Monday, January 4, 2010

අපේ සම්පත් සහෝදරයාට . . ජය වේවා. . . !



මම ඊයේ ලිපියේ සඳහන් කල දේශපාලන උණ හැදුනු දවස්වලම . . . ඒ උණ, නිකං උණක් නොවී . .. උණ සන්නිපාතයක් වෙන්න කරුණක් සිදුවුනා.

ඒ තමයි අපේ ගමේ ජනප්‍රියම චරිතයක් වූ "සම්පත්" අන්වර්ථ නාමයක් පමනි. ඒ පුද්ගලයා අදටත් ක්‍රියාශීලී දේශපාලනයේ නියැලෙන්නෙක් බැවින් ඔහුගේ නමේ තේරුමට සමාන තේරුමක් ඇති මේ නම යොදා ගතිමි) අපේ පක්ෂයෙන්ම දේශපාලනයට පිවිසීම.

ගමේ තරුණ සමිතියේ සභාපති, අනෙක් සමිති සමාගම් වල ක්‍රියාකාරී සාමාජිකයෙකු - නිලධාරියෙකු පමනක් නොව අපේ පාසැලේ හිටපු දීප්තිමත්ම ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු, ආදිශිෂ්‍යයෙක් වූ ඔහුට සහයෝගය දක්වන්නට පාඩම් වැඩ පවා අතපසු කර ගන්න මා දෙපාරක් නොසිතූ තරම්.

සාමාන්‍ය පුද්ගලයෙකුගේ දේශපාලනයේ ආගමනය සිදු වන්නේ ප්‍රදේශීය සභාවෙන් කීවොත් මා නිවරදියි මා සිතන්නේ . . .

කොට කලිසමකුත් රතුපාට ටී ෂර්ට් එකකිනුත් සැරසී පුංචි එකෙකුට ඔසවා ගත නොහැකි තරම් වූ රතු කොඩියකුත් වනමින් . . . උගුර ලේ රහ වෙනතුරු “අපේ සම්පත් සහෝදරයාට . . ජය වේවා. . . !” කියා කෑගසමින් . . . ගමේ ගෙයක් ගෙයක් ගානේ ඔහු හා සහ පිරිවර සමඟ කැන්වසින් ගිය . . . පුංචි එකෙකුට "අපේ පක්ෂේ අයියෙක්" . . "අපේ ගමේ අයියෙක්" . . ."අපේ පාසැලේ ආදිසිසුවෙක්" . . ."අපේ යෞවන සමිතියේ අයියෙක්" ප්‍රාදේශීය සභාවට යවන්න උවමනා වෙන්න ඇත්තේ . . . ඔහුට සහයෝගය දැක්වූ අනිත් අයට තිබූ අවැසිතාවයන් වූ . . . අලි නාවන තරම් ලොකු වලවල් තිබූ ගමේ පාරට තාර ටිකක් දාගන්න . . . පාර දෙපස ජීවත් වූ අය පාරෙනුත් අල්ලා වැටවල් තාප්ප ගසා ඇති නිසා වැස්ස දාට වතුර බහින්න කානු නැති කමින් පාර දිගේ ගලා යන වැසිදිය නියමාකාරයෙන් ගලා යන්න කානු පද්දතියක් සකස් කරගන්න . . . . හංදියේ සිට ගමේ පාර දිගේ කිලෝ මීටරයක් දෙකක් පයින් යන්න තියෙන දුර බසයකින් ගමන් කිරීමට ගමට බස් සේවාවක් ලබා ගන්න . .. . ලිං වලින් වතුර අදින්න තිබෙන කම්මැලි කමට ගමට නළ ජලය ලබා ගන්න . . . වගේ කරුනු වුවත් අර පුංචි එකාට තියෙන්න ඇත්තේ "අපේ එකෙක්" කියන හැඟීම විතරක් වෙන්න ඇති. . . !

මන්ත්‍රී කමකට තරඟ කරපු "සම්පත් අයියා" ප්‍රදේශයෙන් වැඩිම මනාප ලබාගෙන ප්‍රාදේශීය සභාවේ සභාපති වුනාට පස්සේ . . . ඡන්දයට කලින් මෙන් සුපුරුදු පරිදි "සිරි අයියේ කොහොමද" කියාගෙන තාත්තා එක්ක කතාබහට ගෙදරට ගොඩ නොවුනත් . . .. පන්සලේදී අහම්බෙන් හරි දැක්කාම හිනාවකින් විතරක් සංග්‍රහ කරලා අහක බැලුවත් . . . අඩු නොවුනු ඔහු ගැන තිබූ "අපේ" කියන හැඟීම දිය වෙන්න පටන් ගත්තේ අනිත් අය බලාපොරොත්තු වූ කිසිම සේවාවක් ගමට ඔහුගෙන් ඉටු නොවුනාටමත් වැඩිය ඔහු පගාව හෙවත් "ජරාව" කනවා කියලා ඒ පොඩි එකාගේ කනට අහන්න ලැබුනු පසුවයි.

යෞවන වියෙන් තරුණ වියට පා නැගූ අර පුංචි එකා පෙලෙන්න ඇත්තේ "සම්පත් අයියා" ගැන තරහකින් නොවෙයි . . . මේ වගේ එකෙක් වෙනුවෙන් ඇයි මම දරදිය ඇද්දේ කියල උපන් තමන් ගැනම තරහකින් . . .

"පුතාලා හැම දෙනාම සම්පත් අයියාට උදව් කරන්න" කියලා කියපු . . . මුලින්ම සම්පත් අයියාට ගුරුහරුකම් දුන්නු . . . පුංචි එකාගේ ලෝකේ වීරවරියක් වූ . . . ඔහුගේ පාසැලේ රාජපක්ෂ ගුරු මෑණියෝ පෙලෙන්න ඇත්තෙත් ඒ වගේම තරහකින් වෙන්න ඇති කියලා අර පුංචි එකාට හිතෙන්න ඇති. . . . !

මනසින් නොව වයසින් පමනක් තරුණ වියෙන් පියමං කරමින් සිටින එදා සිටි පුංචි එකා අහම්බයකින් බ්ලොග් කරුවෙක් වී "වැරදි කරන ඕනෑම කෙනෙකුට තමන්ට ඒ වැරදි කිරීමට සාධාරන හේතු තියෙනවා" කියා සිතමින් සිටින . . . හැම දෙයක් දෙසම උපේක්ෂාවෙන් බලන්න උත්සාහ කරමින් සිටින . . . . කොටින්ම අලුත්ම ඇසකින් ලෝකය දකින්න උත්සාහ කරමින් සිටින . . . ඒ එදා පොඩි එකෙක් වූ එකාට අනාගතයේ බිහිවන "සම්පත් අයියලා" ජරා කාක්කන් නොවී යහපත් නායකයින් වීම සඳහා , කිරීම සඳහා . . .උගුර ලේ රහ වෙන තුරු කෑගසන, කැන්වසින් යන, දරදිය අදින, කඩේ යන, කතිරය ගසන, පසුව දෙමාපියන් සිහිකරමින් බලු බැනුම් බනින . . . අපිම පිලිපැදිය යුතු කරුනු කීපයක් මෙසේ පල ගස්වන වගයි . . .

1 වෙනි කරුණ . . . .

සද්දෙන් පඩයක් ගියත් ඒකත් උත්සවයකට හේතුවක් කරගෙන ඒ උත්සවයේ ආරාධිත අමුත්තා ලෙසට මන්ත්‍රීතුමා, මන්ත්‍රී තුමෙක් හෝ ඇමතියෙක් ගෙන්වන අපේම පුරුද්ද අපි අත්හරිමු . . . .

අපි හැමෝම කැමතියි අපිට දේශපාලන බලවතුන් සමඟ හිතවත්කම් තිබෙන බවක් ලෝකෙට පෙන්වන්න (හදවතට පොඩිත්තක් තට්ටු කර අසා බලන්න )

ඉතාම ස්වභාවික සංසිද්ධියක් වූ ගැහැනු දරුවෙකු මල්වර වීම පවා අපේ බොහෝ අය මේ බලවතුන් සමඟ ෆිට් බව පෙන්වන්න අවස්තාවක් කරගනු ලබනවා. මල්වර වූ දැරිවිය කෙතරම් අපහසුවට පත්වූවත් ඒ ගැන නොසලකා විශාල උත්සවයක් සංවිධානය කර එහි ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා කරන්නේ මන්ත්‍රී තුමාටයි.

විවාහ උත්සවයදී අපේ පැත්තෙන් සාක්ෂියට අත්සන් තබන්නා මන්ත්‍රී වරයෙක් හෝ ඇමතියෙක් නම් අනිත් පැත්තේ අයට අපේ "ලොකු කම" පෙන්වන්න එය හොඳම අවස්ථාවක් ලෙස නොසිතන දෙමාපියන්, වැඩිහිටියන් නොවේද අපට සිටින්නේ. . . ?

ඒ තබා වෙසක් එකට පුංචි කැරකෙන කූඩුවක් හැදුවත් ඒක විවෘත කරන්න මන්ත්‍රී තුමාටම කියන්න ඕනෙයි කියන මානසිකත්වයක් නෙමෙයිද අපිට තියෙන්නේ . . . ?

මන්ත්‍රී වරයාගේ පැත්තෙන් මේ එක් අවස්ථාවකට අඩුම තරමින් රුපියල් 5,000ක් වත් නොදුන්නොත් ඔහුගේ තත්වයට මදිකමක් කියා ඔහුට නොසිතෙයිද . . ? ඔහුගේ මාසික වැටුප රුපියල් 50,000ක් කියා අනුමාන කලොත් එක් උත්සවයකට ඔහුට ඔහුගේ වැටුපෙන් 1/10ක් පරිත්‍යාග කරන්න සිදුවන අතර (ඔහු ඔබේ පමනක් නොව ගමේම මන්ත්‍රී වරයා නිසා) එක් මාසයකට එවැනි උත්සව 10කට ආරාධනා ලැබුනොත් ඔහුගේ සම්පූර්න වැටුපම අනුන්ට පුදන්න වෙනවා නොවේද . . ??

අනෙක් අතර ඔහු ඊට වඩා අඩු මුදලක් පරිත්‍යාග කලොත් "අයියෝ . . අරූට කිව්වට වැඩිය හොඳයි පාරෙ යන බල්ලෙක්ට කිව්ව නම් . . . පැජරෝ එකෙන් ඇවිල්ල කට්ටියම කාලා බීලා දීල ගියේ රුපියල් 1,000 යිනේ බං" කියා අපිම නොකියයිද . . ?

හිතලා බලන්න . . ඔහුට ජරාව කනවා ඇර වෙන විකල්පයක් අපි ඉතුරු කලාද . . . ??? ජරාව කන එක ගැන ඇත්තෙන්ම වැරදිකරුවා ඔහුද . . ??

තමන්ගේ මල්වර උත්සවයට, මගුලට අත්සන් කරන්න, වෙසක් කූඩුව විවෘත කරන්න මන්ත්‍රීවරු ඕන නෑ කියන්න තරම් හයියක් මල්වර වූ දියනියට, විවාහ වන තරුණ පුතුට - දියණියට, වෙසක් කූඩු හදන මිතුරෝ කන්ඩායමේ සාමාජිකයාට තිබේ නම් ජරාව කන "සම්පත් අයියෙක්" නිර්මාණය කිරීමට මම දායක නොවුනිමි කියා ඔබට ආඩම්බරයෙන් පැවසිය හැකි නොවේද . . . ?

16 comments:

  1. එතනදී මතුකල කාරණාව නං හරියට ම හරි.
    මොකද දුකෝ..,
    මේ වගේ අවස්ථාවක අපි තෙවනි පාර්ශවයක් විදියට ගැටලුව දිහා බලනකොට අපිට පෙන්න ගන්නවා අපේ ජනතා නියෝජිතයාව නරක් කරගෙන තියෙන්නේ අපි විසින් ම බව.

    ReplyDelete
  2. ඔව් මට පුලුවන්. මම මගේ ජීවිතේ කිසිම අවස්ථාවක “සම්පත් අයියලව” ගාවගෙන නැහැ.

    කොහොම නමුත් බල්ලොත් එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක වගේ දේශපාලු කතා ලියන එක උ‍ඹේ සුන්දර බ්ලොග් අඩවිය කැත කරාවි.

    ReplyDelete
  3. දුකෝ උඹ ඔහොම ඔය දේවල්(අත යට ගැහිලි) සාධාරණිකරනය කරන එකින් වෙන්නේ අවැඩක් මිසක් හොද වැඩක් නෙමෙයි.. 'ඕනෑම' මනුස්සයකුට 'ඕනෑම' වැරද්දක් කරන්න, 'ඕනෑතරම්' සාධාරණ හේතු තියෙන්න පුළුවනි..

    අනිත් එක, අනිත් ජනතා නියෝජිතයෝ නෙමෙයි, මහා රජාටවත් සල්ලි නැත්නම්, ඇයි බැරි ඇත්ත කියන්න, මම මේ උත්සවේට සහභාගී උනා තමයි, ඒත් බං මගේ ලඟ සල්ලී නෑ කිව්වා නම්, අපි ඔක්කොම සතුටින්..

    (මචං ඇත්ත කියන්න තමයි මනුස්සයෙකුට හයියක් තියෙන්න ඕනේ.. නැතුව හොර වැඩ කරන්න නෙමෙයි..)

    ReplyDelete
  4. මං එකක් කියන්නම් දුකා,
    අද මිනිස්සු මඩ කාගෙන හරි ඔය දඟලන්නේ නිකං අත ලෙව කන්න නෙමෙයි.... ඕකේ පුදුම රහක් තියෙනව ඇති....
    ඒකනේ ඔය හෙනට වියදම් කරලා ඕක ඇතුලට රිංගන්න හදන්නේ

    /බිඟුවා...!

    ReplyDelete
  5. @L15H4N !
    ඔව් ලිශ් අපි අනිත් කෙනාව හදන්න උත්සාහ කරන වෙලාවේ ඊට කලින් අපි හැදිල ඉන්න හිතුවොත් කියලයි මම හිතුවේ . . .

    ReplyDelete
  6. @Prabath!
    "බල්ලොත් එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක වගේ දේශපාලු කතා ලියන එක උ‍ඹේ සුන්දර බ්ලොග් අඩවිය කැත කරාවි"

    ඒක නම් ඇත්ත තමයි මචං . . . ඒත් මගේ පරමාර්ථය යහපත් . . . කාටවත් මඩ ගැසීම නෙමෙයි මගේ අරමුණ. මම හිතනවා මගේ දයාබර පාඨකයෝ මේ බව තේරුම් ගනීවි කියලා . . .

    මගේ අරමුණ හෙට දවසට රටේ පාලනයට එන්න ඉන්න "සම්පත් අයියා" යහපත් නායකයෙක් කරන්න අපෙන් සිදුවිය හැකි වැරදි අවම කරන්න අපි අපි දෙසම හැරිලා බැලීමක් කරන්න . . .

    ReplyDelete
  7. මම කිව්වේ මචං . . මගේ බ්ලොග් අඩවිය මගේ අදහස් . . මම හරි කියලා හිතන් ඉන්න අදහස් . . . දෙස අළුත් ඇසකින් මාව බලන්න යොමු කරවනවා කියලා . . . මෙන්න සාක්ෂි . . . ඒක ඉටුවෙලා . . ප්‍රීතියි ප්‍රීතියි . . .

    "අනිත් එක, අනිත් ජනතා නියෝජිතයෝ නෙමෙයි, මහා රජාටවත් සල්ලි නැත්නම්, ඇයි බැරි ඇත්ත කියන්න, මම මේ උත්සවේට සහභාගී උනා තමයි, ඒත් බං මගේ ලඟ සල්ලී නෑ කිව්වා නම්, අපි ඔක්කොම සතුටින්.."

    උඹ හිතන්වාද මචං ඕක ප්‍රයෝගිකව කරන්න පුළුවන් දෙයක් කියලා . . .

    මට කවුරුහරි එහෙම ආරාධනාවක් කලානම් මගේ ලඟ සල්ලි නැත්නම් මම කරන්නේ නොගිහින් ඉන්න එක . . . ගිහින් මට තෑග්ගක් දෙන්න සල්ලි නෑ කියලා කියන්න තරම් ගට්ස් මම නම් හිතන්නේ මට නෑ . . .

    දේශපාලකයෙක් වුනාම තත්වය වෙනස් . . . "ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී" වගේ තමයි . . .

    ඒකයි මම කිව්වේ ඒ පුද්ගලයාව අපහසුතාවයට පත්වෙන විදිහට වැඩ නොකරන්න අපි හැදෙමු කියලා මචං . . .

    ලිශ් ට කිව්ව වගේ මම හිතුවේ අපි අනිත් කෙනාව හදන්න කලින් ඒ පුද්ගලයාව නරක් නොකර ඉන්න අපිට කරන්න පුලුවන් දේවල් අපි කරමුද කියලා හිතලා බලමු කියන එකයි මචෝ . .

    ReplyDelete
  8. දුකා,
    ම්...
    ඔබ කියන දේ ඇත්තක් තියෙනවා. ඔබ කියනවා වගේ මහජන නියෝජිතයෙක්ට ඔය 'මගුල් වලට' ආරාධනා කරන්නනේ ලොකු කමට. ඒත් යටි හිතෙන් ලොකු තෑග්ගකුත් බලාපොරොත්තු වෙනවා. මම අත්දැකීමෙන් කියන්න‍නේ. පොඩි දෙයක් දෙනවාට වඩා හොඳා නොදී ඉන්න එක. නොදී ඉන්නවාට වඩා හොඳා නොගිහින් ඉන්න එක. පිස්සා කිව්ව වගේ සල්ලි නෑ කියන එක කියන්න බැරි නෑ. මම ගැන දන්න කිසිම කෙනෙක් මගෙන් ලොකු තෑගි බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ කවුරුත් දන්නවා මම හම්බකරන්නනේ නෑ කියල.
    ඒ නිසා මම හැම තැනකටම දෙන්නේ පොඩි සිහිවටනයක්. ඒක හදන්නෙත් ගමේ කොල්ලෙක්. ඒකේ වැඩිය නොපෙනෙන තැනක (යට පැත්තේ වගේ) මගේ නම සටහන් කරවනවා. දිනයත් සමග. යම් දිනක එයට වැඩි වටිනාකමක් ලබා දීම මගේ පරමාර්ථය.

    පිටකෝට්ටේ හන්දියේ සිට රජමහා විහාර මාවත දිගේ බස් එකක් දම්මගන්න ඔබේ ගමේ කට්ටිය බලාගෙන ඉන්න සභාපතිතුමා (සම්පත් අයියා); ඈ...! ".. බලාපොරොත්තුවුනු සේවය ගමට ඉටු නොවුනටම විතරක් නෙමේ, 'ජරාව' කනව ....." ඇත්තටම දුකා මේ ඇත්තද? මමනම් හිතුවේ එතුමාගේ බලාපොරොත්තුව පාර්ලිමේන්තුවට යාමයි කියල. දැන් එමෙනම් ඊට කලින්ම වැඩේ පටන් අරන්.

    ReplyDelete
  9. දුකා,
    ඇත්තටම ඔබේ මේ ලිපිය ඉතාම හොඳයි, කලෝචිත මාතෘකාවක් කතා කරලා තියෙන්නේ.

    මේ කරුණු කාරණා ඇත්තටම අපේ දුර නෑදෑයන්ගෙන් අත් විදීලා තියෙනවා. විශ්වාස කරන්න ඉන් පවුලක වැඩිමහල් දියණියගේ ඒකට රනිලුයි රත්තනේයි අත්සන් කරා කියලාත් අනෙක් පුතාගේ ඒකට මංගල අත්සන් කරා කියලාත්. මේවා දැකලා මට පුගුස්සාජනක හැඟිමක් තමා දැනුනේ, අනේද කියන්නේ ඒ මගුල් ගෙදරක (දෙකෙන් මොන එකද කියලා සඳහන් කරන්න බෑ) අන්තිමට පොලිසියත් කැදවන්න වුණා ගැටුමක් ඇති වෙලා.

    මගේ තවත් සමීපතයෙකුත් ප්‍රකට දේශපාලන පක්ෂයකට තදින් කැමැති අතර අවාසනාවට ඔහුගේ හා මගේ මිත්‍රත්වයට අපේ දේශපාලන මතවාද පරස්පර නිසා (ඒ දවස්වල මම රිබරල්වාදියි, පසුකාලීනව එහි නිරුවත නිසාම මාක්ස්වාදයේ අරමුණ අවබෝධ කරගෙන එයට කැමැති වුණේ) අපේ ගමේක පැවැත් වුණු තරගාවලියක මම ජයග්‍රහණය කලත් ඒ ස්ථානයට අදාල ත්‍යාග නොව වෙනත් ස්ථානයක ත්‍යාගමයි ලැබුණේ, ඇතැම් විටවෙන මොකක්වත් නිසා නොව මගේ මිත්‍රයා එය ඒ දේශපාලකයෙකුට කියා ඒ දේශපාලකයා තරගයට ආරාධිත අමුත්තා ලෙස පැමිණි විට බලපෑමක් කරන්න ඇතැයි හිතනවා.

    ReplyDelete
  10. අපි එකග නොව්නට කමක් නෙ. ඔය ඩිගටම ලියන්න. වෙනස් විඩිහට හිතන එක වෙඩගත්.

    ReplyDelete
  11. @බිඟුවා...! !
    හැමෝම එහෙම නෑ මචං . . . රටට සේවයක් කරන්න කියන හැඟීමෙන් ඕකට යන අය ඕන තරම් ඉන්නවා . . . මම කියන්න හිතුවේ ඒ වගේ පරමාර්ථයකින් ගියා වුනත් අපේම වරදින් ඔවුන් වරදට පොලඹවන්න සිදුවෙන දේවල් අපි නොකර ඉමු කියන එකයි . .

    ReplyDelete
  12. @මෙම්බර් !
    හරිම සතුටුයි උබේ අදහස් දැක්වීම ගැන . . . උඹ වැනි සත්‍යගරුක අය ඉන්නවා කියන දේ අපිට හෙට දවසේදී යහපත් නායකයින් බිහිවනවා කියන දේට දැල්වුනු සහන් එලියක් කියලයි මට හිතෙන්නේ . . .

    ඔබ කියන "සම්පත් අයියාත්" . . මම කියන "සම්පත් අයියාත්" එක්කෙනෙක්මද කියලා කියන්න අපහසුයි. මම ඒ ගමේ නමයි පාරේ නමයි දැම්මේ ඒ ගම ගැන මම දන්න නිසාත් ඒ පාරේ මම ගිහින් තියෙන නිසාත්. හරි ගමේ නමයි පාරේ නමයි දැම්මා නම් නියම "සම්පත් අයියා" අඳුන ගනීවි කියල හිතලයි මම එහෙම කලේ නමුත් ඒකෙන් වෙන අයෙක් ගැන අනුමානයක් කරන්න හැකිවෙනවා කියලා මට දැං හිතෙනවා . . ඒක නිසා මම ඒ නම් දෙකම අයින් කරන්නම් . . .

    ReplyDelete
  13. @~බිன்ku~!
    ඒක තමයි බීන්කු . . . අපි දේශපාලකයින් තුලින් මිනිසුන් තුල නොමැටි දේවත්වයක් අපි බලාපොරොත්තු වෙනවා . . අන්මුත් ඔවුනුත් සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්. ඔවුන් හදන්න කලින් අපි හැදිලා ඉමු . . . උඹ උඹේ අකමැත්ත ඒ සිදුවීම ගැන ප්‍රකාශ කරන්න ඇති කියලා මම හිතනවා . . . අපේ මිතුරෙකුගේ මගුලකදී නම් ඔහුට කියමු ඔහු කල දේ අපි අනුමත නොකරන බව (අත්සන් කරන්න ශේශපාලන බලවතුන් ගෙන්වීම ) එවිට ඔහු වත් තේරුම් ගනීවි, ඔහු ඒ වරද යලි නොකර හිඳීවී.

    ReplyDelete
  14. @Anonymous!
    ම් ම් ම් මම නම් හිතුවේ මගේ මිතුරු මිතුරියන්ගේ සහ බිරිඳගේ බලවත් ඉල්ලීම මත මේ ලියන්න හිතූ ලිපි පෙල දිගටම නොකර ඉන්න කියලයි . . . බලමු . . . ආපහු පාරක් දිගටම ලියන අදහස උත්තරීතර සභාවට දාලා . . අනුමත වුනොත් හරි . . .

    ReplyDelete
  15. @.::පිස්සා::. !
    මේ රිප්ලයි එක ලිව්වේ උඹේට මචං . . උඩ එකේ නාම් දාන්න බැරි වෙලා

    මම කිව්වේ මචං . . මගේ බ්ලොග් අඩවිය මගේ අදහස් . . මම හරි කියලා හිතන් ඉන්න අදහස් . . . දෙස අළුත් ඇසකින් මාව බලන්න යොමු කරවනවා කියලා . . . මෙන්න සාක්ෂි . . . ඒක ඉටුවෙලා . . ප්‍රීතියි ප්‍රීතියි . . .

    "අනිත් එක, අනිත් ජනතා නියෝජිතයෝ නෙමෙයි, මහා රජාටවත් සල්ලි නැත්නම්, ඇයි බැරි ඇත්ත කියන්න, මම මේ උත්සවේට සහභාගී උනා තමයි, ඒත් බං මගේ ලඟ සල්ලී නෑ කිව්වා නම්, අපි ඔක්කොම සතුටින්.."

    උඹ හිතන්වාද මචං ඕක ප්‍රයෝගිකව කරන්න පුළුවන් දෙයක් කියලා . . .

    මට කවුරුහරි එහෙම ආරාධනාවක් කලානම් මගේ ලඟ සල්ලි නැත්නම් මම කරන්නේ නොගිහින් ඉන්න එක . . . ගිහින් මට තෑග්ගක් දෙන්න සල්ලි නෑ කියලා කියන්න තරම් ගට්ස් මම නම් හිතන්නේ මට නෑ . . .

    දේශපාලකයෙක් වුනාම තත්වය වෙනස් . . . "ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී" වගේ තමයි . . .

    ඒකයි මම කිව්වේ ඒ පුද්ගලයාව අපහසුතාවයට පත්වෙන විදිහට වැඩ නොකරන්න අපි හැදෙමු කියලා මචං . . .

    ලිශ් ට කිව්ව වගේ මම හිතුවේ අපි අනිත් කෙනාව හදන්න කලින් ඒ පුද්ගලයාව නරක් නොකර ඉන්න අපිට කරන්න පුලුවන් දේවල් අපි කරමුද කියලා හිතලා බලමු කියන එකයි මචෝ

    ReplyDelete
  16. @මෙම්බර් !
    අනිත් දේ තමයි "සම්පත් අයියා" මගෙන් හෝ මම දන්නා කෙනෙක්ගෙන් "ජරාව" කාලා නැති නිසා මම තාමත් හිතන්නේ ඔහු එහෙම දෙයක් කලේ නෑ කියලයි . . .

    ඒත් ඒ කටකතා නිසා ඔහු ගන තිබුනු ගෞරවය නම් අඩුවුනා . . . අර බියෝන්ඩ් ෆ්‍රේම් ත් කියන්නේ "ඔප්පු නොකල දූෂනය දූෂනයක් නොවේ" කියලා කස්ටිය කියනවයි කියලා . .. මාත් එහෙම හිතලා හිත හදාගෙන ඉන්නේ . . .

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails