Tuesday, June 30, 2009

ආදරය රාගිකද. . . . ?



මම කලින් ලිපියකත් සදහන් කරපු පෙම්වතිය මගහරින්න උත්සාහ කරද්දිත් උමතුවෙන් වගේ ඈට පෙම් කරන පෙම්වතා - හෙවත් මගේ හිතවත් මිතුරා . . ළගදී දවසක අපි දෙදෙනා කතාබහ කරමින් ඔහුගේ දුක බෙදාගනිමින් සිටින මොහොතක පැවසූ යමක් සම්බන්ධයෙන් කිසිවක් ලියා තැබිය යුතුයි කියා මට සිතුනා. . .

කතාව අතරමගදී කිසියම්වූ නිමේශයක ඔහු වේදනාව දෙනෙතේ සිරකරගෙන කිසිවක් නොකියා හිස් බැල්මෙන් . . . මට සුලු මොහොතකැයි සිතෙන නමුත් ඔහුට කල්ප කාලාන්තයරයකැයි සිතෙන කාලයක් . . බොදවූ අනන්තය දෙසට නෙත් යොමා සිටියා . . .

ඔහුගේ දෙනෙත් දෙස බලා සිටි මට . . කදුලු හෙලා, කෑගසා හඩා, වැළපී පිටකරගත නොහකි වූ ඔහුගේ ශෝකයේ තරම මෙතෙකැයි සේයාවක් හැගී . . දැනී ගියා. . .

එම වෘතයෙන් මිදුනු ඔහු එක් වරම මා දෙසට හැරී. . .

"අපි මේ ආදරේ ආදරේ කිය කිය මැරෙන්න හදනවා මචං . . . කෙල්ලන්ට මේ බම්බු ආදරයක් ඕන නැහැ . . . උන්ට ඕන සෙක්ස් විතරයි . . . " කියා අවේගශීලීව පැවසුවා. . .

"මම මීට කලිනුත් පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙල්ලෝ දෙන්නෙකුත් මේ කෙල්ල වගේම . . . මුලින්ම පටන් ගන්නකොටම . . . අනේ අයියා ආදරේ විතරක් නම් කමක් නැහැ . . වෙන වෙන දෙවල් නම් බලාපොරොත්තු වෙන්න එපා .. . ඒවට අපි නියම කාලය එනකම් ඉදිමු . . . වගේ දේවල් කියල පටන් ගත්තු නිසා . . . මාත් ඉතින් සෙක්ස් ස්විච් ඕෆ් කරලා පැලෙන්න ලව් කලා . . අන්තිමේදි . . . අනේ අයියා ඔයා වගේ හොද කොල්ලෙක් ජීවිතේට කෙල්ලෙකුට පතන්න බැහැ . . . ඔයාට මට වඩා හොදකෙනෙක් ලැබෙන්න ඕන . . . අරවා මෙව්වා බයිලා කියලා කියලා . . . මේ නිකං චාටර් වෙච්ච, ගංජා ගහන, හරි හමන් රස්සාවක් වත් නැති . . රස්තියාදු කාරයෙක් එක්ක සෙට් වෙනව. . . ඒ මදිවට ඉක්මනට උන්ව කසාදත් බැදගන්නවා. . . "

"අන්තිමේදී . . . ආදරේ වෙනුවෙන් . . . ඉටිපන්දම් හදුන්කූරු වගේ හැගීම් දැනීම් හිරකරගෙන . . . ආදරේ කරපු කාලෙදිත් දුක් විදපු . . . අපිම . . . ආපහු පාරක් දුක් විදිනවා . . . විරහ වේදනාව දරා ගන්න . . . එකයි මම අර විදිහට කිව්වෙ" කියලා වේදනාවෙන් තැවෙන ස්වරයකින් පවසා නෙතට ඉනූ කදුලක් මගෙන් වසන් කිරීමටදෝ මංදා . . ඉවත බලා ගත්තා . .

"මගේ ජීවිතයට සම්බන්ධ ගැහැනුන් ගැන සලකා බැලුවොත් (වරදවා වටහා ගන්න එපා මේ කියන්නේ බිරිඳ, පෙම්වතියන් ගැන පමනක් නොවේ . . අම්මා. . නැන්දලා . . පුංචිලා. . සහෝදරියෝ . . නෑදෑ සහෝදරියෝ . .මිතුරියෝ . . කාර්යාලයේ හිතවතියෝ . . මිතුරන්ගේ බිරින්දෑවරු . . ) ඔය ඔක්කොම අතරින් වැඩි දෙනෙක් . . ඒ කියන්නෙ . . අපේ ස්ත්‍රී රත්නය "එපා" කියන්නේ "හා" කියන එකයි . . "බෑ" කියන්නත් "හා" කියන එකයි කියන එක තමයි මගේ නිගමනය නම් . . ඒක නිසා උඹ ඊලග ලව් එකේදි වත් ඇන ගන්නෙ නැතුව ගොඩ දාගනින්" කියලා මම පණ්ඩිත උපදේශයක් ඔහුට දුන්නා . . .

මගේ හැගීම නම් ආදරය කරන කොට සීමාවන් දැන හැදින ශෘංගාර රසය විදීම පාපයක් හෝ වැරැද්දක් නොවන බවයි . . . . ආදරයේ කඩඉමක් ලෙස විවාහය ප්‍රාර්තනා කරන පෙම්වතුන් . . . පෙම්කරන කාලයේදී ලිංගික සතුටක් ලැබීම තුලින් . . . තමන් අවසානයේ ප්‍රාර්තනා කරන විවාහ ජීවිතයේ සතුටක සේයාවක් . . . මේ තුලින් විදිය හැකි නිසා . . . එකිනෙකා කෙරෙහි තිබුනාට වඩා බැදීමක් (අධ්‍යාත්මික හා ශාරීරික ) ඇතිවෙනවා කියන එකයි . . . .

එසේ ඇති වන්නාවූ බැදීම නිසා එකිනෙකා කෙරෙහි වූ ලෝභයක් . . තෘෂ්නාවක් . . දක්වා වැඩි දියුනුවී . . .
- තමන්ට පනමෙන් ආදරය කරන නමුත් . . සේපාලිකා මලක් . . . පරිදි . . නොතලා . . නොරිදවා . . ආරක්ශා කරන යහපත් පෙම්වතා වෙනුවට . . . තමන්ට විශාල ලිංගික සතුටක් ලබාදේවි යයි උපකල්පනයෙන් රස්තියාදුකාර පෙම්වතෙකුගේ පහස පතන්නට . . -
පෙම්වතියන්ට අවැසි නොවේවි කියා මට නිකමට සිතේ . .

ඇත්තටම ඔබට මොකද හිතෙන්නෙ??

නන්දා මාලනී මහත්මිය ගායනා කරන "ප්‍රේමය නම් . . රාගයෙන් තොර . සද එලිය සේ අචින්ත්‍යයි . . පාරිශුද්ධයි . . සුරම්‍යයි . . ." ගීතයේ පවසන පරිදිම එය ඇත්තෙන්ම

රාගයෙන් තොරද??

සද එලිය සේ අචින්ත්‍යයද??

පාරිශුද්ධද??

සුරම්‍යයද??

Sunday, June 28, 2009

ජීවිතයට අමාවක ආ වෙලාවක කාටත් හොරා නුඹ පුන් සද උනා මට . . !



“ජීවිතයට අමාවක ආ වෙලාවක
කාටත් හොරා නුඹ පුන් සද උනා මට”

මේ මගේ යෞවන කාලෙදි මගේ සමරු පොතේ එක ගැහැනු ලමයෙක් තැබූ සමරුවක්. . . (ඇගෙයි මගෙයි මිතුරු කමක් හැර වෙන විශේෂ යමක් තිබුනේ නැත )

අද අහම්බෙන් මේ කවිය මගේ සිතට ආව . . . .!

මට හේතුව කුමක්දෝයි සිතා ගන්නවත් බැරි උනා. . .!

ඉතින් මම හිතුවා මගේ සමරු පොතේ (දැන්නම් එය කොහේද කියාවත් මා දන්නේ නැත ) තිබුනු පැදිවලින් මගේ මතකය රැදී ඇති ටිකක් ලියා තැබිය යුතුයි කියා. . .

“පුන් කලස් මතු පිට
පහන් දල්වනු විලස
නොනිමි පහනක් වන්න
සදහටඅහිංසක හදකට. . . !”

“කෙල්ලන් තමන් සතු
හදවත් සිතා මල් යයි පරසතු
නොකරයි අනුන් සතු
එවැනි උන් කල යුතුයි ජනසතු. . .”

“ආලය ෆුට් බෝලයකි – පයින් ගසා විසිකල යුතු. . . !”

“කලා රසය තිබුනත් නියගලා අලේ
මළා නේද කෑවොත් නියගලා අලේ . . .!”

මේ බොහෝම ටිකක් පමනයි . . . .

ඔබටත් මතකයක් තිබේ නම්
ඔබේ පැරනි සමරු සටහන් ගැන . . .
මෙහි පහල කමෙන්ට් එකක් ලෙසට
සටහන් කරන්න අමතක කරන්න්න එපා. . .

මගේ කාර්ය්‍යාල මිතුරෙක් මට ඔහුගේ සමරුවේ තිබූ සටහන් වලින් දැනට මතකයේ ඇති කිහිපයක් මට ලගදී දිනකදී ලියා දුන්නා . . .

ඔන්න ඉතින් මට කලින් ලියූ බ්ලොග් එකට නැටි කෑල්ලක් එල්ලන සිදු උනා . . .

මේ තියෙන්නේ ඔහුගේ මතකයේ රැදුනු සමරු සටහන් කීපයක් . .

සතුටු සිනා මැද දොඩමලු වන්නට . . .
තනිවූ මනසට සතුට සදන්නට . .
යලි අප මුන නොගැසේවිද සොයුර . .
මල් පෙති ඉහිරුනු . . මල් පාරේ. .

අධිෂ්ටානය ස්ථීර නම් . .
බුද්ධිය ප්‍රමානවත් නම් . .
බලාපොරොත්තු ගැන පසුතැවිලි නොවන්න . . .

රුවන් මිනි කැට සෙමින් විවරව . .
පෙර ඇසුරු මතකෙට නැගේවා. . . !
විමන් මැද මැවු මිහිරි සිතුවිලි . .
දහස් ගනණින් ඉදිකෙරේවා . . .!
එකට එක්වී ගෙවූ කාලය . .
යලිත් ඔබ හට සිහි කෙරේවා . . !
ගතින් ඈතට ගියත් කිසි දින . . .
මතකයෙන් ඈතට නොයේවා. . . . . . !

Saturday, June 27, 2009

කසාදය - සතුට - දික්කසාදය. . . !


මේ මාතෘකාව ගැන යමක් ලියන්න හිතුවේ මේ දවස් වල මගෙ හිතවතුන් දෙතුන් දෙනෙක්ම මේ විෂය සම්බන්දයෙන මාත් එක්ක දුක කියලා . . . ඒ දුක අහල . . . ඒ දුකට මම කොහොම පිහිට වෙන්නද කියල හිත හිත . . . මාත් දුකෙන් ඉන්න නිසායි. . . .

එක හිතවතියක් ගෘහස්ත හිංසනයෙන් පීඩා විදිමින් ඒ දුකින් එතෙර වීමට මගෙන් උපදෙසක්, උදව්වක් අයැදිමින් සිටිනවා. . . . . . ඇගේ කතාව මම වෙනම බ්ලොග් එකකින් පසුව ලියන්නම් . . .

තව හිතවතෙකුට ඔහුගේ බිරිද ඔහුට වෙන සම්බන්ධයක් ඇතැයි ඔහු ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන ඔහුට නිතරම කරදර කරනවා ඔහුට මානසික එකගතාවයකින් ඔහුගේ රැකියාව පවා කර ගත නොහැකිකි ලෙස. . .

තව හිතවතෙකුට ඔහු පෙම් කරන යුවතිය ඔහු ඇයට උන්මාදයෙන් වගේ ප්‍රේම කරද්දිත් ඇය ඔහුව මග හරින්න හදනවා ඔහුට ඈට වඩා හොද කෙනක් මතුවට ලැබේවි . . . ඈට ඔහු සමග විවාහ වීම සදහා හිත එකග කරගන්න පුලුවන් කමක් නැතැයි කියමින් . . . ඔහු මගෙන් උපදෙස් සහ උදවු පතනවා ඇගේ හිත ඔහු කෙරෙහි යොමුකරවා ඔහුට ඈව අනාගතයේ විවාහ කර ගැනීමට උදව් කරන ලෙස. . .

තනිකඩව සතුටින් කාලය ගතකරන දෙදෙනෙක් විවාහ වෙන්නෙ ඊට වඩා සතුටක් ලැබීමේ පරමාර්ථයෙන් මම හිතන්නෙ . . . . විවාහයෙන් . . . . බලාපොරොත්තුවූ සතුට නොලැබී ගොස් . . . ඒ වෙනුවට දුක් කරදර ගොඩක් උඩ දිවි ගෙවන්න සිදු වුවොත් . . .

විවාහයෙන් බලාපොරොත්තු වූ සතුට නොලැබෙනවානම් එකිනෙකාට වයිර කර කර නොයිද. . . මයිත්‍රියෙන් දෙපසට වී සිටීම තමයි හොද කියන එකයි මගෙ හැගීම නම්. . . . ඒ කියන්නෙ මෙයට පිළියම දික්කසාදය කියන එකද??? විවාහ නොවී සිටින්න කියන එකද???

නමුත් දරුවන් සමග මේ ප්‍රශ්නයට මුහුන දීමේදී වඩාත්ම සංකීර්න වෙනවා . . . තමන්ට අවශ්‍ය නිදහස . . . සතුට වෙනුවට දරුවෝ වෙනුවන් ඒ හැම දෙයම කැප කිරීමට තරම් ශක්තියක් ගොඩනගා ගතයුතු වෙනවා මම හිතන්නේ . . . . .

මේ හිතවතුන් තුන් දෙනාට සතුටින් ජීවත් වීමට මග පෙන්වන්න මම මොන විදිහේ උපදෙස් ලබාදිය යුතුද කියලා මම අහස පොලොව ගැටලන ගානට කල්පනා කරමින් සිතිනවා . . මේක බලන කෙනෙකුට වත් ඒ ගැන කියන්න දෙයක් තිබ්බොත් . .  . . !

Thursday, June 25, 2009

ඔන්න මමත් අද ඉදන් සිOහල බ්ලොග් ලියන්න පටන් ගත්තා. . .



ඔන්න මමත් අද ඉදන් සිOහල බ්ලොග් ලියන්න පටන් ගත්තා. . .

මුලින්ම කියන්න ඔන මම වසන්ත දුක්ගන්නාරාළ නම් නෙමෙයි. . මම මේ නමින් බ්ලොග් එක හැදුවට පස්සෙ තමයි මට දැනගන්න ලැබුනේ ඒ මහතාත් දුකා නොහොත් දුක්ගන්නාරාළ විදිහට පාවිච්චි කරනවා කියලා. . .. .

මම බොහෝම ආසාවෙන් නැවත නැවත කියවන පොතක තියෙනව "සමහර අය මේ ලෝකෙට එන්නේ අනිත් අයගේ දුක් කරදර වලට පිහිට වෙන්න දෝත දිගු කරගෙන" කියල.

මටත් සමහර වෙලාවට හිතෙනවා මාත් ඔය කිව්ව ජාතියේ කෙනෙක් වත් දෝ කියලා.

මට යම් දෙයක් සිදුවූ විට මට එය බොහොම ඉවසීමෙන් දරා ගත හැකි වුවත් ගොඩක් වෙලාවට තව කෙනෙකුට යමක් සිදුවූ විට මට එය දරා ගත නොහැකි තරම් බරක් විදිහට දැනෙනවා. .

ඒක නිසා මම හිතුවා මේ බ්ලොග් එකට දුකා කියල නම දාන්න. . .

ඉතින් එකතු වෙන්න මාත් එක්ක මේ දුක් බෙදාගෙන දුක පලවා හැර දුක සතුටට හරවා ගන්න. . .!

යමක් ඇත්නම් මට කීමට ලියන්න sathula@yahoo.com

බයිස්කෝප් බ්ලොග් එකේ පොතේ ගුරා සහෝදරයා තමයි මාව උනන්දු කලේ මේ වැඩේට.

ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. . .

කොතනින් කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බැරුවයි මේ ඉන්නෙ. . . . ???***! ? /

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails