Thursday, October 14, 2010

බ්ලොග් නොලියා ඉන්න වරයක් දුන් අඤ්ඤකොරොස් දෙයියා . . .!



"දරුව, අද දින නුඹගේ උපන් දිනය නිසාවෙන් නුඹට කැමති දෙයක් ඉටුකරදීමේ වරයක් ලබාදෙනු වස් පැමිනි ලංකාදීපය රකින්න කැපවුනු තිස්තුන් කෝටියක් දෙවිවරු අතරින් එක් දේවතාවෙක් වෙමි මම්'

උඩ ගිහින් ඇහැරුනු මම බැලුවේ “මේ කවුද යකෝ මේ. . . මූ මේ කොහෙන් ආවද දොර ජනෙල් වහලා තියෙද්දිත්” කියලා.

අනික අපේ රට රකින්න ඔය තරම් දෙවියෝ ඉන්නවා කියනවනම් ඒ කියන්නේ කෝටි දෙකට තිස්තුන් කෝටියක් කියන්නේ එකාට 16ගානේ ඉන්නවා කියන එකනේ . . කොහොමත් වෙන්න බැරි වැඩක්.

"හඃ හා වෙරි ෆනී . ., මම අහලා තියෙන්නේ දෙවියෝ කියන්නේ අපෙන් පිං අරගෙන ජීවත් වෙන කොටසක් කියලයි. ඉතිං කොහොමෙයි ඔහේලා අපිට ඉල්ලන ඉල්ලන දේ දෙන්නේ" මම කිව්වේ නින්ද කැඩූ තරහට නොරුස්සනා හඬින්.

"ඒ පණ්ඩිත කතා අනවශ්‍යයි දරුව. ඔබට යමක් අවශ්‍යයි නම් ඉල්ලනු. නැතිනම් මා ආපසු චුතවෙන්නෙමි"

නින්දෙනුත් ඇහැරුනු එකේ ඔන්න ඔහේ ඉල්ලලා දානවායි හිතපු මම වැඳගෙන පටන් ගත්තා

"අනේ දෙවියනේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ මට පේන විදිහේ වැරද්දක් තියෙනවා කියලා හිතෙන එක. පුලුවන් නම් අන්න ඒක හරිකොරලා දෙන්න" කිව්වේ අපේ ගෙදර උන්දෑ හොඳටම නිදි කියන එක කොන්ෆෝම් කර ගත්තට පස්සේ.

"ඒ වගේ දේවල් වලට නම් අපිට කොරන්න දෙයක් නෑ දරුවා. ඇස් කන්නාඩි සපයන තැනකට . . "

"මගුලක් කතා කරනවා" මේ ඉන්නේ දෙවියෙක් නේද කියලවත් හිතන්න කලින් දෙවියාට වාක්‍ය ඉවර කරන්නත් කලින් මගේ කටින් පැන්නා.

"මම කිව්වේ මේ අපේ රටේයි එහේයි මෙහේයි සිදුවෙන දේවල් මට පේන්නේ දැනෙන්නේ ගොඩක් උන්ට දැනෙන පේන විදිහට වඩා වෙනස් විදිහකට කියන එකයි"

"දරුවා, දෙවියන්ව කොන්ෆියුස් කරන්න එපා . . කියන දෙයක් පැහැදිලිව කියන්න"

අම්මට සිරි ඉංග්‍රීසි කෑලිත් දන්න දෙවියෙක්

"මෙන්න මේකයි දෙවියනේ. මට මේ මම කියන්න යන ලිස්ට් එකේ දේවල් පෙන්නේ අපේ රටේ ගොඩක් අයට පේනවඩා වඩා වෙනස් විදිහකට"

“කියමු බලන්න”

"නරකයි කියලා එක්කෙනෙකුට හරි ගොඩක් දෙනෙක්ට හරි පේන දෙයක් මට හොඳයි කියලා හිතෙන්න පුලුවන් නේද??? අනෙක මගේ හොඳම යාලුවෝ හොඳයි කිව්වේ නැත්නම් ඒක නරකයි කියලා හිතන්න ඕනද . . ??"

"සරත් ෆොන්සේකා කියන අර ආමි එකේ හිටපු ජෙනරාල්ව හිරේ දාපු එක අනිත් අයට හිතුනට රට අන්තර්ජාතික තරහ කාරයින්ගෙන් බේර ගන්න කලා කියලා මට හිතෙන්නේම මහින්ද මාමාට විරුද්දව චන්දේ ඉල්ලපු එකට ගේම දීමක් කියල"

"අනික එහෙම විරුද්ද අදහස් දරන අයව මර්ධනය කරන එක අනාගතේ භයානක ප්‍රතිපල දෙන දෙයක් කියලත් හිතෙනවානේ දෙවියනේ"

"මහින්ද මාමා නිව්යෝර්ක් යනකොට යාලුවෝ එකක් ගිහින් කෝටි 130ක් වියදම් කරන එක, උපන් දිනේ සමරන්න බාගෙට හදාගෙන යන වරායට වතුර පුරෝන උත්සව තියන කෝටි 75ක් විතර වියදම් කරන එක ඊහ්ම අනෙක් අය නම් කියන්නේ විදේශ ආයෝජකයෝ ආකර්ෂනය කර ගන්න කියලයි අනේ ඒත් මට හිතෙන්න ඒක මහජන මුදල් නාස්ති කිරීමක් කියලනේ දෙයියනේ"

"දරුවා දරුවා . . ."

"ඔන්න ඔය ටිකක් විතරයි දෙයියනේ ඒකයි මම කිව්වේ මට පේන විදිහේ වැරද්දක් තියෙනවා වෙන්ට ඇති කියලා තව ඕන නම් . . ."

"නෑ නෑ දරුවා . . ඔය ඇති . . මෙන්න මේකයි දරුවා . . . අපිටත් ඔය දේශපාලන කටයුතු වලට විරුද්ධ වෙන්න බෑ"

"අර මොකෝ"

"ඔය දේශපාලකයෝ හාමුදුරුවරුන්ට සැප කාර් දෙනවා වගේ අපිටත් ලොකු ලොකු සල්ලි කොල තියපු පූජාවට්ටි දෙනවා . . ."

"මදැයි කොලා . . හරි එහෙනම් මෙන්න මේක වත් කරලා දෙන්න"

"කියන්න දරුවා"

"අනේ දෙවියනේ මේ බ්ලොග් කියලා මගුලක් තියෙනවා මෙන්න මේ ලොකේ. ඒක ඔය කෙනෙකුගේ හිතේ තියෙන දුක, වේදනාව, තරහව වගේ දේවල් වෙන කෙනෙක්ගේ පිටින් යවා ගන්නේ නැතුව පිට කරන්න හොඳ දෙයක්"

"ඉතිං දරුව"

"ඒ වගේම කෙනෙක්ගේ ජීවිත අත්දැකීම් වල චාටර් සීන් එහෙම මේකේ ලියලා මේක බලන උන් ඒ වගේ චාටර් සීන් වලට මාට්ටු නොවී ඉඳහල්ලා කියලා පොඩි ඇඩ්වයිස් එකෙක් එහෙමත් දෙන්න පුලුවන්. තව ඉතින් දන්න කියන ජොලි කතා ලියලා කස්ටියව හිනා ගස්සන්න එහෙම පුලුවන්"

"හරි දරුවා දන් ඔබේ ඉල්ලීම කියන්න"

"අනේ දෙවියනේ මාත් මේ එකක් ලියනවා දැන් අවුරුද්දකුත් මාස හතරක් විතර තිස්සේ"

"හොඳයි දරුවා ඉතිං"

"අනේ දෙවියනේ මෙන්න මේ මගුල ලියන එක නතර කරන්න පුලුවන් වෙන්න මගේ හිත වෙනස් කරලා දෙන්න"

"දැන් ඔය දරුවා කියපු විදිහට ඕක ඔය දරුවගේ ස්ට්‍රැස් එක පිටකොරන හොඳ දෙයක් නේ . . අහවල් දේකටද ඉතින් ඕක නතර කොරන්න ඕන කියන්නේ"

"මේකේ මම ලියන ඒවා හින්දා සමහර අයට මාත් එක්ක තරහා වෙනවා දෙවියනේ. මම අර කලින් පිච්චුනාට පස්සේ ඉඳන් හරි අකමතියි මිනිස්සු තරහ කොර ගන්න දෙයියනේ . . මාව ආශ්‍රය කරන්නෙත් බොහෝම ටික දෙනයි “

“ඒ මොකෝ දරුවා”

“මගේ කට හොඳ නෑ කියලා දෙයියනේ . . මට හිතේ තියාගෙන පැසෝ පැසෝ ඉන්න බෑ දෙයියනේ . . මොනා හරි වැරැද්දක් දැක්කොත් පොල්ලෙන් ගහුවා වගේ කෙලින්ම මූනටම කියල දානවා. . .ඉතින් මගේ හිතවත්තු කියන්නේ මට තියෙනෙන බෝක්කු කටක් වගේ කටක් කියලා මාත් එක්ක යාලු වෙලා ඉන්න කැමති නෑ. මේ බ්ලොග් ලියන එක හින්දා මාත් එක්ක ඉන්න ටික දෙනාත් තරහා වෙනවා දෙයියනේ . . . "

"නතර කොරන්නේ නැතුව වෙන පිලියමක් නැද්ද දරුවා"

"අනේ එහෙනම් දෙවියනේ මට බොක්කෙන්ම හිතෙන දේවල් නැතුව සාමා එන්න අමර එන්න අපි මල් පිපී දැයි බලමු වගේ චෝයි ඒවා ලියන්න පුලුවන් වෙන විදිහට මගේ මේ කුරුවල් වෙච්චි මොලේ අප්සට් එක හදලා දෙන්න"

“එහෙම නත්නම් මාව මෙලෝ රහක් නැති එකෙක් කරන්න දෙයියනේ ඒත් බැරි නම් හැඟීම් දැනීම් නති එකෙක් කරන්න”

"දරුවා දෙවියන්ට වුනත් කරන්න පුලුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවා" කියපු දෙවියා මොකුත්ම නොදී යන්න වගේ උතුරු සලුවේ පොට කරේ දා ගත්තා.

"උපන් දිනේ වෙනුවෙන් මොනා හරි වරයක් දෙන්නම් කියලා නේද කිව්වේ . . . වෙන මොකුත් එපා සිරාවට මේ මගුල් බ්ලොග් එක ලියන එක නතර කරන්න හිත හදාගන්න පුලුවන් වෙන්න මොනා හරි කරනවකෝ ඕයි . . "

දෙවියෙක් කියලත් අමතක වෙලා තදවුනු පාර කියවුනා.

"ඒක ඉතිං තමන්ම හිත තදකරගෙන කොරන්න ඕන දෙයක් මිසක් අපිට කොරන්න පුලුවන් දෙයක් නෙමේ ". . කියපු දෙයියා එක පාරටම නොපෙනී ගියා . .

පොර ගියා විතරයි මෙන්න මගේ එලාම් එක වදිනවා . .

මොනා කරන්නද උපන් දිනේ කියලා ගෙදරට වෙල නිදා ගන්න කියලෑ . . “ඉතිං ආයිබෝවන් බ්ලොග් මිතුරු ගරු” කියන්න වෙයිදෝ කියලා හිත හිත මම තුවාය කරේ දාගෙන නිදි මතේම බාත් රූම් එකට ගියා නාගන්න . .

50 comments:

  1. සුභ උපන් දිනයක් කිව්වා දුකා අයියේ!!!!!!!!!!!!!!

    ReplyDelete
  2. මරූ.... උපන්දින වරම අයියා.... :ඩි මුහුනුපොතේ සුබ පැතුවට අයෙත් පාරක් සුබ පැතන්නම් කෝ..... සූභ උපන්දිනක් වේවා අයියා......!!!!!

    ReplyDelete
  3. සුබමසුබ උප්න්දිනයක් වෙවා දුකා අයියා

    ReplyDelete
  4. සොඳුරු සිතුවිලි බෙදාගන්නට
    වටින තොරතුරු ලොවට දෙන්නට
    අරුත්බර දෑ හෙළි කරන්නට
    ඔබටත් ඔබේ බ්ලොග් අඩවියටත්
    මේ සුභ උපන්දිනයේ දිගාසිරි පැතුම්
    සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතෙන්...

    ReplyDelete
  5. සුභ උපන් දිනයක් වේවා

    ReplyDelete
  6. සුභ උපන්දිනයක් වේවා!
    අරහෙම වරමක් නොලැබුනේ අපේ වෙලාවට

    ReplyDelete
  7. බ්ලොග් එක ලියන එක
    නතර කරොතින් අද සිට
    සොයන් එමි මම තොප
    අපායෙත් නැත මෙයට පිළියම

    සුබ උපන් දිනයක්
    දිවිය රසවත් දිනයක්
    ලොවට බිහි වූවත්
    මව් පියන් හට වදිනු යහපත්

    පුතා නුඹගේ සුරතල්
    ආදර බිරිඳ යහපත්
    ළං කර ගෙන තවත්
    කමුද කිරිබත් කටක් රසවත්

    ෴ දුකා අයියා ...සුබම සුබම සුබම සුබ උපන් දිනයක් වේවා ෴

    ReplyDelete
  8. සුබ උපන්දිනයක් වේවා.. !!! :)
    කමක් නෑ අනේ. හිතට එන දේ ලියන්න.
    තරහ වෙන අය පස්සෙ හිමීට යාළු වෙයි :)

    ReplyDelete
  9. සුබ උපන් දිනයක් දුකා....ඔහොම යO...ඔක්කොමලා එකම විදිහට ලියන්න ගියොත්..බ්ලොග් අවකාශය සිලුමිණ පත්තේර වගේ වෙනවා...විවිදත්වය විවිද මත, මේවා අත්‍යවශ්‍ය දේවල්...තමන්ට දැනෙන දේ ඒ විදිහට ලියලා දාන්න..ඒක වෙනස් කරන්න හදන්න එපා..මයියා ට හිතෙන්නෙ නම් ඒ වගේ දෙයක් කරන්න දුකා හීනෙනෙවත් හිතන්නෙ නැති බවයි

    ReplyDelete
  10. අන්තිමට දෙවියන්ටවත් බැරිවුනා නේ බ්ලොග් කෙරුවාව නවත්තන්න...
    මගේ බස් කෙරුවාවටත් වුනේ ඔය ටිකනේ...

    ඛොම වුනත්..

    සුභ උපන්දිනයක් වේවා දුකා [සුභාෂ්] අයියා...!!

    ReplyDelete
  11. මේකත් අර පේලි ගේක චන්ඩියෙක්ට වර තුනක් දුන්න කතාව වගේනේ අප්පා..!
    මම දැක්කා ඒ අල්ලපනල්ලේ ඔයා මෙහෙම දෙයක් කියලා තියෙනවා
    අනික අපේ රට රකින්න ඔය තරම් දෙවියෝ ඉන්නවා කියනවනම් ඒ කියන්නේ කෝටි දෙකට තිස්තුන් කෝටියක් කියන්නේ එකාට 66ක් ගානේ ඉන්නවා කියන එකනේ . . කොහොමත් වෙන්න බැරි වැඩක්.

    ඒත් දුකා අප්පුහාමි මෙහෙම දෙයක් තියෙනවා ඔය දෙයියෝ ලංකාවට බැස්සොත්නේ.., බැරිවෙලාවත් චීනේට එහෙම බැස්සොත් ඔය තිස්තුන් කෝටියෙ ඉන්න දෙවිවරු සෙට් එකේ එක දෙයියව බදාගන්න චීන්නු 8 දෙනා ගානේ ඉන්නවා..!

    BTW කියන්න අමතක උනා නෙව.., සුභ උපන්දිනයක් වේවා අයියේ..!!! :D :D

    ReplyDelete
  12. Just be yourself, Dukaa! All the best!! ;-)

    ReplyDelete
  13. හැපිම හැපි උපන් දිනයක් වේවා දුකා අයියේ!!

    අනේ අම්මපා අර ඉංගිරිසි කෑලි දන්න දෙයියත් විහිලුවටවත් හැපි බර්ත් ඩේ කියල කිව්වේ නෑ නේද? දැන් දෙයියොත් සලකන්නේ විෂ් කරන්නේ ලොකු ලොකු පඩුරු තියන උදවියට විතරයි නේ.

    ReplyDelete
  14. මචෝ, සුභ උපන්දිනයක් වේවා !

    දෙවියන්ගෙ පිටින් දාල පාටියක් නොදී ඉන්නද කල්පනාව ? ආහ් ? කටට වැටෙන්න තිබුනු කේක් කෑල්ලත් කොහෙද ඉන්න දොස්තරයෙක් පැහැර ගත්තනෙ . . . . !

    ReplyDelete
  15. මූ ඊයෙ රෑ උපන්දිනේ පිටිං දාලා කුණුවෙන්න ගහලද කොහෙද, පාන්දර ජාමෙ විකාර හීන පේන්නෙ...

    ReplyDelete
  16. සුබ උපන් දිනයක් දුකා

    ReplyDelete
  17. සුබම සුබ උපන්දිනයක් වේවා දුකෝ...!

    ReplyDelete
  18. දෙකට 33නම්, එකට කොහොමද 66ක් වෙන්නේ?
    ආපහු විෂ් කරන්න බෑ!

    ReplyDelete
  19. හෆොයි QS ලට ගනන් බෑ කියන එක හැබෑ වුනානේ .. ශිහ්
    හිටු ඒක හදන්න

    ReplyDelete
  20. මේ මේ . . . . බොරු පානිය දාලා බ්ලොග් නොලිය ඉන්න ගියොත් එහෙම උඹට මැරුම් කන්න වෙන්නෙ බ්ලොග් එක කියවන එවුන්ගෙන් ටොකු කාලා. පනට ආදරේ තියෙනවනම් බ්ලොග් පෝස්ට් දෙකක්වත් දාපිය සතියකට . . . . . !

    ReplyDelete
  21. (හැපි හැපි) x10 බ්ර්ත් ඩේ දුකා අයියා ....
    ඔන්න මම දන්න සිංහලෙන්ම සුභ පැතුව
    මට හිතෙන්නෙ ඔය දුකා මීට් වෙන්ට ඇවිත් තියෙන්නෙ අයියගෙ බ්ලොග් කියවන දෙයියෙක් වෙන්න ඇති .... ඒකනේ ඔය වර දෙන්නෙ නැතුව ශේප් වෙලා ගියේ .... ඒ මොනව උනත් සමහර විට Buratheno කියපු එක වෙලා වෙන්නත් පුලුවන්
    "" මූ ඊයෙ රෑ උපන්දිනේ පිටිං දාලා කුණුවෙන්න ගහලද කොහෙද, පාන්දර ජාමෙ විකාර හීන පේන්නෙ...""

    ReplyDelete
  22. LishWish said...
    මේකබැරිවෙලාවත් චීනේට එහෙම බැස්සොත් ඔය තිස්තුන් කෝටියෙ ඉන්න දෙවිවරු සෙට් එකේ එක දෙයියව බදාගන්න චීන්නු 8 දෙනා ගානේ ඉන්නවා..!
    .....
    මේ කතාව මීට කලින් ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහත්තය මේ විදිහටම කියනව මං අහල තියෙනවා.

    ReplyDelete
  23. දරුව , ඔබට සුබම සුබ උපන්දිනයක් ......

    ReplyDelete
  24. සුභ උපන්දිනයක් වේවා..!!!!!

    ReplyDelete
  25. සුභ උපන්දිනයක්!

    අර කිව්ව වගේ වරම නොදී දෙවියෝ චුතවෙච්ච එක අපිට හොඳයි.

    ReplyDelete
  26. සුභ උපන් දිනයක් කිව්වා දුකා අයියේ!

    ReplyDelete
  27. සුභ උපන්දිනයක් ෙව්වා......

    ReplyDelete
  28. සුබ උපන් දිනයක් දුකා!!!

    (අර උතුරු සලුව මොනපාටද මචං? මොකද උපන්දිනේ දාට පාන්දරම එන තව දෙයියෙක් ඉන්නවා.)

    ReplyDelete
  29. සුභ උපන් දිනයක් වේවා දුකා..... මොකක්ද අර බ්ලොග් නොලියන කතාව.... හීනෙන් දැකපු, හිතපු දේවල්නෙ ඕව.

    අයිය දිගටම ලියන්න.සමහර දේවල් වල තිත්ත ඇත්ත වගේම මට හෝ අපිට එකඟ වෙන්න බැරි දේවල් තියේවි ඒ අතර. ඒත් ඒ ලියන දේවල් වල හරය, ලස්සන අනාගතයක් බලාපොරොත්තුවෙන් ඉන්න මිනිසෙකුගෙ හිතේ කැකෑරෙන හැඟීම් කියලනම් අපිට හොඳට තේරෙනව. අනික කියන්න තියෙන දේ කෙලින්ම කියල දාන එක අගය කරනව මචෝ........

    ReplyDelete
  30. සුභ උපන්දිනයක් වේවා !

    ReplyDelete
  31. @Chithaka►
    ඔව් එතුමා තමා මේක කියලා තියෙන්නේ.., ඕක කිව්වේ දොරමඩලාව වැඩසටහනේදී.., ඒ බවත් ඔබට මතක ඇති කියලා මම හිතනවා..! :)

    ReplyDelete
  32. නෝන දීපු පාටියෙ තිබ්බ අරිෂ්ට තමා ඔය වැඩකරල තීන්නෙ.
    උඹ බ්ලොග් නොලිය ඉන්නනම් හිතන්න එපා පුතේ...ඊළඟ උපන්දිනේ සමරන්න නොවෙනතැනට වැඩ සිද්ධකරගන්න ඔනේම නං දෙය්යට පස්සෙ එන්න කියල දැනට ඔය වැරදියි කියල පේන ඒව කීපයක් ගැන සැරට ලියහං..

    දීර්ඝායුෂ වේවා සහෝ....සුභ උපන්දිනයක්....

    ReplyDelete
  33. දෙයියා තමා දවසකට හරි දෙයියා. මට පේන්නේ දෙයියාත් ඩොලර් කුට්ටියක් කොහෙන් හරි අරන් ඇවිත් ඉන්නේ.

    කොහොම වෙතත් සුභ උපන් දිනයක් වේවා දුකා අයියා :)

    ReplyDelete
  34. දෙයි හාමුදුරුවනේ......දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ..! යකාගෙ දෙයියෙක් නෙවැ...?? දෙයියන්ටත් දෙයියන්ගෙ හාල් කැවිලද කොහෙද...ඉල්ලපු කිසිම වරයක් දුන්නෙ නැහැනෙ...යන දේවාලෙක එයැයිට යන්න කියල දුකා දිගටම බ්ලොග් එක ලියන්න...දෙයියන්ගෙ පිහිටයි...

    ReplyDelete
  35. දෙයියොත් නොදෙන එකේ ................

    ReplyDelete
  36. ආවෙමි හැමදාම එනමුත් නැත සද්ද
    නොදුටිමි නව ලිපියක් ,කරදරයක්ද
    දුකා මොකද සයිලන්ට් දැන් බිසිවත්ද
    ඉල්ලූ වරම ඔබ හට ලැබිලා වත්ද ???

    ReplyDelete
  37. සමු දුන්නා යැයි ඔබ කෙතරම් සිතුවත්
    අප ලියු බස් බලනට ඔබ ආව යළිත්
    ඒ හැම එකටම පිළිතුරු නොම ලීවත්
    දන්නව අප ඔබ සිටිනව ඔතැන තවත්

    ආයෙ එන්නෙ නෑ කියලා යන්න ගියත්
    ඉන්න ඈයො මක් කීවද දැනගන්නත්
    හොයල බලන්නේ හොරෙන්ම ආයෙ ඇවිත්
    දාල යන්න බැරි හින්දයි නේද තවත්

    සොයුර ඔබේ වටිනා ලිපි නැති අඩුවත්
    දැනේ 'දුකා' නැති අඩුවත් ඉහ උඩටත්
    එන්න ඔබේ සොඳුරු වදන් අරන් යළිත්
    උගුර නොදැන බෙහෙත් බොන්න බෑ කාටත්

    දෙයියො නුදුන් වරම් ගන්න ඔබ හිතුවත්
    අපෙන් ඉඩක් නෑ ඔබ සැඟවී සිටියත්
    ඔබට හිතැති පිරිසක් මෙතරම් සිටියත්
    නෑවිත් ඉන්න හිත් දෙන්නේ ඇයි තවමත්

    මෙතෙක් අප කියූ බස් වැටහුණේ නැතත්
    සුභාෂිතය කියවාලා බලනු තවත්
    නොසැලී නොම පැරදී ජය ලබනු හෙටත්
    දුකා සතුටු මුහුණින් ලිපි ලියනු තවත්

    ReplyDelete
  38. ලස්සන කතාව මචං... වෙලාවට සුබ පතන්න බැරි වුණාට සොරි හොඳේ...

    ReplyDelete
  39. Create your advertisement today !!
    ඔබගේ දැන්වීම දැන්ම හදාගන්න !!

    Dear Blog Writer,

    FreeAdds is a free blog/website advertising network. Try it out. Let us know how you enjoy it.

    You can visit to our webage directly and create your advertisement at http://freeadds.net46.net/ads/adds.html.
    [Sorry for not having an very popular web domain]

    Check the you tube video on how to create an account.
    http://www.youtube.com/watch?v=XxsJNKbcack

    Add your comments to Facebook page.

    මෙම ව්‍යාපෘතියට එකතුවන ඔබ සැමට ස්තුතී !!

    Best Regards,

    Admin

    FreeAdds.Org
    Web : http://freeadds.net46.net/ads/adds.html

    ReplyDelete
  40. අනේ අයියේ , අයියාගේ ඊළඟ උපන් දිනේටත් ඔය දෙයියා ආවොත් මටත් පොඩි විසිල් පාරක් දාන්න.
    සුභ උපන් දිනයක් වේවා...!

    ReplyDelete
  41. මොකද මනුස්සයෝ මේ උනේ.
    මං නං මගේ මායිය කිව්වොත් විතරයි බ්ලොග් කෙරුවාවෆ නවත්තන්න හිතන් ඉන්නේ.
    හිතට එන හැම දේම නොලියා ලියමුද කතන්දරවත්?

    ReplyDelete
  42. ඔය මදෑ නොලියා හිටියා. හා හා දැන් පටන් ගමු ආයෙත් හිරි ඇරලා. අහුවෙයන්කො ඔය දෙය්යව හොඳ දෙකක් කියන්ඩ.

    ReplyDelete
  43. @ කතන්දර
    කතන්දරත් මායියට බයයි එහෙනම්...දුකාටත් වෙන්න ඇත්තේ ඒ අලකලංචියම තමයි මයෙ හිතේ ..

    මම නම් සක්කරයා කීවත් නවත්තන්නේ නැහැ මේ බ්ලොග් කෙරුවාව කියල දැනට හිතා ගෙන ඉන්නවා ..

    ReplyDelete
  44. ඒයි දුකා.. හැපී බර්ත් ඩේ මචං..

    ReplyDelete
  45. බර්ත් ඩේ එක තිබ්බේ ගිය මාසේ බන්z . . සුභ පතපු හැමෝටම තැන්කූ ආ

    ReplyDelete
  46. හප්පොච්චියෙ හුඟ කාලෙකින් ගොඩ වැදුනේ මේ... දුකා අයියගෙ දුක සැප කොහොමද... ?? සොඳුරු ත්‍රස්තවාදියා ගේ ත්‍රස්ත ක්‍රියා උග්‍ර වී ඇතැයි සිතමි හික් හික්

    මේ උපන්දිනයට මාසයකට පමන පසු පිස්සෙක් පැමින සුබ පතනවා... මොනා කරන්නද ඉතින්... ප්‍රමාද උනේ මාසය නොවැ. දෙවියගෙ වරම දැන් මාසයක්ම තිබ්බ එකේ නාකද ලිව්වොත් යමක්...

    ReplyDelete
  47. මට පිස්සුද දුකාට පිස්සුද ? මම මීට මාස ගානකට කලින් නේ සුභ පැතුවෙ ??

    මගෙ රත්තරං අයියෙ...මක්කැයි උනේ බන් ? උබ බීලද ?

    ReplyDelete
  48. දුකාට සුභ උපන් දිනයක්.... දැන් දෙවියොත් බලු වෙන කාලේ.... අස්චරියනේ....

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails