Saturday, September 3, 2011

විරුල්ට අදට අවුරුදු හතරක් . . . . !

ආදරය කියන මාතෘකාවේදී අපිට වැඩිහිටි අයව රවට්ටන්න පහසුයි. ඒ වගේම අපි රැවටෙන්න තියෙන ඉඩ කඩත් බොහෝම වැඩී.

මොකද කියනවනම් වැඩිහිටි අපි ආදරේ කියලා තේරුම් ගන්නේ කෙනෙක් ගේ කටින් කියන දේ නිසා.

බින්දු මාත්‍රයක් ආදරයක් හදවතේ නැතුව "මම ඔයාට ආදරෙයි සුදූ" කියලා හරි "මම මේ හැමදේම කරන්නේ ඔයාට තියෙන ආදරේ නිසානේ පැටියෝ" හරි කියලා කිව්ව ගමන් අපි කුප්පමේනියා ගහක් දැක්ක පූසෙක් වගේ හතරගාතෙන් ඒ කෙනා ලඟ වැටෙනවා.

ඒ අපි හදවතින් දැනෙන දේට වඩා කටින් කියන දේ විස්වාස කරන නිසා.

ඒත් ළමයින් එක්ක ඒ සෙල්ලම් බෑ.

ළමයින් ආදරේ අඳුන ගන්නේ ඒ අයගේ හදවතට දැනෙනවනම් විතරයි.

අපේ හිතේ ආදරයක් ඇති නොවුනු ළමයෙක්ට "මම ඔයාට ගොඩාක් ආදරෙයි බබෝ" කියලා පුලුවන් තරම් ළයාන්විතවම කියල බලන්න ළඟට එයිද කියලා . . . . !!

නෑ බැරි වෙලාවත් ආවොත් විනාඩි ගානක් ලඟ ඉන්නේ නෑ . . .

එහෙම වෙන්නේ ළමයි කටින් කියන දේට වඩා හිතට දැනෙන ආදරේට සංවේදී නිසා.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මගේ කොලු පැටියා විරුල් හෙවත් සොඳුරු ත්‍රස්තවාදියා ගැන මම කාලෙකට කලින් ලියපු සටහනිනුත් කිව්වා "මම පුංචි එකා සංදියේ ඉඳන් පොඩි උන්ට හරිම ආදරෙයි. පුංචි එවුනුත් මට හරිම ආදරෙයි" කියලා.

දඟ කරන, වද දෙන, කෑ ගහන, අඬන පොඩි උන්ට ආදරේ වෙන්න හැමෝටම බෑ . . බොරු නෙමේ . . බොරු කියලා හිතෙනවනම් පොඩ්ඩක් හිතට තට්ටුවක් දාලා අහලා බලන්න.

ඒත් ඒ අතින් මම වාසනාවන්තයි. පොඩි උන්ගේ ඒ කරදර ඔක්කෝම ඉවසගෙන මට පුලුවනි උන්ට ආදරේ කරන්න. උනුත් මට ආදරේ වෙන්නේ මගේ ඒ ආදරේ දැනෙන නිසා කියලා මම දන්නවා.

ඒ වගේමයි පොඩි උන් එක්ක කටයුතු කරන එක ලේසි නෑ. පොඩි එකෙක් හින්දා මම හොඳටම නා ගත්තු දවසක් මට මතක් වෙනවා.

මගේ මිතුරු ප්‍රින්ස්ගේ ගෙදර ඉස්සර අපි හැමදාම හවසට යනවා. ප්‍රින්ස්ගේ දෝනි මම ආපු ගමන් අතින් අල්ලගෙන යන්නේ එයාගේ සෙල්ලම් බඩු තියෙන තැනට. ඉතිං මම ඔක්කෝටම කලින් දෝනි එක්ක සෙල්ලම් කරලා ඉන්න ඕන.

දවසක් අපි ගමනක් යන්න ලෑස්ති වෙලා පරක්කු වුනු නිසා ප්‍රින්ස්ගේ බිරිඳ දිල්මිගෙන් දෝනිගේ සපත්තු දෙක ඉල්ල ගත්තා මම දාන්නම් කියලා.

"දෝනි කෝ එන්න පාත්තු දාන්න" මම කතා කලා.

"පාත්තු ?? පාත්තු නෙමේ ඒ ෂූස්" හුටා පරිජාලං. . .

මම හැංගෙන්න තැනක් හොයද්දී කට්ටියම බඩවල් අල්ලගෙන හිනාවෙනවා.

. . . . . . . . . . . . . . . . . . . .. . . . . . . . . . . . . . . . .

අපේ තාත්තා අසනීපෙන් හිටි දවස්වල මම ලියපු පෝස්ට් එකේ මම ලිව්වා මේ ලඟක් වෙනකම් මම මේ ලොකේ තරහින් හිටියේ මගේ තාත්තා එක්ක කියලා. ඒකට හේතුව හොයාගත්තෙත් මගේ සොඳුරු ත්‍රස්තවාදියා මාස තුනක් විතර මගෙන් දුරස් වෙලා හිටි කාලේ කියලාත් කිව්වා මතකයි.

දරුවෙක් පියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආදරේ ඒ තරමටම නොලැබුනාම දරුවෙක්ගේ හිතේ ඒ නොලැබුනු ආදරේ වෙනුවෙන් ඇති වෙන හිඩැස කොයි තරම් භෞතික දේවල් ලබා දුන්නත් පිරෙන්නේ නෑ. එතනදී පියෙක් පවුල වෙනුවෙන් මොන තරම් කැපකිරීම් කලත් දරුවෝ ඒ කැපකිරීම් වලට වඩා අර නොලැබුනු ආදරේ නිසා උපන් තරහව කරපින්නාගෙන යන බව මම අත්දැකීමෙන් දන්නවා.

ඒ හේතුව හින්දම මම හිතුවා මම නම් කවදාවත් අපේ තාත්තා කරපු මෝඩ වැඩේ නම් කරන්නේ නෑ මයි කියලා. මම මගේ කොල්ලට පුලුවන් උපරිමයෙන් ආදරේ දක්වනවා.

ඒත් කොල්ලටයි මටයි ආපහු පොඩි කාලයක් දුරස් වෙලා ඉන්න වෙනවා කියලා හිතුනාම මගේ හිතට හරිම අමාරුයි.

ඒත් ඒ දේ කරන්නේ කොල්ලගේ යහපත වෙනුවෙන් කියලා හිතුවාම අමාරුවෙන් හරි හිත හදා ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

විරුල් මාස තුනේ වගේ පුංචිම කාලේ ඉඳන් මොකද්දෝ අමුතු බාසාවකින් කතා කලා. විරුල්ගේ වයසේ අනිත් ළමයින් අවුරුද්දකින් දෙකකින් සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කතා කරද්දී අපේ විරුල් අර කිව්ව වෙන මොකද්දෝ බාසාවෙන් කතාකරනවා හැබැයි අපි කියන දේ කොල්ලට හොඳට තේරෙනවා. ඌට ඕන කරන දේවලුත් අපිට තේරෙන විදිහකින් කොහොම හරි කියනවා.

අපේ දුමියා නම් ඒකට කිව්වේ "විරුල්ගේ ඒලියන් භාෂාව" කියලා . . . කතා කරන ස්ටයිල් එකට අහගෙන ඉන්න හරිම ආස හිතෙනවා.

මම නම් කියලම හිට්යේ කොල්ලා කලින් ආත්මේ කතා කරපු භාෂාවෙන් කතා කරනවා කියලයි.

ගිය මැසි පළමුදා ඉඳන් විරුල් නදීෂලගේ ගෙවල් ලඟ මොන්ටිසෝරි එකකට යන්න පටන් ගත්තු බවත් මම ලිව්වනේ.

මේ තියෙන්නේ ඒ ලිපිය

හැබැයි මොන්ටිසෝරි යන්න ගත්තායින් පස්සේ විරුල්ගේ අර ඒලින් භාෂාව අඩුවෙලා හොඳට සිංහල කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒත් මෙහේ ආවට පස්සේ සමහර වෙලාවට තනියෙම සෙල්ලම් කරද්දී ආපහු අර ඒලින් භාෂාවෙන් කතා කරනවා.

අහ් කියන්න අමතක උනානේ . . අපේ විරුල් සමහර වචන කියන්නේ උඩ යට මාරු කරලා. කොල්ලගේ මේ උඩ යට මාරු කරලා කියන සීන් එකේදි මට මතක් වෙන්නේ අපේ පුංචිගේ ලොකු දුව නිමාලි අක්කා පිඟානට කිව්වේ නම. එයා පිඟාන කියන එකට කිව්වේ කිඹාන කියලා හික්ස්

අක්කගේ දුවගේ මගුල් ගෙදරට ගිහින් එද්දී ගිය 27 වෙනිදා මාත් එක්කම කොල්ලයි කොල්ලගේ අම්මයි දෙන්නම ආවානේ. ආපහු දිගටම මෙහේ ඉමු කියලා අපි කතාවුනත් නදීෂා කියන්නේ නම් තව ටික කාලයක් ලංකාවේ මොන්ටිසෝරි ගිහින් සිංහල හොඳටම කතා කරද්දී මෙහේ එන්නම් කියලයි.

මගේ උවමනාව ඉන් පස්සේ මෙහේ ඇවිත් අපි තුන්දෙනා එකට ඉඳන් පිටරට රැකියා ජීවිතේ ඉවර කරලා ලංකාවේ පදිංචියට යන කම් කොල්ලව මෙහේ ඉස්කෝලේ යවමු කියන එකයි.

එතකොට සිංහල වගේම ඉංග්‍රීසි භාෂාවත් හොඳින් පුලුවන් වෙයිනේ. එහෙම වුනොත් අප්පච්චිට වගේ විශ්ව සාහිත්‍යයේ පොත් සිංහල පරිවර්ථන එනකම් ඉන්නේ නැතුව කොල්ලට අමු ඉංගිරිසියෙන්ම රස විඳින්න ඇහැක් වෙයිනේ.

ඉතිං ඒ හින්දයි මම කිව්වේ අපිට ආපහු පොඩි කාලයක් දුරස් වෙලා ඉන්න වෙනවයි කියලා. ඒත් අර කිව්ව වගේම අමාරුවෙන් හරි හිත හදාගෙන ඉන්න වෙනවා ඒ දේ කරන්නේ කොල්ලගේම හොඳට කියලා හිතුනහම.

අද කොල්ලගේ හතරවෙනි උපන් දිනේ. ඒ කිව්වේ 2007 සැප්තැම්බර් තුන්වෙනිදා උපන් කොල්ලා අද වෙනකොට අවුරුදු හතරක් සම්පූර්න කරලා පස් වෙනි අවුරුද්ද ලබනවා.

කොල්ලගේ හතරවෙනි උපන් දිනේ දවසේ දාන පෝස්ට් එකට ඒකා ඒලියන් භාෂාව අතහැරලා සිංහල කතා කරන්න පටන් ගත්තායින් පස්සේ එහා මෙහා මාරු කරලා කියන වචන ටික ලියලා තියන්න ඕන කියලා හිතුවා. මේ පහල තියෙන්නේ ඒවා:
තහරයි = තරහයි
මෙනේ = නෙමෙයි
ස්මයිඩ පෑන් = ස්පයිඩ මෑන්
මිකීස් මව් = මිකී මවුස්

මේ කොල්ලගේ තව වචන සෙට් එකක්:
කැතී ඊ = කැතයි
නාස්සනයි = ලස්සනයි
ලයින් මැක්වීන් = ලයිට්නින්ග් මැක්වීන්

ඔක්කෝටම හපන් එක තමයි කොල්ලට ජොලියක් ගියාම කියන වචනේ.

ගිය මාසේ වෙන කම් ඒකා ජොලියක් ගිය ගමන් කිව්වේ "අම්ම කුක්කූ" කියලා . . මේ ලඟදී ඉඳන් කියන්නේ "අපච්චී කුක්කූ" කියලා . . . (අපි දෙන්නා මැද්දේ නිදා ගෙන ඉන්න සමහර වෙලාවට අප්පච්චී කුක්කූ ඕන කියලා පපුවට කට තියලා බොරුවට කටින් සද්දයක් දානවා . . හෆොයි කිචි නිසා මාව උඩ ගිහින් ඇහැරෙනවා එතකොට)

මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල්ට සුභ උපන් දිනයක් වේවා.

පස් වෙනිදා (අනිද්දා) මාව තනියෙන් මෙහේ දාලා අම්මයි පුතයි යද්දී මට හිත හදාගෙන ඉන්න ලැබේවා!

. . . . .. . . .. . . .. . .. . .

කඩේ යන යන පාරට ටෝයිස් ඉල්ලා නොදුන් විට හඬා වැටෙමින් (ඊයේ රෑ 2-09-2011)


මේ පහුගිය ජූලි 25දා ඌම් අල් කුයින් වෝටර් පාර්ක් ගිය වෙලාවේ


63 comments:

  1. කොල්ලට සුභ උපන් දිනක් වේවා... එයාගේ අනාගතය සාර්ථක වේවා... බුදු සරණයි !!!

    ඒක නෙමෙයි අර තරහයි කියන එක ඒකා කියන්නේ තහරයි කියල වෙන්න ඇති... හේ හේ මෙතන ඔයාටයි ටැපලිලා තියෙන්නේ

    ReplyDelete
  2. හැපි බර්ත් දේ චුචී බබෝ..බයියන් කාලා ඉක්මනට ලොකු වෙන්න ඕන..ඔදේ :D :D

    ReplyDelete
  3. සමන් කළුබෝවිලSeptember 3, 2011 at 11:39 AM

    පොඩි එකෙක් ඉන්නකොට කොච්චර දග වැඩ කලත් ,කොච්චර කරදර කලත්.... එපා වෙන්නෙ නෑ... පොඩී බබාලා ලගින් එන කිරි සුවදට මම ගොඩාක් ආසයි. අවන්ක,අහින්සක,නොයිදුල් හදවතින්, දත් නැති ලොබු කටින් හින වෙනකොට ඔනෙම දුකක් , කල කිරිමක් ඈත් වෙලා යනවා.... නෑදෑ ගෙදරක ගියත්,උත්සවයකට ගියත්,ටිප් එකක් ගියත් මම ගොඩක් වෙලාවට පොඩි උන්ටික එක්ක තමා ඉන්නේ.... අපේ අම්මගේ ගමේ ගියහම පුන්චිගේ පොඩි එකා(දැන් නම් ඌ ලොකුයි.)මගේ ලගමයි.මට කිව්වේ සමන් දෙයියෝ කියල... කොහොම උනත් අය්යගේ සොදුරු ත්‍රස්තවාදියට සුබම සුබ උපන්දිනයක්....!!

    ReplyDelete
  4. චූටීයට හැපි බර්ත් ඩේ....!!!

    අම්මි කුක්කූ,,,, අපච්චී කුක්කූ කියන්නේ.... "එළකිරි" කියන් එකට් වෙන්ටෑ...

    ReplyDelete
  5. සුබම සුබ උපන්දිනයක් චූටි බබාට.

    ReplyDelete
  6. මල්ලි බබාට හැපි බර්ත් ඩේ !!!

    ReplyDelete
  7. සුභ උපන් දිනයක් විරුල් බෝයි...

    කිව්වත් වගේ මගෙත් පොඩි එවුන් තමයි හොඳම යාළුවෝ. උන් මාව දැක්කම කාන්දමට ඇදෙනවා වගේ පස්සෙන් එන්නේ... ඕක අපේ එරික් බෝයිට නම් දිරවන්නේම නෑ. විරුල් උනත් එහෙම වෙන්න ඕනේ.

    ReplyDelete
  8. පුතන්ඩියට,නිදුක්,නිරොගී,සුබ උපන් දිනයක් වේවා.........!!

    ReplyDelete
  9. විරුල් පුතාගේ රස කථාත් හරිම රසවත්..
    චූටි පුතාට සුභ උපන්දිනයක්!!!!..

    ReplyDelete
  10. හපොයි තාම කොළුට 4යිද..? මං හිතුවේ දැන් මේකා ඉලංදාරියෙක් කියලා...
    විරූල් පුතණ්ඩියට සුභම සුභ උපන් දිනයක් වේවා..!

    ReplyDelete
  11. විරුල් පුතාට වාසනාවන්ත උපන් දිනයක් වේවා! අපේ ලොකු පුතාගෙත් මේ වගේ වචන සෙට් එකක් තිබ්බා. කුක්කු බෝතෙ, වෝටර් කප්පෙ, මල්සි,(මල්ලි )පින්ක් පැනි (පින්ක් පැන්තර්), ක්‍රිකට් කලබ්බෙ, මේවගේ වචන. මම හිතන්නෙ එයා අප්‍රිකාවෙ උපන් නිසා වෙන්නැති අමුතු වචන කීවේ. කාලය ගෙවිල ගිය ඉක්මන දැන් එයාලට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. දුකා මල්ලිගේ පවුලට වාසනාව සතුට සම්පත පිරුන අනාගතයක් පතනවා.

    ReplyDelete
  12. සුබ උපන්දිනයක් වේවා පොඩ්ඩට.....!!!!!

    ReplyDelete
  13. සුබ උපන් දිනයක් වේවා පැටියාට...

    ReplyDelete
  14. පොඩ්ඩට සුභ අනාගතයක් වේවා...!

    ReplyDelete
  15. පුතාට සුබම සුබ උපන් දිනයක් වේවා ...

    ReplyDelete
  16. පොඩි එකාට සුබ උපන්දිනයක් වේවා !

    ReplyDelete
  17. විරුල් මල්ලියාට සුබම සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  18. මල්ලි බබාට සුභ උපන්දිනයක් වේවා කියලා හා ගෙදර අපිත් ප්‍රාර්ථනා කරනවා.......!!!! ඒ වගේම ඔය තාත්තා හිතන් ඉන්නවා වගේම සාහිත්‍ය පොත් කියවලා හොඳ පුරවැසියෙක් වෙන්නත් එපායැ...... තාත්තා වගේම........ සුභ අනාගතයක් මල්ලි බබෝ.....!!!!


    හැබෑට දුකා මාමේ මල්ලි බබා නිසානේ මාත් මෙහෙම මේවා අස්සේ කියව කියව යන්නේ........ මටත් ඉතින් ඔය දානයක් මඟුලක් නම් පැවරෙන රාජකාරිය තමා ළමා ලපටි ටිකත් එක්ක සෙල්ලම් ගෙයක් දාගෙන කවාන පොවාන ඉන්න එක. හැබැයි ඉතින් අපේ පුංචිගේ කෙලී හරි ඉරිසියැයි මම වෙන බබෙක්ට තියා ගෙදර බල්ලට චූටි පැටී (අනේ ඒකගේ චූටි) කියලා කතා කොරත්!

    ReplyDelete
  19. සෑර්, එහෙනං සලු වෙන්ඩ කියලා අපි නං දෙකක් දා ගන්නවා!
    පුතාට සුබ පැතුම්!

    ReplyDelete
  20. විරුල් මල්ලිට සුභ උපන්දිනයක් වේවා!!! ;)
    ඒලියන් භාෂාව නන් මරු...

    ReplyDelete
  21. පුංචි විරුල් පුතාට සුභම සුභ උපන් දිනයක් වේවා....

    උඹගෙ පොස්ට් එක කියවන කොට මමත් ගෙදර ගිහින් ආවා වගේ ....ඒක නෙවෙයි දැන් විරුල්ටත් අවුරුදු හතරක්ම වුන එකේ නරකද පොඩ්ඩගෙ තනියට මල්ලියෙක් නංගියෙක් ගෙනත් දෙන්න බැලුවනම්...අපෙත් ලස්සනම කාලේ සහෝදර සහෝදරියො එක්ක ගෙදර හිටිය පුංචි කාලෙනෙ බං..

    මේව කියල මට බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ...:D

    ReplyDelete
  22. විරුල් පුතාට සුබ උපන් දිනයක්! මොන්ටිසෝරි කාලේ ඉක්මනට ගෙවිලා ගිහින් ඔය තුන්දෙනාට ඉක්මනටම එකට ඉන්න ලැබේවා!

    ReplyDelete
  23. තාත්තී, මට නංගී බබෙක් ඕනෑ......!!!

    ReplyDelete
  24. විරුල්ට සුභ උපන්දිනයක්....

    ReplyDelete
  25. විරුල් පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා !!!!!

    ReplyDelete
  26. විරුල් පුතා තාත්තා වගේම විරල මිනිහෙක් වෙන්න, සුභ පැතුම්!!!

    ReplyDelete
  27. විරුල් ට සුබ උපන් දිනයකට ආසිරි..!
    එරන්දතී අක්කා, හෂිත මාමා සහ සචී නැන්දාගෙන්..!

    ['මිකීස් මව්' කියලා කොල්ලා කියන්නේ 'මිකීගේ අම්මා' කියන එකටද කවුද දන්නේ???]

    ReplyDelete
  28. @කුෂාන්!
    බොහෝම ස්තූතියි මල්ලී.
    මම වැරැද්ද හැදුවා ඒ ගමන්ම ඒකටත් තැන්කූ

    @චම්මා!
    මේකා කන්න හරිම හොරයි මලේ . .
    ස්තූතියි සුභ පැතුම් වලට

    @සමන්!
    සුභ පැතුම් වලට ස්තූතියි මල්ලී.
    ඇත්තෙන්ම පොඩි ළමයින්ට ආදරේ වෙන්න හැමෝටම බෑ.
    ගොඩක් අය තමන්ගේ ළමයින්ට ආදරේ උනාට වෙන අයට ඒ ආදරේ නෑ.
    සතුටුයි උඹත් පොඩි උන්ට ආදරේ කරන කෙනෙක් වීම ගැන.

    @මාතලන්!
    තැන්කූ ඈ විෂස් වලාට් . . සිරාවට බන් අපි "එළ කිරි" කියන එක මේකා "අම්ම කුක්කූ" හරි "අපච්චි කුක්කු" හරි කියලා කියන බව මට අමතකම උනා . . හික් හික් හික්

    @නදී!
    සුභ පැතුම් වලට බොහෝම ස්තූතියි නගේ

    @මකරා!
    හරි හරි මම කියන්නම් මකරා අංකලුත් සුභ පැතුවා කියලා . . හික්ස්.

    @රංගි!
    තැන්කූ රංගි සුභ පතුම් වලට.
    අහ් එරික් බෝයිට ජෙලස් ඇති නේ . . . විරුල්ගෙත් ඒ ගතිය පොඩ්ඩක් විතර තියෙනවා හෙ හෙ හේ

    @සුමුදු!
    බොහොම ස්තූතියි මචං . .

    ReplyDelete
  29. සුභ උපන්දිනයක් පුතාට!

    ReplyDelete
  30. @ගිම්හානි!
    ඔව් අප්පා මේකා හරිම ස්වීට් . . ස්තූතියි ඔයාටත් හොඳේ

    @මාරයා!
    අනෙක් අයගේ ළමයින්ගේ උපන් දින වලට සුභ පැතුවා ඇති කියලා හිතෙන්නේ නැද්ද?
    තැන්කූ ඈ

    @චාන්දි අක්කා!
    අක්කා එහෙනම් පුතාට විහිළු කරනවා ඇති එයාගේ ඒ කාලේ වචන ගැන කියලා හෙ හෙ හේ . . අපේ කොල්ලත් මේ ලඟක් වෙනකම් අම්මගේ කුක්කු එකට කිව්වේ අම්ම බෝතේ කියලා . . . මේ දවස් වල කිරි බොන්නේ ජිරාෆ් කෙනෙක් ප්‍රින්ට් කරපු බෝතලේක. කිරි ඕන උනාම ඒකා කියන්නේ ජිරාෆ් කුක්කු ඕන කියලා. අහගෙන ඉන්න අය වෙන මොනව හරි හිතනවා ඇති . .ස්තූතියි අක්කේ සුභ පැතුම් වලට.

    @චතූ!
    බොහොම ස්තූතියි හොඳේ .

    @මහේෂ්!
    ඔයාටත් බොහොම ස්තූතියි.

    @ප්‍රසන්න
    තැන්කූ වේවා මාළුවෝ උඹටත්

    @බින්දි!
    තැන්කූ වේවා.

    @ප්‍රසන්න!
    බොහොම ස්තූතියි මළේ.

    @හසී
    හොඳමයි හසී දුවේ . . . විරුල් මල්ලී ට මම කියන්නම් හසී නැන්දා විස් කොලා කියලා හික්ස්

    @හා පැටික්කී
    තැන්කූ වේවා හා කෙල්ලේ.
    ඔව් ඔව් ඒ පෝස්ට් එක නේද ඔයා කලින්ම කියෙව්වේ . . හොඳ හොඳා . ..

    ReplyDelete
  31. උගතුන් මැද උගතෙකු වෙන්නයි
    උපන් දැයට සෙත සනසන්නයි
    අපේ පැතුම් මතු ඉටුවෙන්නයි
    පුතා උතුම් මිනිසෙකු වෙන්නයි

    සුබ උපන්දියක් විරුල් පුතේ!

    /හැබැයි මොන්ටිසෝරි යන්න ගත්තායින් පස්සේ විරුල්ගේ අර ඒලින් භාෂාව අඩුවෙලා හොඳට සිංහල කතා කරන්න පටන් අරන් තියෙනවා.../
    දවචනයෙන් කියන්න බැරි සතුටක් දැනුනා, තෙරුවන් සරණයි පුතේ.

    ReplyDelete
  32. පුතාට සුභම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා අයියේ...

    ReplyDelete
  33. @ගුණේ!
    චියර්ස් කිව්වා එහෙනම් . . .

    @චමිල!
    යකෝ මේ මගේ වයසේ උන් අපේ කොල්ලට මල්ලී කිව්වම හරි යනවද? හික්ස්
    හරි හරි මම කියන්නම්කෝ කොල්ලට ලොකු උනාම මාමලා නැන්දලා අතරේ චමිල මාමත් සුභ පැතුවා කියලා.

    @ලකී!
    ස්තූතියි ඈ සුභ පැතුම් වලට . . ම් ම් ම් හරි හරි ඒ ගැනත් සලකා බලන්ට ඕන තමා . . .

    @චාන්දි
    බොහොම ස්තූතියි සුභ පැතුම් වලට හොඳේ.. .

    @කකා
    බලමු බලමු . . මේකා තාම පොඩියිනේ අප්පා . . මුගේ හුරතල් බලලා ඇති උනාම බලමු . . හික්ස්

    @රවා
    තැන්කූ වේවා රවෝ

    @මධුරංග
    බොහොම ස්තූතියි මළේ

    ReplyDelete
  34. @වෙදනා මහතා!
    බොහොම ස්තූතියි මහත්තයෝ

    @සචී
    තැන්කූ තැන්කූ
    අහ් නෑ නෑ අයියෝ අපි කියනවා නෑ පුතේ ඒ මිකී මවුස් කියලා . . .මේකා කියනවා නෝ නෝ ඉට්ස් මිකීස් මව් කියලා . . හික්ස්

    @පුතා
    බොහොම ස්තූතියි පුතා පුතාට සුභ පැතුවට . .
    කෝ අර ලක්ෂපති එකෙන් හම්බ උනු පනස් දාහෙන් තෑග්ගක් අරන් එවපන් . . .හික් හික් හික්

    @ඩීන්!
    බොහොම ස්තූතියි මචං සුභ පැතුම් වලට.
    ඔව් මචං දැන් බොහෝ දුරට ශේප් .

    @බ්ලොග් ගඩොල්
    බොහොම ස්තූතියි මල්ලිලා උඹලටත් . .

    ReplyDelete
  35. "දරුවෙක් පියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආදරේ ඒ තරමටම නොලැබුනාම දරුවෙක්ගේ හිතේ ඒ නොලැබුනු ආදරේ වෙනුවෙන් ඇති වෙන හිඩැස කොයි තරම් භෞතික දේවල් ලබා දුන්නත් පිරෙන්නේ නෑ. එතනදී පියෙක් පවුල වෙනුවෙන් මොන තරම් කැපකිරීම් කලත් දරුවෝ ඒ කැපකිරීම් වලට වඩා අර නොලැබුනු ආදරේ නිසා උපන් තරහව කරපින්නාගෙන යන බව මම අත්දැකීමෙන් දන්නවා."

    100% ඇත්ත.

    පොඩි එකාට සුභ උපන් දිනයක්!.

    ReplyDelete
  36. පොඩි එකාට සුභ උපන්දිනයක්!

    මචං ඔය ඒලියන් භාෂාවට මුල මම හිතන්නෙ උඹල සිංහලෙන් කතා කරනව, ඉංග්‍රීසියෙනුත් ඉඳල හිටල කතා වෙනව, ඒ අතරෙ පොඩි එකා අමුතු හඬින් කතාකරන ඉන්ග්‍රීසි කාටුන් බලනව කියන තුන. ඒක වෙනස් වෙලා වැඩිපුරම සිංහල ඇහෙනකොට කොල්ල හරි පාරට වැටෙනව. මොකද ඕකම මම දන්න ඩුබායි වල හිටපු මගෙ යාළුවෙකුගෙ පොඩි එකෙකුටත් උනා , තව මෙහෙ හිටපු කාටුන් පිස්සියෙකුටත් වෙලා තීනව දැක්ක. කියනවට පොඩ්ඩක් හිතල බලහං!

    ReplyDelete
  37. දුකා අයියා විරුල් ගැන කියද්දි මට හැමදාම මතක් වෙන්නෙ මගෙ ආදරණිය මිනූ නංගා පොඩි කාලෙ උන්න විදිය.... විරුල් ආදරේ හිතෙන දරුවෙක්...

    " විරුල් පුතාට සුබම සුබ උපන් දිනයක් ! එයාගෙ අනාගතය යහපත් වේවා ! "

    ( මම චූටි කාලේ පිඟානට කිව්වෙ " පිනාව " කියලා. ඔය නෙමේ එකට මාත් කිව්වෙ මෙනෙ කියලා තමයි. ඇයි සමනලයට " සනමලයා " සරපයාට " සපරයා " හික්ස් )

    ReplyDelete
  38. විරුල් කොල්ලට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න ඔන්න මමත් එකතු වෙනවා ..

    ඒලියන් භාෂාව පස්ටයි නේ !!

    ReplyDelete
  39. සුබම සුබ උපන්දිනයක් වේවා...විරුල් දග මල්ලට...මෙන්න මේකෙ කතා මල්ලක්ම තියෙනවා..ගිහිල්ල බලන්නකො..
    http://sithuwilisuwadakakulu.blogspot.com/

    ReplyDelete
  40. හැමදාම සමර් එකේ පොඩි එවුන්ව ලංකාවෙ තියලා ඇවිත් ගත කරන්න වෙන මාසේ මම ඉන්නේ පුදුම දුකකින් සහ පාළුවකින්. මේ පාර ඒ දුක පාළුව මට දැනුනේ නෑ, මොකද උඹලා ඇවිත් මාත් එක්ක අපේ ගෙදර හිටපු නිසා. විරුල් නිසා මුළු ගෙදරම පිරිලා තිබුනේ. මට මගේ පොඩි එවුන්ගේ දඟකාරමකම් නැති උනා කියලා හිතුනේ නෑ. විරුල් මුළු ගේ පිරෙන්නම හැමතැනම ඉන්නවා. දුකා කියනවා වගේම විරුල් හරිම ස්වීට් හුරතල් පොඩි එකෙක්. මම ආසයි විරුල් හැමදාම මේ සයිස් එකෙන්ම ඉන්නවානම්. එතකොට පොඩි එකාගේ හුරතල් ටිකත් ඒ විදිහටම තියේවි. කොහොමත් කොල්ලො ලොකු වෙනකොට ඇට්ටර වෙනවා. මට හරි බයයි ඒකට මූන දෙන්න.......

    විරුල් පුතාට වාසනාඅවන්ත 4 වෙනි උපන්දිනයක් වේවා.....!

    ReplyDelete
  41. බලපන් උඹ කරපු වැඩේ... පැටියගෙ උපන්දිනේ ගැන කිව්වෙ අද හවස... සපත්තු විකුනන මාමෙකුත් ඉඳල කොලු පැටියට සපත්තු දෙකක් වත් දෙන්න බැරිවුනා ඒකෙන්...

    විරුල් නිදා ඉන්න පින්තූරෙ දැක්කහම ,පලමුදා අපි කෝට්ටෙ ගිය ගමනෙදි මාත් එක්ක පිටිපස්සෙ සීට් එකට වෙලා ස්මයිඩ පෑන් ස්ටිකර් පෙන්න පෙන්න ඉඳල එහෙමම මගෙ ඇඟට හේත්තු වෙලා නින්ද ගිය හැටි මතක් වුණා...

    ලොකු මිනිහෙක් වෙමින් ගමන් හොඳ මිනිහෙක් වෙන්න විරුල්ට ලැබේවා !!

    ReplyDelete
  42. පුතු පැටියගේ ජීවිතේ ආලෝකමත් වේවා!

    ReplyDelete
  43. වාසනාවන්ත අනාගතයකට චූටි පුතාට සුභ පැතුම්,, ඒ වගේම දුකා අයියාට හිත හදාගෙන ඉන්න ලැබේවා කියලත් පතනවා ( ඒ , ඔය වේදනාව හොඳින්ම දන්නා නිසා )

    ReplyDelete
  44. පුංචි පුතුට මගෙනුත් සෙනෙහෙබර සුබ පැතුම්...

    පුංචි පුතුයි..අම්මයි යන දවසේ අලුත් බලාපොරොත්තුවක් එක්ක දවස පටන් ගමු අයියණ්ඩි....ඒ වෙන මොකක්වත් නෙමේ.."ඔයාලා ආයේ ඉක්මනටම මගේ තුරලට එනවනේ කියලා"

    ගතින් දුර ගියත් හිතින් සෙනෙහෙබර යදමින් බැදි ඔයාලට මගේ ආශීර්වාදය...

    ReplyDelete
  45. සුභ උපන්දිනයක් වේවා විරුල්.. පරක්කු වෙලා සුභ පැතුවට අභීත මාමාට පොඩි සමාවක් දෙන්න පැටියෝ...

    ReplyDelete
  46. පුන්චි කුමාරයට සුභ උපන් දිනයක් පතනව...
    අපේ ආදරණීයයන්ගෙන් වෙන් වෙලා ඉන්නකොට.... එයාලව මතක් වෙද්දි දැනෙන දුක නිවාගන්න ක්‍රමයක් නම් තවමත් මමත් හොයනව... !!!

    ReplyDelete
  47. පැටියට සුබම සුබ උපන්දිනයක් වේවා!
    මේවගේ තාත්තෙක් ලබන්න කොච්චර වාසනාවන්ත පැටියෙක් වෙන්න ඕනද?

    ReplyDelete
  48. ඇත්තටම පොඩි එකා දැක්කමනම් ගොඩක් ආදරේ හිතෙනවා. ඒකනේ ඒදා ආපු වෙලාවෙත් මගේ අතේ ගොඩක් වෙලා හිටියේ.........

    හොද වෙලාවට උඹ මේ පොස්ට් එක දැම්මේ.

    හෙට උදේම අක්කයි කොල්ලයි ලංකාවට බැස්ස ගමන් මට සුභ පතන්න පුලුවන් නොවෑ......

    එතකන් පුංචි පුතාට සුභ උපන් දිනයකට හසිත මාමගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  49. @තිලින!
    ස්තූතියි මල්ලී

    @ඉංදික!
    ස්තූතියි මචං.
    ඔව් ඔව් ඒක ඇත්ත වෙන්න පුලුවන්.
    මේකා ටීවී බලනකොට ඇරබික් සහ ඉංග්‍රීසි කාර්ටූන් බලනවා.
    ඩෝරා කාටූන් එකේ ස්පැනිශ් කතා කරනවා. අපි සිංහලෙන් කතා කරනවා. අපේ අක්කලගේ ගෙදර ගියාම එහේදි දෙමළෙනුත් කතා කරනවා ඇහෙනවා. කොල්ලට ඔක්කෝම මික්ස්පෘට් වෙලා වෙන්න ඇති. හික්ස්

    @දිල්!
    ඔයා මීනු ට තමන්ගෙම දරුවෙක්ට වගේ ආදරේ වුනු එක එහෙනම් අරුමයක් නෙමෙයි.
    අහ් ඔයාත් අපේ විරුල්ගෙම ජාතියේ කෙනෙක් හා . . එල එල


    @සඳරු!
    තැන්කූ කිව්වා ඈ . .

    @දුමී!
    ඔව් බන් . . අක්කගේ පොඩි උන්ගේ පොඩි කාලේ පික්ස් වලටත් මම දාපු කොමෙන්ටුව අනේ මුන් මේ ගානටම හිටියනම්.
    උඹ ඉන්නැද්දී අපි උඹලගේ ගෙදර හිටපු දවස් ටිකේ හැබැයි උඹට වැඩිය විරුල් එක්ක කාලේ ගත කරන්න ලැබුනේ නෑ නේද බන්. අයි ඉතිං කාර් එක ඔෆිස් එක පහල පාර්ක් කරලා මෙට්‍රෝ ට්‍රේන් එකේ ඇවිත් ආපහු ටැක්සියේ කාර් එක ගේන්න යන්න වුනානේ බන් දවස් ගානක් . . හික්ස්
    සුභ පැතුම් වලටත් තැන්කූ ඈ

    @සපතේරු උන්නැහේ!
    උඹට පිස්සු බන්. මම ලොකු පාර්ටියක් දාන්න හිතුවේ නැත්තේ යාලුවන්ට කරදර නිසා ඒත් අන්තිමට කස්ටියට බර වියදම් විරුල්ට තෑගි ගන්න. අහ් කෝට්ටේ ගියේ ඉතිං උඹ බොරු කිය කිය ගිහින් එක්සිට් එක පහු උනාට පස්සේ ආ මචං අර කලින් තිබ්බ තැනින් තමයි එක්සිට් එක ගන්න ඕන කියලා කිව්ව නිසානේ . . හික්ස් නැතුව මගේ වරදක් නිසා නෙමේ ඕං . .
    උඹටත් සුභ පැතුම් වලටත් තැන්කූ ඈ

    @බට්ටි!
    බොහෝම ස්තූතියි හොඳේ සුභ පැතුම් වලට

    @හරී!
    තැන්කූ නගේ ඔයාටත්.
    ඔව් අනේ මාර දුකෙන් ඉන්නේ . .. ඒත් ඉතිං මක්ක කරන්නද

    @අසනි!
    බොහෝම ස්තූතියි.
    ඔව් අප්පා . . ඉක්මනටම ගෙන්න ගන්න ඕන .. නැති නම් කොල්ලත් ලොකු වෙද්දී මාත් එක්ක තරහා වෙයි "මුගේ ආදරේ ඕන කාලේ දුන්නේ නෑ" කියලා හිතලා.

    @අභීත!
    බෑ බෑ කොහොමත්ම බෑ . . හික්ස් . . තැන්කූ ඈ . . .

    @නඳුන්!
    අහ් ඔයාත් ගොඩක් දුර ගිහින් ඉන්නේ තනියෙමද?
    එපා වෙනවා නේද බන් . . .
    මක්ක කොරන්නද ඉතිං . . ..

    @ඉන්දික!
    තැන්කූ මචං කොල්ලට සුභ පැතුවටත් කොල්ලගේ අප්පච්චිව මුරුන්ගා අත්තේ තිබ්බටත් . . හික්ස්

    ReplyDelete
  50. @හසිත!
    පරක්කු කරන්නේ නැතුව ඇවිත් එයාපෝර්ට් එකෙන් පික් කරපන් මල්ලියෝ . . පික් කරලා අපේ නංගිලගේ ගෙදරට පරිස්සමින් ගිහින් ඇරලවපන් හොඳේ . .
    මම තැන්කූ කියන්න ඕන නෑ කොල්ලම උඹට හෙට උදේට කියයිනේ නේද . . හෙ හෙ හේ . ..

    ReplyDelete
  51. That alien language call jargan

    ReplyDelete
  52. අඩේ අයියෙ . . . . කොලු පැටියට උපන්දිනයට සුභ පැතුව කියපං මයෙ දෙයියො . . . . .

    ReplyDelete
  53. සොඳුරැ ත්‍රස්තවදියගේ උපන් දිනයට මගෙනුත් උණුසුම් සුබ පැතුම්. වාසනාවන්ත හෙට දවසකට.. පරක්කුවෙලා විශ් කලාට sorry හොඳේ..

    ReplyDelete
  54. විරුල් පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා කියල පතනවා....

    දුකා අයියේ...ඔය කියපු මෙන්න මේ ටික නම් සියයට දෙසියක්ම ඇත්ත...." *දරුවෙක් පියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආදරේ ඒ තරමටම නොලැබුනාම දරුවෙක්ගේ හිතේ ඒ නොලැබුනු ආදරේ වෙනුවෙන් ඇති වෙන හිඩැස කොයි තරම් භෞතික දේවල් ලබා දුන්නත් පිරෙන්නේ නෑ. එතනදී පියෙක් පවුල වෙනුවෙන් මොන තරම් කැපකිරීම් කලත් දරුවෝ ඒ කැපකිරීම් වලට වඩා අර නොලැබුනු ආදරේ නිසා උපන් තරහව කරපින්නාගෙන යන බව මම අත්දැකීමෙන් දන්නවා.* " දරුවෙක්ගේ හිතට ඒ තරහව ඇති උනායින් පස්සේ එක වෙනස් කරන්න ගොඩාක් අමාරුයි...

    කොහොම උනත් පුතු පැටියා ලංකාවට එනකොට අයියට හිත හයිය කරගන්න ශක්තිය ලැබෙන්න කියලත් පතනවා....

    ReplyDelete
  55. පොඩි පැටියට මගෙනුත් සුභ පැතුම්. පරක්කු වුනාට සමා වෙන්න.

    ReplyDelete
  56. සොඳුරු ත්‍රස්තවාදියාට මගෙනුත් උපන්දින සුභපැතුම්.

    ReplyDelete
  57. පොඩි එකාට සුභ පැතුම් අයියේ!! මේ ලිපියෙන් මම දකින්නේ අයියාගේ ලිවීමේ කුසලතාවය. වෙන කෙනෙක් නම් මගේ පොඩ්ඩට අවුරුදු 4 යි කියලා පොඩ්ඩා ගැන විස්තර ලියයි. එත් අයියාගේ පොස්ට් එකේ පොඩ්ඩෝ ගැනයි, ලොක්කෝ ගැනයි, ආදරයයි, විහිලුයි ඔක්කොම පිරිලා. තාත්තා වගේම පොඩ්ඩා ලොකු වුනාම බ්ලොග් ලියන්න ආවොත් එළම තමා. එතකොට අපිට බලාගන්න පුළුවන් මේ කතා වල පොඩ්ඩාගේ පැත්ත.

    ReplyDelete
  58. පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා..!
    හයියෝ, නදීශා අක්කවයි පුතාවයි කොහොමහරි ඔහේ නවත්තගන්න තිබ්බා.. :(

    ReplyDelete
  59. සැක්... කොලු පැටියා එක්ක කාර් පදින්න තිබුන නේ බර්ත් ඩේ එක දවසේ... අපරාදේ...

    කමක් නැ මොනවා කරන්නද... :D

    කොහොම වුනත් කමක් නෑ පොඩ්ඩට සුභ උපන්දිනයක් වේවා කිවුව කිපං අයියේ....!!

    ReplyDelete
  60. පුංචි කොළුපැටියට සුභ උපන්දිනයක් වේවා. ලස්සන ජීවිතේකට, ලස්සන අනාගතේකට සුභපැතුම්.

    මයෙ පොඩි එකාත් පහු ගිය දොහක පලවෙනි උපන්දිනේ සැමරුවා. ඒත් පෝස්ට් එකක් ලියාගන්න තරම් ගැඟීම් ගලපාගන්න බැරුව නිකා උන්නා. !

    ReplyDelete
  61. මූනු පොතෙන් සුබ පැතුවට ලිපිය කියෙව්වෙ අද... පරක්කු වෙලා හරි...

    ආයෙමත් එහෙනම් පිස්ස අයියගෙනුත් ( අයිය නේද බන් විරුල්ට මම හික් හික් ) සුබම සුබ උපන් දිනයක් කියල ප්‍රාර්තනා කරනවා...

    ReplyDelete
  62. පෝස්ට් එක බලන්න වුනේ අදයි දුකා අයියෙ,

    සුභ උපන්දිනයක් විරුල්..!!!!

    ReplyDelete
  63. පරක්කු වෙලා හරි ඔන්න මාත් සුබ පැතුවා, ෂෝක් කොලු පොඩ්ඩා....

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails