැගෙනවා. . .

    ReplyDelete
  17. @ ඉන්දික!
    මට දුකයි ඔයාට නංගි කෙනෙක් නැති එක ගැන . . .

    ReplyDelete
  18. @ තාරක සමරණායක !
    මගේ අක්කත් විවාහ වෙන දවසේ මා හැඬූ තරම් . . . !

    ReplyDelete
  19. @ roylyfernando !
    මගේ නංගී තරම් (අක්කගේ ආදරේටත් වැඩිය ) කොන්දේසි විරහිතව මා හට ආදරේ කරන්න පුලුවන් අයෙක් මේ ලෝකේ තවත් සිටීදැයි සැකයි . . .

    ඇගේ වෙන් වීම ගැන නම් ලිශ්ට කියූ දේම තමා උඹටත් කියන්න තියෙන්නේ . . .

    ReplyDelete
  20. ශිහ් මට ඔය මොකෙක්වත් නෑ නොවැ
    අපේ ගෙදර මම තමා අයියටයි අක්කටයි නංගිටයි මල්ලිටයි ඔය ඔක්කොටම ඉන්නෙ

    ReplyDelete
  21. මෙමීකනන් අපේ නන්ගිට පෙන්නනෙ නහෑ වරදිලවත් ... D

    ReplyDelete
  22. මම මේක කියවලා නංගිටත් පෙන්නුවා. මගේ හිතේ තියෙන කියාගන්න බැරි ගොඩක් දේවල් එයාට තේරෙන්න ඇති.
    බොහොම ස්තුතියි, දුකා.

    ReplyDelete
  23. ඇත්තටම තමන් පවුලේ එකම දරුවා වුන අය විශාල තනිකමකින් පෙළෙනවා. ඒ වගේ අය මා සමඟ බොහෝ විට තමන් අත්විඳින පාළුව තනිකම ගැන කියා තිබෙනවා.

    ඉතින් ඔබ විවාහ වුන හෝ විවාහ වීමට සිටින කෙනෙක් නම් ඔබේ දරුවන්ට ඒ තනිකම උරුම කර නොදීම ඔබේ වගකීමක්.

    - ලොස්ට්ඉන්රොමෑන්ස් -

    ReplyDelete
  24. හැම වෙලේම හැම දෙයක්ම සුන්දර නෑ... ඒක හැම කෙනෙකුටම පොදු දෙයක් නෙමෙයි... කොහොම වුනත් දුකා... උඹ වාසනාවන්තයි... මාව අතීතයට ගෙනියපු සුන්දර සටහනක්...

    ReplyDelete
  25. ඇද දීගෙක ගිය නුබ මට බුලත් අතක් දීලා
    සුනිල් එදිරිසිනoහගෙ නියම සින්දුවක්
    මට ඒක මතක් උනා

    ReplyDelete
  26. @ දසුන් මධුසංඛ වානගුරු !
    අනේ ඔව් මචං නන්ගියෙක් ඉන්නව කියන්නේ හරිම සුන්දර අත්දැකීමක් . . .

    @ අමිල !
    අයියෝ දුකේ බෑ . . .

    ReplyDelete
  27. @ Anjana !
    ඇයි මචෝ පෙන්නන්න බැරි මම නම් හිතුවේ හැම අයියා කෙනෙක්ම මේ පෝස්ට් එක නංගීට පෙන්නන්න ඕන කියලයි . . . අපි එයාලට කොපමන ආදරේද කියලා වචන වලින් නොකීව් ආදරේ පෙන්නන්න හොඳ ලිපියක් වේවි කියලයි මම හිතුවේ . . .

    ReplyDelete
  28. @ තමීර!
    අහ් අංජනට කියපු දේවල් ඔක්කෝම තමිරගේ කමෙන්ට් එකේ තියෙනවා . . . එල එල . . .

    ReplyDelete
  29. @ lostinromance !
    අනේ ඔව් . . . පවතින ආර්ථික තත්වයට අනුව වැඩිය හදන්න බැරි එකේ තව 1ක් වත් හදන්න හිතුවොත් හොඳයි නේද . . . ?

    ReplyDelete
  30. @ Prabath !
    ස්තූතියි මචෝ . . . කොහොමත් අපි අපේම අයට ටිකක් දුරින් ඉන්නකොට ලඟ ඉන්නවාට වැඩිය ලොකු තනිකමක් දැනෙනවා . .. ලොකු ආදරයක් දැනෙනවා . ..

    ReplyDelete
  31. @ Dam !
    ඇත්තටම ඒ සින්දුවේ කොටසක් හෝ සින්දුවම මගේ පෝස්ට් එකට දාන්න තිබුනා කියලා හිතුනා . ..

    ReplyDelete
  32. සහෝදරත්වයෙ අගය හදුනන අයට ඔයාගෙ ලිපිය ඇසට කදුලක් ගේනවා. බොහෝ අය විවාහයෙන් පසු සහෝදර කම අත්හැර දාන්නෙ කොහොමද කියලා මට ගොඩක් වෙලාවට හිතා ගන්න බෑ. මේ post එක කියෙව්වට පස්සෙ, comments බැලුවට පස්සෙ හිතට සහනයක් දැනුනා කිව්වොත් හරි.මොකද සැබෑ සහොදරයො ඉන්න බව පෙනුනු නිසා.

    ReplyDelete
  33. හයියොහ්! මට කවුරුත් නැතෝ..... මෙන්න මම අඬනෝ! :(

    ReplyDelete
  34. @ Anonymous!
    මටත් දැනන සතුට අපමනයි මේ බ්ලොග් අවකාශයේ සොයුරු සොයුරියන් සහෝදරත්වය . . .දයාව . . හඳුනන අය වීම . . !

    @ Supun Sudaraka !
    සුපුන් මලේ ඔයා අඬන්න ඕන නෑ බං . . මේ බ්ලොග් අවකාශේ හැමෝම සිහින මවනවා උඹ වගේ මල්ලියෙකුට . . මට විශ්වාසයි ඒක . . . අනේ මට නම් නිතරම හිතෙනවා එහෙම . . .
    උඹට නංගිල අයියලා අක්කලා ඕන තරම් . . .!

    ReplyDelete
  35. මටත් දුකයි දුකා.. මටත් අයියලා අක්කලා හතර දෙනෙක්ම හිටියත් අද ගෙදර ඉන්නෙ මම විතරයි .

    ReplyDelete
  36. දයාබර දුකා...

    උඹේ,මගේ, මේ තීරුවේ කෙටි සටහන් තබන ලබැඳියන්ගේ හදවත් තුළ සැඟවුණු ඒ සදාතනික වු සහෝදර බැම්මේ තරම ඇත්තටම නෙතගට කඳුළක් ගෙනාවා කීවොත් නිවැරදියි.සමහර විට වචනයෙන් නොකීවත් හදවතේ ගැඹුරුම තැනින් පටන් ගෙන නහර ,ඇට,ඇටමිදුළු කකියවාගෙන එන සහෝදර ප්‍රේමයේ තරම දැනෙනුයේ අප ඔවුන්ගෙන් ඈත් වුණාමයි..

    දුකා.....

    ඇත්තටම උඹගේ මේ ලිපි, ලද ඉසිඹුවෙන්ම දනිපනියේ කියවලා දාන්නේ එහි ඇති සාර්ථකත්වය නිසාමයි...ඇත්තමයි යාළුවා..මට හිතෙනව මේ සාර්ථක අoකුර ලේඛකයෙකුගේ ආගමනයද කියලත්...මම යෝජනාවක් කරන්නද?...නවකතාවක් ලියන්න මේ හොඳම කාළයයි..ඒ තරමට නුඹ අත්දැකීම් වලින් සන්නද්ධයි කියලා හිතෙනවා...(අදහස් පෙළගැස්වීම හොඳයි..සoයමය තියෙනවා..හැමවිටම වාක්‍යය කෙටි, පැහැදිළි වියයුතුයි..)නුඹට පුළුවන් කොටස් වශයෙන් මේ විද්‍යුත් සඟරාවෙ පලකරන්න...උඹේ රසිකයෝ වැරදි පෙන්නා දේවි..

    හැබැයි දුකා... එය හුදෙක් "බොළඳ ප්‍රේම කතාවක්" නොවියයුතුමයි...මට විශ්වාශයි නුඹ අතින් ආදරය ගැන ජීවිතය ගැන ගැඹුරින් කතාකරන නිර්මාණයක් බිහිවේවි කියලා..

    අපි උත්සාහ කරමු නේද?...


    සුලා...

    ReplyDelete
  37. සෑහෙන්න දුක හිතුනා මේ කතාව කියවලා. ඒ වගෙම ඔබේ අනිත් ලිපිත් බොහොම අපූරුයි. දිගටම කරගෙන යන්න. සුබ පැතුම්.

    ReplyDelete
  38. නංගිල නැති අපි මොනා කියන්නද ..........
    නංගි කෙනෙක්ගෙ පාලුව දැනුන සියවෙනි වතාවටත් වැඩි දැන්..
    මොනව කරන්ටද......
    මෙ පොඩි ඉල්ලිමක් තියෙනවා....අපිට සහොදර බැදිම් ගැන ලස්සන ලිපි ටිකක් ලියපන්කො....

    ReplyDelete
  39. @ සුදු මහත්තයා !
    මට නම් ඉරිසියයිත් එක්ක . .. මට ඉන්නේ නංගියි අක්කයි විතරයි නේ . . .අද ගෙදර ඔයා විතරක් හිටියට ඒ හැමොගෙම ආදරේ ඔයාට නොඅඩුව ලැබෙනවා ඇතිනේ . . . සහෝදර ප්‍රේමයේ සුවඳ කොපමන දුරක තිබුනත් හදවතට ඉකමනට දැනෙනවා සුදු මහත්තයෝ . . .

    ReplyDelete
  40. @ Anonymous / සුලා...!
    ස්තූතියි අගය කිරීම ගැන . . .ඔවැනි ඔවදන් දිරිගැන්වීම් මට මහා ශක්තියක් සපයනු ලබනවා . . . ඇත්තෙන්ම මේ දිනවල රැකියාවේ ඉඩ පාඩු හා පුද්ගලික ජීවිතයේ නිදහස ලැබෙන ආකාරයට පොඩි කෙටි නවකතාවක් ලියාගෙන යනවා . . . නිමා වූ ගමන් පල කරන්න මා සිතා සිටිනවා .. . නමුත් තාම පටන් ගත්තා විතරයි . . .බොලඳ ප්‍රේම කතාවක් නොවේ කියා නම් සහතික විය හැකියි . . . සත්‍ය සිදුවීම් මාලාවක් නිසා අත්දැකීම් නැති යෞවන යෞවනියන්ට එය බොහේ ප්‍රයෝජනවත් වේවී කියා මා සිතනවා . . .

    ReplyDelete
  41. @ Anonymous!
    ස්තූතියි අගය කිරීම ගැන . . .

    ReplyDelete
  42. @ කොල්ලා !
    ලියන්නම් අනිවාර්යෙන්ම . .. මගේ ජීවිතයට සම්බන්ධ එවැනි කතා මා ලඟ තව තිබෙනවා . ..

    ReplyDelete
  43. @ Dukaa ඒක ඇත්ත. අපි තාමත් කට්ටිය සෙට් උන දවසට අහල පහල උන් කනක් ඇහිල ඉවරයි. දුකා කිව්වොත් පිලිගන්න එකක් නෑ . ඉස්සර අපේ ගෙදර උදේට බත් මුල් 12ක් බඳිනව අම්ම.

    ReplyDelete
  44. duka machan, oyata aluth blogs yaluwo hamu wunaama parana yaluwo tika amathaka karala wage neda???? oyath selfish widiyatada........ yaluwo ashraya karala tiyenne ? kiyala welawakata hithenawa podi dukakuth ekka.ee wunath api kemathiyi issara widiyatama niyama soyurek wage oyawa dakinna.eka paratama wenas wenna epa duka. anek aya ethakota upset yanawane....... oonemanam tika tika wenas wenna. anek parshawayata wedi balapamak nowena widiyata. wediya tharaha ganna epa mehema kiwwata hode..........hithata podi dukak denuna.... eekai... aneka ithin oya duk ganna ralane neda???????? good luck

    ReplyDelete
  45. @ Anonymous!
    අනේ මට අලුත් බ්ලොග් යාලුවෝ හම්බු උනාට මම තාම මගේ පරන සුපුරුදු බ්ලොග් යාලුවන්ටත් හැමදාම ආදරෙයි . . .ඉසිර (පොතේ ගුරා), උදාර, ඩ්‍රැගන් ඩී, තාරක, ලිශ්, මලී, රොයිලි, ප්‍රවීන්, සුපුන්, ධනික, ඇන්ත්‍රැක්ස්, ගයන්ත, මුචා, දක්ශින, කනිශ්ක, රනා, කරුමක්කාරයා, චමිල ඩි අල්විස්, චාමර ජයකොඩි, සුපුන් බුධාජීව, දසුන් මධුසංඛ, සසික, චමී දේ වා, ප්‍රදීප් කොටුවේගෙදර, අංජු, මගේ මරනය, කතන්දරකාරයා, ඉද්දා, නුවන්, මම මච්ං ගින්දර, සුසිත රවින්ද, තමිර . . . . මේ ආදී කී නොකී මගේ මුල්ම බ්ලොග් සහෘදයන්ට, මාව දිරිමත් කල සහෝදරයන්ට . . සහෝදරියන්ට, විශේෂයෙන් මට බ්ලොග් එක හදලා දුන්නු ඉසිර මල්ලිට මම එදා වගේ තාමත් එක විදිහටම ආදරෙයි . . . ඒකේ කිසිම වෙනසක් වෙලා නෑ . . අනේ මේක ලියපු කෙනා මට කියන්න මම වෙනස් වෙලා කියලා හිතුනේ මොන වගේ දෙයක් නිසාද කියල .. මට මගේ ඒ අඩුපාඩුව හදා ගන්න ඕන . . .

    ReplyDelete
  46. hithe degidiyawakin liyapu de den confirm wuna, mokada api oya nam kiyana blog gajayo kiyannama be. nubage comment eka dekkama hithune blogs yaluwanta pera siti yaluwo gena mathakayak aththema nedda kiyala.

    kamak ne ithin. wenas wena me loke oben witharak nowenas bawak kese pathannada???????
    ee nisa eeka oyage adupaaduwak kiyanna be. eka athakata baladdi apita duka hithenne eeka ape adupaduwak nisa neda??

    oyata api hema damath suba pathanawa. parana ayatath mohothakata hari HELO kiyanna puluwan wunoth eeka eyalatath sathutak wewi samahara wita.

    obata siyalu jaya !!!!!!!

    ReplyDelete
  47. @ Anonymous!
    ම් ම් ම් ම් එහෙම වත් කියල හිතා හදා ගමු නේද .

    ReplyDelete
  48. මගේ ඇස් වලට කඳුලු ආවා. මමත් සහෝදර ප්‍රේමය ගැන බ්ලොග් සටහනක් ලියන්න ඕනේ. ස්තූතියි මේ සුන්දර මතකය අපත් සමග බෙදා ගත්තට

    ReplyDelete
  49. @ පොඩ්ඩා !
    ලියපන් පොඩ්ඩෝ . . ලියල අපිට දැනුම් දීපන් . . අපි බලන්නම් උඹේ දයාබර සහෝදර ප්‍රේමය ගැන . . .

    ReplyDelete
  50. මමත් මේ රටට එන දවසෙ නංගි කොච්චර ඇඩුවද...ඇත්තටම දුකා අය්යෙ මේක කියවන කොට මට ඇඩුනා...මේ සටහන ලියන්නෙ ඇස් වල කදුලු පිසදමමින්....මමත් මගේ නංගිට ගොඩක් ආදරෙයි එ වගේම මම දන්නව එයත් මට ගොඩක් ආදරෙයි කියල...නංගි එයාගෙ ලෝකෙ කවද හරි තනි වෙන කොට මට ඉවසගන්න පුලුවන් වෙයිද දෙයියනේ......

    ReplyDelete
  51. ලස්සනයි.............හරිම ලස්සනයි........නව කතාවක් වගේ!!!

    ReplyDelete
  52. දුකා

    මෙය මා කියවන ඔබගේ පලවෙනි ලිපියය්.මටත් ගොඩක් වෙලාවට හිතිල තියෙනව මටත් අක්කා කෙනෙක් හිටියනම් කියල.ඉතාමත් හෑගුම්බර ලිපියක්
    keep it up mate!

    ReplyDelete
  53. @සමනලයා...!
    ම් ම් ම් මට නම් හිතෙන්නේ නංගීබැඳල වෙන්වෙලා ගියා වුනත් ඇගේ මා වෙනුවෙන් තිබුනු ආදරේ බින්දුවක් වත් අඩු වෙලා නෑ කියලයි . . ඒක නිසා බය වෙන්න එපා අනගතේ ගැන

    ReplyDelete
  54. @නීනු!
    ස්තූතියි නංගී . . .

    ReplyDelete
  55. @Rocka!
    මේක නම් නංගී ගැන ලියපු ලිපිය . . තව එකක් තියෙනවා අක්කලා ගන ලියපු . . එහෙනම් ඒකත් බලන්නකෝ . . .

    ReplyDelete
  56. කොටින්ම කියවනවනම් මට මෙක කියවද්දි ඇඬුනා. . . දුකා, මට ඔයාගෙ නංගි ගැන ඊරිසියයි...
    ඩුකාගෙ නන්ගි තරම්ම මමත් ගෙදර හුරතල් වෙච්ච , දඟ, හැබැයි ඔයාගෙ නංගිට වඩා හරි අමුතු කෙල්ලෙක්.
    මගෙ අයිය එත් හරි අමුතුයි...
    මට හැමදාම අයියෙක්ගෙන් ලැබෙන ආදරනීය ‍රැකවරණය , සමීපත්වය මගෙ අයියගෙන් ලැබුනෙ නැහැ. ඒක ලැබුනෙ අයියගෙ හොඳම යාලුවගෙන්. අදටත් ඒ අයිය තමා දුරු රටක ඉන්න මගෙ අයිය වෙනුවට මාව රකින ආත්මීය සහොදරය.
    මට හිතෙන්නෙ මගෙ අයිය එයාගෙ හිතේ මම ගැන තියන ආදරේ කිසි දාක පෙන්නුවෙ නැහැ. මම හරියට හිතින් වැලපුනා ඒ ආදරේ නැතුව. මම මොනව කලත් එයා කිසි ලෙසක මාව ගනන් ගත්තෙ නැහැ. ඉතින් අදටත් මම අතරමං, එයාගෙ ඒ හැටිද, හිත යට හරි මම ගැන ආදරයක් තියනවද?, නැත්නම් එයාට මම නිකම්ම නිකම් සහෝදරියක් මිසක් වෙන කවුරුත් නෙමෙයිද කියල... අදටත් ඒ කුතුහලය මට තියනව... එයා නිකම්ම නිකම් මගෙ ජීවිතය දිහා බලා ඉන්නව. කුණා‍ටු සුනාමි එන මගෙ ජීවිත ඔරුවට එයා මැදිහත් වෙන්නෙත් නැහැ. මට කිසිම විදියකින් එයාගෙ ජීවිතේට මැදිහත් වෙන්න අවස්තාවකුත් නැහැ.. අනේ මන්ද.. එත් මම අයියගෙන් ආසාවෙන් බලාපොරොත්තු වෙච්ච ආදරේ, හුරතල් කිරීම , ඒ හැමදෙයක්ම අදටත් ලොකු හිස්තැනක් මගෙ ජීවිතේ...

    ReplyDelete
  57. @jeewithemal !
    මට හරිම දුකයි ඔයාගේ කතාව අහලා නංගී . . එත් . . මොනා කරන්නද ජීවිතේ හැටි ඔහොමයි . . අපි ප්‍රාර්ථනා කරන හැම දේම ලබන්න තරම් අපි වාසනාවන්ත නම් මේ ලෝකේ කොයි තරම් නම් සුන්දර වෙයිද . . මට නම් හිතා ගන්න බෑ ඇයි ඔයාගේ අයියා එයාගේ ආදරේ ඔයාට පෙන්නන්නේ නැත්තේ කියන දේ . . .

    ReplyDelete
  58. @ duka ayiya
    සරලවම කියනවනම් ඒ එයාගේ හැටි.. හ්ම්....
    ඒත් මම මගෙ අයියට හරී.....ම ආදරෙයි......
    බලන්නෙ කරන්නෙ නැති උනාට එයා හිතෙන් මම ගැන වද වෙනව ඇති... පවු...
    මමත් එහෙමයි...
    ඒත් අපි දෙදෙන අතරේ හැදිච්ච මහා ලොකු සංනිවේදන ගැප් එකක් තියනව...
    ඔහොම තමා ජීවිතේ....

    ReplyDelete
  59. @jeewithemal !
    මම කියන්නද වැඩක් . . . ඔයා අයියට මේ ලිපියේ ලින්ක් එක යවන්න . . . ඔයාගේ කමෙන්ට් මකන්න ඕන නෑ . . . ඔයා බොරුවට කිව්ව නෙමේනේ එයාට ආදරේ බව . . . සමහර විට එයත් එයාගේ ආදරේ පෙන්න ගන්න ක්‍රමයක් නැතුව ඉන්නව වෙන්න පුලුවන් . . සමහර විට මේ ලිපිය ඉවහල් කරගන්න පුලුවන් වෙයි එයාගේ හිත විවෘත කරන්න . .. අපි මේ ක්‍රමේ ට්‍රයි කරලා බලමුද . . . මම හිතනවා හරි යයි කියලා. . . .

    ReplyDelete
  60. අන්න මරු... මම අදම යවනව ! අයිඩියා එකට ස්තූතියි :-)

    ReplyDelete
  61. ane ai nangila witharak mallilath oya tharamma hurathal

    ReplyDelete
  62. නියමයි දුකා... යෝගියටත් නංගියෙක් හිටියට , ඒ නංගියට ගොඩක් ආදරේ කළාට ඒක කවදාවත් කියාගන්න හම්බවුනේ නෑ.. හම්බවෙයිද දන්නෙත් නෑ.ඒත් ඒක එයා දන්නවා කියලා මං දන්නවා.ජීවිතේ හැටි..
    ගොඩක් සංවේදී ලිපියක් දුකා..
    -ජය

    ReplyDelete
  63. මටත් නංගිල අක්කල හිටිය නැති නිසා කවදාවත් ඔය අත්දැකීම ලැබුනෙ නෑ.
    අක්ක ගැන ලියපු ලිපිය වගේම හරි සංවේදී...
    නියමයි දුකා

    ReplyDelete
  64. @yasasi !
    මට මල්ලිලා නෑ නේ . . ඉතින් මම ඒක ගැන දන්නේ නෑ . . ඒත් මම තාමත් හිතෙන් දුක් විඳිනවා මල්ලී කෙනෙක් නැති එක ගැන. ඒට් දැන් නම් අක්කලගේ පුතාලා මටට් වැඩිය ලොකු නිසා අපි ඉන්නේ මාමලා පුතාලා වගේ නෙමෙයි අයියලා මල්ලියා වගේ ඒක නිසා මල්ලී කෙනෙක් නැති අඩුව පිරිමැහෙනවා

    ReplyDelete
  65. @ walkwithyogee!
    දන්නවා වුනාට කමක් නෑ මචං . . .

    තව පාරක් කටින්ම කියන්න . .. .

    බලන්න කොච්චර ලොකු වෙනසක් වෙයිද කියලා . ..

    ReplyDelete
  66. @සරදියල් !
    අයියෝ අක්කලා නංගිලා නැති ජීවිතේ හරියට පරිප්පු නැති හෝටලේ වගේ මචං . . . !

    ReplyDelete
  67. මගේ අයිය නම් තාමත් මා එක්ක වලි දානව..... මන් මග බලන් ඉන්නවා මගෙ අයිය මට ආදරේ කියල පෙන්නන දවස එනකම්.....

    ඒත් ඔයලට වගෙ නෙමේ .... මන් එයත් එක්ක තරහකුත් තියෙනව ඒ හැමොම එයට වැඩියෙන් එයට ආදරේ හන්ද......
    මන් බලන් ඉද්දි එයට විතරක් සෑළකිල්ල දක්වනව...... ඒ වෙලවට කොච්චර ඉවසන් හිටියත් තනි උන මොහොතට අඩනවා.....
    ඒ අයට තෙරෙන්නැද්ද මන්ද මට දුක හිතෙනව කියලා.......මන් ඒක නිසාමද මන්ද මිනිස්සුන්ට ආස නෑ......... මිනිස්සු එක්ක වැඩි කතාවක් නෑ.... ඒක නිසාම තාත්ත මට කියනව කෑලෑවක තමා ඉන්න වෙන්නෙ කියල.....

    මොනව උනත් අයියලට කාගෙනුත් ආදරේ වැඩියෙන් ලබනව........ඒක එහෙමයි නේද???? ටිකක් දිග වැඩි උනාද මන්ද...... :-D
    MS

    ReplyDelete
  68. අනේ මටත් දැන් හිතෙනවා වලියක්වත් දාගන්න නංගීකෙනෙක් හිටියානම් හොදා කියලා........

    ReplyDelete
  69. මම ලින්ක් එකකින් මෙතනට ආවේ.
    මටත් ඔය වගේම නංගියෙක් ඉන්නවා. රණ්ඩුවෙවී යාළුවෙවී. ඔහොම තමයි. දාල යන් දවසට කොහොම ඉවසගන්න වෙයි ද දන්නෙ නෑ.

    ReplyDelete
  70. හපොයි..මටත් ඔය ජාතියෙම එකියක් ඉන්නවා දැන් අවුරුදු 20ක් තිස්සේ....

    ReplyDelete
  71. මා මේ සටහන තබන්නේ මේ ලිපිය කියවූ දෙවෙනි වතාවේදීයි. ඇත්තටම ලස්සන, හදවතට කා වැදෙන ලිපියක්...

    ReplyDelete
  72. හැමෝටම ස්තූතියි කමෙන්ට්ස් වලට හොඳේ . ..

    ReplyDelete
  73. නියමයි ....... ඇත්තටම කියන්නේ මට අග ටික කියවන්න අමාරුයි. උගුරෙ නිකන් මොකක්දෝ දෙයක් හිරවෙනවා වගේ....මරේ මරු... කතාව ඇත්ත නේද ?

    ReplyDelete
  74. hmmmmmmmmm... aththamai dukaa aiye, man me sahodara kama uparimen dakapu dawas godak mage jeewithe thiyanawa... ath mata nan eka aiya kenek gen wada thaththa kenek gen labena maha godak watina adarayak aiye...

    ReplyDelete
  75. අනේ මේ ලිපිය මම කලින් නොදැක්කේ ඇයි? ඔබ විශ්වාස කරනවද මම මගේ අයියා ගැනත් මෙවැනිම සටහනක් ලියමින් ඉන්නේ...... මගේ අයියා එක්ක නම් මම මේ තරම් බැඳීමකින් හිටියෙ නැති උනත් එයා වෙන රටකට ගිය දවසේ ඉඳලා මට එයා නැති අඩුව ගොඩාක් දැනෙනවා. ඔබේ ලිපිය මට ඒ සොඳුරු මතකය නැවත අවධි කලා...ඇස් වලට කඳුළු උනනවා.....නංගිලා ගැන මේ තරම් ආද‍රෙන් හිතන අයියලාට ජය වේවා....

    ReplyDelete
  76. අදයි මේක කියෙව්වෙ දුකා අයියෙ...
    මගෙයි නංගිගෙයි තියෙන්නෙත් ලොකු ආදරයක්. නංගි මට වඩා අවුරුදු 10 බාලයි. මට තමයි ගොඩක්ම ආදරේ. මම මෙහෙ එද්දි මට කියනව බෑග් එකක දාගෙන එයාවත් අරන් යන්නලු... :D

    ReplyDelete
  77. මගේ රත්තරං මල්ලියත් අද හිටියනම් මටත් මේ වගේම ලිපියක් ලියන්න තිබ්බ එයා ගැන. ඇත්තටම මටනම් ඇඩුන.

    ReplyDelete
  78. අදමයි මේක කියෙව්වෙ අයියේ....
    අනේ ඇත්තමයි මම තාම අඬනවා. මට අයියා කෙනෙක් නැති වීම මට හැමතිස්සෙම ගොඩක් දුක හිතෙන දෙයක් වුනා. අද ඒක වෙනදටත් වඩා තදින් දැනෙනවා. පවුලක එකම දරුව වෙන එක නම් ඇත්තටම ලොකු දුකක්...... කොහොමහරි.... ඉතාම හොඳ ලිපියක්.... ඔබට සුබ පතනවා.....

    ReplyDelete
  79. මේක නම් හරිම සන්වේදියි..කියවගෙන යද්දි පුන්චි කාලෙ මතක් උනාට අන්තිම ටිකෙන් හිතට දැනෙන්නෙ ... අනේ අපි ලොකු නොවී හැමදාම මෙ වගේ දන්ගකාර කමින් ඉන්න තිබුනනම් කියල .. කවදහරි අපිටත් මේ දේට මුහුණ දෙන්න වෙනව කියල මතක් වෙද්දි සිතට දුකක් දැනෙනව වගේම ඇහැට කදුළු ආවෙ ඉබේටම වාගෙ .. කාලය ගෙවෙන එක නවත්වන්න බැරි උනත් ..මගෙ අයියට මම හමදාමත් ගොඩාක් ආදරෙයි .. බොහොමැ ස්තුතියි...

    ReplyDelete
  80. mage akkala dennatath duka ayyage kathawe widihata hithenna ethi. mame pawle podi eka. mage jeewithetath godak sameepa kathawak. mage akkala denna monawa kiwwath eyalata mame pana wage adarei. eyalath ehimai.

    ReplyDelete
  81. අම්මෝ.............මම අඩනවද කියල හිතා ගන්නත් බෑ.......මම අඩනව වගේ අයියේ..................

    ReplyDelete
  82. ආදරණිය දුකා අයියේ...මේක ඇස් තෙත් කරපු කතාවක් උනා දුකා අයියේ....

    ReplyDelete
  83. ඔයාට නංගි ලැබුනෙ වයස 3 දි මට මගෙ මල්ලි ලැබුනෙ වයස 9 දි. එයාට මම ආදරේ තරම දැනුනෙ එයාගෙ වකුගඩු දෙකම නක්වෙලා කියල දැනගත් දවසෙ.ඒකත් මගෙ ආත්මාර්තකාමීකමට, මාව බලන්න එන එයාගෙ බයික් හඬ නෑසී යයි කියන බයට.මාව තනි වෙයි කියන බයට.ඒත් මම තනි උනේ නෑ එයා දැන් එන්නෙ ත්‍රීවීල් එකෙන්. ඒ සද්දෙත් නරක නෑ.

    මට අම්ම තාත්තා නැතිඋනාට මගෙ අක්කත් මල්ලිත් මගෙ සැප දුක හොයල බලනවා. ස්කයිප් වලින්හරි. ඒකත් ලොකු උනුහුම දැනෙන විදියක් නේද?

    ReplyDelete
  84. උඹට හොද හිතක් තියෙනවා...

    ReplyDelete
  85. සහෝදරයෙක් හරි සහෝදරියක් හරි නැති උනාම තමා ඒක කොච්චර ජීවිතේට බලපානවද කියලා දැනෙන්නෙ .........

    ඔයා වාසනාවන්තයි අයියෙ .......

    ReplyDelete
  86. ඇත්තටම ලස්සනයි ලිපිය.

    ReplyDelete
  87. ඇත්තටම හොඳ ලිපියක්....නංගිලා නැති අයියලාට මොනවා හිතෙවිද දන්නෙ නෑ..:)
    මටත් නංගියෙක් නෑනේ....:(((((((((

    ReplyDelete
  88. දුකා අයියෙ, ඔයාට නම් හම්බෙලා තියෙන්නෙ ඇත්තටම දෙ‍ය්යො දුන්න තෑග්ගක් තමයි... මටත් නෑ නංගියෙක් වත් අක්කියෙක් වත්.... නැති කෙනාටනෙ අගේ ගොඩාක්ම දැනෙන්නෙ...

    ReplyDelete
  89. අපි තුන්දෙනත් කවදාහරි ඔය විදිහටම අපි එකට ගත කරපු කාලේ ගැන හිතයි.. ගුටිබැට රණ්ඩු වලින් තාම අඩුවක් නෑ.. ඒත්.. අනේ මංදා,.. සහෝදරකම කියන්නේ නං පුදුම එකක්.. :'( :'(... හැමදේම මතක් වෙද්දී.. අපිත් ටික ටික ඈති ඈතට අඳෙනවා නේද කියලා දැනෙනකොට නම් ඉවසුම් නෑ.. දැන් අයියා දුරක.. මමත් ගෙදරින් දුරට ඇඳෙන්න කල් ලං වෙනවා..(මම නං ලංකාවෙම ඈතකට.අයියා..ලංකාවෙං දුර ඈතක..)
    ජීවිතේ පුදුමාකාරයි... ^_^..හැමෝගෙම ජීවිත එක වගේද..කියලා මට හිතෙනවා.

    ReplyDelete
  90. sdfsfඇත්තටම මගේ ඇස් වලට කදුලු අවා....
    මට මෙහෙම අත්දැකීමක් නැතිනිසා වෙන්න අති....

    ReplyDelete
  91. අන්තිම ටික කියවද්දි ඇස් බොද් වුනා,
    මාත් මේ දුක පපුව ඇතුලෙ තියගෙන මේ දවස් වල සුසුම් හෙලනවා,
    හැබැයි මම දුකා අයියේ උඹැ තරම් වත් නන්ගි බලන්න යන්න වාසනා වන්ත නෑ.

    ReplyDelete
  92. හ්ම්...සම්පූර්ණ ඇත්ත,හැම අයියෙකුගේම හිතේ ඇතිවෙන දේ...මගේ නංගිත් තව අවුරුදු ගානකින් යාවි...
    අද වීරය වගේ ඉන්න මමත් එදාට මදිනොකියන්න අඬාවි...

    ReplyDelete
  93. දුකා අයියේ, මේ පෝස්ට් එකට මම ආවේ ඔබේ සැප මගේ සතුටයි පෝස්ට් එක දිගේ. මටත් ඉන්නෙ නංගියෙක්. හැමදාම නිවාඩු ඉවරවෙලා ගුවන්තොටුපලට එන්න පිටත් වෙන්න හදද්දී ඒකි මොනතරම් අඬනවද? අර කීවා වගේ කෑගහලා අඬන්න බැරි කමට මම හිතින් අඬ අඬ එනවා. පොඩි කාලේ මොනතරම් රන්ඩු වුනත්, මොන වදයක්ද යකෝ කියලා බැන්නත් ඒ තියන සහෝදරකම ගැන විස්තර කරන්න වචන නෑ. ඒත් ඉතින් නංගියෙක් කියන්නේ කවදා හරි අපිට අහිමිවන වස්තුවක්. මේක කියවගෙන යද්දි මගේ ඇස් බොඳ වුනේ මටත් හොරෙන්........

    ReplyDelete
  94. මේ ඉස්සර ලියපු ලිපියක් තාමත් කට්ටිය කියවනවා දැක්කාම සතුටුයි.

    ReplyDelete
  95. mata mara dukai me kathawa kiyawala..eth mata nangi kenek hitiye na..mage hondama yaluwage nangi math ekka afr ekak thibba.eth mama eka mage yaluwata kyanna kalin mattu wela ,api dennawa ath kara.passe mama samawa gathhat kalin wage apita katha karranna chance thibbe na.. eth mama passe danagathhe meka danagena api dennawa ath kare, minihawa salliwalata gathha meeta kalin kelek ge life ekak nathi karapu mata wada sallikarayekta nangiwa set karranna kyala.hondama wade minihage jara wada dana danath minihage thagiwalata salliwalata nangiwa wikunanna yana eka. eth mama tamath wiswasa karanawa athha adaraya wenas karranna ba kyala.me wage hondha ayyala asse me wage kuhaka jara ayyalath innawa me kale.Hama ayyama duka ayya wage na.

    ReplyDelete
  96. උඹ වාසනාවන්තයි අයියෙ!
    ඇහැට කදුලු එන කතාවක් මේක..

    ReplyDelete
  97. http://sinhalablogsport.blogspot.com/2009/11/blog-post_03.html

    ReplyDelete
  98. අහම්බෙන් ඔයගෙ බ්ලොග් 1ට ගොඩ වුනේ...
    කතාව ගොඩා....ක් දැනුනා හිතට...
    අනේ මටත් අයියා කෙනෙක් හිටියා නම් කියලා හිතුනු වාර අනන්තයි..
    කාටත් හොරෙන් රැට කොට්ටයක් බදාගෙන ඉකි ගහපු දවසුත් තිබුනා...
    ඒත් ඉතින් මොනවා කරන්නද..
    ලබා උපන් හැටි වෙන්න ඇති..

    ReplyDelete
  99. niyamai ;( hema genu daruvek genama tamangema nangi wage kyla hithanna thibunanm kyla hithenwa

    ReplyDelete
  100. niyamai,,,,,,,,,,,,,,,kathawa kiyawala comments beluwamath thawath dukai,,aththatama aduna boru kiyanna oni nane ithin ,,,,,,
    mata nm magema kiyala aiyek ne,,bt mge thathage aiyage putha mage pana,,,api 2 godak fit,,,,ath me katahwa kiyewwama nm dukai matai aiytai ehema randu wenna luck 1k nathi nisa,,, :D eya tath nagiyek innawa,,ape akkth eyage nangi,,ath akkai eyai hemawelema randu ,,mn aiyata wda balai awrudu 5k eya dn uni mn dn a/l ,,aiya thamai mt teach karanne chemistry ,,,,දුකා kiuwa wge magei aiyagei gawath ara purudda thinawa ,,kohe hri yanakota aiyai mai ath allan 2ge agili mirikanawa,,konithanawa,,,api 1ta inna welwata
    aniwa api 2kanne bonneth ekata,,eyai mai inne then 2ka unath api 2 udetai hawsatai aniwa msg 1k yawawanawa good morning kiyala and good night kiyala,,,,,,,,hemawelema hoyala balanawa,,,mn laga inna akkata wda mn gena danne aiya,,,ledak dukak unath akka neme balanne aiya,,,aiya kiyana ona deyak ahanna mn 2parak hithanne ne ,,,coz mn dannawa kawadawath mt wereddak wena deyak eya nokiyana bwa,,ape pawule unath me aiya-nago famous,,kohe giyath mokak karath 1ta anith ayata baldi danna unath api 2 1ta,,,akka ekka fit wela mwa awussana welawaluth thinawa,,,thatha ekka ekathu wela mwa rawattala mn gdak aduwa dawasak,,eda witari api 2 tikak randuwen hitiye,,,eda awrudu dawsak,,ape gedara awe eya nawathinna,,bt mt eya magata awith sms kra mn anne ne kiyala,,aiya ena dawsata uyanne mn mt anne ne kiuwama duk hithila mn eda ewwe mara upset 1,,eya horen awith ,,,eda mt kenthi giya gdak so,,,mn eyath ekka kta kreth ne eya mn nodunna nisa theth nobi inna haduwe amma mt benna nisa mn T tray 1 aityta alluwath eya bonna gaththe ne ,,mn bonna kiuwe ne kiyala,,eta passe mn bonnath kiuwa,,,dawalta kankota mara awula 2ma 1ta kana purudda nisa,,mn ath tharahin boruwata hitiya hemoma kewath eya kewe ne,,,punchi 2gen kanwadawath naha bath bedala lagata genath dunna,, :D mathak wena kota hina,,2 bath keweth horata,,anthime nawathinna apu aiya yanna lesthi una eyage amma ekkama tharaha aya innawa bappe mt inna be kiyala,,,akka kiuwa thamuse ekka mn tara nane innawa kiyala,,,ath dn meya bag 1th aran mt kara kiyagnna deyak ne,,as 2 winasai :'( ,,,aiya giye ne anthime,,api hawsa calido giya ath thama kta ne dennama,,,enakota wessa ,,,ammai akkai 1 kudheka ,,ayyai mai 1kaka,,bt ath fit ake katha ne...wessa wdhi kra godak,,mwa themenna nodi eya themi thmei mwa aiya thurulu karan ekka giye thathatath wda godak adaren,,,randu iwarai,,,,nangilata aiyalata wda herola ne ,,,aiyalata nangila suraduthiyo,,,,,,,gdakma watina bedhima sahodarakama ,,aiya kenek nangi kenek gwa tina sambndhe gdak wishshai,,,,comment 1 kathawak unata :( sry
    mat dn thina awula api 2 kawadawath blog post 1 wge randu wela nathi 1!!!!!!!!!!! :O

    ReplyDelete
  101. comment 1 kathawk wge digaine :( eka mge :(
    mn sithara 4m kalutara............

    ReplyDelete
  102. කඳුළු තරු කැටJune 7, 2013 at 10:10 AM

    ඇස් දෙකට කඳුළු ආව මේක බලල..හැම සුන්දර බඳීමකම මහා ලොකු දුකක් තියනවා..මගේ අක්ක බැඳලා යද්දිත් මට එක දැනුන..මාව බදාගෙන අඬපු හැටි කවදාවත් අමතක වෙන එකක් නැහැ මට.. ;'(
    සුබ පතනව ඔයාට..!!!
    http://www.facebook.com/kandulutharu?ref=tn_tnmn

    ReplyDelete
  103. අනේ හරිම ලස්සන කතාදක් දුකා අයියෙ..ඒත් මට අයියෙක් නෑ ...
    මන් ගොඩක් ආසාවෙන් ඉන්නෙ අයුයෙක්ට .ඒත් නෑ .නංගියෙක් නම් ඉන්නව එයත් ඔය වගේමයි ..මාත් එයාට ඊරිසියා කරා මට වඩාඅ එයාට කට්ටිය ආදරේ කරාට..අපි වලිමයි හැමවෙලේම ..ඒත් මන් එයාට අමටවත් ව්ව්ලාවකට ගහන්න දෙන්නෙ නෑ ..එයත් මට ආදරෙයි..

    ඒත් මාත් ඊලග ආත්මෙ අයියෙක්ව ප්‍රාර්ථනා කරනව..

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails