Saturday, July 18, 2015

17 වසරක සාපයක් යලිත් ඕනද?



වර්ථමාන දේශපාලන පිටිය නිරීක්ෂණය කලාම මහින්ද ප්‍රමුඛ පරන හොර නඩය අන්ත පරාජයක් ලබන බව පේන්න තියෙනවා.

එහෙම වෙලා UNPයට 1977දි JR ලැබුනා වගේ ලොකු බලයක් ලැබුනොත් කියලා හිතුවාම එන්නේ ලොකු භීතියක්.

JRගේ බෑනා රනිල් ජේ.ආර්.ට එහා ගිය භයානක නායකයෙක් නොවෙයි කියලා චරිත සහතික දෙන්න විදිහක් කොහෙත්ම නෑ.

1977 බලය ලබා ගෙන 17 වසරක සාපය කියලා අපි හඳුන්වපු  UNP ආන්ඩුව 1994 චන්ද්‍රිකා මුල් වෙලා බිඳවට්ටෙන්න්නේ කැපුවත් කොල කියන UNP කාරයින්ටත් UNP ආන්ඩුව එපා උනු හින්දා මිසක් චන්ද්‍රිකාගේ ප්‍රතිපත්ති වලට කැමැත්ත නිසා නිසා ලැබුනු චන්ද නිසා නෙමෙයි.

යලිත් 17 වසරක හෝ ඊට අඩු වැඩි කාලයක් නොඑන්න නම් කරන්න ඕන රනිල්ට UNPයට විශාල බලයක් නො එන විදිහට බල තුලනයක් කරන එක.

ඒ කරන්න හොඳම ක්‍රමය සභාග ආන්ඩුවක් පිහිටුවන්න හෙට්ටු කරන්න / කේවල් කරන්න තරම් හොඳ ආසන සංඛ්‍යාවල් JVPයට ලබාදීම.

මේ හෙට්ටු කරන / කේවල් කරන බලය මීට කලින් ලැබුනේ ආගම් / සුළු ජාතීන් මූලික කරගත්තු පක්ෂ වලට .

ඒකෙන් සිදුවුනේ ෂෛලොක් පපුවේ මස් රාත්තලම ඉල්ලා සිටිනවා වගේ රටට හෙන ගැහුවත් තමන්ගෙ ජාතියට ආගමට පමනක් වාසි වෙන දේවල් ඉල්ලගෙන ආන්ඩු පිහිටවන එක. විල්පත්තු කැලෑ කැපීම වගේ දේවල් ඒවට උදාහරණ.

ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා මහජන දේපල විනාස කරපු, ප්‍රභූන් මරපු අඳුරු කාල පරිච්චේදය වෙනුවෙන් රටෙන් ජාතියෙන් සමාව අයැදලා JVP ය ප්‍රධාන දේශපාලන ප්‍රවාහට එක් උනාට පස්සේ පරන පව් වල වන්දි ගෙවන ආකාරයකින් කටයුතු කලා කටයුතු කරමින් ඉන්නවා කියන එක මගේ හැඟීම.

එහෙව් එකේ ජාති ආගම් කුල බේද නැතුව රටේ හැම පුරවැසියෝ ගැනම දයානුකම්පාවෙන් බලන JVP යටය මේ සැරේ මහ මැතිවරණයේදි ආන්ඩු පිහිටුවන්න එකතු කරගත යුතු එකම සාධකය කරගැනීම තමයි රටේ හෙට දවස වෙනුවෙන් අද අපිට කරන්න පුලුවන් හොඳම දේ කියලා මට හිතෙන්නේ.

Pic from: shariaunveiled.wordpress.com

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails