Wednesday, July 29, 2009

කර්නල්ගේ බිරින්ඳෑවරු


බත් එපා පොත් වර්ගීකරනයට අද මම හිතුවා මගේ ප්‍රියතම පොතක් ගැන ලියන්න ඕන කියලා . . .

මේ පොත මම දැනට 12 සැරයක් හෝ ඊට වැඩි වැඩි පාරක් කියවලා තියෙනවා . . . නමුත් ආයෙත් හෙට මේ පොත ගත්තොත් බලන්න කියලා අලුතෙන්ම මේ පොත බලනවා වගේ ආයෙ පාරක් රසවිඳින්න පුලුවන් . . . . මම නමය වසරෙ . . දහය වසරෙ වගේ පංති වල ඉන්නකොට හිතා හිටියේ පරිවර්තන පොත් විතරයි මෙහෙම ආයෙ ආයෙ කියවන්න තරම් හිතට දැනෙන විදිහට ලියල තියෙන්නෙ කියලා . ..

නමුත් . . . පසුකාලෙක කරුණාසේන ජයලත් මහතාගේ . . . සෝමා ජයකොඩි මහත්මියගේ . . ජයසේන ජයකොඩි මහතාගේ . . සුනේත්‍රා රාජකරුණායක මහත්මියගේ එහෙම පොත් බලනන් ගත්තට පසුව තමයි මට තේරුනේ පරිවර්තන විතරක් නෙමෙයි ස්වතන්ත්‍ර පොතුත් ඒ වගේ ම ආයෙ ආයෙ බලල රසවිඳින්න පුලුවන් තරමට ලියලා තියෙනවා කියලා . . (පසුකාලෙක කිව්වට මට මතක හැටියට මම මුලින්ම බැලුවේ ගොලු හදවත පොත )

මම විස්තර කරන්න යන පොතේ නම "කර්නල්ගේ බිරින්ඳෑවරු" . . . මේ පොත ලියල තියෙන්නෙ සෝමා ජයකොඩි මහත්මිය . . .

යුධ හමුදාව ඇතුලේ තිබෙන ඉහලට යාමට . . . තනතුරු ලබාගැනීමට . . කරනු ලබන කැපිලි කෙටිලි ගැනත් . . . ස්වාමියා බිරිඳ අතර අදහස් හුවමාරුවක් නැති කමිනුත් . . . එකිනෙකා කෙරෙහි විශ්වාසයක් නැති කමිනුත් . . පවුල් කැඩී විසිරෙන හැටිත් . . . ඉන් දරුවන් දුකට පත්වෙන හැටිත් . . . සහෝදර සහෝදරින් . . නෑදෑයින් . . පවුලේ දේපල වල උරුමයට එකිනෙකා කා කොටා ගන්න අයුරුත් . . . දෙමාපියන්ගේ ප්‍රශ්න දිහා දරුවනුත් සානුකම්පිත ලෙස සිතා බලන්න ඕන කියන දෙයත් . . . මාතෘත්වයට මිනිසුන් කොතරම් ගරු කරනාවාද යන්නත් . . . අරක්කු බෝතලේක සංතෝශමකට තමාගේ බිරිඳ වෙන කෙනෙකුට පාවා දිය හැකි තරම් දීන මිනිසුන් වුවද මේ මිහිපිට සිටින බවත් . . . ජීවිතයේ වටිනා කියන හැමදෙම නැතිවූවාට පසුව වුවත් . . . ජීවිතේ ආයිත් අලුතින් පටන් අරගෙන . . තමාට වැඩක් නැතිනම් . . . කාට හෝ වැඩක් ඇති ලෙස . . . ලස්සන . . . වැඩදයි ජීවිතයක් ලෙස ගතකල හැකියි . . යනාදී ලෙස . . .ජීවිතයට . . . සමාජයට . . .විශාල මෙහෙවරක් කලහැකි . . . පනිවිඩ රාශියකින් සපිරි නවකතාවක් කියන්න පුලුවන් මේ නවකතාව . . ..

මම කතාවේ සාරංශය හෝ කිව්වොත් ඔයාලට බලන්න හියෙන උනන්දුව අඩුවෙයි කියලා හිතලා කතාවේ සාරංශය නැතුව මගේ හිත සසල කල සමහරක් තැන් දෙක තුනක් විතරක් මම ඔයාලට කියන්නම් . . .

තරුණවියේදීම අවාසනාවන්ත ලෙස බිරිද මියගිය . . . යුධහමුදාවේ කැපිලි කෙටිලි වලින් කලකිරී හමුදා ජීවිතයටත් ආයිබෝං කියා කලින්ම විශ්‍රාම ගත් . . . කර්නල් චූලාභය තෙන්නකෝන්ට . . . ජීවිතයේ මහා පාලුවක් . . . තනිකමක් . . .දැනී . . . ඒ පාලුව තනිකම මකා ගන්න දෙවෙනි විවාහයක් ගැන හිතුවොත් කියා නිකමට හිතූ මොහොතේ විදුලියක් කෙටුවා වැනිව හිතට ආවේ . . . නිවාඩු කාලයට දමයන්ති අක්කගේ අනාථ නිවාසයට එන . . . කොටි ත්‍රස්තවාදීන් තම භාගයක් දෙමළ භාගයක් සිංහල සැමියාව පැහැර ගත් නිසාත් . . . කුඩා කලම කුඹුරේදීම තම දෙමාපියන් කොටි ත්‍රස්තවාදීන් විසින් මරා දැමූ නිසාත් අනාථ භාවයට පත්වුනු . . . තරුණ ගුරුවරිය ධරනී ගැනයි . . . . !

ඔවුන් දෙදෙනාගේම හද පතුලටම ඔඩු දිවූ අතීතය නැමැති මුල් ගලවා දමා ඔවුන්ගේ ජීවිත සුන්දර කිරීමේ අරමුනින් . . . පවුලේ බූදලේටත් . . . පවුලේ පාරම්පරික රන් ආභරනවලටත් . . . කෑදර . . . එක් යක්ශාවේස වූ නීලමනී කෙනෙකු නොව . . . නීලමනීලා දාහක් ආවත් . . . තම ඤාති සොහොයුරා පමනක් නොව . . . පලමු විවාහය බිඳවැටී . . . දුක් විඳින . . . දෙවෙනි විවාහයක් ගැන හිතන හැම දෙනාම වෙනුවෙන් . . . ඕනෑම පරාස්සයෙක් සමඟ වුව ගැටිය හැකියි යන ආත්ම විශ්වාසය ඇති . . . අනුන්ගේ දුක් කරදර වලට පිහිට වෙන්න දෝත දිගුකරගෙන මෙලොවට ආවායි සිතන . . . මහඹබාගේ නියෝජිත වරිය හෙවත් . . . සොඳුරු කුමන්ත්‍රන කාරිය . . දමයන්ති අක්කට . . . ඔවුන් දෙදෙනා එක කිරීමට හැකි වේද . . . ?

තමන්ට පෞරුශයක් ඇති සැමියෙක් නොලත් කමින් . . . නොසන්සිඳෙන ඉරිසියාවෙන් . . චූලාභය ගැන බොරු කේලාම් කියා සරෝජිනීගේ සිත ඔහුකෙරෙන් බිඳුවා . . . තම එකම නිවුන් සොයුරියට අකල් මරනයක් හිමිකර දුන් . . . කුරිරු නීලමණී . . . හමුදාවේ උසස් නිධාරියෙකු වූ තම මස්සිනා ලවා . . . උතුරේ ක්‍රියාන්විතයේ රාජකාරී කල . . . චූලාභයගේ එකමු පුතු . . . කැප්ටන් මනුජය තෙන්නකෝන් . . . කොළඹට ගෙන්වාගෙන . . . පියාගේ දෙවෙනි විවාහය පිලිබඳ අදහසට එරෙහිව සටන් කරවන්න කරන කුමන්ත්‍රනයට මනුජය අසුවේද . . . ? පියාගේ දෙවෙනි විවාහය පිලිබඳ අදහසට ඔහු කෙසේ ප්‍රතිචාර දක්වයිද . . .?

උප ඇමතිනියගේ නොසන්ඩාල පුත්‍රයා විසින් දූෂනය කල . . . එම හේතුව නිසාම දමයන්ති මැඩම්ගේ අනාථ නිවාසයට පැමිනි . . . රූමත් . . . විජයකාන්තිගේත් . . . ෆුට්බෝල් ක්‍රීඩාවට ගොස් කකුල කඩාගෙන නොව . . නොව රට වෙනුවෙන් සටනට ගොස් බට්ටෙක් පෑගීමෙන් කකුලක් අහිමි වූ . . . එනිසාම තමාව අතහැර වෙන මිනිසෙක් සමඟ පැනගිය පෙම්වතියට සාප කරමින් නොසිට . . . විජයකාන්තිගේ කන්‍යාභාවයත් . . අනාථකමත් . . . පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නොසලකා . . . ඈව විවාහ කරගැනීමට සැරසෙන කෝප්‍රල් සාලින්දගේත් . . . විවාහ උත්සවය . . . චූලාභයටත් . . ධරනීටත් . . . ඔවුන්ගේ සිත් එකිනෙකා කෙරෙහි විමසිලිමත් වන්නට ඉඩ සලසාදෙන තෝතැන්නක් වීද . . . හිතේ උපන් සෙනෙහස ලත් තැනම ලොප් කල . . . සාදයක් වීද . . .?

මේ හැම දේටම ඔබට පිළිතුරු අවශ්‍යනම් . . . කර්නල්ගේ බිරින්ඳෑවරු ඔබට බලන්නම වෙනවා . . .

Monday, July 27, 2009

කාලයේ වැලිතලාව පහුරුගා . . .!


බලන කට්ටිය මට බනිනවද දන්නෙ නැහැ මම වැඩිපුරම ලියන්නේ දුක හිතෙන දේවල්මයි කියලා . . . බ්ලොග් එකෙ නමත් දුකා නිසා එහෙම හිතෙනවත් වෙන්න ඇති . . .

මම ඇත්තෙන්ම හරිම සතුටින් කාලය ගතකරන කෙනෙක් . . . මාව ගොඩක් ලඟින් ඇසුරු කරන අය හෙවත් මගේ හොඳම යහලු යෙහෙලියන් හැමෝම දන්නවා ඒ බව . . . ඒ අය අහම්බෙන් හරි දැක්කොත් මම දුකෙන් ඇස්දෙකේ කඳුලු පුරෝගෙන ඉන්නවා . . . ඒ අය දන්නවා ඒ මම එහෙම ඉන්නේ . . එක්කෝ . . දුක හිතන නවකතාවක් බලල . . . නැතිනම් දුක හිතෙන චිත්‍රපටියක් බලල . . නැතිනම් දුක්ගීතයක් අහල. . . එහෙමත් නැතිනම් කාට හෝ සිදුවුනු දුක හිතෙන යමක් අහන්න ලැබිලා වත් කියලා . . .

හැබැයි මට මොනා උනත් මට එහෙමට දුකක් දැනෙන්නේ නෑ . . . (ඇත්තමයි)

මට මතකයි දවසක් අපේ චමරියට යාලුවෙකුගේ යාලුවෙක් ඇවිත් . . ඌට වැරදිලා මගේ කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවා . . මම ඒ වෙලාවේ "සෝමා ජයකොඩි" මහත්මිය ලියපු "මධාරා" නවකතාව කඳුලු පෙරපෙර බල බල හිටියේ . . . මටත් ටිකක් ලැජ්ජත් හිතුනා. . .

ඌ “සමාවෙන්න මචං” කියල පිටවෙලා ගියා . . .

ගිහින් ඌ ඇහුවලු අනිත් අයගෙන් “මචං . . අරූට මොකක් හරි ගෙදර ප්‍රශ්නයක්ද . . . ?? කාට හරි අසනීපයක් වෙලා මූට ගෙදර යන්න නිවාඩු ගන්න බෑ වගේ සීන් එකක්ද . . ?” කියලා . . .

මගේ මිතුරෝ ඇහුවලු . . . "උගේ අතේ පොතක් තිබුනද . . ?" කියලා . . .

ඌ කිව්වලු . . "ඔව් මම දැක්කා පොතක් තියෙනවා . . " කියලා . . .

මගේ මිතුරෝ කිව්වලු . . . "ආ එහෙනම් ඕක ගනන් ගත යුතු දෙයක් නෙමෙයි . . . " කියලා . . .

ඒ කොටස ඇත්තෙන්ම අතුරු කතාවක් . . . දැන් අපි නියම කතාව ගැන හිතුවොත් . . .

ඔන්න ඉතිං මම අද හිතුවා මගේ ප්‍රියතම ගායිකාව වූ "නන්දා මාලනී ගෝකුළ" මහහ්මිය ගැයූ මගේ හද සසල කල ගීත ටිකක් ලියා තබන්න කියලා . . . ඇත්තෙන්ම මේ ගීත දැන් රේඩියෝ එකේ වත් ඇහෙනවද කියල සැකයි . . . !

මේ බ්ලොග් පෝස්ට් එක ඔයාල බැලුවොත් . . මම කියනවාට වත් නිකමට අහල බලන්න මේ ගීත කොතරම් ළයාන්විතයිද . . කොතරම් හැඟීම් බරයිද කියලා . . .

මියුරුගී සයිට් එකෙන් මේවා අහන්න පුලුවන් කැමති කෙනෙකුට . . .

මම කලින් අක්කල ගැන ලියපු ලිපියේ සඳහන් කරපු මගේ මිතුරාත් (කීර විකුනපු අක්කගේ මල්ලී) අපේ හතරදෙනාගේ කල්ලියේ අනෙක් අයත් තව ගෙවල් පැත්තේ මිතුරනුත් . . . අපි කට්ටිය කාලෙකට පසුව මුනගැසෙන හැම විටම (මම දැන් පදිංචිය ඒ පැත්තට වඩා කි.මී. 20කට වැඩිය දුරක ) පුලුවන් හැකි උපරිමයෙන් පුංචි හෝ මධුසාදයක් පවත්වනවා . . .

එහිදී මගේ මිතුරා කරන විශේෂ ඉල්ලීමක් තමයි . . . "අනේ දුකා කාලයේ වැලිතලාව පහුරුගා සිංදුව කියපන් . . " කියන එක . . .

"ඒක ඇහෙන කොට මට මතක් වෙන්නේ අපි ගතකරපු . . . ජීවිතයේ ආයි කවදාවත් නොලබෙන . . . සිහිනෙන් දිවගෑ සුවඳක් වගේ දැනෙන . . . අපේ සුන්දරම සුන්දර අතීතය" කියලා ඔහු පවසන්නේ ඇස් දෙකත් වසා ගෙන හිතින් ආපහු අතීතෙට ගිහින් වගේ . . . !

කාලයේ වැලිතලාව පහුරුගා . . .

කාලයේ වැලිතලාව පහුරුගා . . .
නියඟ ගෙවී ලේ ගලනා වෙලාවේ . . .
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම් . . .
ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම් . . .

වියැලුනු හෝපලු වනයේ . .
සුලඟේ යන පරඬැල් මැද . .
අතීතයක ගුන සුවඳක් විඳින්නම් . .
ඒ සුවඳම හමුවනතුරු සිටින්නම් . . .

කාලයේ වැලිතලාව . .

ගිනිදැල්වෙන මරු කතරේ . .
පුපුරු ගසන වැලිකැට මත . .
ළතෙත් බවක සිහිලැස සිහි කරන්නම් . .
ඒ සිහිලම පතමින් මඟ බලනම් . .

කාලයේ වැලිතලාව . .


සුන්දර ප්‍රේමනීය අතීතයක විඳි සිනා කඳුලු සිහිකරන මට නිතැතිම සිහියට එන්නේ මේ ගීය . . .

වැස්සකට ඉඩ ඇතත් . .

වැස්සකට ඉඩ ඇතත් . . අහස්කුස දස අතම . .
හිරුට එපමන කුමට . . පුන්චිපෙදෙසක් ඇතිය . .
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැලෙද්දී . .
හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට . . .

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල . .
බිඳීගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය. . .
ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . . .

සයුර ගොඩ එන තුරා කඳු මුඳුන් ඇත උසට . .
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද . . .
ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . . .

ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . . .


මම කලින් ලියූ "ගැහැනු ළමයිනේ . . කොහෙද බලා ඉන්නේ . . ." ලිපියේ සඳහන් චූටි නංගි ගැන හිතන හැම විටෙකම . . ඇගේ කැදල්ල කැඩී ගියොත් ඇයට පිහිට වියහැකි අයෙක් මේ ලෝකයේ සිටීදැයි සිතෙන විටෙක මට සිහිවෙන්නේ මේ ගීතය . . .
(ඇගේ කැදැල්ල විසිරී නොයා ඔවුන්ට සතුටින් සිටීමට ඉඩ සැලැසීමට මා මට හැකි ඕනෑම කිරීමට මා ඉටාගෙන සිටින්නේ . . . )

සුළං කපොල්ලේ . .

සුළං කපොල්ලේ . .
තැනූ කැදැල්ලේ . .
කෑලි කැඩී බිඳී වැටේ
නිල් කඳු රැල්ලේ . . //

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී . . .
දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්වී . . .
යොදුන් ගමන් ඔබමැ සොයා ආ සියුමැල්ලී . . .
පිලිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී . . .

සුළං කපොල්ලේ . .

ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වළල්ලේ . .
කඳුල පමනි ඇයට උරුම දවස මුලුල්ලේ . .
ඔබ තනිකඩ කුරුලු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ළැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ . .

සුළං කපොල්ලේ . .
තැනූ කැදැල්ලේ . .
කෑලි කැඩී බිඳී වැටේ
නිල් කඳු රැල්ලේ . . //

මම කලින් අක්කල ගැන ලියපු ලිපියේ සඳහන් කරපු ලොකු අක්කාට කියා බත්කවා ගන්නා මිතුරා තමයි මා දන්නා අයගෙන් සාර්ථකම විවාහ දිවිය ගත කරන්නේ . . . ඔවුන්ගේ අන්‍යෝන්ය අවබෝදය දකින මට සිහිවෙන්නේ මේ ගීතයයි . . .

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන . .

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන . .
අනන්ත බාධක දුක් පීඩා විඳ . .
භවෙන් භවය යන මං සළකුනු දැක . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .

සත් සමුදුරු තරනය කර ආවා . .
සත්කුලු පව් අතරින් දිව ආවා . . //
තරු එලියෙන් පියවර මැන ආවා . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .

කප් සුවහස් කල් . . .

නොනිමෙන ගමනක ආශා පොදි බැඳ . .
මිරිඟුව පසුපස දිව යන ඉකිබිඳ . . //
දිවි දෙන වැයුමට ඔබ පසෙකින් හිඳ . . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .

කප් සුවහස් කල් . . .

දහය වසරෙදි මා ගිය නුගේගොඩ නාවල පාරේ "ඇල්ෆා ඉන්ස්ටිටුට්" උපකාරක පංතියේදී මා නුගේගොඩ "අනුලා විද්‍යායයේ" යුවතියකට පෙම්කලා . . . තද විනය නීහි තිබූ එහි අපට එකෙනෙකා කෙරෙහි බලා ඉන්නවත් නිමේශයක් ලැබුනේ විවේක කාල වලදී පමනයි . .

අප දෙනෙත්වලින් කතාකරද්දී අවට සිටි දහසක් සිසු සිසුවියන් මැද අප පමනක් තනිවූවා වැනිවයි අපට දැනුනේ . . . ඒ අතීතය යලි යලිත් සිහිකරවන මේ ගීතය ඇත්තෙනම හද සසල කරනවා නොව හද පාරනවා කීවොත් නිවරදියි . . .

දෙනෝ දාහක් නුවන් අතරේ . .

දෙනෝ දාහක් නුවන් අතරේ . .
කවුරුදෝ මා . .
තනිකලේ . . තනිකලේ . .
පාසැල් බිමේ . .

සිනා කෙළිලොල් තෙපුල් රහසේ . . .
දෙඩූ තැන් අද ගොලුවෙලා . .
සොඳුරු පාසැල් පියස කඳුලින් බොඳ වෙලා . .
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා . .

නිබඳ ඔබ මා ඇවිද ගිය තැන් . .
සෙවන දුන් ගහ කොල පුරා . .
බිමට බරවුනු කැකුලු අතු ඉති මැලවිලා . .
දුකින් හදවත ගොලුවෙලා . .

දෙනෝ දාහක් නුවන් අතරේ . .
කවුරුදෝ මා . .
තනිකලේ . . තනිකලේ . .
පාසැල් බිමේ . .

Saturday, July 25, 2009

ආදරණීය අක්කලා හෙවත් හිට්ලර්ගේ අවතාර . . . !


වතුරට වඩා ලේ ඝනකමයි කියන කතාව මට අහම්බෙන් පොතක තිබිලා දකින්න හෝ කවුරුහරි කියනවා අහන්න ලැබුනා මේ ලඟදී දවසකදී . . .

ඉතිං ඒ වෙලාවෙම මම හිතා ගත්තා මේ සම්බන්ධව යමක් ලියන්න ඕන කියල . . විශේෂයෙන් අක්කලා ගැන . . . මොකද මගේ අක්කා ගැනත් . . මගේ හොඳම මිතුරන් දෙදෙනෙකුගේ අක්කලා දෙදෙනෙකු ගැනත් හැඟීම මහාමෙරක් වගේ මගේ හිතේ බරට රැඳිලා තියෙනවා . .

පුංචිකාලෙ නැතිනම් පාසැල් යනකාලේ නම් අක්කල ගැන හිතුවොත් . .

අක්කා කියන්නේ . . මහාම මහා පරාල ඇණයක් . .

ඕන එකටයි එපා එකටයි හැම එකටම හොටදාන . .

ඇඳ අස්සේ හරි නැතිනම් කාටවත් හොයාගන්න බැරිතැන් කියලා හිතාගෙන අපි හංගන කෙල්ලො එවපු ලියුම් කොහොම හරි හොයාගෙන අම්මට කේලාම් කියන . .

නැතිනම් ලියුම් වල තිබුනු කෑලි කියකිය නක්කලේ දාලා අපේ හිසට යක්ෂයා අවේශ කරන . .

පෝයදාට පේවෙලා උපාසකයෝ වගේ හවස 5-6 ට විතර බොහෝම ශ්‍රද්ධාවෙන් පන්සල් ගිහින් කාටත් හොරෙන් ගෑනු ලමය එක්ක නිදහසේ ටිකක් කතාකර කර හිටියොත් නැතිනම් වෙන ගෑනු ලමයෙකුට රබර් ඇහැ දානවා දැක්කොත් . . "මල්ලී . . . මොකීද ඒ සක්කර වට්ටම . . " "තමුසේ කාවද ඔය සක බඹරෙ වගේ කැරකි කැරකි හොයන්නේ . . " වගේ දේවල් පවුලේ හැමෝම ඉදිරියේ කියලා ප්‍රසිද්ධියේ අපව නිරුවත් කලා වගේ හැඟීමක් හිතට දනවන . . .

පාසැල් ඇරිලා ගෙදර ඇවිත් තියෙන දෙයක් කාලා හවස්වරුවම යාලුවෝ එක්ක සෙල්ලම් කරලා ගෙදර එනකොටම . . ඇවිත් පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා හිතනකොටම . . "හෆොයි . . ගස් ගඳේ බෑ . . හඩු ගඳේ බෑ . . පලයන් පලයන් නාගෙන වරෙන්" කියා ලිඳලගට හෝ නාන කාමරයට බලෙන් ඇදගෙන ගොස් අපව බලෙන්ම නාවන . .

ඊට පස්සෙ ඉතිං ටීවී එක ටිකක් බලන්න කියල හිතුවොත් . . "හා හා ඉඳ ගත්ත ඉතිං මැජික් පෙට්ටිය ඉස්සරහා . . ඕක වහල පාඩම් කරපන් . . පාඩම් කරපන් . . " කියලා අපේ අපිරිසිදුවට ඉන්නත් . . ටීවී බලන්නත් තියෙන මානුශික නිදහස අමු අමුවේ උල්ලන්ඝනය කරන ජේලර් කෙනෙක් මේකි නම් කියා හිතෙන . .

ඇණ පැකට් එකක් කියා තමයි අපි හැමෝම නැතිනම් ගොඩක් දෙනෙක් හිතන්නේ අක්කලා ගැන . . . .

කොටින්ම කිව්වොත් අක්කා කියන්නෙ හිට්ලර්ගේ අවතාරෙ කියලයි අපි හිතන්නේ . .

අපි කීයෙන් කීදෙනාටද ඇගේ නියම ආදරේ ගැඹුර තේරුම් ගන්න පුලුවන් වෙන්නේ . . ඇත්තෙනම ඇගේ මතුපිටින් තියෙන හිට්ලර්ගේ බඳු නියෝග වලට යටින් තියෙන්නේ උතුරා යන සෙනෙහස . . අපේ අනාගතය සුන්දර කිරීමේ ඒකායන පරමාර්ථය . . අප යහපත් පුරවැසියෝ කිරීමේ සොඳුරු බලාපොරොත්තුව . .

ඛේදයකි . . අප කීදෙනෙකුටද මේ ඇගේ නියම ස්වරූපය හඳුනා ගතහැකිවූයේ . . .

මට තාම මතකයි . . යාලුවෝ එක්ක සෙල්ලම් කර කර ඉන්න මට චිත්‍රකතා පත්තරයක් පෙන්වා . . ලගට ආවොත් පිටුවක් දෙනවා කියා අපේ ගෙදරට නගින්න තියෙන පඩි පහෙන් උඩම පඩියේ වාඩිවෙලා . . ලගට ආ ගමන් ඇදලා අරගෙන පහල පඩියේ මාව ඉන්ඳවාගෙන පත්තරේ බලනකම් ඔලුවේ ඉස් හොරි තියෙනවාද . . සෙල්ලම් කරන්න ගොස් තුවාල කරගෙනද කියලා ආදරෙන් මාව පරීක්ශා කරන . . හවසට හඩු පෙරාගෙන ගෙදර ආ ගමන් ලිඳ ලගට ඇදගෙන ගොස් වතුර ඇද මාව නාවන . . "නිතරම දත් . . නියපොතු . . ඉකිලි . . කිහිලි . . පිරිසිදුව තියා ගන්න මල්ලී කවදහරි කෙල්ලෙක් යාලුකර ගන්න දවසක ඔයාට තේරෙයි . . කෙල්ලෝ මූනේ ලස්සනට වඩා හිතන්නේ ඕවා ගැන . ."කියා බලෙන් මගේ දත් මද්දා . . පරන දත් බුරුසුවකින් මගේ නියපොතු මැද මාව ඈ පිරිසිදු කලහැටි . . අදටත් මගේ නියපොතු රෝසපාටයි . . හැම උදේම නාන්න යන මොහොතෙදී මගේ හිතේ ඈ දුන් උපදෙස් රැව් පිලිරැව් දෙනාවා . . .

"අම්මා නැති මට කිරි අම්මා වී . . .
කරුවල ගෙදරට මිණි පහනක් වී . .
දැනගත් දා සිට . . පෙරුම් පිරූවේ . .
අක්කේ මං මතු . .
සක්විති වෙයි සිතලා . . දෝ . . "

වික්ටර් රත්නායක මහතාගේ මේ ගීතය ඇසෙන හැම මොහොතකම මගේ හිත රිදවනවා මගේ හොඳම මිතුරෙකු ගැන සිතලා . . ඔහු සා/පෙළ කරන්න කලින් පියා මියගිහින් . . උසස්පෙළ කරන කාලෙදි මවත් මියගිහින් . . එදින පටන් ඔහුගේ ලොකු අක්ක තමයි ඔහුට මව වී තිබෙන්නේ . . අදටත් ඔහු අතින් අනාගෙන බත් කන්න හරිම කම්මැලියි . . ඔහුගේ බිරිඳගේ ලොකුම චෝදනාව තමයි "ලොකු අක්ක තමයි මෙයාව නරක් කරල තියෙන්නේ . . " කියන එක . .

මගේ දෙවෙනියට ගම උනු පෙදෙසේදි මට මතකයි කෙට්ටු, අහිංසක, කරුනාව උතුරා යන මූනක් තිබූ තරුණ ගෑනු කෙනෙක් දෑතින්ම විශාල බෑග් දෙකක කීර (කංකුන් . . මුකුනුවැන්න, ගොටුකොල ආදී කොල වර්ග ) ගෙනවිත් දාඩිය පෙරාගෙන ගෙවල් ගානේ ගෙනගොස් විකුනනවා . . පසුව කාලෙක ඇගේ මල්ලී මගේ හොඳම මිතුරෙක් වූවා . . ඔහු දිනක් මට කීවා ඔහුගේ ලොකු අක්ක කීර විකුනලා තමයි ඔහුට විශ්ව විද්‍යායලයේ ඉගෙන ගන්න වියදම් සපයලා දුන්නේ කියලා . . මගේ හිත හෝස්ගා ඇවිලී ගියා . . හදවත වෙව්ලා ගියා ඇගේ සහෝදර ප්‍රේමයේ තරම දැනිලා . .

මා කුඩා කල ඈ මට අමතන්නේ "චූටි මහත්තයා" කියා . . පසුව ඇගේ මල්ලි මගේ මගේ මිතුරෙක් වූ පසු මා ඈ එකඟ කරවා ගත්තා මට මල්ලී කියන්න කියා . . දැනටත් ඉඳ හිට හෝ ඈව මට ඔහුගේ ගෙදරදී මුන ගැසුනාම සමුගන්න මොහොතේදී මා ඈ සිප ගන්නේ හදපිරි භක්තියෙන් . .

මගේ නංගී විවාහවී කලින්ම විදේශ ගතවුනා . . මා මුලින්ම රැකියාවක් සඳහා විදේශ ගතවන මොහොතේදී "අනේ මල්ලී . . මට ඉන්නේ ඔයාල දෙන්න විතරයි . . නංගී රට ගියාම මම හිත හදාගත්තා ඔයා මගේ ලග ඉන්නවානේ කියලා . . අනේ දැන් ඔයත් මාව දාලා යනවා . . මම තනිවෙනවා . . " කියා මගේ අක්කා හඬාවැටුනු මොහොතේදී පිටරට රැකියාව බල්ලට ගියාවේ කියා හිතා හදාගෙන ලංකාවේම රැඳී සිටින්න මට හිතුනා . .

ඇත්තෙන්ම කෙදිනක වත් විදේශගත වෙන්න කැමැත්තක් නොතිබූ මට "ඔයා මෙහේ හිටියොත් ගන්න දෙයක් නැති වෙනවා . . කීයක් හම්බුකලත් කිසිම ඉතුරුවක් නෑ . . යාලුවොත් එක්ක රවුම් ගහලා පාන්දර ගෙදර එන්නේ . ." ආදී වශයෙන් බොහෝ කරුනු ගෙනහැර දක්වා මාව ඒ සඳහා උනන්දු කලෙත් ඈමයි . . .

ගුවන්තොටුපලේ වීදුරු බාදකයෙන් එපිට . . දරුවන් වඩාගෙන සිටි මස්සිනාගේ ඇගට වාරුවී . . කඳුලුපිරි දෙනෙතින් මා දෙස බලා සිටි . . ඈ දුටු මට . . . මගේ හදවත වීදුරු බාදකයෙන් එපිට බිම වැටී . . . යන එන දහසක් මිනිසුනගේ පයට පෑගී . . වේදනා විඳිනු වගේ දැනුනා . . .

නිවාඩුවට ගෙදර ඇවිත් ආපසු යන මොහොතේදී . . පිරිසිදුකම ගැන මට ඉගැන්වූ නමුත් . . . දරුවන් රැසකගේ වැඩ කටයුතු නිසා . . ඇගේ පිරිසිදුකම ගැන සිතන්න නිමේශයක් නැතිකමින් . . දාඩිය සුවඳින් පිරුනු ඈව මා සිපගනිද්දී . . "දෙවි පිහිටයි මල්ලී . . පරිස්සමින් ගිහින් එන්න" කියා ආශීර්වාද කරද්දී . . . දෙවියන් සිටිනාවායැයි විශ්වාස නොකරන මගේ හිතට . . . ඇගේ ආශීර්වාදයේ බර දැනෙන්නේ මහාමේරුවක් ලෙසට . . . !

ඉඩකඩම් වල අයිතිය වෙනුවෙන් සහෝදර සහෝදරියන් කෙසේ මිනිමරා ගන්නවාදැයි "වතුරට වඩා ඝනකම් වූ ලේ වලින් සැදි " සහෝදරත්වයේ සුවඳ හඳුනන . . . මටනම් සිතාගන්න වත් නොහැකියි . . . !

ඔබත් මෙපමන කලක් අක්කාගේ නියම ආදරය හඳුනා නොගත් සොයුරෙක් . . සොයුරියක් වියහැකියි . .

මා පැවසූ අක්කලා ගැන නියම සත්‍යයේ නාමයෙන් . . . ඔවුන්ගේ නියම ආදරයේ ගැඹුර ගැන සිතා . .

ඔබ සිටින්නේ ඔවුන්ට දුරින් වියහැකියි . . ඔවුන්ට දුරකතන ඇමතුමක් දී හෝ ඔබ ඔවුන්ට කොතරම් ආදරේ දැයි පවසා සිටින්න . . . ඔවුන් ඔබේ ජීවිතයට කල බලපෑම් ඒකාලයේ සතුරුකම් කියා සිතුවත් . . ඉන් ඔබේ ජීවිතයට වූ යහපත කෙතරම්දෙයි පවසන්න . . .

අදම පවසන්න . . . හෙට පමා වැඩිවිය හැකියි . . . !

Wednesday, July 22, 2009

හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ . . . !


"කොළඹ සරසවියේ ශාස්‌ත්‍රපීඨ සිසු ගැටුමක්‌ "

"පහරකෑමට ලක්‌වූ මහරගම නාගරික මන්ත්‍රී මරුදකියි "

අද දිවයින පුවත්පතේ මේ ලිපි දෙක දුටු මට අපේ සමාජයේ මිනිසුන්ගේ එක් අඩුපාඩුවක් සම්බන්ධව යමක් ලියන්න සිතුනා . . .

අපේ රටේ සිංහල බෞද්ධයින් බහුතරයක් සිටියා උනත් . . .අපි හැමෝම ශ්‍රී ලාංකික කියන වර්ගීකරනයෙන් අපව හඳුන්වා ගත්තොත් . . . සාමාන්‍යයෙන් අපේ මිනිසුන් හරිම සාමකාමීයි . . කවුරුන් කෙසේ කීවත් මොන මොන ආකාරයට විග්‍රහ කලත් . . . ශ්‍රී ලාංකික අප ජාතිවාදීනම් නැති බවයි මගේ හැඟීම නම් . . (ජාතිවාදී නැති වුවත් පංතිවාදීයි ) ආගම් කීපයක් සමාජයේ තිබුනා වුවත් බහුතරයකගේ ආගම වූ බෞද්ධ දර්ශනයේ අභාශය සුලුවෙන් හෝ අන් ආගම් වලටත් කර ලද බලපෑමක් නිසා හෝ . . සමානාත්මතාවය . . (එකම පංතියට අයත් අය අතර ) . . මානුශිකත්වය . . මිත්‍රශීලී බව . . සුහදබව . . අප අතර නොඅඩුව තිබෙනවා . .

ඒවාට උදාහරන කීපයක් පහත දැක්වෙන ආකාරයෙන් සටහන් කල හැකියි . .
1. ලංකාවේ සංචාරය කල පිටරැටියන් කරන ලද ගුණවැනුම් . .
2. සුනාමි ඛේදවාචකය අවස්ථාව . .
3. අවතැන්වූ ජනතාවට හැකි අයුරින් කල පරිත්‍යාග . .
4. වෙසක්, පොසොන් දින වලට දෙනු ලබන දානමානාදිය . .
5. පුවත්පත් වල කාට හෝ සිදුවූ අනතුරක් . . කාගේ හෝ අකාල මරනයක් දුටුවිට අනේ . . අපෝයි . . කියා දුක්වීම . .
මේ ටිකක් පමනයි . .

මේ ඉහත දේවල වලට වැරදි ලෙස දායක වූ කොටසක් නැතුවාමත් නොවෙයි . . නමුත් බහුතරයක් ජනතාව මේවාට හර්ද්‍යාංගමව . . .කිසිම පැකිලීමක් නැතුවම . . . දායක වූ කොටසක් . .

කෙටියෙන් කීවොත් ශ්‍රී ලාංකික අප මිත්‍රශීලීයි . . සාමකාමීයි . . හර්ද්‍යාංගමයි . . මානුශිකයි . .

අනිවාර්‍යයෙන්ම එහි ප්‍රශංසාව . . ගෞරවය . . ලැබීමට බොහේ දෙනෙක් උචිතයි . .

එවැනි උතුම් ජාතියක් වූ ශ්‍රී ලාංකික අපට . . මානය . . ක්‍රෝධය . . පාලනය කරගත නොහැකිවීම විශාල ඛේදවාචකයක් ලෙසයි මම දකින්නේ . . . !

රටේ උගතුන් බිහිකරන මධ්‍යස්තාන . . හෙවත් . . විශ්ව විද්‍යාලවල . . උසස් අධ්‍යාපන ආයතනවල . . එහි ඉගෙනුම ලබන්නේ අනාගතයේ රටේ ජීවනාලිය හෙවත් හෙට දිනයේ රට භාර ගැනීමට සිටින තරුණ උගතුන් නම් . . ඔවුන් එකිනෙකාට වෛර කරමින් කා කොටා ගැනීම කොතරම් අශෝභනද?

රට පාලනය කරන ආයතන වන . . . පාර්ලිමේන්තුව . . . පලාත් සභා . . ප්‍රාදේශීය සභා . . වල. . ඇමතිවරුන් . . මන්ත්‍රීවරුන් . . අපට ඕනෑම දෙයක් කිරීමට බලය තිබෙනවා . . . ඕනෑම කෙනෙකුට බලපෑම් කල හැකියි කියන මානයෙන් . . අහිංසක ජනතාව පෙලීම කෙතරම් ජුගුප්සාජනකද?

පොලීසිය හා ත්‍රිවිධ හමුදාව යනු රටේ ව්‍යවස්තාව විසින් සම්මත කරනු ලබන නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවේ . . එහි සේවය කරන සමහර මුග්දයින් . . "මම අහවල් පොලිසියේ අහවල් නිලය දරන්නා" . . . "මම හමුදාවේ අහවල් නිලය දරන්නා" ආදී වශයෙන් . . තමාගේ රැකියාවේ සහ නිල ඇඳුමේ . . තරාතිරම කරටගෙන . . සාමාන්‍ය මහජනතාවට ගෙම්බර් දැමීම . . කෙතරම් . . අශිෂ්ටද?

සංගීත ප්‍රසංගයක් යනු ගීත ඇසීමට කැමති අයට පැමින ගීත රසවිඳිය හැකි . . නටන්න අවැසි අයට පැමින නැටිය හැකි . . තමන් ප්‍රිය කරන ගායකයා හෝ ගායිකාව සියැසින් දැක ගැනීමට අවැසි අයට ඉඩප්‍රස්ථා සපයන . . සැමටම පොදුවේ විනෝද වියහැකි තැනක් . . තමන් පැමිනි වාහනයේ යකඩ පොලු හෝ බයිසිකල් චේන් රැගෙන විත් . . . එසේත් නැතිනම් ඉනේ පිහියක් හෝ කිනිස්සක් සඟවාගෙන විත් . . . එසේත් නැතිනම් මොලේ කලඳක්වත් නැති නමුත් ඇඟේ මස් පිරුනු කුළුමීමුන් වැනි මිතුරන් පිරිසක් සමඟින් එවැනි තැනකට පැමින . . එහි සිටින සියලුම ගැහැනු ළමයින්ගේ ඕනෑම ශරීරාංගයක් අතගෑමට . . මිරිකීමට තමන්ට අයිතිය ඇතැයි . . සිතා ඊට එරෙහි වන ඕනම කෙනෙකුට පිහියකින් අනින්න . . යකඩ පොල්ලකින් හෝ බයිසිකල් චේන් එකකින් ගහන්න . . සමහර තරුණ පිරිස් පෙලඹීම . . කෙතරම් අසික්කිතද?

සමාජශාලා යනු . . එවැනි තැනකට ගොස් විනෝද වියහැකි ආර්ථික ශක්තියක් ඇති අය ගොස් මධුවිතක් තොලගාන අය මධුපානය කරන . . . නටන්න අවැසි අය නටන. . තමන්ගේ යහලු යෙහෙලියන් සමඟ විනෝද වන තැනක් . . එවැනි තැන්වලට පිතෝලයක් හෝ ආයුධයක් රැගෙන යන යන සමහර අමන තරුනණයන් . . "මම අහවල් ඇමතිගෙ පුතා" "අහවල් උසස් පොලිස් නිලධාරියා මගේ මාමා" "හමුදාවේ අහවල් ලොක්ක මගේ බාප්පා" කියා . . . නටද්දි ඇඟේ හැපුනා කියා . . නැතිනම් තමන්ගේ ගෑනු ළමයා දිහා බැලුවා කියා . . . බොරු ගොංපාට් දමා . . කලබගෑනි ඇති කිරීම කොතරම් හිරිකිතද?

නිකමට සිතා බලන්න . . කැළනිය විශ්වවිද්‍යාලයේ ගැටුම . . . පුවත්පත් වලින් නිතරම දකින අනෙක් විශ්වවිද්‍යාලවල ගුටි ඇනගැනීම් . . . කැප් තොප්පියක් නිසා තරුණයින් ගනනාවක් මියගිය පානදුර පිංවත්තේ සංගීත සන්දර්ශනයේ ගැටුම . . . පෙම් හබයක් නිසා කුඩා සිසුන් ගනනාවක් නිරපරාදේ මරාදැමූ සූරියවැව ඛේදවාචකය . . ආදී මෙකී නොකී සියලුම සිදුවීම් අපේ දරාගත නොහැකිවූ මානයත් . . . උතුරා යන ක්‍රෝධයත් නිසා සිදුවූ සිදුවීම් නොවේ යැයි පැවසීමට කිසිවෙකුටත් හැකියාවක් ඇතිද???

ඊයේ දවසේ . . අද දවසේ . . මේක කියවන ඔබත් . . ලියන මමත් . . මේ වැරදිවල කොටස් කරුවන් වූවා විය හැකියි . . කුමක් කරන්නද? . . . වැරදි සිදුවීම මනුශ්‍ය ලක්ශනයක් නොවැ . . . නමුත් කිසිවෙකු හෝ ඔබේ වැරැද්ද පෙන්වා දුන් පසුවත් . . නැවත .. නැවතත් එම වැරැද්දම කරනවානම් . . එවිට ඔබ තවදුරටත් මනුශ්‍යයෙක් ලෙස හැඳින්වීමට සදාචාරාත්මක අයිතියක් ඇත්දයි ඔබේම හදවතට තට්ටු කර අසා බලන්න. . .

දිය බින්දුව බින්දුව එක් වෙලා ගඟක් හැදෙනවා යයි අප දන්නවා . . . මුලුමහත් සමාජයක් එක්වරම වෙනස් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවත් ඔබ දන්නවා. . . මෙය ලියූ මමත් . . . කියවන ඔබත් . . ඉටාගත්තොත් . . . හෙට දිනයේදී මෙවන් වරදකට අපේ දායකත්වය නොදෙනෙමියි කියා . . . අපට බලපෑම් කලහැකි අපේ මිතුරු මිතුරියන්ට . . පවුලේ අයට . . හිතවතුනට . . .අපට හැකිනම් උපදෙස් දෙන්න එවැනි වරදවල් වලට දායක නොවෙන්න කියා . . .

හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරන්නට අපට මූලික වියහැකියි නොවේද . . . ?

Saturday, July 18, 2009

අඳ වාදකයා හෙවත් හද සිදුරු කරන්නා. . . !





අන්තිමට ම බලල ඉවර කරපු පොතෙන්ම මේ වර්ගීකරනයට ලියපු පලමු ලිපිය ලියන්න ඕන කියලා මම හිතුවා . . . . පොතේ නම "අඳ වාදකයා" . . මෙපමන කල් බලපු පොත් එක්ක බැලුවොත් . . . හැම එකකටම වඩා මගේ හිත සසල කලේ මේ පොත කියලා කියන්න පුලුවන් . . . .

කරුණාසේන ජයලත් මහතාගේ "මව සහ දුව" නවකතාව බලද්දි දැනුනු දුකටත් වැඩිය . . . සෝමා ජයකොඩි මහත්මියගේ "කර්නල්ගේ බිරින්ඳෑවරු" නවකතාව බලද්දි දැනුනු දුකටත් වැඩිය . . . "ගුරු ගීතය" නවකතාව "ගෝදානය", "අපූගේ ලෝකය", "අරණකට පෙම්බැඳ" නව කතා බලද්දි දැනුනු දුකටත් වැඩිය . . . මේ කතාව මගේ හදට ශෝකී රසයක් ගෙනාවා . . .

කරුණාසේන ජයලත් මහතාගේ "ගැහැනු ළමයි . . පිරුනු හදක් . . හතුරු හිතක්" නවකතාවල "කුසුම්" ගැන හිතලා හැඬුවාට වැඩිය මාව හැඬෙව්වා . . .

කතාව පටන් ගැනීමේදීම අඳ දරුවාගේ මව වූ "ආන්යා" දරුවා බිහිකල මොහොතේම ඇයට දැනුනු යම්කිසි වෙනස් හැඟීමක් නිසා විදි වේදනාව හදවතට ඉඳි කටු වලින් අනිනවා වගේ හැඟීමක් දැනවූවා . . . ටික දිනකින් දරුවා අඳ බව දොස්තර නිශ්චිතවම පැවසූ මොහොතේ . . . "මා ඒ බව දැන සිටියා . " කියා වේදනාවෙන් පවසද්දී හා ඈ දරාගත නොහැකි දුකෙන් වැළපෙද්දී . . . අනේ මටත් ඇගේ දුකට හවුල්වී ඈත් සමඟ දුක බෙදාගන්න බැරි වුනානේ කියන හැඟීම මගේ හද රිදෙවූවා . . .

අඳ දරුවා "පේතෘස්" ඔහු අන්ධයෙක් බව ඔහුගේ කුඩා මිතුරිය ස්වර්ණකේශනිය හෙවත් "එවලිනා" ට පවසූ මොහොතේ එක්වරම ඇයට ඔහු කීදේ නොතේරී පසුව එය තේරුනු මොහොතේ තණ බිම කම්පා වෙන ලෙස හඬාවැටුනු ආකාරය . . . "පපුවේ පිහියක් ඇණුනු ලෙස . . . එය එලියට ඇද දැම්මොත් ජීවිතය විනාශවෙන තුරු ලේ ගලා ගොස් මියයාවී යැයි බියෙන් මෙන් . . හද කීරීගැසෙන ලෙස දුකින් හඬා වැළපුනු ආකාරය මේ දැන් තාමත් මගේ ඉදිරියේ මැවීපෙනෙනවා වගේ දැනෙනවා . . .

අඳ දරුවා "පේතෘස්" මුලින්ම තණබිමට ගෙනගිය දවසේ විවිධ ශබ්ද වලින් හදවත විකෘති වී එය දරාගත නොහී සිහි නැතුව වැටුනු අයුරුත් . . පාට හඳුනාගැනීමට වෙහෙස වී වේදනාවෙන් කම්පිත වූ අකාරයත් . . . ඔහුගේ අඳ බව ඔහුටම දරා ගත නොහැකි උනු අවස්ථාවලදී ඔහු වේදනා විඳි හැටිත් කියැවීමේදී . . "පේතෘස්" ඔහුගේ කුඩා නියපොතු වලින් මගේ හදවත ලේ ගලන තුරු පහුරු ගානවා වගේ හැඟීමක් . . . මගේ උගුරින් පහලට ඔහුගේ කුඩා දෑත් දමා මගේ හදවත ඔහුගේ දෑත් වලින් මිරිකනවිට දැනෙනවා වැනි හැඟීමක් . . . මට දැනවූවා . . . අන් අයගේ සමච්චලයට බියෙන් හඬාවැටෙන්නට නොහැකිවූ මගේ පුරුෂ ආත්මය ඉරිතලා යන සෙයක් මට දැනුනා . . .

අඳ දරුවාගේ අනාගතය යහපත් කිරීමේ වගකීම පවරා ගත් "මක්සීම්" මාමාගේ උරහිසට හිස තබාන මගේ වේදනාව පහවනතුරු හඬාවැටෙන්නට තිබුනා නම් කියා මට සිතුනා . . .

පොත බලද්දී දෑසින් ගැලූ කඳුලු මා අන් අයගෙන් වසන් කරගතේ . . . කෑ ගසා හඬන්නට අවැසි හැඟීම මා සිරකර දරා ගත්තේ . . . හැඬීම . . . කඳුලු . . . අයිති ගැහැනුන්ට පමනයි . . කියා සිතන . . පුරුෂාධිපති සමාජයට වෛර කරමින් . . .

Friday, July 17, 2009

බත් එපා පොත් . . . !


මේ නමින් වර්ගීකරනයක් හදල යමක් ලියන්න හිතුවේ මම බලල තියෙන පොත් ගැන මගේ අදහස් ඔබ සමග බෙදා හදා ගැනීමේ පරම චේතනාවෙන්. . . . !

මේ "බත් එපා පොත්" නම දාන්න හේතු වුනේ නම් මගේ අම්මගෙන් මට නිතරම එල්ලවුනු චෝදනාවක් නිසා තමයි . . .

ගෙදර ඉන්න කාලෙත් . . . ගෙදරින් පිටවෙලා . . .මාස 6කට වතාවක් . . . අවුරුද්දකට වතාවක් . . . ගෙදර එන්න වුනු කාලෙත් මම බොහෝ විට කලේ එනගමන්ම . . . නැතිනම් ගෙදර අවට පස්සෙ දවසෙ උදේ පාන්දරම . . . මරදානේ ගොඩගේ බුක් ෂොප් එකට හරි . . . දයාවංශ ජයකොඩි බුක් ෂොප් එකට හරි ගිහින් . . නැතිනම් නුගේගොඩ සරසවි බුක් ෂොප් එකට හරි ගිහින් . . . අතේ තියෙන ගානට ගන්න පුලුවන් තරම් නවකතා පොත් අරගෙන ඇවිත් . . ඇදේ හාන්සි වෙලා හරි . . නැතිනම් . . එලියෙන් පුටුවක් තියාගෙන හරි . . . කෑමක් බීමක් ගැන නිනව්වක් නැතුව . . පොත් බලන එක තමයි . . .

මාස 6කට වතාවක් . . . අවුරුද්දකට වතාවක් . . . ගෙදර එන්න වුනු කාලෙ අම්ම හරිම ආසාවෙන් ඉන්නේ මම ගෙදර ආවහම මගේ ප්‍රියතම මෙනු එක වුනු (අම්ම හදන ඒවායින්) සම්බ හාලේ බතුත් එක්ක . . . තලපත් මාලු කිරට උයල . . කැරට් හිඳෙන්න උයල . . . උම්මලකඩ දාපු කට්ට සම්බලයකුත් හදලා දීලා . . මම අවුරුද්දකින් විතර කෑම නොදැකපු එකෙක් වගේ පෙරේත කමකින් . . . බුරිය උල් වෙනකම් ගිලදාන දිහා බලාගෙන ඉන්න එක . . . (මේ දනුත් කටට කෙල උනනවා අම්මගේ බත් එකේ රස මතක් වෙලා . . අම්ම ලඟට පියාඹලා යන්න හිතෙනවා මේ දන්න්මම . . . .)

ඉතිං . . . අම්ම එපමන ආසාවකින් හදන බත් එක කන්නවත් මට හදිස්සියක් නෑ මම ඉතිං පොත් ටිකක් ගෙනාවොතින් . . .

අම්ම එතකොට අම්මගේ මැරුනු ආච්චි වැහිලා වගේ . . . මට බනිනවා . . .
"බූරුවෝ . . . . මේ බත් ටික උනු උනුවෙම කාපන් . . . " කියලා . . .

හැබැයි හයි ඩෙසිමල් ගානකින් බනින ඒ බැනිල්ල මට ඇහෙන්නේ . . . තුන්වෙනි වරට විතර රි-ප්ලේ . . කලාම තමයි . . .

"බූරුවෝ බතුත් කනවද ඩාලිං . . . " කියලා මම අම්මව තව ටිකක් ඔරොප්පු වෙන විදිහේ රිප්ල්යි එකක් දුන්නාම නම් . . .

"නොකන්නේ මොකද . . උඹ ඔය හිටපු ගමන් යස අපූරුවට කන්නේ . . . " කියලා මාව චක බ්ලාස් වෙලා යන ආන්සර් එකක් ලැබෙනවා ලැබෙනවාමයි . . .

"උඹට ඉතින් පොතක් අහු උනාම ගොනාට තනකොල ටිකක් අහු උනා වගේ තමයි . . . වමාර වමාර ඒකම කනව . . . . හිටපු ගමන් බක බක ගාලා හිනා වෙනවා . . . හිටපු ගමන් කදුලු පෙර පෙර අඬනව . . . " ටිකක් නිවුනු හඬින් අම්ම කියන්නේ මම ගැන ඇති උනු දුකකින් වගේ . . .

"උඹේ අතට පොතක් අහු උනොත් උඹට බතුත් ඕන නෑ . . . "

ඔන්න අම්මගේ චෝදනාව . . .

දැන්නම් ඉතිං ඉස්සර සෙල්ලම් බෑ . . . අම්මගේ සෙනෙහස වෙනුවෙන් කැපකිරීම් කරන්න බැරි උනාට (අම්ම ඉතිං සෙනෙහස පෑවෙ ආපසු අපේ සෙනෙහස බලාගෙනම නෙමේනෙ . . !) තවත් අය වෙනුවෙන් පොත් කියවීම කැප කරන්න සිදුවෙලා තියෙන්නේ . . .

(අම්මගේ සෙනහස නම් ඉතිං කවදාවත් හිඳෙන්නෙ නැති මහා සාගරේ වගේනේ . . අනිත් අය නම් ඉතිං උඹ එහෙනම් පොත් බලබලම හිටපන් . . . කියල යන්න ගියොත් කියලා හිතලා) දැන් පොත් කියවීමට සීමා මායිම් දාගෙන ඉන්නේ . . .

කොහොම උනත් ඔන්න ඉතිං පුලුපුලුවන් වෙලාවට මම රසවිඳපු පොත් ගැන බ්ලොග්ස් ලියන්නම්කෝ . . . .

Monday, July 13, 2009

රතු හැට්ටෙ පළල් මදි . . . !


මලීගෙ බ්ලොග් එකේ තාරාවො ඉගිලෙනවා බලන්න බැරි උනු බව දැකපු වෙලේ ඉදන් මම මගේ නැති උනු තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ගීත අඩංගු සංයුක්ත තැටිය හෙව්වා . . . "හොයන්නාට හම්බවෙයි" කියනවානේ . . . ඔන්න මම හොයා ගත්තා. . . එතකොට තමයි දැක්කේ ඒකෙ තාරාවෝ ඉගිලෙති නාට්‍යයෙයි රතු හැට්ටකාරී නාට්‍යයෙයි දෙකේම සින්දු තියෙනවා කියලා . . . .

ඉතිං මට හිතුනා නෑසෙන ගී රස එකට ඒකෙ තියෙන ගීත දෙක තුනක් ලියන්න ඕන කියලා. . .

බලන්න ඔබටත් මතකද කියලා මේ ගීත . . . !

රතු හැට්ටෙ පළල් මදි දෙතන පෙනෙන්නට . . .
තිසරුන් ආසයි මුහුන බලන්නට . . .
උස්සලා තන පට තද කරපන් . . .
රණ තිසරු පනී බැදපන් . . .

සේලෙ පලන් උඹේ කලව පෙන්නෙන්ට . . .
සුලිය වගේ නාභිය පෙන්වන්නට . .
උස්සලා පස්ස ටිකාක් හදපන් . . .
ඉඟ සේලෙ තදින් ඇදපන් . . .

පාරට්ටු ළදේ නුඹෙ මුහුන පෙනෙන්නට . .
නීල දෙබැම දිගු දෑස දිලෙන්නට . . .
උස්සල කෙස්ස තදින් බැදපන් . . .
රන් තෝඩු කනේ දමපන් . . .

රතු හැට්ටෙ පළල් මදි දෙතන පෙනෙන්නට . . .
තිසරුන් ආසයි මුහුන බලන්නට . . .
උස්සලා තන පට තද කරපන් . . .
රණ තිසරු පනී බැදපන් . . .
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

බෑ බෑ ගෙදර යන්න බෑ . . . / /
ගෙදර යන්නේ නෑ මම ගෙදර යන්නේ නෑ . . . / /
පය ඔසවා ගන්න බෑ මගේ . . .
සියොලගින්ම බැද දමා තිබේ . . . / /
සිර මැදිරිය හැරලුවත් මෙසේ . . මේ සිරකරු යන්නේ නෑ කපේ . . . / /

ඉගිල යන්න ඇයි බැරී . . ඉගිල යන්න ඇයි බැරී . .
ඉගිල යන්න ඇයි බැරි මගේ තාරාවෝ . .
කූඩුවෙ දොර හැර දම්මා මා . . .
අහස තියෙයි ඔබ හට සීමා . . . / /
විසල් ලොවට මඟ ඉඩ දෙන්නා ඉතිං ඉගිලියන් තාරාවා . . .

බෑ බෑ ගෙදර යන්න බෑ . . . / /
ගෙදර යන්නේ නෑ මම ගෙදර යන්නේ නෑ . . . / /
බෑ බෑ ගෙදර යන්න බෑ . . . / /
ගෙදර යන්නේ නෑ මම ගෙදර යන්නේ නෑ . . . / /
දියපීනා එයි තාරාවා . . . .
ඉගිලී පල කලු තාරාවා . . . / / / /
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . . / /
ළඟම ඇතේ දුරක නැතේ . . . / /
අපි යන්නේ ඒ පාරේ . .
යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . .

යුක්ති ගරුක අතීතයට කැන්දන් යමි මම
දස රාජ ධර්ම කල තෙද වීර රජුන් ඇත . . .
ඇස් ඉදිරියෙ ඔබ ලග . . ඇස් ඉදිරියෙ ඔබ ලග . .
අතීතයේ ඉස්ටෝරුව එදා ඉදන් මම . . .
නිදි මර මර මුර කොට . . .
බහිරව බිලිපුද කොට . . .
රැක ගත්තේ ඔබලට . . .රැක ගත්තේ ඔබලට . . .

යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . ./ /

රජවරු රජ මැති වරු යස රාජ බිසෝ වරු . . .
කල කෙළි සෙල්ලම් දැක . . .
තව කාසි දියන් මට. . .
හොද තෑගි දියන් මට . . . . / /

යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . ./ /
ළඟම ඇතේ දුරක නැතේ . . . / /
අපි යන්නේ ඒ පාරේ . .
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

තට්ටු කරන්න හෙමින් . . . තට්ටු කරන්න හෙමින් . . .
මගේ විමානේ . . දොරටුව ඔබගේ . . .
තට්ටු කරන්න හෙමින් . . . තට්ටු කරන්න හෙමින් . . .

දෙපා තබන්න හෙමින් . . . දෙපා තබන්න හෙමින් . . .
මගෙ බුමුතුරුනේ සුපහස ඔබටයි . . .
දෙපා තබන්න හෙමින් . . . දෙපා තබන්න හෙමින් . . .

මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .
මගෙ මී බදුනේ . . මධුරස ඔබටයි . . .
මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .
මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .

Friday, July 10, 2009

සිනා මල් ගොඩක් . . . නෑ කදුලු මල් මිටක් . . . !

"ළමයින්ට සිදුවන අතවර වැලැක්වීමට කඩිනම් පියවර . . ." පුවතක් - අද දෙරණ . . . !

දෙරණ පුවත් පතේ මේ ලිපිය දුටු මොහොතේ සිටම . . මගේ බ්ලොග් එක පටන් ගැන්මේදී සිටම ලිවිය යුතුයි කියලා මම සිත සිතා සිටපු . . . කරුනක් සම්බන්ධව ලිවීම තව දුරටත් පමා නොකල යුතුයි කියලා මා සිතුවා . . .

මගේ කලින් ලිපියකත් සදහන් කල පරිදි . . ( නිකම් කතාබහවලින් අහුලගත් විදිහට) ලංකාවේ අපි හැමදෙනාගෙන්ම සෑහෙන පිරිසක් . . කුඩා කාලයේ ලිංගික අතවර වලට ලක් වෙලා තියෙනවා කියන එකයි මගේ හැගීම නම් . . .

නරකම දේ නම් අපි මේ ගැන කුඩා කාලයේ වැඩිහිටියන්ට නොකීමෙනුත් . . . අප වැඩිහිටියන් වූ පසු (ලිංගික කියන වචනයට ඇති බය නිසා) ඒ ගැන අවංකව, විවෘතව එලිපිට කතා නොකිරීමෙනුත් . . . වුනේ සහ වෙන්නේ තව තවත් මල් මෙන් අහිංසක කුඩා දරු දැරියන් ඒ අප්‍රසන්න අත්දැකීමට මුහුන දීමට සිදු වෙන එකයි කියා මට සිතෙනවා . . . .

ලිපියේ ආරම්භයේදීම මම මෙවැනි අභියෝගාත්මක යමක් ප්‍රකාශ කරන්න කැමතියි . . . " කුඩා දරුවන් මුලින්ම අතවරයට ලක්වෙන්නේ පවුලේම නෑදෑයන්ගෙන් . . !

ලංකාවේ සාමාන්‍යය පවුල්වල අපිට නිදන කාමර 6 ක් 7ක් සහිත විශාල නිවාස නැති කමින් ඉදහිට දවසක් දෙකක් අපේ ගෙදරක නතර වෙන්න නෑදයෝ ආපු අවස්ථාවක අපේ වැඩිහිටියෝ කරන්නේ . . .

"පුතා ඔයාගේ ඇදේ මේ මාමාත් එක්ක නිදා ගන්න. . . . දුව ඔයාගේ ඇදේ මේ නැන්දා එක්ක නිදා ගන්න" කියලා අපිට වඩා වයස අවුරුදු 5ක් 10ක් හෝ 15ක් වැඩිමහලු මාමා කෙනෙක්, බාප්පා කෙනෙකු හෝ සහෝදරයෙක් වන පිරිමි නෑදෑ කෙනෙක් නම් පුංචි පිරිමි දරුවෙකුගේ කාමරයේත් . . . නැන්දා කෙනෙකු, පුංචි කෙනෙකු හෝ සහෝදරියක් නම් පුංචි ගැහනු දරුවෙකුගේ කාමරයේත් රැය පහන් කරන්න සකස් කර දෙනවා . . . .

සයනයට යනතුරු . . පුතා . . දුව . . . මල්ලියා . . . නංගියා . . කියමින් කුඩා දරුවාව සුරතල් කරන වැඩිහිටි නෑදෑයා . . . රාත්‍රියේ විදුලි පහන් සියල්ල නිවා දැමූ පසු අමුතුම පුද්ගලයෙකු බවට හැරෙනවා . . . ස්පර්ශ කිරීමෙන් සිප ගැනීමෙන් හෝ එක් එක් අයගේ අත්දකීම් වලට අනුව එක් එක් ආකාරයට දරුවාට තෘප්තියක් ලබා දීමෙන් මුලින්ම දරුවා කෑගැසීමෙන් හෝ කලබල කිරීමෙන් වලක්වනු ලබනවා . . .

මින් පසු ඔහු හෝ ඇය ඔවුන්ට අවශ්‍ය පරිදි කුඩා දරුවා මගින් අස්වාභාවික ලිංගික තෘප්තියක් ලබනවා . . . සමහර දරුවන් වේදනාකාරී අත්දැකීම් ලබනවා . . සමහර දරුවන් තෘප්තිමත් අත්දැකීමක් ලබනවා. . .

මට මතකයි මම කුඩා කාලයේ ගමේ නෑදෑ ගෙදරක පැවති දානේ ගෙදරක ගිය විටෙක මාමා කෙනෙකුගේ කාමරයේ මට රැය පහන් කරන්න අත්තම්මා නියම කලා . . . මම කලින් සදහන් කල ආකාරයේ අත්දැකීමක් පුංචි මට ලබා දෙන්න ඔහු උත්සාහ කරන්න පටන් ගන්න හදනකොටම . . . ටෝච් එකක් හොයන්න අත්තම්මා කාමරයට ආවා . . ඔහු බොරුවට නිදි වගේ හිටියත් මම අවදියෙන් නිසා අත්තම්මා මාව එක්ක ගොස් පසුව ඈ ලග මාව නිදි කරවා ගත්තා . . . !

තවත් අවස්ථාවක් තමයි දුර බැහැර නෑදෑයෙකුගේ වැඩිමහල් දරුවෙක් උසස් අධ්‍යාපනයට හෝ විභාග වැනි දෙයක් සදහා තමන්ගේ නිවසේ තාවකාලික නවාතැන් ගැන්මට පැමින කුඩා දරුවන් හා නිදහසේ සෙල්ලම් කිරීමේදී නැතිනම් දෙමාපියන් ඔවුන්ට තමන්ගේ දරුවන්ට පාඩම් කියාදෙන්නැයි ඉල්ලා සිටීමෙන් රාත්‍රියේ පාඩම් කියා දෙන අතරතුර (නෑදෑයාගේ වැඩිහිටි දරුවා කලින් යම් කිසි අත්දැකීමක් ලද කෙනෙක් නම් ) දරුවන් අපචාරයට ලක්වීමට ඉඩක් තිබෙනවා . . .

මගේ මිතුරෙක් පැවසුවා ඔහුගේ මිතුරෙක් එවැනි කතාවක් පැවසූ බව . . මිතුරා ඔහුගේ නන්දාගේ කුඩා දියණිය (ඔහුගේ ඇවස්ස නෑනා ) සමග කුඩා කල (ඔහුට වයස 14-15ක් පමන ඇයට වයස 9-10ක් පමන ) සෙල්ලම් කරද්දී ඔහු ලත් අත්දැකීමකට අනුව ඇයට යම් කිසි ලිංගික ක්‍රියාවක් සිදු කල බව . .

අහලා තියෙන කතා වලට අනුව දරුවන් අතවරයට ලක් විය හැකි අනෙක් ස්ථානය ලෙස පාසැල හදුන්වන්න පුලුවන් . . .

පාසැලේදී දරුවන් විවිධ ආකාරයට අතවරයට ලක් වීමේ අවදානම් තත්ව පහල ආකාරයට දක්වන්න පුලුවන් . . .

වැඩිහිටියෙකුගේ ලිංගික ගොදුරක් බවට පත්වූ තවත් දරුවෙකු වැඩිහිටියන්ට පමනක් වෙන්වූ පුවත්පත්, ඩීවීඩී පට, වීසීඩී පට, දුරකතනයේ ගබඩා කර ගතහැකි කෙටි වීඩියෝ, අන්තර්ජාලයෙන් බාගත් නිරුවත් පින්තූර වැනි දේ පාසැලට ගෙන ඒමේ අවදානමක් පවතිනවා . . . ඔහු ඒවා මිතුරන් සමග රහසේ නැරඹීමේ ප්‍රවනතාවයකුත් ඉන්පසු ඒවායේ ඇති දේවල් ඔවුන් විසින් ප්‍රායෝගිකව අත්හදා බැලීමක් කිරීමට උත්සාහ කිරීමෙන් අහිංසක දරුවෙක් අතවරයට ලක් විය හැකියි . . .

මිශ්‍රපාසලක් නොවන පාසැලකදී (බොහෝ විට) අස්වාභාවික ලිංගික හැසිරීම් වලට අබ්බැහිවී ඇති වැඩිහිටි සිසුන් / සිසුවියන් හුරුබුහුටි කුඩා සිසු දරුවන් / සිසු දැරිවියන් ව ඔවුන්ගේ වසගයට ගෙන (කුඩා අය තුල ලොකු අය ඇසුරු කිරීමට විශාල පෙලඹවීමක් තියෙනවා ඉන් ඔවුන්ගේ පුංචි ලෝකයට වැඩි වටිනාකමක් ලැබේ යැයි ඔවුන් විශ්වාස කරන නිසා) ඔවුන්ගේ අස්වාභාවික ලිංගික අශාවන් සංතර්පනය කරගනීමේ අවදානම් තත්වයක් තුල දරුවෙක් ලිංගික අතවරයකට පත්විය හැකියි . . .

බොහෝ විට පාසැල් වේලාවෙන් පසුව ගුරුවරුන්ගේ අධීක්ෂනයකින් තොරව තූර්යවාදක කන්ඩායම, කැඩේට් කන්ඩායම, ක්‍රිකට් කන්ඩායම වගේ බාහිර ක්‍රියාකාරකම් පාසැල තුලම කරගෙන යනු ලබනවා . . මේවාට සම්බන්ධ වීමේදී හෝ කන්ඩායමේ රැදීසිටීමේදී . . . කන්ඩායමේ නායකයා හෝ ඉහල තනතුරු දරන්නන් කලින් සදහන් කල පරිදි අස්වාභාවික ලිංගික හැසිරීම් වලට අබ්බැහිවී ඇති අයෙක් වී නම් දරුවන් ලිංගික අතවරයකට පත්විය හැකියි . . .

මගේ මිතුරෙක් දිනක් මට පැවසුවා කුඩා කල ඔවුන්ගේ පාසැලේ ක්‍රිකට් කන්ඩායමට සම්බන්ධවීමට හා එහි කරදරයකින් තොරව රැදීසිටින්නට නම් නායකයාට මුඛ සංසර්ගයක් ලබා දිය යුතු බව . . . !

මේවායින් දරුවන්ව බේරාගැනීමට නම් කලයුතු වන්නේ . . . නෑදෑ ගෙවල්වල නොගොසින් සිටීම වත් . . නෑදෑයින් අසුරු නොකිරීම වත් . . . දරුවන්ව පාසැල් නොයැවීම වත් නොව . . . කුඩාකල පටන් දරුවන්ට නියමාකාරයෙන් . . පියවරින් පියවර . . ලිංගික අධ්‍යාපනයක් ලබාදීම කියන එකයි මම යලිත් යලිත් පවසා සිටින්නේ . . .

එය අපට පහත ආකාරයෙන් කල හැකියි මට හිතෙන හැටියට . . .

කුඩාම කාලයේදී අවයව ගැන වැටහීමක් ලබාදී . . ඒවා අම්මා . . අප්පච්චී . . අත්තම්මා . . හැරුනාම වෙන කාට වත් පෙන්වන්න වත් අල්ලන්න දෙන්නවත් දෙන්න එපා කියා දැනුවත් කල යුතුයි . . .

පවුලේ හෝ පිටස්තර කිසිවෙකු දරුවාගේ අවයව ස්පර්ශ කලොත් හෝ ඔහුට / ඇයට වෙන කෙනෙකුගේ අවයව පෙන්වුවොත් හෝ ඔහු / ඇය ලවා ඒවා ස්පර්ශ කෙරෙව්වොත් හැකි ඉක්මනින් දෙමාපියන්ට දැනුම් දෙන්න යැයි කියා දැනුවත් කල යුතුයි . . .

නිවසට අමුත්තන් පැමිනි විට දරුවන්ගේ කාමර ඔවුන්ට දෙනවානම් දරුවන් තමන් ලග නිදි කරවා ගෙන අමුත්තන්ට දරුවන්ගේ කාමර ලබා දිය යුතුයි . .

පාඩම් වැඩ හෝ විභාග සදහා දුර බහැර නෑදෑයන්ගේ වැඩි මහලු දූ දරුවන්ට තමන්ගේ ගෙදර නවාතැන් දෙනවා නම් ඔවුන්ට අමතර කාමර හෝ වෙනම ස්තාන ලබා දීමට වග බලා ගැනීම සහ ඔවුන් තමන්ගේ දරුවන් සමග නිදහසේ සෙල්ලම් කරද්දී හෝ රාත්‍රියට පාඩම් කරද්දී ඔවුන්ගේ කටයුතු ගැන අවධානයෙන් සිටිය යුතුයි . .

පාසැලේදී දරුවන් ඇසුරු කරන අය ගැන හොදින් සොයා බැලිය යුතුයි . . . දරුවන් සමග මිතුරන් මෙන් අදහස් හුවමාරු කරගැනීමෙන් දරුවාගේ විශ්වාසය දිනාගත යුතුයි . . එවිට දරුවා ඕනෑම ප්‍රශ්නයක් දෙමාපියන් හා පවසන බැවින් දරුවා ලිංගික අතවරයකට පත්වීමට අවදානමක් ඇතිනම් ඔවුන් ඒ බව අගවනවා ඇති . . . දෙමාපියන් බුද්ධිමත්ව දරුවා අවදානමෙන් ගලවා ගත් යුතුයි . . .

දරුවා තූර්යවාදක කන්ඩායම, කැඩේට් කන්ඩායම, ක්‍රිකට් කන්ඩායම වගේ බාහිර ක්‍රියාකාරකමක යෙදිලා ඉන්නවානම් ඔවුන්ගේ කන්ඩායමේ අනෙක් දරුවන් කවුද. . නිලධාරීන් කවුද . . ඔවුන්ගේ චරිතය කෙසේද . . ඔවුන්ගේ පවුල් පසුබ්මි කෙසේද යන්න දරුවාට වත් ඔහුගේ කන්ඩායමේ අයට වත් නොතේරෙන ලෙස රහසේ සොයා බැලිය යුතුයි . . . ඒ අතරම නිතර නිතර ඔවුන් පුහුනුවීම් කරන ස්ථානයට ගොස් සැම දෙනා සමගම මිතුරු වී ඔවුන්ගේ සිත දිනා ගැනීමෙන් ඔවුන් දරුවාට අයහපතක් කරන්න පැකිලෙනවා පමනක් නොව දරුවාව ආරක්ශා කරන්න පවා පෙලඹේවි . . .

කුඩා කල කිසියම් ආකාරයකට අතවරයකට පත්වූ දරුවෙක් වැඩිහිටි සමාජයට පා තබන්නේ සමහර විට විකෘත්ති මානසිකත්වයකින් . . . නැතිනම් සමාජය කෙරෙහි වෛරයකින් . . . බොහේ විට අවස්ථාවක් ලත් තැන තමා ලත් අමිහිරි අත්දැකීමට පලිගැනීමක් ලෙස තවත් අහිංසක දරුවෙක් ගොදුරක් කරගැනීමට පෙලඹවීමක් ඇති වෙනවා වෙන්න පුලුවන් . . .

මේ ටිකක් පමණයි . . . මට හොදටම විශ්වාසයි ඔබලාටත් මේ සම්බන්ධව කියන්න ගොඩාක් දේවල් ඇති . . . තට්ටු කරමු අපි දැන් වත් තම තමන්ගේ හදවත් වලට . . . කතා කරමු අපි විවෘත්තව සමාජයම පෙලන පිලිළයක් වූ මාතෘකාවක් ගැන . . . පෙළගැසෙමු අපි හැමෝම හෙට දවස භාර ගැනීමට සිටින අපේ . . . දුව . . . පුතා. . . පුංචි නංගී . . පුංචි මල්ලී මේ ව්‍යසනයෙන් බේරා ගෙන ඔවුන්ගේත් අපේත් ලෝකය ලස්සන කිරීමට . . .

Thursday, July 9, 2009

සුළඟින් බිත්ති තැනූ . . සුවදින් පිරියම් වූ . . මාළිගයකි මගෙ හද දොරගුලු නැති . .පිරී තිබේ . .තදබද වී . . ආදරේ . . . .


මලීගේ බ්ලොග් එකේ . . තාරාවෝ ඉගිලෙති නාට්‍ය බලන්න හිතාගෙන ඉදල බැරිඋනු වගක් ලියල තියෙනව දැකලා . . .(මම තාරාවෝ ඉගිලෙති නාට්‍ය බලල නැති නිසා) තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ කියලා මම උපකල්පනය කරගෙන ඉන්න . . . අතිවිශිෂ්ට ගීතයක් ගැන ලියා තැබිය යුතුයි කියල්ල හිතුවා. . .

මෙය ඉතාම දුර්ලභ ගීතයක් . . . මම හිතන්නේ නාට්‍ය බලපු අයත් . . නාට්‍යයේ ගීත අඩංගු සංයුක්ත තැටිය ඇති අයත් හැර අනෙක් අය මේ ගීතය අහල නැතුවම වෙන්න ඕන . . . . එකයි මම දුර්ලභ කියලා කිව්වේ . . .

කෙනෙකුගේ හිතේ තව කෙනෙක් ගැන විශ්වය තරමට තියෙන ආදරේ ගැනත් . . එපමන ආදරයක් තිබුනා උනත් තව කෙනෙකු ගැනත් ආදරයක් ඇතිවිය හැකියි කියන මනෝභාවය ගැනත් ලියවුනු හොදම නිර්මාණය මේ ගීතය කියන එකයි මගේ හැගීම නම් . . . !

තව දෙයක් . . . මේ ගීතයේ පද දෙකක් මට අමතකයි . . .මතක් කර ගන්න විදිහක් නැහැ මගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ගීත අඩංගු සංයුක්ත තැටිය මම කොහේ හරි දාල මට ම හොයා ගන්න බැහැ හදිස්සියට . . . මෙක බලන කෙනෙක් ඒ පද දෙක දන්නවනම් කමෙන්ට් එකක් දාවි කියල මම හිතනවා . . නැතිනම් ඒක මම ම පසුව හොයලා දාන්නම් . . (11-07-2009 - ඔන්න මම ම හොයා ගත්තා ඉතුරු පද දෙකත් . . .)

මෙන්න ගීතය . . .

සුලගින් බිත්ති තැනූ . . .
සුවදින් පිරියම් වූ . . .
මාළිගයකි මගෙ
හද දොරගුලු නැති . .
පිරී තිබේ . . .
තදබද වී . . .
ආදරේ . . .

අහසකි මගෙ හිස . .
සියොතුන් හැසිරෙන . .
සැමරුම් මේකුලු . .
අතර නිරන්තර . . .
නිදහස ඇත . . .
කාටත් පිවිසෙන්නට . . .
ඉන්න එපා එලිපත්තේ . . .
ආදරේ . . .

මුවවිට තෙක් එය . . .
ඔබෙන් පිරී ඇත . .
එනමුදු හැම විට . .
පුංචි ඉඩක් ඇත . .
තව එක් අයෙකුට . . .
පිවිසිය හැකි ලෙස . .
දොරක් වැසී . .
දොරක් ඇරේ . .
ආදරේ . . .

Tuesday, July 7, 2009

මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම හිදිතී . . .බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී . . .

බොහෝ දුරක ඇති මගේ වැඩ බිමට ඊයේ යන අතර තුර ගීත අහන එක ටිකකට නතර කරලා ලියන්න යමක් ගැන කල්පනා කරන්න ඕන කියල හිත හිත යනකොට . . . විදුලියක් කෙටුවා වැනිව . . . මගේ හිතට එකපාරටම අවේ කළන මිතුරන් ගැන යමක් ලියන්න ඕනා කියන එකයි . . .


දෛවයේ හාස්කමකින් වගේ අද උදේම මට මගේ මිතුරියකගෙන් විද්‍යුත් තැපෑලකුත් ලැබුනා . . . ඒ මම ඊයේ ලියන්න හිතාගෙනම හිටපු මාතෘකාව ගැනම . . . ඉතිං ඒක නිසා මට මේ ලිපිය ලියන්න කියලා මගේ හිත මට බල කිරීමක් කලා . . .


කොහොම උනත් මුලින්ම විද්‍යුත් තැපෑලේ තිබුනු දේ ලිපියේ මුලටම එකතු කරන්නම් . . .


They love you,but they are not your lover
They care for you,
but they are not from your family
They are ready to share your pain,
but they are not in your blood relation.
They are..........FRIENDS! !!!!
True friend...... ..
Scolds like a DAD..
Cares like a MOM..
Teases like a SISTER..
Irritates like a BROTHER..
And finally loves U more than a LOVER

ඔබට කළන මිතුරෝ සිටීද . . ??
කළන මිතුරෙක් හදුනා ගන්නේ කෙසේද . . ??
කළන මිතුරෙකුගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවාද . . ??

මට කළන මිතුරෙක් නැතිනම් මිතුරන් පිරිසක් සිටිනවා යැයි මට හැගෙන නිසා කළන මිතුරන් ගැන ලිවීමට මට සදාචාරාත්මක අයිතියක් ඇතැයි කියල මම සිතනවා . . .

කළන මිතුරන් ගැන මට මෙන්න මෙහෙම හිතෙනවා . . . !
  • මගේ ජීවිතයේ ඕනෑම පෞද්ගලික දෙයක් කීමට තරම් විශ්වාසනීය . . .
  • අන් අය ඉදිරියේ මාව හෙලා දැක කතා නොකරන . . .
  • මා ඉදිරියේ මගේ බොරු වර්ණනා නොකරන . . .
  • මගේ වැරද්දක් දුටු විට එය පෙන්වා දෙන . .
  • මගේ හොද දේවල් අගය කරන . . .
  • පිරිසක් ඉදිරියේ මගෙන් වරදි දෙයක් කියවුන හොත් මා කියූදේ (වැරදි බව දැන දැනත්) හරි යයි අන් අය සමග තර්ක කර පසුව (ගොං කතා කියන්න එපා ගොනෝ කියා) මට බැන වදින
  • වැරදි දෙයක් කරන්න මට තදින්ම අවශ්‍ය වූ විටක නොකර බැරි කමට මට අවස්ථානුකූලව වැරදි කරන්න උදව් කර පසුව එහි හොද නරක පෙන්වා දෙන
  • මට දුකක් ඇති වූ විටෙක ඒ දුක බෙදා හදා ගන්නා
  • මම සතුටු වෙන මොහොතක ඒ සතුටේ හවුල්කරුවෙකු වී සතුට බෙදා ගන්නා
  • මා මූල්‍යමය ප්‍රශ්නයකට මුහුනදීඇති විටෙක ඉන් එතෙර වීමට හැකි අයුරින් උදව් කරන . . .
  • මගේ පවුලේ අයත් ඔහුගේ පවුලේ අය මෙන් සිතා කටයුතු කල හැකි . .
  • මට ප්‍රශ්නයක් ගැන කතා බහ කරන්න අවශ්‍යවූ විට ප්‍රශ්නය විසදගන්න උපදෙස් දිය නොහැකි වුවත් අඩුම තරමින් අසා සිටිය වත් හැකි . .
  • අපගේ ඇසුරේ පල පුරුද්දෙන් යම්කිසිවකට මා අනාගතයේදී මේ ලෙස ප්‍රතික්‍රියා කරයි අනුමානය කොට වඩා හොද දෙය ගැන මට අනුශාසනා කරන . . . .
මෙන්න මෙවැනි අයයි කළන මිතුරෝ කියල මට හිතෙනවා. . . .

කළන මිතුරන් ගැන තවදුරටත් මෙහෙම ලියන්න මට හිතුනා . . .

දහම් පාසැලේදි අප අසා ඇති ලෙසට . . .
මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම හිදිතී . . .
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී . . .
ජීවිත ගමනේ නේකවිධ දුක්ඛ දෝමනස්සයන්ගේන් පීඩා විද
ගිමන් නිවන්නට අවැසි කල
ඔවුන්ගේ පියස විශාල නුග රුකක්මැයි සිතට ගතට සිල සදන. . .
ලෝකයේ විවිධාකාර විශමාචාර පුද්ගලයින් ඇසුරු කරනට අපට සිදුවේ . .
යම් යම් සාමාජීය කටයුතු වලදී රාජකාරීමය කටයුතු වලදී . . .
ඔවුන් හා ඇසුරින්,
රිදුනු සිතට . . . පෑරුනු සිතට . .
පිපාසයට දිය දෝතක් සේ . . .
ඉඩෝරයට පොද වැස්සක් සේ . . .
විඩා නිවන්නට ක්ෂෙම භූමියක්මැයි ඔබ. . .
විටෙක අපට ජීවිතයට දැනෙන දුක දරා ගත නොහුනු විටෙක . . .
කෑ ගසා හඩන්නට අවැසිවේ . .
ඉකිගසා හඩන්නට අවැසිවේ . . .
එවැනි විටෙක . .
හිතේ දුක නිවෙන තුරු හඩන්නට ඉඩදෙන
උරහිසක්මැයි නුඹ . . .
සතුටින් ඔකදවූ විටෙක . .
ඔබ සතුටු සයුරකි
මගේ සතුටු ගග හා එක්වී ගලා යන . . .
දුකින් වෙව්ලා පාශානීභූත වී . . .
විපක්ශිත වී ඇති විටෙක . .
මහා පොලොවකි ඔබ . .
මව වෙන් සියලු දුක් උසුලන . . .
ගයන්නට අවැසි කල . . .
වීනාවයි ඔබ මියුරු මියැසිය සපයන . . .
රගන්නට අවැසි නම් . . .
වේදිකාවයි ඔබ . . .
ප්‍රේක්ශකයා ඔබ විචාරකයා ඔබ. . .
උඩ බිම කොහේ බැලුවත් . . .
අංශක 360ක් කැරකුනත් . . .
එහෙත් . . මෙහෙත් . . කොහෙත් . . කොතැනත් . . .
ලගින්ම හිද දිවියට සවිය දෙන
කළන මිතුරාණෙනී. . . මිතුරනී . . . . මිතුරියනී . . .
සසර වසන තුරාවටම
ඔබේ සෙනෙහස සදා වාසනාවන් . . . . !

Monday, July 6, 2009

ආදරේ නම් මහා මායාවකි . . !


වසන්තයේ එක හිමිදිරි උදයක . .
උදා ළා හිරු හිනැහෙන මොහොතක . . .
මාගේ කුටියේ කවුලු පියන්පත් . .
දෑතින් දෙපසට විවර කල සැනින් . . .
අලුදැයි . . නිල්දැයි සිතුමට වත් බැරි . .
අදුරු වූ බොද මීදුම අතරින් . . .
හීගඩු නංවන සීතල අරගෙන . . .
පෙගුනු පියාපත් තාලෙට සලමින් . .
පාන්කිරිත්තෙක් කිචි බිචි ගාමින් . . .
කීවේ කිම්දැයි . . දන්නවාද ඔබ. . . ?
ආදරෙ ආදරෙ මේ බොරු ආදරෙ
අද ඈ මා ලග හෙට කොයි දැයි වත් කවුරු දනීවිද . . ! ! !
ආදරෙ නම් මහ මායාවකි දනු
කිව යුතු හැමටම යා යුතු මා දැන්. . . !

Sunday, July 5, 2009

එයාට අපි ටීචර් කියලයි අමතන්නේ. . . .



"පුතාට නිතර ටීචර් පහර දෙන නිසා පාසලින් අස් කරගත්තාට පසුව වෙනත් පාසලකට භාරනොගත් නිසා සිත් තැවුලට පත් පියා වස පානය කර මිය යයි - පුවතක් . . . !"

කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා . . .
පාට පාට මල් වැටිච්ච සාරි අදිනවා . . .
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ . . .
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ. . . .

මේ අපි නිතර අහපු, ඇහෙන ළමා ගීයක් . . . මේ ගීය ඇහෙන හැම වෙලාවකදිම මම පළමු වසරෙ දෙවෙනි වසරෙ පංතිවල චූටි ඩෙස්ක් පුටු වල වාඩි වෙලා
"චීච චීච මට තූ බලයි, බදගිනී . . . !" වගේ දේවල් කියල
"ඒ මොකද්ද, මේ මොකද්ද, ඇයි එහෙම වෙන්නේ . . " වගේ ප්‍රශ්න අහ අහ ටීචර්ට නිතරම කරදර කරන දරුවෙක් විදිහට කාලේ ගතකරපු හැටිත්, බොහෝම ඉවසීමෙන් ආදරෙන් ගුරුවරියන් අපිට සෙනෙහස දක්වපු හැටිත් චිත්‍රපටයක් දිහා බලාගෙන ඉන්නකොට වගේ හිතේ මැවෙනවා . . . . .

ජීවිතේ පළමු වතාවට ප්‍රේම කරපු කාන්තාව කව්ද කියල කෙනෙක් අසුවොත් (අම්ම හැර ) මම නම් පිළිතුරු දෙන්නේ මගේ දෙක වසරෙ කුසුම් ටීචර් කියලායි . . .

(දෙවෙනි තුන්වෙනි වගේ කට්ටිය ගැනත් අසුවොත් ඉතිං පෙම් කරපු ගෑනු ළමයි ටික . . . වසන්ති චතුරානි . . සිරිමා බණ්ඩාරනායක . . ඉන්දිරා ගාන්ධි . . සෝමා ජයකොඩි . . ජුලියා රොබට්ස්. . සුනේත්‍රා රාජකරුනායක . . . ඔහොම ඔහොම ලියාලා මේක පිරෙනකම් ලියන්න වෙනවා . . . ඒ කොටස අතුරු කතාවක්)

මම පාසැලේ ගතකරපු වසර 13ක කාලය තුලදී මා දුටු ගුරුවරින් අතුරින් නැටුම් විෂය උගන්වපු ගුරුවරිය පමනයි ගුරුකමට නොගැලපෙන ගුරුවරියක් ලෙස මා දුටුවේ . . . ඒ අතරින් එක් ගුරු මාතාවක් මගේ ලෝකයේ වීරවරික් . . . ජේ.වී.පී. කලබල කාලයේ පාසැලේ උද්ඝෝශන සංවිධානය කල සිසුන්ව අත් අඩංගුවට ගැනීමට පොලිසියෙන් පැමින ගේට්ටුව විවෘත කරන ලෙස බල කර සිටි අවස්ථාවේ විදුහල්පතිතුමා කර කියා ගත හැකි දෙයක් නොමැති කමින් එය විවෘත කිරීමට සැරසෙද්දී ඔහුව පැත්තකට ඇද දමා . . සාරි පොට ඉනේ ගසාගෙන . . පොලිසියට ඇගිල්ල දිගුකර . .

"එකෙක් එන්නෙ නෑ ස්කෝලෙ ඇතුලට . . මේක ස්කෝලයක් . . මේකේ ඇතුලේ දරුවො ඕන නම් පෙළපාලි ගියාවේ . . ඕනනම් වර්ජනය කරපුවාවේ. . ඒවා අපි විසදගන්නම් . . අපි දඩුවම් කරන්නම් . . එකෙක්වත් එන්න ඕන නෑ මේ ගේට්ටුවෙන් අතුලට" යි ගිනි පිටවෙන දෑසින් පොලිසියට බැන වැදෙද්දී ඇගේ මාතෘත්වය ඉදිරියේ ලොකු කුඩා අපත් අනෙක් ගුරුවර ගුරුවරියනුත් පොලිසියත් ගල් ගැසී බලා සිටියා . . . !

අප හැමදෙනාගේම මව ඈ යන හැගීමෙන් මවකට තම දරුවන් ආරක්ෂා කිරීමට ඕනම බලවතෙකු සමග සටන් කිරීමට හැකිබව ඈ විදහා පෑවා. . . එදින මා පුංචි එකෙක් වුවත් අදටත් ඈ මගේ ලෝකයේ වීරවරියක් . .

ඒ ලෙස මා මගේ පාසලේ ගුරුවරියන් හැමදාම සිහිකරන්නේ මගේ අම්මා සිහිකරනවා වැනි වූ ආදරයකින් . . ගෞරවයකින් . . . එලෙස ගුරු මෑණියෝ, ගුරු මාතාව වැනි ගෞරවනීය යෙදුම් වලින් හැදින්වෙන ටීචර් "යක්ෂනියක්" ලෙස කුඩා දරුවෙකුට තලා පෙලා ඇති වග පුවත් පත් වලින් දුටු මගේ හිත දුකෙන්, වේදනාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් වෙව්ලා ගියා . . .

කාන්තාවක් නිසා ඈත් මවක් විය හැකියි කියා මා උපකල්පනය කලා . . මවකට හැකිද මෙතරම් කුරුරු වෙන්න. . . මගේ හිත මගෙන්ම ඇසුවා . . .

මිතුරන් සමග කතාබහ කිරීමේදී නගරබද පාසැල් වල මෙන් නොව ග්‍රාමීය පාසැල් වල ගුරුවරියන් (ගුරුවරුන් නොව ගුරුවරියන්) ඉතා උද්දච්ච ගතිපැවතුම් ඇති බොහෝවිට ක්‍රූර ලෙස සිසුන්ට සලකන මානයෙන් හිස උදුම්මාගත් පිරිසක් ලෙසයි ඔවුන් සදහන් කලේ . . !

ග්‍රාමීය පාසැලකට ගුරුවරියකට මාරුවක් ලැබුන හොත් ඈ එහි උගැන්වීමට යන්නේ සමහර විට තමාගේ කුඩා මව්කිරිබොන සිගිත්තාව තමාගේ මවගේ භාරයේ තබා විය හැකියි . . එවැනි විටෙක ඈ එම පාසැලේ සේවය කරන්නේ තමා ගැනත් තමාට මාරුව ලබා දුන් අයත් අධ්‍යාපන කාර්‍යාලයේ සියලුම දෙනාත් සමග ඇති කරගත් වෛරයකින් විය හැකියි . . . එලෙස තමා පෙලන වේදනාව තමාගෙන් ඉගෙනීමට එන දරු දැරියන් මතින් පිටකර හැරීමට පෙලඹීමේ ප්‍රවනතාවයක් මනෝ විද්‍යානුකූලව ඇති විය හැකි බව මගේ හැගීමයි . . .

"තවත් දෙයක්, අනෙක් රටවල අයත් එක්ක සන්සංධනය කරල බැලුවොත් මචං, ශ්‍රී ලාංකික අපේ සබකෝලය වැඩ්යි . . ඉදිරිපත්වීම අඩුයි . . අපි කෙලින් කතාකරන්න බයයි . . . තර්ක කරන්න බයයි . . අලුත් නිර්මානයක් කරන්න බයයි විවේචනය කරයි . . හිනාවෙයි කියලා. . මේ ඔක්කොම අපේ ගුරුවරු අපිට කල දේවල් . . මේක විශේෂයෙන් බලපාන්නේ පිටරටක රැකියාවක් කරන්න ගියාම . . . ලංකාවේ තියෙන්නේ ගුරුවරයා කේන්ද්‍රකරගත් ඉගැන්වීමේ රටාවක් . . ගුරුවරයා කියන දේ සිසුවා කටපාඩම් කල යුතුයි . . ගුරුවරයාට බය පක්ෂපාත විය යුතුයි . . අන්තිමේදි පුංචිම කාලේ ඉදන අපේ හිත්වලට වදදුන්නු මේ බය පක්ෂපාතීත්වය අපි මැරෙනකම් දීන, නිවට, නිර්මානශීලී හැකියාවක් නැති අය බවට පත්කරලා අපි දන්නෙම නැතුව" මිතුරෙක් ටිකක් ආවේගශීලීව පැවසුවා. . .

"මචං දන්නවා නේද අංගුලිමාල කතාව . . ? අහිංසක කියන සිසුවාව මිනීමරුවෙක් කලෙත් ඔහුගේ ගුරුවරයා කියන දෙය අමතක කරන්න එපා . . " මට අමතකවූ දෙයක් තවත් මිතුරෙක් මතක් කර දුන්නා. . .

පැරනි සිදුවීම් කෙසේ සිදුවූවත් . . . අපේ දරුවන් වෙනුවෙන් අපි යහපත් හෙටක් නිර්මාණය කිරීමට නම් පහත අකාරයට යම් කිසිවක් සිදුවිය යුතුයැයි මට සිතෙනවා . . .
1. දෙමව්පියන් දරුවන්ට මූලික ගුණධර්ම උගන්විය යුතුයි.
2. ඉතාම පුංචි කාලයේ පටන් (සමහර විට මළමු වසරේ සිට ) දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු වෙනවා
3. ගුරුවර ගුරුවරියන්ට පිරිසිදු පැහදිලි මානසිකත්වයකින් රැකියාව කලහකි පරිදි ඔවුන්ට නියමිත මාරුවීම් ලබාදී ඔවුන් තෘප්තිමත් කොටසක් බවට පත්කල යුතු වෙනවා . . (හෙට ලෝකය භාර ගන්නේ අද උපදින දරුවන් නම් . . එම දරුවන්ට හෙට ලෝකයට පා තබන්න මග පෙන්වන්නේ ගුරුවරු නම් . . අවිවාදයෙන් ගුරුවරු තෘප්තිමත් කොටසක් විය යුතුමයි . . .)
4. දරුවන් සමග නිතරම පාසැලේ වැඩ කටයුතු ගැන, ඔහු ඇසුරු කරන මිතුරු මිතුරියන් ගැන, ඔවුන්ගෙ ගැන, ඔවුන්ට ගුරුවර ගුරුවරින්ගෙන් කරදර හිරිහැර පැමිනෙනවාද යන්න ගැන සාකච්ඡා කල යුතුයි . .
5. යුතුකම් ඉටුකලායැයි හිත හදාගැනීමට වසරකට වරක් ගුරුදෙගුරු රැස්වීමට සහභාගී වීම වෙනුවට අඩුම තරමින් මසකට වරක් වත් දරුවාගේ පාසැලේ ක්‍රියාකාරකම්, අධ්‍යාපන, සමාජීය තත්වය ගැන ඔවුන්ගේ ගුරුවරුන් සමග සාකච්ඡා කිරීම කල යුතු වෙනවා . .

මේ ටිකක් පමනයි . . ඔබේත් මේ ගැන අදහස් රාශියක් ඇති බවට සැකයක් නැහැ . . සටහන් කරන්න ඒ ගැන යමක් පහලින් කමෙන්ට් එකක් ලෙස . . .

කෙසේ නමුත් මගේ මේ ලිපියේ අරමුන වූයේ එක් ගුරුවරියක් කල වැරැද්දක් වෙනුවෙන් සමස්ථ ගුරු සංහතියම දෙස අප වපරැසින් නොබැලිය යුතු බව පැවසීමයි . . .

තවද, අද දිනයේ අහිංසක සිසු දරුවාට ඔහුගේ පියාට උරුම වූ ආකාරයේ ඉරණමක් තවත් කෙනෙකුට උරුම වීමට නොදීමට අපට කල හැකි කිසිවක් ඇත්දැයි සිතාබැලීමටයි . . .

Saturday, July 4, 2009

මගෙ කූඩුවට ඇවිත් සල්ළාල පෙම් වතෙක් . .!


විවාහක කාන්තාවන් පුරුෂයන් අනියම් පහසක රසය සොයන්න පෙලඹෙන්නේ ඇයි . . . . !

ස්ථානය: එක්තරා වර්ගයේ තවුතිසාවක් හෙවත් . . කාර්ය්‍යාලය. . .
දිනය : කාර්ය්‍යාලයේ වැඩ අධික දවසක් . . .!
පාත්‍රවර්ගයා : මම සහ කාර්ය්‍යාල සගයින් දෙදෙනෙක් . .

පශ්චත්භාගය රත්කරගෙන . . . පරිඝනකයට මූන ඔබාගෙන . . බොක්ස් ෆයිල් දෙක තුනක් මේසෙ පුරා දිගාකරගෙන . . . කෝපි එකක් වතුර එකක් බොන්න වත් වගක් නැතුව . . වැඩක් කරමින් සිටි මොහොතක එක සගයෙක් ඔහුගේ පුටුව අපේ පැත්තට හරවාගෙන . . .

"මචං, උඹලා නිකමට හරි හිතලා තියෙනවද ඇයි මේ ගෑනු / මිනිස්සු තමන්ට පෙරාපු රත්තරන් වගේ බිරිදක් / ස්වාමි පුරුෂයෙක් ඉන්නැත්දී කොහේවත් යන රස්තියාදුකාර මිනිහෙක් එක්ක හරි කිසිම වැදගැම්මකට, අංගපුලාවකට නැති ගෑනු එක්ක හරි පැටලෙන්නේ කියලා . . . " කියා බොහෝ හදිස්සියෙන් වගේ ඇසුවා . . .

"මොකෝ මේ හදිස්සියේ . . . උඹේ ගෑනි වෙන එකෙක් එක්ක පැටලිලාද . . නැතිනම් . . . උඹේ හිත වෙන කොහේ හරි පැටලිලාද . . .? " අපේ තව සගයෙක් ගානකට නොගෙන කියා දැම්ම. . . නමුත් ඔහුත් හීන් සීරුවේ ඔහුගේ පුටවත් හරවා ගෙන සංවාදයකට ලෑස්ති වෙන ආකාරයක් පෙන්නුම් කලා . . .

"අනේ මචං මට නම් එහෙම ප්‍රශ්න නෑ . . . ඉතිං ඔය ගැන හිතන්නවත් ඕන වෙලා නෑ . . " මමත් එහෙම කිව්වත් වැඩ නම් කොයි වෙලාවේ කර ගන්න පුලුවන්ද කියල හිතලා බුද්ධිමය සංවාදයට එකතු වෙන්න කියලා මගේ පුටුවත් හරවා ගත්තා . . .

ඔන්න එතකොටම ලොක්කත් වතුර එකක් ගන්න අපේ සංවාද මන්ඩපය මැද්දෙන් ගමන් කරන්න ආ නිසා අපි ලිපි ටිකක් අත්වලට අරගෙන ව්‍යාපෘතියක ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා වගේ අපේ බුද්ධිමය සංවාදය දිගටම කරගෙන ගියා . .

"මට මෙන්න මෙහෙම දෙයක් හිතෙනවා මචං, මේ තමන්ගේ බිරිද / ස්වාමියා සමගින් ලිංගික ජීවිතයේ උපරිම තෘප්තියක් නොලබන නිසා තමයි මේ දේ වෙන්නේ කියලයි මට හිතෙන්නේ" කියල සංවාදය අරඹපු සගයා පැවසුවා . . .

"ගෑනු / පිරිමි හරි බයයි තමන් දන්න ක්‍රම වලින් වෙනස් වෙනස් විදිහට උපරිම වින්දනය ලබන්න තමන්ගේ බිරිද / ස්වාමියා තමන්ව සැක කරයි කියලා මෙයාට මීට කලින් පලපුරුද්ද තියෙනවා කියලා හිතයි කියලා . . . මම නම් මගේ බිරිදට කියලා තියෙන්නේ මම නම් එහෙම පටු විදිහට හිතන්නේ නෑ එක නිසා ඕනම දෙයක් ඕනම විදිහකට කියලා . . " ඔහු යලිත් කොටසක් එකතු කලා . . .

"ලංකාවේ අපි බොහෝදෙනා විවාහ වෙන්න කලින් බොහෝ විට මොනයම් හෝ ලිංගික අත්දැකීමක් ලබලා තියෙනවා. . ගොඩාක් වෙලාවට ඒක ලිංගික අපයෝජනයක් මොකද ලිංගිකත්වය ගැන මෙලෝ හසරක් නොදන්න කාලෙකදි තමයි එය බලෙන්ම වගේ ලැබෙන්නේ . . . (ලිංගික අපයෝජනය ගැන වෙනමම ලිපියක් ලියන්න හිතං ඉන්නවා පසුව ) ඉතිං තමන් අහලා තියෙන නැතිනම් නිල් චිත්‍රපටයක දැකලා තියෙන එහෙමත් නැතිනම් වැඩිහිටියන්ට පමනක් වෙන්වූ පුවත්පතක තිබී කියවා ඇති අකාරයට වෙනස් වෙනස් ආකාරයේ යම් ආකාරයට යමක් අත්හදා බලන්න කිසි කෙනෙක් පැකිලිය යුතු නැහැ කියලයි මම නම් හිතන්නේ . . " මමත් ඔන්න ඉතිං සංවාදයට එකතු උනා . . .

"අනික තමයි ගැහැනු පිරිමි හැමෝම දැන ගන්න ඕනා තමන් සාන්තුවරයින් කියලා අනිත් කෙනා හිතන්නෙ නැති බව . . . (එහෙම සාන්තුවරයෙක් නම් ඉතිං විවාහ වෙන්නෙ නැහැනේ) ගැහැනුත් පිරිමින් වගේ අවස්තාවක් ලැබුනු විට නිල් චිත්‍රපට බලන බව, වැඩිහිටියන්ට පමනක් වෙන්වූ පුවත්පත් බලන බව පිරිමින් දන්නා බව ගැහැනුන් දන්නවානම් ඒ ලෙසටම පිරිමින් ගැන ගැහැනු දන්න බව පිරිමිත් දන්නවානම් ඔය තමන්ගේ ස්වාමියා / බිරිද අනියම් සම්බන්ධකම් වල පැටලෙන එක බොහෝ දුරට අඩු කරගන්න පුලුවන් කියලයි මට හිතෙන්නේ . . " මම තව නැටි කෑල්ලක් එල්ලුවා . . .

"අඩුම තරමින් පිරිමි පිරිමි ළමයි එකතු වුනු වෙලාවට විවෘතව ලිංගිකත්වය ගැන අදහස් ප්‍රකාශ කර ගන්නවා වගේ නැතිනම් තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්නවා වගේ ගැහැනු ළමයි ගැහැනු ළමයි එකතු වුනු වෙලාවට ඔවුනුත් එවැනිම දේවල් ගැන කතා බහ කරලා ගත්තු දැනීමක් හැමෝටම ඇතැයි කියල ගැහනු පිරිමි සැමෝම සිතනවානම් ස්වාමියාට බිරිදට කිසි බයක් සැකක් නැතුව උපරිම නිදහසින් යුතුව සිදුවීම් වලට මුහුන දිය හැකියි කියලාත් හිතෙනවා . . . " මගේ මිතුරා යලි ඔහුගේ අදහස් එලිදැක්වූවා. . .

"ඔව් ඔව් එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව අනියම් ඇසුරක පහස පතන්නේ නැතුව . . තමන්ගේම නියම සහායකයා / සහායිකාව එක්ක ප්‍රීතිමත් යුග ජීවිතයක් ගත කරන්න පුලුවන් . . . වෙන වෙන පැටලිලි හදාගෙන පවුල් අවුල් කරගන්න ඕන වෙන එකක් නැති කමින් දරුවන්ගේ ජීවිතත් සුන්දර වෙයි . . " මෙතෙක් වෙලා නියම අසන්නෙකුගේ විලාශයක් වෙන්නපු අපේ අනික් සගයාත් පැවසුවා. . .

ඔබ මොකද මේ ගැන හිතන්නේ . . . ඔබේ අවංක අදහස් සමහර විට විවාහ වූ හෝ අනාගතයේ විවාහ වෙන්න ඉන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් විය හැකියි . . . ඒ නිසා අදහස් දක්වන්න ගතවූ කාලය, කාලය අපතේ දැමීමක්, කාලය කා දැමීමක් ලෙස නොසිතා යමක් සටහන් කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා . . . !

Friday, July 3, 2009

ගායකයෙකු හෝ ගායිකාවකගේ අගය / වටිනාකම මැනිය හැක්කේ ඔහු / ඇය අය කරන ගාස්තුවට අනුවද . ? ? ? . .




ළගදි දිනෙක මිතුරන් පිරිසක් සමග සතුටු සාමීචියේ යෙදෙමින් සිටිනා මොහොතක “ගීතය සහ ගායකයෝ” කියන මාතෘකාවට අප ඇදී ආවා. . . එහිදී අප අතර ඇතිවූ කතාබහ . . ඇතිවූ වාද විවාද . . මේ සටහන තැබීමට මූලාශ්‍රය සැපයූවා. . .

ලංකාව කෙතරම් කුඩා රටක්ද…?

නමුත් මේ රට තරම් ස්වභාව සෞන්ධර්යෙන් අනූන . . . විවිධාකාර සම්පත් වලින් සපිරුනු . . . රටක් . . වෙන කොහේ වත් ඇත්දැයි සිතෙන තරමට එය සකලාංගයෙන් පරිපූර්නයි කියා මට හිතෙනවා. . . . .(ලිදේ ගෙම්බාට ලිදට වඩා ලොකු දෙයක් නැතයි සිතනවාට වඩා යමක් මගේ පරිකල්පනයේ අතැයි ඔබ වටහා ගනු ඇතැයි මම සිතනවා. . )

මගේ පුද්ගලික හැගීම නම් අපිට අඩු (මතක තබා ගන්න නැති නෙමෙයි අඩු ) ජාති දෙකයි තියෙන්නෙ කියලයි මට හිතෙන්නෙ . . .

එකක් ජාති හිතෛශී . . දේශ හිතෛශී . . උගත් . . දේශපාකයින් . . (පිලිප් ගුනවර්ධන . . ඩී එස් සේනානායක . . සිරිමා බන්ඩාරනාඅයක . . ආර්. ප්‍රේමදාස . . වැනි අය සිටි නිසා එවනි අය අපේ රටේ නැතැයි කියන්න බැරි බවයි මගේ හැගීම නම් )

අනිත් කොටස දක්ශ පරිපූර්න නලු නිළියන්ගේ අඩු කම. . . (වසන්ති චතුරානි . . ගාමිනී ෆොන්සේකා. . අයිරාංගනී සේරසිංහ . . විජය කුමරතුංග. . . කමල් අද්දර ආරච්චි . . වැනි හා තවත් සීමිත කොටසක් නිසා නැතැයි කීමට බැරි බවක් සිතේ. . . )

නමුත් ගායන අංශය ගැන සලකා බැලුවොත් . . . අපේ රට මෙන් 60 ගුනයකටත් වඩා විශාල වූ ඉන්දියාවේ වත් නැතිතරම් වූ ගායක ගායිකා සංඛ්‍යාවක් අපේ රටේ ඇතිබව මගේ හැගීමයි . . . (ඉන්දියානු ගායක ගායිකාවන්ගෙන් අපි නම් අසා ඇත්තේ සුලු ප්‍රමානයක්ද විය හැකියි )

මගේ වර්ගීකරනයේ හැටියට නම් පහල ආකාරයට ගායක ගායිකාවන් වෙන් කල හැකියි කියා තමයි මට සිතෙන්නේ . . .

ප්‍රවීන ගායක ගායිකාවන් ලෙස ඩබ්. ඩී. අමරදෙව, වික්ටර් රත්නායක, නන්දා මාලනී, සුනිල් එදිරිසිංහ, ගුණදස කපුගේ, අමරසිරි පීරිස්, සෝමතිලක ජයමහ, ටී. එම්. ජයරත්න, මර්වින් පෙරේරා, සනත් නන්දසිරි, දයාරත්න රණතුංග, නීලා වික්‍රමසිංහ, අමරා රණතුංග, අබේවර්ධන බාලසූරිය, ග්‍රේෂන් ආනන්ද, මාලනී බුලත්සිංහල, සුජාතා අත්තනායක . . . වැනි අය වැජඹෙද්දී . . .


දෙවන පෙල ප්‍රවීන ගායක ගායිකාවන් ලෙස එඩ්වඩ් ජයකොඩි, ප්‍රියා සූරියසේන, ලක්ශ්මන් විජේසේකර, කරැණාරත්න දිවුල්ගනේ, දීපිකා ප්‍රියදර්ශනී, ජගත් වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී, නිරංජලා සරෝජනී, ප්‍රදීපා ධර්මදාස, ජානක වික්‍රමසිංහ, ඉන්ද්‍රානි විජෙබන්ඩාර, බන්දුල විජේවීර, සිසිර සේනාරත්න, නිර්මලා රණතුංග, රෝහන බෝගොඩ, අතුල – සමිතා, උරේශා රවිහාරි, චම්පා කල්හාරි, අසංක ප්‍රියමන්ත, වේරලිද්ද, ක්‍රිශාන්ත එරන්දක, දම්මිකා වල්පොල, නෙලූ අධිකාරී . . වැනි අය ඔවුන්ට අත්වැල් සපයනවා . . . බොහෝදුරට ඔවුන් දැනටමත් ප්‍රවීනයන් හා සම තත්වයට පත්වී ඇති බවට සැකයක් කොහෙත්ම නැහැ. . .

තව දුරටත් සුවිෂේශී දක්ශකම් රැගත් ගායක ගායිකා පිරිසක් ලෙස එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, ඇන්ජලීන් ගුණතිලක, හරූන් ලන්ත්‍රා, මිල්ටන් මල්ලවාරච්චි, චන්ද්‍රලේඛා පෙරේරා, කසුන් කල්හාර, විජය කුමාරතුංග, මොහිදීන් බෙග්, ක්ලැරන්ස් විජෙවර්ධන, රූකාන්ත ගුණතිකල වැනි අය කැපී පෙනෙනවා. . .

තවත් සමහර ගායක ගායිකා පිරිසක් දිගු කාල පරාසයක් තුල ගීත සුලු ප්‍රමානයක් ගායනා කර අපගේ හදවත් තුල සදා රැදී සිටිනවා . . , රෝහන සිරිවර්දන . . මල්කාන්ති නන්දසිරි ශ්‍රීමතී තිලකරත්න, ලක්ශ්මන් රොඩ්‍රිගු, චන්ද්‍රිකා සිරිවර්ධන, ෂෙල්ටන් පෙරේරා, රූපා ඉන්දුමතී, සුනිලා අබේසේකර, විජේරත්න වරකාගොඩ . . ඉන්ද්‍රානි බෝගොඩ, ජාලිය රණතුංග වැනි අය මේ පිරිසට අයත් වෙනවා. . .

පැරනී ගී ගායනා කල තවත් සමහර ගායක ගායිකා පිරිසක් අපේ මතකයේ රැදී තිබෙනවා . . . සී ටී ප්‍රනාන්දු, නාරද දිසාසේකර, රුක්මනී දේවී, චිත්‍රා සෝමපාල, පී එල් ඒ සෝමපාල, ආනන්ද සමරකෝන්, අයිවෝ ඩෙනිස්, සුනිල් ශාන්ත, දේවානන්ද වෛද්‍යසේකර, ධර්මදාස වල්පොල, ජේ ඒ මිල්ටන් පෙරේරා වැනි අය මේ කොටසට අයත් වෙනවා. . .

ජනගායනා අංශයෙන් ගත්තොත් රෝහන බැද්දගේ, අමිතා වැදිසිංහ, ලයනල් රන්වල, සහන් රන්වල වැනි අය සිටිනවා. . .

පෘතුගීසී අභාශයෙන් අපට ලැබුනු බයිලා ගීත ගැන සලකා බැලීමේදී එම් එස් ප්‍රනන්දු, ක්‍රිස්ටෝපර් පෝල්, නිහාල් නෙල්සන්, ඩෙස්මන් සිල්වා, ප්‍රෙඩී සිල්වා, ඇන්ටන් ජෝන්ස්, රූපා ඉන්දුමතී, මැක්සල් මෙන්ඩිස් වැනි ගායක ගායිකා පිරිසක් එහි හිස්තැන් පිරවීමට සිටිනවා. . .

කැලිප්සෝ ශෛලියේ ගී රස අපට ලබා දීමට ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා, ලලිත් පොන්නම්පෙරුම, අනිල් භාරතී, ධර්මරත්න සහෝදරයෝ, ජිප්සීස්, කීර්ති පැස්කුවල් වැනි අය සැදී පැහැදී සිටිනවා. .

අනුලා බුලත්සිංහල, ලූශන් බුලත්සිංහල, රොඩ්නි වර්ණකුල, නිශ්ශංක දිද්දෙනිය, මැනිකේ අත්තනායක, ඇන්ටන් ජූඩ් වැනි ගායක ගායිකා පිරිසක් වේදිකා නාට්‍ය ගීත සදහාම සුවිෂේශී ප්‍රතිභාවන් පෙන්නුම් කරනවා. ..

පියාගේ අඩිපාරේ යමින් ගායන ලොවට එක්වූ පිරිසක්ද මේ අතර සිටිනවා . . . අමල් පෙරේරා, ප්‍රියන්ත ප්‍රනන්දු, අමිත් වල්පොල, සතිෂ් පෙරේරා, අනුරාධා පෙරේරා, ධම්මිකා වල්පොල, ටී එම් ජයරත්නගේ කපුගේ ගේ පුතුන් වැනි අය පියාගේ නාමය පමනක් නොව තමාගේද දක්ශකම් නිසා ගායනා ලොවට පාතැබූ බව අපට පසක් කරදී තිබෙනවා . .

නව පරපුරේ ගායක ගායිකා වන් ලෙස රොමේෂ් සුගතපාල, භාතිය - සංතුශ්, වරදත්ත අරවින්ද, රොෂාන් ප්‍රනාන්දු, ඉරාජ්, රනිදු, ටීශා, සුරනි, සෙන්ටිග්‍රේඩ් බී පොසිටිව්, සිස්ත් ලේන් වැනි අය අද දවසේ රූපවාහිනියේ එෆ් එම් නාලිකාවල නිතර රැව් දෙනවා. . .

ඒවා ඔක්කෝම අතුරු කතා . . දැන් අපි මූලික කතාවට ගියොත් . . ගායකයෙක් හෝ ගායිකාවකුගේ අගය මැනීමේදී කෙසේ එය කල යුතුදැයි විවාදයට ගැනුනා . . .

අපි අතර සිටි සමහරුන් විසින් . . ඔවුන් (ගායක ගායිකාවන්) ගීත ගායනා කිරීමට අය කරනු ලබන මුදල් ප්‍රමානය අනුව ඔවුන්ගේ අගය මැනිය හැකි යැයි යයි පවසුවා. .
සමහරුන්ගේ මතය වුනේ ඔවුන්ගේ ගීත කෙතරම් වාරයක් එෆ් එම් නාලිකා වල රූපවාහිනී නාලිකා වල විකාශනය වනවාද යන්න මත ඔවුන්ගේ අගය මැනිය හකි බවයි . . (ඔවුන් දෙපිරිසම උදාහරනයට ගත්තේ භාතිය සන්තුශ් සහ සුපර් ස්ටාර් ගායක ගායිකාවන්)

මා සහ මගේ හිතවත්ම මිතුරු පිරිස මීට හාත්පසින්ම විරැද්ධ මතයක ප්‍රකාශ කලා .. අපගේ අදහස උනේ ගායකයෙකු හෝ ගායිකාවක් ගායනා කල ගීතයක් හෝ ගීත කීපයක් අපගේ සිත්වල රැදීතිබේනම් හෝ නානකාමරයේදී අපගේ මුවින් ඔවුන්ගේ ගීයක් ගැයේනම් (මෙය අසුවල් ගායකයාගේ ගීතයකයි කියා) අන්න එවැනි අයයි නියම ගායක ගායිකාවන් කියන එකයි අපගේ අදහස උනේ . . .

කෙටියෙන් කීවොත් ගායකයෙකු හෝ ගායිකාවක් මැනීමේ එකම අංගය ලෙස අප පවසා සිටියේ ඔවුන්ගේ ගීත ඔවුන්ගේ නමත් සමගින් අපගේ මතකයේ රැදී තිබේ නම් පමනක් ඔවුන් නියම ගායක ගායිකාවන් ලෙස මැනිය හැකියි කියායි . . .


මේ ගැන ඔබේ අදහස මොකද්ද??

නියම ගායක/ගායිකාවකැයි කියනනේ නිතර රූපවහිනියේ ගී ගයන අයද . . ?

එෆ් එම් නාලිකා වල දවස පුරා මොර දෙන අයද ???

ලස්සන විෂුවල් සමග ගී ඉදිරි පත් කරන (නමුත් ගීතයේ එක වචනයක් වත් තෙරුම් ගන්න බැරි ) අයද??

ප්‍රවීනයන්ගේ ගී ගයා සුපර් ස්ටාර් වී ප්‍රවීනයා ගීත ගයන්න රු. 5,000 ක් ඉල්ලත්දී රු. 50,000ට ඔහුගේ ගී ගයන සුපර් ස්ටාර්ද නියම ගායක/ගායිකාව ???

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails