Wednesday, May 21, 2014

බබාට නමක් . . . !!!


බබෙක්ට නමක් දාන සීන් එක ගැන අපි ලඟදී කතාවක් ගියා.

ඒ වෙලාවේ මට හිතුනේ අපේ රටේ මේ නම් බබාට නම් දාන ක්‍රියා පටිපාටියේ මාර මෙව්වා එකක් තමා තියෙන්නේ සහ තිබිලා තියෙන්නේ කියලා.

සුද්දන්ට නම් කිසි ඊ ඊ ඊ ඊ ම අවුලක් නෑ මීට පරම්පරා හය හතකට නෙමේ දහය දොලකට කලින් දාපු නම් ම තමා තාම දන්නේ - පීටර්, සයිමන්, ක්‍රිස්ටෝපර්, කොලින්, ජේම්ස්, ජෝර්ජ් ඔන්න ඔය වගේ.

මම හිතන්නේ ඉස්සර බුදුන් බුදුවෙන්න පෙරුම් පුරන කාලෙත් එහෙම වෙන්න ඕන ඒකනේ ඔක්කෝම ජාතක කතාවල ඉන්න රජතුමා බ්‍රහ්මදත්ත වෙලා තියෙන්නේ.

රජ පවුල් වල නම් අපේ රටේත් ඒ කාලේ එහෙම වෙන්න ඇති නේහ්?

ඒකනේ ඉතිහාසය ලියපු අය අඳුන ගන්න ලේසියට 1වෙනි 2වෙනි 6වෙනි පරාක්‍රමබාහු, විජයබාහු, රාජසිංහ වගේ හඳුන්වලා ලියලා තියෙන්නේ.

ඒකට වර්තමානේ.

බබාට දාන නම මීට කලින් කිසිම කෙනෙක්ට නොතිබුනු නමක්ම වෙන්න ඕන. ෆුල්ම අන්කොමන්. 

ළමයගේ දෙමාපියන්ට, නෑදෑයන්ට, අසල්වැසියන්ට කොටින්ම ළමයට ලොකු උනාම ඌට / ඒකිට වත් උගේ / ඒකිගේ යාලුවන්ටවත් කියෝ ගන්න බැරි අන්ජබජල් නමක් උනත් කමක් නෑ අන් කොමන් නම් වෙන්න ම ඕන.

අනික් කාරනේ තමා ළමයා උපන්න ගමන් වේලපත්කඩේ බලපු කෙනා දුන්නු අකුරු වලිනම් වෙන්නත් ඕන.

අපේ ඕන් ඔය අන්කොමන් ස්ට්‍රැටජි එක ටක්කෙටම තේරුම් ගත්තු හොඳ බිස්නස් කාරයෙක් වෙච්චි අරිසෙන් අහුබුදු මහත්තයා නම් ජීවත් වෙලා ඉන්න කාලේ ගොඩේ ගොඩ ගියා.

රුපියල් 2500ක් එතුමගේ එකවුන්ට් එකට ඩිපොසිට් කලාම නමට දුන්නු අකුරු වලට මැච් වෙන නම් ලිස්ට්ම එවනවා. (මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල් කොල්ලගේ නම් ගත්තෙත් එහෙම්ම තමා)

ඒ නම් වල තේරුම් ටිකත් එතුමම දෙනවා. ඇත්ත බොරුද කියලා දන්නවායැ. හා හා ඒකේ තේරුම් ඒක තමා කියලා අපිත් ඉතින් නමක් දානවා. දාලා හැමෝටම කියනවා "අපි නම් ළමයට අන් කොමන් වගේම හොඳ තේරුමකුත් තියෙන නමක් දැම්මා" කියලා. :D

හැබැයි ඉතින් ඒ නම් වල තේරුම ඒ කිව්ව එකමද කියලා වෙලාවකට හිතෙනවා සමහර නම් ඇහුවාම.

මේ ලඟදී කොහෙද කතාවෙනවා ඇහුනා හෙමින්ද? කියලා නමක්.

හෆොයි ඒක ඇහුනම මට මැවිලා පෙනුනේ ඒ කොල්ලා ඇවිදින වැඩ කරන විදිහ ගැන. (නම හෙමින්ද? උනාට වැඩ සුපර් මෑන් වගේ ඩබල් එකේ වෙන්න ඇති හැබැයි)

අපි හිතාගෙන ඉන්නේ ඔය ජ්‍යෝතිෂ්‍ය සහ ගුප්ත දේවල් ගැන ඉස්සර හිටපු මිනිස්සු තමයි වැඩිපුර සැලකිල්ලක් දැක්කුවේ කියලා.

ඒත් අපේ රටේ හැබෑවට නම් වෙන්නේ ඉස්සර හිටි නූගත් මිනිස්සුන්ට වඩා දැන් ඉන්න විද්‍යාව උගත් මිනිස්සු මේ ජ්‍යෝතිෂ්‍ය සහ ගුප්ත දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න එක. හා නැද්ද??

ඒත් ඒ කාලේ මිනිස්සු නම් තිබ්බේ ඒ ඒ කාලේ සමාජීය වෙනසට සමාන්තරව කියල මට හිතෙන්නේ.

සුද්දෝ අපිව යටත් කර ගන්න කලින් රංකිරා, ඩිංගිරි, පොඩිනා, එතනා වගේ නම් තිබ්බ අය සුද්දගේ කාලෙන් පස්සේ (සුද්දගේ පාලනයේ බලපෑම තිබුනු පැතිවල විශේෂයෙන්) එක්කෝ සුද්දගේ නමම බබාට දැම්මා එහෙම නැති නම් සුද්දගේ නම අපිට කියෝ ගන්න පුලුවන් විදිහට බබාට දැම්මා. හරි සිම්පල්.

මාටින් - මාටින්ම උනා. ජෝර්ජ් - ජෝර්ජ්ම උනා. ග්‍රෙගරිස් - ගිරිගෝරිස් උනා, ඇග්නස් - ඇගිනස් උනා ශෝර්ට් කරලා ඇගිනා උනා, එලිසබෙත් සෝර්ට් කරලා එලිසා උනා. ඒබ්‍රහම් - ඒබරන් උනා, පෘතුගීසි සිඥ්ඥෝරේ - සිඥ්ඥෝ උනා.

පරන මිනිස්සුන්ගේ මේ බබාලට නම් දැමීමේ කලාව තේරුම් ගන්න අපේ අපේ අම්මගේ තාත්තා - අපේ ආතා නම් දාපු විදිහ බැලුවාම පහසුයි කියලා මට හිතිලා තියෙන්නේ.

ආතා හොඳ ජ්‍යෝතිෂ සාස්ත්‍රඥයෙක් උනාට ළමයි අටදෙනාගේ නම් දාලා තියෙන්නේ සමාජීය පරිවර්ථනයට අනුකූලව කියලයි මම කියන්නේ.

ලොකුම ලොකු අම්මා මියුරින්, දෙවෙනි ලොකු අම්මා අයිසා, ලොකු මාමා අන්දිරිස් (නැන්දට ඒ නම කැතයි කියලා කවුරු ඇහුවත් කියන්නේ මාමගේ නම ආනන්ද කියලා හිකිස්) අපේ අම්ම ජස්ලින්. මේ අය සුද්දගේ පාලන කාලෙට කිට්ටු අය - අපේ අම්මා 1945.

ඉන් පස්සේ උපන් එක මාම කෙනෙක් සෝමවීර, අනිත් කෙනා ජිනසෝම, පුංචි කල්‍යානි, පොඩි මාමා කීර්ති.

. . .. . . .. . ..

සෝමා ජයකොඩිගේ කර්නල්ගේ බිරින්දෑවරු පොතේ තැනක තියෙනවා කර්නල් දෙවෙනි සැරේ බඳින නෝනා - ධරනි ටීචර් හීන මැව්වා කියලා පුතෙක් උපන්නොත් පුතාට මනු හරි මනුජය කියලා දන්න ඕන කියලා.

ඒ වගේ අපේ ගෙදර උන්දෑත් හිතාගෙන ඉඳලා තියෙනව කොල්ලට "ශ්" හරි "ෂ" හරි අකුරෙන් ඉවර වෙන නමක් දාන්න ඕන කියලා, කොහේද අහුබුදු උන්දෑ දුන්නේ නෑනේ එහෙම නමක්.

මනු කියන නමට මමත් හරිම ආසයි. ආයි කොල්ලක් උපන්නොත් නමට අකුරු කුදගහන්න කියලා ඌට මනුජය (මිනිසුන්ගේ හිත් දිනා ගන්නා) කියලා දාන්න ඕන.

අර කලින් කිව්ව වගේ ඉස්සර හිටපු නූගත් ගුප්ත දේවල් ජ්‍යෝතිෂය විස්වාස කරපු අන්ධභක්තික මිනිස්සුන්ට වඩා ජ්‍යෝතිෂය, රොඩී වශී ගුරුකම්, මළයලි ගුරුකම්, සාස්තර, පේන, අන්ජනම් බලන ඒවට ඇබ්බැහි උනු විද්‍යාව උගත් සමාජයේ උඩුගම් බලා පීනන්න . . . .

කොටින්ම තමන්ගේ දරුවට තමන් ආසාකරන නම් දාන්න අපේ සපාට සහ සමන්තිට තිබ්බ හිතේ දහිරිය අපිටත් තියෙයිද බලමු හහ් . . . !!

. . .. . .. 

බබාට නම් කියලා ගූගල් සර්ච් කලාම ආවේ ඔය උඩින්ම තියෙන ෆොටෝ එක. ඒකේ ඔයිට වඩා නම් ගොඩක් තියෙන පින්තූරයක් ආවා ඊමේල් වලින්. ඒක හොයා ගන්න නෑ අප්පා

. . .. . ..

අහ් කියන්න බැරි උනා . . බ්ලොග් එකේ උඩින්ම මම චන්ද විමසීමක් දැම්මා පොඩ්ඩක් ඒකට ත් සපොර්ට් එකක් දීල යන්ට ඈ 

90 comments:

  1. අහුබුදු උන්නැහේ ගේ කාරිය එයැයිගේ දෝණි යසට කරගන යනවා. නිකං නොවේ කොංපිතරෙං දැන් නම දෙන්නෙත්. බොහොම වේගවත් වැඩේ සල්ලි බැදලා රිසිට් එක ෆැක්ස් කරන්න හෝ මේල් කරන්න විතරයි ඕන විනාඩි ගානකින් බඩු බනිස් තමා

    ReplyDelete
    Replies
    1. අපි ගත්තෙත් උන්නැහේ ජීවත් වෙලා ඉන්න කාලේ උනාට වැඩේ කලේ දූ කියලා අපේ නගා මටත් කිව්වා.

      Delete
    2. .ඒ ඔක්කොමත් හරි මේන්න මේ කැල්ලත් හරි // විනය තකා ස්ටාෆ් රූම් එකට ගෙන්නයි කියලා මං ඇත්තටම බයේ ගැහි ගැහියි හිටියේ// කෙල්ලො ස්කුල් යුනිෆෝම් එකෙන් තෙමුනාම අර කිව එවනං විකන්නම හිතෙනවා තමා

      ඕයි.... ලමයි ඉන්න තාත්ත කෙනෙක් නේද මේ කියන්නෙ.... තමුසෙගෙ වල් වනචර කම් වල ඉවරයක් නැද්ද..... ගෙදර ගෑනිගෙන් ගන්න ඕනි ඒවා ඉස්කෝලෙ ලමයිගෙන් ගන්න හිතන කොයි වගේ නරුමයෙක් ද තමුසෙ...

      Delete
    3. මොකද්ද බන් මේ හතර බීරි කතාව?
      නලියා ජෝක් එකට ලියපු එකකට කාට හරි මල පැනලා වගේ?

      Delete
    4. කෙල්ලෙක්ගෙ බ්ලොග් එකක මේ වගේ තිරිසන් කතා ලියන එක විහිළුවක්ද?
      ඒ නැතත් ඉස්කෝලෙ කෙල්ලෙක් දිහා මේ වගේ බලන නාකියෙක් අසහන කාරයෙක් නෙවෙයිද?

      Delete
    5. ගොන් මෙන්ඩිස් උඹටත් ලමයි ඉන්නව නේද.... මේ වගේ වල් හැත්ත ඉන්න තැන්වල වැස්සෙ තෙමෙන්න යවන්න එපා....

      Delete
    6. මේ රස නහර කපපු ඇනෝ කෙනෙක් වගේ. ඒ දැම්මේ ඒකිම ලියපු එකකට මිසක් මං දාපු එකක් නොවේ. අග වදන පමණයි මගේ.ඒ කෙල්ලටත් නැති අමාරුවක් මූටනේ තියෙන්නේ. මට උඹගැන දුකයි බං.

      Delete
    7. මට දුක අපේ ලමයි ගැන බං.... උඹල වගේ තිරිසන්නු පාරෙ ඉන්නව කියල හිතෙද්දි වැස්සකට තියා පෑවිල්ලකටවත් ලමයෙක් පාරෙ යවන්න බයයි.... ලිංගික අසහන කාරයො....

      Delete
    8. මචං කියන මලදානයක් මගේ එකේම කියපං මේ දුකා ගේ පෝස්ට් එක කන්නේ නැතුව.

      Delete
    9. නලිය ...ඔය ඇනෝගේ දුවල පාරෙ යවද්දි "ඇනෝගේ දුව"කියල බෝඩ් එකක් ගහල යවන්න කියපං ..... එතකොට අපිට එයාල දිහා නොබලා ඉන්න පුළුවන් බං ...හෙක්...හෙක්...

      Delete
    10. එහනම් දුව තාත්තාට කියයි තාත්තෙ ඔයා නිසා කොල්ලේක්වත් බලන්නේ නෑ, පිස්සු කෙලින්නේ නැතුව ඉන්න අෆ්පා.

      Delete
  2. ඔය බබාලට දාන නං සමහර වෙලාවට අම්මලත් කියන්න ලැජ්ජයි... ළමයි ගැන කවර කතාද.... හි හි... මං නං වෙලාවකට කෙලින්ම කියනව.. කවද හරි ඔය ළමය අම්මටයි තාත්තටයි බනිනව ඔය දාපු නම හින්ද කියල... ඇයි දෙයියනේ ෆොන් එකෙන් එහෙම නම කියන්න උනාම හැම පාරම ස්පෙල් කරන්න වෙනව... ( එහෙම වෙලා තමයි මමත් මගේ නමේ මුල කෑල්ල ගලෝල විසි කළේ...)

    ReplyDelete
    Replies
    1. දැන් කියහන් ඉතින් විසි කොරපු කෑල්ල මක්කෙයි කියලා හි හි

      Delete
    2. කියන්න ලජ්ජා හින්දා නේ බන් ඕක විසිකරලා තියෙන්නේ.

      Delete
  3. හපොයි...ඔන්න අපේ අම්මගේ නම මිලී ..ඒ කාලේ අපිට හිතුනේ ඕක මහා ගොඩේ නමක් කියල . දුකාගේ අම්ම වගේම අපේ අම්මත් සුද්ද යන්න ඔන්න මෙන්න කාලේ උපන් කෙනෙක්. අපි ඔය අම්මලාගේ නම් ගැන කතා වෙද්දී අම්මගෙන් ඇහුවා අපරාදේ මාලිනි කියල වත් දාගන්න තිබ්බනේ කියල . දැන් අපේ කෙල්ලෝ අහනවා මාරයිනේ ආච්චිට කොහෙන්ද එඡ්ච්ර පොෂ් නමක් අම්මටවත් නැහැනේ එහෙම නමක් කියල ...මොකද ඉතින් මුන්ගේ යාළුවො එලිසබත් , ජේම්ස් වගේ උන්නේ .

    දැන් ඔය නැකත් අකුරු පස්සේ ගියාට [ අපිත් කළා ආයේ බොරු මොකටද ] අපේ තාත්ත අපිට නම් දාල තියෙන්නේ හිතිච්ච විදිහට . මගේ නමේ තේරුම කොච්චර හෙව්වත් හොයා ගන්න බැරි වුනා. ලඟදි තමා ඉන්දියන් යාලුවෙක් කිව්වේ ඉන්දියාවේ තියෙන මලක් කියල . 70 දශකයේ නම් වලට හින්දි ෆිල්ම් වලින් පොඩි තල්ලුවක් ලැබුණ මන් හිතන්නේ .

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා අක්කටයි මටයි නම් දාලා තියෙන්නේ ඒ වගේ. එයා ඉන්දියානු ඉතිසාහසේ රසිකයෙක්. ඉන්දියානු නිදහස් සටනේ පුරෝගාමියෙක් වෙච්චි සුභාෂ් චන්ද්‍රබෝශ් නිසා මට සුභාෂ් කියලා නම දාලා, ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි නිසා අක්කට ප්‍රියදර්ශනී කියලා දාලා ඒත් නංගිට මෙලෝ රහක් නැති අනෝජා කියලා නමක් දාලා. අක්කයි නංගියි ඉස්සර මාත් එක්ක මලේ මල. මේ කැත එකාට ලස්සන නමක් දාලා ලස්සන අපි දෙන්නට කැත නම් දාලා කියලා හෙ හෙ හේ

      Delete
    2. ඒ උනාට අයියේ අවකවම කියනව නම් මට හිතෙන්නේ උඹටයි අක්කටයි මෙලෝ රහක් නැති නම් දෙකක් දාලා අනෝජා අක්කට නියම නම දීලා කියලයි, අවුල් ගන්න එපා මට අනෝජා කියන නමේ පොඩි අමුතු එක්සෝටික් ගතියක් දැනේ..! :) :P

      Delete
    3. මොන එක්සෝටික්ද බන් ඒක චා මැක්ස් අර ලිෂාන් වගේ මෙලෝ රහක් නැති එකක් නමක්. :P

      Delete
    4. //හපොයි...ඔන්න අපේ අම්මගේ නම මිලී//

      ඔය මිලි කියන නම මෙට්‍රික් ක්‍රමේ නමක් නේ. දැන් බලන්න මිලි ලීටර්, මිලි මීටර.. ඉතින් බින්දිගේ අම්මට මේ නම දාලා තියෙන්නේ ගොඩාක් දුර දිග හිතලා.

      Delete
  4. උඹේ ඇත්තම නම දුකා නම් මොකද කරන්නේ , (දුක්ගන්නාරාල වගේ එකක් නම් එහෙම), මම නම් කියන්නේ ඉංගිරිසියෙන් හෝ සිංහලෙන් හෝ ඕනෑම බාසාවකින් කියන්න ලේසි නමක් දාගන්න් ඕන. නැත්තම් ඉවරයි

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් නම දුකා උනේ මේ බ්ලොග් එක පටන් ගන්න කාලේ සහෙන දෙනෙක්ගේ දුක්ගන්නාරාළ වෙච්චි නිසා තමා බන්. කොහොමත් මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් කාගෙත් දුක්ගන්නාරාළ. හමෝගෙම ඒවා කියන්නේ මට. ඒවා ඔක්කෝම මගේ මතක සේප්පුවේ . . හෙ හෙ හේ
      කියන්න ලේසි කෙසේ වෙතත් අම්මල තාත්තල ආසා නමක් දාන්න ඕන :P

      Delete
    2. ඔය තියෙන්නේ වස්තු බීජ ..ඉතිං ලියාපන්කෝ දෙයියනේ ....

      Delete
    3. කලිනුත් සෑහෙන්න ලියලා තියෙනවා බන්

      Delete
  5. මගේ නමත් දාල තියෙන්නෙ තාත්තගෙ හිතුමතේට. (නෑ නෑ මේ දාං ඉන්න එක නෙවේ.)නැකැත් අකුරු තියා අම්ම නැත්තං එහෙම කේන්දරයක්වත් නැතිවෙනව.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි නම් දාන්න ඕන ඕ යෙස් . . :D

      Delete
  6. මම දන්න අයියා කෙනෙක් ඉපදිච්ච වෙලාවේ එයාගේ අම්මා (එයා ටිකක් උගත් කාන්තාවක් කාලේ හැටියට ) කල්පනා කළාලු දාන්ඩ නම " ලංකා භාරත ශ්‍රී චන්ද්‍රගුප්ත" කියලා.ඒ නම මාමට කියලා දීලා මාමා නම ලියාපදිංචි කරන කෙනා ගාවට යද්දි නම මතක නෑලු.ඒ කාලේ හෑන්ඩ් ෆෝන් තිබුනෙත් නෑනේ ආයේ කෝල් එකක් දීලා අහ ගන්ඩ.ඉතිං අජිත් ප්‍රියන්ත කියලා නම දාලා ආවලු.ඒකෙං ඒ අයියා සෑහෙන අපහසුවකිං මිදෙන්ඩ ඇති.

    ඡන්ද විමසීම ගැන කියනවා නං ඔය දෙකම එකයි බලයට එන එවුං එකම නං.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මාමට අමතක වෙලා තියෙන්නේ හෙ හෙ හේ . . චන්දේ ගැන කියනවනම් ඒක හරියට වැඩ නෑ වගේ බන්. ඔව් උඹ කිව්ව කතාව ඇත්ත. ඒත් අඩු තරමින් මැති ඇමතිලට හිතට එකඟව පොඩ්ඩක් හරි වැඩ කරන්න ඉඩක් ලැබෙනවා පාර්ලිමේන්තු ක්‍රමෙන්.

      Delete
  7. අහුබුදු එවපු ලිස්ට් එකේ පහලින් තිබුනාලු තෙලබනුව 077xxxxxxxx
    ඡංගම දුරකථනයට කියන සිංහල නම කියලා අපේ එකෙක් නොකිව්වනම් තව ටිකේන් ඒ නම දානවාලු

    ReplyDelete
    Replies
    1. හප්පච්චියේ ඔය වගේ සීන් එකෙක් නේද අර අහුබුදුහු කෑම කන වෙලාවේ ගෙදරට ආපු එකෙක්ට ගෙදර වැඩ කරන කොල්ල කියලා තියෙන්නේ? අහුබුදුහු උනාම ඒක බහුවචනයක් නිසා කනව කියන ක්‍රියා පදෙත් බහුවචනෙන් කියපු සීන් එක හිකිස්

      Delete
  8. අප්පා! පොඩි උන්ට නම් දාන එක සෙල්ලමක් නෙමෙයි තමයි.....මාගේ ලඟ යාළුවෙක් තාත්තා කෙනෙක් වුණා ගිය මාසේ...මුල්ම බබා..හම්බවුනේත් ජපානේ..ඉතිං ඌ ඕනෑ වුනා නම දාද්දී අහුබුදු ස්ටයිල් ඒකේ කෑල්ලකුයි, ජපන් කෑල්ලකුයි දෙකම දාන්න....ඌයි, ඌගේ වයිෆුයි අහ්බුදු ලිස්ට් ඒක බලාගෙන ඒකට ජපන් කෑල්ලක් දාලා , වටපිටාවේ ඉන්න අපිටයි,,ලංකාවේ නෑයෑන්ටයි කොල් කර කර අහනවා ..."මේ කෑලී දෙක දානවා...... එල හරකයි මී හරකයි වාගේ නෑ නේද කියලා...."කවුරු හරි පොඩ්ඩක් අවුල් වාගේ නේද කියුවොත් ආපහු මුල ඉඳලා අළුත් කෑලි දෙකක් .දාලා ආපහු ගන්ඩවා කොල්.....කොහොමහරි නම රෙජිස්ටර් කරන්න ඕනේ අන්තිම දවසවෙනකම්ම කපල් ඒක නම් දැම්මා...

    ReplyDelete
    Replies
    1. මේක කියෙව්වම මට මතක් උනේ මගේ කොල්ලට නම් දාන්න අපි දෙන්නා කතා උනු හැටි . .

      Delete
  9. මගේ නම එහෙම ඕවට ගාවගන්නෙ එහෙම නෑ ඕං..

    ReplyDelete
    Replies
    1. මනෝෂ් . . ඇත්තෙන්ම ලස්සන නමක්

      Delete
  10. මාත් ඉතිං අහුබුදු බලං ඉදිද්දි සමන්ති අහුබුදු දොනියන්දැට කියල නම දැම්ම ලොක් එකාට..

    ඈ බං දුකෝ මේ ළගදි අපි කතා කරපු තැනකදි ඔය වල් නලියල හෙම ලස්සන ලස්සන නං වගයක් කිව්වා

    නම කන උන්

    ReplyDelete
    Replies
    1. නිවාඩු පාඩුවේ ඒ නම කන උන් ගැන කියවන්න ඕන බන් . . මේ මාසේ ඉවර වෙන්න අපි ගෙවල් මාරු කරන්න කියලා .. ඉතින් වැඩ අම්බානෙක

      Delete
  11. පොඩි අදහසක්! මිනිහෙක් ට තේරෙන වයසට එද්දී තමන් කැමති නමක් දා ගන්න පුළුවන් කම තියෙන්න ඕනේ! ඒ වෙනකම් මොකක් හරි පොදු නමක් පාවිච්චි කරනවා! :D

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොම කරන්නද අප්පා. . ඉස්කෝලේ දන්නේ කොහොමෙයි එතකොට?

      Delete
  12. ළමයා ඉපදුන තැන ඉදන් මරණය දක්වාම මුලාවටම නොවැ පත් වෙන්නෙ. ඒකෙ ආරම්භය තමා අරිසෙන් මහත්තයාගේ (දුවගේ) ඔය නම් දැමිල්ල.

    ඔය පොටෝවෙ තියෙන නම් සැට් එක එක්ක මේල් එකක් මටත් ආව බොහෝ කලකට ඉහතදී.

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ . . නමක් දාලා අපි කියනවා ඔන්න උඹේ නමේ තේරුම මේකයි කියලා . . හැබෑමයි බන්

      Delete
  13. ඔය නම් වලට වඩා මේ වාසගම් මට පෙන්න බැරි සිද්ධියක්,දැන් තියෙන නම් නම් මොන එකට දානවද කියලා හිතෙනවා ....

    ReplyDelete
    Replies
    1. මාත් එක පාරක් ලංකාවට නිවාඩු ගිය වෙලාවක පල් හෑලි කෑලි ටික හලලා නමයි වාසගමයි තියෙන විදිහට නම කොට කර ගත්තා

      Delete
  14. //හා නැද්ද??// මේකට මාරයට කොපිරයිට් දීහන්.


    ඊලඟට // ආයි කොල්ලක් උපන්නොත් නමට අකුරු කුදගහන්න කියලා ඌට මනුජය (මිනිසුන්ගේ හිත් දිනා ගන්නා) කියලා දාන්න ඕන.// කියන්නෙ ඔහෙ ස්කෑන් කරල වරිගෙ කලින් කියන්නැද්ද බං? මොනා උනත් එන එකා උඹ වගේම ලෝකෙට වැඩක් ඇති එකෙක් වෙයි, ඒ නිසා අමුතුවෙන් ඒකව/ ඒකිව "මනුජය" කෙනෙක් කරන්න වද වෙන්න එපා. දෙන්නගෙ එකතුවෙන් ලසන නමක් දාහන්, මොකද ලස්සන නම්තීන මිනිස්සුන්ට ඒක ආභරනයක් පොදු සමාජෙදි.

    අපි නම් දැම්මෙත් අහුබු සහ මමහුදු ගෙ එකතුවෙන්. හැබැයි අය්යයි මල්ලියි දෙන්නගෙ නම් වල එකට යන රයිම් වෙන ගතියක් තියෙන්න දුන්න. ඒකට කවුරුත් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් නේහ් . .මාරයා තමා ඒකේ නිර්මාතෘ ඇයි පින්වතුනි කියන එක? හෙ හෙ හේ

      අහ් ස්කෑන් එකෙන් හරියට පෙන්නේ නෑලු බන් කකුල් දෙකෙන් වහගෙනලු ඉන්නේ . . ඩොකී කියනවා සස්පිශස් හිටපන් ඒකත් ජොලි කියලා

      අපිත් එහෙම රයිම් වෙන සීන් එක ගැන හිතුවා පස්සේ ඕඑච් කියලා කැමති නමක් දාමු කියලා කතාවෙනවා :P

      Delete
  15. ඔය අපේ රටේ නම් දැමිල්ල නම් විකාරයක්,,මොකාගෙන් හරි නමක් ඉල්ල ගත්තා කියමු,,මුන් එකක් නෙමේ නේ දාන්නේ 2,3 වාසගම්,ඉතින් නම හැතැම්මක් විතර දිගයි,,,මට නම් 3, වාසගම් දෙකයි...සුද්දා උන්නු කාලේ අපේ රටෙත් එක නමයි තිබිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත බන් එක නමකුයි බැරිම නම් දෙකකුයි වාසගමයි විතරක් දැම්ම නම් හොඳටෝම ඇති

      Delete
  16. දැන් ඔය දාන නම් වල නම් තේරුම් ගැන හිතද්දි වෙලාවකට විකාරයි වගේ.. අනික නිකමට හිතන්න අපේ මේ තියෙන නම් වුනත් සුද්දෙක් කියන්නේ ටිකක් විතර නුහුරට.. එහෙවු එකේ ඔය නම් සුද්දෙක් එහෙම කියද්දී ඒකට පිස්සු වගේ තියෙයි..

    ReplyDelete
    Replies
    1. සුද්දන්ගේ නම් උනත් අපිට එහෙම දැනෙන්න තිබ්බ බන් ඒත් උන් අපිව අවුරුදු සිය ගානක් යටත් කොරන් හිටි හින්දා උන්ගේ නම් අපිට හුරු වෙලා හිකිස්

      Delete
  17. මමත් අහුබුදුගෙන් තමයි නම් වලට මුලකුරු ගත්තෙ ....ගියාම පැය භාගයක් විතර කයිය ගහනව ..
    උඹ පුත්‍ර රත්‍රණයක් ඉද්දි තව පුත්‍රයකුට නමක් හිතන්නෙ ඩොකා කිව්වද නිල් ඇදුම් සුදානම් කරන්න කියල.....? ඒත් යකෝ තාම මාස ක්වත් නැහැනෙ බං ...... :)
    පිස්සු නැතිව පුතාට නංගියෙක් ගෙනල්ල දීපල්ලා දෙන්න එක්ක ඉදගෙන .....

    ReplyDelete
    Replies
    1. තාම හරියට ජාතිය කියන්න බෑලු නේ බන් බලහන් ඒකෙත් හැටි. කකුල් දෙකෙන් ඒක වහගෙනලු ඉන්නේ . . ලැජ්ජ බයට හැදෙන එකෙක් / එකියෙක් වෙන්න ඇති කියලා අපේ යෙහෙලියක් කිව්වා

      Delete
  18. අපේ ලොකෙන් උතුම් රටේ මිනිස්සුන්ට තියෙන තවත් ලෙඩක් තමයි ඔය අන්කොමන් නම් හෙවිල්ල. මගෙ පැටවුන්ට නම් දෑම්මෙ මායි අපි මායියයි..(මාය්ය කියල ලිව්වෙ මේක එයා කියවන්නෙ නැති හින්දා. නැත්නම් වසල හමාරයි ) ඒවා කොමන් නම්.. සමහර මිනිස්සු ලමයින්ට දාල තියෙන්නෙ ටන්ග් ට්විස්ටර්ස්. එව්ව කියවන්න අළුතින් ඉගෙන ගන්න ඕනෙ. මේකත් දූපත් මානසිකත්වයේ එක අංගයක්..

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි අයියේ . . ඉස්සර කාලේ තිබ්බ නමක් උනත් කමක් නෑ අපි ඒකට ආසයි නම් දාන්න ඕන කියලා මාත් කියන්නේ.

      Delete
  19. මට නම් අහුබුදු නම් ලෙඩේ තිබ්බෙම නෑ... ළමයින්ටත් නම් දැම්මේ අපි දෙන්නා අපි කැමති විදිහට. කොල්ලට නම් නම හිතාගෙන හිටියේ හම්බවෙන්නත් කලින්.

    අපේ අම්මගේ පවුලේ ගෑනු 4, පිරිමි 4. ගෑනු අයට නම් 3 වාසගමයි. පිරිමි අයට නම් 4 වාසගමයි. පිරිමි අය ඔක්කොටම දාපු නම් වල අන්තිම නම 'කුමාර'. ඔක්කොම වගේ නම් සෑහෙන මොඩර්න්. සීයයි ආච්චියි ළමයි හදන්න වගේම නම් දාන්නත් සෑහෙන ගේමක් දෙන්න ඇති.

    ඔක්කොම නම්; ගෑණු (3 X 4) = 12 + පිරිමි (3 X 4) + 1 (කුමාර ) = 13 == 25

    ReplyDelete
    Replies
    1. දෙන්නට හිතුනද දන්නේ නෑ යකෝ ළමයි හදන එක ලේසිනේ මේ නම් හැදිල්ලට වඩා කියලා

      Delete
  20. නමක් යෝජනා කරන පෝස්ට් කීපයක්ම දැක්කා පහුගිය කාලේ. අපි නම් දරුවන්ට නම් දැම්මේ අපේ දෙන්නගේ නම්වල අකුරු එහාට මෙහාට කරලා. ඔය අකුරු වලට නෙවෙයි. නම් හදාගත්තෙත් අපිමයි.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා හෙන්රියෝ වෙන්න ඕන දේ

      Delete
  21. Replies
    1. බොහොම ස්තූතියි තිසර

      Delete
  22. අරිසෙන් අංකල් (දැන් දුව) අපේ පැත්තේ පොඩි එකෙක්ට මහීෂ කියලාත් නමක් එවලා තිබ්බා..භුමියට හිතැති ද මොකක් ද මන්දා තේරුම.. අපි දන්නවා නේ මහීෂ = ගවයා කියලා.. හෙක් හෙක්

    ReplyDelete
  23. අප්පා මොනා උණත් පුංචි නම් කෑලි දෙකක් ඇති... මගේ නම ලියන්න ගියාම එපා වෙනවා.. දිග වැඩියි.. ඒ නිසා ඉතින් මම ම කෙටි කරල ලේසියට පාසුවට නමක් දා ගත්තා... ‘‘තරුරසී‘‘

    මම ත් ළමයි සෑහෙන සංඛ්‍යාවකට නම් දීල තියෙනවා... යාළුවො හෙම කියද්දි මේ ඉන්නෙ ඔයාගෙ නම දැම්ම නැන්දි කියල හිතට සතුටක් දැනෙනවා... අර්ථයක් ඇති සරල කෙටි නමක් නම් තමයි හොඳ...

    ReplyDelete
    Replies
    1. ඒ සතුට ඔයාට දැනෙන්නෙ තරු ඔයා නොමිලේම අවංකවම ඒ සත්කාර්ය කරපු නිසයි.

      ඇත්තටම දැන් ඉන්න ළමයින්ගේ නම් කියවන්න ගියාම දිවත් උලුක්කු වෙනවා.
      ළමයට නම් දෙක තුනක් දැම්මත් ඇත්තටම භාවිතා කරන්නේ එක නමයිනේ. මගේ නමේ අනිත් කෑල්ල ළඟම යාළුවෝ විතරයි දන්නේ. මං දන්න මල්ලි කෙනෙක් ඉන්නවා එයාට නම් පහයි. මං ඇහුවා මොකද අප්පේ මෙච්චර නම් දාන්නේ කියල. එතකොට මෙන්න මේකා කියාපි මෙහෙමනේ අක්කේ.........
      එක නමක් තාත්තා දාලා. අනික අම්මා. අනික ආච්චි, අනික සීයා. අන්තිම කෑල්ල පුංචි අම්මා දැම්මා කියල. ඉතිං දිග නමට මහා පතරංග ජාතකේ වගේ වාසගමකුත් ආවම කොහොමද..........
      ජාතික හැඳුනුම්පත ලියන කෙනා මොනව මතක් කරනවා ඇතිද මේ නම් දාපු අයට........

      Delete
    2. මම මුලින්ම ළමයෙකුට නමක් තිබ්බෙ අවුරුදු 7 දි.. ඒ අපේ මාමාගෙ දුවට. නවංජනා.. මගේ නමත් සෑහෙන්න දිගයි.. මම නම් ඒක භාවිතා කළේ කොට කරගෙනමයි. රුකී අක්කා කියනවා වගේ නමක් දාද්දි.. කියවගන්න පුළුවන් කෑල්ලක් එන්නෝනෙ.. නැත්තං ජාතික හැඳුනුම් පත හදන්න කලින් අඩුගාණෙ නම වෙනස් කරන්න ඕනෙ..!! හැබැයි නම් කොට කරද්දි‍ෙ ටිකක් පරිස්සම් වෙන්න වෙනවා..තේරුමට නරකක් වෙන්න පුළුවන්..! මනින්ද්‍රා භිනෝදි ජයංගා වගේ නම් මභීජා වගේ කෙටි වුණොත් අවුල් නෙ... ඒකට ඉතිං නම් කෑල්ලක් අයින් කරන එක හොඳයි.. ඒත් වාසගම දිග නම් ගැළවීමක් ඇත්තෛම නෑ.. 1 වසරෙ ඉඳන් හැම තැනින්ම බැනුම් අහන්න වෙනවා.

      Delete
  24. සුභාෂ් අය්යා, ඉස්සර අපිත් එක්ක ඉස්කෝලෙ ගියපු එකෙක් හිටියා, උගෙ නම කැලුම්. අය්යා කෙනෙක්. හොඳ ජොලි පොර. එකදවසක් උගේ නැෂනල් අයිඩී එක උස්සලා අපිත් එක්ක ගියපු කෙල්ලෝ සෙට් එකක්. ඒ කාලෙ තිබුණනේ තව එකෙක්ගේ ජාතික හැඳුනුම්පත බලන එක මාර ත්‍රිල් එකක් වෙච්ච කාලයක්. අප්පට සිරි, මෙන්න පහුවදා අයිඩී එකේ ෆොටෝකොපි යනවා වටේටම. මොකද ඒකෙ තියෙනවා කැලුමගේ සම්පූර්ණ නම. "පායා ඒ සඳ කැළුම්" කියලා තව මොකක්ද වාසගමක් තිබ්බේ. කාල වරෙන්කෝ. ඊට පස්සේ ඌට ස්කූල් බස් එකේ ඒමත් එපා වුනා.

    ReplyDelete
    Replies
    1. මගෙ නෑනෙක්ඉන්නව . . . එයාගෙ නම "සන්ද්‍යා මේඝ වලාවෝ මනෝහරී"

      Delete
    2. මරුනේ. මහත්තයට ආදරේට කියන්න ‍තෝරගන්න කෑලි කීපයක්ම තියෙනවා. සන්ද්‍යා බැරිනං මේඝා බැරිනං මනෝහාරී. තද වෙච්චි වෙලාවට ඕනනන් වලාවෝ කෑල්ලත් එහෙට මෙහෙට කරලා කියතෑකි. :D

      Delete
  25. මටනං අපේ කොල්ලට නම දානකොට ඔය අහුබුදු පිස්සුව තිබුණෙ නෑ. මමම ඔය වෙලාව බලන පොතකින් අකුරු ටික හොයාගෙන අපේ නෑදෑවෙන අයිය කෙනෙක් ලවුව ඒ ටික තහවුරු කරගෙන මට ඕන හැටියට නම හදල දැම්ම.

    ReplyDelete
  26. අයියගෙ පෝස්ට් එක ෂෝක්! අපිටත් තියෙනව අලුතෙන් පටන්ගත්තු බ්ලොගක්. ඒ පැත්තෙත් ඇවිත් යන්න.

    http://ambujasl.blogspot.com/

    ReplyDelete
  27. ඔය නම් දාන සීන් එක නම් මහ පණ යන වැඩක්.

    මගෙත් පොඩි කෙලීට නමක් දාගන්න අරිසෙන් අහුබුදු මහත්තයව තමයි මතකෙට ආවෙ. ඒත් ඉතින් ඒ වෙනකොට එතුමා ජීවත්වෙලා හිටියේ නෑ. ඒත් ඉතින් නම් බිස්නස් එක නම් ලෙසටම නැගලා යනවා මොකෝ එතුමගේ දෝණියැන්දෑ තමයි දැන් ඒ බිස්නස් එක කරන්නෙ.

    මට නම් මතක හැටියට රුපියල් 250කට වඩා ගෙව්වද කොහෙද ඒ දීපු නම් ලිස්ට් එකට. කොහොමෙන් කොහොම හරි දීපු නම් ලිස්ට් එකේ හිතට හරියන නමක් තුබුනේ "සහන්සා" කියන නම. ඒත් අපි මුල ඉඳලම කෙලීට දෙවනි නම විදිහට "ආශින්සා" කියලා දාන්න හිතාගෙන හිටපු නිසා "සහන්සා" නම "සහන්සී" කියලා වෙනස් කරලා තමයි දැම්මේ. කෙල්ල ඉපදුනේ ෂාජා නිසා එයාගේ උප්පැන්නෙ ගන්න යන්න උනා මෙහේ ආණ්ඩුවේ රෙජිස්ට්‍රාල් ලඟට. එතන නම් රෙජිස්ටර් කරන අරාබි නෝනා "සහන්සී" කියන නම අහලා බඩ අල්ලගෙන හිනා උනා. මොකද කියලා ඇහුවාම මුකුත් කිව්වේ නෑ. මම හිතන්නේ "සහන්සී" කියන්නෙ අරාබි භාෂාවෙන් කුණු හරුපයක් වෙන්න ඇති....!

    සමහර වෙලාවට ඔය සමහර නම් , සමහරුන්ට නියමෙට ගැලපෙනවා. අපේ ඔෆිස් එකේ ඉන්නවා අරාබියෙක්. උගේ නම "අලා". ඌ අල ගෝනි දෙකක් විතර සයිස් ඇති. ඒවගේම මොලේ කලඳක් නෑ...

    ඔය කාලෙකට ඉස්සෙල්ලා අපේ ගම හාමිනෙත් මෙහේ ඉස්කෝලෙක සංගීතය ඉගැන්නුවනේ. කොහොම හරි එයාට සංගීතේ උගන්නන්න ලැබිච්ච පන්තියේ පොඩි එකෙක්ට එයාගේ දෙමව්පියෝ දාලා තියෙන්නෙ "තාමර් ෆකර්" කියලා. අනිත් පොඩි උන් මූට කතා කරන්නෙ දෙවෙනි නමෙන්. අනේ ඉතින් අපේ ගම හාමිනේ පීරිඩ්යඩ් එකෙන් වැඩි හරියක් බඩ අල්ලගෙන හිනා වෙවී ඉඳලා අන්තිමට ගෙදර නැවතුනා ඔච්චර හිනා වෙන්න බෑ කියලා.....

    ReplyDelete
    Replies
    1. මොළේ කලඳක් තියෙන අරාබියෙක් ඉන්න තැනක් මට කියපංකො.

      Delete
    2. දුමී අයිය එක එක බ්ලොග් වල කමෙන්ට්ස් විදියට කතා දාන්නෙ නැතුව අර කටකහන එකේ post එකක් දැම්ම නම් නරක ද?

      Delete
  28. මම මේ ලඟදි නමක් ඇහුවා “අමදිනි” කියලා. තේරුම මොකක් උනත් .. මට නම් එක පාරටම ආවේ අතුගානවා වගේ අදහසක්. අනේ මන්දා...මමත් කලේ අහුබුදුගෙන් ලිස්ට් එකක් අරන් මට ඕන හැටියට වෙනස් කරලා ගත්තු එක...

    ReplyDelete
  29. අවංකවම කියනවා නම් මට අහූබුදු මැතිතුමාගේ නම් අල්ලන්නෑ, ඒවා නිකං "භෞමික අඛණ්ඩතා" වගේ නම්, හොඳ අවට සමාජය ගැන දැනුමක් තියෙන දෙමාපියන් නම් ළමයාගේ වෙලාවට අනුව තියෙන අකුරු ගලපලා කරුණා කරලා හොඳට හඬ නඟා කියන්නට හැකි නමක් දාන්න ළමයට..,
    ළමයෙක්ගේ පෞර්ෂය ගොඩනගන මූලික ම තැන තමා ඒ ළමයාගේ නම.

    ReplyDelete
  30. ඇයි එතකොට ඩේවිඩ්- දාවිත්, විලියම්- විලියොං, විලිසන්- විලිසොං, සීමන්- සියිමං, සයිමන්ස්- සිමියොං, ඇන්ඩෘස්- අන්දිරිස්, සිසිලියානා- සිසිලිං, තව ඇති හොයලා දෙන්නම්... අපිත් පරණ නම් දැම්මොත් මේවා තමයි ඉතින් දාන්න වෙන්නේ .....................

    ReplyDelete
  31. උඩම තියෙන ෆොටෝ කෑලි ටික නම් සෑහෙන කාලයකට කලින් ජාලයේ තැන් තැන් වල තිබුන ඒවා...අරිසෙන් අහුබුදු ශූරීන් දාපු නම් වල විකාර ගතියක් මට පේනවා...ඔහු අලුතින් සිංහල වචන හැදුවා..කවදාවත් අහලා නැති අලුත් පද මෙන්න මේ තේරුම කියලා ළමයගෙ දෙමාපියන්ට දුන්නා...හරියට සිංහල වචන අලුතින් හදන ෆැක්ටරියක් වගේ....

    මගේ හිතවතෙක් තමන්ගෙ දැන්වීම් ප්‍රචාරණ ව්‍යාපාරෙට නමක් දාගන්න අහුබුදු මැතිතුමාට ලගට ගියාලු....එතුමා ඉතින් තමන් දාපු නම් වල වරුනෙ කියමින් ඉන්නවාලු...දැන් බලන්න සිරස / සලාකා...මේවා ඔක්කොම මම දාපු නම් තමා...මම දැම්මොත් වරදින්නෙ නෑ....

    මගේ යාලුවත් කටපියාගෙනන ඉන්න එකෙක් නෙමෙයි... එතකොට මහත්තයා...ප්‍රමුඛ බැංකුවට නම දැම්මෙ කවුද...

    ආ...ඒකත් මම තමා...

    අන්න ඒක බංකොලොත්....

    ඒකත් එහෙමද කියලා අහුබුදු මහතා අහලා...ලැජ්ජාවෙන් වගේ කාර්යාලය තුලට ගියාලු........මේවා අගට ලු දැම්මෙ මම එතන හිටියෙ නැති නිසා.....

    ReplyDelete
  32. 1. චන්දය වැඩ නැත්ද මන්ද.. මට පෙන්නුවේ 0% ජන්ද ප්‍රතිපලයක්.
    2.අහුබුදු උන්නැහේට මම අකමැතිය.
    3.මගේ කෙලීට නම දැම්මේ මම. දැන් මගේ නමේ මුල් අකුරුම එයාට ද ඇත. :D

    ReplyDelete
  33. මගෙ කෙල්ලට නම් දාන්නත් පවුල ඇතුලෙන් පොඩි සිවිල් යුද්දයක් වගේ එකක් ආව. එයින් එක යෝජනාවක් තමා ටෙලි තිර කතා ලියන වයිපර්ගෙ මස්සිනා ලවුව නමක් දාන්නය කියල. බුවාගෙ නම් කෙටියි හැබැයි කදුලු පත්තරවල තියන නම්. උදාහරනෙකට බුවාගෙ දුව තරු නෙතු පහන් පූජා
    අන්තිමට අපි තීරනේකට ආව බුවාගෙ පුතාට (ඒවෙද්දි කොල්ල 9වසරෙද කොහෙද) කියල නම් දෙක හදාගන්න. කොලුවගෙ ලිස්ට් එකෙන් අපි හැමෝටම සෙට් උනේ අමාෂි දහම්සා කියන නම් දෙක.

    ReplyDelete
  34. බිත්ති හතරMay 23, 2014 at 9:23 AM

    මෙග් යාළුෙවකුෙග දුෙවක්ට නමක් දීලා තිබුණලු හංසි තාරකා කියලා , එ්්ක අහපු මිනිහෙග තාත්තා කිවිවලු නෙමි අගට ෙකාක්කුවතී කියලත් දැමිමානමි මරැෙන කියලා .

    ReplyDelete
  35. කාලෙකට කලින් අහන්න ලැබුණා. අරීසෙන් උන්නැහැ දෙන්නෙ බැබිලෝනියන් නම් කියලා...

    ReplyDelete
  36. අපේ නංගි කෙනෙක්ගේ ළමයිටත් දාලා තියෙන්නේ තෙල් බෙහෙත් බෝතල්වලට දාන නම්. මම කෝල් කරලා අහන්නේ බෙහෙත් කුප්පි තුන සනීපෙන් ඉන්නවාද කියලා. එයාට හිනා.

    ReplyDelete
  37. මගේ යාලුවෙකුට පළමුවෙන් ලැබුනේ කෙල්ලෙක් ඉතින් මූ අහුබුදු ගෙන් නමක් ගත්තා.. මේ කෙල්ලට දීපු නම තමයි ඔනෙලි, තේරුම විදිහට දීලා තියෙන්නේ පළමු කෙල්ල. උඹ දන්නවද මචෝ ඌ ඒ තේරුම පහදලා තියෙන විදිහ ඔනෙලි කියලා සුද්දාගෙ බෂාවෙන් ලියන්නේ Oneli කියලා නේ ඉතින් One කියන්නේ පළමුවෙනි li කියන්නේ කෙලි .. කොහොමද මුගේ සිංහල?


    චන්දෙ ගැන නම් කතා ඕනෙම නැහැ බන්. මම ඔය දෙකටම කැමති නැහැ.

    ReplyDelete
    Replies
    1. මචෝ ඔනෙලි කියල දරුවෙක් අපේ පුතාගෙ පන්තියෙ ඉන්නව. එහෙනං ඒ එයාද දන්නෙත් නෑ :D

      Delete
    2. එහෙනම් ඔනෙලි නෙමෙයි වනෙලි! :D

      Delete
  38. ඔය මාසෙකට වතාවක් වගේ මටත් එනව අනේ නම් ටිකක් හදල දෙන්නකො කියල... මම නම් ඒ කෙනාගෙ ආගම දහමත් බලල සොබා දහමටත් ගැලපෙන නමක් තමා කියන්නෙ.. දිව ඔලුක්වෙන නම් නම් දැන් හෙනට..අපේ අක්කගෙ පුතාට දාල තියෙන්නෙ චතුකිතුෂාන් තව කැලි ගොඩක් තියෙනව නමට...ඒක නම් මං නෙමෙයි ඇහ් දැම්මෙ...

    ReplyDelete
  39. මදෑ අක්කගේ අලුත ඉපදිච්ච දුවට ගණ ගැළපෙන්නත් ඕනැලු, නැන්දම්මා තරහ වෙන නිසා නෑනගේ මහත්තයා හදපු නම් සෙට් එකෙන් එකක් දාන්නත් ඕනැලු, අකුරු ටිකත් අවුල් අකුරු ටිකක් නිසා ගණ ගළපන්න නමක් හොයන්න ඉන්ටර්නෙට් ඇවිල්ලා මේකට hook වුණානේ. මං හැමෝටම ගණ ගැළපෙන්න නම් හදලා දෙනවා. හැබැයි මගේ පුතාට දැම්මේ ගණ අසුබ නමක්. මං ඒවා විශ්වාස නොකරන නිසා. අකුරු නම් බැලුවා, නැත්නම් මොන අකුරෙන් දාන්න ද කියලා හිතා ගන්න බැරි වෙන නිසා. කොහොම හරි හස්බන්ඩ්ට සමන්ති අහුබුදුගෙන් නමක් ගෙන්න ගන්නම ඕනැ වුණා. මං ඒත් කිව්වා එයා යකා කියලා නම තියලා යහපත් කාලය කියලා තේරුමක් දෙයි කියලා. අමාරුවෙන් බඩේ තියන් හිටියේ මම, ඒක නිසා මමම නම දැම්මා. කියන්න නම් ටිකක් අමාරුයි පළවෙනි නම සංස්කෘත නිසා. ඊළඟ සැරේ නම් සති 16 ස්කෑන් එකෙන් gender එක දැන ගත්ත ගමන් නමක් හදලා තියා ගන්නවා. මේ සැරේ නම දාන්න මාසයක් ගියා.

    ReplyDelete
  40. මමත් මේ තාම කල්පනා කොරනවා ඩ යන්නෙන් සහ හ යන්නෙන් නමක්

    ReplyDelete
  41. අ‍ේප යාළුවෙක් "නො" යන්නෙං නමක් අහලා, අපි කිව්වා දාපිය "නො‍දකං නොදෝමකිං නොසන්ඩාලයා" කියලා.

    ReplyDelete
  42. මගෙ එව්වන්ටනම් මම දැම්මා කොල්ලා ජාරක කෙල්ල කවෝදි හැබැයි සුභාෂ් කිවව් වගේ මේව නිතර ඇහෙන්නෙ නැති නම් බවට පත් කර ගන්න අනවශ්‍යය වෙහෙසක් දැරුවද කියල හිතෙනවා.මට නම දාලා තියෙන්නෙ මම ඉපදෙන වෙලාවෙ දැඩි අසනීපයෙන් ඉදල තියෙන පියසේන නිශ්ශංක කියන පුවක්පත් කලාවේදියගෙ නමෙන් කෑලල්ක් අරං නිශ්ශංක කියලයි තාත්තගෙ තව යාළුවෙක් වුණු මංජු ශ්‍රී ගෙන් මංජුල කෑල්ලයි අරං.සුභාෂ් ගෙ ලිපිය කිව්වට පස්සෙ මට හිතුනෙ තාත්තා නම දාන එක මම තරම් බරක් කරං නැහැනෙ කියලා මරු!

    ReplyDelete
  43. ඒ කොහොම වුනත් ලංකාවේ සමහරුන්ගේ වයස අනුමාන කළ හැකියි නමින්. සුනිල්ලා නිමල්ලා බහුලව ඉන්නවා වයස 55 - 70, කසුන් කෙනෙක් තරිඳු කෙනෙක් 23 -30 අතර වගේ.ප්‍රදීප් ලා වැඩි හරියක් 40 -60 වගේ.
    ඒත් ඒ අතරේ දෙයියනේ මම දන්නවා සෞම්‍ය කෙනෙක් වයස 70 යි.
    අන්කොමන් නමක් හෙව්වාට වැඩක් නෑ ඒවා ඔක්කොම එන්නේ අහුබුදුගෙන් නිසා, හිතට අල්ලලා ගිය නම දාලා බලන කොට ඒ නමම තෝරගත්ත තවත් අය ඉන්නවා.එතකොට අර අන්කොමන් වැඩේ අවුල් වෙනවා

    1969 හඳට පා තැබූ දවසේ උපන් ළමයෙක්ට " මිනිස්පා සඳදිනුදා" කියලා දැම්මාලු. එයා තාම කොහේ හරි ඉන්නවද නැත්තම් නම වෙනස් කලාද? කියලා දැම්මා කියලා ඒ කාලේ පත්තර වල තිබුනා. ලෙනින් මාවෝ වගේ ලාංකික නම් ඇහෙනකොට තේරෙනවා තාත්තාගේ දේශපාලන ස්ථාවරය. නමින් රස්සාව කියවෙන චන්දානන්ද සිල්වා, වගේ නම් හරිම දෛවෝපගතයි වගේ. නමට පස්සෙන් අයියා කියල කියද්දි සමහර නම් ලජ්ජාවට පත් වෙනවා. ප්‍රදීප් දිලිප් දිනුක් වගේ නම් වලට අයියා එකතු වුනාම සන්ධි වෙන හැටි ටිකක් අවුල්. ගෑණු ළමයින්ට කාමිණී කියලා නම තියන්නේ ඇයි කියන එක නම් මට ප්‍රශ්නයක්. ඒවගෙම අයෝනි කියන නම තියන රටේ අශිෂ්ණ ලා නැත්තේ ඇයි මන්දා. ඊයේ පෙරේදා වප්ප කියලා නමකුත් ඇහුනා, ටෙලිෆෝන් එකෙන් 'මලවිකා ' කියලා කෙනෙක්ට කතා කරලා "ඉස් දිස් මලවිකා" කියලා ඇහුවා එයා කිව්වා " නෝ අයි ඈම් මාලවිකා" කියාල. වලලුවිකාලා ත් ඇති බාගදා.

    මට දුවෙක් උපන්නොත් 'ක්ෂීනාසවී' කියලා නම තියන්න ආසාවෙන් හිටියට දුවා ආවේ නෑ. මොනවා කරන්නද ජීවිතේ එහෙම තමයි ආසා දේම තමා නොලැබෙන්නේ. නොලැබුනු දේමයි මතක් වෙන්නේ.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails