Tuesday, April 18, 2017

ඉරවැඳුම !

ලංකාවේ නැටුම් කලාව කියන්නේ මුලු ලෝකය ඉස්සරහම ශ්‍රී ලාංකික අපිට ආඩම්බරයෙන්, අභිමානයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රසාංගික කලාවක් බව අවිවාදිතයි.

එක්සත් අරාබි එමීරය වගේ ලෝකයේ හැම ජාතියකම මිනිසුන් ජීවත් වෙන රටක දී ඒ ප්‍රසාංගික කලාව ඉදිරිපත් කරන්න ලැබෙන එක අභියෝගයක්.

ඒ වගේම අපේ අන්‍ය ජාතික හිත මිතුරන් රැගෙන ගිහින් අපේ සංස්කෘතියේ, කලාවේ තරම "ලෝක සිතියමේ පුංචි තිතක් වගේ තියෙන ඒ රටේ කලාවේ අපූර්වත්වය මෙන්න" කියලා පෙන්වන්න ලැබෙන දුර්ලභ අවස්ථාවක්.

දක්ෂ පළපුරුදු ගුරුවරියන් දෙදෙනෙකු මෙහෙයවන ඩුබායි නගරයේ සරසවි රංගායතනය ඒ අභියෝගය ජයගන්න සූදානම් වෙමින් ඉන්නේ.

සරසවි රංගායතනයේ නැටුම් කලාව හදාරන, එක්සත් අරාබි එමීරයේම ජීවත්වන අපේම දූ දරුවන් ගේ නර්තන කල එළි මංගල්‍යක් "ඉරවැඳුම" නමින් පවත්වන්න කටයුතු සියල්ල සූදානම්.

අප්‍රේල් මස (මේ මාසේ) 28 වෙනි සිකුරාදා දින, සවස 6.30හේ සිට, ඩුබායි නගරයේ ජුමෙයිරා හි එමිරේටෙස් ඉන්ටර්නැෂනල් පාසැලේ ශ්‍රවණාගාරයේ දී තමයි මේ "ඉරවැඳුම" ප්‍රසංගය පැවැත්වෙන්නේ.

එමීරයේ අපේම දූදරුවන්ගේ දස්කම් අගය කරන්න, ඔවුන් දිරිමත් කරන්න එමීරයේ ජීවත්වෙන ඔබ සියලු දෙනාට කෙරෙන කාරුණික ආරාධනයයි මේ !

ප්‍රසංගයේ ටිකට් පත් ඩිරාහ්ම්ස් 150, 100, 75 යන මිල ගණන් වන අතර, ප්‍රසංගය අවසානයේ කිසියම් ලාභයක් වෙතොත් ඒ මුදල් ශ්‍රී ලාංකාවේ ජීවත්වෙන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ලබා දෙන බව සංවිධායක මණ්ඩලය දැනුම් දී ඇත.

Thursday, April 13, 2017

කන්ද උඩින් ටිලින් ටිලින් !

එදාත් අද වගේ අප්‍රේල් 13 වෙනිදාවක්.

මම හිටියේ හෝමගම සුපර්මාකට් එක ඉස්සරහා සිල්ලර බඩු කඩේක එලිපත්තේ.

අම්මා කඩේ ඇතුලේ බඩු ගන්න ගමන්.

එලිපත්තට ගහපු වහලේ මුක්කුවක් වෙච්චි යකඩ කනුවට හේත්තුවෙලා මම බුම්මගෙන උන්නේ "මොන මළ වදයක්ද මන්දා" කියලා තරහින්

"බෑ බෑ" කියලා මඟහරින්න හැදුවත් "මට ඔක්කෝම උස්සන් එන්න බෑ බූරුවෝ තෝත් වර" කියලා ආදරෙන්, අවුරුද්දට බඩු ගන්නය කියලා අම්මා මාවත් ඇදන් අවේ මේ කඩේට.

"ක්‍රීක් ක්‍රීක්" ෆෝන් ස්ක්‍රීන් එකේ "ගීත්" කියලා පෙන්නනවා (ඔව් ඔව් ඒ කාලේත් සී.එල්.අයි තිබ්බා)

"හලෝ හලෝ . . මචං ගීත් . . හලෝ හලෝ"

මොකෝ මේ සද්දයක් නැත්තේ

"මචං ගීත් හලෝ හලෝ මොකද xxතෝ සද්දයක් නැත්තේ"

කට් කරලා ආයේ ගන්නවද?

"කන්ද උඩින් ටිලින් ටිලින්"

ඈහ් මොකෝ මුගේ නහයට උනේ

"කන්ද උඩින් ටිලින් ටිලින්
කන්ද උඩින් හඳ පායන ලීලා . .
ලන්ද කොනේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්ඩ තමා ටිලින් ටිලින්
එන්ඩ තමා  බක්මහ ලංවීලා "

මූ නහය මුක්කන් කරගෙන මුලු සිංදුවම කිව්වා කියහන්කෝ.

මම යකඩ කනුව බදාගෙන දෙකට නැමිලා බක බක ගගා හිනාවෙනවා.

කඩේ උනුයි පාරේ යන උනුයි මදිවට පාස් වෙන බස් වල යන උනුත් සීට් වලින් නැගිටලා හිටන් බලනවා (මට පේනවා ඇස් කොනින්) මොකද යකෝ මූට වෙලා තියෙන්නේ, අසනීපයක් වත්ද කියලා.

"මේ හොල්මන කොහේද බන් මෙච්චර කාලයක් හැංගිලා හිටියේ" ඌ ලයින් එක කට් කලා.

ගීත් කියලා මම කියනව ඇහිලද මන්දා අම්ම පැත්ත වත් බලන්නේ නෑ.

විනාඩි 10ක් විතර යනකම් මට හිනාව නවත්තගන්න බෑ

මිනිස්සු තාම තක්බීර් වෙලා බලන් ඉන්නවා!

සිරාවට අවුරුදු කාලේ වෙනකම් අමිතා වැදිසිංහ කොහේද ඕයි හැංගිලා ඉන්නේ !

https://youtu.be/tiV4SSq7VEQ

Friday, April 7, 2017

මල් වාගේ මේ පොඩි ළමයින් !



පුතේ මම දැක්කා ඔයාට යාලුවෝ ගැහුවා. ඔයා එයාලට ආපහු ගැහුවේ නෑ. ඔයාට කවුරුහරි ගැහුවොත් ඔයාත් ගහන්න.

ම්ම්ම්ම් එතකොට එයාලගේ පේරන්ට්ලා අහයි ඇයි ගැහුවේ කියලා

ඔයාට ගහපු නිසා ගැහුවා කියන්න

කවුරුත් මාව විස්වාස කරන එකක් නෑ

ඒකට කමක් නෑ ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව විස්වාස කරනවා.
කොහොමත් ඔයා අනිත් ළමයින්ට වඩා ලොකුයි - ශක්තිමත්. ඒ නිසා කිසි කෙනෙක්ට ඔයාට බුලි කරන්න ඉඩ දෙන්න එපා.

මම ලොකු එකත් නොගහා ඉන්න හේතුවක්, මම ගැහුවොත් එයාලට රිදෙයි.

ඉතින් මොකෝ? ඔයාට ගහද්දී එයාලා එහෙම හිතුවේ නෑනේ.

අප්පච්චී මම කරුණාවන්ත ළමයෙක් ! (I'm kind of kind kid appachchee)

මොකාක් (damn) මේහ් පුතේ මේ ලෝකෙට කරුණාවන්ත මිනිස්සු ඕන නෑ. ඕන කරන්නේ යුක්තිගරුක මිනිස්සු.

(දෙයියනේ මේකා ලොකු වෙද්දී අංගුලිමාලයෙක් උනොත් එහෙම. හ්ම්ම්ම්ම්)

ෆේස් බුක් එකේ දාපු කොමෙන්ටුවක් හරබර සංවාදයක් උනායින් පෝස්ට් එක සහ කොමෙන්ට්ස් පරිස්සම් කරගන්න ඕන නිසා බ්ලොග් එකේත් දැම්මා

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails