Wednesday, December 30, 2009

ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 3 වෙනි සහ අවසාන කොටස



කලින් කොටසින් . ..

"ස්වාමියෙකුට තමන්ගේ බිරිඳ ගැන මිතුරෙකුගෙන් හෝ තෙවන පාර්ෂවකරුවෙකුන් එවැනි ගුණවැනුමක් අසන්න ලැබෙනවාට වඩා වෙනත් සතුටක් ලැබිය හැකිද . . . ?"

පලමු කොටස

දෙවන කොටස

. . . . .

"උඹල දෙන්න වලි දාගන්නේම නැද්ද" නෂීම් ගේ දෑසේ ලියවී ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. . . !

"නැත්තේ මොකෝ . . . මාසෙකට සැරයක් විතර පොඩි වලියක් යනව . . . හැබැයි ඒවා ඉතාම සුළු වෙලාවයි . . . පස්සේ දෙන්නම යාළුවුනාම ඒක ගැන කතා කරලා ඉන් පස්සේ ඒ වැරැද්දටම වලියක් නොයන්න ඒ වැරැද්ද හදා ගන්නවා . . "

"කොච්චර ශෝක්ද මචං . . . " එසේ කී නෂීම්ගේ දෑසේ වේදානත්මක බැල්ම දිගේ මගේ හිත යලිත් වරක් දිව ගියේ අතීතයට . . ..

රාජකාරී බහුල සතියේ දිනෙක සවස 4ට පමන මගේ ජංගම දුරකතනය නද දෙන්න පටන් ගත්තා . . . .

"හලෝ . . . තිලාෂ් හිය . . "

"තිලා මම නෙල්කා . . . මගේ මොබයිල් එකේ බැටරි ඩෙඩ් . . තාම මම ඔෆිස් එකේ බං . . . . මචං ,මට අද රෑට කොන්ෆරන්ස් එකකට යූ.කේ යන්න වෙලා . . . නිරෝෂ් ඊයේ සිංගපෝර් ගියා බිස්නස් වැඩ වගේකට . . . අයියත් ඩවුන් සවුත් ගිහින් එන්නේ හෙට උදේට . . . උඹට පුලුවන්ද මාව එයාර්පෝර්ට් එකට ඩ්‍රොප් කරල එන්න . . . "

"හරි . . කීයටද එන්න ඕන . ."

"මම දැන් පිටත් වෙනවා . . උඹ අපේ ගෙදරට හයට වරෙන් . . ."

ඈ මගේ උසස් පෙළ කරන සමයේ සිටන් හොඳම මිතුරියක් වූ නෙල්කා . . . සවස හයට ඇගේ නිවසින් වාහනයට නංවාගෙන . . . තොර තෝංචියක් නැතුව අපේ මිතුරු මිතුරියන්ගේ විස්තර . . . කාර්‍‍යාලීය විහිළු . . . පැරනි රසාංග . . . මේ සියළුම දේ සමඟ කාලාය ගැන වැටහීමක් නැතුවම එයාපෝර්ට් ගිය මට නිලූට දුරකතන ඇමතුමක් දෙන්න පවා මතක් වූයේ නෙල්කා එයාර්පෝර්ට් එකට ඇරලවා යලි එන ගමනේදී . ..

"ඩාලිං මට හදිස්සියේම නෙල්කාව එයාර්පොර්ට් එකට දාන්න යන්න වුනානේ . . ."

"හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්"

ප්‍රතිචාරය යහපත් නොවන බව දැනුනත් මා ප්‍රමාද වැඩි බව දැනුනු බැවින් සෙමින් දුරකතනය විසංධි කල මා වැඩි වේගයකින් රිය පැදවූයේ වාහන තදබදය අඩුවූ නිසාවටත් වැඩිය පරක්කුව ඇගේ කනස්සල්ල තව වැඩි කරාවී යයි උපන් සිතුවිල්ලෙන් . ..

වෙනදා මෙන් ගේට්ටුව විවර කල පසු සුහද කතා බහකට නිමේශයක් නොගෙනම නිලූ ගේ ඇතුලට ගියේ සිනා රහිත මූනෙන් . . .

"සඳ මුවා වෙලා . . වැහි වලාවකින් . . වාගෙයි ඔබෙ වත මේ ගිනි ලන කතරේ . . . " ඇගේ තරහ නිවන්නේ කෙසේදයි සිතමින් වාහනයෙන් බැස්ස මා . . . පසුපස නොබලා ගෙට යන ඈට ඇසෙන්න මා ගීයක කොටසක් ගායනා කලා . . .

නාන කාමරයට වැදී ඇඟ සෝදාගෙන සැහැල්ලු ඇඳුමක් ඇඟලාගෙන මා සාලයට ආවේ ඈ තරහා වී ඇති නිසා කතාබහ කිරීමට කෙනෙක් නැති කමින් බොරුවට පොතක් බලන බවක් අඟවන නියායක් ඈට පෙන්වීමට සිතා පොතක්ද අතේ රඳවාගෙන . ..

සැටියේ වාඩිවී බොරුවට පොත කියවමින් සිටි මා අසල ස්ටූලය මත තේ එකා තබා යන්න පැමිනි ඈ . . . මට රිදවීමට ඈ දන්නා පහසුම මඟ හෙවත් නන්දා මාලනීගේ ගීයක කොටසක් ගායනා කරමින් ගියේ නන්දාගේ සමහර ගී මගේ හද පාරන බැව් ඈ හොඳින්ම දන්නා නිසාවෙන් . .. .

"මා හඬනා කඳුළු ගලා . . සැදුනු කඳුළු සාගරේ . . . ඔබ ඇය හා ඔරු පැද පැද . . සිනා සුනේ ඇයි . . . සිනා සුනේ ඇයි . . . "

නෙල්කාත් මාත් අතර මිතුරු කමින් එහා යන කිසිදු සබඳ කමක් නැති බව . . . මිතුරු මිතුරියන් අතර එවැනි කිසිවකට ඉඩක් නොමැති බව මා මෙන්ම මිතුරි මිතුරියන් රැසක් ඇසුරු කරන ඇය දන්නා බව මා දන්නා නමුත් ඈට හදිසියට වෙනත් ගැලපෙන ගීතයක කොටසක් සොයා ගැනීම අපහසු වූ හැඩයි කියා මා සිතුවා . . .

ඊට ගැලපෙන පිළිතුරු ගීතයකට ගී ඛන්ඩයක් ගැන සිතමින් සිටි මගේ මුවට නිතැතින් පැමිනියේ මගේ ප්‍රියතම ගායකයාගේ ගීයක මැද කොටසක් . . .

"දෙන්නා උන්නේ . . රන් රස සේ පෙම් අරනේ . . . ආදරේ තාරකා සෝ වලාවේ හැංගුනේ . . . . . . . කැන්දා රන්දා රජ දහනේ පෙම් රජ දහනේ . . ඈ සිතේ මා කෙරේ මෝදුවේවා ආදරේ . . . "

විනාඩි කිහිපයක නිහැඬියාවකට පසු හිස් තේ කෝප්පය ගෙන යාමට නිලූ පැමිනියේ නන්දාගේම ගීයක පදවැලක් මුමුනමින් . ..

"මිදි යුෂ යැයි රැවටී හලාහල විෂ බිව්වේ ඇයි මා . . . පෙම් දැල මැද පැටලී සුසුම් ලා මුලා වුනේ ඇයි මා . . . "

අම්මෝ ඒක නම් බරපතල වැඩී කියා සිතූ මා මගේ ඉදිරියෙන් යාමට පැමිනි නිලූ පා නගද්දීම මගේ කකුල දිගු කලේ ඇගේ ගමන් මග හරස් කිරීමට සිතාගෙන . . .

මා එසේ කරාවීයැයි පූර්ව නිගමනයකින් පැමිනි සේ බොරුවට වැටෙන්න යන බවක් අඟවා ඈ මගේ ඔඩොක්කුවේ ඉඳගත්තේ මගේ බෙල්ල වටා අත යවා තදින් අල්ලා ගනිමින් . . .

"මොකෝ මේ තරහා කාරයෝ තරහා කරයින්ගේ ඔඩොක්කුවේ ඉඳගෙන . . . "

"තරහා කාරයෝ මොකෝ තරහා කාරයෝ යනකොට කකුල් මාට්ටු දාන්නේ . . . "

"කකුල් මාට්ටු දැම්මයි කියලා ඔහොමත් ඉඳ ගන්නවාද තරහා කාරයෝ ලඟ . . ."

"මේ හලෝ . . අනිත් දවසේ රවුම් ගහන්න යන කොට හවස හතේ ඉඳන් ගේට්ටුව ගාව බලන් ඉන්න කෙනාට කෝල් එකක් දෙන්න මතක් කර ගන්න . . . "

"අනේ සොරි ඩාලිං . . දන්නැද්ද . . නෙල්කාගේ කෝච්චියට හපන්නේ මගේ කෝච්චිය . . . ඉතින් නිකමට වත් මතක් වුනේ නෑ . . අයි ඇම් සෝ . .. .. සොරි ඩාලිං . . . "

"නෑ නෑ මම දන්නවා . . මගේ හිත රිදුනේ ඔයා නිකමට වත් කෝල් එකක් දීලා කිව්වේ නැති එකට. මම එලියට වෙලා මදුරුවෝ කකා පැය භාගයක් විතර බලන් හිටියා . . ඩ්‍රයිව් කරන ගමන් වෙන්න අති කියලා හිතලා මම කෝල් කලෙත් නෑ . . "

"හරි . . අනිත් දවසේ මෙහෙම කරමු . . මම එන්න පැය කාලක් පරක්කු වුනොත් ඔයා මට කෝල් කරන්න . . . මම වෙන ගමනක් යන ගමන් නම් ඔයාට කියන්නම් . . එතකොට ඔයාගේ හිත රිදෙන්නේත් නෑ . . . දෙන්නටම සින්දු කෑලි මතක් කර කර දුක් විඳින්න ඕනත් නෑ . . ."

. . .. . . . .. .

"ගොඩක් පවුල් වල වෙන්නේ මචං . . . කාගෙන් හරි පොඩි අතපසුවීමක් වුනොත් අනිත් කෙනා හිතනවා අහ් . . අරයා මේ වැරැද්ද කලේ හිතලා මතලමයි මට රිද්දන්න . . . " මගේ තනියෙන් හිනාවෙන මූන දිහා බලං හිටපු නෂීම්ට මම කිවේ බැරෑරුම් මුහුනක් මවාගෙන . . .

"පැමිනිලි කාරයා විසින්ම විත්ති කාරයාව චෝදිතයා කරනවා . . ??" නෂීම් ඇසුවේ නලල රැලි කරගෙන . . .

"ඔව් . . පස්සේ පැමිනිලි කාරයාම නඩුකාරයා වෙලා චෝදිතයා වැරදිකරුවා වෙන්න නඩුව විසඳලා දඬුවමුත් කරනවා . . . "

"විත්තිකාරයා දන්නෙත් නෑ තමා මොන වරදකටද මේ දඬුවම් විඳින්නේ කියලා වත් . . . " කියා නෂීම්ගේ කටින් පිට වනවාත් සමඟ අපේ මහා හඬින් පුපුරා ගිය සිනාව එළියට නෑසුනේ වැසූ වීදුරු නිසාවෙන් . . .

"මේ ඒක නෙමෙයි . . නිලූට කෝල් එකක් දීල බලනන් ඕන නැද්ද පොඩ්ඩිට කොහොමද කියලා . . . "

"උඹ දන්නවනේ මගේ යාළුවෝ කියන කතාව . . මගේ ලඟ නිදා ගත්තු උන් කියන්නේ මාත් එක්ක නිදා ගන්න එක හරියට සිංහ කූඩුවක නිදා ගන්නවා වගේ කියලනේ . . ඉතිං එයා දන්නවා රෑ තිස්සේ හරි හමන් නින්දක් නැතුව ඉන්න එයා දවල්ට නිදහසේ නිදා ගත්තාවේ කියලා හිතලා මම කෝල් නොකරන බව . . . විශේෂ උවමනාවකට ඇර"

. . . . . . ..

අපේ කෑගළු ගමන සාර්ථක වූවා . . . ඉතා වෙහෙස මහන්සියෙන් දිවා රෑ නිදි නොලබා සකස් කල කෑගල්ලේ ඉදිවන විශාල හෝටලයක "ඉන්ටීරියර් ඩෙකරේෂන්" කොන්ත්‍රාත්තුව අපේ සමාගමට ලබා දීමට හෝටලයේ පාලනාධිකාරිය තීරනය කරනු ලැබුවා . . . ඉතිං මේ ජයග්‍රහනයේ කොටස් කාරියක් වූ ඇයට නොදන්වා සිටින්නේ කෙසේද . . . මා නිවසට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ ඉපිලී යන සතුටින් . . .

"නිලූ . . . . ප්‍රොජෙක්ට් එක අපිට ලැබුනා . . . අපි ඉන්ටීරියර් ඩෙකරේෂන් ප්‍රොපොසල් එකට හදපු ප්‍රසන්ටේෂන් එක නියමෙට වැඩ කලා . . . "

"අම්මෝ ඇති යාන්තම් . . . සුභ පැතුම් සුභ පැතුම් . . . මම බයේ හිටියේ ඔයා සති ගානක් රෑ නිදිමරාගෙන වෙච්ච මහන්සිය අපතේ යයිදෝ කියලා . .. "

"ඇයි මම විතරක් . . ඔයත් කොච්චර නිදි මැරුවද . . . හැමදාම ඔයත් මාත් එක්ක ඇහැරගෙන හිටියනේ . . . "

"ඒ වුනාට ඔයාගේ මහන්සියනේ . . "

"ඇයි ඔයාත් මහන්සි වුනේ . . මේකේ ක්‍රෙඩිට් එක ඔයාටත් යන්න ඕනි . . මම හැමදාම කියන්නේ . .. හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ඉන්නේ ගෑනියෙක් කියන දේ හරියටම හරි කියලා . . . "

"හෝව් හෝව් කුකූ . . . . හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ වගේම හැම අසාර්ථක මිනිහෙක් පිටිපස්සේ ඉන්නෙත් ගෑනියෙක් හොඳේ . . . හි හි හි . . . ආ මේ දැන් දෝනිට හොඳයි. එයා දැන් මෙච්චර වෙලා මාත් එක්ක සෙල්ලම් කර කර හීය . . . ඔයා හෙමීට එන්න නෂීම් එක්ක . . "

"බුදු සරණයි . . .!!"

නිලූගේ හිනාවට සම්මාදම් වුනු මම ඉක්මනට සංවාදය නිමා කලේ ගෙදරට එන්න තියෙන හදිස්සිය නිසාවෙන්මයි . . .

"අවිස්සාවේල්ල පාරෙන් යමු නේ තිලා . . . අවිස්සාවේල්ලට යන කම් මාම් ඩ්‍රයිව් කරන්නම් . . උඹ එතන ඉඳන් ගනින් . . "

"හරි එහෙනම් ඔන්න මම සින්දුවක් අහන ගමන් පොඩි නින්දක් දාන්න හදන්නේ" කියා අමරදේවගේ ගීත අඩංගු තැටියක් වාදනය වෙන්න දම ආසනය ඇල කරගෙන දෙනෙත් පියා ගත්තා . . .

. . . .

තාත්තා වුනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින . . . //

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් . ..
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් . . .
ඔබ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින් . . .
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළෙ වෙමින් . .

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ . . .
අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ . . .
අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස . .
නොහැගේ ලඟින් හිද මගේ හිස සිඹින සඳ . .

තාත්තා වුනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින . . . //

අමරදේව මහතාගේ ගීතය මගේ සිතට ගෙනාවේ පුදුම සුවයක් . . . .

ජීවිතේ සුන්දරද මෙතරම් . . . මගේ හිත පාවෙලා යනවා වගේ මට දැනුනේ . . .

31 comments:

  1. නියමෙටම නියමයි දුකා අයියේ අවසානේ.උපරිමේට බිරිඳකගේ සෙනේහේ වින්දා!

    ReplyDelete
  2. ලස්සනයි අයියේ කතාව..තවත් මේ වගේම කතා ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. දුකා අයියේ........ අද තමයි 2 කොටසත් කියවන්න ලැබුනේ. අනේ බං කථාවල් ඔහොම නවත්තන්න එපා. තව ඇදගෙන යන්න බැරිද. ආසයි කියවන්න. අඩුම තරමේ කොටස් 10 වත් ලියන්නකෝ.

    ReplyDelete
  5. ලස්සනයි මචං, තව ලියපං

    ReplyDelete
  6. නියමයි... සුන්දරයි.. තව මොනා කියන්නද!

    ReplyDelete
  7. කතා ඔකොම කියවනවා. එත් සටහන් දන්නෙ නැහැ. මෙක තමයි දාන පලමු එක. ගනන් ගන්න එපා හොදේ ... හේතුව පස්සේ දවසක කියන්නම් සමහර විට ඔයට තේරෙනවත් ඇති

    ReplyDelete
  8. wow Maxa .... Romance at its best ;)

    - LIR -

    ReplyDelete
  9. @මුචලින්ද!
    කතාවලින් වින්දට හැබෑවට විඳින්න හදිස්සි වෙන්නෙ එහෙන නෑ ඕං . . උඹ තාම පොඩි එකා උස මහත ගියාට . . හික්ස්

    @සචිනි ලියනගේ !
    තැන්කූ තැන්කූ නගේ . . !

    @C0dE | කෝඩ් !
    දිග කතා ලිව්වාම බෝරිං කියල කට්ටිය අය ගොඩක් කිව්ව කොල්ලෝ කලින් එක බලල . . ඉතින් කෙටි කතා ලියන්න හිතුවා . . . බලමුකෝ ඉස්සරහට . . .

    ReplyDelete
  10. @BEAUTIFUL SRI LANKA !
    අනිවාර්‍‍යෙන් . . ඔහොම කියනවනම් දෙන්නම් කෝ . . . හික්ස්

    @Prabath !
    ඇයි බං තව කියන්න පුළුවන් "බැඳපු අයට ප්‍රයෝජනවත්" . . "බඳින්න ඉන්න අයට ත් ප්‍රයෝජනවත්" ඔය තියෙන්නේ . . හික් හික් . ..

    @වැප් !
    කිසි අවුලක් නෑ මචන් . . හේතුවක් නම් මට හිතා ගන්න බෑ . . එත් බලනවනම් ඇති . . . කමෙන්ට් නම් ඉතිං . . . නෑ නෑ ඉට්ස් ඕ කේ . . හෙ හෙ හෙ

    @lostinromance !
    I'm glad that you enjoyed it . . . cheers mate . . !

    ReplyDelete
  11. අඩෝ කාගෙන් අහලද උබ මෙහෙම කතා මගින් නවත්වන්නෙ ඈ..??


    විහිලුවක් හොදේ..තව ටිකක් ගියානම් හොදද මංදා :පී

    ReplyDelete
  12. ආයේ ඉතිං කියන්න දෙයක් නෑනෙ......

    ReplyDelete
  13. "කමෙන්ට් නම් ඉතින් ඔන ......" ඔක තමයි හේතුව. උබ දක්ෂයා.

    ReplyDelete
  14. Niyamai, meka tawa tiak liwwanam ela kiri
    ikkmanata tawa ekak patan gaththoth tama hoda

    max work

    ReplyDelete
  15. නියම කතාව දුකා..අපි කවුරුත් බලාපොරොත්තුවෙන්නෙ මේවගේ බිරිඳක්.. :)
    සුබ පැතුම්..

    ReplyDelete
  16. mee diga kathaa okooma borin nee hariada ? ennada epaa ohoma nawaththanna :P

    ReplyDelete
  17. me duka aiya ge wife ganada liyala thiyenne?????? hari hoda kenek wenna athi neda eya?

    ReplyDelete
  18. @සචී !
    අපි එහෙමයි . . . දුන්නොත් දෙන්නේ හොඳ දෙයක් . . හික්ස්

    @සරදියල් !
    බුදු සරදියලෝ . . ආයේ නම් එහෙම කොරන්නේ නැතෝ . . හික් හික්

    @චමි.දේ.වා. !
    හ්හ්ම් ම්ම් ම් මම ඒත් හිතුවේ උඹේ තීරනේ ඉක්මන් කරාවිද වත් කියලා . .. ඔන්න උඹනේ බැන බැන හිටියේ විවාහයේ නරකම කියනවා හොඳත් කියපන් කියලා . .. දැන් හරිනේ ඔන්න . . හික්ස්

    @වැප් !
    "මෙක තමයි දාන පලමු එක. ගනන් ගන්න එපා හොදේ ... හේතුව පස්සේ දවසක කියන්නම් සමහර විට ඔයට තේරෙනවත් ඇති"
    ""කමෙන්ට් නම් ඉතින් ඔන ......" ඔක තමයි හේතුව. උබ දක්ෂයා."
    සිරාවටම මට තාම හේතුව හිතා ගන්න බැරි වුනා මචං . .

    ReplyDelete
  19. @Anonymous !
    තැන්කූ තැන්කූ . ..

    @Sameera ධනංජය Viswakula !
    මේ වගේ බිරිඳක් ම ලැබෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරන්නම් . . .

    @චතුරංග රූපසිංහ !
    හරි හරි සර් . . ඊලඟ පාර නම් ඔහොම කොරන්නේ නෑ . . හික්ස්

    @Anonymous !
    ඔය අහල තියෙන්නේ . . "ගෙදර ගියොත් තෝ නසී මඟ හිටියත් තෝ නසී" ජාතියේ ප්‍රශ්නයක් . . . දැං ඉතිං දීපන්කෝ උත්තර . . .

    ReplyDelete
  20. මේවා කියවනකොටනම් ඉතින් ඉක්මන් කරන්න හිතෙනවා.ඒත්......හරි කෙනා මුණගැහෙයිද කියලා දෙයියෝ තමයි දන්නේ......

    ReplyDelete
  21. @චමි.දේ.වා.!
    අහ් . . මම හිතුවේ හරි කෙනා දැනටමත් හොයාගෙන ඇති කියලා (කාලෙකින් උඹේ විරහා කවියක් දැක්කේ නැති නිසා). . .

    ReplyDelete
  22. හිස් තැනට 'තරං' දාගන්න. හි හි ඔන් දැන් අලුත් අවුද්දට කිසි පුශ්ණයක් නැහැ. අන්තිමට කමෙන්ටු තුනක්ම දම්මා. හි හි

    ReplyDelete
  23. පට්ටයි දුකා අය්යේ.... නියම කතාව...
    අනිත් කෙනගේ අපහසුතා , අදහස් තේරුම් ගන්න පුලුවන්, ඉදලා හිටලා වලියක් යන, වලියක් ගියත් ඉක්මනින් ශේප් වෙන මෙන්න මේ කතාවේ නිලූ වගේම බිරිඳක් ලැබෙන්න ඕන!...
    (ඉදල හිටල වලියක් කියල කියුවෙ මං කියන ඕනෙම දෙකට හරි උනත් වැරදි උනත් ඔලුව නවන්නෙ නැතිව අදහස් දක්වන එකට :) )

    ReplyDelete
  24. this story is awesome brother. wish you a happy new year and good luck. may you be able to write more stories like this.

    ReplyDelete
  25. කථාව ලස්සනයි.. හැබැයි මට හිතෙන්නේ කථාව කල‍බලෙන් ඉවර කරලා දාලා වගේ.. අනේ මන්දා ඇත්තටම එහෙමද නැත්තං ලස්සන නිසා නොදැනම ඉවර වෙලාද.. නැත්තං තව කියවන්න කැමති නිසා ඉවර උනත් හිත පිළිගන්න අකමැති කමද මන්දා

    කොහොම උනත් මගේ ඉල්ලීම ඉෂ්ඨ කලාට ස්තූතියී...!!!! :ඩී

    ReplyDelete
  26. කථාව නම් නියමයි මචං මිත‍්රයා...
    කියවල ඉව‍රවෙනකොට ඇහැට කදුළු එනව මචං...
    උප‍්රිම වින්දනයක් ලැබුවා..

    ReplyDelete
  27. කතාවනම් හරිම ලස්සනයි...! කියවද්දි හරි ආස හිතෙනව.

    හැම පිරිමියෙක්ම කැමතියි "නිලූ" වගේ බිරිදක් ලබාගන්න. නමුත් ඒ හැම පිරිමියෙක්ම "තිලාෂ්" වගේ වෙන්න කැමතිද?
    "නිලූ" වගේ බිරිදක් සිටීමෙන් පමණක් ජීවිතේ සුන්දර වේවිද?
    පිරිමි අපි හමෝම මේ ගැන ටිකක් හිතල බලමු. එතකොට අපි හැමෝගෙම ජීවිත සුන්දර වෙයි නේද?
    (පොඩි අදහසක්)

    ReplyDelete
  28. කතාවනම් හරිම ලස්සනයි...! කියවද්දි හරි ආස හිතෙනව.

    හැම පිරිමියෙක්ම කැමතියි "නිලූ" වගේ බිරිදක් ලබාගන්න. නමුත් ඒ හැම පිරිමියෙක්ම "තිලාෂ්" වගේ වෙන්න කැමතිද?
    "නිලූ" වගේ බිරිදක් සිටීමෙන් පමණක් ජීවිතේ සුන්දර වේවිද?
    පිරිමි අපි හමෝම මේ ගැන ටිකක් හිතල බලමු. එතකොට අපි හැමෝගෙම ජීවිත සුන්දර වෙයි නේද?
    (පොඩි අදහසක්)
    උඩ කොමන්ට් එක දැම්මෙ මම. නම නැති නිසා ආපහු දැම්මෙ...
    සමාවෙන්න.

    ReplyDelete
  29. hadai.........................

    ReplyDelete
  30. adai kathawa kiyewwe..athi wishishtai...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails