Sunday, March 18, 2012

සෆීර් . . . !



මතක විදිහට මම සෆීර්ව ඉස්සෙල්ලාම දැක්කේ ජෝන්ද සිල්වා එකේදි . .

ලුම්බිනියෙදිත් ඒ දවස්වලම දෙපාරක්ද කොහෙද දැක්කා.

පුදුම කලබලයකින් එහා මෙහා ගිය සෆීර් දිහා මම බලන් හිටියේ පුදුමයෙන් වගේ.

අවට හිටපු ප්‍රසිද්ද හැම කෙනාම සෆීර්ව තත්පරේකට හරි කතාවට අල්ල ගන්න උත්සාහ කරනවා කියලා මට දැනුනා.

කිසි කෙනෙක් ලඟ වැඩි වෙලා ගත නොකරපු සෆීර් ඒ හැමෝටම අව්‍යාජ හිනාවක් දාලා කතා කරන්න බැරි උනු අයගේ උරහිසට තට්ටුවක් දාගෙන හරි ඒ අය ලඟින් ගියේ සුපුරුදු කලබලකාරී ගතියෙන්මයි . . .

මෙතන ඉන්න මේ ප්‍රසිද්ද අය එක්ක වත් කතා බහ කරන්න කාලයක් නති තරම් කාර්යබහුල සෆීර් නම වැඩිය ප්‍රසිද්ධ නොවුනත් මේ හැමෝටම වඩා ප්‍රසිද්ද කෙනෙක් වෙන්න ඇති.

මම එහෙම හිතුව.

මේ අය එක්ක වගේම ඒ අය කිසි කෙනෙක් අඳුන්නේ නැති මාත් එක්කත් සෆීර් ටිකක් හිනා උනොත් . . ආ මල්ලී කියලා පිටට තට්ටුවක් දානවනම් . . .ෂා කොයි තරම් දෙයක්ද . .

මේ පෝලිමේ ඉන්න අය දිහා මට එතකොට ආඩම්බරෙන් බලන්න පුලුවන් වෙයි . . .

නාට්ටිය පටන් ගන්න වෙලාව එනකම් තැන් තැන් වල කල්ලි ගැහිලා කතා කර කර ඉන්න ජනප්‍රිය අයත් එතකොට මාත් එක්ක හිනා වෙයි . .

සමහර විට එයාලගේ කල්ලියකට සෙට් වෙන්න මටත් ආරාධනා කරයි . .

මේ මට හිතුනු දේවල් . ..

ඒත් එහෙම නාදුනන කෙනෙක්ගේ උරහිසකට තට්ටු දාන්න තරම් කාලයක් සෆීර්ට තිබුනේ නෑ . . .

අර කිව්වත් වගේ ඔහු හරිම කාර්‍යබහුල කෙනෙක් . . ඉතිං එහෙම කෙනෙක් පුද්ගලිකව අඳුන ගන්න එක ලේසි නැති බව මට තේරිලා තිබ්බා . ..

ඒ කාර්ය බහුල සෆීර් එක්ක මුලින් කතා බහ කරන්න හම්බ උනෙ සෆීරුයි අර කලින් "පිස්සන්ට හැතැප්ම නෑ සහ නාට්‍ය පිස්සුව" පෝස්ට් එකේ
කියපු මට නෝන්ඩියක් දාපු හේමන්ත ප්‍රසාද් අයියයි කතා බහ කර කර ඉන්න වෙලාවක එතනින් ගිය මාව දැකලා ප්‍රසාද් අයියා . . "ආ පොඩි එකා . . . අදත් නාට්ටිය බලන්න ආවද" කියලා අහපු වෙලාවක මාත් බලෙන්ම වගේ එතනට සෙට් වෙච්චි නිසයි.

ඉන් පස්සේ මමත් අර සෆීර් උරහිසට තට්ටු දාගෙන හරි යන්නම් කියාගෙන හරි යන අයගේ ලිස්ට් එකේ කෙනෙක් වුනා . .

දවසක් මගේ යාලු අජන්තට ප්‍රසාද් අයියව මුන ගැහෙන්න යන්න ඕන වෙලා මාවත් එක්කගෙන ගිය දවසේ තමයි මම හරියටම දැන ගත්තේ සෆීර් ඇයි ඒ තරම් ජනප්‍රිය කියලා.

ගොඩක් අයගේ නාට්‍ය වල සෙට් එක
හදන්නේ (වේදිකා අංකරණය කරන්නේ) සෆීර්.

අපි ගියේ සෆීර්ගේ ඇනෙක්සියට. එදා අපි යන දවසේ ඩෙනිමක් ගහගෙන ස්කිනී එකක් ඇඳගෙන දාඩිය පෙරාගෙන ප්ලයිවුඩ් ශීට් එකක් කප කප සෆීර් හිටියා.

එදා ප්‍රසාද් අයියා කියපු විදිහට සෆීර්
තියෙන නාට්ටි ඇම්ම නිසාම නිකම් වගේ තමයිලු මේ සෙට් හදන වැඩේ කරන්නේ . . . !

අතේ තියෙන තුට්ටු දෙකෙන් පානුයි පරිප්පුයි ගෙනත් බෙදා හදාගෙන කාලා රිහසල් කරන්න . . . අහක දාන ලෑලි වලින් සෙට් හදලා . . ලාබෙට ලුම්බිනිය හරි ජෝන්ද සිල්වා එක හරි අරගෙන කට්ටියගේම සල්ලි එකතු කරගෙන නාට්‍ය කරන්න තරම් නාට්‍ය පිස්සෝ අපේ ලංකාවේ ඉන්න බව මම ඒ වෙන කොට දැනන් හිටියා.

මේ හැමදේම ඒ අය කලේ නාට්‍ය කලාවට අහක දාන්න බැරි තරමට තියෙන ආදරේ මිසක් වෙන කිසි දෙයක් නෙමෙයි කියන එක ඒ නාට්‍ය කන්ඩායම් සමඟ ගැටෙන, ඒ අයගේ හද ගැහෙන රාවය හඳුනන අයට මිසක් වෙන කිසි කෙනෙක්ට තේරුම් ගන්න බැරි බව මට විස්වාසයි . . .

මේ ඔක්කෝම පල් හෑලි ලිව්වේ ස්කයිප් එකෙන් ලඟදී දවසක් කතා කරද්දී සෆීර් කියපු දෙයක් නිසා . . .

"කරන රස්සාවෙන් දෙයියනේ කියලා දරු පවුලට කන්න අඳින්න දීගෙන ඉන්න පුලුවන් කම තියෙද්දී . . . තාමත් මේ නාට්‍ය කලාවට බැහැලා එක එක දේවල් කරන්නේ මේ නාට්ටි කලාවට තියෙන ඇම්ම නිසයි මචං . . "

ඒ නාට්‍ය ඇම්ම තියෙන නාට්‍ය කලාවට ආදරේ කරන "සෆීර්" රට වෙනුවෙන් මහා ලොකු කාරියක් කරන්න අත ගහලා දැන් ටික කාලයක් වෙනවා . .

ඒ කාරියේ කූට ප්‍රාප්තිය මේ මාසේ 26 වෙනිදා ඉඳන් අප්‍රේල් 2වෙනිදා වෙනකම් Colombo British School එකේ රඟහලේදි විකසිත වෙනවා.

කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල 2012 - Colombo International Theater Festival

මේ තමයි මාර්තු 26 වෙනිදා ඉඳන් අප්‍රේල් 2වෙනිදා වෙන තුරු
Colombo British School රඟහලේ සුපිපෙන නෙළුම . . .

ඇත්තෙන්ම සෆීර් ඇතුලු නාට්‍ය කලාවට ආදරය කරන බොහෝ දෙනෙක්ගේ වැර වෑයමෙන් පුබුදුවාලන්න උත්සාහ කරන නෙළුම කියන්න මම වඩාත් කැමතියි . . .

මේ ගැන වැඩි විස්තර මෙන්න මේ ෆේස්බුක් ගෲප් එකෙන් ලබා ගන්න පුලුවන්. https://www.facebook.com/CITFSriLnaka

ටිකට්ස් මෙන්න මෙතනින් ගන්න පුලුවන් http://www.ticketslk.com/movies/305/show_movie

මේ තියෙන්නේ සෆීර්ගේ ඉන්ටර් ඇක්ට් රංග ආයතනයේ බ්ලොග් අඩවිය. http://interactart.wordpress.com/

රංග කලාවට අසීමිතව ආදරේ කරන සෆීර් විසින් ශ්‍රී ලාංකීය රංග කලාවට දායාද කරපු නවතම අත්දැකීමක් වන "බැලැක් බොක්ස්" ගැන වෙබ් අලෝචනා බ්ලොග් අඩවියේ ලිපියක් දවසක් පල වෙලා තිබුනා . .ඒකත් කියවලා බලන්න . . "කුමට බ්ලැක් බොක්ස්?: බ්ලැක් බොක්ස් රංගයේ අදාලත්වය සහ වෙනත් දෑ ගැන අදහස් කීපයක්"

වෙබ් අලෝචනා බ්ලොග් අඩවියේ තිබුනු "ජාත්‍යන්තර නාට්‍ය උලෙලක් අපට මොකට ද?" යනුවෙන් ලියූ ලිපියේත් මේ සද්කාර්‍ය ගැන බොහෝ කරුනු කාරනා අඩංගු වෙලා තිබුනා . . .

බ්ලොග් අවකාශේ ඉන්න ගොඩක් අයත් මේ රංග කලාවට ආදරේ කරන අය කියලා මගේ කලින් පෝස්ට් එකේ කොමෙන්ට්ස් එහෙම කියෙව්වාම මම තේරුම් ගත්තු නිසා . . මේ විවෘත ආරාධයන ඔබ සැමට . .

සියලු දෙනාම යන්න ගිහින් මේ දුර්ලභ අවස්ථාව රසවිඳින්න . .. සමහර විටෙක ජීවිතයේ එක් වරක් විතරක් අත්විඳින්න ඉඩ ලැබිය හැකි අපූරු අත්දැකීමක් ලබා ගන්න . .. !!

26 - 03 - 2012 - Changeable cohesion - Germany

27- 03 - 2012 - Passengers – Sri Lanka-by Janakaraliya-Ronika Chamali & S.Leelawathi

27- 03 - 2012 - The old man and the sea - Iran

28 - 03 - 2012 - Sitabo Lalang Lipa - Indonesia

29 - 03 - 2012 - Chutt-Delhi India-Dr. Ashish Ghosh

30 - 03 - 2012 - Elfi-S.Dayalan

31 - 03 - 2012 - Akhiyan Walio (People with eyes)-Pakistani-1

01 - 04 - 2012 - Dangalnama-Pune, India-Pro. Vidyanidhee Vanarase

02 - 04 - 2012 - Caged-M.Safeer

මේ පහල තියෙන්නේ නාට්‍ය පෙන්වන කාල සටහන . . . Tickets

Colombo International Theater Festival 2012 @ The British School in Colombo

Details

Show Date
Show Time
Ticket Price (Rs)
Play
Director
26th Mar3.30 | 07.00 PM
1000 | 500 | 300
Changeable cohesion - GermanyGerda Konig and Gustavo Fijalkow
27th Mar3.30 | 07.00 PM
1000 | 500 | 300
The old man and the sea - IranZahrasadat Aziminia
(Iran’s Sayeh Theater Group)
3.30 | 07.00 PM
1000 | 500 | 300
Passengers – Sri LankaRonika Chamali | S.Leelawathi
(Janakaraliya – Theater of people)
28th Mar3.30 | 07.00 PM
1000 | 500 | 300
Sitabo Lalang Lipa - IndonesiaMuh.Saeful
(UKM Seni dan Budaya Talas)
29th Mar3.30 | 07.00 PM
1000 | 500 | 300
Chutti (Story-telling theater) - DelhiDr.Ashish Ghosh
(Anant Theater Group)
30th Mar3.30 | 07.00 PM
1000 | 500 | 300
Talk is Small (a play with scrabble) - AustraliaBrendon O’Cannel
(by Big One Little One)
3.30 | 07.00 PM
1000 | 500 | 300
Elfi - Sri LankaS.Dayalan
(Inter Act Art Black Box Theater)
31st Mar3.30 | 07.00 PM
1000 | 500 | 300
Akhiyan Walio (People with eyes) - PakistanAamir Nawaz
(Maas Foundation - Pakistan)
01st Apr3.30 | 07.00 PM
1000 | 500 | 300
Dangalnama -PunePro. Vidyanidhee Vanarase
(Flame School of performing arts)
02nd Apr3.30 | 07.00 PM
1000 | 500 | 300
Caged - Sri LankaM.Safeer
(Inter Act Art Black Box Theater)

Tickets

SHOW DATES
09/03/2012 -
SEAT TYPEFULL(RS.)HALF(RS.)
10001,000.00-
500500.00-
300300.00-








මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails