Wednesday, October 28, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (පස්වන කොටස)


මෙතෙක් කතාව . . .

ඇගේ ටීන් බුක් එකයි ඔටෝ ග්‍රාෆ් එකයි මගෙ අතට ගත්තු ගමන් මටත් නොදැනීම ගියේ මගේ නහය ලඟට . . . අලුත් පාසැල් වාරයේ දී අලුත් පොත් ගත්තු ගමන් අව්ඥානවිකවම සුවඳ බලීමට අප හුරු වී ඇත්තේ එහි ඇති නැවුම් සුවඳ විඳ ගන්න. අලුත් ඇඳුමක් ගත්තු ගමනුත් අපි ඒ දේ කරන්නේ ඒ නැවුම් සුවඳට ලෝභකමේ . . . නැතිනම් ඒ අලුත් කියන හැඟීමට එපිටින් ඇති අපටම වටහා ගත නොහැකි කිසියම් අදෘශමාන වින්දනයක්, සුවඳක් විඳින්න . .

නමුත් ඇගේ ඔටෝ එකෙයි ටීන් බුක් එකෙයි එවන් නැවුම් බවක් නැති බව දැන දැන මම නහයට ලංකරලා සෙව්වේ ඇගේ ජීවන සුවඳක්ද . . . ඒ දෙකෙන් ගලා ආවේ ඈ ගල්වන සුවඳ විලවුන වල ශේෂ වූ සුවඳක්ද නැතිනම් ඈත් මාත් අපි හැමෝමත් කුල්මත් කරවන යෞවනයේ සුවඳද . . . පොපියන චමත්කාරයෙන් ඔද වැඩුනු මල් සුවඳක්ද . . . ඒ ගැන සිතන්න වෙහෙසීමක් නොගෙන මා ඔටෝ ග්‍රාෆ් එකේ රෝස පාට, කහපාට, ලා නිල්පාට, සුදු පාට පිටු පෙරලන්න පටන් ගත්තා . . .

පිටු මැද්දේ අභ්‍යාස පොතක කොලයක් හතරට ඉරා ඒ මත යමක් සටහන් කල කෙටි ලියමනක් . . .

"නිනෙශ්, ඔයා මාත් එක්ක තරහා නැති බව මම දන්නවා . . . ! !
ඔයා මේ දෙකේම ගැහැනු ළමයෙකුගේ නමින් ලියල මට දෙන්න . . .
අපේ අක්කා හරිම ඕපස් . . . මගේ ඒවා ඔක්කොම එයා බලනවා . . .
ඔයා නිනේශි කියලා ලියන්න . . .
එතකොට එයාට හොයා ගන්න බෑ . . .
ඉමාෂා . . . “

අප අතර වචන වලින් අදහස් හුවමාරුවක් සිදු නොවුනත් අහම්බෙන් දෑස් එකෙනෙක ගැටෙන මොහොතවල් වල දෙනෙතින් අපි අදහස් හුවමාරු කරගත් බව මේ වන තුරු ඈත් මාත් හැර වෙන කිසිවෙකු නොදන්නා බැව් අප දැන උන්නා . . . එසේ අදහස් හුවමාරු කර ගැනීමේදී ඈ විසින් මට අකාරුනික ලෙස බැන වැදීම ගැන ඈ කනගාටු වන බවත් . . ඒ වරදට ඈ සමාව ඉල්ලූ බවත් . . . එය ඇගේ පමනක් නොව මගේ ද වරද බැව් මා පැවසූ බවත් . . . ඈට ඒ සඳහා සමාව ඉල්ලීමක් අවැසි නැති බවත් . . . අප අපගේ දෙනෙත් හරහා පනිවුඩ හුවමාරු කාලය තුල පසක් කර ගනු ලැබුවා . . . දෙනෙතේ කතා ඈටත් මටත් පමනක් සීමාවූ රහසක් ලෙස සුරැකීම සිතට, කුමක්දෝ නොතේරෙන සිත හිරි වට්ටන බඳු හැඟීමක්ද වූවා . .. තවදුරටත් එම කාලය හිස මත තිබූ බරක් හිසින් අයින් කල විට දැනන තරම් සැහැල්ලුවක් සිතට ගෙන ආ කාලයක් පමනක් නොව මුහුනෙන් නිතර වෙන් වී නොයන සිනහවක් පවා රැඳවූ කාලයක් වූවා . . .

“මූ නිතරම පොල්කිච්චා වගේ හිනා වෙච්ච ගමන් මයි . . . උඹේ ජීවිතේ ඇත්තෙන්ම කිසිම ප්‍රශ්නයක් නැද්ද . . ?? “සමහර විට මගේ පැත්තෙන් මගේ පවුලේ දිලිඳු බවත් . . . ඒ දිලිඳු කම නිසාම මා පෙලූ කටුක අමිහිරි සිදුවීමුත් මා මගේ මිතුරන්ගෙන් වසන් කර ගත්තේ . . . මගේ ප්‍රශ්න ඔවුන්ට පවසා ඔවුන්ගේ හිත් වලට අනවශ්‍ය බරක් පටවන්නේ ඇයි යන හැඟීමෙන් . . .

"නිතරම නිනා වෙලා ඉන්නේ හිත ඇතුලේ දුක් කන්දරාවක් තියාගෙන . . . ඒ දුකට හඬන්න බැරි තරම් කඳුළු ගල් වෙච්ච උන් කියලා උඹලා අහලා නැද්ද . .. ??" මම පවසන්නේ සිනාවෙවී නිසාම එය සත්‍යක්ද . . . විහිලුවක්ද කියා වටහා ගැනීම මිතුරන්ට අපහසු වන්න ඇති . . .

එලෙස උපකාරක පන්තියේදී මා හේතුවක් ඇතුවක් නැතුවත් නිතර සිනා මුහුනින් ඉන්නා බැවින් මගේ වෙනස පංතියේ මිතුරන්ගේ දෙනෙත් වලින් වසන් කර ගැනීම පහසු වූවත් නිවසේදී මගේ හැසිරීම් ගැන නිතර සෙවිල්ලෙන් ඉන්නා වැඩිමහල් සොයුරියගෙන් වසක් කර ගැනීම අපහසුම කාරියක් වූවා . . .

"මොකෝ" අක්කා අසන්නේ මගේ ප්‍රීතිමත් සිනා මූන ඇගේ තීක්ශන දෙනෙතින් වටහා ගන්න තැත් කරමින් . . .

"ඇයි මොකෝ . . ." මමත් පිලිතුරු දෙන්නේ බොරු තරහක් මවාගෙන . .

"මොකෝ කියල තමයි මාත් අහන්නේ . . . "

"තමුසෙ මොකෝ කියල අහන්නෙ ඇයි කියලයි මාත් අහන්නේ . . " මාත් අතහරින්නෑ

"මොකෝ මේ තමුසේ තනියෙන් හිනා වෙන්නේ . . . "

"හරි වැඩක්නේ . . . දැන් හිනා වෙන්නත් තමුසෙගෙන් අවසර ගන්න ඕනද, මම දැනගෙන හිටියේ නෑ නේ . . .! !"

"තමුසෙට ඔච්චර ඩෝං යන්න දෙයක් මම කිව්වේ නෑ නේ . . . "

"ඩෝං නෙමෙයි . . වෙනදටත් මම තමුසෙගෙන් අවසර අරගෙනද හිනා වුනේ . . . "

"හරි හරි මල්ලී . . . අපිත් ඔය පංතියේ හිටියා හරිද . . අපිටත් තේරෙනවා යමක් කමක් . . . "

"තේරෙනවා නම් මොකටද ඉතිං තවත් අහන්නේ . . . "

"මට තේරුනු නිසා තමයි මම අහුවේ . . මට ඇහිලා තියෙනවා අපේ ස්කෝලේ දහය වසරෙ කෙල්ලෝ තමුසෙ ගැන කතා
වෙනවා . . . මේ අරයගේ අක්කා නේද . . අරව මේවා . . එන්න එපා අපේ කෙල්ලන්ට සෙවල හලන්න හරිද . . ??"

"අප්පෝ . . ඕ . . . සෙවල හලන්නම වැඩේ තමුසෙලාගේ ස්කෝලේ කෙල්ලන්ට . . . කොට්ඨාශෙම රූප සුන්දරියො ටික ඉන්නේ තමුසෙලගේ ස්කෝලෙනේ . . "

"ඇයි ඇයි මොකෝ ?? අපේ කෙල්ලෝ මොකද . .?? "

"තමුසෙලාගේ ස්කෝලේ ඉන්නෙ හලෝ ගොරෝ ගොරෝ වහින වෙලාවට වදින හෙනයක් වැදියන් කියල එලියට තල්ලු කරන්න හොද ජාතියේ ඒවා නේ . . ලස්සන කෙල්ලෝ කොහෙද ඒකේ ! ! !"

"උඹ වරෙන්කෝ ඊලග පාර අපේ ස්පෝට්ස් මීට් එක බලන්න . . . ගොරෝන කොට එලියට විසිකරන්න හොඳ උන්ට කියල ඉල්ලලා දෙන්නම් මම උඹට හොඳ පරිප්පුවක් . . "

"මොකෝ මොකෝ බං මේ . . . පැනි වරෙකෙට හෙන ගහලද . . . මෙච්චර වෙලා දෙන්නා සාංගං වෙලා පොඩි එකීට තඩිබෑවා . . . දැන් උඹල දෙනා කා ගනන්වා . . " අම්මා නතර කරන තුරු අපේ වාදේ දිගටම පවතින්නේ අප මුලින් රන්ඩු වුනේ කුමන හේතුවකටදැයි ටික වේලාවකින් අපටත් අමතක වන නිසායි

මගේ සිහින ලෝකය එක්වරම බිඳ වැටුනේ කිසියම් උවමනාවකට එලියට ගොස් නැවත් අසුන් ගත් තිලංශ මගේ ඇඟේ හැපුනු බැවින් . . .

"මොකෝ මේ කොල කෑල්ලක් දිහා බලාගෙන භාවනා කරන්නේ . . . මොකද්ද ඔය . . ?"

"මේ . . . මේ . . . ඉමාෂාගේ ඔටෝ එකයි ටීන් බුක් එකයි දුන්නා මට ලියල දෙන්න කියලා . . . "

එසේ කී පසුවයි ඔහුගේ නෙතට හසුවූයේ මගේ අතේ තිබූ දේවල් . .

"ඉතිං . . "

"එයා පොඩි ලියුම් කෑල්ලක් දීලා මේකේ ගෑනු ලමයෙකුගේ නමින් ලියන්න කියලා . . "

ක්ෂනයකින් ඒ කොල කබැල්ල උදුරා ගත් තිලංශ . .

"අපිට ඕන නෑ තරහා කාරයන්ගෙන් ලියුම්" කියා එය කීතු කීතු වලට ඉරා දැමුවේ අයියෝ ඒක සිහිවටනයක් ලෙස තියා ගන්න තිබුනා නොවේද . . . අඩු තරමින් මට එක තව පාරක් වත් බලන්න තිබුනානම් නේද කියා සිතෙද්දී . .

මගේ මිතුරන් ඈ පොදු තරහකාරියක් ලෙස සිතුවා වුවත් මට හැඟුනේ ඈ මගේ හිතේ ඈ කෙරෙහි තවදුරටත් තරහක් ඇත්නම් එය නැති කර ඈ මගේ මගේ සාමාන්‍ය මිතුරියක් තරමට වත් මිතුරු කමක් ඇති කරගන්නා අදහසින් එය මට දුන් බවයි . . .

ඇගේ බැල්ම ප්‍රේමාරාධනාවක් ලෙස හෝ ඇගේ හිතවත්කම ප්‍රේමයකට අඩිතාලමක් ලෙස සිතිය නොහැකි වැනි හැඟීමක් මා ඒ වනවටත් දවමින් සිටි නිසා කෙසේ වත් මා ඈ සම්බන්දව මේ මොහොතේදී නම් ප්‍රේමයක් හෝ ආදරයක් වැනි මාතෘකාවක් මුල් කරගෙන සබඳකමක් ඇති කර නොගන්නා බවට විශ්වාසයකුත් ඒ අතරම මා විසින් මා කෙරෙහි වූ නිසා මගේ නියම සිතුවිලි වටහානොගන්නා තිලංශ කෙරෙහි වුව මට දැනුනේ සියුම් අමනාපයක් . . .

මගේ සොයුරියගේ හොඳම මිතුරිය වූ කුමුදු අක්කාගේ පුංචි අම්මාගේ දියණිය වූ රූබර "ඕලු" හා මා අතර කුමුදු අක්කාගේ බාල සොහොයුරා වූ චරිත් මල්ලීගේ උපකාරයෙන් ඇතිවන්නට ගිය . . ඇත්ත වශයෙන්ම ඇතිවී . . . පිපී සුවඳ හමන්නට පාරමී පුරාගෙන කැලයේ පීදුනු මල් පොහොට්ටුවක් මෙන් වූ අපේ පුංචි ආදරය . . . පිපී සුවඳ හමන්නටත් ප්‍රථම රුදුරු දෑතකට මැදිවී අකාලයේ පරවූවක් මෙන් . . දුප්පත් පොහොසත් කම් වලට මානුශික හැඟීමවලට වඩා වටිනාකමක් ඇතැයි සිතූ කුමුදු අක්කාගේ බලපෑමෙන් විනාශවී ඒ වන විටත් වැඩි කාලයක් ගතවී නොතිබුනි . ..

එය විශාල වේදනාවක් ගෙන දුන් වෙන්වීමක් නොවුනේ අප අතර නොබිඳිය හැකි බැඳීමක් ඇතිවන්නට ප්‍රථම එහි මුල් අවදියේදීම එය කැඩී විසිරුනු නිසාවෙන්මයි . . ඒ හේතුවෙන්ම යලිත් එවන් වෙන්වීමක් දරා ගැන්මට තරම් මගේ සිත සවිමත් නැති බව හදවතේ එක් පසෙකින් කොඳුරා කියද්දී . . . හදවතේ අනෙක් පස යලිත් එවන් සෙනෙහසක හෝ ඊට වඩා ප්‍රේමනීය සෙනෙහසක බැඳෙන්න්ට බලකරමින් සිටියා කීවොත් නිවරදියි . . .

එසේ හදවතේ සෙනෙහස ඉල්ලා කෑගසන කොටසේ මනදොල පිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, සොයුරිය සමඟ ඔවුන්ගේ පාසැලේ ගැහැනු ළමෝ අඩු තක්සේරු කරමින් රන්ඩු වූවා වුවත් . . . ඔවුන්ගේ පාසැලේ මගේ සමවයසේ මානවිකාවන් අතුරින් ඕලුගේ හැඩහුරුකම් වලට සමාන, ඕලුට වඩා අහිංසක යුවතියක් යැයි හැඟුනු තාරුකා කෙරෙහි උනන්දුවක් ඇති වීම මට නොව යුවුන් වියට දඳුවම් ලබාදිය යුතු වරදක් ලෙස සිතුනු වාර අනන්තයි . . . . .

මා තාරුකා කෙරෙහි උනන්දුවෙන අතරවාරයේ දීම ඉමාශා හා මා අතරද අමනාපකම් දුරු වී මිතූකමක් ඇති වීම කෙසේ වෙතත් සතුරු කම් දුරුවීම මගේ මිතුරන් දුටුවේ මගේ සිතේ තාරුකාත්, ඉමාෂාත් අතර දෝලනය වන ප්‍රේමයක් ලෙසයි . . .

"මචං . . ඔන්න පිස්සන් කොටුවේ තද බල පිස්සු පොරක් හිටියලු . . හරිද . . " මිතුරන් කැල එකතු වී එලියේ විවේක කාල ගතරන අතරවාරයක තිලංශ පවසන්නේ මගේ දෙස හොර බැල්මක් හෙලමින් සාරංගටත් රුසිත්ටත් ඇසින් ඉඟි කරමින් . .

"ඉතින් . . "

"දවසක් ලොකු දොස්තරට ඕන වුනාලු මූව ටෙස්ට් කරන්න. ."

"ඒ මොකටද. . "

"මූට දැන් පිස්සු හොදයිද?? මූව ගෙදර යවන්න පුලුවන්ද කියලා බලන්න . . "

"හ්හ් . . ම් ම් ම්.. "

"ලොකු දොස්තරයා මූව ගෙනල්ල කිව්වලු . . . තමුසෙට දැන් සනීපයි . . . කියලා . . "

"මිනිහට හෙන හැපී වෙන්න ඇති . . "

"තමුසෙ ඉතිං ගෙදර ගිහින් මොකද කරන්න බලාපොරොත්තුව කියල දොස්තර ඇහුවලු . . "

"ජීවත් වෙන ක්‍රමේ. . ?"

"ඔව් . . මිනිහ ටිකක් කල්පනා කර කර ඉඳල කිව්වලු . . මම ගෙදර ගිහින් අඩු වියදමෙන් මී කතුරු හදන ව්‍යාපාරයක් පටන් ගනවා කියලා . . "

"දොස්තරට හරි සතුටු හිතෙන්න ඇති . . "

"ඊට පස්සේ ඇහුවලු අඩු වියදමෙන් කිව්වේ . . කියලා. . "

"පොර කිව්වලු මට ඕන කරන්නේ ලී කෑල්ලකුයි, කම්බි කෑල්ලකුයි, ඇන දෙකකුයි . . . කරවල කෑල්ලකුයි . . පොල් කෑල්ලකුයි විතරයි කියලා . . "

"දොස්තර හොල්මන් ලු යකඩෝ මේවායින් කොහොමද මී කතුරු හදන්නේ කියල . . "

"පස්සේ ඇහුවලු ඉතිං කොහොමද ඕවායින් මී කතුරක් හදන්නේ කියලා "

"මිනිහ කිව්වලු . . ලී කෑල්ලට ඇන දෙක පරතරයකින් ගහල, කම්බි කෑල්ල ඇන දෙකට ගැට ගහලා, දෙපැත්තේ කරවල කෑල්ලයි පොල් කෑල්ලයි තියනවා කියලා . . "

"දොස්තර ඇහුවලු ඉතිං මනුස්සයෝ එකෙන් කොහොමද මීයෝ මරන්නේ කියලා . . "

"පොර කිව්වලු මීයා ඇවිත් කම්බි කෑල්ල උඩ බෙල්ල තියල කරවල කෑල්ල කනවද . . පොල් කෑල්ල කනවද කියල දෙපැත්ත බල බල ඉන්නවා. . . එතකොට කම්බියට බෙල්ල කැපිලා මීයා මැරෙනවා කියලා . . "

"දොස්තර දැන ගත්තාලු මූට තාම හොඳටම පිස්සු කියලා ආ හරි හරි තමුසේ ආපහු වාට්ටුවට යනවා කියල හරෝලා යැව්වලු . . ."

"ඉතිං මචන් ඔය මීයා කරවල කෑල්ලද . . පොල් කෑල්ලද කියලා බෙල්ල කැපෙනකම් දෙපැත්ත බල බල ඉන්නේ නැතුව දෙකෙන් එකක් කෑවා නම් ඉවරයි නේද . . " සාරංග අසන්නේ මුකුත් නොදන්නා ගානට . .

"මේකනේ මචන් . . . පොල් කෑල්ල නම් පැනල දෙනවානේ . . . මීයට කලින්ම හිත ගියේ කරවල කෑල්ලටනේ . . " රුසිත් කරවල හා පොල් විශ්ලේශනයක . .

“හිත ගියේ කරවල කෑල්ලට වුනත් මීයා බයෙන් ඉන්නවානම් කරවල වල කටු තියෙයිද, පෙරේත කමට කන්න ගිහින් කරෝල කටු උගුරේ හිරවේද මරෙන්න වෙයිද වගේ කියල . . .එතකොට මොකද කරන්නේ . . “ මම හෙමීට කියන්නේ මේ කතාව මාට සම්බන්ධයක් නැති කතාවක් ලෙසට . . .

"ඉතිං දැන් තියෙන්නේ කරවල කටු ඇන ගන්න හරි කියල, ඇනිල මැරිච්චාවේ කියලා හිතල හරි කියල හිතලා කරෝල කෑල්ල කන එක තමයි" තිලංශ කථව නිමා කරන්නේ මට හෝ අපේ කාටවත් සම්බන්ධ කොට කියූ කතාවක් නොවේ යැයි හඟවන්න මෙන් . . .

තාරුකා හා සබඳ කමක් ඇති කර ගැනීමට හෝ අඩු තරමින් මිතුරෙකු ලෙස ලංවීමට හෝ ඇගේ යෙහෙලියක වූ මගේ අසල්වැසි මිතුරියකගේ සහය ලබාගැනීම හැර වෙන විකල්පයක් නොවූයෙන් මිතුරිය අත ඇයට ලිපියක් යැව්වේ ඒ වනවිට මා බලා තිබූ නවකතාවල අඩංගු ව තිබූ අලංකාරී වචනද, යොවුන් වියේ දඟකාර වචන හරඹයන් ද සමඟින් (ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න . . . ) ලිපියේ ඉහලින් ගීතයක කොටසක් ද ලියා තබමින් යැවූ ලිපියට පිලිතුරක් බලපොරොත්තු වූ මට ඈ ඇතුලු ඔවුන්ගේ මිතුරින් නඩයෙන්ම ලැබුනේ ජීවිතයටම අමතක නොවන දඬුවමක් . .

මා ලිපියේ සඳහන් කල ගීතය ඈ ඇතුළු ඔවුන්ගේ සියලු මිතුරින් සියලුම දෙනා එක්වරම මා පංතියට ඇතුලු වන විටම එක වරම ගායනා කර මා කිසිදා නොවිඳි අපහසුවකට මා පත් කල පසු තාරුකා ගැන මගේ හිතේ ඉපදුනු සෙනෙහස උපන්ගෙයිම මියෑදුනු සෙනෙහසක් බවට පත්වූ හෙයින් ඉන් මතු මා ඈ දෙස බැලීම පවා නතර කිරීමට සිතුවූ සිදුවීම මා තවදුරටත් ඉමාෂාගේ නෙත් දැහැනේ ම පැටලෙන්නට ඉඩසලසා දුන් සිදුවීමක් වුනා . . .

කෙසේ හෝ අවසන මා අහස පොලොව ගැටලන්නට මෙන් කල්පනා කරමින් සිට ඇගේ සමරු පොතේ කුඩා සටහනක් තැබුවා . . .

“පුන් කලස් මතුපිට පහන් දල්වනු විලස . . .
නොනිමි පහනක් වන්න සදහට අහිංසක හදකට . . . “


මතු සම්බන්ධයි . . .

21 comments:

  1. කතාව දුර ගිහින් වගේනෙ.
    නියමයි. නියමයි.. තව ලියන්නකො අපි එන්නම්කො කියවන්න.

    ReplyDelete
  2. එල කිරි...මචන් උඹේ කෙල්ලො සෙට් එකේ නම් මතක තියා ගන්න එක අමාරු.... ඇයි අප්පා කීයක් කියලද......හික්ස්.....

    ReplyDelete
  3. අදනං කතාව නෝමල් යනව
    පොඩ්ඩක් ඇග හීට් වෙන්නත් එක්ක ලියන්න
    එල දුකා අයියේ ජයවේවා!!!

    ReplyDelete
  4. උඹ අපිව ආයෙත් ඉස්කෝලෙ යවනව දුකෝ....

    ReplyDelete
  5. dukaaa uba nam niyamai kolla...
    ela

    ReplyDelete
  6. @ Il mondo di una povera pazza !
    ස්තූතියි රංගි, ඔව් ඔව් ඔයාල හැමෝම නොබලනවානම් මොකටද මම ලියල . . . !

    ReplyDelete
  7. @ Ishara !
    අයියෝ වැඩිය නෑ මචන් . . . . . . ඔහොම කිව්වම ඉතුරු අය ගැන ලියන්නත් බය හිතෙනවා . . හික් හික්

    ReplyDelete
  8. @ Supun Budhajeewa !
    තැන්කූ තැන්කූ මලේ . .

    ReplyDelete
  9. @ කෝදාගොඩ විතාරණ (උෂාන්) !
    ඇඟ හීට් වෙන්න නම් පොඩ්ඩක් එලියට ගිහින් එන්න මලේ . . . මේ දවස් වල එලියේ හරි රස්නෙයි. . .හික්ස්

    ReplyDelete
  10. @ තාරක සමරණායක !
    ඔව් මචං මටත් මේක ලියාගෙන යද්දී ඒ කාලේ සිහිවෙලා මාර ජොලියක් එන්නේ හිතට . . .

    දුකකුත් දැනෙනවා අපරාදේ ඒ කාලේ පහුවුනේ කියලා . . . . . ! !

    ReplyDelete
  11. @ jayantha !
    තැන්කූ තැන්කූ මචං . .. !

    ReplyDelete
  12. දුකා...,
    කියා ගන්න බැරි තරම ට ලස්සන ජීවන සැමරුම් අස්සේ අපව කරක්ගස්සවන එකට නම් උඹට දෙන්න ඕනි මොනවගේ තෑග්ගක් ද කියලා හිතා ගන්න බෑ.
    නිනේෂ් ගේ අනාගතය ඔහු ඉමාෂාගේ ටීන් බුක් එකේ ලියපු පැදි පෙළ හා සම වේවා කියා පතනවා...!

    “පුන් කලස් මතුපිට පහන් දල්වනු විලස . . .
    නොනිමි පහනක් වන්න සදහට අහිංසක හදකට . . . "

    ReplyDelete
  13. ලියලා....!!!! නියමායි......!!!

    ReplyDelete
  14. කතාව නැගලා යනවනේ ;-)

    ඉතුරු කොටස් කියවන්න බලන් ඉන්නවා අපිත්;-)

    ReplyDelete
  15. කතාව මැවිලා පේනවා...දන්නෙම නැතිව අපේ හිතත් ඉස්කෝලේ කාලෙට දුවගෙන යනවා. නියමයි දුකා අයියා...

    ඔහොම යන්.. ඔහොම යන්...

    ReplyDelete
  16. අනේ අයියෙ කලින් ටික මිස් උනා...
    වෙලාවක් අල්ලලා සෙට් එක පිටින් එක දිගට කියවගෙන යන්නෝන...
    කියවලම කමෙන්ට් කරන්නම්කො....

    ReplyDelete
  17. "නිතරම නිනා වෙලා ඉන්නේ හිත ඇතුලේ දුක් කන්දරාවක් තියාගෙන . . . ඒ දුකට හඬන්න බැරි තරම් කඳුළු ගල් වෙච්ච උන් කියලා උඹලා අහලා නැද්ද . .. ??"

    දුකා අයියා මෙක නම් පුදුම ඇත්තක්.. හා.. කැම්පස් එකෙ වැඩියෙන්ම සතුටින් හිටපු එකා මම ... වැඩිපුරම බඩිගින්නෙ හිටපු එකත් මම..

    ReplyDelete
  18. @රවා !
    මල්ලියා . . . මම මේ දවස්වල කරුණාසේන ජයලත් මහතගේ "රිදී නිම්නය" පොත 12වෙනි පාරට විතර බලලා හිත රිදෝගෙන ඉන්න වෙලාවක්. ඒකට, ඒ ගින්නට උඹ මේ ලියපු ටික දක්කම ආපහු අලුතෙන් පිදුරු දැම්මා වගේ මලේ . ..

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails