Tuesday, May 24, 2011

බලන්න අප්පිරිය ෆේස්බුක් සහ බ්ලොග් වැඩ කිඩ



බොහෝ කාලයක් කසිප්පු පෙරූ මනුස්සයෙක් ඒ ජාවරාම නතර කර ඒ සඳහා යොදාගත් උපකරන වත්තේ ගොඩ ගසා තැබුවේලු.

මේ දුටු ඒ පලාතේ පොලිසිය ඔහු කස්සිප්පු ජාවාරම් කරන්නෙක් ලෙස නඩුවක් පවරා ඇත්තේ ඒ ජාවාරම නවතා බොහෝ කල් යැයි කී ඔහුගේ බස් ප්‍රතිකේශ්ප කොටය.

පොලිසිය උසාවියෙන් ඉල්ලා ඇත්තේ කසිප්පු පෙරීමට ඇවැසි සියලු උපකරන ඔහු සතු නිසා ඔහු වැරදි කරු ලෙස නම් කරන ලෙසයි.

විනිශ්චයකරු තීන්දුව දීමට ප්‍රථම ඔහුගෙන් කීමට යමක් ඇද්දැයි අසා ඇත.

"ස්ත්‍රී දූෂනයටත් මාව වැරදිකරු කරන්න ස්වාමිනී" ඔහු ඉල්ලා ඇත.

තක්බීර් වුනු විනිසුරු "ඒ මොකෝ ඔහේ ඒවත් කරනවදැයි" අසූ විට ඔහු පිලිතුරු දී තිබෙන්නේ

ස්ත්‍රී දූෂන කරන අවයවය තමා ලඟ තියෙන නිසා කසිප්පු නොපෙරුවත් උපකරණ තිබුනු පලියට වැරදිකරනු කරනවානම් ස්ත්‍රී දූෂ්ණය නොකලත් එය කරන අවයවය තමන් සතු නිසා තමා එයටත් වැරදි කරුවෙක් කල හැකි නොවේද කියායි.

මේ කතාව මට මතක් වුනේ ගිය ඉරිදා දිවයින පුවත්පතේ ෆේස්බුක් සහ බ්ලොග් අඩවි වල ක්‍රියාකාරීත්වය නිසා සමාජයට අවැඩක් සිදුවන්නේය යන්න පාඨකයන්ට ඇඟවෙන ලෙස ලියූ ලිපියක් කියවීම නිසායි.

පාන්, එලවලු කපන්න ගෙදර තියෙන පිහියම කෙනෙක්ව කපා කොටා මරා දැමීමටත් ප්‍රයෝජනයට ගත හැකි නිසා නිවසක පිහි තබා ගැනීම තහනම් කිරීම නැති නම් පිහි පාවිච්චියෙන් වැලකී සිටින්න කියා සමාජයෙන් ඉල්ලා සිටීමද . ..

පිහිය නිවරදි ආකාරයෙන් ප්‍රයෝජන ගන්නා අයුරු දැනුවත් කිරීමද කල යුත්තේ යන දෙකෙන් කොයි එකද හරි කියා අපේ ලාංකීය සමජයෙන් අසන්න සිතෙන්නේ බුදුන් දවස කොසොල් රජු දුටු සිහින වල මෙන් මහා අප්‍රභංශ දේවල් ගැන අද දවසේ අසන්න දකින්න ලැබෙන නිසාවෙනි.

ලිපියේ අග සංස්කෘත්තික පොලිස්කරුවන්ගේ උදහසට ලක්වීමක් ගැන බලෙන් ඔබ්බවා තිබ්බද එහි මූලික අරමුණ ෆේස්බුක් සහ බ්ලොග් අඩවි නිසා සමාජයේ සභ්‍යත්වයට සංස්කෘතියට හානි පැමිනෙන බව උලුප්පා දැක්වීම බව ඒ ලිපිය ලියූ ලේඛකයාට හැර වෙන ඕනෑම පොඩි හෝ මොළයක් තිබෙන කෙනෙකුට වැටහී යනවා ඇති.


කඩුවට වඩා පෑන බලවත් කියා කතාවක් මා අසා ඇත. එය පරම සත්‍යක් යැයි මා අදහන තරම්ය.

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන මහා ඉහලින් කතා කරන නමුත් ලංකා නිවුස් වෙබ්, ලංකා ඊ නිවුස් ආදී ලාංකීය පාඨකයන්ට තහනම් වෙන අඩවි වල මෙන් ලිපිය අසලම පාඨක අදහස් දැක්වීමට ඉඩක් සලසා නැති නිසාවෙන්, ෆේස්බුක් සහ බ්ලොග් භාවිතා කරන්නෙක් ලෙස ඒ ලිපිය ගැන මගේ අදහස මගේ බ්ලොග් අඩවියේම දක්වන්න අදහස් කලෙමි.

"මේ සාද එක එල්ලේම ඉලක්‌ක ගත වන්නේ ලිංගික ආස්‌වාදය විඳීම පිණිසය" මේ එහි මූලික චෝදනාවලින් එක්ක්.

මේ වැකිය ගැන මට සිතෙන්නේ මේ ලෙසයි.

ලියූ කෙනා ලිංගික බෙලහීනතාවයකින් පෙලෙන්නෙක් විය හැකියි. (තමා නොලබන සුවයක් අනෙක් අය විඳිය යුතු නැතැයි සිතන්නෙක්)

ලිංගික කුහක කමින් පෙලෙන්නෙක් විය හැකියි (මගේ තරුණ කාලේ ඔය විදිහට සැප ගන්න බැරි උනානේ ඉතිං මුන් ආතල් ගන්න දිහා කොහොමද බලං ඉන්නේ)

යෞවන-යෞවනියන්ට, තරුණ-තරුණියන්ට, පොදුවේ සියලු සත්වයන්ට ස්වභාවධර්මයේ නියාමයන්ට අනුව ලිංගික හැඟීම් පහල වීම වැලැක්වීමට හැකි සමතෙක් සිටීද??

මේ ලේඛකයා ගේ උත්සාහය ෆේස්බුක් සහ බ්ලොග් අඩවි නිසා කල්ලි ගැසී පාර්ටි දමන යෞවන-යෞවනියන්, තරුණ-තරුණියන් (ඔහු/ඔවුන් ඇසූ, දුටු, උපකල්පනය කල අකාරයට) ලිංගික ක්‍රියාවල නිරත් වීම නිසා සමාජරෝග, ගැබ් ගැනීම් ආදිය සිදුවෙන්න පුලුවන්ය යන්න නම් . ..

ලිංගික ක්‍රියා වලින් වැලකී සිටින්න උපදෙස් දෙනු වෙනුවට කුඩා වයසේ පටන් ක්‍රමානුකූලව යථා පරිදි ලිංගික අධ්යාපනයක් ලබාදෙන්නැයි කියා සිටීමට ඔවුන්ගේ ඒ කඩුවට වඩා බලවත් පෑන පාවිච්චි කරන්න තිබුනා යන්න මගේ හැඟීමයි.

ලේඛකයා අදහස් කලේ ෆේස්බුක්, බ්ලොග් ආදිය නිසා සංස්කෘතිය සදාචාර හානියට පත්වෙනවා යන්න නම්. .

පහත කරුනු ගැන සිතූ විට මගේ හැඟීම ගනිකා නිවායසක සිට මාට්ටුවී ඇති ඇමතිවරයෙක් කොට ගවුම් ඇඳීම තහනම් කිරීමට සැලසුම් කල ආකාරයේ තමාම වැරදි කරමින් අනෙක් අයට වැරදි නොකරන්නැයි කියනා ආකාරයේ තමාට එසේ කියන්න සදාචාරාරාත්මක අයිතියක් ඇද්දැයි දෙවරක් සිතා බැලිය යුතු කරුනක් බවයි.

සමාජය වෙනස් වන බව නොදන්නා අයෙක් සිටීද?

අලුත් පරම්පරාව, අපේ පරම්පරාව, දෙමාපියන්ගේ පරම්පරාව මේ කොයි නමින් කීවත් ඒ ඒ පරම්පරාවල ජීවත් වූ අය සදාචාරය, සංස්කෘතිය නම් කඩතුරාවෙන් වැසී තිබුනු නමුත් ස්වභාවධර්මයට අනුව උපදින ලිංගිකත්වය ගැන උපන් කුතුහලය කිසියම් වූ අකාරයකින් නිවා ගත්තේ නොවේද?

හැත්තෑව දශකයේ ඉපදුනු අප තරුණ කාලයේ හොර රහසේ මිලදී ගත් වැඩිහිටියන්ට පමණයි නම් ලේබලය ඇලවූ පුවත්වත් කියෙව්වේ නැද්ද?

මිතුරෙකුගේ නිවසක වැඩිහිටියන් නැති වෙලාවක බොහෝ අපහසුවෙන් සොයා ගත් වී එච් එස් පටියක් නොබැලුවේද?

පාඩම් කරන්න යයි කියා මිතුරෙකුගේ නිවසක එකතු වූ ඇසූදේ දුටුදේ අත්විඳි දේ බෙදා හදා නොගත්තාද?

අපේ තාත්තලාගේ පරම්පරාවේ අයට ඒ වැඩිහිටියන්ට පමනයි පුවත්පත් නොතිබෙන්නට ඇති. එසේ කියා ඔවුන් සිල් රැක්කාද?

කාන්තාවන් නාන තොටක හොරෙන් බලා හෝ ලිංගික කුතුහලය නිවා ගන්න ඇතැයි අපි නොසිතා සිටින්නේ කෙසේද?

අලුත් පරම්පරාවේ අයට අපේ තාත්තලාගේ තරුණ කාලයේ මෙන් ගෑනු නාන දිහා හොරෙන් බලන්න වත් අපේ කාලයේ මෙන් වැඩිහිටියන්ට පමනයි පත්තර වත් නැති නිසා (ගෑනු බාත්-රූම් ඇතුලේ නාන නිසා සහ අර ජාතියේ පත්තර අච්චු ගහන්නේ නැති නිසා) ඒ කුතුහලය සංසිඳවාගන්න අන්තර්ජායලේ ෆෙස්බුක් එකේ පින්තූර, වීඩියෝ බලන එකේ ඇති වැරැද්ද කුමක්ද?

කුඩා වයසේ පටන් ලිංගික අවයව පිරිසිදුව තබාගන්නා හැටි අම්මා තාත්තාට හැර වෙන කිසිවෙක්ට ඒවා බලන්න අල්ල ඉඩනොදන්න කියා උපදෙස් දීම. . .

යෞවනයින්ට අනාරක්ෂිත ලිංගික ඇසුරු නිසා සමාජ රෝග වැළඳෙන අයුරු, ගැබ් ගැනීම් සිද්විය හැකි අයුරු ආදී ලෙස උපදෙස් ලබා දෙනු සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට බල කරනු සඳහා . . .

ඔවුන්ගේ කඩුවට වඩා බලවත් පෑන භාවිතා කලේ නම් කොයි තරම් අපූරුද??

අනෙක් කරුණ, ඇයි මේ ෆේස්බුක්, බ්ලොග් අඩවි වල නරක පැත්ත ගැන පමනක් ඔවුන් සංවේදී?

පාර්ටි සහ ගැදරින් ගැන සංවේදී වූ ඔවුන්ට අහම්බෙන් වත් පසුගිය මාස කීපය පුරා ෆේස්බුක්-බ්ලොග් හරහා ගමන් කල මානුශිකත්වය හෙවත් සවන් සෙවූ ඉලංදාරියා වෙනුවෙන් බ්ලොග් කරුවන් ෆේස්බුක් පරිහරණය කරන්නන් සිදුකල මෙහෙවර ඇස නොගැටුනේ ෆෙස්බුක්-බ්ලොග් නරක දෙයක් යැයි කියා ඔවුන් පැළඳ සිටි කලු කන්නාඩිය නිසාද?

පහත ඇති ෆේස්බුක්-බ්ලොග් හරහා බෙදා හදා ගන්න දැනුම් සම්භාරය ඔවුන් කියන්නේ මොනවාද?

ලෝකේ වටේ ඇති රැකියා ගැන දැනුවත් කරන ෆේස්බුක් ලුහුඬු දැන්වීම් සමූහය.

ඡායාරූපකරණය ගැන විශේෂඥ ශිල්පීන් අපව දැනුවත් කරන සේයා රූ කතා බහ.

අපේ සංස්කෘතිය ගැන නොදන්නා දේ අපට කියා දෙන හෙරිටේජ් සමූහය

පරිඝනක දැනීම නොමිලේ බෙදා හදාදෙන පරිඝනක උදව් සමූහය, ඔන් ලයින් හෙල්ප් සමූහය

දේශපාලනයේ නිරුවත හෝ සැබෑ මුහුන හෙලිකරන, සැබෑ දේශපාලනයක් වෙනුවෙන්, සුන්දර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කතිකා ඇතිවෙන ශ්‍රී ලංකාවේ දේශපාලනය සමූහය

සැඟවුනු නිර්මාණශීලීත්වයට පිබිදෙන්න ඉඩහසර සලසන වලාකුළු අතර හිඳ සමූහය, කෙටි කතා සමූහය, එෆ්.බී. කවි සංසදය

තාක්ෂනික බ්ලොග්, නිර්මාණ බ්ලොග්, ජ්‍යෝතිෂය බ්ලොග්, ආදී මේ සියල්ල නොදැක ෆේස්බුක්-බ්ලොග් හානිකර දෙයක් ලෙස දුටුවේ සත්‍ය වශයෙන්ම අන්ධ නිසාවෙන්ද ??

නැති නම් ජනතාව රටේ පවතිය සැබෑ තත්වය ගැන දැනුවත් වීම පාලයකයන්ට පාලනයට අපහසුවක් කියා සිතා කඩුවට වඩා බලවත් පෑනක් ඇති අයෙක්ගේ බඩගෙඩිය පුරවා එසේ බඩ පිරීමෙන් පසු කෑමත නිසා අන්ධ වූ නිසාවෙන්ද කියා සිතා බැලීම බුද්ධිමත් දෙමාපියන්ගේ, පාඨකයන්ගේ වගකීමකි.

දිවයින පුවත්පතේ ලිපිය මෙතනින් කියවන්න

පින්තූරය යත්තේත් දිවයිනේ ලිපියෙනි.


85 comments:

  1. මම සම්පූර්ණයෙන්ම එකඟයි

    ReplyDelete
  2. අපේ කට්ටියගෙ සයිබර් අවකාශයනම් සුන්දර පුංචි ගමක් වගේ තත්වයකට මේ වෙනකොට පත් වෙලා. ඒත් චිකාගෝ නුවර වගේ වෙච්ච සයිබර් අවකාශත් තියෙනවා. ඒවාට නොවැටී අපේ සිංහල බ්ලොග්, බස්, ෆේස්බුක් අවකාශයට එන්න ලැබීම අපේ වාසනාවක්

    ReplyDelete
  3. දුකා අයියගේ කතාවට මාත් එකගයි.

    ReplyDelete
  4. ඕං මාත් අතුයි කකුලුයි අනිත් එව්වයි ඔක්කොම උස්සල එකගයි.. :D :D :D

    ReplyDelete
  5. අයියාගෙ අදහස සමග මම එකගයි.... පිටතින් දකින දේ මත පමණක්ම තීරණයක් දීම කොහෙත්ම සාධාරණ නෑ.නමුත් අපේ රටේ සිද්ධ වෙන්නෙ බොහෝ දුරට ඒකමනෙ.... අර කතාවක් තියෙනවනෙ අයියෙ එක මකුණෙක් කෑ පළියට සියළු මකුණන් මැරිය යුතුද කියලා..මේකත් මේ වගේමයි...... වැරැද්දක් දුටු තැන කෑ මොර දීල රටේ ලෝකෙට අඩ බෙර ගහන අපේ පත්තර අයියලත් හොද දෙයක් වෙද්දී නිදාගෙන ඉන්නෙ තමන් ඉන්නෙ මේ ලෝකෙ නෙමේ වගේනෙ....

    ReplyDelete
  6. නියම කතාවක් දුකා අයියේ!
    ගොඩක් වෙලාවට වෙන්නේ සමාජයේ තියන දෙයක් ගැන විවේචන කරන්න පුළුවන් විදිහක් හොයාගෙන ඒකම උලුප්පලා දක්වමින් කෑ ගහන එකයි. ඒ දේම සමාජයේ යහපතටත් යොදාගන්න පුළුවන් කියන එක ගොඩක අයට අමතක වෙලා යනවා. ගොඩක් අය බලන්නේ හැම දේම විවේචනය කරන්නමයි.

    ReplyDelete
  7. මචං අපේ රට හැමදෙයින්ම ආපස්සට යන බව තමයි කියන්න වෙන්නේ. මොකද අපේ හනමිටි අදහස් තියෙන අය බොහෝ දෙනෙක් තොරතුරු තාක්‍ෂනය දිහා වපර ඇහින් බලනවා වගේම එහි නැති වැරදි හෝ පෙන්වීමට දත මැදගෙන සිටින නිසා...

    ReplyDelete
  8. දුකා අයියාගෙ කතාවට මම අද හරිම එකඟයි..මම මේ ලිපිය කියෙව්වෙ ගිය සුමානේ ලංකාදීප පුවත්පතේ වගේ කියලයි මට මතක.ඒක මට පෙන්නුවෙ අපේ අප්පච්චි.ඔයාලත් එක එක සංගම් වල ඉන්නවානෙ.ප්‍රවේසමෙන් කියලා කිව්වා.මට ඒ වෙලාවෙ ඇත්තටම දුක හිතුණා අයියෙ ඔක්කොටම එක හැන්ඳෙන් සලකද්දි.

    හැමෝටම එක විදිහ ට සලකන එක ගැන උපවිඥානයෙ ඇති වුණු කළ කිරීම වෙන්න අති මගේ අතින් "කට්ටියක් වැල්ලෙ අඩ නිරුවතින් නටද්දි " කියලා මගේ අතින් ටයිප් වෙන්න ඇත්තෙ..
    අයියාගෙ ප්‍රකාශය හරි...

    (මම ලියපු එක තේරෙනවාද දන්නෙ නැහැ.)

    ReplyDelete
  9. අර කිව්වත් ‍වගේ සමාජය කියන එක හැමවෙලේම වෙනස් වෙන එකක්. ඔය කෙල්ලො කොල්ලො යන්තම් තේරෙන වයසෙදිම ලිංගික සම්බන්ධවල පැටලෙන එක සංස්කෘතියට අවුලක් වුණාට එහෙම කියලා ඒක ඇත්තටම අවුලක් නෙවෙයි. අවුල තියෙන්නෙ අපි හිතන්න හුරු වෙලා ඉන්න විධියෙ නෙව. අර කිව්ව වගේ මානසික අසනීප ගොඩක් අපට තියෙනවා අපිත් දන්නෙ නැති. ඔය පාටියෙ අවුල තියෙන්නෙ තහනම් මත්පැන් පාවිච්චි කරපු එක විතරක් වුණාට පාටිය රහසෙම සංවිධානය වෙලා තිබුණෙ ඒක රහසෙ වෙන්න ඕන එකක් නිසා. ඒක මොකටද එලි කරන්නේ...

    දැන් මේ ඔන්ලයින් උන් එක්ක සෙට් වෙන්නත් ගැත්තාට බය බෝයි වගේ අයියා...

    ReplyDelete
  10. දුකා අයියා... ජයෙනුත් ජය වේවා !!!!! මේ ලිපිය මාත් දෑක්කා.... මේ මිනිස්සු මේ විදියට පහර ගහන්නේ මේ ලෝකේ උන්ට ඈතුල් වෙන්ට අමාරු තරම් සුඛෝපභෝගී සහ ඈත එකක් නිසා දෑයි හිතෙනවා අයියා...... කාලය වෙනස් වෙද්දි එක් වෙන අලුත් දේවල හොඳක් දකින්නත් ඒවා ගෑන හරි හමන් දෑනුමක් එපෑයි!!!

    ජය වේවා අයියා.. ස්තූතියි මේ වටිනා ලිපියට.. මාත් මේ ගෑන ලියන්න හිතන් ඉන්නවා....

    ReplyDelete
  11. සිරා සිරා දුකා අයියෙ . . . . මම මේ ලිපිය පත්තරෙං කියෙවුව . . . ගොසිප් ලංකා එකෙනුත් කියෙවුව . . මට පේන හැටියට නං මුං කරන්නෙ අසාමාන්ය ලිංගික හැසිරීම් උලුප්පල මිනිස්සුන්ට තමංගෙ පත්තරේ විකුනගන්න හදන බාල මාකටිං එකක්. ඔය කියන විදියෙ දේවල් උනා නං . . . කෝ පිංතූර ???? ගොසිප් ලංකා එකෙත් තිබුනෙ වෙන කොහෙදෝ නයිට් ක්ලබ් එකක ගත්ත පිංතූරයක්.

    ReplyDelete
  12. "බලන්න පිංවතුනි අද කාලෙ හැදෙන තරුණ තරුණියො පිරිහීමටමයි ලක් වෙන්නේ..." කියන ජනප්‍රිය වචන සෙට් එක, එදත් කිවුවා, අදත් කියනවා. හෙට කියවෙන එක වැලැක්වේවා කියල තමයි ඉතිං හිතන්න වෙන්නේ. ඕක ගැන කල්පනා කරන්න ගියොත් අපේ ලේ රත් වෙන එක තමයි වෙන්නෙ. ඉතිං අපිට තියෙන්නෙ නාකි මුත්තලට ඔන විදියට රට "ඉස්සරහට" ගෙනියන්න දීලා, උං කියන ඒව හැම එකක්ම ඉස්මුදුනිං පිළිගෙන, කට වහගෙන ඉන්න එක.

    ReplyDelete
  13. ඔබ ඉතා වටිනා දෙයක් කථා කලේ. මම ඔය පත්තරය කියවන්නේ ඕකෙ මංගල කලාපෙ ඉදලා. හැම පත්තරයක්ම මම කියවලා තියනවා. ඔතන හිටපු මහා ලේඛකයො අද කෝ? රටට ගොඩක් වැඩ කල පත්තරයක්. මම දැන් බත් ඔතන්නවත් ගන් නැහැ. කොහොම වුනත් කවුරු බිරුවත් ලංකාව තියන්නේ ලෝකෙ ඇතුලෙ මිසක, ලෝකෙ තියන්නේ ලංකාව ඇතුලෙ නෙමෙයි කියන එක මෙයාලට තේරෙයි කවද හරි. එතකොට ලෝකෙ අල්ලන්න බැරි තරම් දුරට ගිහින් තියෙයි.

    ReplyDelete
  14. මාත් එකගයි අයියගෙ කතාවට. මට හිතෙන්නෙ කොතන මොනම දෙයක් වුනක් හොද දෙයක් සමාජයේ පැතිරෙනවට වඩා වේගයෙන් නරක දේවල් ගැන පැතිරෙනව. එතකොට ගොඩක් අය කතාකරන්නෙ ඒ දෙයින් වන නරක මිසක් හොද නෙවේ..

    ReplyDelete
  15. මමත් එකඟයි

    හොඳ දේවල් දාහක් උනත් සමහර මිනිස්සුන්ට නොපෙනෙන තරම් , ඒත් එක වැරදි දෙයක් නම් උන්ට මහ මෙරක් තරම් . අර ලිපිය ලියපු ලේඛකයා මේ ලිපියත් දකින්න ඇති කියලා මම හිතනවා .නැත්නම් දකින්න ලැබේවා!! කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  16. " එහෙත් වයස අවුරුදු 25 ට අඩු "ජෝඩු" පමණක්‌ ඊට සහභාගි කරවා ගැනිණි."
    පොරට වයස වැඩි නිසා යන්ඩ හම්බවෙලා නැද්ද කොහෙද. අනේ පව් :D

    ReplyDelete
  17. සමහර විට ඔය කට්ටිය ෆේස්බුක් එක පාවිච්චි කරන්න ඇත්තෙ පණිවිඩ කාර මෙවලමක් විදියට වෙන්න ඇති.දුණු ඊතල තිබ්බ කාලෙ ඔය ගොය්ය උන්න නම් ඒකටත් කියවයි.අනිත් එක ඔය කට්ටිය නිරුවතින් නැටුවා දැක්ක කියල ,සංවාසයේ යෙදෙනවා පොලිසියේ අයත් දැක්ක කියලා ඒ ලිපියේ තිබුනා මතකයි.ඉතින්,අනාචාරයේ හැසිරුනා කියලා ඒ ගොල්ලන්ව අත් අඩංගුවට ගන්න තිබුනෙ නැද්ද?මේවා හරියට "පාර මැද්දෙ තියන "ගොඩ" අසූචිද කියලා සැකහැර දැන ගන්න කාලා බලලා පාගන්නෙ නැතුව යනවා වගේ."

    ReplyDelete
  18. කටින් සංස්කෘතිය රකින කට්ටියට ඕනෙ එකක පෙනෙන්නෙ වැරදි පැත්ත. ඒගොල්ලො පව් කියල තමයි කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  19. දිවයින ප්ත්තරේ ගැන කතා කරන්න එපා , ඒක මේ ජාතිවාදී කුනු ගොඩක් විතරයි , ( දැ0 න0 දේශපාලන කුනු ගොඩක් ) ......................

    ReplyDelete
  20. සම්පූර්ණ ඇත්ත කතාව දුකා අයියා. අපේ ලංකාවෙ ගොඩක් වෙලාවට තත්වය ඔහොම තමයි.

    උපාසක බළල්ලු තමයිනෙ මීයො දෙන්න දෙන්න අල්ලන්නෙ...

    ReplyDelete
  21. එළ එළ එළ..... සමාජය ගැන මෙලෝ හසරක් නොදන්න ගොන් ළිං මැඩියෙක් ලියපු බූරූ ළිපියක් දුකෝ ඒක.. මටත් දැන් සෑහෙන වයසයි.. අපි පාසල් යන කාලෙත් ඕව තිබුන.. නමුත් කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. මේ හකර ඕව දන්නේ නැති උනාට බුදුන්ගේ කාලෙත් ඕව තිබ්බ.. උන් වහන්සෙ බුදු වෙන්න ගියෙත් ඒකනේ..

    අද වෙලා තියෙන්නේ එම සමාජයේ සාමජිකත්වය වැඩි වීම පමණයි. (විවෘත ආර්ථිකයට පින් සිද්ධ වෙන්න.) එනම් ඉහල මධ්‍යම පන්තිය ප්‍රසාරනය වීම. කාන්තාව සමාජයේ ඉහල තැන් වලට එන එකටත් මුන්නැහේලා තරහ ඇති. මොකද මේ ඉට්ටයි එකටම නැති උනත් ගමේ කොල්ලොත් මේ වගේ ආතල් ගන්නෙ නැද්ද.? තව ටික කාලේකින් ගම්වල කෙල්ලොත් සමාජ ගත වෙන කොට මේ මහත්තුරුන්ට වෙන්නෙ ළිදේ ඉදං මේ වගේ බක බක ගාන එකම තමයි...

    ReplyDelete
  22. මචෝ උඹේ මේ අදහස් වලට නම් 100%ක් මං එකඟ නෑ.. වැඩි විස්තර පසුව කියන්නම්...

    ReplyDelete
  23. අපි ගත්ත ආතල් ඒ කාලෙට සාපෙක්ෂව මේ අද ඒවට සමානයි එක අතකට! කොහොම උනත් ඔය බුරන උං ඔක්කොම ඒ කාලෙ කොරගන්න ඕන ඒව කොරගන්න බැරි උන වැඩ බැරිදාසල හරි නැත්තං ඔය හැම දේකම වැරදි විතරක් පේන මානසික ලෙඩ්ඩු.

    ReplyDelete
  24. මේ ලිපිය ගොඩක් වැදගත් ලිපියක්..පුලුවන් තරම් මේක ප්‍රසිද්ද කරන්නද

    ReplyDelete
  25. ඔබේ අදහසට සම්පූර්නයෙන්ම එකඟවෙනවා.

    පුවත් පතේ සඳහන් ඒ සාද පිලිබඳ කතාව ඇත්තක්ද?

    ReplyDelete
  26. you hv hit the nail to its head..well done..

    ReplyDelete
  27. මාත් එකග වෙනවා දුකා අයියාගේ කතාවට....

    ReplyDelete
  28. දුකාගේ කතාව හරි. මේ වගේ ලිපි දිගටම ලියලා ලංකාවේ ගොං නීති හදන එවුන්ගෙ ඇස් අරවන්න ඕනෙ. මෙහෙ නීති හදන මහ ලොකු උපදේශකයො එකතු කිරීම වත් දන්නේ නෑ......
    - වසන්ත -

    ReplyDelete
  29. ඕක පත්තරේට ලියපු මනුස්සයා ජීවිතේට අපේ සිංහල බ්ලොග් එකක් කියවලා නැතුව ඇති. කට මැත දොඩවන්නෙක් වගේ. බුකියේ නම් ඔය කියන කතන්දර නැත්තේ නොවේ. ඒත් අපේ සිංහල බ්ලොග් කලාවේ නම් ඔය කියන දේවල් නැති බවත් එවා සාහිත්‍ය රසයෙන්, කවි රසයෙන්, කතා රසයෙන්, දේශපාලන රසයෙන්, හාස්‍ය රසයෙන්, ආදී දේවලින් පිරුණු තැනක් බව ඒ මහත්තයට තේරුං කරලා දෙන්න වෙයි.

    ReplyDelete
  30. ඔන්න ඉතින් පුවත් පත් කලා වේදියෝ. දුකාගෙ කතාවට සම්පූර්නයෙන්ම එකඟයි. හැබැයි ඉතින් කිරි හට්ටියකට ගොම බින්දුවක් වැටුනම වෙන දේ දන්නවනෙ. ඕක නෙ ඉතින් ඔය උලුප්පල පෙන්නන්නේ.

    ReplyDelete
  31. සමහර මිනිස්සු ඉන්නවා අයියා... උංට කවදාකවත් හමුබුනොවිච්ච දේවල් දැන් ඉන්න අය විඳිනවට අකමැතියි. ඒක තනිකරම කුහක කම වෙන මොකද්ද?

    ReplyDelete
  32. අයියාගේ කතාව ඇත්ත.. මිනිස්සුන් හොයන්නේ වැරැද්දම තමා හොදක් කරාම එක පෙන්නේ නෑ.. මෙයාලාගේ කුට්ටම ගලවන්න මේ කපේදී බෑ අයියේ...

    ReplyDelete
  33. මම නම් හිතන්නේ කවුරු හරි කීප දෙනෙක් කියපු පලියට මිසක් ඇත්ත හරි හැටි සොයා නොබලා පත්තරේට දාපු ලිපියක් වෙන්න ඕන ඒක.
    එහෙම මිනිස්සුන්ට අපි අනුකම්පා කල යුතුයි.
    මොකද තමන්ගේ රාජකාරිය හරියට ඉටු නොකරනවට.

    ReplyDelete
  34. ඕක ඉතින් හැමෝම කරන දේනේ අයියා. කොච්චර හොඳ තිබුනත් දකින්නෙම නරක පැත්ත. හරියට විපස්සේ වගේ.
    කොච්චර කතා කරන්න හොඳ දේවල් තිබුනත් දකින්නේ කතා කරන්නේ නරක පැත්ත විතරයි.

    ReplyDelete
  35. මේ ගැන කරුණු නිවැරදි කිරීම් ලිපියක් දිවයින පත්තරයට යවන්න පුළුවන්නම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. කවුද එහෙම ලිපියක් ලියන්න හොඳ කෙනා.

    කවුරුහරි ඉදිරිපත් වෙනවනම් අපිටත් දන්වල අපෙනුත් අදහස් අරගෙන දිවයිනට නිවැරදි කිරීමේ ලිපියක් ලියන්න. දිවයිනේ මාධ්‍ය සදාචාරය බලාගන්නත් පුළුවන් වේවිනෙ

    ReplyDelete
  36. ඒ වැඩේ සංයමයකින් කරන්න මකරා තමයි හොඳම කෙනා. ඔයා ලියන්න මූනු යවන්න කලින් මූනු පොතේ ශෙයාර් කරන්න පුලුවන් නම් පස්සේ අදහස් එකතු කරලා එඩිට් කරලා ෆයිනල් එක යවමු.

    ReplyDelete
  37. සමා වෙන්න. මම මීට කලින් පුවත් පතකට ලියලා නැහැ. ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය ගැන හොඳ දැනුමකුත් නෑ.

    අනික බ්ලොග් අවකාශය ගැන, ඒකෙ සිද්ධ වෙච්ච් දේවල් ගැන මට වඩා දන්න, මට වඩා අත්දැකීම් තියෙන සහ පුවත්පත් කලාවට සම්බන්ධ අය ඉන්නවා.

    ලේඛකයෙක් විදිහට යම් තරමකට හරි නමකුත් හදාගෙන තියෙන කෙනෙක් මේ වැඩේ කරනවනම් තමයි හොඳ.

    පොඩ්ඩක් සංවාදයක් දාල බලමුකො. සුදුසු කෙනෙක්ව හම්බ වෙයි

    ReplyDelete
  38. හිපියාගේ සටහන් ලියන පැතුම් පුංචිහේවා??

    ReplyDelete
  39. මූණු පොතට අංචියක් අදින්න මුං සෑහෙන්න වළි කන අස්සෙ, නසරානියො දෙතුන් දෙනෙකුගේ පඩත්තල වැඩ නිසා මුන්දැලාට මාර චාන්ස් එකක් ලැබෙනව..!! ඉතිං මේ පාත්තරවල ඉන්න ගැත්තරයොත් කරන්නෙ නරක ම විකුණන එක. බොහෝ මිනිසුන් තවත් අයවලුන් උදෙසා කරන සමාජ සත්කාර, උදව් පදව් ගැන කිසියම් ම හෝ පත්තරයක ලියැවිල තියෙනව කවුරු හරි දැකල තියෙනවද..?? නෑනෙ.. !!!නමුත් ස්ත්‍රී දූෂණ, මැරකම් පාදඩකම් ගැන ලියන්නෙ රස කර කර..

    ReplyDelete
  40. ඔවු එයා හොඳයි. මේ වැඩේට ටැබූ හිටියනම් ඉස්තරම්. ඒත් එයා අතුරුදහන් වෙලානෙ. කතන්ද්‍රත් වෙනත් නම් වලින් පත්තර වලට ලියන බව දන්නව ඇතිනෙ. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ තව අය ඉන්නවා මම හිතන්නෙ.

    ආ ඔය කියන කොටම ඉන්ද්‍රනාථ සර් රුත් ඇවිත් ඉන්නෙ, මතක් කළා විතරයි

    ReplyDelete
  41. දුකා අයියා කියන්න ඕන දේ මෙහෙම තමා කියන්න ඕන. වැඩිය කියන්න දෙයක් නෑ. අවසානය දකින්න බැරි උනත් ඉලන්දාරියා ගැන සයිබරය ක්‍රියා කළ ආකාරයෙන්ම අපිට කියන්න පුළුවන් නේද අපේ සයිබර් අවකාශයේ සැබෑ මානුශික මුහුණුවර. 100% එකඟවෙමි. කිසිම විවාදයක් නැතිවම.
    @ පොඩ්ඩි
    පත්තර වල තියන සියල්ල 100% නිවැරදියි කියන්න පුළුවන්ද? අනික අද මේ රටේ සියලුම මාධ්‍ය ක්‍රියා කරන්නනේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න නෙවේ. කෙලින්ම තම මතය වපුරන්න. අදාළ ප්‍රවෘත්තියේ තමාට අදාළ මතය පමණයි එයාල උලුප්පා පෙන්වන්නේ. නැතිව සැබෑ මුහුණුවර නොවේ.

    ReplyDelete
  42. හොඳ දේවල් කොච්චර කෙරුවත් පේන්නෙ නෑ.
    නරක එක දේ පටස් ගාල පේනවා. ඕක තමයි මිනිස් ස්වභාවය. විශේෂයෙන්ම මාධ්‍යකාරයින්ගේ

    ReplyDelete
  43. මං උඹත් එක්ක 100% එකඟ නොවෙනවා කිව්වේ මේකයි. ලේඛකයා ඔය පාටිය ගැන කියලා තියෙන දේවල් වල සධාරණත්වයක් තියෙනවා කියලා මං හිතනවා. මොකද ඔහු කියලා තියෙන්නේ ඉස්සර එක්තරා කොටසකට විතරක් සීමා වෙලා තිබුණු ස්ටැග් නයිට් සංස්කෘතිය දැන් වේගයෙන් ව්‍යාප්ත වෙනවා කියන එකයි. ඒ කාරණය නිවැරදියි. ඒත් ඒකට ෆේස්බුක් හෝ අදාල වෙබ් අඩවි වැරදි කාරයෝ නෙවෙයි. ඒවා හොඳ පැත්තට භාවිතා කරපු අය ඕන තරම් ඉන්න බව අපි හොඳටම දන්නවනේ.. හැම වෙලේම මේ අය කුණු ගොඩවල් හොයන්නේ ලාබෙට විකුණන්න පුළුවන් හින්දයි... ලිපියෙහි අඩුපාඩු පෙන්නලා ලිපියක් ලියන එක හොඳයි... ඒකට දුකාට වැඩිය හොඳ කෙනෙක් ඉන්නවද..?

    ReplyDelete
  44. ඔහ්.. අමතක වුණා..
    මාත් මේ ගැන ලිපියක් ලිව්වා...

    http://hadapathula.blogspot.com/2011/05/blog-post_25.html

    ReplyDelete
  45. හරියට හරි මචො.........

    ReplyDelete
  46. මමත් හිතන්නේ මේකට ඉක්මනින් පිළිතුරු ලිපියක් යැව්වොත් හොඳයි...

    ReplyDelete
  47. හැමදාම වගේ අදත් සුපිරි ලිපියක් !

    ReplyDelete
  48. වැඩේ අවැසි එක්කෙනාට ඕන එක්ක. ඕන තැනක් ඔට්ටුයි. ඒක ෆේස්බුක් පළිද ???

    ReplyDelete
  49. මේ තියෙන්නේ චතුරගේ හදපතුල බ්ලොග් එකේ ලිපිය

    ෆේස්බුක් අපලය
    පසුගිය කාලය පුරාම ෆේස්බුක් ප්‍රමුඛ සයිබර් අවකාශයේ විවිධ වෙබ් අඩවි වලට දැඩි දෝෂාරෝපණ එල්ල විනි. මේ ඒවායින් එකකි. ඇතැම් ෆෝරම් වලද ඊමේල් හරහා ද මේ දෝෂාරෝපණ එල්ලවනු දක්නට ලැබුණි. මාත් මේ ගැන ලිපියක් ලියන්න හිත හිතා ඉන්න අතරේ උදාර සහෝදරයාගේ දිලුම් මේ ඔබ ගැනම නෙමෙයි කියන ලිපියත් හැමදාම ඉතා හර බර ලිපි ලියන අපේ දුකා ගේ බලන්න අප්පිරිය ෆේස්බුක් වැඩ කිඩ කියන ලිපි දෙක ඇහැ ගැටුනේ. ඒ ලිපි හරියට මගේ ලිපියට පූර්විකාවන් වගේ කියලා මට හිතුනා.

    ෆේස්බුක් එකට මේ තරම් බනින්නේ අහවල් දෙයකට ද කියලා කියන අය වගේම මේ ඕනැන්නේ නැති බහු බූත ෆේස් බුකියක් හින්දා අපේ දරුපැටවු ටික බේරගන්න බෑ කියන අයත් ලංකාවේ හරි හරියට ඉන්නවා. ඇත්තම කතාව මෙහි ගැටළුව තියෙන්නේ භාවිතයෙයි. ලංකාව ඇතුලේ තියෙන විවිධ උප සංස්කෘතීන් වල සාමාජිකයින් මේවා භාවිතා කරන්නේ විවිධ විදිහට.

    අපි තරුණ කාලේ කොලු කමට කරපු වැඩ කියලා හඳුන්වන කුණුහරුප පත්තර බැලීම, නිල් පිංතූර බැලීම ආදිය අපි කළ නිසා වත් කොලු කමට කල නිසා වත් නිවැරදියි නැතිනම් කමක්නෑ කියලා කියනවට මං විරුද්ධයි. ඒ හැම දෙයක්ම අපි කලේ අපේ තියෙන අණුවන කමට. කවුරුහරි ඉස්කෝලෙට පත්තරයක් ගෙනාවහම ඒක කියවලා ආතල් ගන්නවයි කියලා අපි කලේ යස අපූරුවට තිබුණු අපේ හිත වල් වද්ද ගත්ත එක නෙවෙයි කියලා අපට හිතන්න පුළුවන්ද? ඒවයේ කියලා තියෙන බොරු කතා අහලා අපේ හිත් වල කාමුක හැඟීම් ඇවිස්සුනේ නැද්ද? ඒවා නොතිබුනා නම් ඒ හිත එදා පිරිසිදුව තිබුණා නම් අද වෙනකොට අපේ හිත මීට වඩා උසස් තත්වයකට ගේන්න තිබුණා නේද? කියලා මට නිතර හිතෙනවා... ඒත් අපි ඒ සංස්කෘතියේ ගොදුරු බවට පත් වුණා... අද වෙනකොට ඒ සංස්කෘතිය තව තවත් නරක අතට හැරිලා. තාක්ෂණය උපයෝගී කරගෙන වැඩි දෙනෙක් මේ සංස්‍කෘතිය තුලට ඇද ගන්න වැඩ පිළිවෙලවල් හැදිලා. දිවයින ලිපියේ ලියුම් කරු කතා කරලා තියෙන්නේ මේ ව්‍යසනයයි. එහෙත් එයට ෆේස්බුක් හෝ තාක්ෂණයට බැනලා වැඩක් නෑ. මේ නරක් වෙච්ච සංස්කෘතිය වගේම ගුණවත්කමින් ඉතා පොහොසත් සංස්කෘතියකුත් ෆේස්බුක් සංස්‍කෘතිය ඇතුලේ උප සංස්කෘති විදිහට තියෙන බව අපි තේරුම් ගත යුතුයි. දිලුම් මල්ලී වෙනුවෙන් දුකා ඇතුළු සයිබර් මිතුරන් කළ මෙහෙය, ඔහු වටා රොක්වුණු ‍ මිනිසත් කමේ යෝධ පවුර ඒ සඳහා ආසන්නතම හා හොඳම උදාහරණ.ලෝකයෙන් නරක තුරන් කරන්න බෑ. අඩු කරන්නයි අපි උත්සාහ කරන්න ඕනි.

    ඒ විතරක් නෙවෙයි සයිබර් අවකාශය කියන්නේ සංකීර්ණ, කාර්‍යබහුල සමාජයේ අනිවාර්‍ය කාලීන අවශ්‍යතාවයක් කියලයි මට හිතෙන්නේ. මොකද ඉස්සර වගේ මිනිස්සුන්ට යාළුවෝ ආශ්‍රය කරන්න, අත්දැකීම් බෙදාගන්න, දුර බැහැර ඉන්න යාළුවන්ට ලියුම් ලියන්න වෙලාව නෑ. සයිබර් අවකාශය අපට අලුත් ලෝකයක් හදලා දීලා පුරවන්නේ මේ හිඩැසයි. ඒ විතරක් නෙවෙයි සයිබර් අවකාශයක් නොතිබුණානම් මේ වෙනකොට මට ආශ්‍රය කරන්න ඉන්නේ පවුලේ තුන් හතර දෙනාත් යාළුවො තුන් හතර දෙනෙකුත් විතරයි. ඒත් දැන් මට අඩු ගානේ දෙතුන් සීයක් එක්ක ආස්‍රය කරන්න ලැබෙනවා... මගේ අදහස් ඔවුන් එක්ක බෙදාගන්න පුළුවන් වෙනවා... තවත්, තව තවත් අප්‍රමාණ ප්‍රයෝජන තියෙන තැනක් නොවැ මේ සයිබර් අවකාශය කියන්නේ...

    මිනිස්දම් ගරු කරන යහපත් නුවණැති මිනිසුන් අපත් එක්ක නොපමාව එකතු වී මේ අවකාශය තව තවත් සොඳුරු එකක් කරවි. යහපතෙහි අගය නොදත් මිථ්‍යාවත්, දුසිරිතත් ඇසුරු කරන අනුවණ දනන් මැණික් ගලේ පය හැපුනට කණා ඇහිඳින්නේ නැතුවා සේ අයහපතට ම මේ අවකාශය භාවිතා කරාවි.

    ReplyDelete
  50. මේ තියෙන්නේ මගේ පිලිතුර.
    මම ලියපු පෝස්ට් එකේ මචං අපි තරුණ කාලේ කොලු කමට කරපු වැඩ කියලා හඳුන්වන කුණුහරුප පත්තර බැලීම, නිල් පිංතූර බැලීම ආදිය අපි කළ නිසා වත් කොලු කමට කල නිසා වත් නිවැරදියි නැතිනම් කමක්නෑ කියලා කිව්වා කියලා නෙමෙයි මචෝ මම කිව්වේ.

    ඒ විදිහට ස්වභාවධර්මයේ නියාමන්ට අනුව සිද්ද වෙන ලිංගික කුතුහලය සංසිදුවා ගන්න අපිට කරන්න තිබුනේ එපමනයි.

    නමුත් විය යුත්තේ ලිංගිකත්වය ගැන සමාජයේ බයක් නැති නම් ඒක නරක දෙයක්, ඉවත්කල යුතු දෙයක් ලෙස හඳුවන්න හදන්නේ නැතිව කුඩා කල පටන් නියමාකාරයෙන් ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න කියලා ඒ වෙනුවෙන් අනිවාර්ර්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදන්න කියලා බල කිරීමක් කරන්න "කඩුවට වඩා බලවත් පෑනක්" භාවිතා කරන මාධ්යකාරයන්ගෙන් සිදුවිය යුතුයි කියන එකයි.

    අපි ඒ කාලේ කරපු දේවලුත් වැරදියි විවාදයක් නෑ. මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ "මහත්වරු"ත් ඒ වැරදි වැඩේ ඒකාරයෙන්ම නැතත් මොන අකාරයෙන් හරි කලා වෙන්න ඕනෑනේ. ඒ තමන් කරපු වැරදි වැඩේ නිවරදි කරනවා වෙනුවට "පයබරවායට පිටිකර බෙහෙත් බඳින්න එපා" කියන එකයි මට කියන්න ඕන වුනේ මචෝ.

    ReplyDelete
  51. සංවාදයට අදාල නිසා රොකියගේ කොමෙන්ටුවත් මෙතනම දැම්මා (චතුර අවුලක් නෑ කියලා දන්න හින්දම චතුරගේ ලිපිය ගත්තා වගේම අවසරයකින් තොරව ගත්තා)

    මට හැඟෙන විදියට ඔය දිවයින ලිපියෙන් වෙච්ච දේවල් දෙකක් තියෙනවා . එකක් සමහර දෙමවුපියන් ෆේස් බුක් එකෙන් වෙන්න පුළුවන් හානියක් ගැන දැනගන්න ලැබෙනවා. අනිත් එක, නොදන්නා එකා ඕක බලලා ඔයවගේ දේවල් වලට සම්බන්ද වෙන්න දරන සහ ඔයවගේ දේවල් සංවිදානය කරන එක ට්‍රෙන්ඩ් එකක් කරන්න හදන වෑයම.
    අනිත් කාරණය තමයි දිවයින කතෘ පුන පුනාම කියා තියෙන්නේ ෆේස්බුක් කියන්නේ ලංකාවේ තරුණ පරම්පරාවට පිළිලයක් කියලා. ඒ ඕලමොට්ටලයට තේරෙන්නේ නැත්තේ ඇයි , ඔය කියන සාද වල වෙන දේවල්, කොලබ පාසැල් වල old boys batch night වල සිද්ද වෙනවයි කියලා. ජාත්‍යන්තර පාසල් සංවිදානය කරන පාටි වල ඔය දේවල් වෙන්නේ නෑ කියලා.
    මම හරියටම දන්නේ නෑ ප්‍රායෝගිකව ඔය කියන පාටියට ෆේස්බුක් එක සම්බන්ද වෙලා තියෙන්නේ කියලා. මන්ද, කතෘ කියනවිදියට ඕකට සම්බන්ද වෙලා තියෙන්නේ ජාත්‍යන්තර පාසැල් සාමාජික සාමාජිකාවන් වීම.

    ReplyDelete
  52. දුකා අයියේ....අර තලා ගන්න දෙයක් නැති කොට මුවහමටත් තලනවා කියලා කියන්නේ.අන්න ඒ වගේ සිද්ධියක් තමා මේක.
    හැමදේකම හොඳ නරක කියලා දෙකක් තියෙනවානේ.අන්තර්ජාල භාවිතයේදීත් අන්න ඒ දේම තියෙනවා.හැබැයි කරන දේ අවබෝධයකින් යුතුව කරන්න ඕනේ.එහෙම නැතිවුනොත් වැඩේ බයානකයි.
    ඒ වගේම තමා අපේ රටේ සංස්කෘතිය හා සදාචාරය කියලා ගහලා තියෙන ලේබල් දෙක.මිනිස්සු ඒක හරියට තේරුම් ගන්නේ නැතුව නිර්ණායක දාලා හැම මගුලම ඒ වලින් මනින්න යනවා.කවදාවත් සාර්ථක නෑනේ.රටක් දියුණු වෙද්දී යල් පැනපු සංස්කෘතියකම එල්ලිලා ඉඳලා වැඩක් නෑ කියන එක වැඩිහිටියන්ට තේරෙන්නේ නෑ.ඒ වගේම තමා ළමයින්ගේ යුතුකමක් විදිහට මම දකින්න අපේ පැරණි සංස්කෘතිය මේ වගේ කියලා තේරුම් අරන වැඩ කරන එක.අන්න ඒ දේ හරියට වෙන්න පටන් ගත්ත දවසක මේ ‍රටේ ඔහොම ප්‍රශ්න එන එකක් නෑ.

    ReplyDelete
  53. Subhaga Herath
    ඔය සංස්කෘතික පොලිසි නෂ්ටකාමීන් සහ විකුර්ති කාමාශ ඇත්තවුන් යන දෙගොල්ලම ඉන්නවා, පලවෙනි කණ්ඩායම ඉරිසියාවට කුහක කමට දෙවැනි කට්ටිය තමන්ගේ චරිතේ වහගන්න.... ඕව අලුත් දේවල් නොවේ ..මට මතක හැටියට ගුණදාස ලියනගේ මහතා 70 ගණන් වල පොතක් ලිව්වා සංස්කෘතික පොලිසිය ගැන... බඩගින්නට බෙහෙත් නැතිවෙනකොට පාලකයින්ව බේරන්නත් කටවල් වහන්න වෙනවා... ඒකට ඉස්සරහට ගන්නෙත් ඔය කියන සංස්කෘතියම තමයි...

    ReplyDelete
  54. Kushan S. Wanniarachchi
    ෆේස් බුක් එකේ ඔය කියන ආකාරයේ දේවල් නැත්තේ නොවේ. නමුත් අපේ බ්ලොග් එකත් ඔය ගොඩට දාන එක ගැන විරුද්ධයි. ඔය ලියන පුද්ගලයා අපේ එක සිංහල බ්ලොග් එකක් හෝ කියවා ඇත්නම් අගෙයි. මට අවබෝධ වුනු හැටියට නම් ඔහු සිංහල බ්ලොග් එකක් වත් හරියට කියවා නැති කෙනෙකි.

    ReplyDelete
  55. ෆෙස්බුක් එකේ නරක දේවල් වෙනවා කියමුකෝ . . ඊට වඩා හොඳ දේවලුත් වෙනවනේ . . ඒකනේ කුෂා මම මෙහෙම අහුවේ - පාන්, එලවලු කපන්න ගෙදර තියෙන පිහියම කෙනෙක්ව කපා කොටා මරා දැමීමටත් ප්‍රයෝජනයට ගත හැකි නිසා නිවසක පිහි තබා ගැනීම තහනම් කිරීම නැති නම් පිහි පාවිච්චියෙන් වැලකී සිටින්න කියා සමාජයෙන් ඉල්ලා සිටීමද . ..

    පිහිය නිවරදි ආකාරයෙන් ප්‍රයෝජන ගන්නා අයුරු දැනුවත් කිරීමද කල යුත්තේ යන දෙකෙන් කොයි එකද හරි කියා අපේ ලාංකීය සමජයෙන් අසන්න සිතෙන්නේ බුදුන් දවස කොසොල් රජු දුටු සිහින වල මෙන් මහා අප්‍රභංශ දේවල් ගැන අද දවසේ අසන්න දකින්න ලැබෙන නිසාවෙනි.

    ReplyDelete
  56. Kushan S. Wanniarachchi
    දුකායියා! උඹ කියන කතාව සහතික ඇත්ත. මම බුකිය 100% වැරදි කියලා කිව්වේ නෑ. මං ඉන්නෙත් උඹේ තර්කෙම තමා. :-)

    තව දුරටත්.... මෙහෙම හිතෙන්නේ නැද්ද... ඔය ලියන මනුස්සයා අපේ එක සිංහල බ්ලොග් එකක්වත් කියවලා ඇතිද කියලා... මං නං හිතන්නේ මිනිහා කියවලා නෑ. ඒකනේ කට මැත දොඩවන්නේ.

    අනික ඔය යකා දන්නේ නෑ Online Ethics කියලා දෙයක් තියෙනවා කියලා. ඒව‍ට අනුව වැඩකරන පිරිසක් ඉන්නවා කියලා පොර දන්නේ නෑ. මිනිස්සු ඒ ethics අනුව යමින් බුකියෙන් සහ බ්ලොගෙන් සෑහෙන වැඩ ගොඩක් ගන්නවා කියලා ඔය යකා දන්නේ නෑ.

    අඩුම තරමේ ඔය මනුස්සයාට ෆේස්බුක් එකවුන්ට් එකක්වත් නැතුව ඇති. තිබ්බත් ඇත්තේ ඇනොනිමස් නමකින් වෙන්න ඇති. ඒකෙන් ලොග් වෙලා රටේ ලෝකේ ෆේක් ගෑනු ප්‍රොෆයිල් වලට රික්වෙස්ට් දාලා ඇඩල්ට්ස් ගෘප් වලට සබ්ස්ක්‍රයිබ් වෙලා ඇත්තේ. ඒ නිසා පොරට එන හැම ඇලට් එකක්ම ඒ ජාතියේ වෙන්න ඇති.

    පොර නිකමට බුකියේ අපේ ගෘප් වන "FB කවි සන්නදය" "බ්ලොග් අවකාශයේ මිතුරෝ" "සයිබර් ෆ්‍රෙන්ඩ්ස් ෆෝ දිළුම්" "පරිගණක උදව්" "සිංහල බ්ලොග් කරුවෝ" "ටෙක් කතා" "Science for Life" වගේ ගෘප් එකක් විසිට් කරා නම් තේරෙයි පොරට, මිනිහා හිතනවාට වඩා සුන්දර, වැඩදායි ලෝකයක් සමාජ ජාල තුල තියෙනවා කියලා.

    අපි ගන්න ඕන එක කන්ක්ලූෂන් එකයි ඔතනින්. ඒකතමයි... "මිනිහට තියෙන එකවුන්ට් එකෙන් (FB හෝ අනෙකුත් සමාජ ජාල ගිණුමක්) මිනිහා රෝන්දේ ගහලා තියෙන්නේ වැරදි ඉසව්වේ බව. පොර ගේ කරුමෙට කන්දෙන් අනිත් පැත්තට වැටිලා. එහේ ඉඳන් තමයි පොර ආර්ටිකල් එක ලියලා තියෙන්නේ. මිනිහා දන්නේ නෑ, කන්දේ දෙපැත්තම බල බල කන්ද උඩට වෙලා තමයි ආර්ට්කල් එකක් ලියන්න ඔන කියලා. ඒ කියන්නේ මනුස්සයා ජර්නලිස්ම් වලට සුදුසුද? උත්තරේ අපි අතේ...

    ReplyDelete
  57. Subhaga Herath
    ගොඩක් අයගේ comments වලින් ගම්‍ය වෙන්නේ ලිංගිකත්වය වැනි දේ කතා කිරීම හෝ බුක්ති විදීම වැරදියි කියා සිතන ආකාරයක්... බ්ලොග් වල හොද වැඩ පෙන්නන්න හදන්නේ ඒ නිසානේ,,, එතකොට ජීවිතය වෙනත් ආකාරයකට විදින්න කැමති අයට එසේ විදීමට අයිතියක් නැද්ද .. සම්මත ක්‍රමයෙන් පිට ලෝකය විදීමට මේ සම්ප්‍රදායක හන මැට්ටන්ගේ අවසරය අවශ්‍යද? අපි කලත් නැතත් වෙන කගේ හෝ ජිවිතයට කැමැත්තට නිදහසට ඇත පෙවීමට තවෙකෙකුට ඇති අයිතිය කුමක්ද?

    ReplyDelete
  58. Kosala Senevirathne ‎
    @ subhaga herath "....ජීවිතය වෙනත් ආකාරයකට විදින්න කැමති අයට එසේ විදීමට අයිතියක් නැද්ද .. සම්මත ක්‍රමයෙන් පිට ලෝකය විදීමට මේ සම්ප්‍රදායක හන මැට්ටන්ගේ අවසරය අවශ්‍යද? අපි කලත් නැතත් වෙන කාගේ හෝ ජිවිතයට කැමැත්තට නිදහසට ඇත පෙවීමට තවෙකෙකුට ඇති අයිතිය කුමක්ද?"
    ඔබතුමාගේ අදහසට සම්පූර්ණයෙන් එකඟයි! කෙනෙක් තමන්ගේ කැමැත්ත නිදහස බුක්ති විඳින එක තව කෙනෙකුගේ නිදහසට බාධාවක් නෙවෙයි නම් අහක ඉන්න එවුන්ට තියෙන අමාරුව මොකද්ද?

    ReplyDelete
  59. මම කියපු දේත් පොඩ්ඩක් බලපල්ලා. මේක ගැන නිවැරදි කිරීම් ලිපියක් දිවයිනට යවමු. අපිට පබ්ලිකුටියක් ගන්නත් චෑන්ස් එක

    ReplyDelete
  60. Supun Buddy-j Budhajeewa
    මෙහෙම දකින්නත් පුළුවං ඕක, ලියපු මනුස්සයා කරන්නේ ඉල්ලුමට සැපයුම දීම මිසක් යම් පර්යේෂණයක් මත පදනම්ව තර්ක ගොඩ නගන එක නෙවේ නේ. ඒ කියන්නේ පත්තරේකට "හොඳ" ෆේස්බුක් ගැන බැනල ලිපියක් ලිවුවොත් මිසක් හොඳ කියල ලිපියක් ලිවීම නෙවේ. මොකද එහෙම කලොත් සමාජයේ බහුතර මතයට පත්තරේ එරෙහිව යාමක් වෙලා පත්තර කොම්පැණියෙ බිස්නස් අඩු වෙන්න බලපාන්න පුළුවං.

    මෙතනදි "සමාජ බහුතර මතය" සහ ජනමාධ්‍ය වල ප්‍රකාශ වන දේවල් කිකිළ සහ බිත්තරේ පුශ්නයක්.

    මට මතකයි මම තැනක කියෙව්වා තැපැල් සේවය හඳුන්වලා දුන්නු කාලෙත් ඒක ශ්‍රි ලාංකික සදාචාරයට, සංස්කෘතියට හෙනහුරෙක් කියලා සමහරු හඳුන්වපු බව. තැපැල් සේවය නිසා සමාජ දුරාචාරය පැතිරෙන බව.

    ඉතිං කතාව ඇත්ත, එහෙම වෙන්න පුළුවං. ඒත් එතන තියෙන්නේ පාං පිහියෙන් බෙල්ල කපාගැනීමේ ප්‍ර්ශ්නය බව එදා අපේ අයට තේරුනෙත් නෑ, අද අපේ අයට තේරෙන්නෙත් නෑ. හෙට???

    ReplyDelete
  61. Kosala Senevirathne
    අනිවා මචං. මේක ලියපු මනුස්සයා නම් ඉල්ලුමට සැපයුම දෙනවටත් වඩා අවබෝධයකින් තොරව ලියපු කෙනෙක් කියලයි මට හිතෙන්නෙ. පත්තරේ සංස්කාරක තමයි මෙතනදි ඉල්ලුමට සැපයුම දීලා තියෙන්නේ. පත්තරේකින් ආගමක් කරන වැඩ කරන්න අවශ්‍ය නෑනෙ බං. අනේ මන්දා මුන් කවදා හැදෙයිද කියලා.

    ReplyDelete
  62. Supun Buddy-j Budhajeewa
    There is a simple but true theory to explain all these. "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු..."

    ReplyDelete
  63. Kosala Senevirathne
    වැඩේ කියන්නෙ ඔය සිම්පල් තියරිය පිලිගන්න අපේ ගොඩක් කට්ටිය කැමති නෑනෙ. එතකොට ආතල් කැඩෙනවනෙ. ඔන්න අපේ රජතුමා අපේ ඉස්කෝලෙ පැත්තෙ ඇවිල්ල ඔය සින්දුවටත් බැනලා ගිහින් තිබුණා! :D

    ReplyDelete
  64. Supun Buddy-j Budhajeewa
    අනිවා, අපේ කස්ටියව බොහොම ලේසියෙං දේශප්‍රේමි ආතල් එකේ තියාගන්න පුළුවං. ඒකෙ කටුක සත්‍යය ප්‍රශ්න කරන අර වගේ නිර්මාණ දෙකේ පන්තියට දාලා පහත් කරලා කතා කළාම, එහෙම නැත්තං ඒක අපේ සංස්කෘතියට පටහැනි කියල ලේබල් එකක් ගැහුවම (උදා: "මව් බිම"ට අපහාස වෙන විදියට නිර්මාණ කිරීම අපේ සංස්කෘතියට විරුද්ධය කියලා ඕකට බැනලා නවතින්නෙ නැතුව තහනම්ම කරල දැම්ම නං, කවුද කට අරින්නේ? එහෙම කරන එකා දේශද්‍රෝහියෙක් වෙනව නේ.) වැඩේ ක්ලෝස්.

    ඇත්තම කියනව නං ක්‍රිකට් තරගයකදි ඇරෙන්න දැං අපිට "මම ලංකාවෙ!" කියල ලැජ්ජාවක් නැතුව කියන්න පුළුවං කමක් තියනවද කියන එකේ පොඩි විචිකිච්ඡාවක් තියනවා සිරාවට (ක්‍රිකට් එකටත් දැං බඩු හරි වේගෙන එන්නේ!).

    ReplyDelete
  65. Kosala Senevirathne
    ඒක ඇත්ත බං. අර අන්තිම ඡේදය සම්බන්ධයෙන් මගෙත් අදහස එහෙම්මම තමා. මොනව කරන්නද බං..මොළේ තියෙන එවුන්ට බලේ නෑ, බලේ තියෙන එවුන්ට මොළේ නෑ! පව තමා. :/

    ReplyDelete
  66. Supun Buddy-j Budhajeewa
    මොළේ තියන එවුං මේ මඩ වගුරෙ බලේට එන්න කැමති නෑ. මොකද මේ මඩ වගුරෙ ස්‍වභාවය කියනව නං, මොළෙං වැඩ කරන එකා ගිලිල මැරෙන මඩ වගුරක් මේක.

    ReplyDelete
  67. Kosala Senevirathne
    ඒක නම් ඇත්ත තමා. 48 ඉඳලා රට පාලනය කරපු උන්ගෙ මොළෙත් ටික ටික පල්ලෙහාට බැහැලා තියෙන හැටි බලපුවාම ඒකෙ අරුමයක් නෑ. කවුද කැමති අමාරුවෙන් ගොඩ ඇවිත් ආපහු අසූචි ගොඩකට පනින්න! එකක් හරියට කළොත් 99ක් නාගන්නවා අපේ කට්ටිය.

    ReplyDelete
  68. දැන් ඔය ලිපියේ ඒ ලේඛකයා මෙහෙම කියනවනේ

    "කට වචනයෙන් කිවහොත් "නාන්නට" තරම් ඉස්‌තරම් වර්ගයේ මත්පැන්වලින් අඩුවක්‌ වී නැති සාදයේ මත්පැන් බී නොසිටි තරුණයකු හෝ තරුණියක සොයා ගැනීම අසීරු වුණු බවත්, බොහෝවිට පුවත්පතක සඳහන් කළ නොහැකි ජුගුප්සාජනක දේ සිදුවුණු බවත්, ඉහත කී සුරාබදු නිලධාරීන් පවසා තිබිණි."

    "මේ ලිපියට ප්‍රස්‌තුත වූ සාදයේදී සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ වෙළෙඳපොළේ විකිණෙන එහෙත් බලපත්‍ර රහිත මත්පැන් වර්ගයන් හා ඒවා විකුණු පුද්ගලයන් පමණකි. එහෙත් ඒ ද්‍රව්‍යවලට අමතරව ඉහළ මිල ගණන්වලට අලෙවි කරන විවිධ මත්ද්‍රව්‍යද මෙවැනි සාද වලදී ඕනෑතරම් හුවමාරු වේ. ඇඟද රත්වී, සිහියද සිහින ලොවක අතරමං කර කණ්‌ඩායම් ගතව සිටින මොහොතක "රතිය" සඳහා පෙළගැසෙන්නේ නිරායාසයෙනි."

    මේ කියන විදිහට මේ ඔක්කෝම වැරදි වෙන්නේ බීමතින් ඉන්න නිසා.

    එතකොට දැන් මේ මත්පැන්, මත්ද්‍රවය ලෝකේ වෙනරටකින් අනවසරයෙන් ගෙන්න්පුවද??

    නෑනේ එතුමම කියල තියෙනවනේ ඉහල මිලකට විකිනෙන ඒවා කියලා. ඒ කියන්නේ බාර් වලින් ගත්තුවා.

    චන්දේට තොරණ් ගහන්න සල්ලි විසිකරපු ව්‍යාපාරිකයින්ට චන්දේ දින්නට පස්සේ හංදියක් හංදියක් ගානේ බාර් දාන්න ලයිසන් දුන්නු දේශපාලකයෝ නෙමෙයිද එතකොට මේ වැරැද්දේ "හේතුව" . . .

    "ඵලය" වුනු බීමත්කමින් අනඟරැඟුම් රඟපු එකට හේතුව දේසපාලකයෝ හෙන්චයියල ලව්වා බාර් දාන එක.

    "හේතුව" විනාස කරන්න අර කිව්ව කඩුවට වැඩිය බලගතු පෑන භාවිතා නොකර "ඵලය" විනාස කරන්න කියලා කියලා බෙරිහන්දෙන එක හරියට අර මොකද්ද වැඩේට මොකද්ද එක තියාගෙන මොකද්ද එක භාවිතා කරනවා වගේ නෙමෙයිද???

    ReplyDelete
  69. "අපේ සංස්කෘතිය ගැන නොදන්නා දේ අපට කියා දෙන හෙරිටේජ් සමූහය"

    මේ group එකට join වෙන්න මට මේ group එකේ link එකක් දාන්න පුලුවන්ද අයියා ???

    ReplyDelete
  70. ලිංගිකත්වය කියන්නෙ හරිම නරක දෙයක්, පාර්ටි එකකට ගිහින් විනෝද වෙන එක හරිම නරක දෙයක්, කොල්ලෙක් කෙල්ලෙක් අත් අල්ලන් යන එක + කතා බහ කරන එක හරිම නරක දෙයක් කියලා තවමත් හිතන අය ගොඩක් ඉන්නවා. ඒ වුනාට ඒ අයට ඒ අවසථාව ලැබුනොත් එතැනින් පලායන්නෙ නෑ. ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරන් පසුව ඇවිත් චිකේයියා කියනවා..
    අපේ රටේ සමාජය හැම දේම වගේ සීමා තහංචි දමාගෙන තියාගන්න හදනවා.. ඒ සීමා තහංචි අඩුවුනානම් අපේ රට මීට වඩා සුන්දර වෙන්න තිබුනා. මොකද එතකොට ඒ සීමා තහන්චි ඉක්මවා යන්න ඇතිවන පෙළඹීම අඩු නිසා. ඒ වගේ ම ඒවායින් සිදු වන හානියත් අවම කරන්න තිබුනා ඒ ගැන විවෘතව කතා බහ කරනවා නම්..
    දැන් ගොඩක් මාධ්‍ය ආයතන කරන්නෙ ජනප්‍රිය වෙන්න මොකක් හෝ දෙයක් වැරදි කියලා පෙන්වන්න ලිපි පළ කරන එක. එක දැකලා අන්තර්ජාලය පාවිච්චි නොකරපු අය හිතන්නෙ ඒක හරිම නරක දෙයක් කියලා..
    අපි අතරම ඉන්න සමහරු වුනත් ඒ ලිපි කියවලා ඒවා තමන්ගෙ ජීවිතයට අදාල කරගන්න හදනවා. අනිත් අයට කියනවා අන්තර්ජාලය නරක තැනක් කියලා.. ඇයි මේ ජනමාධ්‍යවේදින් කියන අයට බැරි සමාජයේ/තාක්ෂණයේ හොඳ දකින්න..

    ReplyDelete
  71. මූණුපොත හා අපේ සයිබර් අවකාශය ගැන පමණක් නොව සෑම දෙයක් ගැනම මැදහත්ව හා යථාර්ථවාදීව හිතන්න අපිව පොළඹවන ලිපියක්. ඒ වගේම හැමවිටම ලැබෙන අවස්ථාවන් ජීවිතයට හා අන් අයට වඩාත් ප්‍රයෝජනයක් හා හානියක් නොවන ලෙස අර්ථවත්ව, යහපත් ලෙසින් යොදාගන්නට අපට කරන මඟපෙන්වීමක්. අපූරුයි මල්ලි.

    ReplyDelete
  72. වැදගත් ලිපියක් මිත්‍රයා ඒ වටා ගොඩනැගුන විමසුම තවත් වටී.

    අද ලොව පුරා සයිබර් මාධ්‍යයන් කිරෙහි රාජ්‍යතන්ත්‍රයන් වපරැහින් බලන්නේ. ඔවුන් ඉස්සරහින් මොන බෝඩ් ලෑල්ල එල්ලුවත් ඒ මාධ්‍යයන් තුලින් ඇතිවෙන පුංචි කම්පනයත් ඔවුනට දැනෙන නිසා. ඒ මධ්‍ය උදාසීන කරන්න යොදාගන්න ලේසිම පලිහය තමයි සම්ප්‍රදාය. ඒ සඳහා සම්ප්‍රදායීක ජන මාධ්‍ය සෘජුව හෝ වක්‍රව යොදාගැනීමක් සිදුවෙනවා.

    අරකී සම්ප්‍රදායීක ජනමාධ්‍ය වටා ඉන්නා රසික/පාඨක පිරිස මගින් ඔවුන්ගේ අදහස වපුරන්න ලේසියි. ඒ සම්ප්‍රදායීක ජනමාධ්‍ය කෙරෙහි ඇති බැඳීම (loyality) හා සමාජයේ වයස් මට්ටම් අතර (generation-gap) ඇති මත ගැටුම වාසියට ගන්න ජනමාධ්‍ය තම පැවැත්ම හා ලාභ ලැබීමේ ව්‍යාපාරයත් ඒ සඳහා දායකවෙන මාධ්‍යකරුවාත් යොදාගැනීම වලක්වන්න අමාරු දෙයක්.

    සමස්ත සයිබර් මාධ්‍ය ගැන නොව, ලාංකීය සිංහල සයිබර් මාධ්‍යය තුලින් කෙරෙන කාර්යය ගැන විස්තර කිරීම අවැසි නෑ. ඒත් 1980 මුල ලංකාවේ කොම්පියුටර් ප්‍රචලිත වෙන්න ගත් කාලයත් අදත් අතර ඇත්තේ ලොකු වෙනසක්. ඒ මුල් කාළයේ කොම්පියුටරයෙන් සිංහල අකුරු කරාම එදා බැලුවේ විහිළුවක් වගේ, ඉන් අඟලක් ඉස්සරහට යන්න නොදුන් තත්වය මේ අද වෙනස්. ඒ වෙනස නිසා සිංහල බස භාවිතය හා සුරැකුමට ලොකු පිටුවහලක් වුනා කියන්න පුලුවන්. අද සිංහල සයිබර් මාධ්‍යය හරහා දැණුම වැඩුමට කරන කාර්යයන් ගොඩාක් තියෙන නමුත් බොහෝ විට ඒවා උපයෝගී කරගන්නේ ඒ ඒ අංශවලට (vertical) උනන්දුවක් ඇති අය විතරයි.

    තවද සිංහල සයිබර් මාධ්‍යකරුවන් අතරේ විවිධ ක්ෂේත්‍රවල ට අදාල ඉතා පුලුල් පරාසයක විහිදුන දැණුම් සම්භාරයක් තියෙනවා. මේ හැකියාව වෙනත් කිසිම සම්ප්‍රදායීක ජනමාධ්‍යයක් තුල නැහැ කියලා සැකයක් නැතිව කියන්න පුලුවන්. අන්න ඒ ශක්තිය යොදාගෙන සමාජයේ තිරසට විහිදුන (horizontal) කියවීමේ උනන්දුවට සයිබර් අවකාශය තුලින්; විශේෂයෙන් බ්ලොග් විදියට විවිධ කරුණු අලලා කරන මාසික හෝ වාරික සඟරාවක් එලිදක්වන්න පුලුවන් නම් 1. ගතානුගතික පුවත් පත් වල ඒකාකාරයෙන් හෙම්බත් වූ පාඨකයින්ට සෙතක් වගේම, 2. පුහු සයිබර් පෝබියාව ඉවත කරන දීර්ග කාලීන සැලසුමකට මුල පුරන්න පුලුවන් වේවි. මෙතැන දී පවුලේ සඟරාවක වගේ ඉදිරිපත් කිරීම් වල තත්වය ආරක්ෂා කිරීම අභියෝගයක් වේවි - ඒත් දුෂ්කර නොවන.

    ඒ මගින් සයිබර් මාධ්‍යයේ ඇති යහපත් පැත්ත ගෙනහැර දැක්විය හැකි අතර ඒ මාධ්‍යයම උපයෝගී කරගෙන කරන සමාජ හිතකාමී නොවන දේ වෙන් කර හඳුනා ගනීම බුද්ධිමත් පාඨක පිරිසට බාර වේවි.

    ඒ හැර ඔබ ගෙනහැර දක්වා ඇති ගතානුගතික මාධ්‍ය තුලින් ඇති කරන පෝබියාවට කෙටි පිලිතුරු නැහැ, මගේ පුද්ගලික අදහස.

    ReplyDelete
  73. ඕක පොඩි මාකටිං වැඩක් දුකා අයියෙ. ඔය ලිපියකිසිම අධ්‍යයනයක් කරල ලිපාපු එකෙක් නෙමෙයි. රචකයාගෙ හිතළුවක්. ඒක පාර්ශවික මත පලකිරීමක්, ගවේශණශීලී පිපියක තිබිය යුතු එක අංගයක්වත් මන නම් දැක්කෙ නෑ.

    ReplyDelete
  74. @nawammawatha: ලිපිය ලියුවේ හිතළුවක් ලෙස වෙන්න පුළුවන්. නමුත් අපි මේ මෙතන කරන සංවාදයට වඩා පිළිගැනීමක් ‍සමාජය තුළ ඒ හිතළුවට තිබෙනවා.

    ඉතින් Chanaka Aruna Munasinghe කිවුවා වගේ යම් ලිපියක් මේ වෙත යවන්න පුළුවන් නම් අපිට මෙහෙම පැත්තකුත් තියනවා කියලා පෙන්නන්න පුළුවන්.

    හැබැයි ඉතිං යවන ලිපිය පළ වේවිද කියලා ෂුවර් නෑ. ඒකට ඉතිං ඔන්ලයින් ඉන්න මේ පත්තරේට යම් බලපෑමක් කරන්න පුළුවන් අයගෙ උදව් ඕන වෙයි.

    ReplyDelete
  75. මාත් ඔය පුවත දිවයින පත්තරේ තිබිලා කියෙව්වා... අන්තර්ජාලය ගෑන මෙලෝ දෙයක් දන්නේ නෑති ගොබ්බ ටෝක් එකක් තමා දීලා තිබ්බේ...

    ReplyDelete
  76. සහතික ඇත්ත .......
    අත් දෙකම උස්සනවා .....

    ReplyDelete
  77. 1980 ගනන් වල මම දිවඉන පත්තරේ කියවපු ලිපියක තිබුන පරිඝණක ලෝකය විනාශ කරන්න හදපු මෙවලමක් බව ලෝකය ගැන බොහොම පසුගාමී අදහස් දෙන්න උපන් හපන් කමක් තියන පුවත්පතක්

    ReplyDelete
  78. අත් දෙකයි කකුල් දෙකයි අනිත් උස්සන්න පුලුවන් ඔක්කොමයි උස්සල මාත් දුකා අයියගෙ කතාවට එකඟ වෙනවා..

    මොනවා උනත් හරි පව් නේද ඒ ලියපු කෙනා?? :D

    ReplyDelete
  79. මට හිතුන දේවල්
    1. ෆෙස්බුක් එකෙන් කෙරෙන්නෙත් මිතුරන් හඳුනා ගැනීම. හරි ඔය කියන දිවයින පත්තරේම අදටත් නැද්ද මිතුරු හවුල් වල දැන්වීම්. ඒවායින් අඳුනාගන්න අය අතරේ ඔය කියන දේවල වෙන්නේ නැද්ද?
    ඔනෑම තැනක් හොඳ විදියට හෝ නරක විදියට යොදා ගන්න ඔනෑ කෙනෙකුට පුලුවන්. මොනවා වුනත් එකට එකතු වෙන්නේ එක ජාතියේ කුරුල්ලෝ. තමන් භාවිතා නොකරන ඔනෑම මෙවලමක් හරි නෑ කියන අය ඔනෑ තරම් ඉන්නවා. ඒත් ඒවා තාවකාලිකයි. ඔනෑම තැනක් හොඳ හෝ නරක කියන දෙකට අයිතිද කියල කියන්න පුලුවන් මාධ්‍යවේදීන්ටම තමයි. ඒත් ඒ තුලට ගිහින් එහි වරද සොයා බැලීම වැදගත්. අද ෆේබුක් එකේ ස්වාමීන්වහ්න්සේලා පවා ඉන්නවා. ඒ අයට ඕනනම් සිල් බිඳ ගන්නත් පුළුවන්, ධර්ම ප්‍රචාරයේ යෙදෙන්නත් පුළුවන්. වඩා වැදගත් වෙන්නේ තමන්ගේ හිත තමයි. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් භවතරනය ලිව්වාම ප්‍රසිද්ධ වේදිකාවක කථා කරපු හාමුදුරුනම්ක් කිව්වළු "මම ඕකට(භවතරණයට ) කොයි තරම් අකමැතිද කියනවනම්, මම ඒක බැළුවෙවත් නෑ " කියලා. ඕකට කියන්නේ අන්ධානුකරණය කියල. කවුරුහරි කිව්ව දේ විශ්වාස කලා. අපේ මේ මාධ්‍යවේදියාට වෙන්න ඇත්තෙත් ඕක. මාධ්‍යවේදියා කියන පුද්ගයලා සමාජ මෙහෙවරක් කරන පුද්ගලයෙක්, එයාට පුළුවන් අනිත් අය නොයන තැන්වලටත් ගිහින් ඒ ගැන වාර්තා කරන්න. එහෙම තමයි වෙලා තියෙන්නෙත්, අද පව වෙන්නෙත්.

    2. ඔය කියන බීච් පාටියට අහම්බෙන් යන්න (නොමිලේ) මටත් අවස්ථාවක් ලැබුනා. ඒක දැක්කහම මට ඇති වුනේ කණගාටුවක්. ඒ අය නටන විදිය දැකලා, තරුණ අය හිතන විදිය දැකල, කොටින්ම සමහර ඒවට මට හිනහත් ගියා. ඒත් මම දැක්කේ නෑ කවුරුව්ත් අනාචාරයේ හැසිරෙනවා, බීමත් අය හිටියා, තමන් ගෙනත් බොන අය හිටියා, එතනින් මිලදීගෙන බොන අය හිටියා. තමන් සමග ආ කාන්තාවන් සමග නටන අය, තුරුලු වෙලා හිටිය අය දැක්ක. මෙතන හිටියේ අවුරුදු 17 හා ඊට උඩ අය බවයි මගෙ විශ්වාසය. අපේ ගෙවල් වලින් අපි මේ වයසේ ඉන්නකොට අපි ගිය ගමන් බිමන් පරීක්ෂාවට ලක් කලා. හරි දෙම්වියන්නම් කල යුත්තේ එයයි. ඔබේ දරුවට ෆෙස්බුක්,ස්කයිප් යන්න දෙන්න හැබැයි දොරවල් ලොක් කිරීමට නොදෙන්න. එය සිදු කල යුත්තේ උපක්‍රමශීලීවයි. ඔබේ දරුව්වගේ කාමරයට යාමට හෝ එහි රැඳී සිටීමට ඔබට තහනමක් නැත. ඔවුන්ට ඔබ ඇණයක් වේ යයි ඔවුන්ගේ හැසිරීමෙන් තේරෙනවානම් ඔවුන්ට ඔබෙන් සැඟවීමට දෙයක් තිබෙනවා. එයින් පැහැදිලි වන තව කරුණක් තමයි ඔවුන් ඔබෙන් දුරස් බව.

    මම බ්ලොග් කරන්න ආවෙ මෑතකදි. ඒත් මෙතන තියෙන ලිපි දැක්කහම පේන දෙයක් තමයි සමහරු මාධ්යවේදින්ටත් වඩ හරබර වැදගත් ලිපි ලියන බව. ඉතින් මේ කියන මාධයවේදීන්ට යම් රිදීමක් ඇති මෙහි ඉන්න අපත් සමග.

    අවසාම වශයෙන් මට කියන්න තියෙන්නෙ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මානව විද්‍යාඥය මිනිසා ගැන කියපු වැදගත් කියමනක්

    "ඔනෑම් කෙනෙක් අනික් අය ගැන විවේචන හෝ අනුමාන එල්ල කරන්නේ තමන් ගැන් සිතා බව" ඒ කියන්නේ තමන් එතන හිටිය නම් හැසිරෙන විදිය. දැන් තේරෙනවනේ මේ කියන මාධ්‍යවේදිය ෆේස්බුක් හිටිය නම් වෙන්නේ මොකක්ද කියලා. D

    ReplyDelete
  80. ඔබේ අදහස හරි දුකා ... මූණුපොතේ බබ්බු නැති බව මේ හාදයො දන්නවා. නමුත් තමන් පොරක් වෙන්න, පට්ට කාලීන ශාස්ත්‍රිය දැක්මක් ඇති බව පෙන්වන්න හදන හා‍දයො මේ වගේ ලිපි දානවා

    ReplyDelete
  81. lokko,,,,, magey photo ekak neh use karala thiyenne.. namawath mention karapiya :p (kidding)

    ReplyDelete
  82. සිරාවටම දුකා මම මීට පෙර ඔබගේ බ්ලොගයට ගොදවදුනාදැයි මතකයක් නෑ. මේ ලිපියනම් සිරාවටම ලියල තියෙනවා මමනම් කියන්නේ මේකයි පත්තරේ දාන්න ඕනේ රිලවට දැලිපිහිය අහු උනා වගේ ලියලා වැඩක් නැහැ ලියන්න ඕනේ තේරුමක් ඇතිව තමන් ලියන දේ අන්තය දැනගෙන. එහෙම නැතිව ආවට ගියාට ලියන්නන් වාලේ ලිපි ලිව්වාම වෙන්නේ උදේශ් කාරයට වගේ අම්ම අප්පා මතක් වෙන්න බැනුම් අහන් වෙන එක. ලිපියනම් පංකාදු පහයි මල් හතයි.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  83. poddak anthawaadi widihata me lipiya liyala tiyenne.

    ReplyDelete
  84. සත්තකින්ම දුකා ඔබ හරි

    ReplyDelete
  85. ඒ කතාවනම් සහතික ඇත්ත දුකා අයියේ..
    මිනිස්සුන්ට දැන් නරක කියල දෙයක් වෙන්ටම ඕනෙත් නෑ, බනින්ට.
    පුදුම දෙයක් තමයි..

    http://sithumpoda.blogspot.com/

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails