Tuesday, December 11, 2018

ඒ කාලය ආයේ පතමි !

















ගඟට කැපූ ඉනි ගංදියෙ පාවෙනවා බලා උනිමි
පළගැටියෙකු විලසින් නුඹ පහන් දැල්ල වෙතම ඇදුනි
මහාමෙරක් උසට තිබුනු සෙනෙහස හෙමි හෙමින් ලිහුනි
හදේ කොනක සුව නොවෙනා තුවාලයක කබොල දැනුනි

මතක පොතේ පිටු පෙරළන හැම මොහොතෙම පපුව දැවුනි
සෙනෙහස සිහිවෙන මොහොතෙම අමාරුවෙන් දැස වසමි
කිසිම කෙනෙක් නොමැති තැනක කඳුලු දෝරේ ගලා යවමි
එක ගුලියට එකට උන්නු ඒ කාලය ආයේ පතමි

වෙන වටිනා දෙයක් නැතත් ආදර මිණි පළිගු තුබුණි
සොර සතුරෙක් පැමිණ සියලු මිණි මුතු හැංගුවා වැනී
අභිමානෙද ආදරයද එක කාසියේ දෙපැත්තෙනී
කවුද වැරදි කවුරුද හරි සිතා ගන්න කොහෙත් බැරී . . . !

Pic from: https://unsplash.com/photos/GIK1tsETnXI

8 comments:

  1. මුල් කවි දෙක ලස්සනට ගලාගෙන එනවා අන්තිම කවියේදී ඒ තාලය පොඩ්ඩක් පිට පනිනවා වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්. ආයේ උත්සාහ කරලා බලන්න ඕන එහෙනම්

      Delete
  2. ඒ කාලය නැවත ලැබේවා කියා පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මියුරු ආයේ කවදාවත් එයිද කියලා සුවර් නෑ නමුත් ඒවි කියලා බලාපොරොත්තුවක් හිතේ තියෙනවා

      Delete
  3. Replies
    1. ස්තූතියි ඉයන්. හරි එහෙනම් ආයේ ට්‍රයි කරන්නම් වෙනස් කරන්න

      Delete
  4. අතීතයක සැමරුම් නිති එහෙට මෙහෙට වැදී වැදී
    එතී දැවටිලා හදවත දුක් සුසුමන් සේල බඳී
    සිතීමෙන්ම නෙත් අදියස උනු කඳුළක් කඩා වදී
    ගතී උඹේ මේ කවි පද හදවත ඇතුළටම වදී...

    ජයවේවා!!!

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails