Sunday, October 18, 2009

මා උමතු ප්‍රේමවන්තයෙක් බවට පත්වී ඇති වග ඔබට නොවැටහෙන්නේ මන්ද . . . . ??


ඔබ දන්නවාද මගේ හදවත ඔබේ හදවත සමඟ සල්ලාපයක වග . . .
ඔබට ඇසුනාද මගේ හදවත ඔබේ හදවතට කියූ ඒ සුන්දර රහස . . . .
කුමක්ද මට මේ දැනෙන නුහුරු හැඟීම . . .
ප්‍රේමිය . . .
මගේ සිතේ ඔබ වෙනුවෙන් ආදරයක් ඉපදිලා . . .
ඇයි මම මෙතරම් නොසන්සුන් වෙලා . . .
මටත් සිතා ගත් නොහැකියි ඒ මන්දැයි කියා . . .
මා උමතු ප්‍රේමවන්තයෙක් බවට පත්වී ඇති වග ඔබට නොවැටහෙන්නේ මන්ද . . . .
ඔබේ නොසැලකීම් හමුවේත් . . . නොරුස්සනා බැලුම් හමුවේත් . . නොසැලී . .
මගේ ප්‍රේමය ගඟක් සේ ගලා යනවා ඔබට නොපෙනේද . . . ?
සයුරක් සේ රළ බිඳී පෙරලී වෙරලටම ඇදී එන සේ . . . එය ඔබේ පාමුලටම ඇදී එනවා ඔබට නොදැනේද . . . ?
මගේ පන වන් දයාබරිය. . .
සුන්දර ප්‍රේමනීය සමනලිය . . .
ඔබේ සියුමැලි කන මගේ ළයට කිට්ටු කර අසා බලන්න මගේ හද ගැහෙන රිද්මය . . .
එහි ගැයෙන්නේ මා ඔබට ආදරෙයි . . මා ඔබට ආදරෙයි කියා නොවේද . . .
ඔබ එය හඳුනා ගත්තා නම් . . .
ඔබත් මට ආදරේ වනවාට කිසිදු සැකයක් නෑ . . . මට විශ්වාසයි . . .

ඔබ සිතනවාද ඔබ මගෙන් ඉල්ලීමක් කලොත්
ඔබට අවැසි රාත්‍රියේ සිසිලස දෙන චන්ද්‍රයා කියා . . .
නැතිනම් . . .
චන්ද්‍රයාට ඔමරි පාමින් දිදුලන තරු කැටයි කියා . . .
මා ඒ සියලු දේ ඔබ හමුවේ ගෙනත් තබන්න පැකිලේවි කියා . . .
ඔබ මොහොතට වත් සිතනවාද . . .
. . . .
මේ නිල් අහස් ගැබ සරසන වලාකුලු ඔබේ නෙතට බාදාවක් නම් . .
මා ඒවා ඔවුන් ආ දිහාට ම තල්ලු කොට දමන්නම් . . .
මේ මල් සුවඳ රැගෙන හමායන සීතල සුලං . . ඔබේ සියුමැලි ගතේ හීගඩු නංවනවානම් . . .
මා ඔබ වටා පවුරක් මෙන් සිට සීතල සුලඟට ඔබ අසලකට වත් නො එන්න දෙන්නම් . .


ලෝක පාලන දෙවියනේ . . .
ඔහුගේ මේ උමතු ප්‍රේමය මට විඳින්නට නොහැක්කේ මන්ද . . .
සැමදා මා ජිවිතයෙන් පැතුවේත් මෙවැනි සුන්දර ප්‍රේමයක් ම නොවේද . . .
මෑතින් නිලට නිලේ උතුරා යන ගංගාවක් තිබිය දීත් . . .
ඈතින් පෙනෙන සහරාව දිහා මා නෙත් යොමා ගෙන . . .
මේ සා පිපාසාවේ මියැදෙන්නට තන්නනේ මන්ද . . . ?

ප්‍රේමිය . . . ඔබ නොමැති ව මේ කිසිවකින් මා සෑහිමකට පත් නොවන බව ඔබ දන්නවාද . . .
මේ මුලු ලෝකයම වුවත් මට ඔබ පාමුල තැබිය හැකියි . .
මගේ හද ගැහෙනා රාවය ඔබ කෙදිනක හෝ වටහා ගත් දිනට . .
ඔබත් පෙරලා මගේ හදවතට ආදරය කරන බැව් මා දනිමි . . .
අහෝ ඒ දිනය මෙතරම් පමා වන්නේ මන්ද . .. ?

අනේ මගේ පැරනි මතකයන් . . .
වරදවා වටහා ගැනීම් . . .
මේ අක් මුල් ඇයි මාව මෙතරම් තදින් බැඳ දමා තිබෙන්නේ . . .
මගේ හැම මතකයක් ම . . මගේ හැම සිහිනයක් ම . ..
මා ඔහුගෙන් වෙන කර තැබීමට ම මට බල කරනු ලබන්නේ කිනම් පාපයකටද . . .
මගේ හිතවතුන් . . ළබැඳියන්
මා ඔහුගෙන් වෙන් කිරීමට කැස කවන්නේ මන්ද . ..
මේ වරදින් මා නිවරදි කොට ඔහුගේ දඟකාර ප්‍රේමයේ මට සතුටින් ඔකඳ වන්නට . . .
අනේ දෙවියනේ මට ශක්තිය ලබා දුන මැනවි . . .

සොඳුරිය,
ඔබගේ දෑතේ පහස නොමැතිව මට මියෑදෙන්නත් නොහැකි බව ඔබ දනීද . . .
ඔබේ සිනිදු දෑඟිලි මගේ හිස පිරිමදින සුවය විඳිනට
මගේ හිස කෙස් කෑගසා කරන ආයාචනය ඔබට නොඇසේද . . .
ඔබ කෙසේ මා පිලිකෙව් කලත් . . .
මට ඔබෙන් වෙන්වී යා නොහකි බැව් ඔබ දනීද . . .
පූසි පැටියෙක් ආදරයෙන් ළයට තුරුළු කර ගන්නා මෙන්
ඔබ මගේ ළයේ හිස තබාන පිරිමදින අයුරු මා සිහින මවනා බව ඔබ දනීද . . .
මගේ ආදරයේ සුවඳ ඔබ තේරුම් ගන්නා තාක් කල්
මට ඉවසීමෙන් ඔබ දිහා බලා සිටිය හැකි බැව මා ඔබට පවසමි . . .
එදාට මේ කුරිරු ලෝකයේ යදම් බිඳ මා ඔබ මගේ ම කර ගන්නා බැව් මා ශපථ කරමි

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

Dil ne ye kahaahe dilse . .



මේ මා ආදරය කරන, මගේ හද සසල කල හිංදි ගීතයක් . . .

මේ ගීතය දැනට වසර ගනනාවකට පෙර ප්‍රදර්ශනය වූ ආක්ෂය කුමාර්,ශිල්පා ශෙට්ටී,සුනිල් ශෙට්ටී රඟපෑ "ධඩකන්" චිත්‍රපටයේ . . .

මුලින්ම මා මේ ගීතයට ආදරය කරන කාලයේ මෙහි තේරුම සම්පූර්නයෙන්ම මට කෙසේ වත් වැටහුනේ නෑ . . .නමුත් පසුකාලයකදී . . . හිංදි වචන එකක් දෙකක් එහෙන් මෙහෙන් අහුල ගෙන තේරුම් ගතහැකි කාලයේ ත් චිත්‍රපටයේ තේමාව අනුවත් මා අනුමාන කලා මෙහි වචන මේ ආකාරයෙන් විය යුතුයි කියා . . .


යක්කුන් අතර සුන්දර යක්කු ඇති බව ඔබ කෙදිනක හෝ අසා තිබෙනවාද . . . ඔව් මේ බ්ලොග් අවකාශයේ එවැනි සුන්දර යකෙක් සිටී . . ඒ අපගේ සිත් ගත් ප්‍රියතම පැරණි හා නවක හිංදි ගීත වල තේරුමත් . . . ගීතයත් අපට ලබා දෙන රුහුනුයකා යි . . .

මා ඔහුගෙන් ඉල්ලීමක් කලා මට මේ ගීතයේ තේරුම ලියා එවන්න කියා . . ඔහු හැරෙන තැපෑලෙන් මගේ ඉල්ලීම ඉටුකලා . . . (එයින් ඔහු තවදුරටත් ඔප්පු කලා තමා සුන්දර යකෙක් බව හික්ස් . . ) ඔහුගේ විද්‍යුත් තැපැල් පණිවුඩය දුටු වනම මට වැටහී ගියා ගීතයේ තේරුම මා සිතා සිටි ආකාරයට ඉතා කිට්ටු බව . . .

මේ සටහනේ අගට ඔහු මට ලියා එවූ ගීතයේ තේරුමත් එකතු කලා කිසිවෙකුට අවැසි නම් මේ ගීතයේ පදවැල් වල නියමම අරුත දැන ගනීම සඳහා . . . . ඉතිං මා කැමතියි රුහුනුයකා සහෝදරයාට විශේෂ ස්තූතියක් මේ සමග පිරිනැමීමට . . . ඒ සමඟම හිංදි ගී වලට ප්‍රිය කරන ඔබ සැමගෙන්, ඔහුගේ බ්ලොග් අඩවියට පා නගා ඔබ කැමති ගී රසවිඳ පසුව කමෙන්ටුවක් දමා ඔහු දිරිමත් කරන මෙන් මා කාරුනිකව ඉල්ලා සිටින්නත් කැමතියි . . .


Dil ne ye kahaahe dilse . . !
මගේ හදවත ඔබේ හදවත සමගින් පැවසුවෙ මෙයයි
මම ඔබට ආදරය කරමි මගෙ පන, මගෙ පෙම්වතිය,
මා කෙරෙහි විශ්වාස කරන්න මා නොසන්සුන්ව හිඳිමි,
ඔබද එය අත් විඳ බලන්න
මගේ හද ගැස්ම වටහා ගන්නට උත්සාහ කරන්න
ඔබත් මට ආදරය කරන්න

ඔබ මගෙන් ඉල්ලා සිටිත් නම් සඳද තරුද ඔබට ගෙනත් දෙන්නම්
මේ වලාකුළු, මේ සුළං නැවත හරවා රැගෙන එන්නම්
මා මේ දකින්නේ කුමක්ද? මට මේ සිතෙන්නේ කුමක්ද?
මා අසළ ගංගාවකි ඈතින් සහරාවකි
එහෙත් මෙතරම් පිපාසාව ඇයිදෝ

මුළු ලොවම ඔබේ පාමුල තබන්නෙමි

මගේ මතකයටත් මගේ සිහිනයටත් සෑම දිනකම පැමිනෙන්නේ ඔබමයැ
එතරම් ඔබ මට වද දෙන්නේ ඇයි
ඔබේ දෑතින් මිදී ඔබේ මගෙන් මිදී මම කිසි දිනෙක ඉවත නොයමි
මම නැවත ඔබ වෙතට එන්නෙමි
එය මගේ පැතුමයි එය මගේ පොරොන්දුවයි
ඔබව ලොවින් සොරකම් කොට රැගෙන යන්නෙමි
එතෙක් පොඩ්ඩක් ඉවසන්න

16 comments:

  1. මේ සින්දුවේ ශබ්ද රසයට පෙම් කලේ මා එහි අර්ථයක් නොදැනය.නමුත් මම දැන් මේ සින්දුවේ අර්ථ රසයටද පෙම් කරන්නෙමි.ඒ අර්ථය දැනගත් බැවිනි.ස්තූතිය දුකා අයියට සහ දුකා අයියට උදව් කල රුහුණු යකාටත් :D

    ReplyDelete
  2. @ හසී !
    සතුටුයි ඔබත් මේ ගීතයට ප්‍රිය කරන්නෙක් බව දැන ගන්න ලැබීම . . .

    ReplyDelete
  3. ඔබ හින්දි ගීත වලට ප්‍රිය කරන බව දැන ගැනීම සතුටක් දුකා...! මගෙත් එක විනෝදාංශයක් තමා ඕක.

    අගේ ඇති ගීතයක්. නමුත් මා මීට කලින් මෙහි තේරුම මේ තරම් ලස්සන වග දන්නවා නම් ඒ වටිනා කම තවත් වැඩි වෙන්න තිබුණා....!

    බොහොම ස්තූතියි මචං...!

    ReplyDelete
  4. ගායිකාව කියන කොටස අයින් කරලා ගත්තා නං, ඔය සිංදුව කියන්න ගැළපෙනම කෙනා මම! වෙන අගය කිරීම් ඕන නෑ, ඒකෙන් වෙන්නේ මගේ අගය කිරීමේ අගය බහින එක.

    "ඇයි මම මෙතරම් නොසන්සුන් වෙලා . . .
    මටත් සිතා ගත් නොහැකියි ඒ මන්දැයි කියා . . .
    මා උමතු ප්‍රේමවන්තයෙක් බවට පත්වී ඇති වග ඔබට නොවැටහෙන්නේ මන්ද . . . .
    ඔබේ නොසැලකීම් හමුවේත් . . . නොරුස්සනා බැලුම් හමුවේත් . . නොසැලී . .
    මගේ ප්‍රේමය ගඟක් සේ ගලා යනවා ඔබට නොපෙනේද . . . ?"

    ගොඩාක් ස්තුතියි!

    ReplyDelete
  5. @ LishWish !
    ඔව් මමත් හිංදි ගී ලෝලියෙක් . . . ඉස්සර පුංචි කාලේ සවස තුනේ සිට හතර දක්වා ගුවන් විදුලියේ වෙළඳ සේවයේ විකාශනය වූ . . . හිංදි ගී අහන්න ඒ කාලයේ ලොකුම හා වටිනාම දේ වූ සෙල්ලම් කිරීම පවා කැප කලා බොහෝ වෙලාවට . . .හිංදි ගී වලට ඇති ආශාව නිසාම . . . . !

    ReplyDelete
  6. @ Supun Budhajeewa!
    එල එල මල්ලී . . . එහෙනම් මේක බොක්කටම වැදිලා තියෙනවා ආ . . .

    අනේ මට මැවිලා පේනවා සුපුන් මල්ලී ප්‍රේමිය ගේ පස්සෙන් යන හැටි හා එයා ඔයාට නුරුස්සනා බැලුම් දාන හැටි . . . . .

    අධෛර්‍යමත් වෙන්න එපා මල්ලී . . . . ඔහොම යං . . .

    ReplyDelete
  7. @දුකා:

    [said:දුකා]
    අනේ මට මැවිලා පේනවා සුපුන් මල්ලී ප්‍රේමිය ගේ පස්සෙන් යන හැටි හා එයා ඔයාට නුරුස්සනා බැලුම් දාන හැටි . . . . .
    [/said]
    නෑ නෑ... එහෙම චාටර් වෙන්න පස්සෙ යන්නෙ නෑ! ;-)

    ReplyDelete
  8. @ Supun Budhajeewa!
    අහ් එහෙනම් කමක් නෑ . . නමුත් මලේ පොඩ්ඩක් එහෙම යන්නත් ඕන . . නැතිනම් එයා දන්නෙ කොහොමද ඔයා එයාට ආදරේ කරන බව වත් . . . ?? හික් හික්

    ReplyDelete
  9. නෙස්ප්‍රේ වගේ !
    මේකට දාන්න දෙයක් මට තාම හරියට හිතුනේ නෑ.ඒක හින්දා මේක මම මූණු පොත් තාප්පයේ ඇලෙව්වා.

    ReplyDelete
  10. @ මුචලින්ද !
    ස්තූතියි මලේ . . .

    ReplyDelete
  11. ප්‍රේමයෙ වනාහි විද්‍යාත්මක ඔසුවක් නොමැති එක්තරා උමතු රෝගයකි. ප්‍රේමයේදි අප සැවොම උමතු වේය.
    එය කුමන කාරනයක් අරභයා දැයි අපි නොදන්නේය.
    නමුත් ඒ උමතුව තුල කවියන් බිහිවේය.
    කාව්‍ය සාහිත්‍ය පෝශිත වේය.
    සොදුරු මිනිසුන් බිහිවේය.
    ඔබද එවන් සොදුරු මිනිසෙකි.

    geethge.blogspot.com

    ReplyDelete
  12. ම්… ඇත්තටම ලස්සන ගීතයක්නම් තමයි…නමුත් බොළඳ වැඩියි කියල හිතෙනව…ඔය සිoදුව මුලින්ම අහපු දවසෙ ඉඳලා මමත් ආසකළා…
    ඇත්තටම තේරුම නොදැනගත්තත් ‘සoගීතය’ නැමති විශ්වීය භාශාව නිසා ඕනෑම හොඳ නිර්මාණයක රසය සන්වේදී සත්වයෙකුට දැනෙනවා..

    මටත් මතකයි ඉස්කොලේ යන කාලේ (එක්දහස් නවසිය බරගණන්වල ) හවස තුන වෙනකොට කතාපෙට්ටිය ගාවට ගාටනවා..රන්ජිත් පීරිස් මහත්මයගෙ හරි රවිලාල් විමලධර්ම මහත්තයගෙ හරි ගැඹුරු කටහඬින් ගීතයේ භාවය තෙපලද්දි “නූරි….”ටයි “ඒක් පූල් දෝ මාලි”ටයි හිතින් පෙම් කරපු බව හොඳින් මතකයි.ඇත්තටම තේරුමවත් හරිහැටි නොදැන උත්තර භරතීය සoගීතයට වහ වැටුණා කිව්වොත් නුඹ එකඟ වේවි.සමහර වෙලාවට කතාපෙට්ටියේ බැටරිය චුරු ගිහිල්ල තියෙද්දිත් “කුරු කුරු ගගා ඒක පණ අදිද්දිත් ඒක නිවා දැමීමට නොසිතුනු වාර අනන්තයි….කොහොම නමුත් උත්තර භරතීය සoගීතය හදවත් කොහේදෝ අනන්තයකට ගෙනියනවා …එය නිරාමිස සුවයක්…(මම හිතනවා දුකා මේ ගැනත් ලස්සන ලිපියක් ලියාවි )

    ජය!

    සුලා...

    ReplyDelete
  13. @ Geeth !
    "ප්‍රේමයෙ වනාහි විද්‍යාත්මක ඔසුවක් නොමැති එක්තරා උමතු රෝගයකි. ප්‍රේමයේදි අප සැවොම උමතු වේය . "

    ෂා නියම අදහසක් මචං . . .

    ඔව් මම සොඳුරු මිනිසෙක් බව නම් මමත් දන්නවා . .
    කවියෙක් වීමට පාරමී පුරමින් ඉන්නා සොඳුරු මිනිසෙක් . . .

    ස්තූතියි . . .

    ReplyDelete
  14. @ Anonymous සුලා !
    ඔව් ඇත්තෙන්ම ඒ ගැනත් දවසක ලියන්න ඕන . . . ඒත් මම හිතන්නේ මට වඩා ඒ වැඩේට ඔබ සුදුසුයි කියලයි . . .
    ඔබ මට ලියල එව්වොත් මම මගේ බ්ලොග් එකේ පල කරන්නම් . . හොඳද අදහස . . ???

    ReplyDelete
  15. Thilini Jasin ArachciOctober 27, 2009 at 2:12 PM

    මම දනිමි,ඔබේ හදවත ගැහෙන රාවය....ආදරය...ආදරය...පින්සාර ආදරය.......
    ආත්මයම සුවද කරන්ට.... වර්ණවත්ව හැඩගන්වන්නට මේ උමතුප්රේමවන්තයාට හැකි බැව්........දනිමි...
    ගලන ගග සේ ........වෙරලට ඇදෙන රල සේ ....
    ඔබ මා වෙත ඇදි එනවිට මම ඔබව ආදරයෙන් වැලදගමි.....
    ඔබේ ජල කද සැඩ උනත්..... චණ්ඩ උනත් ........
    සෙනහසින් මා ඔබව වැලද ගමි......
    සුවකල නොහැකිව රෝගාතුර වු මට ලොව ඇති එකම ඔසුව ඔබේ ප්රේමය පමණි.....
    ඉරිතැලි ගිය මහපොලව දිය පැන් පොදෙන් පනගැන්වෙනව සේ .....
    ඔබේ ප්රේමයෙනි ඉපල් වු මාසිත මියුරු රිද්මයකින් ඔකද වන්නේය.....
    කියන් උමතු පෙම්වත.....ඔබේ ප්රේමය මගේ ජිවිතය වුයේ මන්ද....?
    මොහොතක් නොදුටු ඔබේ රුව දකින තුරු ....පිස්සියක සේ
    සේ සසල මගේ සිත.....
    ප්රේමනිය වදනක් මගේ සවනත් නොවැකුන කල .....බිරකු සේ බිරි වුයේ මන්ද....?
    බිරකු,ගොලුවකු,පිස්සියකු කරන්නට තරම් ඔබේ ආදරය ශක්තිමත් වුයේ කෙසේද...?
    හැඩකාර සමනල්ලු,ගුම් නද දෙන මිමැස්සන්,ගි ගයන කුරුල්ලන්
    මා වසග කරාවිද ....ඔබ මා ලග නොමැතිනම්.......
    අද හින හෙන හිරු හෙට හිනහෙවිද ඔබ මා ලග නොමැතිනම්..........
    මේ සුදු සමන්පිච්ච හෙට සුවදක් ගෙනේවිද ඔබ මා ලග නොමැතිනම්.......
    සුදු හන්සයෝ ආදයෙන් වෙලේවිද ඉවුරු කොනක අපි නැත්නම්.....
    මේ ලොකය මට සොදුරු තැනක් වේවි......ඔබ මා ලග නොමැතිනම්
    අහන්න....ආදරනිය පෙම්වත....මගේ ආත්ම ගනනක් සෙනහස ඔබයි......
    අහින්සක මගේ ලොවට එපා කිසිදා කුරිරුවි,නපුරැවි....තලාදමන්න....
    ඔබේ සෙනහස මගේ පුජනිය වස්තුවයි...
    අපේ ආදරෙන් ඔබේ ලොකයට සැමකල් මල්වැසි වසිවා.!!!!!!!!!!!!!!!!.

    ReplyDelete
  16. @ Thilini Jasin Arachci!
    අහ් තිලිණි ටත් ලස්සනට ලියනන් පුලුවන්නේ . . . ඔයාත් බ්ලොග් එකක් පටන් ගත්තා නම් හරි . . . ! !

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails