Tuesday, January 26, 2010

පතිනියකගේ ශෝකාලාපය . . . !



තුන්කාලේ කලිසම් - අත්,කර නැති ටී ෂර්ට්
නිල් කලු ඩෙනිම් ජීන්ස් - මල් මල් ගවුම් පොඩි
කිචි බිචි ගා සිනා සෙන - මිතුරු මිතුරියන් කැලම
පාඩමට බාදා දෙන - නිබඳ තුරුලේ නිදන
චූටි මල්ලී යි නම් ලැබූ - හුරතල් පූස් පැටියාද
අත්හලෙමි සියළු දේ - තුටින් නොව පුංචි දුකකින්
ආදරේ නාමයෙන් - මේවා නම් මොනවාද . . .?

කුස රජු මුසපත් කල - රන් රුවක් මෙන් දිදුල
පබාවතී සේ සොඳුරු - නාරි දේහී රූ සපුව
ඉඟටියෙන් පහලට දිවූ - දිගැටි ඝන නීල වරලස
හිසේ සිට දෙපතුලට - වොයිල් සාරියෙන් පොරවා
රන් රූ වසා ගතිමි - කිසිවෙකුට නොපෙනෙන්ට
ප්‍රේමයේ නාමයෙන් - කැප කිරීම් කම් නැතේ

අම්ම අප්ප කෙසේ වත් - මා ගතම කොටස් වූ
නංගියයි මල්ලියයි - කෙසේ අතහැර යම්ද . .

සුදීරා නම පුදා - ෆරීනා නම ලදිමි
බුදු දහම අතැර විත් - ඉස්ලාම් භක්තික වීමි
ප්‍රේමයේ නාමයෙන් - ජීවිතය වුව පුදමි
ප්‍රේමයෙන් මන - රංජිත වේ නංදිත වේ

අහෝ එවන් විසල් ප්‍රේමය - දියව ගිය ඉක්මන
මිරිඟුවක්ද මා මේ - සොයා ආ පෙම් නදිය

නෑදෑ හිතවතුන්ට - පල්ලියට උජාරුවට
පිරිමිකම පෙන්නන්න - දරු රොත්ත ලබනු වස්
දරු වදන යන්ත්‍රයක් - වුනා පමනක් ද මා . . . !!

උදේ ඉඳන් රෑ වන තුරු - දරු නලවන, කෑම පිසින
ගේ අමදින, හති නාරින - වහලියක්ද පතිනියක්ද
අල්ලා දෙවියනේ අනේ - වටහා දෙනු මැන මේ මට . . . !!

දස මසක් කුස දරා - විලිරුදා ලද වැදූ
ඇඟේ ලේ කිරිකර - පොවා සනහා ලැබූ
හිමිගෙන් කිසිදා නොලත් - සෙනේ වදනින් තැවූ
දරු කැලට හිමිකමක් - අහිමි කල නීතිය ශාරියා
කොතරම් මානුශිකද - අනේ මට කියා දෙන්න
නබි නායක තුමානනේ - ආ . . මේන් . . . !

36 comments:

  1. පිළිගන්වන්න ඇයට
    මගේ මේ
    උණු කඳුළු
    ඇගේ කඳුලට පිදෙන
    මල් මිටක් සේ සිතා!

    ReplyDelete
  2. කියන්නට වදන් නෑ අය්යණ්ඩී. කවියට පාත්‍ර වූ රුව ට මා බුදු හිමිගේ සරණත් නබිතුමන්ගේ පිහිටත් ඉතසිතින් පැතූ බව කියන්ට.

    ReplyDelete
  3. මෙවන් අසරණියන් වෙනුවෙන් ලෝකයම හඬ ගෑ යුතු වෙමු... "දයාබර ඩාලියා" , "වැලි කතරේ කුමරි" , "මයාඩා" .. මෙවන් ශෝකාන්තයන් හඬ ගාන අපූර්ව ග්‍රන්ථයන්.... ඔබේ පන්හිඳට ජය වේවා.....

    ReplyDelete
  4. not without my daughter පොත මතක් උනා.

    ReplyDelete
  5. කෙතරම් කාලයක් තවත් ඇය ඉවසයිද
    ගියොත් එරෙහිව ශරියා නිතියට
    කෙතරම් නොමිනුසුන් බිහිවේද, එරෙහිව ඇයට
    එනමුදු ආසිරි පතමි ජිවිතය විදිමට

    ReplyDelete
  6. මෙතන කතා දෙකක සමාපාත වීමක් නේද තියෙන්නේ?

    පලමුවන කතාවඃ සිංහල කෙල්ලක් ආදරය නිසා ඉස්ලාම් ආගමට යයි. Set A

    දෙවන කතාවඃ ආදරය නිසා විවාහ වුනු කාන්තාවක් යුග දිවියෙන් බැට කයි.
    Set B
    දුකා ගේ කවියෙන් කියවෙන්නේ - ඔය කතා දෙකම එකතු වුනු තැන. A n B (n = intersection in set theory)

    නමුත්, (A U B)', A' සහ A' n B කතා ද තියෙනවා නේද?

    කෝ මේ චුල්ල ගණිතයා? මේකා කොයි අහ ගියාද අම්මපා?

    කතන්දරකාරයා

    ReplyDelete
  7. දුකා සිරා පොරක්නේ, සිරා වචන ටික.

    ඇගේ දුක් කදුලට අපේන්
    මල් මිටක්.

    ReplyDelete
  8. ශාරියා නීතිය kiyanne mokadda ban?
    ara hubiya marunahama marena seen ekada?

    ReplyDelete
  9. dukbarai eth...hithata danena kaviyak..

    ReplyDelete
  10. @සචී !
    ඇගේ කඳුළු වෙනුවෙන්
    නැගුනු උනු කඳුලක්
    ඇගේ හදට සතුටක්
    ගෙනදිය හැකි බවට
    ඇතේ මටත් හැඟීමක්
    එනයින් ඔබේ කඳුලු මල්
    පිලිගන්වන්නම් මා
    ඈට . . දෝතින්

    ReplyDelete
  11. @ලිෂ්!
    අනිවාර්යෙන් කියන්නම් ලිෂ් . . ස්තූතියි

    @jeewithemal!
    අනිවාර්යෙන් ඔව් සහෝදරී . . . මේ ආදරේ නාමයෙන් ජීවිතය වරද්දාගත් ගැහැනියක් . . . අනාගතයේ එකම වැරැද්ද යලි යලි සිදු නොවිය යුතුයි යන හැඟීමත් . . .ඈ ගැන මගේ හද දවන ශෝකය පිටකරනු සඳහාත් . . අද දින තවත් විශේෂ වූ හේතුවක් නිසාත් මගේ අතින් මේ කවිය නිමැවුනා. .

    ReplyDelete
  12. @ත‍රිඳු !
    ඔව් තරිඳු . . . ඒ පොතේ පරිවර්ථනය අනුල ද සිල්වා ලියපු "දෙවියන්ගේ අඩවිය" පොත මම කියවන්නේ හරිම හිත් වේදනාවකින් . . ඒකට හේතුව මේ කවියේ කතා නායිකාව . .

    ReplyDelete
  13. @kasunmathota !
    ඉවසන බව ඇය මිය යන තුරුම
    නොයන බව ශාරියා නීතියට එරෙහිව
    දනිමි මා සක් සුදක් සේ. .
    ඉතිං පුදනු හැර ඇයට
    ජීවිතය විඳීමට ලැබේවායි සුභ පැතුම්
    වෙන කුමක් කරමුද . . . .?

    ReplyDelete
  14. @KK!
    සමීකරනය කොයි විදිහට විසඳුවත් ලැබෙන පිලිතුර පතිනියකගේ ශෝකාලාපය . . ඒක තමයි මචං මේකේ ඛේදවාචකය . . .

    @Madhuka!
    ස්තූතියි සහෝ . .. මේ මල් මම ඈට පිලිගන්වන්නම් දයාබරත්වයෙන් . .. .

    @බිඟුවා...! !
    අපේ රටේ බලපවත්වන නීතිය රෝම ලන්දේසි නීතිය වුනාට ඉස්ලාම් භක්තිකයන් කෙරෙහි බලපවත්වන්නේ ශාරියා නීතිය . . ."ඉස්ලාම් නීතිය" කියලාත් මේක හඳුන්වන්න පුලුවන් . . .

    @Chejana !
    ස්තූතියි . . .!

    ReplyDelete
  15. ගැහැණිය භාණ්ඩයක් ලෙස සිතූ ආගමක්
    වූනි දො කරුමයක් ලෙස සිතා පතිනියක්
    ගෙලින් සිඳ නොහැක දැන් විඳින්නට මරණයක්
    අහො! නබියනි ඉතින් දෙනු දැන් සහනයක්

    ReplyDelete
  16. @Iro !
    දන්නා තරමින් ඉස්ලාම් දහම ගැන
    එහි නොමැත සලකනු කියා ගැහැනියට
    මනුසතෙක් ලෙස නොව භාන්ඩයක් ලෙස
    නමුදු කන්නට ඕනෑ වූ විට
    කබරගොයාත් තලගොයා කර ගන්නා
    අධම මිනිසුන් විකුනා ඇත ආගමත්
    තමාගේ වාසිය තකා කැත ලෙස . . !!

    ReplyDelete
  17. ඇත්තද? ඔව් මට මතක් වෙනවා මගේ මුස්ලිම් යාලුවෙක් කියපු කතාවක්. එහෙම කිව්වමයි මට මතක් උනේ. එගොල්ලනට කුරනේ තියෙන්නේ නංගි කෙනෙක් වගේ තනියෙන් ඉන්න ගැහැණු අයව නඩත්තු කරන්න කියලලු. හැබැයි වැරදි විදියට බලන්න තහනම් ලු. මේ ගොල්ලො ඒක හදාගෙන දෙන්නා තුන්දෙනා බන්දිනවාලු. :(

    ReplyDelete
  18. @Iro !
    ඕකේ අනිත් දේ තමයි මම දන්න ප්‍රාණඝාතය . . .

    සතෙකුගේ ප්‍රාණඝාතය කරන්න කලින් රත්වූ යකඩයක් උඩ ඉඳන් කරන්න කියලයි ලු ආගමේ කියන්නේ . . . ඒ මැරෙන සතාට දැනෙන වේදනාව මරන කෙනාටත් දනවන්නලු . .

    නමුත් ඒ වෙනුවට මොකද්දෝ වෙන ආදේශකයක් භාවිතා කරනවලු සංකේත්ත්මකව . . .

    ඒකට වැරැද්දක් කියන්නත් බෑ . . ඉල්ලුම සැපයුම න්‍යායනේ . . හැමදෙනාම ආගම් භේදයක් නැතුව ප්‍රානඝාතයට අනියමින් උඩගෙඩි දෙනවානේ . .

    ReplyDelete
  19. කුරාණය ගැන මගේ තියෙන දැනීමනම් හරිම අඩුයි. නමුත් මුස්ලිම් සමාජයේ කාන්තාවට ලැබෙන්නේ හරිම පහත් තැනක්. මේවට හේතු කාරණාවන් තමා හැමෝම ආගමික පොත් කියවල ඒව වචනාර්ථයෙන් ගැනීම. මම දන්න තරමින් මුලු ඇඟම වැහෙන්න ඇඳීම වගේම කසාද 4ක් කරගැනීමටත් සාධාරණ හේතු තිබුනා ඔය නීති පැනෙව්ව කාලෙ. නමුත් ඒ කාලේ සමාජීය, දේශපාලනීය විතරක් නෙමේ දේශගුණික කරුණු මේවාට අද නිර්වචන දෙද්දි නොසලකා හැරීම අවාසනාවක්. ඔය දේ ඉස්ලාම්, ක්‍රිස්තියානි වගේම බුද්ධාගමේත් දකින්න පුලුවන්. කාන්තාවට සමතැන් දුන්න බුදුහාමුදුරුවෝ අට ගරු දම් පැනෙව්ව කියල අපේ ගොඩ දෙනෙක් විශ්වාස කරනවනෙ. තමන්ගේ මොලේ පාවිච්චි කරන්න දන්න නැති නිසා පොතේ තියෙන දේ එහෙමම විශ්වාස කරන ගොන්නු කොහෙත් ඉන්නව.

    ReplyDelete
  20. ඒකනම් ඇත්ත. ඒක ඇවිල්ලා ආගමේ වැරැද්දක් ම නෙමේ අපෙ බුද්ධාගමෙත් ඉන්නවා ඔනෑ තරම් ධර්මය නැට්ටෙන් අල්ලගෙන කනො කනො ගන අය. ඒකට ඒ ඒ අයගේ බුද්ධ් මට්ටම් වල වැරැද්දක්. හැබැයි විදවන්න ගියාම අගම් බේද නැතුවම වින්දවන්න වෙනවා. ධර්මය හැමොටම පොදුයි. ඉගැන්වීම් වලයි වෙනස්කම් තියෙන්නෙ. මොනව උනත් කාගැන උනත් පහත් ලෙස කතා කරන එක වැරදි. මොකද යම් මට්ටමකදි හැමොම ගොන්නු වෙනවා කියල අමතක කරන්න හොන්දනෑ. හැමදේම තේරෙන්නේ අපේ මනසික මට්ටම අනුව. නිවැරදිවම අවබොධයක් ලබපු දාට තමයි රහත් වෙන්නේ. එත්කල් වෙනසක් නෑ හෙමොම මොකක් හරි අවබොධ කරගැනීමේ නොහැකියාවකින් පෙලෙනව.

    ReplyDelete
  21. @ dukaa

    පැහැදිලිවම... මේ ගැහැණුන් වෙනුවෙන් හඬ ගාන්නා නෙමෙයි.. ඒත් මිනිස්කම ආදරය නාමයෙන් කෲරත්වය විඳින ඕනැම මිනිස් ප්‍රාණියෙක් වෙනුවෙන්... ජීවිතය යනු ගැහැට විඳිමින් හිතින් වැලැපෙමින් කඳුලු සැලීමක්ම නම්, එය ඛෙදයක් !

    @ tharindu

    පැහැදිලිවම ඒ කෲරකමෙන්ම පන්නරය ලබා දිවි පරදු කොට සිය දියනිය රකින උදාර මවකගේ කතාව.... නැවත නැවත කියවිය යුතු / හැකි කතාවක්..

    ReplyDelete
  22. දෙයියන්ගේ අඩවිය!!!!!!!!!!!!!!
    මෙතන නේද මුල්ම බීජය???

    ReplyDelete
  23. @MALEE_MSG

    දෙයියන්ගේ අඩවිය!!!!!!!!!!!!!!
    ඒ කියන්නේ 'NOT WITHOUT MY DAUGHTER" පොතේ සිංහල අනුවාදය නේද?

    ReplyDelete
  24. ela ela duka
    umba sirawata ma kiyala thiye na wa kiyanna one eka??

    thmbin ta ganu machinema thama!!!

    Lanka we sinhala buddhist kellloth dan mara vidihata mulism un ekk ka yana walalu.

    ReplyDelete
  25. මටත් ඔය වගේ පොතක් හම්බවුනා කාන්තාරයේ කුසුම. ආගම කියන්නෙ නීති රීති ද අප්පා. ඒත් ඒක එහෙම නම් ඒ ආගම මෙච්චර කල් පැවතුනේ කොහොමද.

    ReplyDelete
  26. පර්දාවෙන් මුවා කළ
    නුඹේ ඔය සඳ මුහුණ
    අමතකද කුමරියේ..එදා මගෙ දෝත මත
    පෙම් රැඟුම් රැඟූ හැටි...

    දුටුවත් නුදුටු ගානට
    දෙපා පැකිලෙමින්
    පලායන ..නුබේ ඒ දෙණුවන්
    කීවා මට කතාවක්...

    ශෝකාන්තයක ඇරඹුමක්....!


    සුලා....

    ReplyDelete
  27. දෙවියන්ගේ අඩවියනම් නියම පොතක්...
    මොනවවුනත් හැමදාම වගේ දුකා හොඳට ලියල තියෙනවා.

    ReplyDelete
  28. නුඹ ම පමණයි
    ම'සිත පහන් කළ
    සුපුන් සඳ සුදීරා
    දෙපා ලඟ වැටී
    එ දවස යාදිනි ගී ගැයූ
    නුඹ ම දෝ අද
    මේ සා මා පෙලනුයේ......

    ReplyDelete
  29. දයාබර නැගණියේ
    එපා ඉඩදෙන්න මේ කැත කඳුළුවලට
    දියකරන්නට උඹේ ලෝකය
    හිතේ දිරි අරන් නැගිටපන්
    ගලවාගනින් නුඹේ පුංචි දෝණිවවත්
    මේ කුරිරැ ඉරණමෙන්...

    ReplyDelete
  30. දුකා අයියා මොකද කාලෙකින් බ්ලොග් එකට ආවෙ නැත්තෙ...අසනිපයක් වත් ද...? නැත්නම් වැඩ වැඩියිද....?

    ReplyDelete
  31. ගිය 28 වෙනිද මම නිවාඩු ගියානේ . . ආවේ ඊයේ රෑ . . .බලමු වෙලාව ලැබෙන විදිහට යමක් කමක් ලියන්න . . .

    ReplyDelete
  32. මචන්... නිර්මානය උපරිමයි. ඔය වගේ සිදුවීම් අනන්ත වෙනව...

    ReplyDelete
  33. මන්දාකිණී : ලොකෙ නරක දෙවල් වලට පවතින්න ලෙසිය්.... බොරුව... වන්චාව.. වගෙ දෙවල් හැම කාලෙම තියෙනවනෙ...

    ReplyDelete
  34. හුඟක් දුක හිතෙන සිද්ධියක්. වරක් වැරදුණුකොට ආයෙත් මුල සිට පටන් ගන්න බැරි විදිහෙ වැරැද්දක්. මම හඳුනන දෙතුන් දෙනෙක් ඔය මෝඩ වැඩේ කරලා තියෙනවා. ඉන් එක්කෙනෙක් ඇස් දෙකත් එක්කම කළු රෙද්දෙන් වහගෙන. කාන්තාවගෙ පැත්තෙන් ඒ ආදරේනම්, මම දන්නෙ නෑ මේ ගෑණු බඳින මිනිහගෙ පැත්තෙන් ආදරේ මොකක්ද කියලා. ඒ හින්දා මමනම් ඕකට කියන්නෙ කාන්තාවගෙ පැත්තෙන් මෝඩකම, අන්ධව වලට පැනීම, විහින් රැවටීම කියලා. මිනිහගෙ පැත්තෙන් කුහකකම, ඉරිසියාව, පහත්කම... කියන්ඩ වචන නෑ.

    ReplyDelete
  35. වචන නැහැ අයියේ... :(

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails