Friday, October 14, 2011

උපන් දින තෑග්ග . . !

අද මගේ උපන් දිනේ. 
මම හැමදාම තෑගි ලබන්නම උපන් කෙනෙක් කියලා බොහෝ වෙලාවට මට හිතෙනවා.

ඒත් හැදේම එපා වෙලා ජීවිතේ කලකිරිලා අපතයෙක් වෙලා හිටපු කාලෙදි මම ඒ කිසිම තැග්ගක වටිනාකමක් නොදැකපු කාලකන්නියෙක් වගේ නේද හිටියේ කියලා හිතුනාම අපරාදේ ඒ පහුගිය කාලේ කියලා දුක් වෙනවා මිසක් වෙන කරන්න කිසිම දෙයක් නෑ.

මගේ අම්ම-තාත්තා, සහෝදරියෝ, බිරිඳ, පුතා, යහළු-යෙහෙලියෝ, නෑදෑයෝ, අසල්වැසියෝ, හිතවතුන් වගේ අධ්‍යාත්මික මිනිස් සම්බන්ධතාත් භෞතිකව මට ලැබිලා තියෙන දේවලුත් ගැන හිතුවාම මම තරම් තෑගි ලබපු තවත් කෙනෙක් ඉන්නවද කියලා හිතන්න පුරුදු වුනේ අර අපත ජීවිතෙන් මිදිලා ජීවිතේ ආදරෙන් බදා ගන්න, බෙදා ගන්න හුරුවුනාට පස්සේ බව මට සහතික කරලා කියන්න පුලුවන්.

තෑගි ගැන ලියනවනම් මේ ලිපිය මහා පතරංග ජාතකේ තරම් දිග එකක් වෙන නිසා මේ පහල තියෙන එක විතරක් කියලා නවත්වන්නම්. .

කොටින්ම මේ ගෙදර ඉඳන් බ්ලොග් පෝස්ට් ලියන්න භාවිතා කරන අන්තර්ජාල පහසුකම්ත් මට ලැබුනු තෑග්ගක්.

හැමදාම තෑගි ලබන මම මගේ උපන් දිනේ දවසේ මගේ බ්ලොග් එක කියවන අයට ලොකු තෑග්ගක් දෙන්න හිතුවා.

හැබැයි මේ තෑග්ග, හැබෑ තෑග්ගක් වෙන්නේ ලබන අය තෑග්ග හරියාකාරව භාවිතා කලොත් විතරයි.

මම හැමදාම තෑගි ලබපු කෙනෙක් උනත් මම කොයි තරම තෑගි ලබපු කෙනෙක්ද කියන එක ගැන අලුතෙන්ම හිතන්න සිදුවෙන සිදුවීමක් ඉසිර මළයගෙන ලබපු තෑග්ග වූ බ්ලොග් එක නිසා අඳුන ගත්තු රොෂාන්-රුචක-රොජර් ල අඳුන්නල දුන්නු තෑග්ගක් වුනු බුද්ධිගේ බලකිරීමෙන් සිද්ධ උනා.

ඒ තමයි ඔවුන් මෙහෙයවපු පැය දෙකක වැඩ මුලුවකට සහභාගී වෙන්න ලැබුනු එක.

වැඩමුළුව නම් "ද සීක්‍රට්" (රහස) නම් සුප්‍රසිද්ධ පොත ඇසුරින් සහ ඒ ඇසුරින් නිමැවුනු වීඩියෝ වල උපකාරයෙන් කරන කරනු ලද  "ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්" (ආකර්ෂණයේ නියමය) වැඩමුළුව.

එදා තමයි මම තේරුම් ගත්තේ මම මේ තරම් තෑගි ලබන්නෙක් වුනු "රහස"

ඒ අතරම අපතයෙක් වෙලා ජීවත් වුනු කාලයේ නිතරම දුක් වේදනා විඳින්න සිද්ධ වුනු "රහසත්" එදා බොහෝම අපූරුවට මට වැටහුනා

 ඒ රහස වෙන කිසි කිසිම දෙයක් නෙමෙයි . . . ආකර්ෂණයේ නියමය හෙවත් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්.

මගෙන් ඔබට ලැබෙන උපන්දින තෑග්ග නම් අපි දැන හෝ නොදැන අපිව පාලනය කරන ආකර්ෂණයේ නියමය ගැන මට දැනුනු දේ පිලිවබඳව ඔබව සුලුවෙන් හෝ දැනුවත් කිරීමයි.

මිනිස් මොළයෙන් නියමාකාරයෙන් වැඩ ගන්නා අයුරු අද අපට කියා දෙන අපේ දයාබර අරුණි අක්කා මෙන් එදා ඇගේ පියා වූ සුමනදාස සමරසිංහ මහතාත් මේ ආකර්ෂණයේ නියමය මිනිස් සිතේ හාස්කම් අදී පොත් හරහා අපට කියා දෙන්න අපමන වෙහෙසක් ගත් නමුත් ඉන් විපුල පළ ප්‍රයෝජන ගත් අය ඇත්තේ කීයෙන් කී දෙනෙක්ද?

ආකර්ෂණයේ නියමය ගැන මහා ලොකු වැටහීමක් එදා නොතිබුනා වුනත්, මා ඔහුගේ ඒ පොත් වල තිබූ දේවල් ඇසුරින් ජීවිතයේ සාර්ථකත්වය ලබා ගත් අයෙක් බව කියන්නේ නිහතමානී සතුටකින්.

ශරීරය සහ මුහුන විරූපී වෙන තරම් ගින්නකට මැදිවී ජීවිතයෙන් පලා යා යුතු වූ මම "නෑ මම කොහොම හරි සාර්ථක මිනිසෙක් වෙනවා" යැයි මගේම හිතට ශපත කර ගන්නට ඔහුගේ පොත් වල තිබී කියවූ දෑ උපකාරී වන්න ඇතැයි සිතෙන්නේ දැන්.

ආකර්ෂණයේ නියමය ක්‍රියා කරන අයුරු හරිම අපූරුයි.

එය තමන් විසින්ම අත්හදා බැලිය හැකි සරල පරීක්ෂණ කීපයකින් පසු දිගින් දිගට ක්‍රියාවේ යොදවන්න හැකි වීම නිසාම බුද්ධියෙන් යමක් වටහා ගෙන පිලිපදින්න හුරුවෙන අයට බොහෝ ප්‍රයෝජනවත්.

සරලව කියනවා නම් අප සම්බන්ධ සියල්ල සිදුවන්නේ, සියල්ල පාලනය වන්නේ අපගේ සිතුවිලි මඟින්.

අපගේ සිතුවිලි විශ්වයේ ඇති ඒ හා සමාන සිතුවිලි සහ ඒවාට අදාල සිදුවීම් සමඟ ආකර්ෂණය වීමෙන් අපගේ සිතුවිලි කූඨප්‍රාප්ත වන බවයි එදා වැඩමුළුවේදී පැහැදිලි කල අයුරින් මට වැටහුනේ.

පාවුලෝ කොයියෝ විසින් රචිත ඇල්කෙමිස්ට් (සිංහල පරිවර්ථනය - සන්තියාගෝ නම් සැරි සරන්නා) පොතේ ඇති මේ වදන සිහිකරන්න

"ඔබ හදවතින්ම යමක් විශ්වයෙන් ඉල්ලන්නේ නම් ඒ දේ ඔබට ලබා දෙන්න මුලු විශ්වයම කුමන්ත්‍රණය කරනවා"

එදා වැඩමුළුවේ පෙන්වූ රූප රූමු කීපයක තොරතුරු මේ:

ඔබ ගමනක් යන්න පටන්ගත් තැන් සිට සිතන්නේ අතර මඟ මහා ලොකු වාහන තදබදයක් ඇති වේවී කියලයි. සැකයක් නැත. ඔබ මහා වාහන පෝලිමක සිරවී ඇත. ඔබේ සිතිවිලි ඔබ හා සමානම සිතන අය රාශියකගේ සිතුවිලි හා සම්බන්ධ වී ඔබ සිතූ ආකාරයෙන්ම වාහන පෝලිමක ඔබව සිර කර ඇත.

ඔබ වාහනය ගාල් කර ආ වෙලේ පටන් සිතේ ඇත්තේ එකම සිතුවිල්ලයි. ඒ ට්‍රැපික් පොලිස් කාරයෙකු ඇවිත් දඩ කොළයක් දමා යා ඇත්දොයි යන සිතුවිල්ල පමනයි. ඔබේ සිතුවිල්ල සම්බන්ධ වනු ලබන්නේ දඩ කොලයක් ලිවීමේ නොතින් ආශාවෙන් පෙලෙන ට්‍රැෆික් පොලිස් මහතෙකුගේ සිතුවිලි සමඟයි. ඔහු පහසුවෙන් ඔබේ වාහනය සොයා ගොස් දඩකොළය ඔබේ වයිපරයට යටින් තබා යනු ඇත.

අපේ රටේ මේ වාහන පෝලිම් සහ දඩ ගැන ඇත්තේ වෙනම කත බහක් බව සැබෑ නමුත් ට්‍රැෆික් සහ දඩ ගැන අසුභ වාදී ලෙස නොව වෙනස් අයුරින් සිතන්න පටන් ගන්න . . මාසයක් පමන ගොස් ප්‍රතිපල සලකා බලන්න (මාර්ග නීති උල්ලංඝනය කරමින් දඩ නොවදින ලෙස හිතා සිටියාට පලක් නොවන බව වටහා ගනු ඇතැයි සිතමි)

මේ මා විසින් මිනිස් සිතේ හාස්කම් පොත ගැන දැනුවත්ව සහ ආකර්ෂණයේ නියමය ගැන නොදැනුවත්ව සිදුකල සහ ඉබේ සිදුවී ඇති පසුව ආකර්ෂණයේ නියමය සා සසඳා බැලු කල සමපාත වූ කරුනු කීපයක්.

  • කිසියම් නියමිත වේලාවක ඇහැරෙන්න ඕනෑ යැයි තදින් සිතට තුන් හතර වතාවක් පවසා නිදා ගත් විට කෙතරම් ගැඹුරු නින්දක සිටියා වුවත් හරියටම කෙස් ගහට ඒ වෙලාවටම ඇහැරෙන එක.
  • "මට අසනීප හැදෙන්නේ නැතැයි" කියා තදින් බලකර සිතට නිතර කියූ විට කිසි දිනෙක අසනීප නොවී සිටීමත් "මට අද ඇඟට සනීප මදි, උන ගන්න වගේ" කියා දෙතුන් විටක් සිතමින් සිටින විට ටික වේලාවකින් ඇඟ රත්වී උන ගන්න වගේ දැනෙන එක සමහර විට නිදා ගන්න යන මොහොතේ මෙසේ සිතූ විට පහුවදා නැගිටින් මොහොතේදී තදබල ලෙස උණ හෙම්බිරිස්සාව සෑදී තිබීම
  • කෑමක් කන විට "අපෝ මේක මහා සවුත්තු කෑමක්" එසේත් නැති නම් බොන වෙලාවක "මේ බීම හරියන්නේ නෑ වමනේ කලා නම් හරි" කියා සිතා නානකාමරයේ දොර අසලට යන විටම  බ්බ් බ්බ් ඕ ඕ ක් . . . . . . !
  • දේශන සහ සම්න්ත්‍රන වලට ගියාම මට ඉබේ නින්ද යනවා යැයි පූර්ව උපකල්පනයන් සහිතව ඒවාට සහභාගී වූ විට ගොරවමින් නින්ද යෑම සහ "නෑ මට නිදිමත හැදෙන්නේ නෑ"යි තදින් සිතට හඟවා ඒවාට ගිය විට මොහොතක් හෝ නින්ද නොයා කියූ දෑ හොඳින් මතකයේරැඳීම
ඉතිං අපි ඉදිරියේ තවත් ලිපි කීපයකින් කතා කරමු මේ අපූරු ආකර්ෂනයේ නියමය ගැන.


මේ ආකර්ෂනයේ නියමය වටහා ගැනීම ඔබට තවත් පහසු කරනු සඳහා එදා වැඩමුලුවේදී විකාෂණය කල වීඩියෝවේ කොටසක් ඔබට ඉදිරිපත් කරන්නම් මේ විශේෂ උපන්දින තෑග්ගේ අතුරුපස ලෙසට . . .



“අයියෝ මටමයි වෙන්නේ"

“මට ජීවිතේ එපා වෙලා”

"මැරිලා යනවනම් මීට හොඳයි"

ආදී දෑ කියමින් ජීවිතය එකම නරාවලක් බවට පත් කර ගත්තෝ ඕනෑ තරම් ඇත . .

ඒත් අපි මිතුරන් ලෙසින් ලං කර ගැනීමට කැමති එවැනි අඩවැඬියා වලින් ජීවිතේ කුරුවල් කර ගත්තවුන්ටද . . නැති නම් නිතර සිනාවෙන් සතුටින් සිටින්නටද . .

හිතට එකඟව පිලිතුරු දෙන්න . .

හරි එහෙනම් ඔබත් නිතර සතුටින් සිනාවෙන් සිටින්න . . .

ඒ සිනාව සතුට ඔබ සාර්ථක අයෙක් බවට පත් කරන අයුරු කෙටි කලකින් අත්විඳ බලන්න . .

එහෙනම් මට සුභ උපන් දිනයක් වේවා . . .

ඔබට සුභ අනාගතයක් වේවා . . සතුට පිරි ජීවිතයක් ලැබේවා . ..

84 comments:

  1. සුබම සුබ උපන්දිනයක් වේවා මචෝ...!!!

    සුබ අනාගතයක්...!!!

    ReplyDelete
  2. සුභම සුභ උපන්දිනයක් අයියේ

    සුභ අනාගතයක්

    ReplyDelete
  3. සුභම සුභ උපන්දිනක් වේවා !!!!!!!!!!!!!!!!අද දවසේ අපි කට්ටියට අද එකට ඉන්න බැරි උන එකටයි කේක් එකක් හදලා දෙන්න බැරි උන එකටයි ගොඩක් දුකයි.අප්පච්චිට අද උදේ සුභ පතන්න කිව්වම විරුල් කියනවා එයාට බර්ත්ඩේ කේක් එකක් හදලා දෙන්නලු.

    ReplyDelete
  4. දුකා අයියේ මුලින්ම... බ්ලොග් අවකාශයේ සොඳුරු හිත මිතුරාට සුභම සුභ උපන් දිනයක්... (හොරෙන් අහන්නේ... 35 ද ???) ඔයාටත් ඔයාගේ චූටි කැඳැල්ලේ හැමෝටමත් සුභ අනාගතයක්...!!!

    උපන්දින පාටියට දුන් සංග්‍රහයට බොහොමත්ම ස්තුතියි. මමත් සර්ව සුභවාදියෙක්...!!!

    ජයවේවා !!!

    ReplyDelete
  5. සුභ උපන්දිනයක් සහෘද මිත්‍රයා...

    සතෙන් සතේ රුපියලෙන් රුපියල ඉතිරිකර හදාගන්නා ධනයක් වාගේ නේද සතුටත්..? උඹ ලඟ නොමදව තියෙනා....!

    ReplyDelete
  6. 38 වෙනි උපන්දිනය සුබ වේවා... ආයුබෝ වේවා...

    ReplyDelete
  7. ඔබට සුභ උපන්දිනයක් වේවා.... ඔබවන් පුතෙකු ලොවට දායාද කල දෙමාපිය දෙපොලටත්, ඔබගෙ සහකාරියටත්, පුතුටත් මගෙ සුබපැතුම්.

    ReplyDelete
  8. සුභම සුභ උපන්දිනයක් දුකා අයියා.....හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා පතනවා....!!!!

    ඒ වගේම උපන්දිනය දවසේ අපට දීපු තැග්ගනම් ගොඩක් වටිනවා...ඒකේන් මට ගොඩක් වැදගත් "දේශන සහ සම්න්ත්‍රන වලට ගියාම මට ඉබේ නින්ද යනවා යැයි පූර්ව උපකල්පනයන් සහිතව ඒවාට සහභාගී වූ විට ගොරවමින් නින්ද යෑම සහ "නෑ මට නිදිමත හැදෙන්නේ නෑ"යි තදින් සිතට හඟවා ඒවාට ගිය විට මොහොතක් හෝ නින්ද නොයා කියූ දෑ හොඳින් මතකයේ රැඳීම" කියන කොටස....:D :D

    ReplyDelete
  9. ෂ: සුභාෂ්..! නියම කේක් එකක්...! ස්තුතියි. (හැබැයි ඉතින් නදීෂා හදපු කේක් කෑල්ලකුත් කන්න තිබුණා නම් තමා හොඳ!!)
    @ නදීෂා: ඉතින් ඇත්තනේ කොල්ලා පුංචිකමට කියලා තියෙන්නේ....තාත්තා මොකද පුතා මොකද...:D

    ReplyDelete
  10. සුබ උපන්දිනක් වේවා මචෝ.... ඒ වගේම පැතුම් ඉටුවන වාසනාවන්ත අනාගතයක් !!

    ReplyDelete
  11. දුකින් තොර සැපෙන් බර නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා අයියට....
    තෑග්ග නම් අපූරුයි

    ReplyDelete
  12. සුභ උපන් දිනයක් දුකා අයියෙ... ලිපිය බර වචනෙන් තියන්නෙ.ගෙදර ගොහිං කියෝල බලන්ට ඕනෙ.

    ReplyDelete
  13. සුභ උපන්දිනයක් දුකා අයියා..ඔය තෑග්ග ප්‍රයෝජනයට ගන්න මම ඉස්සෙල්ලාම අර නින්ද නොයා ඉන්න විදිය ට්‍රයි කරලා බලන්නම්.

    ReplyDelete
  14. සුබම සුබ උපන් දිනයක් දුකා අයියේ....
    මේ ගෙවෙන්නා සේම සතුටින් ඉදිරි ජීවිතයත් සතුටින් ගෙවන්න ලැබේවා !

    ඔය The Secret කියන documentary එක මම බැලුවෙත් මේ ලඟදී..ඒ සාතන් ඔස්සෙ ලැබුන ඔත්තුවකින්.. අපි නොදන්න..අපි නොහිතන අපේ ජීවිතයේ රහස් අපිට දකින්න පුළුවන් වෙන්නෙ ඇත්තටම මේක බැලුවට පස්සෙයි.....

    ReplyDelete
  15. සුබ උපන්දිනයක් වේවා දුකා අයියා. the secret මාත් බැලුවා.

    http://btjunkie.org/torrent/The-Secret-2006-DVDRiP-XViD-HEXAGON/435850cb7d6412dc1434208041a43fbe63d5d9d83761

    (මේක සාතන් දිල්ගේ බ්ලොග් එකේ දාලා තිබුණේ..)

    ReplyDelete
  16. සුභ උපන් දිනයක් දුකා අයිය...

    දුකා අයිය අපේ පැත්තෙ ඇවිත් නෑ වගේ කාලෙකින් ;)... කැමති අයට සම්පූර්ණ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එකක් එක්කම විස්තරේ තියෙනව මෙතන
    http://sathangeadaviya.blogspot.com/2011/09/blog-post_19.html

    ReplyDelete
  17. සුභම සුභ උපන්දිනයක් වේවා සුභාෂ් අයියා :)

    ReplyDelete
  18. ගොඩක් දෙනෙක් දැනගෙන හිටපු ගින්දර කතාව මම කියෙව්වවෙ අදයි.

    චිත්ත ශක්තිය මගින් කරන්න පුලුවන් දේවල් අපමණයි! ඒගැන බුදුදහමෙත් කොපමණ විස්තර තිබෙනවාද?

    මේ ලිපිය සරළයි. ඒ වගේම ගින්දර ලින්ක් එකත් මේ ලිපියට හොඳ උත්ප්‍රෙරකයක් සපයනවා.

    අපි බ්ලොග් ලියන්න ආපු මුල් කාලේ ඉඳලා අපිව දිරිමත්කළ දුකා අයියණ්ඩිට මෙන්න මගෙන් උණුසුම් සුබ පැතුම්.!

    ReplyDelete
  19. සුබ උපන්දිනයක් . .දුකා අයියා
    කිව්වට මොකද උපන්දින තෑග්ග දීලා තියෙන්නේ අපිට, කේක් ගෙඩි සීයක් වගේ :)

    ReplyDelete
  20. සුභ උපන් දිනයක් දුකා අයියෙ.
    එකසිය විස්සට දෙසීය විස්සක් ආයුබෝවේවා..

    ReplyDelete
  21. සුභ උපන්දිනයක් අයියා!නොම්මරේ කිව්වා වගෙ උපන්දින තෑග්ග ලැබිලා තියෙන්නේ අයියගෙන් අපිට..

    ReplyDelete
  22. සුබ උපන්දිනයක් වේවා මිත්‍රයා!

    අපූරු පොස්ට් එකක්, නුඹ කවදත් අනුන්ගේ යහපතම පතන කෙනෙක්. නුඹ කරන කියන හැම දෙයම වඩාත් සඵලවෙන, සියලු සිතුම් පැතුම් ඉටුවෙන වඩ වඩාත් සාර්ථක අනාගතයක දොර කවුළු තැනෙන සුවිශේෂ දිනය අදින් සනිටුහන් වේවා!

    ReplyDelete
  23. සුභම සුභ උපන් දිනයක් , සුභ අනාගතයක් !!

    ReplyDelete
  24. සුබම සුබ උපන්දිනයක් අයියා.... මේ බ්ලොග් නැත්නම් අද අපි මේ තරම් සමීප සහෝදර සහෝදරියෝ නෙමේ....

    ReplyDelete
  25. සු උපන් දියයක් වේවා අයියේ... තෑග්ගත් නියමයි...

    ReplyDelete
  26. සුභම සුභ උපන්දිනයක් වේවා මචෝ...! අර කිව්වත් වගේ අපෙන් තෑග්ගක් වෙනුවට උබ අපිට තෑග්ගක් දීලා.

    මම ඔය සීක්‍රට් කියන පොත ගැන දැනගත්තෙ දැනට අවුරුදු කීපයකට කලින්. ඒක ඩවුන්ලෝඩ් කරගත්තා වගෙත් මතකයි, හැබැයි දැන් කොහේද කියලා මතක නෑ....

    ReplyDelete
  27. සුබ උපන්දිනක් වේවා........!

    ReplyDelete
  28. සුබ උපන්දිනයක් වේවා දුකා........................

    ReplyDelete
  29. සුබ උපන්දිනයක් දුකා අයියෙ!!! සතුට සැනසුම හැමදාම ඔයා ලඟ රැඳේවා කියල පතනව!!!

    ReplyDelete
  30. මීට අවුරුද්දකට උඩදී අද වගේ දවසක " බ්ලොග් නොලියා ඉන්න වරයක් දුන් අඤ්ඤකොරොස් දෙයියා . ... " කියලා ලිපියක් සින්ඩි වල අප්ඩේට් උනා. එතකොට නම් මම් බ්ලොග් ලියන්න ආපුම අලුත වගේ.

    ඒ ලිපිය ලියලා තියෙන්නේ දුකා කියලා අයියා කෙනෙක්. අද ඒ දුකා කියන අයියා (ඉරාජ් වීරරත්න වගේ අයියා) නැවත වරක් උපන්දිනය සමරනවා. ගොඩක් සතුටුයි අයියා අවුරුද්දකට ඉහතදී අදුන ගෙන මේ අවුරුද්දේ උපන්දිනේටත් සුබ පතන්න ලැබුන එක ගැන !!!

    අයියට නිදුක් නිරෝගි සුව පතනවා !!! සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
  31. සුභ උපන් දිනයක් දුකා..
    බ්ලොග් හරහා නුඹ වැනි මිතුරෙක් හඳුනා ගැනීමට හැකිවීමත් සතුටක්. තෑග්ගටත් බොහොම ස්තූතියි,

    ReplyDelete
  32. දුකා අයියේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා...තවත් බොහොකල් කියන්නට අත-හිත සවිය වේවා... :)))

    ReplyDelete
  33. සුභ උපන් දිනයක් දුකා අයියේ. වටිනා ලිපියක්.

    ReplyDelete
  34. සුබ උපන් දිනයක් දුකා . සික්‍රට් මමත් බැලුවා . අපේ පොඩ්ඩෝ දෙන්නත් බැලුවා . හරිම ලොකු දෙයක් ලැබුනා ඒකෙන්. මටත් හිතුනා බුදු දහමත් අපේ පරණ සිරිත් විරිත් වලිනුත් ඔය දේම ලැබෙනවා කියල .

    ReplyDelete
  35. සුභ උපන්දිනයක් වේවා!
    සමපාත වෙච්ච කාරණා ටික නං හරියටම හරි.

    ReplyDelete
  36. සුභ උපන්දිනනයක් වේවා ආදර අයියණ්ඩියාට ............

    ReplyDelete
  37. සුභ උපන්දිනයක් අයියා . . . . ඊලඟ උපන්දිනය හාමිනේ සහ පැටිය එක්ක සමරන්න ලැබේවායි පතනව . . . .

    ReplyDelete
  38. දුකා අයියා.. ඔයාගෙ උපන්දිනේට සුබ පෑතුම්.

    ඔයාගෙ උපන්දිනේට අපිට දුන්නු මේ තෑග්ගෙ වටිනාකම නම් කියලම වෑඩක් නෑහෑ. ස්තූතියි.

    සිතෙහි මහිම විස්වාසයක් නෑති මිනිසුන්ට එහි අරුමය කියා දෙන්නට කොතරම් උත්සහ කලාද ? බුදු දහමේ කියා දෙන මේ පරම සත්‍යය , මිත්‍යා දෘශ්ටිකයෙකුට වටහා දෙන්නත් හරිම අපහසුයි.

    වගේම මේ වගෙ ගත් කතුවරුන් සහ විවිධ වැඩසටහන් ඈසුරෙන් කොතෙක් කියා දී ඈති. සමහර උත්සහයන් ගඟට කෑපූ ඉණි වගේ. ඒ වෙලාවට නම් මම දුකෙන් හිත හදාගන්නවා උන්ගේ කරුමක්කාර දෛවය මට වෙනස් කරනන් බැරි තරමට ප්‍රබල ඇති කියලා.

    ඒ අයට ඒ සඳහා ආධාරකයක් වෙන්න මේ ලිපියත් ශෙයා කලාට කමක් නෑනේ?

    යලිත් වරක්.. සුබ උපන්දිනක් අයියේ...
    ස්තූතියි

    ReplyDelete
  39. සුබ උපන් දිනක් වගේම ඔය ආකර්ෂණයේ නීතියෙන් තව තවත් වැඩ ගන්නට හැකි වේවා...(මගෙත් කට කහනවා..ඒත් මුකුත් කියන්නේ නෑ)

    කොහොම වුණත් වටිනා අදහස් ටිකක් අපිත් කවුරුත් එක්ක බෙදාගෙන කරපු වැඩේට නං බොහොම පිං.

    මං නම් සර්ව සුභ වාදයට වඩා පිළි ගන්නේ යථාර්ථ වාදය.

    ReplyDelete
  40. සුභ උපන් දිනයක් වේවා..!
    දැන් කීයද මචං 47ද 8ද?

    ReplyDelete
  41. සුභ උපන්දිනයක් අයියේ

    ReplyDelete
  42. සුභ උපන්දිනයක් වේවා අයියේ...
    තෑග්ගත් හුගක් වටිනවා.හරිනම් අපිනෙ අයියාට තෑගි දෙන්න ඕනෙ. අද මගෙ අම්මගෙත් උපන්දිනේ.

    ReplyDelete
  43. සුබ උපන් දිනයක් දුකා අයියෙ

    ReplyDelete
  44. සුභ උපන්දිනයක් වේවා !

    ReplyDelete
  45. සුබ උපන් දිනයක් දුකා අයියේ.....

    ReplyDelete
  46. සුභම සුභ උපන්දිනයක් පතනවා දුකාට!!

    වැඩි වැඩිඔයෙන් බොන්න ලැබේවා!! :)

    ReplyDelete
  47. දුකා මල්ලි,
    මුලින්ම ඉතාම වාසනාවන්ත උපන්දිනයක් පතනවා. හැමදාම පුංචි කැදැල්ල සතුටින් පිරී තිබේවා!
    මල්ලී මගෙ මහත්තයාත් අරුණි නංගී ගේ තාත්තාගේ අදහස් ඉහලින්ම පිලිගත් කෙනෙක්. පාසැල් යනකාලෙ ආනන්දෙ ලඟ පොත් කඩේකින් ගත් මිනිස් සිතේ හාස්කම් පොත් පෙල ඔහුව අද ඉන්නා තැනට ඔසවා තැබුවා කිව්වොත් නිවැරදියි. එයාට මේ වනවිට වයස පනහයි. ව්‍යාපාර ලෝකය ජය ගන්නත් ජීවිතය ජය ගන්නත් මේ දේවල් ඉවහල් වෙන්න ඇති. හැම දෙයම සුබවාදීව හිතනවා. ජීවිතේ ගොඩාක් දේවල් හදාගත්තෙ එහෙම හිතලා. අපි මොනව නැතත් සතුටින් හිටියා. කවදාවත් පසුතැවුනේ නෑ. කාලය උපරිම ප්‍රයෝජන ගත්තා. දරුවන් සමඟ හැමදාම කාලය යොදාගෙන කතා බස් කලා, එයල එක්කම හිටියා. ආදරය දුන්නා. විනෝද උනා. ජීවිතේ හරිම සාර්ථකයි හැරිල බලත්දි. ලොකු දේවල් නෑ. සරලව ඉන්නවා හරිම සතුටින්. ඒක අපිට වටිනවා.අද මේ දැනුම නිහඬව බෙදා දෙනවා. වැඩි ප්‍රසිද්දි කරන්න සතුටු නෑ. ඔබ දෙපලගේත් ජීවිත සදා වාසනා වේවා!

    ReplyDelete
  48. @මාතලන්!
    තැන්කූ මචං . . .

    @ශානු!
    ස්තූතියි ශානු

    @කකා!
    Tnx mate . .

    @නදීෂා!
    කමක් නෑ ඩාලිං . .
    නිවාඩුවට ආවහම හදල දෙන්නකෝ . .
    කොල්ලට එකක් හදල දෙන්න අනේ . .පවුනේ

    @චතුරංග පෙරේරා!
    ස්තූතියි මළේ . .
    "මමත් සර්ව සුභවාදියෙක්.." දාන්න පහක්

    @තිසා!
    ස්තූතියි මචං . .
    ඔව් ඔව් අඩු නැතුවම . .

    @අගා!
    තැන්කූ වේවා ඈ

    @ඊමේල් කවිකාරී
    ස්තූතියි ඔයාටත් සුභ පැතුම් වලට

    ReplyDelete
  49. මටනම් ඔය ප්‍රශ්න නෑ.. ඕන එකක් සත විසිපහයි. ඒ නිසාම ඔය බරසාර කතා මට තේරෙන්නෙත් නෑ වගේ... එව්ව වැඩක් නෑ.... සුභ උපන් දිනයක් ඩෘකායියා... චිරාත් කාලයක් ලියන්න ලැබේවාහ්!

    ReplyDelete
  50. සුභම සුභ උපන් දිනයක් දුකා අයියේ!!!!

    ReplyDelete
  51. @සිතුවිලි නිහඬයි !
    ස්තූතියි නගේ . .
    අහ් ඔව් ඔව් ට්‍රයි කරල බලන්නකෝ

    @සචී!
    එල එල
    ඔව් අයියෝ මම කිව්වෙත් එකක් හදල දෙන්න කියලා. .

    @චාමි!
    තැන්කූ මචං

    @අකීකරු හිත !
    බොහොම ස්තූතියි හොඳේ.
    වටිනා තෑග්ගක් හරියට භාර ගත්තොත්

    @සිහින!
    තැන්කූ තැන්කූ
    මොන බර වචනද මළේ

    @සිතුවිලි මණ්ඩිය !
    බොහොම ස්තූතියි මළේ.
    ට්‍රයි කරල බලන්නකෝ ඔයත්

    @දිල් !
    ස්තූතියි නගේ.
    ඔව් අපි නොදන්නවා වුනත් පස්සේ හිතුවාම තමයි තේරෙන්නේ

    @මිස්සක!
    තැන්ක්ස් මලේ . . කාලෙකින් දැක්කේ.
    කාලෙකින් සාතන්ගේ අඩවියට යන්න බැරි උනායින් මට මිස් වෙලා.

    @සාතන් !
    සමාවෙන්ට මළේ කාලිකින් ඒ පැත්තේ යන්ට බැරි උනා.
    ස්තූතියි ඈ උඹටත්.

    @චන්දික!
    තැන්කූ කෝච්චි මළයෝ

    @බුද්ධි!
    තැන්කූ බුද්ධි . . ඔව් ඔව් ගින්දර ලිපිය කියවලා ඒකෙන් වැඩ ගනින් කොල්ලෝ . .

    ReplyDelete
  52. @නොම්මරේ!
    එල එල . . හොඳින් කාගෙන යන්නකෝ එහෙනම් කේක් ඈ . . හික් හික්
    තැන්කූ හොඳේ . .

    @ගයාන් !
    යකෝ එකසිය විස්සක් තියා අසූවක් වත් එපෝ . .
    හැටෙන් යනවනම් ආන්න එච්චරයි . .
    ස්තූතියි ඈ.
    ඔව් අපි නොදන්නවා වුනත් පස්සේ හිතුවාම තමයි තේරෙන්නේ

    @පුතා!
    තැන්ක්ස් කොල්ලෝ . . .
    එහෙනම් කෑල්ලක් කන්නකෝ පුතා.

    @ඩීන්!
    බොහොම ස්තූතියි ඩීන්.

    @බුවා!
    තැන්කූ බුවා
    අර සුභ අනාගතේ නෙමෙයි නේද? හික්ස්

    @හසී!
    තැන්කූ නගේ . .
    අනේද කියන්නේ . . මේ බ්ලොග්ස් කොයි තරම් ලොකු දෙයක්ද අපිට කලේ නේද

    @ගෝල්ඩ්ෆිෂ්!
    ස්තූතියි මළේ.
    තෑග්ගෙන් ප්‍රයෝජන ගන්න ඈ

    @දුමී!
    උඹ නොබැලුවත් ජනදිට හරි කියවන්න හොයල දීපන් . .
    තැන්කූ ඈ . .

    @නලින්!
    ස්තූතියි නලින් අහ් ඇයි මේ සමනලුන්ට වෙඩි තියන්න හදන්නේ?

    @නිෂ්!
    ස්තූතියි නිෂ්. .

    @හංස කිංකිණි!
    ගෝල්ඩ්ෆිෂ්!
    බොහොම ස්තූතියි සුභ පැතුම් වලට.

    ReplyDelete
  53. මේ කියපු දේ ඔලුවට ගත්ත ...

    සුබ උපන්දිනයක් වේවා දුකා අයිය!!

    මගේ ජීවිතකතාවෙ සමහර වචන, සමහර පිටු අයිය වෙනස් කලා.ඒ හොදම විදියට.ඉස්සරහටත් එහෙම වෙයි කියල හිතනව.එහෙනම් දුකා අයිය ජයවේවා !!

    ReplyDelete
  54. @මධුරංග !
    බොහොම ස්තූතියි මල්ලී. .

    @ලකී!
    තැන්කූ මචං සුභ පැතුම් වලට.
    තෑග්ගෙන් ප්‍රයෝජන ගන්න ඈ

    @මකුළු පැංචි!
    බොහොම ස්තූතියි නගේ. .

    @තිලින!
    ස්තූතියි මළේන්

    @බින්දි!
    ස්තූතියිබින්දි සුභ පැතුම් වලට
    ඒක ගන දැනගෙන ඉන්න එක ඇත්තෙන්ම හරිම ප්‍රයෝජනවත්

    @රාජ් !
    බොහොම ස්තූතියි රාජ්.
    ඔයාත් ට්‍රයි කරල තියෙනව වගේ

    @බට්ටි!
    තැන්කූ වේවා

    @ඕනයා!
    තැන්කූ මළේ
    ඔව් ඔව් බැරි වෙන එකක්න නෑ

    @දිල්ෂාරා!
    බොහොම ස්තූතියි නගේ. .
    කිසි ප්‍රශ්නයක් නෑ ඕනෑ වෙලාවක ඕනෑ දෙයක් ගන්න . . ශෙයා කරන්න අහන්නත් දෙයක්ද බන් .

    @චතුර!
    තැන්කූ මචං සුභ පැතුම් වලට.
    යතාර්ථවාදයයි සර්ව සුභ වාදයක් එකතු කරල ට්‍රයි එකක් දීලා බලපන්
    කට කහන්නේ මොකෝ . . හික්ස්

    @මාරයා!
    තැන්කූ ඈ . . නෑ බොල 57යි

    @පිණිබිඳු!
    ස්තූතියි නගේ

    @නිසුපා !
    බොහොම ස්තූතියි නගේ. .
    අම්මට මම සුභ පැතුවා කියන්න

    @නෙරංජි!
    බොහොම ස්තූතියි නගේ. .

    @ප්‍රසන්න!
    තැන්කූ ප්‍රසන්න

    ReplyDelete
  55. @පිස්සා!
    බොහොම ස්තූතියි මළේ. .

    @අලුත් කොල්ලා
    තැන්කූ කොල්ලෝ. .
    මම තෝ වගේ බොන්නේ නෑ යකෝ හික්ස්

    @චාන්දි!
    අහන්නත් සන්තෝසයි අක්කේ . .
    බොහොම ස්තූතියි අක්කේ සුභ පැතුම් වලටත් අයියගේත් අක්කලගේත් ජීවිත අපිත් එක්ක බෙදා ගත්තාටත් . .

    @හරේ!
    ස්තූතියි මල්ලී
    එහෙමට මහප්‍රාණ නෑ බන්

    @දිනේෂ්!
    ස්තූතියි මල්ලී

    @සහෝධරයා !
    ඒ ගැන මට හරිම සතුටුයි මල්ලී . . තැන්කූ ඈ සුභ පැතුම් වලට . .

    ReplyDelete
  56. සුබ උපන්දිනයක් වේවා අයියේ! ජය වේවා!

    ReplyDelete
  57. සුභම සුභ උපංදිනයක් අයියෙ..!!
    අයියට නිතරම තැගි ලෙබනවා කිවාම ඉරිසියා වගේ හිතුනා.. මට ජිවිතෙටම පිට කෙනෙක්ගෙන් තැග්ගක් ලැබුනෙ 1කම එක කෙනෙක්ගෙන්.. ගැණු ළමයෙක් ඒ (මගේ හොදම යාලුවාගෙ gf) මට මගේ නංගි වගේ එයා..!! හැබැයි මං එයා ජිවිතේට වත් හැබැහින් දැකලා තිබ්බෙ නැහැ :)
    ඒක දීලා සතියක් ඇතුලත එයා මෙලෝකෙන් යන්නම යන්න ගියා.. :(

    ReplyDelete
  58. @බනී...

    ඉතිං උඹම කියහං බනියෝ උඹට කොහොමද තෑගි දෙන්නේ කියලා..?

    ReplyDelete
  59. nithara comment nokalata man hamadama oyage blog kiyawanawa ayye.... obata subama suba upandinak wewa......

    ReplyDelete
  60. සුභම සුභ උපන්දින මෙව්වා ඒක් වේවාzzzz දුකා අයියාzzzzzzz :) ෂා.......... මරු තැග්ගක්නේ කස්ටියට දීලා තියෙන්නේ. මේක මම බැලුවේ මීට හරියට අවුරුදු එකහමාරකට විතර කලියෙන්. ඇත්තටම ඒක හිතාගන්නවත් බැ...... :D සීක්‍රට් කියන පරීක්ෂණයේ නිධාන කතාව තවත් මරු. ජයවේවාzzzzzzz ඇන්ඩ් තැන්කූ වේවාzzzz මේක ආයෙ බලන්න ඔනේ........... :D

    ReplyDelete
  61. සුභම සුභ උපන්දිනයක් වේවා අයියේ! :)

    ReplyDelete
  62. සුභම සුභ උපන්දිනයක් වේවා දුකා අයියේ. ඒවගේම උපන්දිනයට අපිට දීපු සංග්‍රහයටත් බොහෝම ස්තූතියි... :)

    ReplyDelete
  63. සුබ උපන් දිනයක් වේවා දුකා මල්ලී!

    ReplyDelete
  64. සුභම සුභ උපන්දිනක් වේවා ලොකු අයියේ. පරක්කු උනාට අව්ලක් නැහැනේ බං. නේද? අද උබේ වගේම මගේ තාත්තාගෙත් උපන් දිනේ.

    ReplyDelete
  65. සුභ උපන්දිනයක් දුකා... සුභ පතන්න පරක්කු උනා. දුන්නු තෑග්ගටත් ස්තූතියි.

    ReplyDelete
  66. අනේ දැනුයි දැක්කේ. සුබම සුබ උපන්දිනයක් වේවා.
    ලස්සන පුංචි පවුලක්...:)

    ReplyDelete
  67. @විසිතුරු!
    බොහොම ස්තූතියි විසිතුරු

    @බනී!
    තැන්කූ බනියෝ . . ඒකනේ මාරයා කියනවා වගේ ඉතිං කොහොමෙයි උබට තෑගි ද්න්නේ . . දුන්න වගේද සතියකින් බඩු බනිස් වෙන එක? හික්ස්

    @දිල්හාරා!
    බොහෝම සතූතියි සුහ පැතුම් වලට.

    @ජේ.ඩී!
    තැන්කූ වේවා මලේ . .
    අහ් බලපන් බලපන් එක පාරක් නෙමේ තුන් හතර පාරක්ම

    @පූසා!
    ස්තූතියි මළේ

    @කින්නරාවි!
    තැන්කූ නගේ . . තෑග්ග ප්‍රයෝජනයට ගනී කියලා හිතනවා එහෙනම් ඈ

    @අරුණි අක්කා!
    බොහෝම ස්තූතියි අක්කේ . . ඔයාට තරම් පැහැදිලිව මේ දේවල් මට ලියන්න නම් බෑ එත් ඇහැක් විදිහෙන් ලිව්ව ඕන්

    @හසිත මදුශංක!
    කිසි අවුලක් නෑ බන්. තැන්කූ ඈ . .
    අහ් තාත්තාට මම සුභ පැතුවා කියන්න.

    @අනිත්කොණ!
    බොහොම ස්තූතියි හොඳේ

    @පොඩ්ඩී!
    ඔයාටත් බොහොම ස්තූතියි . .

    ReplyDelete
  68. සුබ උපන් දිනයක් අයියන්ඩි...!!!!!

    හැමදාම හිත තුටින් පිරේවායි පතන්නත් ඕන් අමතක කරේ නෑ..

    ReplyDelete
  69. ඔන්න තුන් වෙනි පාරටත් සිංහයගෙන් සුභ පැතුම් ....!!!

    ඉතුරු කෑල්ල මෙතන ඕනේ නෑ වගේ ........:D

    ReplyDelete
  70. සුබ උපන් දොනයක් වේවා දුකා අයියා ..!! ජයෙන් ජයම වේවා !!

    ReplyDelete
  71. සුභ උපන් දිනයක් වේවා...!!

    ReplyDelete
  72. මම එන්න ටිකක් ප්‍රමාද වෙලා...නේ..අයියා.

    ඔබ සැබවින්ම සොදුරු මිනිසෙක්.
    ඔබේ ලිපි කියවදිදි මට එහෙම හිතුනා.
    මුණු පොතෙන්, ඔබේ සැබෑ රුව දුටු දින... එය.. වඩ වඩාත් ප්‍රත්‍යයක්ෂ උනා.

    රුවට ගැලපෙන, සොදුරු හිතක් දරා සිටින.. ඔබ, අපූරු මිනිසෙකැයි...කෙසේ නොකියා ..ඉන්නද.....?????

    ඉතිං ..අයියේ...ඔයාට වාසනාවන්ත, නිදුක් නීරෝගී සුව පිරුනු...සතුට ඉතිරුනු ..සුභ උපන්දිනයක් පතන්නේ ..මුලු හදවතින්මයි.

    චිරං ජයතු....වේවා...!!!!!!!!!!!!!!!

    ReplyDelete
  73. @අසනි!
    බොහොම ස්තූතියි නගේ

    @ලයන්!
    මොකද්ද බන් ඉතුරු කෑල්ල
    තැන්කූ ඈ විශස් වලට

    @සඳරු!
    තැන්කූ මළයෝ

    @ලොකු පුතා!
    ස්තූතියි ලොකු පුතේ .. හෙ හෙ හේ

    @නිල් අහස!
    පරක්කු උනාට මොකෝ මල්ලී.
    බොහොම ස්තූතියි ඔයාගේත් සුභ පතුම් වලට හොඳේ.

    ReplyDelete
  74. අඩෝ මචන්...
    කාලෙකින් තමා ඔලුව උස්සන්නේ මේ බ්ලොග් කෙරුවාට. ඉස්සරලාම දන්න කියන එවුන් මොකද කරන්නේ බලන්න හිතුනා... දැන් කොනක ඉඳන් යන්න ගත්තේ... බලනකොටම උඹ ආයෙත් තරුණ වෙලානේ... එල එල.. තිස් ගනන් තමා ජීවිතේ හොඳම හරිය... විසි ගනන් නිකන් ඩෝන් පටෝරින්... පනස් ගනන් චුස් පුස්...

    ReplyDelete
  75. ඔබට සුබ උපන් දිනයක්.. ටිකක් පරක්කු වෙලා නම් තමයි.
    තමන් කිසි දාක තෑගි නොලබන අපතයෙක් කියා නොසිතන්න. ඇස් ඇරල බලන්න. ඔබ මට වඩා වාසනාවන්තයි. ඔබ මට වඩා තරුණයි. වර්තමානයේ ලැබී ඇති සෑම දෙයක්ම තෑග්ගක් කියා සිතන්න. වර්තමානයට Present කියා කියන්නේ ඒක තෑග්ගක් නිසාමයි. ඩේල් කානගී ලියා ඇති පොත් කියවන්න. සමහර පොත් සිංහළට හරවා තියෙනවා.

    ReplyDelete
  76. අයියේ මේ ඔයා කියපු දේවල් මටත් ගොඩාක් කාලෙකට කලින් හිතුන දේවල්. මම හරි කියන එක අද ෂුවර්ම උනා :)

    ReplyDelete
  77. බොලං දුකා අයියෙ මං පරක්කුයි නෙව සෑහෙන්න. පහුගිය කීප දොහේම පොඩි පොඩි වැඩ ගොඩක එරිල උන්න හන්ද ඔපීසියෙ වැඩවලින් එහාට ජාලෙත් එක්ක ඔට්‍ටු වෙන්න වෙලාවක් තිබුනෙම නෑ. ඔය කියාපු වීඩියෝව කාලෙකට උඩදි බලල තිබුනට එච්චර අවබෝධයකින් බලපු එකක් නෙමෙයි. ආයෙම බාගෙන බලන්න හිතුන පෝස්ට් එක කියෙව්වම.

    වැල් වටාරං කිව්වට කියන්න ආව එක කියන්න බැරි උනා නෙවෙ.

    එහෙනං මේං....

    දුකා අයියට නිදුක් නිරෝහී, සුභම සුභ උපන් දිනයක් වේවා. !

    ReplyDelete
  78. සුභම සුභ උපන් දිනයක් දුකා අයියා....අනේ පරක්කු උනාට සොරි හොදේ

    ReplyDelete
  79. ටිකක් පරක්කු උණත්,

    සුභම සුභ උපන්දිනයක් වේවා දුකා අයියා..!!!!

    තෑග්ගට ස්තුතියි ඈ.........

    ReplyDelete
  80. ඔයහේ තෑග්ගත් අරන් මොකුත් නොලිය ගියොත් මගේ හිතට හොද නැති නිසා....

    ඔයාටත්....හිත මිත්‍රදිනටත්.....සුබම සුබ අනාගතයකඅට මගෙන් අසිරි.....

    ReplyDelete
  81. මම බලා ඉන්නවා මට කව්රු හරි
    උදව කරවී කියල ඔබ දන්නා හොද මනෝවදය
    කෙනෙක්ග නම්බෙර් තියනවනම් දන්නා

    ReplyDelete
  82. kawruharai mata lankawe hoda mano viddya warayakga namber hoyaladanna

    ReplyDelete
  83. @saranga saran !
    දයා රෝහන අතුකෝරහ සහ හේලි නිමලා අතුකෝරල දෙන්නගෙන් කාව හරි කන්සල්ට් කරලා බලන්න.
    ග්ලාස් හවුස්, නවලෝක, ආසිරි හොස්පිට්ල් වලට කතා කරලා ඇහුවනම් කියයි . .

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails