Thursday, January 27, 2011

අපි හැම දෙනාම එක්වෙමු - ඉලන්දාරියාට උදව්වෙමු.



සති අන්තේ හවස් වරුවක රුවන්, ලක්මාල් චමිල් එක්ක අඩියක් ගහන්න සෙට් වුනා.

රුවන්: “මාර ගං වතුරක්ලු නේද මේ අවුරුද්ද මුලදීම ලංකාවේ”

මම: ඔව් නේ බන්. අවුරුද්ද මුල නම් අපිටත් අබුඩබි හිටියත් සුනාමි වගේ තමයි.

චමිල්: ඒ මොකෝ:

මම: ඇයි බන් ගෙවල් බදු ඔප්පු අලුත් කරන්න, වාහන රෙජිස්ටර් කරන්න, ළමයි ඉස්කෝලේ දාන්න, ගෙවල් වල අයටත් එක එක දේවල් වලට සල්ලි යවන්න ඉතිං සුනාමි වගේ තමයි.

රුවන්: අපි මොනා හරි කරමු නේද?

මම: හදන්න කලින් දෙතුන්පාර විවෘත කරපු වරායේ උත්සව වලට මහජන මුදල් කෝටි ගනන් නාස්ති කරන, රට රටවල යනකොට හැත්ත බුරුත්ත ඔක්කෝම අරන් ගිහින් මහජන මුදල් කෝටි ගනන් නාස්ති කරන, ඇමතිලට මන්ත්‍රීලට ප්‍රාඩෝ පැජරෝ ගන්න මහජන මුදල් වියදම් කරන ආන්ඩුව ගං වතුරෙන් අසරණ වුනු මිනිස්සුන්ට මොනව කරයිද කියලා මිනිස්සුන්ට දැන් තේරෙයි නේද බන්. ඒත් ඉතිං එහෙම කියලා අපිට මොකුත් ම නොකර ඉන්නත් බෑ නේ.

ලක්මාල්: මම සති දෙකකින් නිවාඩු යනවා. අපි ගං වතුරෙන් අනාථ වුනු අයට මොනා හරි යවමු. මම පෙට්ටියක් දාන්නම්. වර්ණ අයියත් එක්ක ගිහින් ඒවා බෙදලා දෙන්න ඇරේන්ජ් කර ගන්නත් මට පුලුවන්.

. . . .

දරු පවුල් පවුල් කාරයිනට සුනාමි වගේ කාලයක් කියලා දන්න නිසා වැඩි දෙනෙක්ට කරදර නොකර ඉන්න හිතුවා. මනෝජ්, ජනක, දමිත්, ලලන්ත මල්ලිලට විතරක් කිව්වා. මනෝජ් මල්ලී සනුර, සමීර, ඩිලංක මල්ලිලටත් කියලා කට්ටිය ජනකටයි මටයිම පැවරුවා යවන්න ඕන දේවල් ගන්න වැඩේ.

අද ලක්මාල් පෙට්ටිය දාන නිසා ඊයේ අබුඩාබි මෝල් ගිහින් බ්ලැන්කට්, තුවා, ගෑනු පිරිමි යට ඇඳුම්, උඩ ඇඳුම්, කාන්තා සනීපාරක්ශක තුවා, පොඩි ළමයින්ට ඇඳුම් අරගෙන එන ගමන් තිසාට කෝල් කලා.

“මචං දුකා අර ඉලන්දාරියා බ්ලොග් එක ලියන මල්ලී පෝස්ට් එකක් දාලා තියෙනවා ගෙදර ගිහින් හෙමීට කියවපන්”

ගෙදරට ගොඩ උනු ගමන් නදීෂා කිව්වෙත් “අනේ අර ඉලන්දාරියා බ්ලොග් එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා. අපිත් උදව් කරමු ඒ ළමයට” කියලායි.

ඇඳුම් මාරු නොකරම පෝස්ට් එක කියෙව්වා.

මේ තියෙන්නේ ඒ පෝස්ට් එක

ඒ මල්ලිගේ ෆේස් බුක් එකවුන්ට් එක බැලුවා. කොල්ලා සිල්වෙස්ටර් ගිය එකෙක්.

නදීෂාගේ මල්ලී හෂිත තව උන් ටිකක් එක්ක සෙට් වෙලා ලඟදී මෙහේ U.A.E. ඉන්න සිල්වෙස්ටර් කොල්ලෝ එකතු කරලා ගෙට්ටුවක් තිබ්බ බව මතක් උනා.

ඌටයි මම දන්න අනෙක් සිල්වෙසටර් කොල්ලො ටිකට (මනෝජ්, ජනක, රොෂාන්, චරිත්ල දෙන්නා) ඉලන්දාරියා බ්ලොග් එකේ ලින්ක් එකයි දිලුම් මල්ලිගේ ෆේස්බුක් එකේ ලින්ක් එකයි යවලා කෝල් කලා හෂිතට.

“මල්ලී මම දැන් උඹට මෙසේජ් එකක් එව්වා උඹලගේ ඉස්කොලේ කොල්ලෙක්ට උදව්වක් ඕන වෙලා”

“හරි මොනවද කෙරෙන්න ඕන”

“ඒ දෙක කියවලා බලලා හිටපන්. අපි පස්සේ කතා කරමු මොකද්ද කරන්න පුලුවන් කියලා”

. . . . . . .

උදේම දුමියත් කෝල් කරලා කිව්වා මචං අපි සෙට් වෙලා මේ වැඩේ කරමු කියලා.

ඔෆිස් ආව ගමන් ජනක මල්ල්යි මමයි කතා වුනා මොකද කරන්නේ කියලා.

"ලක්ෂ 30ක් කියන්නේ එකෙක් 5,000ක් දැම්මොත් 600ක්"

"හැම දෙනාටම 5,000 ගානේ දාන්න පුලුවන් වෙයිද අයියා. අනික 600 දෙනෙක් හොයන එක"

"තිසාත් ගානක් යවනවා කිව්වා. මමත් ගානක් යවනව. දුමියා, පුතා, ඩීන්

"එහෙම නෙමෙයි අයියේ. එක එක්කෙනා ඒ ළමයගේ එකවුන්ට් එකට ගානක් දාන එකට වැඩිය යමක් කරන්න හිතමු"

"ඇත්ත තමයි. අපි පත්තරේ ලිපියක් දැකලා ඔපරේෂන් එකකට සල්ලි යවන සීන් එකකට වැඩි දෙයක් මෙතනෙ තියෙනවනේ.”

“ඒක හරි”

“එහෙම පත්තරේක ලිපියක් දැක්කාම අපිට දැනෙනවා අපි ඒ වෙනුවෙන් යමක් කල යුතුයි කියලා. සමහර වෙලාවට අපිට ෂුවර් නෑ ඒ ළමයා ඔය කියන ඔපරේෂන් එකෙන් පස්සේ ජීවත් වෙයිද කියලා. ඒත් අපි ගානක් එකතු කරල යවලා අපේ යුතුකම අපි කලා කියලා හිත හදා ගන්නවා”

“මේ සීන් එකේදි ඊට වඩා දෙයක් කරන ඕන අයියේ”

“ඔව් අපි මේ ලමයව බ්ලොග් එක හරහා පුද්ගලිකව දන්නවා. එයා දක්ෂ දරුවෙක් කියලා දන්නවා. මේ ලක්ෂ තිහේ උපකරණේ ෆික්ස් කලාම ඒ ළමයට සනීප වෙනවා කියලා හොඳටම දන්නවා. ඔව් ජනක මල්ලී ඒක නිසා මේ සීන් එකට අපි, අපිට හැකි අකාරයට වඩා යමක් කරන්න ඕන”

“අන්න හරි අපි මේ දිලුම් ගේ එකවුන්ට් එකට රුපියල් 500ක් දාහක් දාලා ඔන්න අපේ යුතුකම අපි ඉටුකලා කියලා මඟහරින්නේ නැතුව දිලුම්ව සම්පූර්ණයෙන් සනීප කර ගන්න කම් සංවිධානය වෙලා ඒක කරමු”

“ඔව් එකතු වුනොත්, සංවිධානය වුනොත් මේක ඇත්තෙන්ම පහසු වැඩක් වෙයි. කරන්න පුලුවන් තරමට වඩා කරන්න උත්සාහ කරමු කිව්වහම මතක් උනේ ඉස්සර දහම් පාසල් අරමුදලට අපි ගෙදරින් රුපියල් 10ක් ගෙනිහින් දීලා නිකම් ඉන්නේ නෑ නේ. කොටු පුරවලා, කොඩි දිනයක් තියලා කැටවලට සල්ලි එකතු කරනවනේ”

“දැන් ඔයාලගේ බ්ලොග් ලියන කියවන ඩුබායි අබුඩාබි ඉන්න කට්ටිය ඉන්නවා. වෙන රටවල් වල අය ඉන්නවා. අපේ සිල්වෙස්ටර් එකේ මෙහේ ඉන්න අයට කියන්න පුලුවන්, යූ කේ සිල්වෙස්ටර් සෙට් එකක් ඉන්නවා. ඔස්ට්‍රේලියා වල සිල්වෙස්ටර් සෙට් එකක් ඉන්නවා.”

“තව ලංකාවේ බ්ලොග් ලියන සෙට් එක ඉන්නවා. ගූගල් බස් සංගමේ කට්ටිය ඉනන්වා. දිලුම්ගේ පවුලේ අය ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, එයාහේ ලඟම හිතවතුන් ඉන්නවා. ඊට අමතරව ජනාධිපති අරමුදලෙනුත් ගානක් දෙනවා මම හිතන්නේ”

“මේ ඔක්කෝම එකතු වුනොත් ඔය වැඩේ හරිම සුලු දෙයක් වෙයි අයියේ. අපිට බැරි වෙයිද දිලුම්ට අධාර පිනිස කියලා මෙහේ සංගීත සැඳෑවක් තියලා ෆුන්ඩ්‍රයිස් කරන්න”

“ඇත්ත තමයි අපි කීය කීය හරි දාන එකට වැඩිය අපි හමෝම එකතු වෙලා කලොත් සෑහෙන ගානක් එකතු කර ගන්න පුලුවන් වෙයි”

“බ්ලොග් ලියන කියවන අය ඔක්කෝටම ගොඩක් කනෙක්ෂන් තියෙන අයගේ. අපිට පුලුවන් වෙයි සල්ලි වලට නැතුව මානුශිකත්වය සලකලා ගීත ගයන ගායක ගායිකාවෝ ටිකක් සෙට් කර ගන්න”

“ඔව් දුමියලගේ බෑන්ඩ් එකට පුලුවන් සංගීතය සපයන්න. අනික දුමියගේ ගම හාමිනේ සංගීත විශාරදනේ එයාටත් කනෙක්ෂන් තියෙනව මම හිතන්නේ”

“ලංකාවේ බ්ලොග් ලියන අයටත් පුලුවන් නේද ඒ වගේ දෙයක් ඕගනයිස් කරන්න”

“ඔව් මරේ, වැප්, මාරයා, රචියා, සුදාරක, ඇන්ෂු, චමිල, මලිය, හරේෂ්, සඳුන්, ලසිතය, ලිෂාන්, හසිත් ප්‍රසංග, සචී, හෂිත, ඩෝසා, නීනු, ඩීප්ස්, කනියා, පහන්, කාලිංග, තිලිණ, ඉන්දරේ, බනියා, යෝගියා, රවා, හරී, රන්දිකා, තනෝජා, නලින්, ජනිතා, අභියා, බුද්ධි, දිල්ශාරා, අනුරාධ, පසන්, මාරයා, රේවන්, විෂ්මි, වත්සලා, පබලු , පිනි පලස, කලිකාල, පූසෝ සෙට් එක, හසී පවුල, තරිඳු, බුධාජීව, රත්ගමයා, තමිර, වත්සලා, නුවන්, සඳරු, වගේ අයට එහෙම පුලුවන් වෙයි ඕගනයිසින් වැඩ බාර ගෙන බෙදල දෙන්න”

“තවපැතුම්ට එහෙම පුලුවන් එයා ලියන පත්තරෙන් එහෙමත් හෙල්ප් එකක් අරන් දෙන්න. රංග, ප්‍රදීප් කොටුවේගෙදර, කොට ජීවිතේ, පාසල් චාමි, එහෙනම්ත් එයාලගේ ෆුල් සපෝර්ට් එක දෙයි”

“බස් ග්‍රූප් එකකුත් ඉනන්ව නේද අයියේ”

“ඔව් එයාලත් බ්ලොග් ලියන අයම තමයි. කුෂාන්, ෆා, ජේඩී, සෝරෝ, නිෂ්, සිරකරුවා, හා පැටික්කි, සෝඩා ගුණේ, සුදු හංසි, චානිකා ඉන්දීවරි, එතනත් ඉනන්ව හෙන සෙට් එකක්”

“බයිස්කෝප් සෙට් එක"

“අහ් ඔව් ඉසිර, වාසල, සරදියෙල්, රොයිලි තව ඉන්නව කට්ටිය”

“පිට රටවල් වල ඉන්න අය කවුද”

“කතන්දර, අරුණි, රංගි, චානක, පොඩි කුමාරිහාමි, චේජනා, දිනේෂ්, ගීත්, කමලිකා, ඉංදික, වැම්පයර්, හෙලයා, ඉශාර, ඇන්ත්‍රැක්ස්, පාලිත, බන්දුල රුවන්පුර, ඔබ්සර්වර්, සුලා, රොකියා, තිසා, දුමී, මම, ඩීන්, සුදම්, ඉසිඹුව, පුතා ඔක්කෝගෙම නම් මතක් වෙන්නෙත් නෑ අප්පා”

"තව රාමචන්ද්‍ර, ශාන්, බියෝන්ඩ් ෆ්‍රේම්, ටැබූ, බූන්දි, තිසර, වගේ අයටත් කියන්න පුලුවන් උදව් කරන්න කියලා “

"ඔය තියෙන්නෙ . . මේ ඔක්කෝම අය සෙට් වුනොත් අනිවාර්‍යෙන් මේ වැඩේ පහසුවෙන් කරන්න පුල්වුන් අයියේ.

කොහොමද කරන්නේ.
1. ඉලන්දාරියා (දිලුම්) ව නිතර ටච් එකේ තියා ගන්න ඕන.

2. සංන්විධාන කටයුතු සඳහා මට මඟ හැරුනු ඔබට මතක අයගේ නම් සඳහන් කරන්න.

3. සංන්විධාන කටයුතු සඳහා ග්‍රූප්ස් කීපයක් සෑදිය යුතුය.

4. එක එක ග්‍රූප් එකෙ අය කතා වෙමු අපි මොන වගේ දෙයක් ද ෆන්ඩ්‍රයිස් කරන්න කරන්නේ කියලා.

5. සංගීත සැඳෑවක් වගේ කරනවනම් අධාර පිනිස ගීත ගයන්න වාදනය කරන්න කමති දන්න කියන අය ගන අනිත් අය දනුවත් කරන්න.

6. මෙතනින් බලන්න පුලුවන් දිලුම් මල්ලිට සවි කල යුතු උපකරණයේ විස්තර. මෙඩිකල් ෆීල්ඩ් එකේ දැනීම තියෙන අය මේ උපකරණයට අදේෂක හොයලා අප දැනුවත් කරන්න. මාර්කටින් ගැන අත්දැකීම් තියෙන අය මෙය මිලදී ගැනීම සඳහා මිල ගනන් ගැන සොයා බලන්න.

7. මෙයට අමතරව මේ වැඩේ සාර්ථකව ඉටුකර ගනීම වෙනුවෙන් කල හැකියි කියා ඔබට සිතෙන දේවල් ලියන්න.

අපි සියලු දෙනා එකතු වී මේ දක්ෂ දරුවාට ඔහුගේ නැති වූ ශ්‍රවණ ශක්තිය ලබා දෙමු.

. . . . .

කමලිකා කියලා තිබුනා ඉලන්දාරියගේ බ්ලොග් එක ලෝඩ් වෙන්නේ නෑ කියලා. ඒ නිසා ඒ පෝස්ට් එකේ තිබුනු ටික මෙතන දාන්න හිතුවා.

~~නිහඩ ලොව බිදින්න~~

මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.

එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්‍යමාන හස්තයට මම නතුවෙලා.

යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා.ඒ අතර තුරදී මට ලංකාවෙ ප්‍රසිද්ද රෑපවාහීනි වැඩසටහන් ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා...

මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ්‍ය පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්‍යක්ෂනය, නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. ඒ වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්‍යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් ඒ තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්‍යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් ඒ සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.

හිටි හැටියෙම මගේ එක කනක ශ්‍රවනය දුර්වල උනා. ඒ එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්‍රවණතත්වය පහල යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්‍රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.

මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්‍රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද්‍ය වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.

ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්‍රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන් මාහට ශ්‍රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්‍ය නිගමනයයි. ඒසදහා අවශ්‍ය කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...

මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ‘ඉලන්දාරියා’බ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී.

මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. ඒ වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.

ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා ඒ සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.
ස්තුතියි!.
විමසිම්
0772332071
0718050116
facebook :

D.M.D.T.B. දිසානායක
බෑංකු ගිනුම් අංක 71408612
(ලංකා බෑංකුව මාතලේ )



94 comments:

  1. උපරිම සහයෝගය අපේ ආදරණීය බ්ලොග් මිතුරාට ලබා දීමට සුදානම්..

    ReplyDelete
  2. we will do it. We must...

    ReplyDelete
  3. දුකා අයියේ. මේවා තමයි වැඩ..මේ වැඩේ පටන් ගන්න කොට අපි හිතුවේ නැහැ මේ තරම් ලොකු වැඩක් අපිට කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් දුකා අයියගේ මේ පොස්ට් එක දැක්කහම කියන්න බැරි තරම් සතුටක් ඇති වුනේ.....පුදුමු කික් එකක් අවේ...ඇගේ මයිල් කෙලින් වෙන රත් වුන ලේ දහරාවක් ඇග දිගේ දුවන්න ගත්තේ. අපි තනි වෙලා නැහැ..ඉලංදාරියා තනි වෙලා නැහැ....දුකා අයියේ අපි සයිබර් අවකාශය ඔස්සේ ගොඩනගාගත්තු මිතු දමට නව අරුතක් දෙමු...සයිබර් අවකාශයෙන් අලුත් වැඩක් කරමු. අපි එකතු වෙලා ඉලංදාරියාව ගොඩදා ගමු.

    ReplyDelete
  4. දුකා! මචං මාත් මේ මල්ලියාගේ බ්ලොග් කීපයක් කියවලා තියෙනවා.. ඔහු සැබෑ දක්ෂයෙක්. එහෙම නූනත් ඔහු අපි වගේම හිටපු මනුස්සයෙක්. උඹට බොහොම පිං මේ ගැන අපිව දැනුවත් කලාට. මාත් පුළුවන් මට්ටමින් සහයෝගය දෙන්න සූදානම්..

    ReplyDelete
  5. kese hoo me kollawa goda damiya yuthuyi..!

    ReplyDelete
  6. පෝස්ට් එක දාල අනිත් පැත්තට මූනු පොතට ගිය ගමන් බුරෙන්තිනෝ කියලා කමෙන්ට් කරන සහෝදරයා අහලා එවලා

    "මචන් යූ කේ වල ෆන්ඩ්ස් කලෙක්ට් කරන්න එකාගේ කන්ටෑක්ට්ස් දීපන් කියලා"

    ඇත්තෙන්ම මට පුදුම සතුටක් දනුනේ.

    මම හිතන්නේ යූ කේ වල ඕගනයිසර් වැඩේට බුරෙන්තිනෝ තමයි හොඳම කෙනා.

    බන්දුල රුවන්පුර අයියටයි ඇන්ත්‍රැක්ස්ටයිත් පනිවිඩේ දෙන්න ඕන.

    තව එහේ ඉන්න දන්න කියන අය කියන්න.

    ReplyDelete
  7. ඕන වැඩකට අපිත් එවරෙඩි

    ReplyDelete
  8. හොඳ වැඩක්. ආධාර දීමට සතුටුයි. නිර්නාමිකව ලබා දිය හැකි ආකාරයක් දන්වන්න. (නැතිනම් දුකාගේ ගිනුම් අංකය කීවොත් මා එවන්නම්.)

    සියළු බ්ලොග්කරුවන් එකට එකතු වී ආධාර කරන්නේ නම් වඩා හොඳය සිතනවා. වෙන් වෙන් වශයෙන් කරනවාට වඩා.

    - Taboo

    ReplyDelete
  9. අපිට මේව වැඩ නෙවෙයි දුකා අයියා . කිසිම ගේමක් නෑ අපිට සේරමලා එකතුවෙලා පුලුවන් විදිහට වැඩේ කරමු ..

    කොහොමද අපි ආධාර එවන්නේ ටැබූ කියනවා වගේ ඔයාගේ ගිනුම් අංකයවත් කියන්න. බොක්කෙන්ම සප් එක දෙන්න මම ඕන වෙලාවක රෙඩි..

    ජය වේවා !!

    ReplyDelete
  10. ඉලංන්දාරියා වෙනුවෙන් ඕන කට්ටක් කන්න ලැස්ති.. :) දුකා අයියේ මාත් ඉන්නවෝ... :)

    ReplyDelete
  11. ගිණුමට පිටරටවල ඉදලා කෙලින්ම මුදල් එවන්න පුලුවනි නේද?
    දැනට ගොඩක් රටවල ඉදලා මුදල් එවන්න පුලුවනි ගිණුම් අංකයයි, බැංකුව හා ශාඛාව වගේ විස්තර දුන්නම..
    මාතලේ BOC ශාඛා අංකය "68". මේ මාතලේ ප්‍රධාන ශාඛාවේ අංකය.
    වෙනත් සේවාවන් මගින් එවනවාට වඩා කෙලින්ම ගිනුමට මුදල් එවනවිට දිනයක් පමණ ප්‍රමාද විය හැකි වුවත් රස්තියාදු/ප්‍රශ්ණ වලින් තොරව පහසුවෙන් මුදල් ලබා ගත හැකියි..
    (මොකද අපි දකිනවා වෙනත් සේවාවන් වලින් මුදල් එවුවම බොහෝවිට එදිනම මුදල් ලැබුණත් ඒවා ලබා ගන්න ඒ පුද්ගලයින් හා කාර්ය මණ්ඩලය කෙතරම් කාලයක්/ ශ්‍රමයක් වැය කරනවාද කියා..)

    ReplyDelete
  12. මගේ එකවුන්ට් එකට එවන එක ප්‍රායෝගික නෑ.

    අපි කතාවෙලා පොඩි පොඩි Groups හදමු.

    ඒ අය ඒ Group එකේ අයට එකතු කරගන්න පුලුවන් උපරිම ගාන එකතු කරලා ඉලන්දාරියාගේ එකවුන්ට් එකට දාමු.

    ඉලන්දාරියාව ටච් එකේ තියාගෙන එකතුව බල බල මදි පාඩු ආපහු සෙට් වෙලා එකතු කරමු.

    එහෙම හොඳයි නේද?

    ReplyDelete
  13. මාත් කැමතියි උදව් කරන්න....අපි කතාකරමු. ආහ්හ් තව එකක්..අපේ බින්කුවා මේ විදිය එකක් නේද හයි කරගෙන ඉන්නේ?? එයාගෙන් ඇහුවොත් ෆස්ට් හෑන්ඩ් විස්තරම හොයා ගන්න පුළුවන් වේවි

    ReplyDelete
  14. ඔව් රොෂාන්

    පිටරට වල ඉන්න අයට පුලුවන් මේ වැඩේට එකතු වෙන්න කැමති එකම රටේ ඉන්න අය කතාවෙලා එක්කෙනෙක් සල්ලි එකතු කරලා කට්ටියගෙම සල්ලි එක්කෙනෙක් මෙහේ බෑන්ක් එකට ට්‍රාන්සර් කරන වැඩේ කරන්න.

    එතකොට ට්‍රාන්ස්ෆරින් වලට එක පාරකට විතරයි වැය වෙන්නේ. එක එක්කෙනාට යන ගානත් අධාර මුදලටම එකතු කරන්න පුලුවන්.

    ReplyDelete
  15. අද මගෙ සහ පැන්ඩි ගෙ ඇනිවර්සරිය.මම තාම ඉගෙන ගන්නව.ඒත් අපි දෙන්නම හිට්යෙ පොකට් මනි වලින් එකතු කරල ඇනිවර්සරි දවසෙ කොහේ හරි රවුමක් දාන්න.අද උදෙ මේ බ්ලොග් පොස්ට් එක දැක්කම මම පැන්ඩ්ට කතා කරල කිව්ව අපි දෙන්න මේ වෙනුවෙන් වියදම් කරන්න ඉන්න ටික මේ කොල්ලගෙ එකවුන්ට් එකට දාමු කියල.මුදලින් ඊට වඩා දෙයක් අපිට කරන්න අමාරුයි.ඒත් තව උත්සාහ කරන්න ඕනි.දුකා ට වුනත් ඕනි උදව්වක්..ඇත්තටම මම මේ විස්තරෙ කියෙව්වෙ මුලින්ම රත්ගම ගෙ බ්ලොග් එකෙ.මම මේ ඊට පස්සෙ ගිහින් බලන කං මට මේ ඉළන්දාරියගෙ ගෙ බ්ලොග් එක සෙට් වෙලත් නැනෙ.හොඳ කොල්ලෙක් වගේ

    ReplyDelete
  16. ඩීප්ස්
    ඔයා කියනකම් මතක් වුනේ ම නෑ.
    දැම්මම යවනවා මැසේජ් එකක් බින්කුට.

    ReplyDelete
  17. දුකා අයියේ මාත් මගේ ෆුල් සපොට් එක දෙනවා. මාත් මේ දවස් වල නිදහස්. සංවිධාන කටයුතු වලට උදව් වෙන්නත් කැමතියි.

    ReplyDelete
  18. I will make arrangements to make a direct deposit to BoC, Matale.

    ReplyDelete
  19. ටැබූ
    ඔබ තුමාටත් පුලුවන් එහෙනම් ඉලන්දාරියාගේ ලිපියේ තියෙන මාතලේ BOQ එකේ ගිනුම් අංකයට ඔබේ අධාර මුදල බැර කරන්න.

    ReplyDelete
  20. පැන්ඩා මළේ

    ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ (11වසරෙදි) මගේ හොඳම යාලුවෙක්ට ඉංග්‍රීසි බෑ.(මටත් බෑ තමයි .ඌට මට තරම්වත් බෑ)
    ක්ලාස් යන්න ඌට සල්ලි නෑ.

    මම කලේ ක්ලාස් යන දවස් වල දවල්ට කන්න කියලා ගෙදරින් සල්ලි ඉල්ලගෙන ඒ සල්ලිවලින් මොනව හරි පොඩි දෙයක් කාලා කොහොම හරි මාසෙකට රුපියල් 50ක් හදල දෙනවා ඌට ඉංග්‍රීසි ක්ලාස් යන්න.

    ඒ විදිහටම නැත්ත් ඔයාලටත් පුලුවන් යාලුවෝ එක්ක කතා කරලා සතියක පොකට් මනී එකතු කරලා ඉලන්දාරියගේ එකවුන්ට් එකට යවන්න.

    ඔය වයසෙදි එහෙම දේවල් කලාම මේ වයසට (මගේ වයසට)ආවම තමන්ට තමන් ගැන දැනෙන්නේ මාර සතුටක්

    ReplyDelete
  21. ප්‍රශ්නයක්? දුකාගේ වයස කීයද?

    Just joking mate.

    සිංහලෙන් කියනවා නම් අනිවා ඩෙෆා සපෝර්ට් එකක් දෙන්නම්.

    මාතලේ BoC - B.S.B Number (ශාකා අංකයත්) දුන්නොත් වැඩේ ලෙහෙසිය්.

    ReplyDelete
  22. ඔබ්සවර් සර්. .

    දුකා ඉපදුනේ 1973.

    වයස හදා ගන්ටෝ . .

    අහ් ඔක්කෝම විස්තර දාලා තියෙන්නේ

    ReplyDelete
  23. අයියා අපෙනුත් වෙන්න ඕනේ සප් එක දෙන්නම් , තාම ඉගෙනගන්න නිසා ඉහල අගහයක් දෙන්න අමාරුයි , නමුත් එකතු කර්පු මනි පොකට් සෙට් එක දාන්නම් ....

    ReplyDelete
  24. @Observer
    මාතලේ BOC ශාඛා අංකය "68". මේ මාතලේ ප්‍රධාන ශාඛාවේ අංකය.

    ReplyDelete
  25. අපි දෙන්නත් එකතු වෙනවා.

    ඉන්ටර්නෙට් පොලිසිය කියන්නෙ ඔන්ලයින් යාලුවෝ කවදාවත් හැබෑලෝකෙදී හමුවන්න එපා ඒක විහින් කරදරේවැටීමක් කියලයි. (විජය පරිගණක සඟරාව)

    ඒත් ඒක අපේ රටට වලංගු වෙන්නැ කියලා මේ සිද්ධියෙන් ආයෙත් තහවුරු වෙනවා. නැද්ද දුකා භයියා....

    ReplyDelete
  26. mama monawa kiyannada danna naha.mata account num 1 dapan machan mama support 1 aniwa dennam

    ReplyDelete
  27. දුකා අයියේ. කට්ටිය දැන්වත් කරන එක දැනටම අපි කරනවා. තව දවස් 2ක් 3ක් යනවිට බ්ලොග් අවකාශයේ මෙය නොදන්න කෙනෙක් නැති වෙයි. ඊට අමතරව දැන් කරන්නේ සයිබරයේ නැති මිතුරන් දැනුවත් කිරීම. විශ්වාස වන්ත අයට දැනටම මේල් යවනවා.
    මමත් මුලින් සිතා සිටියේ නිහඬව මුදලක් එම ගිණුමට දාන්න. ඒත් අයියගේ පොස්ට් එක බැලුවම හිතුනා අපට ඊට වඩා යමක් කරන්න පුළුවන් කියල. ඔව් අපි ඒක කරමු. අපිට ලොකු ශක්තියක් තියෙනවා.

    ReplyDelete
  28. මචං මං මේ රටේ සිංහලෙන් බ්ලොග් ලියන එකම එකා වෙච්චි! ඒත් උඹේ බ්ලොග් එක බලන බහරේන් ඉන්න වෙන ලාංකිකයො ඉන්නවවනං මේ නම්බරේට ( 36059980 )කෝල් එකක් දීපල්ල සෙට් වෙලා උදව්වක් කරන්න. එහෙම නැත්තං මට පුලුවං විදියෙට යමක් හතරවෙනිදට ( එන සිකුරාදට ) කෙරෙයි.

    ReplyDelete
  29. @දුකා,

    අපට වෙන වෙනම ආධාර කළ හැකියි. ගැටළුවක් නැහැ. නමුත් වැඩේ ලස්සනයි කාට හෝ මේක මධ්‍යගත කරලා කරන්ට පුළුවන් නම්. එතකොට අප එකතු කරන මුදල පැහැදිළිව පෙනෙනවා. ලොකු ගාණක් එකතු කර ගන්ට ලැබුණොත් කාටත් ආඩම්බරයක්. ඒ එක්කම අපේ ශක්තිය ගැන අපට හැඟීමක් එනවා.

    - Taboo

    ReplyDelete
  30. @ටැබූ
    අපිට බැරි වේවිද ගිණුමක් ආරම්භ කරන්න...අර රැස් කිරීමේ ගිණුම ද මොකක්ද එක...ඉස්කෝලේ සංගම් වලට එහෙම තියන ජාතියේ ඒවා... හැබැයි එහෙම එකක් අරින්න නම් මම දන්නා තරමින් ව්‍යවස්ථා එහෙම බැංකුවට දෙන්න ඕනේ

    ReplyDelete
  31. මේ වැඩපිලිවෙලට මමත් මට පුලුවන් උපරිම සහයෝගය දෙනවා. දන්න කියන හැමෝටම මේ ගැන දන්වලා මේල් එකක් දැම්මා. ඉක්මන් ප්‍රතිචාර ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. බලමු අපි හැමෝම එකතු වෙලා ලොකුශක්තියක් ගොඩනැගිල තියෙන නිසා අපිට මේ වැඩේ කරන්න පුලුවන්.

    ReplyDelete
  32. මේ වගේ වෙලාවක කරන්න බැරිනම් ආයෙ කවදාවත් කරන්න බැරි වෙයි... මාත් පුලුවන් උපරිමෙන් සප් එක දෙන්නම් මච්න්.... මේ වගේ හැමෝවම එකතු කරන්න උත්සහ කරන උඹට ගොඩක් පින්..

    ReplyDelete
  33. ඩීස්ප්ගේ මතක් කිරීම නිසා බින්කුට යවපු මැසේජ් එකට බින්කුගේ පිලිතුර මේ තියෙන්නේ . .

    Machan duko, sorry I haven't see either blog posts till now, thanks for sharing.

    I can help him much more than others. Sometimes sri lankan doctors recommend for cochlear implant and fantasy about those away from the reality too. Can you tell me a way to help him by donates.

    In other hand, if you can please include me to him so I can help him much better with my families knowledge ( FYI, Google on "Narada Savana Foundation". My grandmother has a foundation for deaf people in sri lanka. Even we provide free used hearing aids for certain people who are helpless. Tell him about me and ask him to contact me (I'm busy most of times due to high school, college and job).

    Glad to see that many people are willing to help him.

    ReplyDelete
  34. Narada 'Binku' Thomas No Porblem, at least he is in my shoe. So I know how he feels than any person who commented, and even more than his best friend and parents. I have helped before, let me do again this time too!

    But one thing, cochlear implant doesn't fix deafness. And there are some truths and facts he should know/see. So we all should make a group conversation in Skype. I'm serious, because I know some stuff in SL.

    Copy this whole conversation into a email and send to me, deeps, others (all those bloggers) and to him too. So we can make a conversation and I can give some ideas how things should happen. At least a good therapy and hearing aid till we college enough money.

    Email conversations is better. We can continue as long as long as others "reply all" of start a google group.

    ReplyDelete
  35. මට ඇත්තටම ඇඬුන දුකා අය්යා.. වෙන මොනවටවත් නෙමේ.....ඔයාලගෙන් උතුරා යන මනුස්සකම දැකල....වෙන කිසි දේකට කරන්න බැරි ගොඩක් දේ ඔය මනුස්සකම තුල කරන්න පුලුවන්....එදාට ඉලන්දාරිය ආපහු අපි හැමොමත් එක්ක සිනාසෙවි... කතා කරාවි... මාත් පුලුවන් උදව්වක් කරන්නම්.... එත් හිතේ හැටියට ලොකු දෙයක් කරන්න නම් බැරි වෙවි.... අපිත් අපේ යාලුවෙක්ව ජීවත් කරවන්න.. හෙට අනිද්ද පාරට බහින්න ලෑස්ති වෙලා ඉන්නෙ......

    ReplyDelete
  36. අපිත් ඉන්නවා සහායට, දුකෝ...

    ReplyDelete
  37. ඉළංදාරියගෙ බ්ලොගේටත් කලින්ම ගොඩ වැදුනා.සහය උපරිමයෙන් දුකා අයියා.

    ReplyDelete
  38. මම මේ කම්පනා කොලේ කොහොමද පොඩි හෙල්ප් එකක්වත් දෙන්නේ කියලා, බොරු කියන්නෙ මොකටද දායකත්වයක් දෙන්න තරං අපේ ගෙදර අය-වැය ශක්තිමත් නැතුවා. :( මාර කේස් එක තමා. :(

    ReplyDelete
  39. Dear Roshan Herath,
    Thank you very much,

    ReplyDelete
  40. අනිවා අයියා අපි එකතුවෙලා දෙයක් කරමු.. උපරිම සප් එක දෙන්නම්..

    ReplyDelete
  41. බුද්ධිගෙයි පැන්ඩා ගෙයි නාරදගෙයි කොමෙන්ට් එකතුවුනාම පෝස්ට් එක පරිපූර්ණයි...
    එච්චරයි...!
    පඩ ෂෝ නැතුව රුපියල් 100 හරි ඒ ළමයාගේ එකවුන්ට් එකට යවමු...
    පැන්ඩා ඇනිවසිරි මුදල ඒකට යවනවා...
    කතන්දර මහත්තයා ඔහු ඉතිරි කරගත් මුදලක් යවනවා...
    දුකා ඔහුගේ සංවිධාන ශක්තියෙන් උපරිම වැඩක් කරාවි...
    අන්න එහෙම වැඩේ කරමු...
    නැත්නම් සෝ තියෙයි... එකවුන්ට් එක බින්දුවක් වෙයි...!
    හිතන්නත් කථාකරන්නත් ගොඩාක් පුලුවන...
    වැඩේ කිරීම තමා වැදගත්ම...

    ReplyDelete
  42. අපිත් ඉන්නවා....එකතු වුනොත් මොනාද කරන්න බැරි මේ ලෝකේ....

    ReplyDelete
  43. මුදල් තැන්පත් කරන්න පුලුවන් ගිණුම් අංකය මොකද්ද? අපි එකතු වෙලා ඔහුගේ නිහඬ ලොව බිඳිමු.

    ReplyDelete
  44. තිස්ස අයියේ.. ඔබ හරි. සංවිධානාත්මක දෙයක් කෙරෙනකම් පුළුවන් හැටියකට යමක් කරමු..

    ReplyDelete
  45. පඩ ෂෝ ම නෙමෙයි තිසා.

    කිව්වත් වගේ දිලුම්ගේ එකවුන්ට් එකට ඉනීෂියලි තමන්ට හැකි ආධාරයක් කරන එක තමයි වඩා වැඩගත්.

    ඒත් ලක්ෂ තිහක් කියන ඉලක්කය ට ලඟා වෙන්න ඊට වඩා දෙයක් කල යුතුයි කියලයි මම නම් කියන්නේ.

    පලමු දේ විදිහට නාරද බින්කු මළයා එයාගේ ආච්චිගේ "නාරද සෙවන අරමුදලෙන්" දිලුම්ට උදව් කරන්න බින්කුට දිලුම්ව අඳුන්වාදෙන්න කියපු එකම පඩ ෂෝ එක ඉක්මවා ගිය සීන් එකක්නේ බන්.

    ඊයේ මම අනුරාධ මළයයි පූසා බබා මළයයි හසිත මළයයි එක්ක චැට් කලා මම ඇහුවේ සල්ලි එකතු කරන්න මූලික පියවරක් විදිහට අපිට කාර් වොශ් කැම්පේන් එකක් කරන්න බැරිද කියලා.

    ගූගල් බස් සීන් එක මම හරියටම දන්නේ නැති නිසා මම හිතන්නේ තිසා උඹ තමයි ඒ වැඩේට සුදුසුම කෙනා.

    සයිබර් අවකාෂයේ මිතුරු මිතුරියන් හැමෝම වගේ පුද්ගලිකවම උඹත් එක්ක ගොඩක් හිතවත් නිසා උඹට පුලුවන් නම් ඒ අයට මේ යෝජනාව දාලා වැඩේ කෙරෙන තැනට කටයුතු සලස්වලා ඒ එකතු වෙන මුදලක් දිලුම්ගේ එකවුන්ට් එකට දානකම් කෝඩිනේට් කරන්න එතකොට ඒක ඉලන්දාරියාට පිහිටවීමේ ආරම්භය විදිහට පටන් අරන් ඒ ළමයා සනීප වෙනකම් අපිට එකට එකතු වෙලා කරන්න පුලුවන් තරම් දේවල් කරන්න ඇහැක් නේද මචන්.

    ReplyDelete
  46. කෙනෙක්ට තව කෙනෙක් සිටිය යුතු මෙවැනි අවස්ථාවල නොසිටියිනම් අපෙන් කවර ඵලක්ද?

    ReplyDelete
  47. දුක්ස්: පුංචි පහේ දිගුවක්..
    අපි හැමෝටම තව තවත් වගකීම් යුතුකම් හා අර ආගන්තුකයා කීවා වාගේ තවත් මේ වාගේම කැපකිරීම් තියනවානේ මචෝ...
    ඉතින් එහෙම මිතුරන් අතරට දරාගන්න බැරි මට්ටමේ දේවල් දැම්මම සමහර විට ඉස්සරහට යන්න අමාරු වෙනවා... මූලික අරමුණත් බිඳ වැටෙනවා... ඔය ඕනෑවට වඩා ලකේට කරන්නේ නැතිව වියදම අඩුම දෙයක් කලොත් හොඳයි කියලයි මම හිතන්නේ, මොකද ඒ වියදමුත් අරකටම එකතු කරන්න පුලුවන් නිසා... මේ වෙලාවේ කාලයයි ශ්‍රමයයි හැමෝටම එක ලෙස යොදවන්න බෑ... නාරදගේ යෝජනාව නම් නම් ඉතාම වටිනවා.. ඒ අදහස් ඒ මල්ලිගෙ භාරකාරයන්ට ප්‍රයෝජනවත් වෙයි... අපි එයාට ඒවා යොමු කරමු, මමත් යවන්නම්...

    ඊලඟට උඹේ යෝජනාව... කාර් වොෂ් වැඩේ මට කෝර්ඩිනෙට් කරන්න බෑ මචං...

    ReplyDelete
  48. තිසා
    අර කාර් වොශ් සීන් එක කිව්වේ බන් ඒක වියදම අඩුම සීන් එකක් කියලා මම හිතපු නිසා.
    අවුලක් නෑ මචන්.
    හරි මම ඊයේ රෑ රංග එකක්ත් චැට් කලා.
    දැන් මරණේ එක්කත් කතා කලා.
    තාම එක දවසයිනේ බන්.
    එක දවසින් ඔක්කෝම කරන්න බෑනේ බන් ඇත්තනේ.
    පටන් අරන් හෙමීට කරමු.

    ReplyDelete
  49. බ්ලොග් කරුවෝ එකතු වෙලා වෙනම අරමුදලක් හදලා සල්ලි යවන වැඩේට වඩා තිසා කිව්ව වගේ ඒ එකවුන්ට් එකට පුලු පුලුවන් විදිහට සල්ලි යවන එක තමයි මම හිතන්නේ හොඳම වැඩේ.

    ඊට අමතරව කට්ටිය එකතු වෙලා සංවිධානය වෙලා මුදලක් එකතු කරන්න පුලුවන් නම් ඒ මුදලත් අර එකවුන්ට් එකට දැම්මා නම් හොඳයි.

    එකවුන්ට් නොම්මරේ අහපු අයගේ දැන ගැනීම පිනිසයි.
    ඉලන්දාරියාගේ ලිපිය මේ ලිපියේ පහල ඇති. එහි ඔහුගේ ගිනුම් අංකය හා ගිනුමේ විස්තරත් ඇත.

    ReplyDelete
  50. දුකා අයියෙ මම උබට මූනු පොතෙන් පනින්ඩයකුත් එව්වා. මම නම් ඔය හුඟක් දෙනෙක් පුද්ගලිකව දන්නෙ නැහ ඒත් මම ලබන සතියෙ ඉදන් මාස 2 ක් විතර ල්ංකාවෙ ඉන්න නිසා වැඩක් කෙරෙනවනම් පුලුවන් උදව්ව්වක් කරනවා.

    මම පුද්ගලිකව දන්න කිට්ටු කිහිප දෙනෙක්ටම උදේ මේල කරා උබෙයි ඉලංදාරියගෙයි බ්ලොග් ලින්ක් එක දාල.. මම එන්න කලින් යම් කිසි මුදලක් එකතු වෙයි කියල හිතනවා.. කියන්න බැහ ඉතින් මිනිස්සු ගැන.

    ඒ නැතත් මම ඉතින් මගේ හැකු ආකරයෙන් උදව්වක් කරනවා ඉලංදාරියට. උබ නොවෙන්න මම සද්ද නැතුව මුදලක් දාල ඉන්න තිබ්බ. ඒත් මේ පෝස්ට් එක නිසා කිහිප දෙනෙක්ටම මේ ගැන කියල උදව්වක් කරන්න පොල්බ ගන්න හිතුනා.

    තිස්ස අයිය කිව්ව එකත් හරි බන්.. අන්තිමට කිව්වට කී දෙනාද ඉතුරු වෙන්නෙ කියල උබ දන්නවනේ.

    ReplyDelete
  51. I will try to do my best. Plz tell him to send me an email with complete medical reports. englidh version. Iwill try to get any possible help by local onlus ppl or gov.
    Sorry gor commenting by eng cos i m on mobile.

    ReplyDelete
  52. මේ පෝස්ට් එකේ යටින්ම ගිණුම් අංකය තියනවා නේද..?? :-)

    ReplyDelete
  53. හම්.. ලොකු ‍ලොකු ගනන් වලින් බැරි උනත් පුලුවන් උපරිමෙන් උදව් කරන්නම්.. මේ වගේ වෙලාවක නැති මනුස්සකමෙන් ඇති වැඩේ මොකක්ද..

    ReplyDelete
  54. බැංකුවේ SWIFT CODE එක හොයල දෙන්න පුළුවන්ද ?

    ReplyDelete
  55. දුකා . . . .
    මම ඉලන්දාරියගෙ බ්ලොග් එක කියවල නෑ . . . . ඒත් මම මට පුලුවං විදිහට මොනව හරි කරන්නම්. ඊට අමතරව තව මොනව හරි බරට දෙයක් කරනව නම් . . . . කියන්න. . . . . අනිවා . . . . මම බහිනව . . .

    ReplyDelete
  56. චානක :
    SWIFT Address :
    BCEYLKLX

    පහල ලින්ක් එකේ ඇති වැඩිපුර විස්තර
    http://www.boc.lk/bochome/contact/contactus.jsp

    මගේ මරණය / පසන් මධුරංග ට අපගේ ස්තූතිය...

    ReplyDelete
  57. This comment has been removed by the author.

    ReplyDelete
  58. දුකා,මම ඇටාච්මන්ට් එකක් එක්ක email එකක් එව්වා ලැබුනද?

    ReplyDelete
  59. ඔනේ දෙයක් කියපං දුකා අයියේ..අපේ එකෙක් වෙනුවෙන් ඔනේ දෙකට අපි ඔට්ටුයි..!

    ReplyDelete
  60. ඊයේ (ජන 27) උදේ මුල්ම කාර්යය වූයේ "සොඳුරු සිත" ගෙනා "ඉලංදාරියා" ලියන මල්ලි ගැන වූ කණගාටුදායක පුවත කියවීම. කළ යුතු යමක් ගැන තීරණයකට ඇවිත් සිටියත් කෙලවරක් නැතිව බැට කාපු තවත් දවසක් විය. බ්ලොග් දිහා එන්න පුලුවන් වුනේත් හවස්වරුවේ.

    නැතිවී යන බොහෝ දේ ගැන අපි ලිව්වෙමු, කියවූ වෙමු. කම්පාවූ වාර අනන්තයි. අනේක වාරයක් වාද වී ඇති. ඒත් සහෘදයෙකුගේ අවශ්‍යතාවයකට පිහිට වෙන්න අත්වැල් බැඳගෙන ඉදිරිපත් වූ අකාරය දැක ඇතිවූ යේ වචනයෙන් කියන්න බැරිතරම් ගෞරවයක්, ආඩම්බරයක්. ඒ අප වටා ඉන්න පාඨක/රසික පිරිසත් සහෝදර බ්ලොග්කරුවන් ද කේන්ද්‍රකරගත් සිංහල බ්ලොග්කරණයේ ශක්තියයි. ඒ ශක්තියෙන් පිහිටවෙමු.

    කාසියට ලොකු ගස් වැටෙද්දී වදු කැලෑවලත් අපිට ආවේණික පැල ඉතිරිවී ඇති සැටි දකින්නේ අභිමානයකින්.

    ReplyDelete
  61. දුකා එක්ක ඊයෙ කතා කරාට පස්සෙ, මම මරේ, වැපා, අභීත එක්ක කතා කරා.අ පිත් සඳුද ඉඳන් වැඩේට බහිනව. අනිවා දුකා කිවුව වගේ one time නෙමේ. කොල්ල හොඳ වෙනකම් දිගටම බලාගමු

    ReplyDelete
  62. හ්ම්ම්ම්ම්ම්.... මං මෙතන ඉන්න පොඩිම කෙනා මං හිතන්නෙ. ලොකු අය මැද මට කියන්න ඩෙයක් ඉතුරු වෙලා නෑ මං හිතන්නෙ. මේක දැකපු ගමන් මං මුලින්ම කරෙ අපෙ අම්මට කතා කරලා මේ වෙලා තියන දේ කියපු එක. හ්ම්ම්ම්ම්.... මට දෙන්න පුල්වන් උපරිම ගාන මං දෙන්නන්(මගේ නෙවි අපෙ පවුලෙ අයගෙන් එකෞතු කරපුවා. මොකද මං තාම ඉගන ගන්න කෙනෙක්.) හිතනවා 5000කට වැඩි ගානක් දෙන්න පුලුවන් වෙයි කියලා. එ වගෙම මට වෙන විදියකින් උදවු කරන්න පුලුවන් නං මං එකත් කරනවා. අපෙ අය එකතු වෙලා කරන ඕනම දෙකට මාත් එනවා.. :) :)

    සයිබර් ලෝකෙදි පරිස්සන් වෙන්න කියලා හැමෝම කියනවා. දෙයියනෙ එත් මේ තරන් එකට එකතු උන, අපේම කියලා පවුලක් හැදෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ. අපේ පවුලෙ කෙනෙක් වෙනුවෙනුයි මේ හැම දේම.. අපි ඔයා එක්ක ඉන්නවා අයියා!!!!!!

    ReplyDelete
  63. ඉලන්දාරියා...උඹ බය නැතුව හිටහන්....පේනවනේ.....ඔය උඹ බ්ලොග් එකෙන් හම්බකරගත්තු දේවල්.........උඩ කොමෙන්ට් වල තියෙනවා උඹට ආදරේ කරන එවුන්ගේ සද්දේ...වැඩත් බලා ගන්න පුලුවන්..

    ReplyDelete
  64. අනිවා කරන්න පුලුවන් උපරිමය කරනවා. කාර් වොශ් වැඩේ හොදයි, ඒක ගැන අනෙක් අය එක්ක සංවිධානය කරන්නත් මං එකතු වෙනවා. මුදල් අතිත් යමක් කරනවා පෙබරවාරි මුල් සතියේ.

    ReplyDelete
  65. පුළුවන් තරම් මේ ගැන බ්ලොග්ස් වල ෆේස් බුක් වල දාමු.... අපේ යාළුවන්ගෙ යාළුවෙක් හරි උදව් කරන්න ඉදිරිපත් වුණොත් ලොකු දෙයක්නෙ...සිංහල වලින් බ්ලොග් ලියන එකෙක් නිසාම නෙවෙයි... ඒ අපේ සහෝදරයෙක් නිසා අපි කොහොම හරි උදව් කරමු... මම බලන්නම් කොහොමහරි පත්තරේට දා ගන්න....

    නීනු

    ReplyDelete
  66. පැන්ඩට හිතුන දෙයක් දුකා නේරංජි ඇතුලු හැමොටම. හරිද වැරදි ද මන්ද.මේ සිද්ධියේදි බ්ලොග් අවකාශෙ ඉන්න අපෙන් එළියට මේ සිද්ධිය ඉලන්දාරියට උදව් කරන බලාපොරොත්තුවෙන් එළියට ගෙනියන පබ්ලිශ් කරන හැම වෙලෙම අපි එහෙම කරන බව හා ඒ ගැන ඉළංදාරියා දැනුවත් කර අදහස් විමසීම කළ යුතු බව මගේ හැගීමයි..

    ReplyDelete
  67. සියළු තොරතුරු එක අඩවියකින් දැනගන්න හැකිනම් වඩා හොඳයි. ඒ අඩවියේ ලෝකෙ හැම පැත්තකින්ම මූලිකත්වය ගන්න අයගෙ ලිස්ට් එකක් දාන්න පුළුවන් නම් තවත් පහසුයි.
    ඇමෙරිකාවේ ඉන්න අයට අධික බැංකු ගාස්තු නොගෙවා මුදල් පරිත්‍යාග කරන්නට හැකියාව මෙතැනින් තියෙනවා.
    http://www.upulstravel.com/money-trans.htm

    ReplyDelete
  68. දුකා සහෝදරයා......
    අපේ ඉලන්දාරියා වෙනුවෙන් කරන ඔන වැඩක සංවිධාන කටයුතු වලට එකතු වෙන්න මටත් පුලුවන්. සංවිධායකයො ගැන විස්තර තිබ්බනම් පහසුවෙන්ම වැඩේ කරන්න පුලුවන්... විස්තර ටිකක් එවන්න. ඉලන්දාරියා සහෝදරයා වෙනුවෙන් කල හැකි උපරිමය කරනවා. සහතිකයි.

    ReplyDelete
  69. දුකා අයියේ අදහසක්...ගොඩක් අය පිට රටවල් වල ඉන්නවනේ... ඉතිං ලග එන නිදහස් දිනයදා ගොඩක් කට්ටිය තානාපති කාර්යාලවලට එකතු වෙනවා. එදාට ඒ එන අය හා තානාපති කාර්යාල දැනුවත් කරලා මොනව හරි දෙයක් කරන්න බැරිද?

    ReplyDelete
  70. උපරිම සහයෝගය අපේ ආදරණීය බ්ලොග් මිතුරාට ලබා දීමට සුදානම්.
    මේ පොස්ට් එක දැක්කේ දැන් පොඩ්ඩකට කලින් ! දුකා අයියා කියලා තියෙනවා වගේ අපි එකතු වෙලා මොනා හරි කරන්න බලමු ! මම දන්න අයට මේ ගැන කිව්වා මියුසික් ෆීල්ඩ් එකේ මට තියෙන කනෙක්ශන් එක්ක මම The Audio Lab Studios [ Nisal Gangodage අයියාගේ] වලට මේ ගන කිව්වා එයාලා කැමැති වුනා ආධාර පිණිස සංගීත සැදෑවක් කරන්න. කට්ටිය එක්ක කතා කරලා එයාලට කියන්න කිව්වා සම්පුර්ණ විස්තර [ සංගීත සැදෑවක් වගේ එකක් කරන්න අදහසක් එහෙම තියෙනවා නම්]

    ReplyDelete
  71. මාත් උදව්වක් දෙන්න කැමති :)

    ReplyDelete
  72. හැකි පමණින් උදවු කිරීමට එකතු වන්නට කැමතියි....... තාම ඉතින් ඉගෙන ගන්න දරුවෝ නිසා ලොකුවට නම් බැරි වෙයි.... ඒත් පුලුවන් උපරිමෙන් කරන්නම්........

    සහයෝගය දිය හැකි සෑම කටයුත්තකටම හැකි උපරිමෙන් සහයෝගය දෙන්නම්........

    ඇත්තටම අපි ජීවත් වෙන මේ සමාජය කොච්චර නම් වටිනවද....... දැකලවත් නැති හදවතින් බැදි අපි........ :)

    ReplyDelete
  73. අනිවා!කරන්න තියෙන දේ උපරිමෙන්ම කරමු.....කිසි ගින්නක් නෑ...ඕනෙම දේකට එවරෙඩි......

    ReplyDelete
  74. මේක බලන්න ටිකක් පරක්කු උනා... මේ දේට උදව් කරන්න මමත් ලෑස්තියි

    ReplyDelete
  75. ඔන්න මමත් ඉන්නව උදවුවට. ඇත්තටම පුදුම සතුටක් දැනෙනව. තවමත් ලංකාවෙ මිනිස්සු තමයි වැඩි... කෝටිපතියො නූනත් එකමුතු වුනොත් මේක බැරි නෑ. ජයෙන් ජය

    ReplyDelete
  76. උදව්වට අපිත් (ගෙදර අනිත් අයත් ඇතුළුව) එකතු වෙනවා. තාම ගොඩක් අය මේක ගැන දන්නෙ නැහැ. පුළුවන් තරම් අය මේ ගැන දැනුවත් කරන්න උත්සාහ කරමු.

    ReplyDelete
  77. This comment has been removed by the author.

    ReplyDelete
  78. I will also make arrangements to make a direct deposit.

    ReplyDelete
  79. අවශ්‍යයෙන්ම අපෙන් කෙරෙන්න ඕනි යුතුකමක් මේක. නිර්ණාමිකත්වය අගය කරන අය දීල තියන අංකයටම මුදල් තැන්පත් කරන්නත් , අනික් අය එකතුවෙලා යමක් කරන්නත් කටයුතු කරන එක හොඳයි කියලයි මට හිතෙන්නේ , තාම ගෙදරින් යැපෙන්නෙක් උනත් බුවත් පුලුවන් උපරිමයෙන් දායක වෙනව

    ඉගෙන ගන්න කටයුත් වල නිරත වෙල ඉන්න අය තමන්ගෙ පාසලේ/ විශ්ව විද්‍යාලයේ / අයතනයෙ යාලුවන් වත් දැනුවත් කරල යම් දායකත්වයක් ගන්න බලන්න රුපියලකින් දෙකකින් හරි කමක් නැහැ සමූහය්ක් එකතු උනොත් ඒක ලොකු මුදලක් බවට පත් වෙනව ,

    ReplyDelete
  80. අපෙනුත් හැම සහයක්ම!

    ReplyDelete
  81. මේ උදව්ව අපි, හැකි අයුරෙන් කරන්නම ඕනේ.

    ReplyDelete
  82. දුකා අයියා...ඕනම දේකට මමත් ඔට්ටුයි....කොහොමහරි ඉලංදාරියාට අස්සවමු......

    ReplyDelete
  83. අක්කණ්ඩියා මේ ගැන දන්නවද දන්නෙ නෑ. මේ දවස් වල සුඩානෙ ඉන්නව කිවුවෙ. සිංහල අකුරු නෑ කිවුවා.

    උදවු හොයා ගත හැකි ක්‍රම ගැන එයාටත් හොඳ දැනුමක් ඇති. එක්සත් ජාතීන්ගේ සංගමයෙ කෙනෙක්නෙ. අක්කණ්ඩියාව අඳුරන කෙනෙක් එයාගෙ කනටත් මේක යවන්න

    ReplyDelete
  84. ඕං මාත් වැඩේ ඇරේන්ජ් කොළා.. ! අපි වෙනුවෙන් අපි..!

    ReplyDelete
  85. ලබන ඉරිදා (2011.02.06) උදේ 9.00 ට රැස්වීමක් තියනවා. (ඉලංදාරියට උදව් වෙන්න) ස්ථානය ශ්‍රී දළදා මාලිගාවේ විශ්‍රාම ශාලාව. (මාලිගා පරිශ්‍රයට ඇතුල්වෙන්න අවශ්‍ය නෑ. මාලිගාවේ විශ්‍රාම ශාලාව තියෙන්නෙ මාලිගා පරිශ්‍රෙයන් එලියෙ.) නුවරට එන්න පුලුවන් අය එන්න. (තැන හොයාගන්න අපහසු නම් කෝල් කරන්න (0716861064)

    ReplyDelete
  86. මල්ලිලා සේරම එකතු වෙලා අර HeRo ව මරා ගෙන කන්න හැදුවට අන්තිමට ඌත් ඩොලර් 100ක් දීලා තියෙනවා මෙ සහෝදරයා වෙනුවෙන්...

    ReplyDelete
  87. ඉලංදාරියා සහෝදරයා එක්කවත් ඔයාල එක්කවත් කවදාවත් කතා කරල නැති උනාට, ඔයාලගේ ගොඩක් දෙනෙක්ගේ බ්ලොග් මම කියවල තියෙනවා.

    මමත් පුලුවන් විදියට උදව් කරන්නම්,මම දන්න ගොඩක් දෙනෙක්ට මේ ගැන කිව්වා,එයාලත් උදව් කරයි.

    ඉලංදාරියා සහෝට සනීප වෙනකන් මමත් ඔයාලත් එක්ක ඉන්නවා.

    ReplyDelete
  88. ඉලන්දාරියා වෙනුවෙන් මා හට අයත්
    http://www.seegiri.com
    http://www.seegiri.com/syndi/
    http://www.seegiri.org
    යන වෙබ් අඩවි වල දැන්වීම් පළ කර ඇති අතර මෙම කටයුත්ත සාර්ථකව කර ගැනීමට හැකිවේවායැයි ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  89. http://www.facebook.com/home.php#!/home.php?sk=group_151096061619876

    දිලුම් වෙනුවෙන් ෆේස්බූක් ග්‍රූප් එකක් මමත් හැදුවා. ඔයාලත් එකතු වෙන්න.

    සීගිරි වෙබ් අඩවියේ මුල් පිටුවේම පල කරන්න තරම් එහි නිර්මාතෘ තුමා කාරුණික උනා. ගොඩාක් පින් ඔබට.

    මේ හැම දෙයින්ම , හැම කෙනාගේම ඇපකැප වීමෙන් අපේ ඉලංදාරියාට ඉක්මන් සුවය ලබා ගැනීමට හැකිවේවා!

    ReplyDelete
  90. @ seegiri.com : ගොඩාක් ස්තුතියි ඔබගේ මේ සහයෝගයට.

    ReplyDelete
  91. ඇත්තටම දුකයි, දිලුම් සහෝදරයාට උනු දේට....

    ReplyDelete
  92. mama adayi me blogg satahana dakka.mata adena thrama sathutui(Adduna) ....thvamath api athre oyla vage yahapath sahodrayo innava dakkma...

    meeta passe mamath oyath ekka akathu venva
    budu saranyi
    Erandi

    ReplyDelete
  93. ප්‍රශ්නය: සෙට් වුනා බ්ලොග් පිටුවෙහි කොටස් සඳහා සියල්ල ගිහින් සංස්කරණය කරන්නේ කුමක්ද? Visit us Telkom University

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails