Wednesday, July 11, 2012

ආදරේ ආදරේ . . රත්තරන් ආදරේ . . . !!


ආදරේ රත්තරන් වලට සමාන කලාම රත්තරන් වල හදිසියකට උකස් තියන්න හැර වෙන මහා ලොකු වටිනාකමක් දැනෙන්නේ නැති මම වගේ අයට තරහත් හිතෙනවා ඇති.

රත්තරන් වලට වඩා වටින ලෝහ. . . නෑ මම කිව්වේ ප්ලැටිනම් වගේ දේවල් තිබුනා උනත් ඇයි අපි "මගේ රත්තරන්" කියලා විතරක් කියන්නේ "මගේ ප්ලැටිනම්" කියන්නේ නැතුව?

ඒකත් හරියට මැණික් වලට වඩා දියමන්ති වටිනවා උනත් "මගේ දියමන්තිය" නොකියා "මගේ මැණික" කියනවා වගේ නේද?

ඔය වල් පල් ඔක්කෝම අතුරු කතා . .

මට කියන්න ඕන වුනු හරි කතාව හිතුනේ මෙහෙමයි.

මගේ අක්කගේ පුතාගේ යාලුවෙක් මගේ බ්ලොග් එක කියවලා ආස හිතිලා ඌත් බ්ලොග් එකක් ලියන්න පටන් අරගෙන . . .ඒකේ තිබ්බ පෝස්ට් එකක් කියෙව්වාම තමා මට හිතුනේ මේ දේ ලියන්න . . 

අයේෂ් "මාමා ඔන්න ඔයාගේ බ්ලොග් එක කියෝලා අසා හිතිලා මාත් බ්ලොග් එකක් පටන් ගත්තා" කියලා මැසේජ් එකක් එවල තිබ්බම

"යකෝ මගේ අක්කගේ පුතා මාමා කිව්වට උඹ මට අයියා කියපන්" කියලා කියන්න හිතුනත් (යකඩෝ මම ඒ තරම්ම වයස නෑ නේ . .අනික මට අවුරුදු 25දි වයසට යන එක නතර උනා කියලා කොහොමද අප්පා ඌට කියන්නේ) එහෙම කියන්න බෑ කියලා හිතුනු නිසාම "එල එල පුතා" කියලා කිව්වා .

මේ තියෙන්නේ කොල්ලගේ "මගෙ හිත මලගම් ගියදා" කියන පෝස්ට් එක.

ඒකට මම මේ විදිහට කොමෙන්ටුවක් දැම්මා.


"තමන් ආදරය කරන තරම් අනෙක් කෙනාත් තමන්ට ආදරය කරන්න ඕන කියලා හිතනවනම් එතන නියම ආදරයක් තියෙනවද කියලා මම නිතරම මගෙන්ම අහනවා!

මම කාට හරි ආදරේ කරනවානම් ආපහු මට එයාගෙන් ආදරේ ලැබුනත් එකයි නැතත් එකයි . . . . මගේ ආදරේ උපරිමයෙන් මගේ ලඟ තියෙනවා . . . එහෙම හිතුවාම කවදාවත් ආදරයක් මළගම් යන්නේ නෑ . .. 

කරුනාසේන ජයලත් මහත්තයාගේ "සතීගේ කතාව" කියවන්න . . මම කියන දේට සාක්කි එතන"


අපි විතරක් ආදරය කරලා අනෙක් කෙනා අපි ආදරය කරන බව දන්නේ වත් නැති වෙලාවල් වලදී අපි කියනවා "මගේ සීයට පනහ නම් හරි ඒත් අනිත් සීයට පනහ තමා තාම නැත්තේ" කියලා.

ඇත්තෙන්ම අපිට ඒ අනෙක් කෙනාගේ සීයට පනහ බලාපොරොත්තු නොවී අපේ පැත්තෙන් සීයට සීයක ආදරයක් කරන්න බැරිද?

Pic from: http://www.fanpop.com/spots/love/images/4187632/title/love-wallpaper-wallpaper

39 comments:

  1. සම්පූර්ණයෙන් එකඟයි තමන්ගේ ආදරේ කරනවා කියල නැවත ආදරයකුත් බලාපොරොත්තු වෙනවා නම් ඒක ගනුදෙනුවක් නොවැ ආදර ගනුදෙනුවක්.

    ReplyDelete
  2. ආදරෙ තියෙන්නෙ දෙන්න..ගන්න බලාපොරොත්තුවක් නැතුව..එතකොට ඒක ආත්මාර්ථකාමී වෙන්නෙත් නෑ..අවංක ආදරෙ ආපිට ලැබෙන්නෙ පොලීත් එක්කමයි..ඒ ලැබෙන ආදරෙ හිත පුරා ලැබෙන්නෙ ..ලබා ගන්න බලාපොරොත්තුවක් නැතිව දීපු ආදරය වෙනුවෙන්.. මගේ පුද්ගලික අදහස මේකයි..හැබැයි ඒක තමයි නිවැරදිම එක වෙන්න ඕනි නෑ..වැරදිත් ඇති..ඒත් ..

    ReplyDelete
  3. ඇත්තම කතාව. අපි එත් ආදරේ කරන්නේ ලබාගන්නනේ. ලබනවට වඩා දෙන ආදරේ තමයි උතුම්

    ReplyDelete
  4. ආදරේ ඒක පාර්ශ්වික එකක්නම් ඒකට හොදම උදාහරණෙ මාපිය සෙනෙහස, යොවුන් ආදරේ ඒක පාර්ශ්විකනම් ඒක එච්චර කල් පවතින්නෙ නෑ, පැවැත්ම අඩුයි, අපි හැමෝටම අනික් කෙනාගෙ ආදරේ බලාපොරොත්තු නොවී ආදරේ කරන්න පුලුවන්, නමුත් කෙටි කාලයකට පමණයි, මොකද අපි හැමෝම යටි සිතින් සීයක් දුන්නොත් දෙසීයක් බලාපොරොත්තු වෙනවා... මට සිතුණු හැටියි මං කිව්වෙ...

    ReplyDelete
  5. "තමන් ආදරය කරන තරම් අනෙක් කෙනාත් තමන්ට ආදරය කරන්න ඕන කියලා හිතනවනම් එතන නියම ආදරයක් තියෙනවද කියලා මම නිතරම මගෙන්ම අහනවා!"

    මම නං විශ්වාස කරන්නෙ දපැත්තෙන්ම ලැබෙන ආදරය විතරයි. අපේ 50% හරිගියාටම වැඩක් නෑ, අනිත් කෙනා ආදරේ කරන්නෙ නැත්නම්.

    ReplyDelete
  6. ආදරේ ආදරේ..
    රත්තරං ආදරේ..
    මට ඉතිරි කලේ කදුළ ආදරේ..!!!

    ReplyDelete
  7. ආ....ද...ර...ය....

    ආකල්ප
    දරාගැනිම්
    රාගය
    යල්පැනීම්

    කෙස්ගහෙන් මිස් උනොත් බූට් එකක්....

    ReplyDelete
  8. ප්‍රේමයයි වෛරයයි අතරෙ වෙනස කෙස් ගසකට සමයි....
    ඔය 50-50 ආදරේ නිසානෙ ඕක වෙනව ඇත්තෙත්..

    හැබැයි ඉතින් 50-50 කොහොම වුනත් සියයට එකක්වත් නොලැබෙනවනං කොහොමද ඒ ආද්‍රේට පැවැත්මක් තියෙන්නෙ ...

    ReplyDelete
  9. මගේ මැණික, රත්තරන් කිව්වම දැනෙන්නෙ වෙනස්ම හැඟීමක්... ඒක විස්තර කරන්න අමාරුයි.. කොහොම උණත් ඊට වඩා වටින දේවල් තියෙන්න පුළුවන් උණත් මේ වචන ආදරයේ උපරිමය අර්ථවත් වෙන වචන විදියට සමාජගත වෙලානෙ...

    ලැබෙන ආදරයට වඩා දෙන ආදරය උතුම් තමයි.. ඒත් තනියෙන්ම ආදරය කරන්න ගියාම ටික කලකින්ම එපා වෙනවා...

    සතී ගෙ කතාව මමත් ආසාවෙන්ම කියෙව්ව, කියවල ඇඬුව පොතක්... කරුණාසේන ජයලත්ගෙ මම ආසම නවකතාව.....

    ReplyDelete
  10. රත්තරංවලට අපි ආසා නැති උනාට ගෑනු ආසයිනේ.ඉතිං උං කැමතියි අපි ලව්වා උංට රත්තරං කියව ගන්ඩ.ඉතුරු ටිකට එකඟයි.ඒත් ඉතිං මිනිස්සු විදිහට ලාබයක් නැතුව මොකුත් කරන්නෑනෙ.ඒක පාර්ශ්වික ප්‍රේම පවතින්නේ කෙළිං ගිහිං කතාකරන්ඩ තියෙන ලැජ්ජාවට නෙව.

    ReplyDelete
  11. කථාව සහතික ඇත්ත .....

    ඕන් මම නදීශ අක්කට මැසේජ් එකක් දැම්ම අය්යට මීත පස්සෙ මගෙ පැල්ටිනම් කියන්න කියලා....

    ආ කකාගේ වයිෆ් දැන් කකාට කියන්නේ මගේ රවේනියම් කියලලු

    ReplyDelete
  12. 100% ආදරය යනු ඒකපාර්ශවීය ආදරයක් විය යුතුය... සිරාද එලෙස ආදරය කරනට ගොස් ඇති පදම් හිත රිදවා ගත් හෙයින් දැන් ආදරයෙන් තොරව හිදිමි...

    අප ආදරය කරන විට ලදුන් එයට කැමති නැත / උන් අපට ආදරය කරන කල අප කැමති නැත/ දෙදෙනාම කැමති වෙන කල එකකු හෝ විවාහයට එළඹී ඇත...

    ReplyDelete
  13. ඇත්තනේ කතාව.... :-)
    ඒකනේ අපි ඔය ලව් ඉලව් කරන්නේ නැත්තේ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. ආයි මම ඔයාට "මාමා" කියන්නේ නෑ....ඒත් මට ඔයාගෙ අක්කට "අක්ක" කියන්නත් බෑ..ඒක හරි පුදුමයි නේද..? හරි හරි ඔය ඇති වල් පල්..
    මා ලියු ඒකපාර්ශවික ආදරය සංවාදයට කරුනක් විම මට ඉතා සතුටට කරුනකි...මගෙ හිත මලගම් ගියේ ඇගෙ ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ තවත් හිතක් මිහිපිට තිබු බැවිනි..මගේ හිත මලගම් ගියද ජීවත් වූ කලය තුල ඉතිරි කර ගිය ආදරය බොහෝමැයි...ඒ ඉතිරිකර ගිය ආදරයෙන් සැමදා ගී පද ලියැවෙනු ඇති....ඒක පාර්ශිකව සියයට සියයක් ආදරය කිරිමෙන් ලැබෙන මිහිර ඉතා රසවත් බව මම මාමාට මෙසේ කියමි......

    ReplyDelete
  15. ආදරේ ගැන නම් ඉතින් මෙහෙම පෝස්ට් එකකින් වත් තනි පේලියක කොමෙන්ට් එකකින්වත් කියන්න බෑ කියලයි මට හිතෙන්නෙ....

    50 % - 50% කියන එක තේරුමක් නැති විත්තියට නම් එකඟයි....

    ReplyDelete
  16. අයි බැරි පුළුවන්.. සියයට සියයක් ආදරේ කරන්න පුළුවන් ,... ඇත්තටම වෙන්නෙත් එකයි.. කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල අවංකවම තමාගෙන්ම අහන්නකො.. අනිත් අයට ආදරේ කරනවා කියන්නේ තමුන්ට ආදරේ කරනවා කියන එකයි..

    ReplyDelete
  17. මමහිතන්නෙනම් එහෙමබෑකියලයි.කලත්ඒකටිකදවසක්යනකොට අපිටමවදයක්..

    ReplyDelete
  18. කතාවට 100%ක් එකඟයි මම !!!
    අළ්Uත් බ්ලොග් ලියන්නට සුබ පැතුම් !!!
    දුකා අයියට මොන හිතකින් මාමා කියනවද මන්දා

    ReplyDelete
  19. උඹත් මාර පුරස්න බං මතුකරන්නෙ.. මෙ‍හෙමයි ඉතිං, අපි ඔක්කෝම පුරුතග්ජන මිනිස්සු නොවැ.. ඉතිං අපි යමක් දෙනකොට ඒ වෙනුවෙන් යමක් බලාපොරොත්තු වීම සොබාවිකයි නේද.??

    ReplyDelete
  20. කොන්දේසි විරහිත ආදරය (unconditional love) තමයි බං ආදරය.
    ඕක ටිකක් අමාරු වැඩක්. මේ මටත් අමාරුයි.
    ඒ මට හිතෙන හැටි!

    henryblogwalker the Dude

    ReplyDelete
  21. විහිලු කතාවක්!
    නෝනයි මහත්තයයි ගෙඩ්ගර ගෝරියක් දාගත්තලු..දැන් රෑ ඇඳේදි මනුස්සයා ශේප් කරන්න ට්‍රයි එක දානවලු දානවලු ගෑනි ගස්සල ශක බලා ගන්නවලු!
    ඒ පාර මිනිහා ඇහුවලු "ඇයි රත්තරං ඔච්චර ගනං" කියලා!
    ගෑණී කිව්වලු "ඒක ගිහිං අහ ගන්නවා රත්තරං බඩු කඩේ එකාගෙන්" කියලා!

    ReplyDelete
  22. @ගිමන් නිවන්නා!
    මගේ හැඟීම නම් ආදර ගනුදෙනු වගේම නියම ආදරෙත් තියෙන්න ඕන කියලයි

    @වෙනී!
    කොහොම නමුත් පොලියත් එක්ක ලැබෙයි කියලා යටි හිතේ තියන එක නිකම් අවුල් වගේ නැද්ද?

    @වර්ණා!
    ඒක ඇත්ත ඒත් බොහෝ දෙනෙක් නොකරන්නෙත් ඒකමයි නේද?

    @සම්මානි!
    අමාරුවෙන් හරි කොන්දේසි විරහිතව ආදරේ කරලා බලන්නකෝ ඒක හිතට කොයි තරම් සහනයක්ද කියලා . .

    ReplyDelete
  23. @රාජ්
    පැවැත්මේ නම් ප්‍රශ්නයක් තියෙනවා තමා බන් . .ඒත් ඒක මාර හිතට සනීපයි.

    @චතුරංග කසුන්
    ආදරේ ආදරේ..
    රත්තරං ආදරේ..
    මට අදහනු බෑ හීනයක් වගේ .. !

    @රාජ්
    අහ් ඔය තියෙන්නේ තවත් නිර්වචනයක් . .

    @ලකී
    ඔව් බන් පැවැත්මට නම් ආපහු රිටන් එකක් ඕන තමයි . . එත් මට හිතෙනවා අන් කන්ඩිශනල් ලව් ත් ලොකේ තියෙන්නේ පුලුවන් කියලා බන්.

    @තරු රාසි
    ඒත් මට නම් හිතෙනවා එහෙම එපා නොවී තියෙන්නත් පුලුවන් කියලා . .

    ReplyDelete
  24. @දිනුක
    එහෙම්ම්ම කියනන්ත් බෑ වගේ ද මන්දා . . අපි නලු නිලියන්ට කරන ආදරෙත් මේ මම කියන එක වගේද මන්දා . .

    @මී ගොඩයා
    අහ් මැසේජ් එකක් දැම්මද? එල එල . .. මගේ රාවේනියම් කියන කොට පට්ට ආතල් ඇතිනේද බන් . . හික්z

    @සිරා
    ඒක පාර්ෂවික ආදරේ කරන්න ගිහින් හිත රිදෝ ගත්තා කියන්නේ අනෙක් පැත්තෙන් ආදරේ බලාපොරොත්තුවෙන් කරපු ආදයක්නේ බන් . . මම කියන්නේ පියෝ ඒක පාර්ශවික ආදරේ ගැන . .

    @අඩ්විරජා
    උඹ පොඩි එකා මොනා ආදරේද . . තව ටිකක් ඉගෙන ගනින්

    @අයේෂ් - බඩා
    උඹට බඩා කියන්නේ ඇයි බන් උඹේ බඩක් නෑනේ?
    අහ් කමක් නෑ පුතා මට මාමා කියන්න කිසි අවුලක් නෑ . .
    හෙ හෙ හේ

    @සපා
    ඒක ඇත්ත බන් . . මම මේ ආදරේ එක මුල්ලක් ගැන කතා කලා විතරයි .. .

    @සරත්
    ඒක නම් හැබෑවටම ඇත්ත තමා . .

    @විමුක්ති
    ම් ම් මට නම් හිතෙනවා එපා වෙන එකක් නෑ කියලා . . පොඩ්ඩක් කරලා බලන්නකෝ . . අමාරුනම් පුලුන්ම ස්වභාවදර්මෙට වත් ආදරේ කරන්න ගන්නකෝ . .

    ReplyDelete
  25. @මධුරන්ංග
    කමක් නෑ බන් ඔන්න ඔහේ . . හිත වයසට නොගියට හෑබෙවටම ඉතිං වයස යනවනේ . .

    @බුරා
    අඩේ මචං එක පාරක් වත් කොරන්න ට්‍රයි එකක් දීලා බලපන්කෝ . .

    @ඩූඩ්
    ඔව් බන් අමාරු තමා . .ඒත් ට්‍රයි කරගේ කරගෙන ඉන්න කොට ඒ තරම්ම අමාරු නෑ මම හිතන්නේ . . .

    @සාබිත්
    ගෑනුන්ට තරහ ගියාම ඉතිං අල්ලපු ගෙදර උනුත් බයිට් තමා බන් . . .හික් හික් හික්

    ReplyDelete
  26. එකඟයි අයියා. ආදරේ කියන එක කොන්දේසි විරහිතව වෙන දෙයක් වෙන්න ඕනේ. ඒ නැත්නම් එතන තියෙන්නේ කෑදරේ :)

    ReplyDelete
  27. මමත් ඔය කතාවට සම්පූර්ණයෙන් එකඟයි. ඒත් ගොඩක් අය ආදරේ කියනදේ ගනුදෙනුවක් කාගෙන. මම හිතන්නේ ඒක ආදරේ නෙමෙයි, ආත්මාර්ථකාමීකම. දුකා අයියා කියන විදිහට ආදරේ කරනවනම් හිතට දැනෙන ප්‍රශ්න ගොඩක් අඩුවේවී.. :)

    ReplyDelete
  28. මම නම් එකඟ නෑ දුකා..ආදරය කියන්නෙ කොන්දේසි විරහිත ගණුදෙනුවක්..මිල තීරණය නොකෙරුනු ගිවිසුමක්..ඒත් ආදරය නිසා දැනෙන සතුට හෝ දුක තමා ප්‍රථිථලය..

    දෙපාර්ශවයෙන්ම එකඟ වීමක් තියෙන්න ඕන..නැත්නම් සම්බන්ධය පවත්වාගෙන යාම අසීරුයි..100%ක් එක හිතකට ආදරය කරන්න පුළුවන් නම් ඈත තියන ඉරට හඳටත් අපිට ආදරය කරන්න පුළුවන්..

    කොහොම වුනත් ලස්සන පෝස්ටුවක්..මම හිතන්නෙ නිර්මාණ ලෝකෙ වැඩි හරියක් කතාන්තර වෙන්වෙලා තියෙන්නෙ මේ වගේ අප්‍රකාශිත ආදරයට වෙන්න ඕන..

    ReplyDelete
  29. ඒත් ආදරේ ලැබෙයි කියලා බලාපොරොත්තු නොවි ආදරේ කරන්න හැකිද? ලගින් ආදරේ කරලා එයා ගියොත් අපෙන් ඇතට ඔය කියන අය හිත හදාගන්නවද? මම කියන්නේ ප්‍රේමය ගැනයි...

    ReplyDelete
  30. කියල තියෙන කතාවට නම් මමත් සම්පූර්ණයෙන් එකඟයි. හැබැයි ආදරේ කියන එක අවස්ථාව අනුව තැන අනුව වෙනස් වෙනවා. දෙම්ව්පියන්ගෙ ආදරය, සහෝදර සහෝදරියන්ගෙ ආදරය, හිතමිතුරු පිරිසගෙන් ලැබෙන ආදරය, පෙම්වතා/ පෙම්වතියගෙන් ලැබෙන ආදරය, සමාජයෙන් ලැබෙන ආදරය එකිනෙකට වෙනස් ඉතින් මේ අනුව අපේ ආදරයට අනෙක් පාර්ශවයෙන් ලැබෙන ආදරය ගැන පූර්ව නිගමනයක් කර්න අමාරුයි.

    ReplyDelete
  31. හ්ම්ම්ම් මේ කියන්නේ ඒක පාර්ශවික ආදරයක් ගැන වෙන්ඩෝන... මෙව්වා නම් හිසේ කෙස් ගානට කරලා ඇති අප්පා හැබැයි 100%ක් තිබුනද නැද්ද කියන එක තමා ප්‍රශ්නේ....

    ආදරේ ලැබෙන්නේ දෙන තරමට කියලත් කියනවනේ....

    ReplyDelete
  32. ආදරේ විවාහයකින් කෙලවර නුනොත් තමයි ඔය පරිත්‍යාගශීලි ආදරය ඉතුරු වෙන්නේ . කොලරා කාලේ ආලේ වගේ . හැබැයි පුතෝ බැන්දට පස්සේ 50 ;50 නැත්නම් දෙය්යන්ගේම පිහිටයි.

    ReplyDelete
  33. ආදරේ කියන්නේත් "GIVE & TAKE" 'දෙයක්....ඒක අචේතනික හෝ සචේතනික දෙවර්ගයටම පොදුයි නේද????

    ReplyDelete
  34. ඇත්තම ඇත්ත. සියේට දෙසීයක් එකඟයි...! අවුරුදු 25 න් පස්සෙ වයස යන්නේ නෑ කියන එකට ඊටත් වඩා එකඟයි!!!! ;)

    ReplyDelete
  35. හපොයි මටනම් බෑ. අහවල් දෙයකටද පෙරළා නොලැබෙන ආදරයකට අදරය කරන්නෙ. මට ආදරය කියන්න ගණු දෙණුවක්. අනිත් එකා තමන්ට අදරේ කරන්නෙ නෑ කියල දැන දැනත් අහවල් දෙයකටද ඒක පාර්ශවීයව ආදරේ කරන්නෙ ?

    එහෙම උනාම ජීවත් වෙන්න හරිම ලේසියි, නැත්නම් හැමදාම පැත්තකට වෙලා තනි ආතල් එකක් අරගෙන අනේ එයා මට ආදරේ නැති උනාට කමක් නෑ මම ආදරෙයි නේ කියාගෙන ඉන්නපුළුවන්, ඒත් ඒ ඉඳිල්ලෙන් කාටද වැඩක් තියෙන්නෙ,. මට නම්ම් හිතෙන්නෙ එතන තියෙන්නෙ ගැඟීම් වලින් ඉහවහා ගියපු සිඟිහි ආතල් එකක් කියලයි.

    හැබැයි සාහිත්‍යයෙන් ආදරේ කරන්න ගියොත් නම් ඔය කියන කතාව හරි. ඒත් සාහිත්‍ය ප්‍රේමය කියන්නෙ අඟුරු කැලි උඩ වැවෙන ඕකිඩ් වගේ දෙයක් මහපොළොවට සම්භන්ද නැති. ඒක හරිම කෘතීමයි.

    ReplyDelete
  36. සෑහෙන්න හිතන්න වෙනවා....! අපිට පුලුවන්ද..? සීයට ,සීයක් ආදරය කරන්න ..අනේ මන්දා...ටිකකාලයක්..වත්..!

    ReplyDelete
  37. පුළුවන් ඇති.ඒත් කලාතුරකින් කෙනෙකුට..
    අපි කොච්චර හිතන් හිටියත් අපි අනිත් කෙනාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා අපිටත් නොදැනීම අපි එයාගෙන් මොනවා හරි බලාපොරොත්තු වෙනවා..ඒක තමා ඇත්ත!

    ReplyDelete
  38. අවුරැදු 2කට පස්‌සේ ‌කොමිපීතරයක් හම්බුනා ‌නෙව. ඔලුව දාලා බලපු ගමන්ම දුකා අයියා ආද‌රේ ගැන ‌ලියලා ති‌යෙනවා දැක්කම අත නලියන්න ගත්තා ‌‌කො‌මෙන්ටුවක් දාන්න. අ‌නේ අම්මපා මට කී ‌බොඩ් එක මතක නෑ ‌නේ.
    අනිත් එක ‌පොස්ට් එක කියවලා ඊට පස්‌සේ ‌කොමන්ට් ටික කියවලා ඉවර ‌වෙන ‌කොට ‌පෝස්ට් එ‌කේ තිබුන ‌දේවල් මතක නෑ මට. හික් හික් . ‌‌මො‌ලේ පහු ගිය අවුරැදු 2 කට අවුරැදු 15 කින් විතර වයසට ගිහිල්ලා.. අප්ඩේට් කරගන්න ‌වෙලා ති‌යෙන්‌නේ දැන්.. දුක තමා..
    ඔය ඒක පාර්ෂවික ආද‌රේ ව‌ගේම 50 50 ආද‌රෙත් එක්තරා විදියකට සාදාරණයි කියලයි මට හි‌තෙන්‌නේ. අපි ඉතින් කී ‌දෙ‌නෙක් කී ‌දෙ‌නෙකුට ආද‌රේ කරනවද ජීවි‌තේටම අපිට ලැ‌බෙන්‌නේ නෑ කියලා දැන දැනම ‌නේද?
    පණ ව‌ගේ ආද‌රේ කරන ‌කී දෙනෙක් අ‌නේ ආද‌රේ යකාට ගිය‌වේ කියලා දමලා ගහලා යනවද මං අහන්‌නේ?
    ඔය ආද‌‌රේ කියන title එක ඇතු‌ලේ ති‌යෙන ‌ගෞරවය විශ්වාසය ව‌ගේ subtitles හින්දා තමා සම්බන්ධයක් ‌ගෙන යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
    අ‌නේ මන්දා මට නම් මම ඔයාට පණටත් වඩා ආද‌රෙයි ම‌ගෙ මැණික කියලා කියනවට වඩා උඔ ගැන ති‌යෙන කැක්කුම හින්ද‌නේ මම ‌මෙච්චර කියන්‌නේ ‌මෝඩි‌යෙ කියලා කිව්වම එයා කියන ‌දේ කරන්න හි‌තෙනවා... හික් හික්

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails