Tuesday, June 23, 2015

සිතුවිලි ගඟ . . !

ගඟ:
බෝ දුරක සිට ඇවිත් 
නැවැත් වූ පසුව එහි
සුකෝමල ගමන් මඟ
බැඳ දමා ඇල වේලි
ඉවසලා බැරිම තැන 
ගලා යයි පිටාරව 
ගම් බිම්ද යටත් කොට . .

සිතුවිලි:
මතක ඇතිදා පටන් 
හිත් කොනේ ගොඩ ගැසුණු
දිනෙන් දින විසල් වූ
හොඳද නරකද නොදත්
ගරහන්න සැදි ලොවක
ගැරහුමට බිය සැකෙන්
විසි කරන්නට බැරුව
තව තවත් ගොඩ ගසන . . !


Pic from: http://www.prevention.com/

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails