Friday, June 18, 2010

මොරගහහේන බස් එක සහ පොල් . . .. !



කලින් දවසේ මගේ ටෙක් ජීවිතේ සිදුවුනු රසබර සිදුවීමක් ලිව්වනේ . . මතකයිනේ අර චූටි කුරුල්ලගේ කතාව . .. මට හිතුනා කට්ටිය ඒ පෝස්ට් එකෙන් හොඳ සතුටක් ලැබුවා කියලා . ..

ඒක නිසා තවත් ඒ කාලේ සිදුවුනු පොඩි රසබර සිදුවීමකුත් මේ ගමන්ම කියලා දාන්න කියලා හිතුවා . ..

අපේ කල්ලියේ එක කෙල්ලෙක් හිටියා හොරණ ඉඳන් ආපු . . .

මේ කෙල්ල ව අපි "කමනි" කියලා හඳුන්වමු . . . මොකෝ ඔයාලා දකින්න ඇතිනේ මගේ කල්ලියේ කෙල්ලෙක් කියලා තිබුනා අපේ කල්ලියේ අය දැක්කනම් උඹට වෙන්නෙත් චූටි කුරුල්ලට වෙච්චි දේම තමයි කියලා . . . . ඒක නිසා මම දැන් බයයි කස්ටියගේ නියම නම් වලින් හඳුවන්න (චාටර් කතා වලදී ව්තරක් හොඳේ . . )

ඉතිං මේ කමනි හොරණට යන්නේ පනාගොඩ කෑම්ප් එක ලඟ තියෙන පන්සල ලඟ හංදිය හෙවත් පිටිපන හංදියෙන් බැහැලා මොරගහහේන බස් එක අරගෙන මොරගහහේනෙන් තාම්යි හොරණ බස් එක ගන්නේ . . .

මේ මොරගහහේන බස් එකේ ගිය කෙනෙක් නම් දන්නවා ඇති එකේ කොහොමද පටවන්නේ කියලා . .. ඒත් මම ලඟදී නම් දැක්කේ ඉස්සර තරම් ම ගොඩක් ලොකු තදබදයක් දැන් නෑ කියලයි . . ඒත් මම මේ කියන්නේ දැනට අවුරුදු දහයකටත් කලින් . . ඒ කාලේ නම් ඉතිං ඒ බස් රූට් එක ගැන කියලා වැඩක් නෑ . .

අර කාටූන් වල අඳින්නේ වීදුරු වලින් මිනිස්සුන්ගේ බෙලි, කකුල් එලියට විසිවුනු තරම් සෙනඟ පටවපු බස් . . අන්න ඒකම තමයි හරිම විදිහ . . .

ඔය වගේ "පොල් පටවලා" යන බස් වල ඉතිං ජැක් ගහන්න වෙනමම මහන්සියක් වෙන්න ඕනම නෑ නේ . . . . සෙනඟ නිසා ඒවට විරුධ වෙන්නත් බෑ . . . අපහසුවකට ලක්වුනු ගෑනු කෙනෙක් ඒ ගැන චෝදනා කලොත් වෙන්නේ ඉල්ලන් කන්න තමයි . .

"හිරවෙලා යන්න අමාරුනම් ටැක්සියක් අරන් යන එකනේ . . "

"අර ගෑනුන්ට විතරක් යනන් වෙන් කරපු බස් එකේ ගියා නම් ඉවරයිනේ "

වගේ කතා කියලා චෝදනා කරපු ගෑනු කෙනාව අල කරලා දාන පොරවල් ඕන තරම් හිටියා ඉස්සර බස් වල . ..

මේ සීන් කෝන් එක ගැන දන්න නිසාමද කොහේද අපේ "කමනී" ගේ පෙම්වතා කෙල්ලව ජැක් කාරයින්ගෙන් පරිස්සම් කරගන්න කියලා හිතලා හැමදාම හවසට බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා කෙල්ල එනකම් . . .

අපිත් ඉතිං කෙල්ලට "අන්න අන්න උඹේ කලු කුමාරයා අවිත් ජැකාලගෙන් උඹව බේර ගන්න . . "

"ඔන්න ඕකට ගෙදරට වෙලා ඉන්න කියපන් බන් ජොලියේ ජැක් එකක් වද්දගෙන ගෙදර යන්න තියෙන චාන්ස් එක නැති කර ගන්නේ නැතුව . . " වගේ දේවක් කියලා වදේ ගහලා ගහලා තමයි බස් හෝල්ට් එකේ බස්සන්නේ . . .

දවසක් ඉරිදා උදේක කමනී ආවේ කට පුරා හිනාවේගන . . ..

"ඇයි මචං මොකෝ . . අරූ අද එන්නේ නෑ කිව්වද හවසට . . " කියලා අපිත් සාදරයෙන් පිලිගත්තා . . .

"නෑ නෑ බං මාර සිරා සීන් එකක් වුනා ඊයේ හවස . . "

"අහා මොකද්ද මොකද්ද බං . ." අපිට ඉවසිල්ලක් නෑ . ..

"පොඩ්ඩක් හිටහල්ලා බං . . බ්‍රේක් එකේදී කියන්නම් අන්න මිස් තිලකා ක්ලාස් එකට එනවා" කියලා අපිවත් ඇදගෙන ක්ලාස් එකට ගියා . ..

අපිත් ඉතිං අමාරුවෙන් ඉවසගෙන ඉඳලා දහයට සුපුරුදු වඩේ සහ ප්ලේන්ටී බීලා එහෙම ගියා අපේ වල ස්පොට් එකට . . කානුවට . .

"මචංලා ඊයේ බස් එකේ මාර සීන් එකක් වුනා නේ බන් . . "

"මොකද්ද"

"උඹලා දන්නවනේ මොරගහහේනේ බස් එකේ තත්වේ . . පොල් පැටෙව්වට වැඩිය පොඩ්ඩයි වෙනස . . "

"ඉතිං . . "

"එක ගෑනු කෙනෙක් වීදුරුව පැත්තේ නෙමෙයි අනෙත් පැත්තේ ඉඳගෙන හිටියා . . .අපි දැක්කා පොරක් ඒ ගෑනු කෙනාට ජැක් ගහගෙන ඉන්නව . . . "

"ඉඳගෙන ඉන්නකොට ජැක් . . ?

"නෑ බන් ඒ ගෑනු කෙනාගේ උරිස්ස උඩින් අහවල් එක තියලා . . පව් අනේ ඒ ගෑනු කෙනා හරි අපහසුවෙන් ඇඹරෙනවා . . ඒත් ඉතිං ඇඹරෙන්න වත් ඉඩක් නෑ බස් එක ඇතුලේ . . "

"ඉතිං බන් ඒ ගෑනු කෙනාට ඌට බනින්නනේ තිබුනේ . . "

"උඹලා මගුලක් කතා කරනවා . . . බැන්නනම් ඒ ගෑනු කෙනාට අම්බානක ජාති අහගන්න වෙනවා අරූගෙන් දනන්වනේ පොරවල් ලගේ තරම . . අන්තිමට පැමිනිලි කාරයා තමයි වැරදි කාරයා වෙන්නේ "

"ඉතිං මොකෝ වුනේ . . "

"කොන්දා ආවා ටිකට් කඩන්න . . "

ඔච්චර සෙනඟ අස්සේ "

"අපෝ උන්ට ඒවා සුලු දේවල් බං . . . උඹල දන්නේ නෑ වගේනේ අහන්නේ . . "

"හරි හරි ඉතිං . . "

"කොන්දා මේ ගෑනු කෙනා ලඟට ආවහම මේ ගෑනු කෙනා ඉල්ලුවා මොරගහහේනට ටිකට් දෙකක් . . කොන්දා ඇහුවා කාටද නෝනා අනිත් ටිකට් එක කියලා . . "

"ඉතිං"

"මේ ගෑනු කෙනා කිව්ව . . . එකක් මට . . අනික මගේ මේ කරේ තියෙන පොල් වල්ලට කියලා . . "

"හෆොයි . . . හූ . . . . . "

"ඔව් බන් බස් එකේ ඔක්කෝටම මැරෙන්න හිනා . . . කට්ටියක් හූ කිව්ව . . අච්චර සෙනගගොඩේ අරූ බැස්සනේ එතනින්ම . . "

ඒක අහලා අපිත් බඩවල් අල්ලගෙන හිනා වුනා . .

78 comments:

  1. ඕකට ඉතින් එකක්ම ගන්න ඕනේයෑ බාගයක් ගත්තා නම් මදෑ :-D
    (නිකන් නම් ගම් වෙනස් කරලා බොරු කියන්න එපා බන් අනික් ටිකට් එක ගත්තේ උඹට නේද?)

    ReplyDelete
  2. හපෝයි...........! මගේ බඩ රිදෙනවා අයියේ හිනාවෙලා..! අනේ අර මගින් බැහැපු එකාට සවලක් හොයලා දීපල්ලා පොලව හාරගෙන යන්න..!!! [බි. පෙ. සි X 1000]:D

    ReplyDelete
  3. හක් හක් හා...
    මේක නම් මරු කතාව..
    ලොලේ ලොල්..
    :D

    ReplyDelete
  4. මරු කතාව.
    ඉස්කෝල වෙලාවට ගාල්ලෙ වක්වැල්ල පාරෙ බස් වල නම් පොල් විතරක් නෙවෙයි පැපොල් එහෙමත් යහමින් කරේ පටවගෙන යන්න සිද්ධ වෙනව.
    rotf lol :D

    ReplyDelete
  5. ඒක එච්චර සරු පොල් වල්ලක් නෙමෙයි වගේ....ගෙඩි එච්චර නෑනේ...හික්ස්...
    (කැතයිද මන්දා කමෙන්ට් එක)

    ReplyDelete
  6. නෝනගෙත් එල ටෝක !!!!
    අද ඕක කුනුහලුප කතාවක් කියලා කියන්න අමතක උනානේ !!! :P

    ReplyDelete
  7. හි හි පට්ට කතාව ....

    [ කිව්වා වගේ උබ නෙමෙයි නේද බස් එකෙන් බැහැලා ගියේ හිකිස් ]

    ReplyDelete
  8. ඔව් ඔව්..
    දුකා අක්කගෙන් ලෙඩක් වැටෙයි කියල බයටද කොහේද මේක වෙන කෙනෙක්ගෙ සීන් එකක් විදිහට ලියල තියෙන්නෙ. හික්ස්!!!!!

    ReplyDelete
  9. හක් හක් හා . . කස්ටිය ඔන්න ඔන්න ඉතිං ආයේ මේ වගේ එව්වා ලියන්නේ නෑ එහෙනං ඕන හරිය ඕන නැති කට කැඩුනු කතා කියනවනම් . . හික් හික් හික්

    ලිය ලිය ඉන්නකොට මොනාද අනේ ලියන්නා කියලා අහපු එකට පිලිතුර විදිහට මුලු කතාවම දුකා අක්කට කියලා ඉවර වෙලා තාම්යි ලිව්වේ . .

    ReplyDelete
  10. හොඳ වෙලාවට ඔය පාරේ බස් එකේ මම එක දවසක් වත් ගිහින් නෑ . . ඔය පාරේ ගිහින් තියෙන්නේ ට්‍රයිෂෝ වල විතරමයි . . හි හි

    ReplyDelete
  11. සිරා කතාව බං දුකා අයියේ... කතාව බලපු ගමන් හිනා ගියානෙ... අනිත් උන් බලනව මගේ පිස්සුව වැඩි උනාද කියල... හැබැයි උන්ට පෙන්නුවම උන් මට වඩා හින්න වුනාZz...

    හැබැටම බැහැල ගියේ ඔයාද?? හික්ස්..

    ReplyDelete
  12. @මරේ !
    උඹ ඔය බාගයක් ගතතානම් ඇතිනේ කිව්වේ තමන්ගේ වත්තේ පොල් පලදාව ගැන හිතලාද මචෝ . හික්ස්

    ReplyDelete
  13. @LishWish !
    උඹ එහෙම ඔය පාරේ ගිහින් නෑ නේද මළේ . . හික්ස්.

    ReplyDelete
  14. @Ansh Lucky Sri Jay!
    හා හා මොකෝ මේ මේ වගේ පෝස්ට් වලට වෙනදට ඇනෝ කමෙන්ට් දාන කෙනා අද නමින්ම . . ?

    ReplyDelete
  15. @මතක මංපෙත !
    ඉස්කෝලේ ඇරෙන වෙලාවට පැපොල් කරේ තියාගෙන ගිහින් හොඳ පලපුරුද්දක් තියෙනවා වගේ කොල්ලට . .. හූ හූ

    ReplyDelete
  16. @චමිදේවා!
    මරේට කිව්ව වගේ තම තමන්ගේ වතුවල පලදාවේ තරමින් අනුන්ගේ වතුවල පලදාව මනින එක හරිද මන්දා . . . හික් හික් හී

    ReplyDelete
  17. @හිඟන්නා!
    අනේ අම්මපා ඔව් නේ බං . . කස්ටිය දෙහි කපයිද දන්නේ නෑ මට . . .හි හි

    ReplyDelete
  18. @වැප් !
    අඩෝ උඹට බෑ මට කොලේ වහන්න හරිය . . .අපේ යාලු කෙල්ල කිව්ව හැඩහුරු කම් වල විදිහට නම් ඒ උඹම තමයි මම හිතන්නේ . . මාව නම් ඉතිං අඳුරනවනේ ඒකි හික් හික්

    ReplyDelete
  19. @මතක මංපෙත !
    මලේ උඹට මම කිව්ව කියලා හිතාගන් හොඳේ . . හික්ස්

    ReplyDelete
  20. @සෝරෝ!
    හක් හක් හා . . යාලුවන්ට හිනා ගියේ ඊට කලින් දවසක ඔය සීන් එකම උඹට වුනු එක මතක් වෙලා නේද කොල්ලෝ . . හික්ස්

    ReplyDelete
  21. අවුරුදු 10 කට ඉස්සර නං කලටි වෙන්න ඇති!
    අපිට උණා නං ඉතිං කියන්නේ තැඹිලි කියලා තමා.

    ReplyDelete
  22. අප්පටසිරි... මාර වැඩේ! ලොලේ ලොල්!! :P

    ReplyDelete
  23. හික් හික්!! පොල් ටික කර උඩ තියලනෙ මෑන්ස්ට බැහැල යන්න තිබුනෙ!

    ReplyDelete
  24. @කතන්දරකාරයා !
    කලටිද පැහිච්චද කියලා හොල්ලලා බලන්න අපේ කෙල්ලට බැරි වෙලානේ බන්z . .අර ඇන්ටිගෙන් අහන්නත් මේකිට අමතක වෙන්න ඇති . . හි හි

    ReplyDelete
  25. @budhajeewa!
    හි හි . . මළේ බලාගෙන හිරවෙච්චි බස් වල යන්නේ හොඳේ

    ReplyDelete
  26. @blog gadol !
    පොල් වල්ලත් අරගෙනම බහින්න ඇති නේද මචෝ . . හික්ස්

    ReplyDelete
  27. @දුකා: පික්ෂුද ලොක්කා, මම ඉතිං කාාටවත් බරක් වෙන්නේ නෑ නෙ! ;)

    ReplyDelete
  28. ෆුල් ටිකට් එකක් ගන්න තරම් ලොකු ​"පොල් වල්ලක්" ද? :D

    ReplyDelete
  29. @budhajeewa !
    අනේ ඔව් කොල්ලෝ මම දන්නව උඹ ගැන . . උඹ මගේ පොඩි කාලේ නේ බන් . . .

    ReplyDelete
  30. @දුකා:
    නෑහ්... මළා! දුකා ලොක්කගෙ පොඩි කාලෙ එච්චරටම චාටර්, කුජීත, අනාත, කමකට නැති, එපාම කරපු, ගන්න දෙයක් නැති එකක්දැ? :)

    ReplyDelete
  31. @ගයන්ත!
    වෙන්ඩැ නේ . . මොකේ ඇන්ටිට තේරුනු නිසා වෙන්ටැතිනේ ෆුල් ටිකට් එකක් ඉල්ලුවේ . . හික් හික්

    ReplyDelete
  32. @budhajeewa!
    හරියටම හරි . . පොඩි කාලේම නෙමෙයි ඔය උඹ දැන් ඉන්න වයස ගැන මම කිව්වේ . . හික් හික්

    ReplyDelete
  33. @දුකා: ලෙොල්... මාත් කීවෙ ඒක ගැනම තමා! :P

    ReplyDelete
  34. හප්පච්චියේ...........මදෑ කොලා.

    ReplyDelete
  35. ගෑණු කෙනාගේ කට තමා කට. ඒ කාලේ පොල් ලාබයිනේ :) :)

    මම ගිය බස් එකකත් ජැක්සන් කෙනෙක්ගේ සීන් එකක් වුණා මේන් කතාව

    http://aagiyakatha.blogspot.com/2010/04/blog-post_02.html

    ReplyDelete
  36. හෆොයි දුකා අයියා... මට තාම හිනා.... ෆට්ට සීන් එක....

    ReplyDelete
  37. දුකා අයියා... හිනාව නවත්තගන්න ටිකක් අමාරැයි තාම..

    පළවෙනි වතාවට මේ බ්ලොග් එකට ආවේ අද.. ආපු ගමන් කියෙව්වෙත් මේක..

    මේ කතාවේ හිනා වෙන්න වගේම හිතන්න දේකත් තියෙනවා කියලා මට හිත්‍නා... මොකද ‍ඉස්කෝලෙ යන කාලෙ ඉදලා අද වෙනකම්ම ඔය අත්දැකීම ඒ විදියටම විදින කෙනෙක් හින්දා...

    ඔය කතාවෙ දුක හිතෙනම තැන ඔතන නෙමෙයි කියලා මට හිතෙනෙවා... ජැක් ගහන එක කොහොම හරි දරාගෙන ජැක් ගහපු එකාට රවලා හරි බනලා හරි පන්න ගත්තා කියමු... එතකම් ඒක දිහා බලාගෙන ආතල් ගත්ත අනිත් ..... ( මොක්ක ද කියලා හිතාගන්න පුළුවන්නේ ) ... ඊට පස්සේ අර ගෑණු ළමයා දිහා බලන්නේ හරියට දූෂණය වෙච්ච කෙනෙක් දිහා බලනවා වගේ... අර තරම් අසාධෘරණයක් වෙද්දි ( ඒක බලාගෙන ) නිදා ගෙන හිටපු උන් ඔක්කොම ඇහැරිලා හැරි හැරී බලනවා අර ගෑණු ළමයා දිහා... මේක මට විතරක් වෙච්ච සිද්ධියක් නෙවෙයි.. ගොඩක් ඉස්කෝලෙ දැරිවියන්ට වෙන දෙයක්... මේක බල බල ඉන්නේ පිරිමි විතරක් නෙවෙයි.. ගෑණුත්...

    මේවගේ දහා ජරා කපාඩි ගොන් හරක් ජැක් කාරයෝ ගැන සහ ඒ දිහා බල බල ආතල් ගන්න ..... එවුන් ගැන මගේ හිතේ තියෙන තරහා මේ කොමෙන්ටුවෙන් හෙළි වේවි...

    ස්තතියි දුකා අයියා...

    ReplyDelete
  38. අනේ ඇයි ඒ මනුස්සසයා ඒ ගෑණුකෙනාගෙ කරඋඩ පොල්වල්ලක් තියාගෙන ආවෙ..?? ඒක ඩ්‍රයිවර් ගාව බිමින් තියාගෙන එන්න තිබුනනෙ.. ඇයි ඒකට ඒ ගෑණුකෙනා ටිකට් ගන්නෙ..?? මටනං මේ මොකවත් තේරෙන්නෙ නෑ..

    ReplyDelete
  39. මොකක් කියන්නද කියල හිතාගන්න බැහැ. තාමත් හිනා කතාවට....


    හැබැයි අයිය මම දැකල තියෙනව සමහර ගෑණු කට්ටිය ඉන්නව බොරුවටත් ඇඩ් දෙන....

    ReplyDelete
  40. පට්ට කතාව!! මොරගහහේන බස් නෙවෙයි , හොරණ මහරගම 280 බසුත් ඔහොම්මමයි!

    මමනං ගෑණු පුළුටක් ලඟින් ඉන්නේ නෑ සෙනග පීරිච්ච බස් එකකට නැග්ගාම!!ඇඟේ අතක් පයක් ගෑවුණත් බර බරේනෙ!!මල වදේ!!නිකන් නෝන්ඩි ඕනි නෑනෙ!!

    ReplyDelete
  41. @දුකා: ඔය "indik" සහ "ජංජාල චාමර" කියන කතාවත් ඇත්ත. අපි ප්‍රශ්නයක් දිහා එක පැත්තකින් විතරනේ බලන්නේ. ඔය කියපු විදියට බොරුවට කෑගහන කස්ටිය නැත්තෙමත් නැහැ!

    අර සිංදුවකුත් තියෙන්නෙ ආබාධිත සෙබළෙක්ට මේ වගේ සිද්දියක් නිසා බැන වැදුනු ඇන්ටි කෙනෙක් ගැන!

    ReplyDelete
  42. උඹ ඔය පාරෙ බස්වල නොගියට වෙන පාරවල් වල ගිහින් ඇතිනෙ මස්සිනා...අනික ඔය පාලු පාරෙ උඹ කොහෙද ත්‍රීවීල් වල යන්නෙ. ගෙවල් එහෙ නෙමෙයිනෙ!

    ReplyDelete
  43. ඇත්තම කියන්න ඕනේ බං අයියේ මට අර චූටි කුරුල්ලාගේ කථාවට හිනා ගියේ නැහැනේ බං. මන්දා මං හිතන්නේ ඇම්ඩන් කියලා පටන් ගත්ත නිසා වෙන්න ඇති.

    හැබැයි මේකට නම් හිනා කියන්නේ මැරෙන්න හිනා. උණ පලා ගියා. කැස්ස වැඩි වුනා. අර මැක්සි කියලා කෙනෙක් කියලා තියෙන දේ ඇත්තක් තියෙනවා. හැබැයි බං අයියේ මං නම් අහල පහල එවුන් මොන ඇහෙන් බැලුවත් ඇඟට ආවොත් නම් බස් එකෙන් බහින්නම වැඩේ කරලා තමයි පස්ස බලන්නේ. එහෙම කරපු අවස්ථා බොහොමයි. වෙලාවක් ලැබුනොත් ඒ පිළිබඳ පොස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නවා.

    කොහොම වුනත් මේ උඹේ වැඩක්ද කියලා මම නම් අහන්නේ නැහැ. මොකෝ අයියා සූකිරි කැටේ හින්දා නොවෙයි (මම දන්නේ කොහොමද කොහොම කෙනෙක්ද කියලා :D) ඔහොම දෙයක් සිද්ධ වුනු එකෙක් ආයේ ලිය ලියා ඉන්නේ නම් නැහැ ෂුවර්. මතක් වෙද්දිත් දාඩිය දානවා ඇති.

    ReplyDelete
  44. අප්පා...හොදි ඕන්නෑ..හිකිස්...

    ReplyDelete
  45. @දිල්!
    මදෑ කොලා නෙමෙයි අන්න එහෙමයි කාන්තා පාර්ෂවේ ඉන්න ඕන . . .පොඩ්ඩක් "කට පාවිච්චි කල යුතු තැන් වලදී ත්" පාවිච්චි කරන්න ඕන . . . හික්ස්

    ReplyDelete
  46. @Hasitha !
    ඔව් ඔව් මමත් ඔය කතාව කියෙව්වා මළේ . . ඒත් කොමෙන්ට් එකක් දාන්න බැරි උනා . . සමාවෙන්ඩ ඕන ඒකට

    @LAMAYA!
    එහෙනම් මදෑ . . හිනාවෙන්න තේතුවක් හදලා දුන්නු එකට හික්ස්

    ReplyDelete
  47. @Maxi!
    ඔයාගේ කමෙන්ට් එක දැක්කාම මට තව කතාවක් මතක් වුනා නගේ . . වැඩි යමක් නොකියා ඒකත් ඉක්මනට ලියන්නම් කියලා කියන්නම්කෝ . .. ස්තූතියි අදහස් දැක්වීමට . . . මම හිතන්නේ ගෑනු පිරිමි කියන කෝණයෙන් නැතුව හොඳ නරක කියන කෝණයෙන් බලිය යුතු ප්‍රශ්නයක් ඕක

    ReplyDelete
  48. @Buratheno!
    ඔව් අප්පා මටත් හිතා ගන්න බෑ . . සමහර විට ඩ්‍රැයිවර් ගාව ඉඩ තිබුනේ නැතුව වෙන්ටැ . . හික්ස්

    ReplyDelete
  49. @indik, ජංජාල චාමර, budhajeewa !

    ඔව් ඔව් ඒක ත් ඇත්ත මමත් එහෙම සීන් දැකලා තියෙනවා ඕන තරම් . .

    ඒ වෙලාවට ඒ මනුස්සයෝ අසරණ වෙන විදිහ දැක්කාම සමහර ගෑනු අය ගැන හරි තරහක් එනවා. ඒකයි මම කිව්වේ මේක ගෑනු පිරිමි කෝණයෙන් නැතුව හොඳ නරක කියන කෝණයෙන් කතාකලයුතු මාතෘකාවක් කියලා

    ReplyDelete
  50. @ඉන්දික උපශාන්ත!
    නෑ නෑ වෙන පාරවල් වල යන්නේ බස් එකේ තමයි . . . තාමත් කොහොමත් ලංකාවට ගියාම ත් ගමන් බිමන් බස් එකේත් යනවා එනවා . . . ඒ කාලේ ඉඳන් ආරක්ෂක උපකරණයක් විදිහට සයිඩ් බෑග් එකක් ගෙනියනවා, සෙනග වෙලාවට ඕක ඉස්සරහින් තියා
    ගත්තාම හරිනේ හික් හික් . . .

    ඔය පාරේ ත්‍රීවීල් වල ගිහින් තියෙන්නේ මචෝ බස් හෝල්ට් එකක විතර දුරින් හිටියා මගේ යාලුවෙක් . . ඌව හම්බුවෙන්න

    ReplyDelete
  51. @RanDil !
    ඔහොම වැඩක් වුනු එකෙක් නම් කිව්වත් වගේ මතක් කරද්දිත් දාඩිය දානව ඇති ඒත් මම ඒ ජාතියේ වැඩ කරන එකෙක් නෙමෙයි කියලා ෂුවර් නැති එක නම් හරි නෑ හරිද . . .

    එහම චාටර් පොරක් නෙමෙයි මම හරිය . . හික් හික්

    ඔව් ඔව් කොහොම ලිව්වත් කෙනෙකුට තමන් වැරදි කරලා . . . කලේ නෑ වගේ ලියන්නත් පුලුවන්නේ නේද නගේ

    ReplyDelete
  52. @ධනංජය!
    හි හි ඌට එහෙම හිතෙන්න ඇති නේද . . ?

    ReplyDelete
  53. ඕකට අල ගොනියක් කරේ තියන් ආව කියලත් කියනවා මං අහල තියනවා. දැන් නම් බස් වල ඔය වගේ කතා අඩුයි. මරු කතාව කියවන අයට හදිස්සියටක ඕනවෙන්න පුලුවන් උත්තරයක්.

    ReplyDelete
  54. හික් හික් හික් හික් හපොයි දුකා අයියේ හිනාව නවත්තගන්න බැරි උනා. දවසම අවුලෙන් හිටියේ උබේ පොස්ට් එක දැක්කත් හරි ඔක්කොම අවුල් ඉවරයි වගේ හික් හික් හික්


    මේ උබ ලැජ්ජවට නේද කියන් නැත්තේ.. උබ නේද ඔය බස් එකෙන් බැහල ගිය පොර හික් හික්

    ReplyDelete
  55. මල්ලෙ පොල් = පොල්ලෙ මල්

    ReplyDelete
  56. මමත් නිතරම ඔය බස් එකේ එකේ ගිහින් තියනව. අවුරුදු 3කට විතර කලින් (අවුරුදු 10කට කලින් හෙම නෙවේ ;) ). දැන්නම් එච්චර සෙනගක් නැහැ මන් හිතන්නෙ. මරු කතාව !!! අපරාදේ ටිකටුත් ගත්ත එකේ මිනිහ බැහල ගියේ. පොල් වල්ලත් උස්සගෙන පයින්ම ගියාද දන්නෙ නෑ :D

    ReplyDelete
  57. පොල් වල්ලට හික් හික්.. පද පෙරළි කරන්නෙපා ඕං.. නිකන් අර මම දාපු "නයි ප යන්න" වගේ!

    ReplyDelete
  58. "ඔය ජැක් එක ගහගෙන ඉන්න මහත්තයා සල්ලි ගන්න" කියල කොන්දොස්තර ඇහුව කියල කතාවකුත් තියනවා.

    ReplyDelete
  59. මේක නම් පට්ට කතාවක් සහෝ . . . මාත් ඉන්නේ මොරහහහේනට කිට්ටුව. ඒ නිසා හොරණ බස් ගැන හොදට දන්නවා. වැඩි වෙනසක් නෑ. එදා වගේ තමයි අදත්. බස් වල පොල් පටවනවා වගේ තමා සෙනග නග්ගන්නේ . .

    ReplyDelete
  60. ඕන්න දුකා මස්සිනේ කතාව නම් පට්ට ආතල්. මේ අස්සෙ මට කම්පනාවට ආව දේ තමයි මෙ වගේ කතාවකට මෙච්චර කොමෙන්ටු වැටෙන්න හේතුව මොකක්ද කියල හොයලා බලන්න ඕන කියන එක. කුණුහරුප නැති කුනුහරුප වලට තමයි මිනිස්සු වැඩිය කැමති. ඔන්න ඔහෙ මේ වගෙ කතාත් ලියන්න.

    ReplyDelete
  61. @priyantha.ඒබී!
    හඃ හඃ හා ඒක මමත් අහලා තියෙනවා මචං . .

    @පිස්සා පලාමල්ල !
    අර කිව්වත් වගේ මේ වැඩේ වුනු එකෙක් නම් ආපහු ලියන්න හිතයිද බන් . . මතක් වෙද්දිත් දාඩිය දායි . . හික්ස්

    ReplyDelete
  62. @Chanaka Aruna Munasinghe!
    හි හි පද පරන්න එන්න එපෝ මකරෝ . . .

    @මුචලින්ද!
    එළ එළ මුචෝ

    ReplyDelete
  63. @චමිල !
    හි හි එහෙම වෙන්න ඇති නේද මලේ මොකෝ ඒ බස් එකට මඟින් නගිනව බොරු . . .

    @වැම්පයර්
    හෆොයි මම ඔය විදිහට හිතලාවත් තිබුනේ නෑ සිරාවට ඒකද දන්නේ නෑ ඇන්ටි අදහස් කලේ . . හික් හික්

    ReplyDelete
  64. හැමෝම ඔය ජැක් ගැන කතා ක‍රද්දි අවදානය යොමු ක‍රන්නේ පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක්ව ඔය වගේ ක්‍රියා වලට යොදා ගැනීම ගැන විතරයි. ඒත් බස් රථ ඇතුලෙ පිරිමි පිරිමි අතරත් ගැහැනු ගැහැනු අතරත් ඔය කියන සිද්ධිය වෙනවා කියලා සමහර විට අපේ බොහෝ දෙනෙක් තාම දන්නෙ නැතුව ඇති.

    ReplyDelete
  65. @gamini!
    ඒකත් ෂෝක් අප්පා . . හික් හික්

    @හුටපටයා!
    අහා එහෙමද . . .ඔය බස් එකේ යනවනම් ඔන්න පරිස්සමින් හොඳේ මලේ

    ReplyDelete
  66. @නසරාණියා !
    අහ් ඔව් ඔව් ඒක තමයි . . . කොල මඬින ගමන් හුලං කිරීම . . . කතාව අස්සේ කුනුහරුප හංගලා කිව්වම තියෙන ආතල් එක . . හික්ස්

    @අනුරාධ!
    බලාගෙන ගියාම ජැක් ගැන පුළුල් සමාජ කතිකාවක් ගොඩ නඟන්න වෙයි වගේ . ..

    ReplyDelete
  67. හික්ස්zz මරු කතාව

    ReplyDelete
  68. @Hasitha ජයසූරිය !
    ela ela . . . !

    ReplyDelete
  69. මේක මේ හිතවතෙක් / හිතවතියක් තමන්ගේ නමින් කමෙන්ට් එකක් දාන්න පොඩ්ඩක් මොකද්ද මොකද්ද වගේ කියලා මගේ ඊමේල් එකට එවපු කමන්ට් එකක් . . . සත්‍ය සිදුවීමක් හොඳේ . . අහන්නේ එහෙම නෑ කවුද කියලා . . ඇහුවට වැඩක් නෑ මම කියන්නේ නම් නෑ ඔන්න කලින්ම කිව්ව හරිය . ..

    ඔන්න මම 190 බස් රූට් එකේ කොටුව - මීගොඩ බස් එකකට නැග්ගා. රාජගිරියෙන්. ඉදගන්න සීට් නෑ. ටිකක් සෙනඟ. ඉතින් මමත් හිටගෙන යන මිනිස්සු අස්සෙ. ටික වෙලාවකින් මට සීට් එකක් හම්බ උනා. ඔන්න ඉතින් මම දැන් ඉදගෙන. මට ඉස්සරහම සීට් එකේ උන්නා කොන්ඩෙ කපපු ලේඩි කෙනෙක්. එයාව මම නිතරම 190 බස් එකේ දැකලා තියෙනවා. කොහෙ හරි ඔෆීස් එකක වැඩ කරන කෙනෙක්. මෙයා ලඟටම ඇවිත් එක මනුස්සයෙක් හිට ගත්තා. ඒ මනුස්සයගෙ අතේ බරටම French Corner බෑග් එකක්. අනේ ඉතින් අර ලේඩි මනුස්සයගෙ බෑග් එක ඉල්ලා ගත්තා. මම දැක්ක අර හිටගෙන යන මනුස්සයා ටික ටික අර ලේඩිගෙ ඇඟට තද වෙනවා. ලේඩිත් මෙයාගෙන් බේරෙන්න එහෙට උනා මෙහෙට උනා බෑ වගේ. මනුස්සයෙ තියෙන ඒවා අර ලේඩිගෙ කර උඩ. මෙන්න මේ ලේඩිට මළ පැන්නා...එක පාරටම හයියෙන් .....

    " තමුසෙගෙ වල්ලයි මල්ලයි දෙකම අරන් යන්න මට බෑ ඕයි. එක්කො මල්ල ගන්නවා. නැත්තම් වල්ල ගන්නවා " කියලා කෑ ගැහුවා. මුළු බස් එකම හිනා වෙනවා. අර මනුස්සය බෑග් එකත් උදුරගෙන බෙල් කරගෙනම දොර ලඟට ගියා....හික්ස්....


    මට ඒ සිද්ධිය මතක් උනා ඔයාගෙ කතාව කියෙව්වම.....

    ReplyDelete
  70. කිරි අප්පට ඇල්ටෙශන් බල්ලෙක් පැනපි කීවලු...හිනාව නවත්ත ගන්න බෑ බොල...කතාව වෙනස් කරා නෙද ? :P

    ReplyDelete
  71. පට්ට කතාව දුකා අය්යා.. :D :D :D

    ReplyDelete
  72. හපෝයි මගේ බඩ... හිනා වෙලාම බඩ කොර වෙලා වගේ.

    (කට්ටිය මීට පස්සෙ මූඩ් fix කරගන්න බිස්කට් කන්න එපා. දුකා අයියාගේ බ්ලොග් එක කියවන්න)

    ReplyDelete
  73. පට්ටයි...පට්ටයි....
    ජයවේවා!!!

    ReplyDelete
  74. මම මොරගහහෙනෙ කොල්ලෙක්. ඇවුරුදු 25 ක් විතරම ඔය බස් එකෙ ගිහින් තියෙනවා. මමත් කොලු කලෙ ගොඩක් අත්දකීම් ගත්ත. සමහර හොර කොටු පනින ජොඩු ගෙදර යන්න ඉස්සර කරගන්න දෙවලුත් කරනවා. ජැක් වලට අමතර දෙවලුත් දැකල තියෙනවා. සිද්දි ගොඩක්ම උනෙ හොමගමින් බස් පටන් ගන්න කලේ. කොට්ටාවෙන් බස් පටන් ගත්තට පස්සෙ එච්චර අවුලක් නැහැ.ලෙලන්ඩ් බස්වල අවුලක්ම නැහැ.

    එල ටොක්ස් ටික. අක්ක කෙනෙක් මාමයිට් ගෙදර ගිහිල්ලා කන්න කිව්ව කතාවක් මටත් මතකයි.

    ReplyDelete
  75. ශා...මාර ගෑනියෙක් තමා...
    කියන්න තියෙන එක මැක්සා විදිහටම කියල තියෙනවා...

    ReplyDelete
  76. shook shook..,henaawa nawatta ganna bari unaa

    ReplyDelete
  77. මම මේක අද තමයි කියෙව්වෙ ,මුලින්ම කියෙව්වෙ මේ කතාව තමයි මරු කතාව අයියා....

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails