UAE Sri Lankans Events

Wednesday, April 2, 2014

ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී . . . !!


පහුගිය කාලේ ෆේස්බුක් එකේ පොඩි සංවාදයක් ගියා. ඒකේ විෂය උනේ මහාචාර්‍ය සුනිල් ආරියරත්න මහතා විසින් රචිත, නන්දා මාලනිය විසින් සංගීතවත්කොට ගායනා කරන “සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ” ගීතයෙන් කියවෙන වයසක දෙමාපිය යුවලකගේ ආදරණීය ඉල්ලීම එහෙම ආදරණීය ඉල්ලීමක් නොව චෝදනාකාරී අඬවැඩියාවක් බවයි.

අවාසනාවට මට ඒ සංවාදයට ප්‍රායෝගිකව එක්වෙන්න බැරි උනත් ඒ සංවාදයේ ගොඩක් කොමෙන්ට්ස් කියෙව්වා. සිංහලෙන් ටයිප් කරලා මගේ අදහසත් එතනදී සාකච්චා කරන්න ඕන කියලා හිතුනත් ඒ දවස්වල තිබ්බ අවිවේකී බව නිසා ඒක කරන්න බැරි උනා. දැන් ඒ සංවාදය ආපහු සොයන්න ලේසි වෙන එකක් නෑ කියලා හිතෙන නිසා මට එදා කියන්න ඕන උනු දේවල් මගේ බ්ලොග් එකේ වත් ලියන්න ඕන කියලා හිතුවා.

ඔක්කෝටම කලින් සිංදුවේ වචන ටික කියෝලා සිංදුව අහලා ඉමුකෝ . .

සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරුපිරිවර මැද සුවසේ
ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
මං විතරයි තනියෙම දැන් මගේ නිවසේ . .

නුඹලගේ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුනු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඳුලැලි දරාගෙන

දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිඹින්නේමී
මනසින් එදා කෙලි සෙල්ලම් දකින්නෙමී
මරණයේ දොරකඩට සපැමින සිටින්නෙමී
ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී . .



මතක හැටියට එතනදී අදහස් දක්වපු බොහෝ දෙනෙක්ගේ අදහස උනේ ගොඩක් දෙමාපියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ වැරැද්ද කරන බවයි කෙටියෙන් කීවොත් මේ පහත ආකාරයේ නෝක්කාඩු වයසක දෙමාපියන් විසින් දරුවන්ට සිදු කරන බවයි.

වයසක අපි ගැන උඹලා බලන්නේ නෑ;
උඹලා පොඩි කාලේ අපි අපි හැම දේම කැප කලේ උඹලා වෙනුවෙන් ඒත් උඹලට අපිව බලන්න එන්න වත් වෙලාවක් නෑ;
ලේ කිරි කරලා, ගූ හුජ්ජ අතගාලා හදපු දෙමව්පියන්ට වඩා කොහේවත් ඉන්න උන් උඹලට ලොකු උනා එහෙනම්;

ඒ කතා මොනවා උනත් මට නම් මේ ගීතය ඇහෙද්දී දැනෙන්නේ පුදුම දුකක්. අහන්න එපා ඒ දුක ළමයි නිවාඩුවට ගෙදර එනකම් බලන් ඉන්න මගේ අම්මා තාත්තා ගැනද කියලා.

මම හිතන්නේ මම දුක් වෙන්නේ මම ගැන.

මේ සිංදුව ඇහෙන හැම මොහොතකම මට මැවිලා පේන්නේ පුංචි කාලේ ආදරෙන් ඉඹ ඉඹ හදපු දරුවෝ කොයි වෙලේල අපිව බලන්න එයිද කියලා හාන්සි පුටුවක වක ගැහිලා බලන් ඉන්න වයසට ගිය මාව. විසි කරන්න ලෝබ කමට අල්මාරියේ කොනක හංගගෙන ඉන්න විරුල් පුංචි කාලේ ඇඳපු ඇඳුමක් ඉඹ ඉඹ පුතාගේ පුංචි කාලේ දඟ වැඩ හිතෙන් මවාගෙන එහෙම නැති නම් පුංචි කාලේ වීඩියෝ එකක් බලාගෙන ඇස් දෙකේ ලොකු කඳුලු බෝල පුරෝගෙන ඉන්න මගේ ගෙදර උන්දෑව . .

අර දෙමාපියන්ගේ චෝදනා ගන චෝදනා කරන අයගේ හිතේ කොනක හරි තියෙනවා ඇති කියලා මට හිතෙනවා "දෙමාපියෝ දරුවෝ හදන්නේ අනාගත ආයෝජනයක් විදිහට වෙන්න ඇති" කියලා කරන උපකල්පනය.

ඒත් මම නම් කියන්නේ ඒක එහෙම නෙමේ කියලයි.

කලින් ජෙනරේෂන් වල් නම් මම දන්නේ නෑ අලුත් ජෙනරේෂන් එකේ නම් දෙමාපියෝ දන්නවා රටේ ලෝකේ ආර්ථිකේ යන විදිහට ළමයින්ට දෙමාපියන් ලඟට වෙලා බේබි සිටින් අහ් නෑ පේරන්ට් සිටින් කරන්න බෑ උන්ට උන්ගේ ලොකේ හොයාගෙන දෙමාපියෝ ජීවත් වෙන රටේ වෙන දුරකට හරි නැති නම් ලෝකේ වෙන කොහේ හරි රටකට හරි යන්න වෙනවා කියලා .

අක්කගේ ළමයින්ට බේබි සිටින් කරන්න මම ගියේ ඒ ලෙවල් කරද්දී . . ඒ ලෙවල් පස්සේ අවුරුදු 2ක් ඉන්ග්‍රීසි ක්ලාස් එකකට ගියා මිඅක් කිසිම දෙයක් ඉගෙන ගන්නේ වත් නැතුව අක්කගේ ළමයි බැලුවා. නංගිත් එහෙමයි. ඒ කියන්නේ එක අතකින් අක්කගේ ළමයින්ට මායි නංගියි දෙමාපියන්ම තමා.

මම ඉතිං මැදපෙරදිගනේ, අක්කගේ ලොකු එකා ඒ ලෙවල් කරද්දී ඉස්කෝලේ වලියකට බොරැල්ලේ චන්ඩි වගයක් ගහන්න ඇවිත් නංගී උන් එක්ක මාර ගේමක් ඉල්ලුවා."මුන්ව ඇහේ තියාගෙන හදලා එක එකාගෙන් ගුටි කන්න දෙන්න කොහොමද බන්" මොකට ඔය චන්ඩි එක්ක හැප්පෙන්න ගියාද කියල අපි නංගිට බැන්නම ඒකි කිව්වේ එහෙම.

උන් නිසා තමයි අපි ඉගෙන ගත්තේ අපි ළමයි හැදුවේ අනාගත ආයෝජයනකට නෙමේ කියලා . . . දැන් උන් උන්ගේ ලෝකවල. අපිට කෙනෙහිලි කමක් කලොත් බනිනවා මිසක් අපි උන්ගෙන් මෙලෝ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ . .

ඒත් දෙමාපියන්ට දරුවෝ මොන තරම් ලොකු උනත් වයසට ගියත් උන් දරුවෝමයි. අක්කගේ ළමයි අපිට වඩා ලොකු උන් උනාට අපි තාම ආසයි උන්ව පොඩි කාලේ බදාගෙන හුරතල් කලා වගේ තුරුල් කරන් ඉන්න. අපි දැන් පොඩි උන් නිසා මගේ පුතාව නංගිගේ පොඩි උන්ව නදීෂගේ නංගිගේ පොඩි උන්ව තුරුල් කරන් හුරතල් කරනවා. මුන් වයසට ගියත් දෙමාපියන් විදිහට ඒ විදිහටම හුරත කරන්න තියෙන ආසාව නැතිවෙයි කියලා මම නම් හීනෙන් වත් හිතන්නේ නෑ.

ළමයින්ටත් හිතෙන්න පුලුවන් "මොන සමයංද අපිත් දැන් ලොකු එවුන්" . . "ලැජ්ජ නැද්ද හුරතල් වෙන්න" . . "මිනිස්සු දැක්කොත් හිනා වෙයි" . . .කියලා ... එතනදී දෙමාපියන්ගේ හිතේ අර අසාව ඉෂ්ඨ කර ගන්න බරි දුක එලියට එන්නේ නෝක්කාඩුවක් විදිහට කියලයි මට හිතෙන්නේ . ..

දකින උන්ට ඕන බන්බුවක් හිතාගන්න කියන්න . . . තමන් කොයි තරම් වසක උනත් කමක් නෑ වයසක අම්මා තාත්තා ගාවට ගියාම ඒ අය අපි පොඩි කාලේ හුරතල් කරපු විදිහට . . අපි අපේ පොඩි උන්ව හුරතල් කරන විදිහට හුරතල් කරන්න ඒ අයට ඉඩක් දෙන්න . . . 

"සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ" කියලා අම්මලා කියන්නේ නෝක්කාඩුවක් නෙමේ "ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී" කියන්නේ අනේ මැරෙන්න කලින් ආයි සැරයක් අර උඹලා පුංචි කාලේ හුරතල් කලා වගේ කරන්න තිබ්බා නම් කියන දුක්බර ප්‍රේමනීය ඉල්ලීම මිසක් වෙන මොකක් වත් නෙමේ . . .


Pic from: http://diyhealth.com/myths-about-aging.html

37 comments:

  1. මචෝ මේ පෝස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙලා නෑ වගෙ!!

    ReplyDelete
  2. @ඉන්දික!
    ඔව් බන් මාත් දැක්ක ඔන්නොහේ කමක් නෑ බන්

    ReplyDelete
  3. මචෝ අපිනං තාම අම්ම ලඟදි ඉස්සර වගේම හුරතල් වෙනව. ඒකට එක හේතුවක් අපි දන්නව අම්ම අපෙන් බලාපොරොත්තුවෙන එකම උපකාරය ඒක කියල.

    උඹ ඔය කිව්ව වගේ අපේ අම්මත් මම, මගෙ පුතාල එනකල් බලන් ඉන්නව.
    අපේ අම්මට එකපාරක් හාර්ටැටෑක් එකක් ඇවිත් ඉස්පිරිතලෙ ගෙනිච්චම උන්දැ ඒ අස්සෙ හොරාට අපේ ලොකුපුතාගෙ ෆොටෝ එහෙකුත් අරන් ගිහින් තිබ්බ.

    ඒ ආදරේ හින්ද මිසක් වෙන එහෙකට නෙමෙයි..ඒත් දරුවො කී දෙනාද දෙමාපියන්ගෙ තනිකම තේරුම් ගන්නෙ?

    ReplyDelete
  4. උඹ ආයි ලියනවන් දිගට මේ ටෙම්ප්ලේට් එක ටිකක් වෙනස් කරහන්. මේකට කමෙන්ට් වලට එතනම රිප්ලයි කරන්න බෑ.

    ReplyDelete
  5. මේ සම්බන්ධයෙන් සිදුවනු කතාබහ කුමක්දැයි නොදන්නාමුත් සංවේදී ගීතයක් ,  , මෙන්න මේ පද දෙකේ කියවෙන දේ තුලින් අපි අදටත් සතුටක් ලබනවා , 
    “දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිඹින්නේමී
    මනසින් එදා කෙලි සෙල්ලම් දකින්නෙමී ‘‘

    ReplyDelete
  6. උඹ ආයෙත් ලියන එක ගැන සතුටුයි දුකා !!

    ReplyDelete
  7. මාත් ඒ කාලෙ ඉඳලම මේ සිංදුව ඇහුවෙ බොහොම සංවේදී බවකින්... දුකා කියන දේ ගැන මාත් එකඟයි... මට නම් කවදාවත් මේක අඬෝවැඩියාවක් විදියට දැනිලා නෑ... දැන් මට මතක් වෙන්නෙ අපේ අම්මයි තාත්තයි අපි එනකම් ඇඟිලි ගැන ගැන මග බලාගෙන ඉන්න විදිය.... සමහර අයට මේක ඔය කීව විදියට දැනෙනවා ඇත්තෙ සමහරවිට ඒ අයගෙ පවුල්වල තිබුනු සහ තිබෙන දූ දරු සබඳතාවයන් අනුව වෙන්න ඇති....

    ReplyDelete
  8. ඔය සින්දුවේ පදමාලාව මට නම් හිතෙන්නේ අංජබජල් කියලයි .

    මුලින් කියනවා "මං විතරයි තනියම අද මගෙ නිවසේ" කියලා.

    ඊලඟට කියනවා "උඹලගෙ තාත්තා ඇත මග බලාගෙන" කියලා.

    මේ නාකි ජෝඩුව ඉන්නේ ගෙවල් දෙකකද? දෙන්නා ඩිවෝස් ද? නැත්නං විරසකයි, කතා බහක් නැද්ද? නැත්තං මොකක්ද ඒ හරුපේ?

    අනික ඔය "වේවෙැල් කැඩුණු පුටවේ වක ගසාගෙන" ඉන්නේ කවුද? මේ සින්දුව කියන අම්මාද, නැති නම් "උඹලා ගේ තාත්තා" ද?

    ReplyDelete
  9. කොහොමත් ඔය සින්දුවට මං ඉස්සර ඉඳන්ම ආස නෑ... සංවේදී තමයි... ඒත් මටත් “ පවු මේ අම්මලා” කියන හැඟීමත් එක්ක “ළමයින්ට යන්න දෙන්න ඕනෙ“ වගේ හැඟීමක් තියෙනව...

    මේ මාස දෙකක් තුනක් තිස්සෙම මං ඉන්නෙත් අම්මල එක්කනෙ... ඔය දුකා කියන ඇත්ත බොහෝ දුරට විඳිනවා මං... අපේ අම්මලට පුළුවන් නං මාව ආයිත් ගෙදර නවත්තම ගනී... හි හි ( ගියාට පස්සෙ තමයි අගේ වැඩි වෙන්නෙ කතාව මං හිතන්නෙ අපි දෙගොල්ලටම අදාලද කොහෙද...)

    මේ ටිකේ කඩේට එන ඔක්කොම මගෙන් අහන දෙයක් තමයි තාම බබාලා නැද්ද කියන එක.. මං ඉතිං රෙඩිමේඩ් උත්තරයක් තියං ඉන්නෙ... “ මං නෙ තාම මෙහෙ බබා ” කියල... හි හි

    කොහොම උනත් මේ කතා කරන දේ බොහෝදුරට මාත් හිතනව.. තාමත් ළමයි හැදිල්ල සම්බන්ධයෙන් හිත හදාගන්න බැරි දහසක් හේතු අතරෙ මේ හේතුවත් තියෙනව... ළමයින්ට යන්න දෙන්න ඕනෙ කියන අදහස මගේ තියෙනව.. ඒත් යන්න දෙන්න බැරි උනොත්... එදාට අද අපේ අම්මලා කරනවා වගේම ළමයි ආපහු එනකං බලං ඉන්න වෙයි.. අපේ ළමයිනුත් අද අපි හිතන විදියටම හිතයි... අපිට අම්මලට කිසි දෙයක් කරන්න බෑ නේ දැං කියල... මේක හරියට චක්‍රයක් වගේ...

    ReplyDelete
  10. මම නම් හිත්නනෙ දෙමාපියන්ට ඔය දැනෙන පාලුව ගෙදර ඉන්න බාලයා නැති කරන්න ඕනෙ. අන්තිමට දෙමව්පියන් ලග ඉතුරු වෙන බාලයා, හෝ දෙමව්පියන් ලඟ ඉන්න බලාපොරොත්තු වෙන එකාට තියෙන වගකීම ඒක. එහෙම හිතාගෙන මම නම් පේන දුරින් ඉදගෙන මගේ වැඩ කටුයුත කර ගන්නවා.

    පිට රට ඉන්න ඈයන්ට තමා අවුල.

    ReplyDelete
  11. ආදරේ උනත් පමණට වැඩිය ගියාම ඒක මානසික ලෙඩක්.

    අම්මල මුණුපුරන්ගේ පොටෝ අරන් ගිහිල්ල මැරෙන වෙලාවේ ඒක දිහා බලල හුල්ලලා ගිහිල්ල චුත වෙලා ඉපදෙන්නේ කොහෙද ? මල පෙරේත ලෝකේ. ඊට පස්සේ ආයි දරු මුණුපුරන්ගේ ගෙවල වලට වැදිලා අහු මුළු වල , පිලිකන්නේ , අටුවේ , වැසිකිලියේ ටැක් ගැහි ගැහි විරිත්ත විරිත්ත.

    දරුවෝ ලෙඩ වෙනවා , ගෙවල් වල ප්‍රශ්න , සල්ලි නිස්කාරනේ වියදම් වෙනවා ... බැලුවම මේ ආත්තම්ම නේ . ඊට පස්සේ ඔය ලව් , බව් මුකුත් නැහැ. මිනිය බදාගෙන අනේ අම්මේ අපිව දාල යන්න එපා කියල මර ලතෝනි දුන්න දරුවෝම කට්ටඩියෝ හොයා හොයා දුවනම මේ මල පෙරේත කරදරේ අහක් කරලා දාන්න. අන්තිමට මල පෙරේතය ඉතිරි කාලේ ගෙවන්න ජෑම් බෝතලේක වකුට්ටන් ගැහිලා ගං පතුලක. දරුවොත් නිකරුනේ පවු පුරෝ ගන්නවා. ඔන්න මෝඩ දෙමවුපියන්ගේ ආදරේ කොරපු හරියක්. :D

    ReplyDelete
  12. << "දෙමාපියෝ දරුවෝ හදන්නේ අනාගත ආයෝජනයක් විදිහට වෙන්න ඇති" >>

    උඹ එහෙම නොවෙයි කිව්වට ඕක තමා ඇත්ත. හැම ආදරයකම අවසාන පරමාර්තය තමන්ගේම සැපය, තමන්ගේම ආරක්ෂාව. හැබැයි ලෝකෙට පෙන්නන්නේ ඕක නෙමේ. ඒක කාගෙවත් වරදක් නෙමේ බන්, ඒක හැදිලා තියෙන්නෙම එහෙමයි. ඔය මට හිතෙන හැටි.

    ReplyDelete
  13. දුකාගේ හිතට නොවැදුනා නං මේක ලියවෙයිද?? කාලෙකින් දැකක්මත් සන්තෝසයි..

    ReplyDelete
  14. කමෙන්ට් වලට රිප්ලයි කරන්න බැ දුකා

    ReplyDelete
  15. දැන් මේ සුදු හාමිනේ කියන්නේ දුව නේද... පොඩ්ඩක් ටියුබ් ලයිට් වුණා...

    මෙහෙමයි මචං... ඕක තමයි සිද්ධවෙන විදිහ... මට නම් හිතෙන්නේ ඕකේ හරිද වැරදිද කියලා දෙයක් නැහැ. සමහර දරුවන් දෙමව්පියන් ලඟින්ම ඉන්නකොට, සමහරුන්ට දුර බැහැර යන්න වෙනවා. දරුවන්ට අම්මලා තාත්තලා ලඟට නිතර එන්න බැරි කමත්, දරුවන් ලඟ නැති පාළුව අම්මලා තාත්තලාට දැනෙන එකත්, දෙකම ඇත්ත... මේ සිංදුවේ හැටියට මහ දෙයක් නෙමෙයි අම්මලා ඉල්ලන්නෙ... පොඩ්ඩක් දැක ගන්න එන්න කියලා.. ඒකත් කෙලින්ම කියන්නේ නෑ...

    ළමයි කසාද බැන්දා කියලා අම්ම, තාත්තව සම්පූර්ණයෙන් ජීවිතෙන් අහක් කරන්නෙ නෑනේ... පුළුවන් වෙලාවට ඒ අයව බලන්න යන එක, කතාබහ කරන එක අපි කරන දෙයක්. ඔය දුරස් වීමේ සාංකාව දෙපැත්තටම අදාලයි, ඒත් වැඩිපුර දැනෙන්නේ, දැන් විශ්‍රාම ගිහින් ජීවිතේ අවසාන භාගය ගත කරන දෙමාපියන්ට. ඒ පැත්තෙන්, මේ වගේ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් වෙන එකේ මහ අරුමයක් නැහැ...

    හැබැ‍යි රත්තරන් දුවේ ගීතයේ නම් කියන්නේ හදපු කූඩුවත් අරගෙනම එන්න කියලා.. ඒක නම් ටිකක් අවුල් වගේ... සනත් මල්කාන්ති කියන "දූ දරුවන් අප අතහැර යාවී" කියන ඒකත් සාර්ථක ගීතයක්...

    ReplyDelete
  16. ගීතය කෙසේවෙතත් මනුස්සකම තියෙන මිනිසු හැටියට මනුස්ස ස්වභාවය අනුව මේ බලාපොරොත්තු ඉබේම ඇති වෙන් දේවල්, මේවා හරිද වැරදිද කියන දේ ගැන තරක කරන්න පුළුවන් මැරෙනකම්, හැබැයි අවසානදී තමන මේ අත්දැකීමට මූන් දෙනකන් කිසිම දෙයක් කියන බෑ

    ReplyDelete
  17. මේ තමයි දුකා අපේ සංස්කෘතිය. පරම්පරා ගානක් ආපු දේ. අපේ ජෙනරේෂන් එකේ ගොඩක් දෙමව්පියෝ මේ වේදනාව විඳිනවා. ඒක ඔවුන්ගේ වැරැද්ද. මොකෝ දරුවන් උගතුන් කරා මිසක් මිනිසුන් නොකරපු එක. මම නම් හදන්නේ මනුස්සයෙක්. ඒත් ඒ දරුවන්ගෙන් යැපෙන මානසිකත්වයනම් දැන් ඉඳල අයින් කරගෙන තියෙන්නේ. අපිත් බටහිර වගේ වෙනස් වෙන්න ඕන. මේ ජෙනරේෂන් එකෙන් වත්.

    ReplyDelete
  18. ''sAm'' thamay hariyatama hari kathawa kiyanne. pawle baalaya hari, kawuruhari ekkenek inna one demawpiyo laga.. e wagema demawpiyoth dena ganna one thama laga nathara kara ganna ekaata puluwan kaledi diyunu wenna udaw karanna.( ida kadam serama liyalaa denna kiyana eka neme..) mokada gamema innawata wada pita gamakata yana eka, pita ratakata yana eka diyunuwata hoday.. e nisa ehema pita yana ayata diyunu wenna pahasuy. . podi kaale idalama lamaygeth oluwalata eka daala thibba nam iwaray.

    ReplyDelete
  19. @ඉන්දික!
    ඔව් බන් අපි තුන්දෙනාත් ගෙදර ගියාම අම්මව තුරුල් කරගෙන නිදා ගන්නවා. මහගෙදර මගේ කාමරේ ඇඳ අඩි 6යේ 6යේ එකක්. අපේ ළමයි ටිකත් ඒ මැදටම එනවා. තාත්තා ම බලෙන් හදාගත්තු දුරස්කමක් නිසා එන්න ලැජ්ජාවෙන් ඉන්න කොට අපේ පොඩි උන් තාත්තවත් ඇදලා ගන්නවා. ඇඳේ කපලා එකයි එකා උඩ එකා. මස්සිනාලා හිනාවෙනවා මුන් පොඩි උන් වෙන්න හදනවා කියලා. නංගියි අක්කයි සතියක් ගානේ අම්මලව බලන්න ගියත් මම අවුරුද්දට දෙපරක් විතරක් ගියත් අපේ අම්මලට "ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී" කියන්න වෙන්න නැත්තේ අපි තාම පොඩි උන් වගේ හුරතල් වෙන නිසා වෙන්න ඇති.

    ReplyDelete
  20. @මහේෂ් !
    ඔව් මමත් පුතාලා ලංකාවට ගිහින් හිටපු කාලේ බෑක් එකක ඉතුරු කරන් තිබ්බ පුතාගේ නයිට් සූට් එකක් අරගෙන ඉඹ ඉඹ බලනවා උගේ සුවඳ තියේද කියලා. එතකොට දැනෙන හැඟීම විතරන්න අමාරුයි

    @පත්තර මල්ලී . .!
    තැන්කූ වේවා ආ . . ඇත්තෙන්ම ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා බන් ඒත් ඒ වෙනුවෙන් කැපවෙන්න වෙලාවක් හදාගනන්යි අමාරු

    ReplyDelete
  21. @මියුරු!
    ඇත්තෙන්ම වයසට ගිය කාලෙක සලකන්න කියන හැඟීමෙන් දරුවෝ හදපු අය ඉන්නවා වෙන්න පුලුවන් ඒකයි මම කිව්වේ අලුත් ජෙනරේෂන් එකෙ නම් දෙමාපියෝ දන්නවා දරුවන් සමඟ ජීවත් වීම අමාරු වෙයි කියලා. ඒත් එහෙම දැනගෙනත් දරුවන්ගෙන් යැපෙන්නේ නැතුව තමන්ගේ රිටයර්මන්ට් ලයිෆ් එක ස්වයන්පෝෂිතව ගෙවනන් ප්ලේන් කරලා ඉන්වෙන්ට් කරලා තියෙන්නේ කීයෙන් කීදෙනෙක්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. එක අතකින් රටේ වැඩිහිටි පරම්පරාවට දරුවන්ට බරක් බරක් නොවී ඉන්න තියෙන ඔප්ෂන් එක වෙච්චි පෙන්ෂන් එකත් එක්ක හැම රජයක්ම සෙල්ලම් කරද්දී දරුවන්ගෙන් යැපෙන්න බලන් ඉන්න ඒ අයට ආඩාපාලි කියන දෙමාපියන් ඇතිවෙන එකත් අරුමයක් නෙමෙයි කියලා හිතෙනවා මියුරු.

    ReplyDelete
  22. @කකා!
    කසාද බැන්දම දෙන්න එක්කෙනෙක් වෙනවා කියනවනේ බන් අනික වයසට ගියාම කොහොමත් ඒ අයගේ අගේ අඩු වෙනවා කියලා හිතන්න ඇති. මේකේ "මං විතරයි" කියන එකෙන් අම්මයි තාත්තයි දෙන්නම නියෝජයන වෙනවා කියලා මට නම් මුල ඉඳන්ම දැනුනා.
    වහ ගහගෙන ඉන්නේ තාත්තා වෙන්න ඇති තාත්තලා කොහොමත් තමන්ගේ හැඟීම් කෙලින්ම පෙන්වන්නේ නෑනේ.

    මම වයසට ගිය කාලෙක අපේ කොල්ලා කොහේ හරි රටක රස්සාවක් කරගෙන ඉඳී කියලා අපි හිතනවා. පොඩි කාලේ වගේ ඌව පොඩ්ඩක් තුරුල් කර ගන්න තිබ්බ නම් කියලා මම පුටුවක වක ගැහිලා බලන් ඉන්නැත්දී මගේ ඒ ආසාව කොයි තරම්ද කියලා දැනෙන නදීෂට දුකට ඇස් දෙකට කඳුලු උනනවා කියන එකයි කියන්නේ කියලා මගේ හැඟීම.

    ගීතයක් ඉතින් තමන්ට ඕන එන විදිහට හදාගෙන රස විඳින්න ඇහැකිනේ කකා . .

    ReplyDelete
  23. බෙල්ල කඩාගෙන ආදරේ කලාම නෙමේ මොකක් කලත් අන්තිමට වක ගහගෙන තමයි ඉන්න වෙන්නෙ කාටත්....ලමයි වෙනුවෙන් කැප කරන එකේ උනත් සීමාවක් තියෙන්න ඕන..ලමයි පොඩි කාලෙ ඉදන්ම, දෙමාපියන් තමන්ගෙ හැගීම් ඉන්වෙස්ට් කලානම් අනාගතයට..ඒ කියන්නෙ තමන්ගෙ දෙමව්පියන්ට වෙච්ච සන්තෑසියම අපිටත් වෙනවා කියන එකට...පොඩි ඇයෝ ලොකු මහත් වෙලා උන්ගෙ පැටව් පස්සෙ නහිනකොට අඩුගානෙ ඇඩ්වයිස් එකක් වත් දෙන්න පුලුවන් ආදරෙන්...මොනවා උනත් ගීතයෙන් කියවෙන දේවල් අපි කාටත් උදේ ඉදන් අත්දකින්න වෙන යතාර්ථයම නේද....

    ReplyDelete
  24. මම ඉන්නේ කොළඹ.මගේ අම්මයි තාත්තයි ටිකක් වයසයි.සිකුරාදා උදේම අහන්නේ පුතේ කීයටද ගෙදර එන්න බස් එකට නගින්නේ කියලා.හැම සති අන්තෙම මම එනකම් බලන් ඉන්නවා.එන්න වෙන්නේ නෑ කිව්වොත් තාත්තා එනවා මාතර ඉදන් කොළඹ.වයස 74 ක් වෙන මනුස්සයෙක් තනියම එනවා බස් එකේ.ඒ නිසා මම මොන වැඩේ තිබ්බත් සති අන්තෙට ගෙදර.දෙමව්පියෝ දරුවන්ගේ එහෙම බලාපොරොත්තු වෙන එකේ වැරද්දක් මම දකින්නේ නම් නෑ.තමන්ගේ වස්තුව දරුවො.

    ReplyDelete
  25. @හිරු!

    මම නම් ඉන්නේ 100%ක්ම දරුවන්ට දරුවන්ගේ ලෝකේ හොයාගෙන යන්න නිදහස දෙන්න ඕන දෙමාපියෝ වයසට ගියාම දරුවන්ගෙන් යැපෙන්නේ නැතුව ඉන්න පුලුවන් විදිහේ ආයෝජනයක් ගොඩක් වයසට යන්න කලින් කරන්න ඕන කියන මතේ.

    මම කියන්න උත්සාහ කලේ මම දන්නවා ලෝකේ මේ යන විදිහට මගේ දරුවන්ට අපේ ලඟට වෙලා තනි රකින්න බැරි බව ඒත් දරුවෝ මොන වයසට ගියත් දෙමාපියන්ට උන් ඔක්කේ ගහගෙන හදපු පොඩි උන් . . . .

    දරුවෝ තමන්ගේ ලොකේ හොයාගෙන ගියා වගේම ඇහැක් වෙලාවට වත් ආපහු ඇවිත් දෙමාපියන් ලඟින් පුංචි කාලේ හිටියා වගේ හුරතල් වෙවී ඉන්න පුලුවන් නම් දෙමාපියන්ට මහා ලොකු දුකක් දැනෙන්නේ නැතිවෙයි කියන එක.

    ReplyDelete
  26. @සෑම්!
    වාසනාවට මගේ දෙමාපියන් සහ වයිෆ්ගේ දෙමාපියන් දෙගොල්ලෝම තනියෙම එයාලගේ පාඩුවේ ජීවත් වෙනවා. බලයා ලොක්කා මද්දුමයා කියලා නෑ තුන් දෙනාම පුලු පුලුවන් වෙලාවට එයාල වෙනුවෙන් කරන්න තියෙන දේ කරනවා.

    උඹ තාත්තෙක් වෙච්චි දාක තේරෙයි මම කියන්න හදන දේ මල්ලී . .

    මේ සින්දුවේ විදිහට මට හිතෙන්නේ ගොඩක් දෙමාපියෝ දරුවන්ගෙන් මහා ලොකු දේවල් නෙමේ ඉල්ලන්නේ .. ඒ අය ඉන්නේ මහළු මඩමක වෙන්න පුලුවන් . . ඉඳලා හිටලා හරි ඇවිත් ඒ අය ලඟ පොඩ්ඩක් හුරතල් වෙන්න කියන එකයි මේ ඉල්ලන්නේ කියලා මට හිතෙන්නේ . .

    ReplyDelete
  27. @මහසෝනා . .

    හෆොයි යකෝ පොල්ලෙන් ගැහුවා වගේ ඔහොම කියනවද ඕයි . . අපේ ආච්චිත් (අම්මගේ අම්මත්) බාල පුතාගේ ළමයින්ට දෙන්න කියලා මැරෙන කම්ම වගේ එක එක ඒවා එකතු කොරන් හිටියා. දැනගන්න ලැබුනු විදිහට ආච්චිට ගොඩක් අමාරු කාලේ ඒ අය වෙනස් කම් කරපු නිසා ඒ ආදරේ නති කරගත්තා වෙන්න ඇති . . ආච්චි මළපෙරේතියෙක් වෙලා ආව බවක් තාම දැන ගන්න ලැබුනේ නෑ . .හෙ හෙ හේ . .

    දොස්තර සනත්දේව මුරුතැන්ගේ මහත්තයගේ මරණය මනෝකාය සා සසර ප්‍රගමනය පොත කියෙව්වාම නම් ඔය මල පෙරේත සීන් එක ගැන කියන්නේ ඔය විස්තරමේ තමා හැබැයි . . මොනව උනත් වැඩි ආදරේ හොඳ නෑ තමා බන් . .

    ReplyDelete
  28. @සෙන්නා!
    අනිත් උන් ගැන නම් අනේ මන්දා සෙන්නා . . මට හිතෙන විදිහට මම ළමයි හදන්නේ අනාගතේ වයසට ගියාම උන්ගෙන් යැපෙන්න නම් නෙමේ ..

    ඒත් මොන වයසට ගියත් තාත්තෙක් මාමෙක් විදිහට උන්ට දක්වපු ආදරේ ඒ වගේමයි කියලා මට නම් සුවර්.

    දැන් අක්කගේ ළමයි ලොකු උන්. ලොකු කෙල්ල බැඳලා දැන් පොඩි එකෙකුත් ඉනන්වා. උන්ගෙන් කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ ඒත් මම නිවාඩු ගියාම ලොකු කෙල්ල ඇවිත් පොඩි කාලේ වගේම ඔඩොක්කුවේ වාඩි වෙලා "මාමා උඹේ කොන්ඩේ සුදු වෙලා උඹ නාකි වෙලා" වගේ ඔලුව අතගගා හුරතල් වෙද්දී ඒට වඩා වෙන මොනවත් ඕන නෑ කියලා මගේ හිතින් කියපු කියන බව මම දන්නවා . . .

    ReplyDelete
  29. @දේෂකයා
    තැන්කූ තැන්කූ දේසා . . හිටපු ගමන් ආයේ ලියන්න හිතෙනවා බන්

    @අටම්!
    මේ ටෙම්ප්ලේට් එකේ ඒ පහසුකම නෑ බන් . . වෙන ටෙම්ප්ලේට් එකකට මාරු කරන්න මගේ හිත දෙන්නේත් නෑ හෙ හෙ හේ

    ReplyDelete
  30. ඔය සින්දුව ඇහෙනකොට මාර වේදනාවක් දැනෙන නිසා මම පෝස්ට් එකට එන්න හොර කර කර හිටියේ උදේ ඉඳන් .
    මට හුඟ දවසක ඉඳන් කියන්න ඕන වුන දෙයක් දුකා ලියල තියෙන්නේ . සමහරු චෝදනා කරනවා මතුවට සලකව ගන්න තමයි ළමයි හදන්නේ කියල . නමුත් ළමයෙක් බිහි කරලා හදනවා කියන්නේ අද සමාජයේ ලොකු චැලේන්ජ් එකක් . රිසක් එකක් . නිදහස් තරුණ කාලයේ එය ලොකු කැපකිරීමක් . ඒ කැපකිරීමට ලැබෙන මිල දරු සුරතල් .හැබැයි හැමවෙලේම සුරතල්ම ලැබෙන්නේ නැහැ . ඒ ඒ වයසේදී ඇතිවෙන අභියෝග වෙනස් . ඉවසීම ගෝනි ගණන් උවමනායි. ඔහේ හැදෙනවට හැදෙන්න ඇරීම නෙමේ මම කියන්නේ . නිකන් ඉස්කෝලේ යවල අත පිහදා ගන්න බැහැනේ . අද පරම්පරාවේ දෙමාපියෝ ලැස්ති වෙන්න ඕන දවසක ඒ ළමයි තමන්ට අහිමි වෙන බව තේරුම් ගන්න . හරියට අපි කළා වගේ දවසක ඔවුන් ඉගිල්ලිලා යනවා . අනිවාර්යයයි . අද මොහොත සතුටු වෙමු . අපේ යුතුකම කරමු .අඩු ගානේ ස්කයිප් වත් තියෙයි නේ දුකා ,,හ්ම්

    ReplyDelete
  31. මේක දුකා අයියා.. තනිකරම පරිච්ඡේදයක්... අපි හැදෙන්න ඕන අපේ දෙමවුපියන් උනත් වරද්ද ගත්ත තැන් නිවැරදි කරගෙන.. ඉස්සර වගේ නෙවෙයි.. දැන් හැම දරුවෙක්ම දුවන්නේ රේස් එකක්... රේස් එක දුවන අතරේ උන් පස්ස හැරිලා අපි දිහා බැලුවොත් උන් රේස් එකෙන් පස්සට යනවා.. උන්ගේ අනාගතේට උන්ට දුවපල්ල කියලා අපේ අනාගතේ අපි බලා ගත්තොත් හොඳයි කියලයි මගේ හිත කියන්නේ... ඒත් මේක ඒ කාලෙට දරු සෙනෙහස කියන ටොපික් එකත් එක්ක කොයි විදිහට කැරකෙයිද කියලා තමයි හිතා ගන්න බැරි...

    ReplyDelete
  32. @තිසර !
    දාන්න පහක් . . මට දැනුනු දේ ඒ විදිහටම උඹටත් දැනිලා . .
    ඔව් බන් අම්මලා තාත්තලා දන්නවා ළමයින්ට එයාල ලඟ වෙලා ම ඉන්න බෑ කියලා ඒත් අම්මෙක් තාත්තෙක්ම තමා බන් දන්නේ දරුවෙක් ව ලඟ අරන් හුරතල් කරද්දී දැනෙන ෆීලින්ග් එක . . අහ් ඒ සින්දුවේ තේරුම මම ඒ තරම්ම ගැඹුරින් හිතලා නෑ නේ බන් ආයේ අහන්න ඕන

    ReplyDelete
  33. කොමෙන්ට් සදහා රිප්ලයි ගැජමැටික් එක දාගන්න මෙතනින් පොඩි උපදෙසක් අරං බලන්න

    ReplyDelete
  34. දරුවන් කියන්නේ අපේ ලෝකයේ එක් කොටසක් මිස අපේ ලෝකයම නෙමෙයි කියලා තෙරුම් ගන්න ඕන. දරුවන්ගෙන් ඈත්වෙලා ඉන්න අපි පුරුදුවෙන්න ඕන. අපිත් කැමතියි අපි එක්කම ඉන්නවානම්. කවුද අකැමති ? නමුත් බොහෝ දෙනෙක් මේ යතාර්ථය තේරුම් ගන්නේ නැහැ. තේරුනත් ඒක පිලිගන්න සුදානම් නැහැ. ඔන්න ඕකයි ප්‍රශ්ණය දුකා.

    මම දුවට කියන්නේ...ඔබේ ගමන ඔබ යන්න. අපේ ගමන අපි යන්නම් කියලා.ඇය වැඩිහිටියෙක් නිසා ඒක තේරුම් ගන්නවා.

    ReplyDelete
  35. අනේ මන්දා බං. මේකට අපිට තියෙන විසඳුම කසාද නොබැඳ ඉඳීම තමයි වගේ මට පේන්නේ.

    ReplyDelete
  36. අම්මා කෙනෙක්ගේ මේ බලාපොරොත්තුව වැරදි ඇති තමයි... ඒත් ආදරය කියන එක හැමදාම තියෙන්නේ හරි වැරැද්ද මනින ටූල් වලට අහුවෙන්නේ නැති මානයකනේ...

    ඒක දෙමාපිය දූ දරු ආදරයට විතරක් නෙමෙයි අනියම්, සම්මත, අසම්මත ඔය හැම එකටම පොදුයි කියලයි මම හිතන්නේ... ඉතින් පුළුවන් අය ළඟින් ඉඳන්, බැරි අය දුරින් ඉඳන් තම තමන්ට හැකි පමණින් දෙමව්පියන්ගේ ඒ ආදරයට ආදරය කරන එකයි තියෙන්නේ...

    ReplyDelete
  37. සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
    දීගෙක ගිහින් දරුපිරිවර මැද සුවසේ

    මට මඤ්ඤන්ද කියල නම් මම දන්නෑ ,, ඒත් මේ පේලි දෙකෙන් මට නම් හිතුනේ..
    …මේ මනුස්සයව දාල එයාගේ හාමිනේ වෙන කසාදයක් කරගෙන , අන්තිමට ඉතිරි වෙච්ච පුතත් , හාමිනේගේ ගෙදර බින්න බැහැල කියල ,,
    …සිංදුව අහන්නෙ නැතුව සිංදුව කියවපුවාම නම් මට හිතුනේ එහෙම ,,
    සිංදුව අහලම ඉතිරි ටික කියන්නම්කෝ ,
    …හැබැයි මේකෙ විදිහට මට නම් හිතෙන්නෙ , මේකෙ තියෙන්නෙ ,,
    ගෙදර තනිවෙච්ච තාත්ත කෙනෙක්ගේ දුකක් ,
    බිරිද වෙන මගුලක් කරගෙන . ළමයි ටිකත් ගෙදරින් ගිහින් , තාත්ත එක්ක තරහින් නෙමෙයි , උන්ගේ ලෝකෙට ,,

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails