Wednesday, October 7, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (දෙවන කොටස)


පළමු කොටස . . .

ගල් පොත්තේ සිට මීටර් දෙසීයක පමන දුරින් තවත් පොකුණක් . . . ඒ පොකුණ දුටු මට අපේ පොඩි මාමා නිතර කියන උපහාස කතාවක් සිහියට නැගුනා . . .

“කොල්ලෝ උඹ දන්නවාද ඇයි මේ අපේ ගමේ මෙච්චර පොකුණු තියෙන්නේ කියලා . . . “

අම්මගේ මහ ගෙදර හෙවත් ආච්චිලගේ ගෙදර ගිය විටෙක පොඩි මාමාත්, රීටා නැන්දාත් ඔවුන්ගේ දරුවනුත් සමඟ එලියේ ලොවි බංකුවේ වාඩිවී හවස තේ බොන වෙලාවක පොඩි මාමා මගෙන් ඇහුවේ ආච්චී කොහෙද කියා බලන්න ගේ ඇතුලට එබී බලන ගමන් . . .

“නැනේ . . .” මම සැකයෙන් වගේ කිව්වේ රීටා නැන්දගේ මූනේ තිබුනු අමුතු හිනාව දිහා බලාගෙන . . .

“ඔය ඩ්‍රැයිවර් මාමලගේ ගෙට එහා ගෙදර ජේමිස් සීයා දන්නවා නේද . . . ?”

“ඔ . .. ව්. . . “

“ඔන්න දවසක් ජේමිස් සීයා ගියාලු ගමේ මන්ත්‍රී තුමා, ස්ටැන්ලි තිලකරත්න මහත්තයා මුන ගැහෙන්න . . .”

“ඉතිං . . .”

“ඔය ජේමිස් කාරයා බං ලොකු පිට්ටනියක් මැද්දෙදි හරි කුඹුරක් මැද්දෙදි හරි වැස්සකට අහුවෙලා වගේ තෙමුනොත් මිසක් හත් අවුරුද්දකින් නාන්නේ නැති මනුස්සයනේ . . .” පොඩි මාමා සද්දේ බාල කරලා කිව්වේ ආච්චීට ඇහුනොත් අනුන්ට අපහාස කරනවා කියා බැනුම් අහන්න වෙන නිසාවෙන්මයි . . .

“ගිහින් තියෙන්නේ ගමට පොකුණක් හදල දෙන්න කියලා මන්ත්‍රී තුමාගෙන් ඉල්ලීමක් කරන්න . . .”

“අහ් මට ඉතුරු ටික හිතා ගන්න පුලුවන් . .. “

“ඉතිං ඔය මනුස්සයගේ නොනෑමට පින් සිද්ධ වෙන්න එක පොකුණට පොකුණු හතරක්ම මන්ත්‍රී තුමා හදෝලා දීලා . . .”

. . . .

ගල් පොත්ත දෙපසින් ගලා යන ඇලට බැස මාළු අල්ලමින් සිටි කුඩා වුන් කීප දෙනෙකු විසින් . . . මහ නියර දිගේ පිය නැඟූ මගේ ගමන මොහොතකට නතර කරනු ලැබ, මගේ සිත එක්වරම අතීත මතක චාරිකාවක රැගෙන යනු ලැබුවා . . . .

මගේ අක්කාත්, අපේ අසල්වැසි ඇගේ වයසේ තවත් මිතුරියන් කිහිප දෙනෙකුත් සමහර නිවාඩු දිනවලට කිළුටු රෙදි රාශියකුත් රැගෙන ඒවා සෝදන්නත් කුඩා නංගිලා මල්ලිලාව රැගෙන ඔවුන්ව නාවන්නත් මේ පොකුණට රැගෙන එන්නේ ඒ සියලුම වැඩ සඳහා ළිං හැම ගෙදරකම තිබියදී . . .

තනියෙම ළිඳ ලඟට වී ඒ වැඩ කරනවාට වඩා කට්ටිය එකතු වී ඕපා දූප කතාවෙන් , විහිළු තහලු කරමින් ඒ වැඩකටයුතු කර ගැනීම ඔවුන්ට අමතර විනෝදයක් වූවාට කිසිදු සැකයක් නෑ . .

පොකුනට හැරෙන කුඩා දෙවට අසල නිවසේ අක්කාගේ මිතුරියන් දෙදෙනාවූ මිරිස් ගෙදර අචලා - චමිලා අක්කලාට (ඔවුන්ගේ පියා මිරිස් වැවිලි කරුවෙක් හෙවත් මිරිස් ව්‍යාපාරිකයෙක් නිසාවෙන් ඔවුන්ගේ නිවස මිරිස් ගෙදර යනුවෙන් ගම්වාසීන් හඳුන්වනු ලබනවා . . ) අත වනනවා දකින නඩයේ එකියක් . . .

"උඹ නම් මධු ඔය නැට්ටිච්චියන් දෙන්නා හින්දා දවසක හොඳ පාඩමක් ඉගෙන ගන්නවා . . ." යි කියන්නේ ඔවුන් කෙරෙහි අමනාපයෙන් මෙන් . . .

"අනේ උන් දෙන්නා මගේ යාළුවෝනේ . . " යි අක්කා පවසන්නේ ඔවුන් ගැන උපන් කනගාටුවෙන් . . .

"මහ ලොකු යාළුවෝ . . උන් උඹ එක්ක දවස් කීයක් පෝයට පන්සල් ගිහින් තියෙනවාද .. ? තව එකියක් අසන්නේ "මගේ ලඟ රහසක් තියෙනවා . ." වැනි නටන ඇස් දෙක කරකවමින් . . .

"එයාලා හැම පෝයටම මාමලගේ ගෙදර යනවනේ නුවර . . !"

"අනේ පලයන් බං යන්න . . . බම්බු නුවර නෙමේ උන් උඹව හලලා නාග විහාරේ පන්සලට යනවා . . . "

"අනේ පලයන් බොරු කියන්නේ නැතුව . . "අක්කා කියන්නේ මේ කතා විශ්වාස කරම්දෝ නොකරම්දෝ දෙගිඩියාවකින් . . .

ඇය පත්වූ අපහසුව දකින ඇස් නටවමින් කතාකල එකිය "නෑ බං උඹවත් එක්කගෙන පන්සල් ගියාම උන්ගේ දිහා එක කොල්ලෙක් වත් බලන්නේ නෑ කියලා අචලා කිව්ව කියලා මට අපේ නංගි කිව්ව බං . . ."

ඔවැනි නොවැදගත් ඕපා දූප කතාකරමින් පැමිනෙන කෙල්ලෝ කන්ඩායම පොකුණට කිට්ටු වෙද්දීම ඔවුන්ගේ මාතෘකාව වෙනස් කරන්නේ . . .

"මේ උඹ දන්නවාද මේ ලඟදිත් අර ගල් පොත්ත උඩ මිනිහෙක් මරල දාලා තිබුනාලු"

"ඔව් බං . . අපේ සීයා කිව්වා එතන මහ දවල්ටත් හොල්මං තියෙනවා කියලා . .. "

“දැන් නිපුල් අයියලාත් ඔතනට සරුංගල් අරින්න වත් යන්නෑ කියල මට නිලංකාත් කිව්වා . ..

වැනි දේවල් අපටත් ඇසෙන සේ ටිකක් උස් ස්වරයෙන් ඔවුනොවුන්ට ඉඟි කරමින් පවසන්නේ පුංචි අප ගල් පොත්ත ලඟට ගොස් මාළු ඇල්ලීම වලක්වන්න බව අපට පසක් වුනේ අප විසින් කුඩා කල පමනක් නොව යෞවන වියද පසු කරද්දී . . .

වෙලට බසින තුරු ඒ හොල්මං කථා අපේ හිත් වල දෝංකාර දුන්නත් . . කුඩා වුන් කන්ඩායම ම වෙලට බැසීමෙන් පසු ඒ කිසිවක් මතකයේ නොරැඳී සෙල්ලම් කිරීම පමනක් හෝ මාළු ඇල්ලීම පමනක් කෙරෙහි ඇලී ගල්පොත්ත අසලටම ගොස් මාළු අල්ලන බව අක්කලාටත් ඔවුන්ගේ කතා ලෝකයේ කිරුලු දැරූ පසු අමතකව යාම අපගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට මඟ සැලසුවා . . .

"අයියේ ඔන්න ඔන්න ලොකු මාලුවෙක් . . ." කියා කෑගැසූ කුඩා ජංගියකින් යටි කය පමනක් වැසූ . . . පුංචි කොන්ඩ කෙටිය විහිදා හල පුවක් මල් දෙකක් ලෙසින් හිස්මුදුනට කර රබර් පටි දෙකකින් ගැට ගසා තිබුනු විශාල රවුම් ඇස් දෙකක් තිබූ ලස්සන කෙලි පොඩිත්තියක් නැගූ ශබ්දය මගේ සිහින ලෝකය එක්වරම බිඳ දමනු ලැබුවා . . .

පහත් වී ඩෙනිම් කලිසමේ කකුල් දෙක නමා ගෙන දන හිසෙන් ඉහලට වෙන්නට ඇදගත් මා . . . සෙරෙප්පු දෙක එක් අතකිනුත් . . පොත් ටික අනෙක් අතිනුත් රැගෙන කුඩා දිය පහරට බැස ගෙනම එය හරහා ගොස් ගල් පොත්තට ගොඩවුනේ මගෙ පා තැබූ තැන් වල බොර පැහැයට හැරුනු කලින් පෑදී තිබුනු ජල පහර ගැන කම්පාවකින් මෙන් බලමින් . . . . .

සෙරෙප්පු දෙක කාක බෝ ගස මුල තබා ඒ මත ඉඳගත් මා බෝ ගසට පිට හේත්තු කර පොත් ටික මා අසලින්ම බිමින් තැබුවේ ඇලේ වතුරින් වත් මුහුන ටිකක් සෝදා ගත්තානම් මේ දැඩි අපහසුවක් ලෙස දැනෙන වේදනාකාරී හැඟීමත් මුහුනේ වියැලුනු කඳුලුත් සොදා හරින්න තිබුනා නොවේදැයි හැඟීමෙන් . . . .

එසේ සිතුවත් ඉඳගෙන උන් තැනින් නැගිටින්නට වීරියක් නැති කමින් තමන්ගේ අත්පා තමන්ටම වලංගු නැති අංශභාග රෝගියෙකු මෙන් "අනේ මට මෙතනින් නැගිටින්නට බෑ . . " කියා සිතුනු සිතුවිල්ලට බිලිවී හිස බෝ ගසේ කඳේ අතුල්ලගෙනම ඉහලම අත්තක් දෙස බලා ගෙන යලිත් සිතුවිල්ලේ නිමග්න වූවා . . . .

බොහේ ඈත අතීතයේ නොව මීට වසර දෙකකට තුනකට පෙර වැඩිම වුනොත් වසර පහකට පෙර, කුඩා කොට කලිසමක් ඇඳගෙන මේ ගල්පොත්ත ම අසල වූ ගලා යන ඇලට බැස තවත් පුංචි උන් රෑනක් සමඟ මාළු අල්ලමින් ජෑම් බෝතල් වලට දැමූ පොඩි එකෙක් . . . . ;

නිපුල් අයියා ඔහුගේ විශාල සරුංගලය ත් රැගෙන වෙලට යෑමට අපේ ගේ ඉදිරිපසින් පිටත් වෙද්දී උඩට ටී ෂර්ට් එකක් වත් පයට රබර් සෙරෙප්පු දෙකක් වත් දමා ගන්න සුනංගු නොවී . . . සරුංගලේ පරිවාර සෙනගට එකතු වෙන්න සුසන්තිකා මීටර් සීය දුවනවාට වඩා වැඩි වේගයකින් දිව ගිය පුංචි එකෙක් . . . ;

අද ඒ හැම දේම අතහැර . . . ආදරයදැයි . . ?? . . ප්‍රේමයදැයි . . .??. . නොදන්නා යෞවන වියේ මායාකාරී සිතුවිල්ලකට රැවටී ඒ සියලු විනෝදාංශ ජීවිතයෙන් මෑත් කොට ගසකට හේත්තුවී දෙදන මත මුහුන හොවාගෙන වේදනාවෙන් කඳුලු සලන යෞවනයෙක් දෙස . . . ඔහුට ඉදිරියෙන් සිට ගෙන දුකෙන් දෑස් දල්වා බල සිටියා . .. .

"ඉමා . . ඔයට කවද හරි මාව එපා උනොත් " දවසක් බසයේ කෙලවරේම අසුනේ පෙම්බස් දොඩමින් උන් මා එක වරම මතෘකාව වෙනස් කරමින් කතාකරද්දී ඇගේ අතින් මගේ කට වැසූ ඉමාෂා . . .

"නෑ නිනේෂ් ඒක එහෙම වෙන්නෙ නෑ කවදාවත් . . ." කියා, කෙටි නිහඬතාවයකය පසු . . ..

"ඔයාට මාව එපා උනොත් මිසක . . . " කියා අගට තව කොටසක් එකතු කලා . . . !

අනාගතේ යම් කිසි දවසකින් ඈ වෙතට ගලා එන අද්භූත ජනක හඬකට දෑස දෙකන යොමාගෙන කීවක් මෙන් ඈ මේ ටික කීවේ බසයේ වේගයට සපේක්ශව පසු කරමින් යන ගස් කොලන් වලට එපිටින් වූ අහස් කුස දෙස බලාගෙන . . . ! !

“ඔයා හොඳට ඉගෙන ගෙන කැම්පස් යනවාලු . . . “

“මම ලබ්‍රි එකට යනවා කියලා ගෙදරට කියලා ඔයාව බලන්න 138 බස් එකේ නැගල කැම්පස් එක ලඟට එනවාලු . . . “

ඉමාෂා කියන්නේ මගේ අත ඇගේ උකුල උඩ තබාගෙන සාස්තරයක් කියන කලක මෙන් ඇගේ නියපොතු වලින් මගේ අල්ලේ ඉරි අඳිමින් . . .

“ඇයි ඉතිං ඔයා කැම්පස් යන්නේ නැත්තේ . . . . “ දඟකාර ලෙස එහෙ මෙහෙ දුවන ඇඟිලි දෑතින්ම හිර කර අල්ල ගත් මා අසන්නේ අගේ මුහුනට මගේ මුහුන ලංකර ඇගේ දෙනෙතේ බැල්ම වෙන දිහාකට වොමුවේ වී යැයි බියෙන් මෙන් මගේ බැල්මේ බලෙන්ම රඳවාගෙන . . . .

“එක්කෙනෙක් ගියාම මදිද අනේ . . . අනෙක ඔයාට ඉගෙන ගන්න සල්ලි ඕන උනාම කවුද දෙන්නේ . . .ඉතිං මම ජොබ් එකක් කරනවා . ..”

අවුරුදු 15ක 16ක කුඩා එකියක් වූවත් ඇගේ පරාර්ථකාමී හිතේ විශාලත්වය ගැන මට වැටහීමක් ලබා ගන්න පුලුවන් උනේ ඉන් බොහෝ කාලයකට පසුවයි . . .

එසේ අතීතයේ ආදරයේ මිහිරි මතකයන් ගෙන් හද පුරවාගෙන සිටි යෞවනයාත් . . . මේ දැන් මෙතැන දෙදන මත හිස තබාන වේදනා විඳින යෞවනයාත් දෙදෙනෙකු නොව එක අයෙක් මැයි පසක් වූ සැනින් . . . දහවලෙහි කඳුලු සැලීමෙන් රතුවී තිබුනු දෙනෙත් යලිත් වරක් තෙත් කරමින් කඳුලු වැල් ගලා ගියේ ඒ මිහිරි මතකයන් කිනිස්සක් සේ මේ වැලපෙන යෞවනයාගේ හදවතේ ඇනී එය ගැලවූවෝතින් . . නොනවත්වා ලේ ගලා යාමෙන් මරණයට පත් වේවී යැයි බියෙන් ඒ මිහිරි මතකයන් නම් වූ පපුවේ ඇනුනු කිනිස්ස අතගාමින් තව තවත් වේදනා විඳිනව නොවේදැයි අසා ගනිමින් . . .

“ඇත්තෙන්ම ඇයි මේ මෙච්චර ලස්සන කොල්ලෝ . . . සල්ලි කාරයෝ කියල හිතන්න පුලුවන් කොල්ලෝ ඉන්නැද්දී ඔයා මට කැමති වුනේ . . . “ මම අහුවේ කාලයක් අහන්න ඕන කියල හිතේ තද කරගෙන උන්නු ප්‍රශ්නයක් . . .

“ඔයා පුංචියට හිටියට ඉස්සරහ පේලිවල කෙල්ලෝ ඔක්කොමල්ලාව කටින් බය කරගෙන ඉන්නවා දැක්කාම මට ඔයාව කොහොමටවත් පුංචියට පෙනුනේ නෑ . . .”

“එහෙව් චන්ඩියා එදා මම බැනපු වෙලාවේ මොකුත් නොකියා බ්‍රාන්ත වෙලා හිටපු හැටි මතක් වෙන හැම මොහොතකම මට දැනුනේ මම මහා ලොකු මෝඩකමක් කලා කියලයි . . . මම අවස්තාවක් බල බල හිටියේ ඔයා එක්ක සාමදාන වෙන්න යි . . ඒත් කරුමෙකට මගේ කටින් පිට වුනේ සැර වචන . . . . එදා ඉඳන් මම ඔයා ලඟ ඕනම විදිහක ලැජ්ජාවකට පත් වෙන්න හිතුවා . . .”

“ඒකයි මම ඔයාගේ පස්සෙන් පන්න පන්න ඇවිත් බලෙන්ම වගේ මගේ ඔටෝ එක දුන්නේ . . . “

වෙන්වීමක් ගැන මීට මොහොතකට කලින් කතාකරපු වගක් වත් . . . ඒ කතාවෙන් දෙදෙනාගේ ම හිත් පෑරුනු වගක් වත් නැතුව . . . අපි දෙන්නාම එදා . . . අපි හරියටම මුනගැහුනු දවස ගැන එක වරම සිතන්න ගත්තේ මුහුනෙන් මැකී නොයන සිනාවකුත් රඳවාගෙනම . . . ! !

මතු සම්බන්ධයි . . .

16 comments:

  1. නියමයි දුකා අයියෙ...

    ReplyDelete
  2. දිගටම ලියන්න අයියා. මගේ සුභ පැතුම්

    ReplyDelete
  3. හිරන්‍යOctober 8, 2009 at 8:35 AM

    නියම කතාවක් අය්යේ.... ලියන්න ලියන්න අපි කියවන්න බලන් ඉන්නවා.....

    ReplyDelete
  4. මට කියන්න වචන නැති තරම්...නියමයි අයියෙ කුතුහලය තාමත හිතතුල තියාගෙන ලබන බ්‍රහස්පතින්ද වෙනකම් ඉන්නම්...

    ReplyDelete
  5. ලෝබ නැතුව හොදයි කියල නම් කියනවා දුකා අය්යේ කතාව...එත් ප්‍රශ්නයක්..නිනෙශ් මෙච්චර දුකෙන් ඉන්නව නම් ඉමා කොච්චර දුකෙන් ඇතිද?

    ReplyDelete
  6. ස්තූතියි හැම දෙනාටම . ..

    ReplyDelete
  7. @ පොඩි මහත්තයා !
    අනේ ඔව් පොඩි මහත්තයෝ . . . කතාවේ ඊලඟ කොටස තාම මගේ කටු සටහන් කොල වල නිසා අනිත් බ්‍රහස්පතින්දා වෙනකම් ඉන්නම වෙයි වගේ . . .

    ReplyDelete
  8. @ Little Star-මධු !
    ම් ම් ම් ඔයාගේ ප්‍රශ්නෙට පිලිතුරු දුන්නොත් . . . කතාවේ ඉස්සරහ ලියවෙන කෑල්ලක් කියල කුතුහලය නැති කලා වගේ වෙයි කියල හිතෙනවා . . . රැඳී ඉන්න්කෝ . . . ඔක්කොම ප්‍රශ්න වලට පිලිතුරු ඉක්මනට ලැබේවී . . . .

    ReplyDelete
  9. නියමයි දුකා අයියා......

    ඔයාගෙ දස් කම් ගැන අපිට හරි සතුටුයි.........

    gg

    ReplyDelete
  10. @ Anonymous gg !
    ස්තූතියි . . . මගේ දස්කම් වලට ඔබ හැමදෙනාගේ සහයෝගය ලැබුනු බවත් කිව යුතුයි . . එයටත් ඔබ සැමට තූති . . .

    ReplyDelete
  11. දුකා...


    අනර්ඝයි.....කියන්න වචන නැහැ..වචන දෙකක් නැහැ...හොඳ නවකතාවක් වේවි..

    ඔබට ජය...!

    සුලා....

    ReplyDelete
  12. @ Anonymous සුලා !

    සුලා . . එක ඉල්ලීමක් . . . පුලුවන් නම් මූනු පොත හරහා . . අපිට පොඩි කතාබහක් කරන්න (චැට් එකක් දාන්න ) . . . පුලුවන් නම් . . මම හිතනවා මට ඔබේන් අහන්න දේවල් ගොඩක් තියෙයි කියලා මගේ ලිවීම දියුනු කර ගැනීම සම්බන්ධව . . . හැකිනම් පමනක් . . . .

    ReplyDelete
  13. Thilini JasinarachchiOctober 12, 2009 at 10:30 AM

    ෂා..........,කියන්න බැරිතරමට රසවත්, ඔයාගේ කලා හැකියාවන් තව තව දියුනු වෙවා! පතනවා

    ReplyDelete
  14. @ Thilini Jasinarachchi !
    ස්තූතියි තිලිණි . . .

    ReplyDelete
  15. @ Supun Budhajeewa!
    ස්තූතියි මලේ . .

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails