Thursday, October 8, 2009

අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ . . . ! !


පුද්ගලික ජීවිතේ එක්තරා සිදුවීමක් නිසා පියවරු ගැන ලිපියක් ලියන්න ඕන කියල මගේ හිත කෑ ගසා ඉල්ලා සිටියා. . .

මම කලින් ලිපියක ප්‍රතිචාරයකට පිලිතුරක් ලෙස තබපු සටහනකිනුත් මම කිව්වා අපේ සමාජය නාමිකව පීතෘමූලික උනාට . . . ප්‍රායෝගිකව නැතිනම් තත්වාකාරයෙන් . . . මාතෘ මූලික යි කියලා . . .

මේ වටහා ගැනීම එසේත් නොමැති නම් ඒ අදහස මුල්බැස ගැනීම තුල පියවරුත් බොහෝ විට උත්සාහ කරන්නේ දරුවන් කෙරෙහි තමාගේ ආදරේත් මව හරහාම දරුවාට පෙන්වන්න . . .

දරුවෙක් "තාත්තේ මට මේ පාර අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගොඩා. .අ . ක් අරන් දෙන්න හොඳේ . . " වගේ ඉල්ලීම් ඉදිරිපත් කරන ආකාරයට හෝ නැතිනම් . . . "අප්පච්චී මේ, මට අලුත් බෑග් එකක් අරන් දුන්නේ නැතිනම් ලබන සඳුදා ඉදන් මම ඉස්කෝලේ යන්නේ නෑ හරිද . . ?" ආකාරයට නියෝගයක් ලෙසට හෝ තමන්ගේ අවශ්‍යතා පියාණන්ට ඉදිරිපත් කිරීමේදී . . පියාත් (බොහෝ පවුල්වල මුදල් උපයන්නා පියා බැවින් . .) මුදල් උපයන්නා ඔහු වුවත් "මං දන්නේ නෑ . . අම්මගේන් අහල බලන්න . . " කියා දරුවාගේ අවශ්‍යතා ඉටුකරන නියම පුද්ගලයා තමා වුවත් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර දී ඒ වෙනුවෙන් දරුවාගේ සෙනෙහස, ආදරය නම්වූ ප්‍රතිලාභ ලබා ගැනීමට මවට ඉඩ කඩ සලසා දෙනවා . . .

දරුවාගේ හිතේ ඇතිවන්නේ "අපෝ අරූගෙන් ඉල්ලුවට මෙලෝ මගුලක් හම්බු වෙන්නෙ නෑ . . අම්මගෙන්ම ඉල්ලන්න ඕන . . " කියන හැඟීම නොවේද . . ? පියාගේ ගැඹුරු නිහඬ සෙනෙහසට වන්දි ලෙස ලැබෙන්නේ දරුවාගේ හිතේ ඇති වුනු කහට පැල්ලම පමනක් නොවේද . . ?

මව්වරු කීයෙන් කීදෙනෙක් "පුතා මේ . . . මම ඕක අරගෙන දුන්නට සල්ලි දුන්නේ නම් අප්පච්චියි . . . එක නිසා අප්පච්චිට කිස් එකක් දෙන්න මේක ඔයාට අරන් දෙන්න සල්ලි දුන්නට . . " ලෙස පියාගෙන් ඉටුවූ සේවය දරුවන් ලවා අගය කර වන්නට හෝ දරුවන්ට නියම තත්වය පිලිබඳ වැටහීමක් ලබා දෙන්නට උත්සාහ දරා තිබෙනවාද . . . ?

කුඩා කල සිට තමා ජීවත් වූ, ජීවත් වෙන . . තමාගේ ගෙදර පරිසරයේ සිදුවීම් සමඟ නිකමට සංසංදනය කර බලන්න . . . අතේ ඇඟිලි වලින් ගැන බලන්න අවස්ථා ගනන ගැන . . .

මේ තත්වයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස සමාජයේ බොහෝ අය සිතන්න පෙලඹිලා “මව්වරු පමනයි දරුවන්ට ආදරේ . . පියවරු දරුවන්ට ආදරේ නෑ” කියලා . . .

මවුගුණ ගී තරමට පිය ගුණ ගී ලියවිලා තිබෙනවාද . . . ?? පාසැල් මෑණියෝ කියනවා මිසක් කවදාවත් ඇසී තිබෙනවාද පාසැල් පියාණෝ කියනවා . . . ලංකා මාතා කියනවා මිසක් . . ලංකා පිතා කියනවද . . . මගේ මවු බස, මවු රට කියනවා මිසක පිය රට, පිය බස වගේ වචන අසා තිබෙනවාද . . . ?

දරුවෙක් ව දසමාසයක් කුසේ දරාගෙන නොසිටියාට . . . තමන්ගේ තනෙන් කිරි නොදුන්නාට . . . පිය සෙනෙහසට මව් සෙනෙහසට වැඩිය අඩු වටිනාකමක් . . අඩු තක්සේරුවක් ලබා දෙන්න . . . සමාජයේ අය පෙළඹිලා තියෙන්නේ . . . පියවරුන්ගේ අවාසනාවටම වෙන්න ඇති . . .

පියවරු ගැන පිය සෙනෙහස ගැන මගේ හිත සසලකල මේ අදහස් හා ලෝකයේ සියලුම පියවරු ගැන සිතේ ඇතිවුන වේදනාව සමනය කර ගනුවස් . . . පිය සෙනෙහේ ගැන ලියවුනු ගීත කිහිපයක පදමාලාත් මේ ඉහත කෙටි සටහනත් ලියා තැබීමට මා සිතුවා . . .



. . . . . . . . . . . . .. . . .

මුලු ලෝකයටම මා එපා වූවත් . . . නුඹට මා එපා නොවන බව මා දනිමි . . . ලෝකයේ කුරිරු කම් වලින් හිත රිදුනු මොහොතට . . . රිදුනු හිත සුවපත් කල හැකි ඔසු ඇත්තේ ඔබේ උනුසුම පිරුනු කැදැල්ලේ පමනක් කියත් මා දනිමි . . . ඔබට කිරුලු දරන්නට නොහැකි වූ ලොවේ ඔබේ මනසින් කිරුලු දැරුවේ දුක් මහන්සි වී ඔබ සරි කල මුදලින් මා ශිල්ප සතර හදාරා ඉහලට නගිනු බල බව ද මා දනිමි . . . එවන් වූ ඔබ මේ සංසාර සාගරේ මතු උපදින උපදින භවයක් පුරා මගේ ම පියාණෝ වේවා . . . ! !

මහා සාගරය තරම් වූ පිය සෙනෙහස පුතෙකු විසින් නිවරදිව හඳුනා ගත් එක් දුර්ලභ අවස්ථාවක් . . . ගීතය ගායනා කරන්නේ
අබේවර්ධන බාලසූරිය මහතා . .

පියාණනී මා නැවත උපන්නොත්

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ . . .
ඔබේ ම පුතු වේවා . . .
ඔබේ ම පුතු වේවා . . .

ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා . . . //
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ . . . .

පියාණනී මා . . .

හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොවම එරෙහි වී තනිවුනු මොහොතේ . . . //
ඔබේ පැලේ නැත දොරගුලු ලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියලෙන්නේ . . .

පියාණනී මා . . .

. . . . . . . . . . . .. . . . . . . . . . . ..

මව් ගුණ වෙනුවෙන් මවගේ දෙවුරින් දෑතින් අල්ලා මවගේ දෙපා නැමැද මුහුන සිඹ දොරින් නික්මෙන පුත . . . කුඩා කල මා ආදරයෙන් සිඹි එදා කිරි සුවඳ පිරුනු මුවින් හාදුවක් ඉල්ලා මගේ කම්මුල් කෑගසන හඬ නුඹට අසුනා නම් . . . මා දහදුක් විඳ සරි කල මුදලින් වැඩුනු නුඹගේ ශක්තිමත් දෑතේ පහස ලබන්නට මගේ උරහිස් කෑගසා කරන ඉල්ලීම නුඹට ඇසුනානම් . . . අනේ ඒ වාසනාව නොලැබීමට මා කල පව කිම . .. මූනිච්චාවට මගේ ලඟ දෙකට නොනැමී ආදරෙන් නුඹ මගේ පිට ටිකකට අතගා වත් පලයන් මා රත්තරං පුත . . ඒ ඇති මට . . . !

ගීතය ගයන්නේ ටී. එම්. ජයරත්න මහතා . . .

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් ඔබේ ලෝකය එලිය වුනී
රැකුමට පූතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලිය වුනා මදී

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ . .
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ . . .

මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ . . .

අම්මා සඳකි . . . .

. . . . . . . . . . . . . . . .

රෝස පෙත්තක් උඩ වහපු සමනල් පැටියෙක් වගේ අප්පච්චිගේ අතේ අපි සුරතල් වුනු කාලය අනේ අක්කන්ඩියේ මට නම් සිහිනෙන් දිව ගෑ සීනයක් වගේ . . . අම්මා අපට වැරදි වලට කෝටු පාර දුන්නත් . . . අප්පච්චිගේ සාගරයක් තරම් ආදරේ පිරුනු හිතට බෑ අපිට පොඩ්ඩක් වත් රිද්දවන්න . . අනේ එහෙව් අප්පච්චියි අම්මයි ලග තියාගෙන තේ වතුර උගුරක් පොවන්න අපිට වාසනාවක් නැතුව ගියානේ . . . ! අනේ ඇයි අපි හෙට වෙනකම් බලා හිටියේ ඔවුන් ගැන බලන්න . . . ඊයේ දවසේ අපිට යමක් කරන්න තිබුනානම් මේ හද රිදුම් දෙන වේදනාව නොලබන්න ඉඩ තිබුනා නොවේද . . ?

ගායනය මාලනී බුලත්සිංහල මහත්මිය . .

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ

ආ . . ආ . . ආ . . ආ . .

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
දහඩිය හෙලා මහ සාගරේ වගේ
ඔවදන් දෙවා අගන මුතු මැණික් වගේ
ඇති දැඩි කල අප සමනල පැටවු වගේ . .

ආ . . ආ . . ආ . . ආ . .

අක්කන්ඩියේ . . පොඩි කාලේ . . පොඩි කමට .. . //
කල වරදකට වත් තැලුවේ නැත අපට . .. //
සෙනෙහස තිබුනි උතුරා මහ මෙර උසට . . .
පියෙකුගෙ කඳුලු මුතු ඇට වුනු දරු පෙමට . .

ආ . . ආ . . ආ . . ආ . .

පියවරු සිටින දරුවන් හට තනි නැතුවා
මවුවරු සිටින දරුවන් හට තනි නැතුවා
මවුපිය වරුන් ඉර හඳ මෙන් ලඟ හිඳුවා
දරුවන් පාන හසරැලි අප හට නැතුවා

සෙනෙහස පුදා . . .

. . . . . . . . . . . . . . .

ඔහුගේ මුලු ජීවිතයම අපි යැයි සිතූ අප්පච්චී . . . ජීවිත කාලයම අපිට ඉහල නගින්න ඉනිමං තනා දී අපි ඉහලට නගිද්දී බිම සිට අපිට නොවැටෙන්න හයියෙන් ඒ ඉනිමඟ අල්ලා සිටි අප්පච්චී . . . ඉහලට නැගුනු පසු ඒ ඉනිමඟ දිගේ ඔබට උඩට එන්න අත දීම කෙසේ වෙතත්. . ඉනිමඟට පයින් ගසා අප බිම දැමුවත් . . . බිම සිට ම ඉහල සිටින අප දෙස නොත් නොපියා . . . ඔබේ උදව් අවැසි වෙන තෙක් බලා සිටින අප්පච්චී . . . අනේ ඔබ මියෑදෙන්න කලින් මේ දොලේ ගලා යන්නේ ඔබයි . . කෙතේ නිලට නිලේ දිදුලන නිල් ගොයමත් ඔබයි . . . මේ ගහ කොලින් හමා එන සුවදත් ඔබයි . . එහි පිපුනු මලුත් ගෙඩිත් ඔබයි . . කියා මට සිතුනේ . . . මගේ පෙර පිනකට නොවේද . . .??

ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහතා

අන්දර යායේ වැව් තාවල්ලේ

අන්දර යායේ වැව් තාවල්ලේ . .
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට . . කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට . . අප්පච්චී

වලාකුලේ දා බිඳු තවරා
මහ පොලොවට මහ වැසි ගෙනෙනා . . //
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පිතු සෙනෙහේ කඳුලැලි හලනා

අන්දර යායේ . .

තුරු හිස මුදුනේ මල් පලඳා
කැකුලු මුවට පල වල නෙලුවා . . . //
ඒදඬු මං බැද සත්කුලු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා

අන්දර යායේ . .

. . . . .

සුමුදු නානායක්කාරගේ කමෙන්ට් එක නිසා මතකය අළුත් වූ මේ ගීතයත් මෙතනටම එකතු කරමි.

"මට හමුවූ,පිය සෙනෙහස ගැන කියැවුනු අග්ර ඵලය වන් "පුජා"චිත්රծපටියෙ තේමා ගීතය මේ" සුමුදු නානායක්කාර

දරු දුක උහුලා

දරු දුක උහුලා........
තනිව වැලපෙනා.......
බුදු බව ලබනා.... පියවරු වෙසෙනා....
පු...ජා.... පුජා වෙවා.......

මහමෙර වැනි බර සිතින් උහුලනා......
කදුලැලි සමුදුර නෙතින් සන්ගවනා......
දරු දුක උහුලා තනිව වැලපෙනා......
බුදු බව ලබනා.... පියවරු වෙසෙනා....
පු...ජ.... පුජා වෙවා........

මව් ඇති දාටත් සෙනෙහස පුදනා.....
මව් නැති දාටත් තුරුලේ රකිනා.....
බුදු බව ලබනා පිය වරු වෙසෙනා.....
පු...ජා... පුජා වෙවා.....!!

57 comments:

  1. අම්මාට බුදු වෙන්න නියත විවරන දෙන්නෙ තාත්තනෙ

    ReplyDelete
  2. ඇත්ත කතාව. අපි ගොඩක් දුරට අම්මත් සමඟ තමා සමීපව කටයුතු කරන්නේ ඒකට හේතුව නම් දන්නෑ. මට මේ ලගදි බෙල්ල ගහල යන වැඩක් උනා. හැබැයි වටින් පිටින් ආරංචි වෙන්න කලින් ගෙදරට කියන්න ඕන නිසා කිවුව, හැබැයි අම්මට.අම්ම තමා තාත්තට කිවුවෙ. තාත්තට කියන්න මට හැකියාවක් නෑ හේතුව මමත් දන් නෑ.
    ඒත් මොකක් හරි ගැජට් කෑලි ටිකක් ගන්න ඕන නම් තාත්තට කියනව
    මම නම් හිතන්නේ මේ අදහස(අම්මට වැඩියෙන් ආදරය අම්මත් එක්ක සමීප බව) අතීතයේ සිටම අපේ මනසට කාවද්දල කියල
    මම නම් දෙන්නටම මගේ පණ වගේ ආදරෙයි. හැබැයි අම්මත් එක්ක වැඩිපුර සමීපයි. මම හිතන්නේ ඒක සාමාන්‍යයි. හැමෝම මේ වගේ...

    ReplyDelete
  3. මම තාමත් මගේ ජීවිතේ වැඩිපුරම ආදරේ කරන්නේ අම්මට උනාට මැරෙනකනුත් වැඩිපුරම ගෞරව කරන්නේ තාත්තට.අච්චර රෞද්‍ර මූණක් පිටිපස්සේ මෙච්චර උණුවෙන හිතක් තියෙනවයි කියලා හිතනත් බෑ.අනගි ළිපියක් දුකා අයියා.මමත් ඕක ගැන කලින් ලිව්වා,ඔයත් කියවලා ඇතිනේ.. .

    http://muchalindha.blogspot.com/2009/08/blog-post_21.html

    ReplyDelete
  4. @ සුදු මහත්තයා !
    ඔව් මමත් එහෙම අහල තියෙනවා . ..

    ReplyDelete
  5. @ සචී !
    Spechless coz of too bad or too good ?? he he he i knw ur answer . . and i knw u knw the seen behind this . . . tnx anyway . .. !

    ReplyDelete
  6. @ උෂාන් කෝදාගොඩ!
    ඇත්ත අපි අම්මට තරම් ම තාත්තටත් ආදර කරන්න ඕන . . අම්මව බදා ගන්න වා වගෙම තාත්තාවත් ආදරෙන් බදා ගන්න ඕන . . . අම්ම නම් කටින් කියල හරි ආඩරේ ඉල්ල ගන්නවා . . . තාත්තලා එහෙම කරන්නේ නෑ . . . මමත් දැන් තාත්තා කෙනෙක් නිසා දන්නවා . . . දරුවෝ වුනු අපි දැන ගන්න ඕන අපේ ආදරේ දෙන්නටම සමානව ලබා දෙන්න . ..

    ReplyDelete
  7. @ මුචලින්ද !
    ඔව් මුචා . . මම බ්ලොග් අවකාශෙට ආපු මුල්ම දවස් වල දැකපු ලිපියක් ඒක . . . හැමෝම කතාකලත් එපා නොවෙන . . . . කතා කල යුතු මාතෘකාවක් නිසා ඔන්න මගෙනුත් එකක් ලියවිලා උඹේ මාතෘකාවට සමානවම . . . නමුත් වෙනසක් ලෙස නිතර නෑසෙන ගීත ටිකකුත් එකතු වෙලා . . . . .

    ReplyDelete
  8. ලියන්න හෝ කියන්න මට වචන එන්නේ නෑ මේ වෙලාවේ.....අප්පච්චිගෙයි අම්මගෙයි මට තියන ආදරය ගැන සම කරන්න මේ ලෝකේ මොකුත්ම නෑ.අනෙක් හැමෝගෙමත් එහෙම තමයි....නේද...?

    ReplyDelete
  9. @ චමි.දේ.වා. !
    ඔව් මචං ඒක නම් එහෙමයි . . . නමුත් අපිත් එයාලට පොඩි හරි ආදරයක් පෙන්නවද කියන එක තමයි හිතලා බලන්න ඕන . .

    ReplyDelete
  10. දස මසක් කුස තුල නොදැරුවත් අම්මා වරුන් මෙන්ම දරුවන්ට සෙනෙහස දක්වන සියලු පියවරුන්ට මෙම ලිපිය උපහාරයක් වේවා !!!!!!!!!!

    පියාණනී මා නැවත උපන්නොත්
    අපාර වූ මේ සංසාරේ . . .
    ඔබේ ම පුතු වේවා . . .
    ඔබේ ම පුතු වේවා . .

    මෙය මාගෙද පැතුමයි.......

    gg

    ReplyDelete
  11. @ Anonymous gg !
    ස්තූතියි . . . ඔබේ පැතුම් උපන් හැම ආත්මයකදීත් ඉටුවේවායි මාත් ඉතසිතින් පතමි . . .

    ReplyDelete
  12. sumudu nanayakkaraOctober 8, 2009 at 11:52 PM

    දරු දුක උහුලා........
    තනිව වැලපෙනා.......
    බුදු බව ලබනා.... පියවරු වෙසෙනා....
    පු...ජා.... පුජා වෙවා.......

    මහමෙර වැනි බර සිතින් උහුලනා......
    කදුලැලි සමුදුර නෙතින් සන්ගවනා......
    දරු දුක උහුලා තනිව වැලපෙනා......
    බුදු බව ලබනා.... පියවරු වෙසෙනා....
    පු...ජ.... පුජා වෙවා........

    මව් ඇති දාටත් සෙනෙහස පුදනා.....
    මව් නැති දාටත් තුරුලේ රකිනා.....
    බුදු බව ලබනා පිය වරු වෙසෙනා.....
    පු...ජා... පුජා වෙවා.....!!

    මචන්..,මෙ සින්දුව තිත් පේලි නැතුව ලීව නම් නිකම්ම නිකම් රචනයක් වගෙ නෙද..? ගැබුරු කටහඩක් , සිඋම් තනුවක් නොතිබුනා නම් මෙපමන හිතට දනෙන ගීතයක් බිහිවෙන්නෙ නැ නේද..?ලොකෙ වැඩියෙන්ම පිය සෙනෙහස අති මේ 3දෙනා(ගීත රචක,තනු රචක හා ගායක ) ලග, අපි කොච්චර නිසරුද...?මාපිය සෙනෙහසට සීමා මාඉම් නෑ.....!! මට හමුවූ,පිය සෙනෙහස ගැන කියැවුනු අග්‍ර ඵලය වන් "පුජා"චිත්‍රපටියෙ තේමා ගීතය මේ.

    ReplyDelete
  13. @ sumudu nanayakkara !

    මචං සුමුදු . . . ලිපිය ලියපු වෙලාවේ ඉඳන් මොකක් හෝ අඩුවක් තියෙනවා වගේ හැඟීමක් හිතේ කොනක තිබුනා . . . මොනවාද මට මිස් වුනු හොඳ ගීත කියලා . .. උඹ ඒ අඩුව පිරෙව්වා මචං . .. ස්තූතියි . .. බොහෝම ස්තූතියි . . .

    ReplyDelete
  14. නියම ලිපියක් දුකා...

    අපේ තාත්තාගේ මූණ දිහා බලන්නත් ඉස්සර මම හරි බයයි. ඒ කවදාවත් මට ගහපු බැනපු නිසා නොවෙයි. ඒක මගේ හිතේ තාත්තට තිබිච්ච ගෞරවය මම හිතන විදයට...

    එත් කාලේ ගතවෙලා තරුණ වයසට ආවම තාත්තා මට දීපු උපදෙස් කවදාවත් බොරු වෙලා නෑ. තාත්තා කෙනෙක් හිත ඇතුලෙන් අසීමිත විදියට ඉවසනව කියල මම අත්දැකීමෙන්ම දන්නවා.
    ඒක මම ඉගෙන ග‍ත්තෙත් මගේ තාත්තාගෙන්...

    යම් දවසක බුදුකෙනෙක් යලි පහල වෙනවානම් ඒත් තාත්තා කෙනෙක්ම තමයි...

    ReplyDelete
  15. දුකා...


    මම් දන්නෙ නැහැ..මට මතක නැහැ..තාත්තා කොහොම මට ආදරය කළාද කියල.මොකද එයා නැතිවුණේ මම පුoචි කාළෙදි..හීනෙන් වගේ මතකයි,පවුලේ ඕපාදුප සභාවකදී වoගෙඩිය උඩ ඉඳන් හිටිය තාත්තගෙ ඔඩෙක්කෙ ඔන්චිලි පැද්ද හැටි..මම් හිතනවා තාත්තගෙ හිතේ කප්පරකට බලාපොරොත්තු තියෙන්න ඇති..අපි ගැන.
    කොහොම උනත් "පිය සෙනෙහස" ගැන ලියැවුනු මේ ලිපිය හදවතේ අඳුරු මුල්ලක සැඟවෙලා තිබුණු මතකයන් අවදි කළා කිව්වොත් නිවැරදියි.

    සුලා..

    ReplyDelete
  16. ආදරේ තම දරුවන්ට සමව බෙදා දෙන මේ දෙදෙනා තරම් තවත් අය ලෝකේ වෙන කොහෙද?
    [ මමත් කාලෙකට ඉස්සර මේ අයට විරුද්ධව මානසික කැරළි ගැසුවා.., ඒත් මේ දෙදෙනාගේ අකලංක ආදරය අබිමුව ඒ හිතුවක්කාරකම හිරු දුටු පිණිවගේ දියවෙලා ගියා]

    වෙනදා වගේම අපූරු ලිපියක් දුකා...! ඔබට පින් අපේ චෛතසික වල අඳුරු තැන් එළිලනවා ට...!

    ජයෙන් ජය.

    ReplyDelete
  17. ඇත්තටම නියම ලිපියක්.
    මටනම් මගේ තාත්තාගේ ආදරය ලැබෙන්න අවුරුද්දකට මාස කිහිපයක් පමණයි (මම එයා තුරුලේ සිට)මොකද එයා විදේශ ගත වෙලා ඉන්න නිසා. ඒ නිසා මට එයාගේ ආදරය හොදින් දන්නවා. තාත්තා වෙන රටක ඉදගෙන දිවා රැ නොබලා වැඩ කරන බව මම දන්න නිසා මට ඒ ආදරය පොඩි කාලයට වඩා හොදින් දැන් දැනෙනවා.
    ඒ නිසාම
    අමිමාවරු මෙන්ම පියවරුද මතු බුදු වේවා !!!!!!!!!!!

    මේ ලිපිය ලියු ඔබටත් ජය වේවා !!

    ReplyDelete
  18. හොඳ ලිපිය දුකා!

    උපන් රටට මාතෘ භූමිය කියල කියන්නේ අපි උපත ලබන්නේ මව් කුසයෙන් නිසයි.

    හැබැයි ඉස්සර ජරමන් කාරයෝ කියල තියෙන්නේ Motherland නෙමේ Fatherland කියලයි.

    http://images.google.com.au/images?hl=en&q=fatherland&um=1&ie=UTF-8&sa=N&tab=wi

    ReplyDelete
  19. මම දන්න තරමින්, රට ගැන සඳහන් කරද්දි 'රෝහණ විජේවීර' පාවිච්චි කරලා තියෙන්නේ 'පීතෘ භූමිය' කියලයි....

    ReplyDelete
  20. තාත්තා කෙනෙකුගේ හිත ඇතුලේ තියෙන එලියට නොපෙන්වන ගැඹුරු ආදරේ තරම ගැන වැටහීමක් ලබා ගන්න මේ ලිපියෙන් පොඩි හරි ඉඟියක් ලබුනා කියලා මට හිතෙනවා කමෙන්ට් දැක්කාම . . . හරිම සතුටුයි . .

    ReplyDelete
  21. @ Anonymous . . සුලා!
    හරි දුක හිතුනා ඔබට පිය සෙනෙහස කුඩා කාලෙදිම නැති වුනා කියල දැක්කාම . . . අපි හැමෝම හැම දේම ඇති තරම් විඳින්න තරම් වාසනා වන්තයෝ නෙමෙයි සුලා . . . !

    ReplyDelete
  22. @ Prabath !
    ඇත්තෙන්ම මමත් තාත්තා කෙනෙක් වෙනකම් තාත්තාගේ ආදරේ ගැන තෙරුනේ නෑ . .

    ReplyDelete
  23. @ LishWish !
    ස්තූතියි ලිශ් . . . අපි ඇත්තෙන්ම ගෙදර ඉන්න කාලෙදි මේ අයට විරුද්ධව කරන කටයුතු ගැන හිතුවොත් . . . ආදරේ කියන දේ ඔවුන් තුල නොතිබුනානම් . . . අද අපේ කෑලිවත් නෑ . . .නේද ?

    ReplyDelete
  24. @ Sanoj !
    තාත්තාගේ ආදරය අඳුනාගත්තු ඔබ වැනි දරුවෙකුගේ තාත්තා වාසනාවන්තයෙක් . . . !

    ReplyDelete
  25. @ කතන්දර කාරයා !
    ස්තූතියි කතන්දර . . .

    ඔබේ දැනීම අපහා බෙදා ගත්තාට යලිත් වරක් ස්තූතියි . . !

    ReplyDelete
  26. @ සචී!
    ස්තූතියි සචී . . . මම දැන ගෙන හිටියෙත් නෑ ඒක . . මම හිතන්නේ මේ ගොඩක් අයත් නොදන්නවා ඇති . .

    ඔබේ දැනීමත් අපහා බෙදා ගත්තාට යලිත් වරක් ස්තූතියි . . !

    ReplyDelete
  27. මූනු පොතේ දිනිති දීපිකා නැගෙනියගේ කවියක් ඇගේ අවසර ලබා ගෙන මෙහි පිටපත් කලෙමි . . . !

    පියෙකුගෙ සෙනෙහෙ ගැන
    දන්නේ නැතත් ගලපන්නට
    දැරුවෙමි පුංචි උත්සහායක්
    කෙසේදැයි නොදනිමියි මං
    නිහඩවත දරාගෙන
    උසුලාගෙන මහබරක්
    හිරුටත් පෙර මගට බසින නුඹ
    සදවත නැගුන ගෙමිමනේ
    පැලට එනදා
    සිගිති වුන් නිදයි කිරි සිහින දකිමින්ම
    ආදරයෙන් තුරුල් කර ගන්නට වුන් ලොබ කලත් සිත
    දරුපෙමම ගුලි කරන්
    හඩන නුඹ පියාණෙනි
    හෙළපු දහඩිය කධුළ දන්නේ නැතත් වුන්
    තුරුල්වන්නේ මවු සෙනෙහෙටම නොවෙයිදෝ.....
    ශක්තිමත් කරන්නට දරුපැටවු
    ඔබගෙ ශක්තිය වැය කළත්
    අවාසනාවක්දෝ නොකියයි වුන් පියෙකුගෙ ගුණ කිසිදා....


    ....කුසට ආ මල් කැකුළ
    නොතළා ලොව දැක්කෙ
    ශිල්ප සතර ලැබ
    කිරුළ ලබන්නට
    නොපෙනුන නොදැකපු
    හිරු නුඹම විය පියාණෙනි......

    ReplyDelete
  28. අනේ මම තාත්තා කෙනෙක් ගෙ ආදරය ලබන්න පින් කරල නෑ නෙ.මගෙ තාත්තා නති වෙනකොට මම අව්.10 ක පොඩි කෙල්ලෙක්.එ කාලෙ මරනය ගන තෙරුමක් තිබුනෙ නෑ.නමුත් දෑන් නම් තාත්ත ලග නති අඩුව හොදටම දෑනෙනවා.එත් මොනව කරන්නද ?කතවක් තියනවා දුවෙක් වඩිපුර ආදරය කරන්නෙ තාත්තට කියල.එක එහෙම තමයි..එත් හමදාම මට දෑනෙන්නෙ තාත්තා ගෙ හෙවනල්ල මගෙ ජ්විතයට පාර කියනවා වගෙ....

    ReplyDelete
  29. @ Lahiruni Hansika!
    ඔයා ගැන හරිම දුකයි . . මොනා කරන්නද නගේ . . අපි හැමෝම හැමදේම ලැබන්න තරම් වාසනාවන්ත නෑ . . !

    ReplyDelete
  30. දිනිති දීපිකා සොයුරියගේ කවියට තිලිණි ජාසින් ආරච්චි සොයුරිය දැමූ කමෙන්ටුවක් . . තිලිණි සොයුරියගේ අවසරල ලබා මෙලෙස පල කරන ලදි . .

    Thilini JasinArachchiපිය සෙනහස නැතිද දරුවනි හදුනනේ
    -------------------------------------------
    අම්මා සෙනහසේ ලේ දහරා කිරට හරවද්දි...තාත්තා දහඩිය කදුලු රත්තරන් බවට පත් කරන්න අපමණ වෙහෙස් කරද්දි...පුන්ච් සමනල්ලු වගේ දුව පැනපු අපි ඩින්ග ඩින්ග පුන්චි කකුල් ලොකු වෙද්දි, අම්මාගේ ගුන සුවද...විතරක් තදින් ස්පර්ශ උනේ, ලොකු වෙන්න ලොකු වෙන්න තත්තා ගොඩක් දෙනෙක්ගේ තව එක් පුද්ගලයෙක් විතරක් උනේ තාත්තාගේ රත්තරන්වල වල මිල අඩූවු නිසාද මන්ද?රත්තරන් ලැබෙන කොට පරණ රත්තරන් වල අගය අඩුවෙනවද මන්ද? ඒත් ඉස්සර මිනිස්සු පරණ දේවල් පණ වගේ රැකගත්තලු."අම්මා සදකි -මම ඒ ලොව හිරැය කියද්දිම පිතු සෙනහසට කවි ගි ලියවුනා මදි, පිය සෙනහස නැතිද දරුවනි හදුනනේ කියලා පද දෙකක් ඒ ගී යෙම ගැයැන්නේ පියකුගේ පිතෘත්වය අම්මාගේ සෙනහසට වඩා අඩුවෙන් දැනිලාද මන්ද?.දරුවෙක් වඩන්න,…පෝෂණය කරන්න…… ,උස් මහත් කරන්න,….අකුරු කරන්න ….අම්මාට සහයෝගය දෙන තාත්තා..දරුවන්ගේ සතුටදි සතුටු කදුලු හෙලන අම්මා...ඒ සතුට ඒ විදියටම හදවතින් විද හදවතේ ගැඹුරුම තැන හිරකරගන්න තාත්තා කදුලක් එලියටනොදමන්නේ පපුවෙ තෙතමනයක් නැතිව නෙවෙයි...අම්මගේ කදුලට ශක්තියක් වෙලා දරුවනේ දුක,සැප දරාගනින් කියන්න.....හෙට උදා හිරුත් එක්ක බතක් ඉදවන්න…. ඕන කියලා නින්දට වැටිච්ච අම්මා.... නැගිටිනකොට කහට උගුරක් බිගෙන හිරු අවරට යන්න කලින් ගෙදරින් නික්මෙන්නේ තාත්තා …..තව දවසකට දරුවන්ගේ කුසගින්නට ආහාරය සොයගන්න ජිවිකාවක යෙදෙන්න….මෙ හින්දම අම්මා නිරන්තරෙන් දරුවෝ එක්ක රැදේද්දි තාත්තා දරුවෝ වෙනුවෙන් දහදිය වැගුරුවේ දරුවෝ එක්කම ඉන්න ආසා නැතුව නෙවෙයි……දරුවෝ ආදරෙන් රැකගන්න….. ඕන හින්දා. මේ නිසාද මන්ද දරුවන්ට හිතුනේ තාත්තා අම්මා තරම් ආදරේ නැ…. කියලා….දරුවන්ගේ වරදේදි අම්මා කරුණාව…. දක්වද්දි …..බොරු තරහක් ගන්න තාත්තා තරවටු කරලා කොටු පරක්…. දෙන්නේ අනේ දරුවනේ ….මට උඹලාව අන්ගුලිමාල….. අජාසත් කෙනෙක් …..වෙනව දකින්න බැරි කමට මිසක් තරහකට නෙවෙයි කියලා හිතලා තාත්තා දාපු සැරට ..තාත්තා අම්මා වගේ නෙවේයි නපුරුයි කියලා දරැවන්ට හිතෙන්න ඇති……මේ දේවල් හින්දා අම්මා ගැන ගොඩක් අය ගොඩක් දෙවල් කියද්දි තාත්තා ගැන අඩුවෙන් කතා කරන්නේ මේ දේවල් තාත්තාගේ සෙනහසට බාධාවක් උන නිසාම වෙන්නැති…….

    ReplyDelete
  31. ඇත්තටම හොද සංවාදයක්. අගය කල යුතු කතිකාවතක්. මමත් පුද්ගලිකව අති විශාල ගෞරවයක් පක්ෂපාතීත්වයක් දක්වන්නේ අම්මට වඩා තාත්තට. මටනම් මගේ හොදම යාළුවා තමයි මගේ තාත්තා. මට එයාට නොකියන්න බැරි දෙයක් නැහැ. මම නොකියන දෙයකුත් නැහැ. ඒ තරමට අපි FIT. අපේ තාත්තා ආර්ථික අපහසුතා මැද පුදුම කට්ටක් කෑවේ අපිව උස්මහත් කරන්න. පොඩි දවස්වලනම් එයා අපි මොන දේ කලත් බාල්දිය දාන එක තමයි කලේ. ඒ දවස්වලනම් යකෙක් කුම්භාන්ඩයෙක් වගේ තමයි පෙනුනේ. වේවැල් කුඩුවෙන්න කසායත් සෑහෙන්න දුන්නනේ. ඒත් එහෙම ගහලා පැයක් විතර ගියාට පස්සේ තෙල් ගාන්නෙත් එයාම තමයි. ඉතින් එහෙම යකෙක් විදිහට පෙනුන අපේ තාත්තා යකෙක් නෙවෙයි සැබැ දෙවි කෙනෙක් කියලා පසුකාලීනව තේරුම් ගත්තා. එයා අපිට ගැහුවේ ඇයි බාල්දි පෙරළුවේ ඇයි අපිව උස්මහත් කරන්න කෑව කට්ට අපේම නුවනින් තේරුම් ගන්න එයා ඉඩහැරියා. දැන් තේරෙනවා ඒදා ඒ වගේ අපට ගැහුවේ නැතිනම් බාල්දි පෙරළුවේ නැතිනම් අද මට මේ BLOG ය ලියන්න වෙන්නේ නැතිය කියලා. මොකද එදා මම කරපු කියපු හැමදේකටම කොලුකමට තියෙන විසේනේ කියලා ඉඩදීලා හුරතල් කලානම් මමත් නිකම්ම නිකන් කාල කන්නි අපතයෙක් බවට කිසිම අවිස්වාසයක් නැහැ. අම්මෝ තාත්තා ගැන ලියනවනම් මට පැය 24 ක් උනත් එක දිගට ලියන්න පුළුවන් වෙයි. වෙලාවක වැඩිදුරටත් මගේ තාත්තා ගැන www.geethge.blogspot.com එකෙන් ලියන්නම් කො. මමනම් අපේ තාත්තට බුදුවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මොකද මට බුදුන්ටත් වැඩියෙන් මගේ තාත්තා මට වටින නිසා. මම එයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නේ වෙනස්ම විදිහකට. මම හිතන්නේ ඒ පිළිබදව පැවසීමට මේ සුදුසු තැනක් නෙවේය කියා. මෙන්න මමත් තාත්තා ගැන ගීතයක් ලිවුවා. මේ හැබැයි මේක ලියුවේ තාත්තව තේරුම් ගත්ත කාලේ. ඒ කියන්නේ 2001 අවුරුද්දේ විතර

    අමිල නිවන මා හට
    පා යුග ලග සුර ලොව
    පියතුම ඔබෙ පුතු මම
    ගයනෙමි පිය ගුන ගැන

    නපුරු දුදන දන ලග
    මුලා නොවී කතරක
    ණැනස නුවන පෙරටුව
    ලැබුනේ නුබගෙන් මට

    ලොව්තුරු සම්බුදු ගුණ
    සිහි කැදවන නුබේ හද
    හැමදාටම නුබ මට
    දෙවියෙකි දෙවියන් හට

    ReplyDelete
  32. පියවරුන්ගේ සිත් වල තම දරුවන්ට කොපමණ ආදරයක් දයාවක් ඇතිද? නමුත් ඒ ආදරයේ ඇති ගුප්ත, නිහඬ බව නිසා අවාසනාවකට අපිට ඒ ආදරය හැඟෙන්නෙ ගොඩක් පහු වෙලා. සමහර විට ඒ අය අපි අතරෙන් වියෝ වූ පසුවයි.....

    "ඔබ පියාණන් කෙනෙක් වු උතුම් ඒ මොහොත
    ඔබ පියා ඔබ නිසා සිටී මලවුන් අතර"......

    මේ "අජාසත්ත" චිත්‍රපටියේ එන ගිතයේ පද පේළියක්.අවාසනාවකට අනෙක් පද සිහියට එන්නේ නෑ.

    අජසත්ත වුවත් පියාගේ අගය,සෙනෙහස වටහා ගන්නේ තමාත් පිය පදවිය ලැබූ පසුවයි.

    මම ඉතා කුඩා කාලයේදී ඇසූ මේ ගීතය එදා මගේ සිතේ කුමක්දෝ වේදනාත්මක හැඟීමක් ජනිත කිරීමට සමත් වුනා.නමුත් අද මට වැටහෙනවා..ඒ හැගීම , අපි පිය සෙනෙහස නොතේරුම් ගැනීම ගැන වන පසු තැවීම කියලා.
    ඉතින් අපි තවත් ඒ උතුම් ආදරය අගය කරන්න , එයට ප්‍රතිචාර දක්වන්න , පසුබට නොවිය යුතුමයි.

    මේ ලිපිය එයට මඟ පෙන්වීමක් , අත්වැලක් වේවි කියා සිතනවා..

    DF

    ReplyDelete
  33. Have you ever watched the film called "John Q"

    ReplyDelete
  34. දුකා ............

    ඔබගේ ලිපියේ ඇතුලත් කර ඇති ගීතයන්ගේ ගයකයා හෝ ගයිකාව සඳහන් කර ඇතිවාක් මෙන්ම , එහි රචකයාවත් සඳහන් කලොත් මෙහි අගය තවත් වැඩි වේවි.......කියා සිතෙනවා......

    gg

    ReplyDelete
  35. මේ ලිපියේ පේළි දෙකක් නිසා මේ කමෙන්ට් එක නොලියම බැරි උනා..මගේ අම්මා කවදාවත් රැකියාවක් කලේ නෑ.. ඒ නිසා මගේ වියදම් සේරම කලේ තාත්තාගේ සල්ලි වලින්.. ඒත් කඩවලට මාව එක්ක ගිහිං ගොඩක් වෙලාවට බඩුගත්තේ අම්මා.. මම ආස කරන දේවල් අරන්දුන්නට පස්සේ අම්මා හැම වෙලේම කියන්නේ "මම වියදම් කරලා අරන් දුන්නට මේවා තාත්තාගේ සල්ලි.ඔයා මාව අමතක කලත් කවදාවත් තාත්තාව අමතක කරන්න එපා " මගේ ජිවිත කාලෙදි මං ඔය වචන ටික කී සැරයක් අහලා තියේද මංදා.. මං හිතන්නේ අම්මා කෙනෙක් ගේ යුතුකම් වලින් වැදගත්ම එක දෙයක් තමයි දරුවන්ගේ හිත් වල තාත්තා ගැන හැගීමක් ඇති කරන එක. මොකද තාත්තා කියන චරිතයට මුදල් කියන සාධකය හින්දම දරුවෝ එකක් මුහුවෙලා ඉන්න තියන වෙලාව අඩුයි.

    ReplyDelete
  36. @ ගීත් ජයසංක !
    නියමයි මචං උඹේ අදහස් දැක්වීමේ ත් විශාල පනිවුඩයක් ගැබ් වෙලා තියෙනවා . . .

    අනෙක මම මේ කමෙන්ට් එක දැක්ක වෙලාවේ ඉඳන් හීන මවනවා උඹේ අපූරු පද රචනය කවදා අපිට අගනා ගීතයක් ලෙස රසවිඳිය හැකි වෙයිද කියා . . . උඹේ අකමැත්තක් නැතිනම් මගේ මිතුරු ගායන හැකියාවක් ඇති සහෝදරයෙකුට මේ ගීතය දෙන්නද සුදුසු තනුවක් නිර්මානය කර ගයනා කරන්න කියා . . . ???

    ReplyDelete
  37. @ Anonymous DF !
    අන්දර යායේ ගීතය ගැන මට සිතුනු දේ ලියද්දී . . . මේ හැම දෙම ඔබයි අප්පච්චී කියා මට ඔබ මිය යාමට ප්‍රථම සිතුනේ මගේ පෙර පිනකට කියා මා ලීවේ ඒ නිසාවෙන්මයි . . . ඔවුන්ගේ සෙනෙහස ඔවුන් ජීවත්ව ඉන්නැද්ඩීම අප විසින් හඳුනාගත යුතු වෙනවා . . . ඒ සෙනෙහස වෙනුවෙන් එක දවසක් හෝ ඔවුන්ට සෙනෙහස පුදන්න තරම් අපි වාසනාවන්තයෝ වූවොත් . . . . ජීවිතය කෙතරම් ලස්සන වේවිද . . ?

    ReplyDelete
  38. @ Anonymous !
    Well, I think I had this movie in my movie collection, but unfortunately I couldn’t watch this movie till now even though the main character is one my favorite actor (Denzil Washington)

    what is the specialty of this movie . . . ??

    ReplyDelete
  39. @ Anonymous gg !
    අනේ සමාවෙන්න, මටත් හිතුනා එහෙම කරන්න හැකිවුනානම් වඩා අගනෙයි කියා . . නමුත් සමහර විට මම මගේ අවිවේකී බවත් එක්ක ඒ විස්තර ත් සමඟ මේ ලිපිය පල කරන්න හිටියානම් . .බොහෝ විට මේක තවමත් පල නොවූ ලිපියක් වන්නට තිබුනා . . . ඔබට හැකිනම් ඒ විස්තර සොයා බලා කමෙන්ට් එකක් ලෙස පල කරන්න කියා නිම කල නොහැකි උදව්වක් එය . . .

    ReplyDelete
  40. @ malee_msg !
    මලී ඔයාගේ අම්මට මගේ හිතේ තියෙන ගෞරවේ තවත් වැඩි වෙනවා මේ කමෙන්ට් එක නිසාත් . . . .

    ReplyDelete
  41. හැමෝම ස0වේදී වෙච්ච ලිපියක් පහුවෙලා හරි මමත් බලපු එක හොඳයි කියල හිතුන.මේක බලන හැමෝටම තමන්ගෙ තාත්තව අනිවාර්යෙන්ම මතකෙට එනවා. දරුවන්ට නොතේරෙන කාලෙ ඉන්දලම තමන්ගෙ තාත්තා තමන් වෙනුවෙන් දරන වෙහෙස, මහන්සිය, ආදරය අස් ඉදිරිපිටම දකින්න ලැබීම අනාගතේදි පියසෙනෙහස හඳුනන පිරිසක් බිහිවෙන්න උදව් වෙනව කියලයි මට හිතෙන්නෙ. එහෙම නොවන පිරිසකුත් නතුව නෙවෙයි. නමුත් ඒ මතකය...පසුකාලයක හරිම ස0වේදී වේවි නේද?

    ReplyDelete
  42. මගේ අත්දැකීමක් එකතු කරන්න අවසරයි.. මේක ස්වයං විවේචනයක්. අපේ තාත්තා අපිව ජීවත් කරවන්න සල්ලි හොයන්න ලංකාවෙන් පිටවෙලා තියෙන්නෙ මම ඉපදෙන්න දවස් කීපෙකට කලින්. එදා ඉඳන් තාත්තා මේ කාන්තාරේ ඉඳන් මොන තරම් මහන්සි වෙන්න ඇද්ද? ඒත් මම පොඩි කාලේ මම තාත්තට ලං වුනේ ගොඩක් හෙමින්. මොකද මට තාත්තව දකින්න ලැබුණේ ගොඩක් අඩුවෙන් නිසා. අපිට ලෝකය පේන විදිය විස්වාස කරන කාලේ මම අම්මාට තරම් තාත්තට ආදරේ කලේ නෑ. ලං වුනේ නෑ.ඒත් මම ටිකෙන් ටික, සිහි බුද්ධියෙන් ලෝකය දකින්න පටන් ගත්තට පස්සේ තාත්තා අපි වෙනුවෙන් මොනතරම් කැපවීම් කරල තියෙනවද, වචනවලින් නොකිව්වට මොන තරම් ආදරේ කරලා තියෙනවද කියලා තේරුම් ගත්තා. ඒත් එතකොට මම පරක්කු වැඩියි. අපේ තාත්තා මේ ගිනිගහන කාන්තාර රටක රස්සාව කරන අතරෙදිම හැදුනු හෘදයාබාධයක් නිසා අපිව දාලා ගිහින්.......

    ගොඩක් හොඳ ලිපියක් දුකා.... මේ ලිපිය කියවන හැමෝම තමන්ගේ තාත්තාගේ ආදරේ ගැන (සහ අම්මාගේ ආදරේ ගැනත්) අලුතින් හිතන්න පටන් ගනියි කියලා හිතෙනවා...

    ReplyDelete
  43. @ ගීශා !
    ඇත්තෙන්ම ඔව් . . . මගේ පරමාර්ථයත් ඒකමයි . . බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට

    ReplyDelete
  44. @ සුදම් !
    හරිම කනගාටුයි මල්ලියා . . . ජීවිතේ හැටි ඔහොම තමයි . . . මේ ක බලන අනිත් අයට ඔයාගේ කතාව හොඳ ආදර්ශයක් වේවි . . . !

    තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් පුදකල යුතු සෙනෙහස පුද කරන්න තවදුරටත් පමා වෙන්න හොඳ නෑ කියල තේරේවි . . . . ! !

    ReplyDelete
  45. බොහොම පින් දුකාට...........
    තලල, තලල,.....හිරකරල තිබුනු මහාර්ඝ වස්තුවක් වා තලයට මුසු කලාට,,,,
    අද ලෝකෙ කොපමනක් පියවරු ඇද්ද.....හදවතේ සෙනෙහස හිර කරගෙන තමන් මෙලොවට ජ්නිත කල දෙමව්පියන්ට ඒ උතුරා යන සෙනෙහස ඔව්නගෙ පාමුල පුද කරගන්න නොහෑකිව..........
    ලස්සන හදවත් ඇති බිරින්දැ වරුනි,....ස්වාමි පුරුෂයනි.......
    ඔබ ඔබේ දරුවාට කොපමන ආදරේද......
    ඔබව දීග දෙන තෙක් ඒ සදාදර දෙමව්පියන් කොපමන තරම් නිදිවරන්න ඇත්ද...
    කොපමන දුක් විදින්න ඇත්ද....
    ඉඩ දෙන්න ඔබේ සහෘදයාට ඒ මහගු පුන්‍ය කර්මයට,
    මගෙ නෙතට කදුලු නැගුනා සේ...ඔව්නගෙ නෙතට කොපමන කදුලු උනාවිද.......
    ඔව්...සතුටු කදුලු....සතුටු කදුලු.......

    ආසයි මේ ගීතය නැවත නැවතත් මුමුනන්නට..

    අහසින් පොලොවට කඩා වැටීලද
    අම්ම තාත්තා නැහැ දන්නේ
    මව් පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
    පුංචි දුවේ මගෙ පුංචි පුතේ...........

    (ගරු කරමි සුනිල් එදිරිසිංහ මහත්මාට්)

    ReplyDelete
  46. මේකනම් එලම එල එකක්. මම මේක කලින් කියවල තිබුනේ නෑ දුකා, රත්තරං වචන ටික. කමෙන්ට්ස් ටිකත් එලටම ඇවිල්ලා තියෙන්නේ.
    /නිශාන්ත

    ReplyDelete
  47. හොඳ ලිපියක්..මම කියවපු එක්තරා කතාවක් කියන්නම්.

    ඔන්න දවසක් පොඩි දෙන්නෙක් රණ්ඩු වෙනවලු. එකෙක් අනික් එකාට කියනව.."අඩෝ මම උඹටත් ගහල උඹලගෙ තාත්තටත් ගහනව ඩෝ හරිද?" කියලා...

    එතකොට අනිත් එකා කියනවා...අඩෝ මේ එහෙම කරන්න එපාඩෝ හරිද? අපේ තාත්තා තමයි අපිට කන්න බොන්න ගේන්නේ..එයා අපිට යෝධයෙක් ඩෝ..කියල.එතකොට අනික් පොඩි එකා කියනවා...

    "අපේ තාත්තත් එහෙම තමා ඩෝ..එයත් අපිට යෝධයෙක්...කියල.. ඊට පස්සේ උන් දෙන්නා යාලු වෙනවා....

    මේක මෙතන්ට කොච්චර දුරට අදාලද කියන්න දන්නේ නැහැ. එත් මට ඒක ලියන්න හිතුනා.

    ReplyDelete
  48. මගේ අම්මාත් ගොඩක් වෙලාවට කියනාවා "මේ සල්ලි වියදම් කලාට මහන්සියෙන් හම්බ කරලා දෙන්නේ අප්පච්චී තමය" කියලා

    ඒ වගේම අප්පච්චී කියන දෙයක් "කවදා හරි මාව අමතක කරලා දැම්මත් කමක් නෑ,අම්මාව හොදින් බලා ගන්න" කියලා.. මේක ඇහෙන වෙලාවට මගේ ඇස් වලට කදුලුත් එනවා!

    මේ දෙන්නාගේන් අපිට වැඩියෙන්ම ආදරේ කරන්නේ අම්මා, එහෙමත් නැත්තන් අප්පච්චී කියලා අපි කියන්නේ කොහොමද? මටනම් මේ දෙන්නාම ගෙදර බුදුවරු

    දුකා අයියා නියම ලිපියක්...

    ReplyDelete
  49. @ළමයා !
    ඔයාගේ දෙමව්පියෝ බොහොම ගුණයහපත් අය වෙන්න ඕන ළමයෝ . . හරිම සතුටුයි . . . මගේ ආචාරය ඒ අයට . .

    ReplyDelete
  50. දුකා මල්ලි... Anonymous කියලා ලිව්වට මං විපුල. ඔයාගේ ලිපිය හරිම සාරවත් එවගේම හැඟීම් ඈවිස්සෙන සංවේදී එකක්. ඊට මගේ ප්‍රණාමය. පොඩ්ඩක් කියන්න අවසර අර මාතෘ මූලික සහ පීතෘ මූලික සමාජය ගැන වචනයක්. අපේ රටේ තිබුනෙම මාතෘ මූලික සමාජයක් කියලා මඩවල එස් රත්නායක එයාගේ එක් නවකතාවක පෙරවදනෙ ලියලා තියෙනවා. මට නවකතාවේ නම මේ වෙලාවේ සිහියට එන්නේ නෑ වැඩියෙන්ම සමීප හින්දා. ඒකාලේ මං ලෙස්ටර් මහතාට තිරනාටකයක් ලිවිවා එ පොතෙන්. එය එකගෙයිකෑම ගැන ලියවුන නවකතාවක්. උතුරු දකුණු බටහිර සහ පෙරදිග අනෙක් සියලුම රටවල් බහු විවාහය පිළිකෙවි කලා. නමුත් ලංකාවේ විතරයි එය ගැහැනියගේ අභිමතය පරිදි පිළිගත්ගේ. පිරිමියො දෙන්නෙක් සමග විසීම හෝ පිරිමියෙකු ගැහැණුන් දෙදෙනෙකු සමග එක ගෙදරක වසන්නට යාම තනිකරම සිදුවුනේ ගැහැණියගේ කැමැත්ත අනුව පමණක් බව ම.එ.රත්නායක බොහොම අපූරුවට කියලා තියෙනවා එම පෙරවදනේ ඓතිහාසික සාධක සමගින්. පීතෘ මූලික සංකල්පය හුදෙක් බටහිරින් ආපු එන්ජීඔ සංකල්පයක් බවයි එහු කියන්නේ. අනාදිමත් කාලෙක පටන් මෙත් සිත් ඈති මෑනිවරුන්ගේ පිහිටින් පියවරුන්ට අප සමාජයේ නියම තැන ලැබුනා.සම තැන උදෙසා පියවරුන් සමග සටන් කළ යුතුයි කියන විමුක්තිකාමී කාන්තා සංකල්ප ඔලුවේ දාගෙන ඉන්න කාන්තාවනුයි බටහිර සංස්කෘතිය ඔලුවේ දාගෙන ඉන්න පිරිමියි නිසා මාතෘමූලික එන්ජීඕ සංකල්පය තාම අපේ සමාංය කනවා.... මල්ලිට සුබපැතුම් !

    ReplyDelete
  51. දුකා අයියේ උබේ පරණ පෝස්ට් ටික බලාගෙන යනවා. කොමෙන්ට් නම් දැම්මෙ නැහ. මේ ලිස්ට් එකට රොමේශ් කියන " තාත්තා " සින්දුවත් එකතු වෙන්න ඕනි. ලඟදි ආපු උන්ගෙන් ලස්සන සින්දු ටිකක් කිව්ව උන් දෙන්න. ඒකෙනුත් තාත්ත ගැන කියන සින්දුව නම් උපරිමයි.

    දෙවිවරු පරදා නුබ මට සෙනහස සැදුවා..

    ReplyDelete
  52. හ්ම්... මට කියන්න තියෙන දේ මම
    මෙන්න මේ විදිහටයි කිව්වෙ. හැබැයි එදත් තාත්තා මගේ ලග හිටියෙ නෑ.හැබැයි එයා මේක අහන්න නම් ගොඩාක් ආසයි කියලා මං දැනගත්තා.


    පියාගේ ගැඹුරු නිහඬ සෙනෙහසට වන්දි ලෙස ලැබෙන්නේ දරුවාගේ හිතේ ඇති වුනු කහට පැල්ලම පමනක් නොවේද . . ?


    හැබැයි මේ දේ නම් ආයෙ මගෙ අතින් වෙන්නෙ නෑ. බොහොම ස්තුතියි දුකා අයියෙ....

    ReplyDelete
  53. http://www.youtube.com/watch?v=9DX4luZfgQQ

    ReplyDelete
  54. හ්ම්... ඉතාම සංවේදී.. අති විශිෂ්ඨ ලිපියක්. ගීත නම් තවත් තියෙනවා...

    ක්‍රිශාන්ත එරන්දක ගේ..
    අව්වේ මුතු ඇට අහුලා ඒ මුතු පණමට හරවා අපේ කුසේ ගිණි නිවලා නුඹ කුස ගින්නේ ඉඳ හිනැහෙන්නේ.. අපෙ අප්පච්චි...
    දීපිකා ප්‍රියදර්ශනී ගේ...
    පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හිනැහී ඇතිදෝ... උන්ගේ හිත රැඳි තනිය මකන්නට මවුනට කවදා හැකිවේදෝ...
    ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ
    සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ලඟ තනිවී
    රහසේ සැලෙනා කඳුලැල් තවරා සිහි කරමී මගේ පියාණනී...

    තවත් බොහෝ ගීත වල මවට වඩා පියාට මූලිකත්වය දීපු අවස්ථා තියෙනවා...
    සුජාතා අත්තනායක මහත්මියගේ
    පුංචි දවස් වල නින්දට යද්දී.. පීතු පාදං නමා මහං කියලා
    වැන්ද දෙපා යලි අදත් වඳින්නම් මංගල ගමනට යන්න අවසරයි පියාණනී...

    ගායිකාව මතක නෑ.. (පේශලා මෙන්ඩිස් වගේ යන්තම් මතකයි)
    මිදුලේ වැලි මාළිගාවෙ සක්විති පදවිය ලබන්න, තල් වැට ලඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න, සතර දිසා ජය ගෙන මම හනික එමී... ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී...

    පොඩ්ඩයි කියලා හිතුණට පොඩ්ඩමත් නෙවෙයි...

    තව දෙයක්... මෙහෙම කියමනක් තියෙනවා...

    පිරිමියාට ලෝකයම එක පවුලක් මෙනි...
    ගැහැණියට තමාගේ පවුල මුලු ලෝකයම මෙනි...

    ඒක සත්‍යයක් කියලා මටත් හිතෙනවා...
    අපි අපේ දරුවන්ට ආදරෙයි... ඒත් අපි ලෝකයේ වෙන්නේ මොනවද, අපේ රටට මොකක් වෙයිද, අපේ යාලුවන්ට ප්‍රශ්ණයක්ද ආදී බොහෝ දේ සඳහාත් අපේ හිතේ සැලකිය යුතු ඉඩක් වෙන් කරනවා...

    ඒත් අපේ බිරින්දෑවරුන්ටනම් දරුවොයි අපියි ගැනට අමතරව හිතේ වැඩ කරන්නේ පබා, පබලු, ඕලු වගේ කට්ටිය ගැන විතරයි කියලයි මට හිතෙන්නේ.... බොරුවට එහෙම නෙවෙයි මගේ බිරිඳ නම් පස්සේ කියපු කට්ටිය ගැන හිතන්නෙත් නෑ....

    ReplyDelete
  55. ''අපෝ තාත්ත ගෙදර එන්නේ හොඳටම රෑ වෙලා . ඒ ඇවිල්ලත් මාව ඉඹිනවා නිදා ගන්න දෙන්නෙත් නැහැ . සල්ලි නම් එන්නේ ට්‍රෙලර් මැෂිමෙන්නේ. තාත්ත ඔච්චර රෑ වෙනකම් මොනවා කරනවද මන්ද . අම්ම නම් කියන්නේ සල්ලි හොයන්න තාත්ත හරියට මහන්සි වෙනවා කියල . තාත්ත ගොඩක් දේවල් දන්නවා කියල . ඒ වුනාට තාත්ත පොතක් කියල දෙන්න දන්නේ නැහැනේ . හොරට පිටු පෙරලලා මග අරිනවා . අනික කුස්සියේ වැඩ මුකුත් දන්නේ නැහැ . උම්මා දෙද්දී ''විස්කර්ස් ''[ එයා ඒවාට රැවුල කිව්වට මන් නම් හිතන්නේ විස්කර්ස් කියලයි.] ඇනෙනවා.
    අම්ම වගේ කවන්න දන්නෙත් නැහැ . එකම හොඳේ ඉක්මනට කන්න ..දත් මදින්න ..දැන් සෙල්ලම් කළා ඇති වගේ අම්මගෙන් තියෙන කරදර නම් මුකුත් තාත්තාගෙන් නැහැ . ඉල්ලන ඕන දෙයක් අරගෙන දෙනවා . අම්ම වගේ පැනිරහ වැඩිය හොඳ නැහැ . ඔව්ව කෑවම බත් කන්නේ කොහොමද .. ඒවගේ මෝඩ කතා නම් තාත්ත කියන්නේ නැහැ . අක්කට නම් ඉතින් තාත්ත තමයි ඕන දේකට. මෙහෙම කිව්වට මමත් තාත්තට ගොඩක් ආදරෙයි.''
    මිට .
    .පුංචි බනියා

    ReplyDelete
  56. ඉතාම සංවේදී.. අති විශිෂ්ඨ ලිපියක්. ...
    සියලු පියවරුන්ට මෙම ලිපිය උපහාරයක් වේවා !!!!!!!!!!

    [oyala liyapu ava copy karata sorry....mama blog valata aluthhm aluth ..matah asayi oyala ekk set vent]
    Budusranyi
    Erandi

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails