Monday, June 14, 2010

තූති කුලුල්ලා, කපුතා හා ඉන්ත්පැක්තර් ත . .ර් . .



ඔක්කෝටම කලින් කියන්න ඕ න මේකත් වල් කතාවක් . .

එක පාරක් වල් කතාවක් කියලා ඒ වගේ කතාවලට අකමැති වගේ පෙන්නන වර්ගයේ කමෙන්ටුවක් ලැබුනු වෙලාවේ මම පිලිතුරු දුන්නා මින් මතු වල් කතා කියනවනම් ඒ බව කලින්ම සඳහන් කරන්නම් එතකොට ඒවාට අකමැති අයට නොබලා ඉන්න අවස්තාව උදාවෙනවානේ කියා.

ඒ නිසා ඔන්න කතාවේ වර්ගය කලින්ම කිව්වා හරිය . . .

මේ සිදුවීම වුනේ අපි ටෙක් යන කාලේ. අපි කරපු පාඨමාලාව සති අන්ත තුන් අවුරුදු පාඨමාලාවක්. අපේ බැචාලා බැචීලා ගොඩක් අය රැකියා කරපු අය.

අනික ඒ පාඨමාලාවට ඇතුල්වීමේ අමතර සුදුසුකමක් තමයි ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු අයෙක් වීම. ඒ බව සහතික කරන්න සහ ඉල්ලුම්කරුට සති අන්තවලදී දේශන වලට සහභාගී වෙන්න අවසර ලබා දෙනවා කියලා රැකියාව කරන ආයතනයේ විධායක නිලධාරියෙක්ගේ ලිපියක් පවා ඉදිරිපත් කල යුතු වෙනවා.

ටෙක් ජීවිතයේ පලමු දවසේ ඉඳන් වුනු රසබර සිදුවීම් නම් තියෙනවා කියනන් පටන් ගත්තොත් කොහෙන් කෙලවර කරන්න වෙයිද කියලා හිතන්න වත් බෑ . .

ඒත් මම අද කියන්න හිතුවේ ඒ අතරින් අද දවසේ පවා මතක් වෙන මතක් වෙන පාරට කඳුලු එන තරම් හිනා යන සිදුවීමක්.

(මේ කතාවට ඔයාලට ඒ තරම් හිනා යයිද කියලා නම් සහතික වෙන්න බෑ හොඳේ) මොකද මේ කතාව ඔයාල ගොඩක් දෙනෙක් අහලා තියෙන කතාවක් වෙන්න ඕන ඒත් මට නම් මේ කතාවේ කතාවට වැඩිය ඒ හා බැඳුනු රසබර මතකය නිසාවෙන්ම බොහෝම සුන්දර මතක සටහනක් . . .

අපේ බැච් එකේ කල්ලි දෙක තුනක්ම තිබුනා. කොහොම නමුත් අපේ කල්ලියේ (අපේ කල්ලිය හැදුනු හැටි වෙන දවසක කියන්නම්) තමයි පිස්සෝ පිස්සියෝ ඔක්කෝම හිටියේ . . . එහෙම වෙන්න එපැයි නේද . . පිස්සු නැති උන් සෙට් වෙයිද මේ මං වගේ පිස්සෙක් එක්ක . . .

නම් වශයෙන් කිව්වොත් (මුලින් හිතා හිටියේ නම් නොකියන්නයි ඒත් පස්සේ හිතුවා ඕන එකක් කියලා නම් ටිකත් කියලා දාන්න කියලා) මම හෙවත් පොඩි එකා (ඒක තමයි මගේ කාඩ් එක . . . හි හි . . .තව නැටි කෑල්ලක් තියෙනවා ඒක නම් කියන්න බැරියෝ), රුචිර, ශිරෝමි, පතිරණ, කුමාරි, ගීතානි, නුවන්, අමල්කා හා නදී.

ඔතන ශිරෝයි පතිරණයි දෙන්නෙක් විදිහට ගනන් ගන්න බෑත් වගේ මොකෝ මුන් දෙන්නා එක්කෙනෙක් වගේ තමයි හිටියේ . . අපේ ටීචර්ස්ලාත් එක්කෙනෙක් ආවේ නැති නම් එහෙම අහන්නේ කෝ අනිත් බෑය කියලා . . හික්ස්

අපේ කාල සටහනට අනුව සෙනසුරාදා උදේ දහයේ ඉඳන් එක වෙන කම් ලෙක්චර් එකක් නැති කාලපරිච්ඡේදයක් වැටිලා තිබුනා. අනෙක් කල්ලි වල අය නම් මේ නිකං ඉන්න කාලපරිච්ඡේදය ගන මැසිවිලි නගමින් හිටියට අපේ කල්ලිය නම් ඒ ගැන පුදුම සතුටකින් හිටියේ. සමහර විට ලෙක්චර්ස් කට් නොවී හැම සෙනසුරාදාම ටෙක් ආපු හේතුවක් ඒකම වෙන්න ඇති කියලා දැන් හිතෙනවා. විශේෂත්වය තමයි ඒ වෙලාවේදී අපි කතන්දර කියන එක . .

අපේ ටෙක් එකේ වැසිවෙලාවට වතුර බහින්න කියලා ලොකූ කානු බැඳලා තිබුනා. කානුවක ගැබුර අඩි 3ක් විතර ඇති, කානු ගැට්ටක / බිත්තියක පළල අඩියක් විතර ඇති . . කානුවේ බිත්ති දෙක අතර පළල අඩි දෙකකාට් වඩා වැඩී. මෙතන තමයි අපේ වල ස්පොට් එක. කස්ටියම කානුවේ බිත්තු දෙක උඩ ඉඳගෙන කනුව ඇතුලට කකුල් දාලා ඉඳ ගත්තාම එකාට එකා මූනට මූන බලාගෙන කයිය ගහන්න පුලුවන් හිටු කියලා.

අපේ අර කිව්ව අර නිදහස් කාලපරිච්ඡේදය අනිවාර්යෙන්ම ගතවුනේ මෙතන තමයි. අපි අතරේ සම්මුතියක් තිබුනා. එක දවසකට එක්කෙනෙක් අලුත් කතාවක් කොහෙන් හරි හොයාගෙන එන්න ඕන කියලා. බොරු කියන්න ඕන නෑ නේ මේ කතා ඔක්කෝම වගේ ඉතිං කුනුහරුප කතා තමයි. කොල්ලෝ කෙල්ලෝ කුනුහරුපයක් කියන්නේ අනෙක් එකාගෙන් වැරදි යමක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් නෙමෙයි කියන විස්වාසේ අපි හැමෝම අතර තිබුනු නිසා කුනුහරුපයක් ඇහුවාම මූන රතු කර ගන්න ගෑනු ළමයි අපේ කල්ලියේ හිටියේ නෑ.

. . . . .. . . .. . . . .. .. . .. . . .

හැමදාම උදේට පරක්කු වෙලා එන අමල්කා එක සෙනසුරාදකත් පරක්කු වෙලා ආවේ අන්තිම හරිය දුවගෙන ඒ අතරේ එයගේ මූනේ තිබුනා මහ කපටි හිනාවකුත් . .

"මචංලා . . මට අද කියන්න නියම කතාවක් හම්බුනා"

ලෙක්චරර් පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් ඉඳලා අමා අපේ සෙට් එකේ කස්ටියට පනිවිදේ දුන්නා. . . අපිටත් ඉතිං දැන් 10 වෙනකම් සිහියක් නෑ.

10 උනයි කියමුකෝ කස්ටිය වඩේ කකා දිව වල් පිච්චී පිච්චී ප්ලේන්ටි බීලා හනිකට දිව්වේ අපේ කානුවේ වල ස්පොට් එකට.

"කියපන් කියපන් ඉතිං . ."

"පොඩ්ඩක් හිටහල්ල බන්" මෙයා ඉතිං හරි බහි ගැහෙනවා.

මොන මගුලක්ද බන් . . තටමන්නේ නැතුව කියපන් . .

"හරී. . . එහෙනම් අහගනිල්ලා මේක ඇම්ඩන් කොල්ලගේ කතාවක් . . . . "

"අයියෝ . . අපි උගේ ඒවා ඔක්කෝම අහලා තියෙනවා"

"උඹල අහල නැති එකක්. . අහල තිබුනු එකක් නම් මීට කලින් උඹල මේක කියලා"

"හරි හරි ඉතිං කියපන් බලන්න "

"ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා . . "

"ඉතිං . ." අපි හූමිටි තියන්න ගත්තා . .

"අනේ බන් ලා උඹලා අහක බලපල්ලකෝ උඹලා කට දිහා බලාගෙන ඉන්න කොට මට කතාව කියන්න නිකම් බෑ බෑ වගේ . . මට හිනා යන්න එනවා බන් "

"අනේ මේ කෝලං නැතුව කියපන් "

"හරි එහෙනම් මම උඹල දිහා නොබලා අර ඈත පේන අඹ ගහ දිහා බලාගෙන කියන්නම්" කියමු අමා අපේ ඔලුවලට උඩින් ඈත දිහා බලාගෙන ඔලුව හොල්ල හොල්ල කතාව කියන්න ගත්තා

"ඇයි තීත එහෙම තිව්වේ . . කියලා මූ ඇහුවලු"

"පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . . ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු"

"මූ සාමාන්‍යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච ම එන්න එපා කිව්ව හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා උදෙන්ම ඉස්කෝලේ ගියාලු"

"ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන් . . ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා ඊහ්නම් හොඳ පුත වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු"

"ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය ට යනවලු . . මූ ඉන්න පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත් ආයිබෝවන් ත. . ර් . ." කියලා සර්ටත් සුභ පැතුවලු.

"හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි ඉනවානම් අත උස්සන්න . . " කියලා සර් කිව්වලු.

"ළමයි නෝ හෙල්ලුම්ලු . . "

"සර්ට ටිකක් අප්සට් වගේලු . . "

"හරි එහෙනම් කවියක් කියන්න පුලුවන් ළමයෙක් . . ?"

"ඒත් ම් . හු ලු . . "

"හරි කමක් නෑ කතාවක් කියන්න දන්න ළමයෙක් ඉන්නවද එහෙනම් . . "

"ටික වෙලාවක් ගිහින් ඇම්ඩා හෙමීට ටීචර් දිහා බල බල අත උස්සන්න හදනවලු . . ටීච අතින් කියනවලු අත පහත දාන්න කියලා. .

"මේක දැකපු සර්ට හරි තරහයිලු . . . ඇයි මිස් ඔයා එහෙම කරන්නේ . . බලන්න ඒ ළමයගේ ඉදිරිපත් වීම කොයි තරම් ලොකු දෙයක් ද . . ඔයා කරන වැඩෙන් ඒ ළමයට ලොකු අසාධාරණයක් වෙනවනේ . . කියලා බැනලා හරි පුතා එන්න . . ඉස්සරහට ඇවිහ් ඔයාගේ කතාව කියන්නකෝ . . කිව්වලු . . "

"තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි . . කිව්වලු . . "

"අනේ ශෝක් පුතෙක් . . සර් කිව්වලු . . . "

"ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ වෙලා ඉතියාලු . . "

"ලස්සන කතාව වගේ නේද පුතා . . ටීචර්ට රවලා බලලා සර් කිව්වලු. . "

"පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන එයාගේ කූදුවේ තියා ගත්තාලු . . "

"ශා මොලේ තියෙන කුරුල්ලෙක් නේද පුතා . . සර් ඇහුවලු . . "

"කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු . . ."

"මෝඩ කපුටෙක් නේද පුතේ . . ඉතිං ඉතිං . . "

ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු . .. තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම කකා සතුතෙන් හිතියලු . . "
එතකොට පුතේ කපුටා . .

"කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . . "

"ඉතිං . . චූටි කුරුල්ලා මොනාද කිව්වේ . . "

"ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන් නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා . . .තූති කුලුල්ලා තිව්වලු . . "

"හොඳ වැඩේ නේද පුතේ . . "

"කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . . ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට . . . .. . ලා තොටත් . . .. . තමයි පස්ස බලන්නේ කියලා . .. "

සර්ට කලන්තේ දාලා වැටුනාලු . .

ටීචර් ඇම්ඩාව අල්ලන්න ඉස්කෝලේ වත්ත වටේ දිව්වලු . . .

28 comments:

  1. පට්ටයි හොඳේ........... හික්ස්

    ReplyDelete
  2. හී හි මරු ටෝක් ටික !!!

    ReplyDelete
  3. හික්zzzz හුහූ.......මරේ මරු අයියෙ...මැක්සා තමයි

    ReplyDelete
  4. නියම සෙට් එකක් ඉදලා තියෙන්නේ. සෙට් එකට වුණු කතාවක් කියන්න අයියා :)

    ReplyDelete
  5. හා හා හා හම්ම්ම්මෝ මගෙ බඩ..පට්ට කතාව අයියේ...මේ ඔයලගෙ ගෙවල් වලට එහ තියෙන ටෙක් එක වෙන්න ඔනි මගෙ හිතේ...

    ReplyDelete
  6. :D :D :D :D :D :D :D

    ReplyDelete
  7. හෙහ් හෙහ් . . . මේ කතාව කලින් අහල තිබුනට බ්ලොග් එහෙකින් කියවනව තරම් ආතල් එකක් නැහැ . . . . .! එළ එළ . . . . (තව වල් කතා එහෙම නැතුවයි ?)

    ReplyDelete
  8. පට්ට යකෝ.. අද රැට නින්ද යනකම් ඉතිං හිනා තමයි.. කියල වැඩක් නෑ බන්.. අනිත් එක වගේම ලියල තියෙනව...

    අනේ තව කියහංකෝ... පිස්සූ පීකූදූ පීතරයෝ.....

    ReplyDelete
  9. නෝති කපුතෙක්නෙ.
    තිකේයියා

    ReplyDelete
  10. අම්මෝ මේයාලගෙ ගොඩක් රස කතා ඇති...
    ඒ ටිකත් දාමුද?

    ReplyDelete
  11. එළ..එළ...හැබැයි ඕක මං අහල තීන්නෙ ගිරවෙකුයි, වඳුරෙකුයි සම්භන්ද කරල. වඳුරට ගෙයක් නැතිව තෙමෙනව දැකපු ගිරව අවවාද දුඉන්නම මල පැනපු වඳුර... ..රි ගිරවො...කියල අමතල අර උඹ ලියල තීන ටිකම කිව්වලු.

    ReplyDelete
  12. දුකෝ, මේවට වල් කතා කියනව නම් අපි ලියන ඒවට මොනවද කියන්නේ?

    - Taboo

    ReplyDelete
  13. මාත් අහලා තියෙන්නෙ ගිරවගෙයි වදුරගෙයි වර්ශන් එක තමයි.. මේක කියෙවුවම ආයෙමත් ඒක මතක්වෙලා ඩබල් හිනාගියා.. අර කිවුවත් වගේ මේවට වල්කතා කියනවානං වල්කතාවලට මොනවැයි කියන්නෙ බං..??

    ReplyDelete
  14. මේක මේ අපේ කල්ලියේ නදී මගේ මූනු පොතේ ලින්ක් එකට දාපු කමෙන්ට් එකක් . .. !

    මචන් උබට ලිෂාව අමතක උනාද..???? අනේ අනේ.....
    මම ඊයේ අමල්කලගේ ගෙදර ගියා....ඔයාව මතක් කලා.,
    හබයි ඕවා දාන්න ගිහින් අපේ කට්ටිය දැනගත්තොත් උඹට වෙන්නෙත් චූටි කුරුල්ලට වෙච්ච වැඩේ ම තමයි . . .. හික් හික්.....

    ReplyDelete
  15. පට්ට අයියේ පට්ට.....නියෙමෙට ලියලා තියනවා....අහලා තිබුනට කියවනකොට ආතල් වැඩියි.....

    ReplyDelete
  16. මේක නන් අහලම නැහැ...... මරු !!! :D

    ReplyDelete
  17. දුකා අයියා ඒක නම් එක්ස්ර්ලන්ට්.... මාරයි

    ReplyDelete
  18. හක් හක් හා...
    මරු කතවක් නෙව..
    :D

    ReplyDelete
  19. මම අහල තියෙන්නෙ වදුරගේ ගිරව සීන් එක... අර ස යන්නේ තියෙන්නේ... හික් හික් පට්ට කතාව අයියා..

    ReplyDelete
  20. ඇම්ඩගෙ කතාව නං රස මදි, හැබැයි ඊට කලිං තිබ්බ පසුබ්ම් කතාව සිරා! :D

    ReplyDelete
  21. දුකා,,,,, උබ හොදට ලියනවා...මම හෑම දාම උබ ලියපුව බලනව.. ඈත්තටම
    හොදයි.......

    ReplyDelete
  22. patta patta, oke thawa different versions godaak thiyenawa,hikzzz

    ReplyDelete
  23. එළ දුකා අයියෙ.මැක්සා....

    ReplyDelete
  24. හෆොයි...මෙහෙමත් එකෙක්!

    ReplyDelete
  25. මෙන්න නියම incest සයිට් එකක්
    කස්ටිය ගිහිල්ලම බලන්නකෝ...

    http://homesexy.weebly.com

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails