Friday, August 28, 2009

මොහොතක් සැඟවෙමු ලොවෙන් මුවා වී . . . අපේ සිහින උයනේ . . . !


මේ තවත් සිත් ගත් යුග ගී කීපයක් . . . .!

කන්ද උඩරට කුළ කාන්තාවන්ගේ ආඩම්බරයත් . . . වෙනත් පෙදෙසකින් දළදා සමිඳුන් වැඳ පුදා ගැන්මට සපැමිනි තරුනයන්ගේ ඇලුම් බැලුම් වලට එය විඳින්නට යටිසිතේ ඇති පෙළඹවීම මැඩගෙන . . . කෝල ලෙස ප්‍රතිචාර දැක්වීමත් ගැන කියවෙන මේ ගීතය . . . ඔබ මෝහනය පත්කරනවාට කිසිදු සැකයක් නෑ . . .
(ගීතය ගායනා කරන්නේ . . ප්‍රියා සූරියසේන මහතාත් . . . නිරංජලා සරෝජිනී මහත්මියත් විසින් . . . )

ගෙල වට බැන්දා වූ මුතු පොටේ . . .

ගෙල වට බැන්දා වූ මුතු පොටේ . . .
දිස්නෙට මුහුනේහි ඔප වැටේ . . .
ඔසරි නෙරියට . . . නලල් තිලකෙට . . .
බැන්ද සිතු පෙම් ආනන්ද වේ . . .

කෝකිල සංදේශ කවි පොතේ . . .
ඔය වැනි උපමාද තව ඇතේ . . . .
රුවැති ළඳකට . . . තනිව මඟ තොට . . .
යන්න නිදහස දැන් නෑ වගේ . . .

කාගේ කවුරුද . . ඉන්නේ කොතැනද . . .
නෑ අපි හඳුනන්නේ . . .
ආගන්තුක අපි . . . ආවම කඳුරට . . .
නැතුවද පිලිගන්නේ . . . .

කෝකිල සංදේශ කවි පොතේ . . .

සෙන්කඩගල පුර පෝදා සඳ මෙනි . . .
මේ මුතු මැනිකේලා . . .
දළදා සමිඳුන් වැඩ සිටිනා බිම . . .
නෑ සුභ නෑ ඕවා . . . .

ගෙල වට බැන්දා වූ මුතු පොටේ . . .


ප්‍රේමයෙන් පරාජිතව හඬන සුපෙම්වත් හදකට . . . පිහිට විය යුතුයි යන . . . අනුකම්පාව තුලින් උපන් ආදරයකින් . . . කරනු ලබන . . ප්‍රේමාරාධනාවක් . . .
(ගීතය ගායනා කරන්නේ . . අබේවර්ධන බාලසූරිය මහතාත් . . . නිරංජලා සරෝජිනී මහත්මියත් විසින් . . . )

බඹරෙකු හැඬුවා . . . .

බඹරෙකු හැඬුවා . . . .
මලක් ලඟදි
බඹරෙකු හැඬුවා . . .
හැඬුවා . . . . . . . .
මලක් ලඟදි බඹරෙකු හැඬුවා . . .

ළන්ද එහා ඇති ඕවිට පාමුල . . .
කේතකි මල මට බහ දුන්නා . . . .
කවුදෝ ඇවිදින් එ මල නෙලූ බව . . .
ඉකිබිඳිමින් බඹරිඳු කීවා. . . .

ඇහේ කඳුලු නොව . . . .
හිතේ කඳුලු දැක . . . .
මලටත් හරියට . . . දුක හිතුනා . . . .
එහෙනම් මා වෙත පියඹා එන්නැයි . . . .
සෙනෙහෙ සිතින් ඒ මල කීවා . . . .

බඹරෙකු හැඬුවා . . . .


සුන්දර වූ ප්‍රේමයේ වෙලී ඇත්තෝ . . . උනුන්ගේ ලෝකයේ . . . තමන් හැර අන් අය මේ ලොව සිටීදැයි . . . නොසිතෙන තරමින් . . . පෙම්සුව විඳින්නට කැමැත්තෝය . . . ඔවුන්ගේ ලොව ඔවුන්ගේ පමනක්මය . . . . ඔබට මට එහි ඉඩ කඩක් නැත්තේමය . . . අසන්න මේ නින්නාද දෙන්නේ . . එවන් අසිරිමත් වූ ප්‍රේමයක . . . ප්‍රතිරාව නොවේද . . .
(ගීත ගායනය ග්‍රේෂන් ආනන්ද මහතා සහ නිරංජලා සරෝජනී මහත්මිය . . )

හිම කඳු යහනේ . . . යහනේ . . .

හිම කඳු යහනේ . . . යහනේ . . .
වළා සඳැල්ලේ . . . .
සදා හරිත තුරු සෙවනැල්ලේ . . .
මොහොතක් සැඟවෙමු ලොවෙන් මුවා වී . . .
අපේ සිහින උයනේ . . .
මොහොතක් සැඟවෙමු ලොවෙන් මුවා වී . . .
අපේ සිහින උයනේ . . .
හිම කඳු යහනේ . . . යහනේ . . .

දෙසිතක බැඳි රැකවල් ගිලිහී යයි . . .
තනිවූ සිත් අද නොතනි වෙලා . . . //
ඒ හසරැල් විල මා සිත පිබිදී . .
ඔබට පිදෙන්නට මලක් වෙලා . . . .

කඳුලක් නැඟි මොහොතක ඔබ නෙතඟින් . . .
ලංවෙමි සිටියද කොතැන ලොවේ . . . //
හිනැහෙමි එසඳෙහි කඳුලු මුදාහැර . . .
ඔබගේ උනුසුම් ළය මඬලේ . . .

හිම කඳු යහනේ . . . යහනේ . . .


ඔබ මාත් සමඟින් හිඳී නම් . . . කානතාරයේ පිපුනු මලක් මෙන් ඔබේ දසුන මහද අලෝකමත් නොකරාවිද . . . . . ?
ලෝකයට බියෙන් සැඟවී පලා ගොස් සිටි මගේ ජීවිත සිරගෙය බිඳ දැමූ ඔබට හැර . . . . මා වෙන කාට නම් සුදුසු වෙත්ද . . . ?
(එම්.එස්. ප්‍රනාන්දු මහතා සමඟ සුජාතා අත්තනායක ?? මහත්මිය )

ඔබගේ රුව මාගේ මයි . . .

ඔබගේ රුව මාගේ මයි . . .
සතුටේ මල් පීදේමයි . . .
පෙරමඟ මුතු පෑදේමයි . . .
හෝ හෝ හෝ
කිරි පැනි සේ පෑහේමයි . . .

ඔබගේ ලොව මාගේමයි . . .
කතරේ මල් පීදේමයි . . .
නොවිඳපු සුව සෑදේමයි
හෝ . .හෝ .. හෝ
රන් රස සේ පෑහේමයි . . .

සංසාරේ . . .
කෙම් බිම් සොයා සොයා
සිතූ පැතූ දේ . . .
තිරසර වුනා . .
සංසාරේ . . .
පෙම් පැනි පොවා පොවා . . .
සිතේ හොවාලා අපි ලං වෙලා . . .
සීතල හිම ලංවේවී . . .
උනුසුම මට ඕනෑ වේ . . .
පෙම් සිලිලාරේ මා මත් වුනා . . . .

පෙම් සීනේ
ලොව දැන ගනී කියා
බියේ සැකේ මා . . .
හද ගොලු වෙලා . . .
සංතෝසේ
උන්නෙමි ඔයා නිසා දිවා රැයේ මා . . .
උමතුව ගියා. . .
සිරගෙය බින්දේ ඔබයි . . .
මා සිත දන්නේ ඔබයි . . .
පෙම් සිලිලාරේ මා මත් වුනා. .. .

ඔබගේ රුව මාගේ මයි . . .


තාරුන්‍යයේ නෙත් සර පහරකින් කිතිකැවුනු මහදේ සොඳුරු ගීතිකාව මා ඔහුට කෙසේ පවසන්නද . . . අනේ මටම අවනත කරගනු නොහුනු මගේ දිව . . . කිම මේ මගේ හදේ දොරගුලු වසා දමන්න සැරසෙන්නේ . . . !
(මිල්ටන් මල්ලවාරච්චි මහතා සමඟින් ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය )

සමනළ රෑනක් සේ . . .

සමනළ රෑනක් සේ . . .
අනන්ත හැඟුම් මැවේ . . .
කෙසේ දෝ කියන්නේ . . .
මගෙ දිව දෙතොල් අතර සැන්ඟේ . . .

පොදි වුනු සිතුවිලි අවදි වෙවී
සිත තෙරපෙයි නතර නොවී . . .
ළා දලුවක් මෙන් මහද සැලෙයි
නෙත් යුග එක රුවක වෙලෙයි . . .
සමනළ රෑනක් සේ . . . .

දේදුනු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ . .
රිදී මල් සිනා පා . . .
සීගිරි ළඳක් පිබිද ලංවේ . . .

සිහිවෙන පන නළ රැඳෙන තුරු . . .
එය දවසකි පෙරුම් පිරූ . ..
ඔබේ වත සඳ වත ලෙසින් සොමි . .
මම දින දින පතන්නෙමී . . .

දේදුනු දහසක් සේ . . ..

කෙසේ දෝ කියන්නේ . . .
මගෙ දිව දෙතොල් අතර සැන්ඟේ . . .
රිදී මල් සිනා පා . . .
සීගිරි ළඳක් පිබිද ලංවේ . . .

Monday, August 24, 2009

හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද . . . . !


නෑසෙන ගී රස වර්ගීකරනයට මම අද ලියන්න සිතුවේ . . . මගේ සිත් ගත් . . . යුග ගී කීපයක් ගැන . . . ඔබ සැමත් මේ ගීත ඉතා ආසාවෙන් රසවිඳින්න ඇති බවට කිසිදු සැකයක් නෑ . . . නමුත් අවාසනාවකට මෙන් . . . මේ ගීත වර්ථමානයේ ගුවන් විදුලියේ . . . හෝ රූපවාහිනියේ . . . විකාශනය වීම බොහෝම අඩුවෙන් සිදු වන්නේ . . . බොහේ විට විකශනය වීමක් සිදු නොවනවා තරම් . . . නව පරපුරේ යෞවන යෞවනියන්ට මේවා සමහර විට අසන්න නොලැබිලාත් ඇති . . . !

ඔබසැමට උසස් රසවින්ඳනයකට මඟ පෙන්වීමට මට හැකි ආකාරයෙන් යම් කිසිවක් කලයුතු යැයි හැඟෙන මගේ මතකයට මේ ගීත කොහේදෝ සිට ගලා ආවා වැනිව මගේ මතකයේ . . . නිදි දැහැන් බිඳ දැම්මා. . . . !


තමා පෙම්කල ඇවැස්ස නෑනාව වෙනත් අයෙකුට විවාහකර දීමේ ශෝකය ගීතයෙන් පිටකර හරින මේ මස්සිනාගේ . . . දුකත් . . . එයට නෑනා දෙන පිළිතුරුත් . . . ඔබේ සිතට ඇති කරන්නේ කිනම් රසයක්දැයි කියා සිතා බලන්න . . .
(ගීතය ගායනා කරන්නේ . . අබේවර්ධන බාලසූරිය මහතාත් . . . ත්‍යාගා එන්. එඩ්වඩ් මහත්මියත් විසින් . . . )


රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ . . . .

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ . . . .
මගේ තනි නොතනියට නුඹවත් නැතුවානේ . . .
හෙට දින නුඹත් දීගෙක ගියපසු නෑනේ. . . .
මාසේ පෝයදා වාගේ ගම්මානේ . . . .

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට . . . .
ඇල කන්ඩියේ ඉඳගෙන අත වැනුවාට . . .
මගේ හිතු මනාපෙට මං බහ දුන්නාට . . .
නාඬන් මස්සිනේ පෙර පින් නැතුවාට . . . .

හැදුවේ ගෙපල මට තනියෙන් හිඳින්නද . . . .
බාලේ ඉඳන් බැඳි ආලේ සිඳින්නද . . . .
රෑ තුන් යමේ මේ හැටි දුක් දෙවන්නද . . .
හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද . . . .

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි . . . .
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි . . .
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි . . . .
කුරහන් කපන දා මා සිහි කරන්නයි . . . . .

රෑ පැල් රකින. . . .


දෙමාපියන්ගේ බහට අවනතව . . . පිට ගමක තරුණයෙකු හා දීය යෑමට නියමිත තරුණියක් . . . තමාගේ ගමේ පෙම්වතාට තමා ගැන බලාපොරොත්තු තබා නොගන්න ලෙස ඉල්ලීමක් කරන . . . .
(මේ ගීතය ගයන්නේ එඩ්වඩ් ජයකොඩි මහතාත් . . . නන්දා පතිරන මත්මියත් . . .
)

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා . . .

බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා . . .
ගලින් ගලට පා තබමින් දුවන්නට එපා . . .
ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී . . .

ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා . . .
දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා . . .
දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී . . .

නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් ඉපෙනවා . . .
වෙල් බැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා . . .
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා . . .
හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා . . .

ආල හැඟුම් මං හින්දා.....

ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා . . .
මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා . . .
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා . . .
සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා . . .

බිංදු බිංදු මල් වැස්සේ.....

ආල හැඟුම් මං හින්දා.....


විවාපත් වූයේ අද . . ඊයේය . . . සැමියා . . . පැල් රකින්න පැලට ගොසින්ය . . . ඔහුගේ සීපද රාවය මගේ පාළුව . . තනිකම . . මකන අත්බේතක් නොව . . . ඒය තීවුර කරන ඉන්දජාලික දෝංකාරයක්මයැ . . . ඉතිං මේ මහා රාත්‍රියේ . . . තිත්ත කලුවර කපාගෙන . . . කටු අකුල් ගහන කලෑ මන්ඩියෙන් මා ඔහුවෙත යාම වලක්වන්නට හැකි සමතෙක් වෙත්ද . . .?
(දයාරත්න රරණතුංග මහතා සමගින් අමරා රණතුංග මහත්මියා


මහ රෑ යාමේ . . මේ ඇල් හේනේ . . .

කන්ද උඩින් එන කිකිනිය ගෝමරියේ . . . . නලල් පටින් . . .

මහ රෑ යාමේ . . මේ ඇල් හේනේ . . .
තනියෙම සීපද කියනු අසා. . . //
වෙහෙස දරාගෙන . . පාර අසාගෙන . . . //
ආවෙමි අඳුරෙම ඔබව සොයා . . . //

සීපද රාවේ සවනත වැටිලා ඉන් මත් වීලද ඔබ ආවේ . . .
ඉන් මත් වීලද ඔබ ආවේ . . .
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට . . . //
හොඳ නෑ ඇයි එය නොසිතූවේ . . . //

ඔබෙ සීපද මට හරි මිහිරියි . . .
මෝරන සෙනෙහස යයි ඉතිරී . . . //
කියන්න සීපද රස කරලා . . .
අහන්න ඒවා සැනසෙලා . . . //
ඔබ කියනවනම් . . අසා සිටින්නම් . ..
ඔබේ දෙපා මුල සැතපීලා . . . //

අඳුරයි සුලඟයි අපව වටා . . .
තනි රකිනවා ආදරය සොයා . . . //
දිවි ගංගාවේ . . ඔරුවයි හබලයි . . . .
වාගේ නැළවෙමු සුවය පතා . . . . ////


සංසාරයෙන් සංසාරයට . . . එකට හිඳින්නට පෙරුම් පුරන . . . ප්‍රේමයක අසිරිය විඳින්න . . . ඔබට . . මට පමනක් නොව . . . සමනළුන්ට . . කුරුල්ලට . . පවා කෙරෙන ආරාධනයක් . . .
(සනත් නන්දසිරි මහතා සමඟ . . . ලතා වල්පොල මහත්මිය )


දේදුන්නෙන් එන සමනළුනේ . . .

දේදුන්නෙන් එන සමනළුනේ . . .
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ . . .
රෑන් රෑන් ඇවිදිල්ලා . . .
අපේ ලඟින් ඉඳහල්ලා . . .
දේදුන්නෙන් එන සමනළුනේ . . .

දවසක් දා බෝ මළුවේ . . .
තනිවූ දාකදි අපි දෙන්නා
පහනක් දලවා එකම සිතින් . .
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ . . .
භවෙන් භවය මතු සංසාරේ . . .
භවෙන් භවය පෙර ආවාසේ . .
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ . . .

ආදරයේ සුවඳ ලෙනේ . . .
තනිවී උන්නා අපි දෙන්නා . . .
කාන්සියක් හෙම නෑ දැනුනේ . . .
පෙති දිලුනා වන මල් තොරනේ . . .
අප පය පාමුල සතුටු ගඟේ . . .
තාමත් ආදර රැලිති නැඟේ . . .
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහින්සක කතන්දරේ . . .

දේදුන්නෙන් එන සමනළුනේ . . .


දිගු සංසාරගත ප්‍රාර්තනාවක් අඩංගු මේ ගීතයත් ඉතාම සුන්දරයි . . .
(ගායනය විජය කුමරතුංග මහතා සහ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය . .


සැරයටියෙන් අපි යනෙන තුරා . . .

සැරයටියෙන් අපි යනෙන තුරා . . .
සංසාරේ අපි එකට ඉමූ . . .
සැරයටියෙන් අපි සමුගන්නාදා . . .
ඒ ගමනත් අපි එකට යමු . . . .

ජීවන මං පෙත මලින් සැදී ගීය
යුගයක නොව ඔබ හමු වූයේ . . .
කටු කොහොලින් පිරි කලල් වියේ මා
තනිව මියෙද්දිය හමුවූයේ . . .
මින් මතු මංපෙත මලින් සදන්නෙමි . .
ළතැවුල් සෝ ගී නෑසෙන සේ . . .
පමනක් නොව මේ සංසාරේ . . .
උපදින වුව මතු සංසාරේ . . . .

මතු සංසාරේ මා හුරුබුහුටිව . .
පෙම් කරන කල එලඹෙනදා. .
කුලුඳුල් නැකතින් හමුවන පැතුමක් . .
පතනෙමි සසරින් නික්මෙනදා . . .
සංසිඳුවා සිතු පහන් කරන්නම් . .
මේ පෙම කුලුඳුල් පෙම යයි සිතා . . .
එන්නෙමි පසුපස සංසාරේ . . .
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා . ..

Tuesday, August 18, 2009

මනෝකාය . . මරනය . . හා . . . සසර ප්‍රගමනය . . . .!



පසුගිය දවස් කිහිපයේ . . . බ්ලොග් අවකාශයේ . . සගයින් කිහිප දෙනෙකුම . . . විවිධ ප්‍රශ්න හේතුවෙන් . . .(රැකියාවේ ප්‍රශ්න. . . පුද්ගලික ජීවිතේ ප්‍රශ්න . . ප්‍රේමය බිඳ වැටීම් . . . 2012දී ලෝක විනාශය සිදුවේ කියලා ඇතිවූ බය ). . ආදී විවිධ හේතූන් නිසා ජීවිතය ගැන කලකිරී ඇති බවට . . . එසේත් නොමැති නම් . . . සියලුම දේ එපා වී ඇති බවට . . . තම තමන්ගේ බ්ලොග් වලිනුත් . . . මූනු පොතේ . . . තමන්ගේ බිත්තියේ යම් යම් දේ සටහන් කිරීමෙනුත් . . . . ඉඟි . . පලකරලා තිබුනා . . . !

ජීවිතයේ විවිධ අත්දැකීම් ලබපු මම හිතුවා මගේ අත්දැකීම් ඔබ සමඟ බෙදා හදා ගැනීමෙන් . . . මේ සහෝදර සහෝදරියන්ට . . . තමන්ගේ දුක් කරදර . . . අසහනය . . . අතීරනය . . . පසුතැවිලිවීම . . . ගැන වෙනත් කෝනයකින් බලන්න ලැබීමෙන් . . . තමන්ගේ ප්‍රශ්න දිහා දෙවෙනි සැරේට යලි හැරිලා බලන්න (second look). . . නැතිනම් තුන්වෙනි පාර්ශවකරුවෙක් ලෙසින් (third party view). . . බලන්න ඉඩ සැලැස්වීමෙන් . . . ඔවුන්ගේ දුකෙන් එතෙර වීමට . . . මට කුඩා අත්වැලක් හෝ . . .සපයන්න හැකි වේවි නේද කියා . . . !

මම මගේ ජීවිතේ මුහුන දීපු විශාලම අකරතැබ්බය ගැන බ්ලොග් සටහනක් ලිව්වෙත් වැඩියෙන්ම . . . ඒ හේතුවෙනුත් . . . තවදුරටත් . . මම කලින් ලියූ ඕලුගෙයි මගේ පෙම් පුවතේ . . . ඉතිරි කොටසට . . . ඒ සිදුවේමේ සම්බන්ධයක් තියෙන නිසාත් තමයි . . . .

කෙසේවෙතත් මම හිතුවා . . . මම බලල තියෙන පොතක් ගැනත් . . .ඔබට පොඩි ඉඟියක් දෙන්න ඕන කියලා . . . විශේෂයෙන් ආගමටත් ටිකක් බරවෙලා තමගේ ප්‍රශ්න දිහා බලන්න හුරු කරන්න කියන අදහසින් . . . . සමහර විට මේ ක්‍රමේ වැඩිපුර සාර්තක වෙයි කියලා මට හැඟීමක් තියෙනවා. . .

එහෙම කිව්වට මේ මම කියන්න යන පොත . . . බෞද්ධ දර්ශනය ගැන ලියවුනු එකක් එහෙම නොවේ . . . .

එදිනෙදා ජීවිතයේදී අපිට මුහුන දෙන්න සිදුවන සාම්ප්‍රදායික සිදුවීම් රැසක් ඇසුරින් කරන ලද පර්යේශනාත්මක ග්‍රන්ථයක් කියල තමයි මම මේක හඳුන්වන්න කැමති . . . .

අපි නිතර අහල තියෙන “භූතයෝ . . . සාස්තර කීම . . . පේන බැලීම . . .” වගේ . . අද්භූත දේවල් ඇසුරු කරගෙන . . .වෛද්‍ය වරයෙක් විසින් රචනා කරපු . . . ගිහිගෙය තුල හිඳිමින්ම . . . ජීවිතය අවබෝද කර ගැනීමෙන් . . . සතුටින් ජීවත් වෙන්න . . . කමටහනක් ලබ දෙන පොතක් . . .කියලා තමයි . . මේ පොත ගැන මගේ හැඟීම නම් . . .

ආලවට්ටම් ඕන නැහැ. . . පොතේ නම. . .

මනෝකාය . . මරනය . . හා . . . සසර ප්‍රගමනය . . . .
රචකයා . . වෛද්‍ය සනත්දේව මුරුතැන්ගේ . . .


බෞද්ධ . . අබෞද්ධ . . . වර්ගීකරනයක් නැතුව . . හැම දෙනාටම . . .ජීවිතයට යම්කිසි හොඳ පාඩම් රාශියක් ඉගෙන ගත හැකි පොතක් මේක . . . . බලන්න විතරක් නෙමෙයි . . සල්ලි දීල අරගත්තත් පාඩු වෙන්නෙ නෑ . . .

පොතක් ගැන දානකොට පොතේ පින්තූරයක් දාන්න කියල බීන්කු කියපු නිසා මම බොහෝ උත්සාහ කලත්, එය සොයා ගැනීම අපහසු වූවා . . . සමාවෙන්න ඒ ගැන . . . .

Sunday, August 16, 2009

කොයිදේ වෙන්නෙත් හොඳටයි !


උපතේ පටන් වයස 13 පමන වෙනකම් කාලයට ජීවිතයේ මල් සමය කියා අප පවසනවා. වයස 13 සිට 19 දක්වා (Teen Age - ටීන් ඒජ්) ජීවිතයේ සමනල් සමය කියා හඳුන්වනවා. වයස 20 දී අප තාරුණ්‍ය හෙවත් ජීවිතයේ වසත් කාලයට පිය නඟනවා කියා මා පැවසුවොත්, නෑ එය එසේ නොවේ කියා අභියෝග කල හැකි කිසිවෙක් සිටිනවාදැයි සැකයි!

වසත් කාලය සතුටින් ගත කරන්න අත්‍යාවශ්යයි කියා ඔබ සිතා සිටි නැතහොත් මෙතුවක් ඔබේ ජීවිත කාලයටම ඔබට වැඩි වටිනාකමක් ලැබුනේ යම් කිසි ඔබ සතු සුවිශේෂී දෙයකට කියා ඔබ අනුමාන කරගෙන සිටි යමක් ඔබේ වසත් සමයේ ආරම්භයේදීම ඔබෙන් ගිලිහී ගියොත් ඔබට ඔබේ ජීවිතය ගැන කුමක් සිතෙයි කියා ඔබ සිතනාවද?

ඔබ තවදුරටත් සමාජශීලී පුද්ගලයෙකු ලෙස කෙසේ සමාජයේ හැසිරෙයිද?

එවන් අයෙක් දිවි තොර කර ගැනීමට තරම් ශක්තියක් ඇති කර නොගනී කියා ඔබ සිතනාවද ?

සමාජයෙන් වසන් වූ පුද්ගලයෙකු ලෙස කාලය ගතකිරීමට ඔහු හෝ ඇය මානසිකත්වයක් ගොඩනගා නොගනීවී යැයි ඔබට දිය හැකි සහතිකය කුමක්ද ?

නැතිවූ වටිනාකම් ගැන පසුතැවිලි නොවී . . .

"ගිය දේ ගියාවේ - හෙට අලුත් දවසක් - නැතිවූ වටිනාකම වෙනුවට - තවත් වටිනාකමක් ඇති කර ගැනීමට තවත් ඇයි පමා වෙන්නේ ? "

කියා සිතා, නැවතත් අලුතින් ජීවිතය පටන් ගැනීමට තරම් ධෛර්යක් ඇති අය මෙලොව සිටිද්ද?

ඇත්තෙන්ම ඔව්. එවැනි අය සිටී! මේ ලොව අයිති එවැනි ධනාත්මක චින්තයක් ඇති මිනිසුන්ටයි !

අසන්න, මේ මගේ කතාවයි. මගේ දිවියේ වටිනාම දේ මේ යැයි සිතා සිටිද්දී වයස 21දී හෙවත් තාරුණ්‍යයට පියනැඟූ මුල්කාලයේදීම ඒ වටිනාම දේ ගිලිහී ගිය පසුත් දිරියෙන් දිවියට මුහුන දී දිවිය ජයගත් තවත් එක් මානවකයෙක් වූ මගේ කතාවයි මේ !

මේ කතාවෙන් පසු කවුද මේ දුකා කියලා ලියන්නේ කියන කුතුහලය ඇති මගේ මිතුරන් බොහේ දෙනෙකුට ඔවුන්ගේ කුතුහලය සංසිදුවාගත හැකිවනවා එසේ වුවත් මේ කතාව නොකියා බැරි බව "මෙය මා ඇත්තෙන්ම ලිවිය යුතුමදැයි ?" මගේ සිතෙන් ඇසූ ප්‍රශ්නයට පිලිතුරු දුන් මගේ සිත කියා සිටියා . . .

මගේ මේ කතාවත් ඔබට බොහෝ ප්‍රයෝජනවත් විය හැකියි, මට විශ්වාසයි . . . !

මගේ ජාතික හැඳුම්පතේ පින්තූරත්යොවුන් කාලයේ ගත්තු සමහර පින්තූරත් දිහා මැදිහත් සිතකින් බලද්දි මට හැඟෙන දේ තමයි මම ඒ කාලයේ හරිම අවලස්සන කොල්ලෙක් කියන එක. නමුත් මගේ පාසල් සමයේ සමහර මිතුරන්ගෙත්, නෑදෑයන් සමහර දෙනාගෙත් හැඟීම නම් එය එසේ නොවන බවයි !

මගේ මිතුරන්ගේ අම්මලා ඔවුන්ට අවවාද දෙන්නේ
"බලන්න මේ ළමයා කොච්චර හොඳද, ඔයාලට බෑනේ මෙයා වගේ හදෙන්න" කියලා

පසුව වෙලාවල් වලදී මිතුරෝ මට කියනවා . . .
"උඹේ ඉතින් ඩයල් ශේප් නේ මචං මොන චාටර් වැඩේ කලත් මූන දැක්කම හිතෙන්නේ අනේ මූ නම් කීයට වත් මේ වැඩේ කලා කියන්න බෑ කියලා තමයි"

"අපිනේ ඉතිං උඹේ තරම දන්නේ, අම්මලට ඒවා කියන්න පුලුවන්ද " තව එකෙක් හොට දානවා

"ඔව් ඔව් උඹ වගේ හැදුනොත් ඉතිං අබසරනයි තමයි " තව එකෙක් සාපරාදී කතා කියනවා

මමත් හිතුවා මම අවලස්සනයි කියා මා සිතාගෙන සිටියාට එහෙමටම අවලස්සන නැතුව ඇති කියලා . යෞවනයේ ඇරඹුමේ ඉඳලාම මට ප්‍රේමයට ඇරයුම් එහෙම තිබුනේ කොහේ ගියත් අන් අයට වඩා විශේෂ සැලකිලි මට ලැබෙන්නේ මම ආකර්ශනයක් ඇති කෙනෙක් නිසා වෙන්න ඕන කියලා හිතලා මම මගේ ආකර්ශනීය පෙනීම මගේ විශාලම වටිනාකම කියලා (බොරු මාන්නෙන්)රැවටිලා ඉගෙනීම ගැනවත් වැඩි උනන්දුවක් නොදක්වා විශාල මායාවක හිටියේ!

1994 නොවැම්බර් 1 වෙනිදා අපේ ගෙදරට ඉස්සරහා ගෙදර ඇතිවූ ගින්නක් නිවන්න උදව් කරන්න ගොස් ඇඳ සිටි කොට කලිසමෙන් වැසුනු ප්‍රදේශය හැර මගේ ආකර්ශනීයයි කියා මා සිතා සිටි මුහුනත් ඇතුලුව මුලු ඇඟම පිලිස්සුනා.

මුලින්ම මාව බලන්න රෝහලට ආපු අක්කගේ මහත්තයා මව අඳුන ගත්තේ මා ඔහුට කතා කල නිසා . . .

"මල්ලී කියූ ඔහු ආපහු හැරී ගොස් බොහේ වේලාවකට පසුවයි නැවත පැමිනියේ (ඔහුට හිත හදා ගැනීමට ගතවූ කාලය පැයක් පමන මට මතක හැටියට)

දකුනු කොළඹ ජාතික රෝහලෙන් රාජගිරිය ආයුර්වේද රෝහලට ගෙනියද්දි රෝද පුටුවේ හිටි මා ලඟින් දන ගසාගෙන ජෙලි කෝප්පක් මට කැවීමට අපමන උත්සාහයක් ගත් මගේ මිතුරු ශාම්ගේ දෙනෙතින් ගලා ගිය කඳුලු මට මගේ තත්වය කොපමන භයංකාර වියහැකිදැයි පසක් කලා !

මාව බලන්න රෝහලට පැමිනි මගේ ඤාති සොහොයුරෙකුත් මගේ ගමේ (නිවාඩුවට ගතකරන්න යන) මා සමග කෙලි සෙල්ලම් කල මිතුරෙකුත් මා දුටු මොහොතේම සිහිමුර්ජාවී වැටුනා !

කෙසේ වුවත් මා සිටියේ "වුන දේ වුනා දැං මොනාද ඊලඟට කරන්න ඕන " කියන මානසිකත්වයෙන්

මගේ පොඩි මාමගේ බිරිඳ හෙවත් වල් කටක් තිබුනු ශීලා නැන්දා රෝහලේදී මගේ කනට කර
"XXX මුකුත් හානියක් නෑ නේද කොල්ලෝ " කියා ඇසූ වේලේ

"නෑ නෑ ඌට කිසිම හානියක් නෑ " කියා අපහසුවෙන් වුවත් කොක් හඬලා සිනාසෙනු දුටු අනෙක් රෝගීන් මා දෙස බලා සිටියේ

"මූට අඬන්න ඕන දෙයක්ද, හිනාවෙන්න ඕන දෙයක්ද මේ වෙලා තියෙන්නේ" කියා . . . අසනුවැනි මුනුනු වලින් . . .

විශ්වාස කරන්න රෝහල් ගතවෙලා හිටි මාස 3ක පමන කාලයෙන් මා හැඬුවේ එකම එක මොහොතක් පමනයි . . . !

මගේ ආදරණීය අක්කා මා දුටු විගසම "අනේ මල්ලී " කියාගෙන මගේ ලඟට දිව ආ මොහොතේ පමනයි මට හැඬුනේ

මා හඬමින් අන් අයගෙන් කල ඉල්ලීම "අනේ මෙයාට අඬන්නේ නැතුව ඉන්න කියන්නකෝ මෙයා ඇවිත් මේ හොඳට ඉන්න මාව අඬවනවා" කියන එකයි

රෝහලේ සියලුම දෙනාට මා තවත් රෝගියෙක් පමනයි , අනතුරට සතියකට පමන කලින් ගත් පින්තූර වගයක් මගේ කැමරාවේ තිබී ශාම් ඒවා මුද්‍රනය කරගෙන ඇවිත් සියලුම දෙනාට පෙන්වූ පසු

"අනේ මේ වගේ කෙනෙක්ද මේ ලෙඩා අපි හිතුවේ වයසක කෙනෙක් කියලයි " (මිතුරන්ගේ අත්වාරුවෙන් හා සැරයටියක වාරුවෙන් මා ගමන් කරනු දුටු ඔවුන් අනුමාන කර ඇත්තේ එලෙසයි) කියා එතැන් සිට මා කෙරෙහි විශේෂ අනුකම්පාවකින් සැලකීම මට මහත් මානසික හිරිහැරයක් වූවා

තනිවම නැගිට එහා මෙහා යන්න තරමට සුවවූ පසු දවසක කෙලවරේ ඇඳේ නේවාසික රෝගියාගේ ලාච්චුවේ ඇති කන්නාඩිය රාත්‍රී දෙකට පමන රැගෙන විත් මගේ ස්වරූපය මම නිරීක්ශනය කලා.

විශ්වාස කරන්න පිලිස්සුනු සම් කෑලි ගැලවී යමින් තිබූ මගේ මුහුනෙත් Horror චිත්‍රපටියක එවැනි මුහුනකත් වැඩි වෙනසක් නැතැයි මට සිතුනා !

රෝහලේ සිට පැමිනි මුල් කාලයේ බස් වල ගමන් බිමන් යද්දි මගේ අසල සිටි අය මගේ ලඟින් පිලිකුලෙන් ඉවත් වෙද්දී මා ගැනම මට දැනුනේ මහාම මහා එපා කරපු හැඟීමක්. ඒ වේදනාව කොපමනදැයි එවැනි සිදුවීමකට මුහුනදුන් අයෙක් හැර අන් කිසිවෙක් වටහා නොගනු ඇති කියා මට සිතෙනවා.

මෙය බලන ඔබ සැම මට අනුකම්පා කලයුතු නෑ . . !!

දැනට මිය පරලොව ගොස් ඇති රාජගිරිය ආයුර්වේද රෝහලේ සේවය කල "රාජරත්න " වෙද මහතාට නිවන් සුව අත්වෙන්න ඔහුගේ තෙල්, කසාය, කල්ක, පත්තු වලට පින්සිදු වෙන්න මා පෙර තරම් නොවුනත් අනුකම්පාවට ලක්නොවිය යුතු තරම් දුරකට යථාතත්වයට පත්වුනු අයෙක් !

රෝහලේ සිට ගෙදර පැමිනි මා මගේ ජීවිතය ගැන කල්පනා කලා ජීවිතයෙන් පලා යාම මෙයට පිලිතුර නොවේ යැයි මා මටම කියා ගත්තා !

මෙතුවක් කලක් මට වටිනාකමක් තිබුනේ මගේ පෙනුමටනම් තවදුරටත් එම වටිනාකම මා ලඟ නැතිනම් සමාජයේ සාමාන්‍ය අයෙක් ලෙස වැජඹීමට නම් මා වෙනයම් හෝ වටිනාකම්ක් ඇති අයෙක් විය යුතු බව මට පසක් වුනා.

එතැන් සිට මා ඉගෙනීමේ වැඩ කටයුතු ඉතා උනන්දුවෙන් හා ඉතා වෙහෙස මහන්සියෙන් කරගෙන ගියා . . . !

බොහේ දේ සඳහා කාලය හරස් වී ඇති සෙයක් දැනුනා !

විශ්ව විද්‍යාලය මට සිහිනයක් පමනක් ම වූවා . . . !

නමුත් අධෛ‍යමත් වූයේ මා නොවේ.

එතැන් සිට මගේ කාල සටහන බොහේ අවිවේකී එකක් වූවා. එක කාලයක සවස 7ට ගෙදරට පැමිනීමේ මගේ සම්භාවිතාවය දවස් 7න් එකක් පමනක් වූවා !

එසේ වූ මගේ ධෛර්‍ය ඉතා කෙටි කලක් තුල මා රැගෙන ආ දුර ගැන මා ඔසවා තැබූ තැන ගැන නැවත ආපසු හැරී බැලුවෝතින් . . . !

වචන දෙකක් නැත මට ඉත සිතින් සතුටු විය හැකි තැනක්මය ! ඉත සිති සතුටු වියහැකි දුරක්මය !

පසුගිය කාලය දෙස හැරී බලද්දී මගේ ජීවිතයට සිදුවූ බරපතලම අකරතැබ්බය මගේ දිවියට සිදුවූ හොඳම සිදුවීම කියා පැවසිය හැකි මා හැර "කොයි දේ වෙන්නේත් හොඳටයි " කියා පැවසිය හැකි වෙන අයෙක් සිටීද ?


Thursday, August 13, 2009

තනි තරුව. . . . සහ මම . . . !


පාලු . . .හුදකලා රාත්‍රියේ . . .
කොම්පූටරේට මූන ඔබාගෙන . . .
වායුසමීකරනය අඩු කරන්න කම්මැලි කමට . . .
එක අතක් කකුල් දෙක අස්සේ ගහගෙන . . .
සීතලේ වෙව්ල වෙව්ලා. . .
මූනු පොත බල බල හිඳිද්දි . . .
අම්මෝ . . . මාර . . .සීතලයි . . .
යන්න ඕන දුමක් දාන්න . . .
ඔන්න මං එලියේ . . . !
දහවල් ගිනියම් අව්වට කැකෑරී . . .
පදමට රත්වුනු . . . බිත්තියට . . .
පස්සා පැත්ත හේත්තුකර . . .
දුම් පිට කරන්න උඩ බැලුවාමයි දැක්කේ . . . නුඹව . . .
නුඹ . . .
දූලි වලාවෙන් පිරුනු අහස්කුස . . .
හරි මැද්දටම වෙන්න හිටපු . . .
එකම එක . . දීප්තිමත් තරුව . . .නුඹ . . .
ඊට ගොඩාක් ඈතින් . . .
තව පුංචිම පුංචි තරුවක් . . .
නුඹ දිහා . . . නෙත් දල්වා . . .
දුකෙන් වගේ බලා සිටිනවා . . . .
හ්හ්ම්ම්ම්ම්ම් . . . .
තව කොපමන කලක් යාවිද . .
මේ දෙකට එක ලඟට එන්න . . .
මට නිකමට හිතුනා. . .
අනේ . . . .
නුඹයි . . . මායි . . . එකම වගේ . . . .
මට දුක . . . . . හිතුනා . . . . . !

Tuesday, August 11, 2009

කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න . . . . !


හැමදාම දුක් සීන් ලිය ලිය ඉඳල හරියන්නේ නෑ කියල හිතලා අද මම හිතුව ටිකක් හිනා යන එකක් ලියන්න ඕන කියලා. . .

මේක ඇත්තෙන්ම මගේ මිතුරියක් මට කරපු මහා අලකලංචියක් . . . .ජීවිත කාලෙටම මතක හිටින්න දුන්නු හොඳ පාඩමක් . . . . ඇත්තෙන්ම මගේ යොවුන් වියේදි මම මුහුන දුන්නු . . . දෙවෙනි විශාලම අකරතබ්බය මේකයි කියල කියන්න පුලුවන් . . . .

මම කලින් දවසකත් කිව්වනේ . . . මම 10 වසරෙදි නුගේගොඩ උපකාරක පංතියකට ගිය බව . . . එහිදී මමත් මගේ යහලුවන් ටිකත් ඉඳගන්නේ ඉදිරියේ ඉදන් දෙවෙනි හෝ තුන්වෙනි පේලි වල . . . මොකද ළමයි දාහක් විතර ඉන්න ඒ පංතියේ . . . කෙලවරේම අය වැරද්දක් කලාම සර්ලට අනිවාර්යෙන් අහු වෙනවා . . . අපි ඒත් කතා වෙනවා මේ සර්ලට පිටිපස්සටත් ඇස් තියෙනවාද දන්නේ නෑ කියලා . . . විශේෂයෙන් එහි හිමිකාරයා වූ ගනන් උගන්වපු සර්ට . . . .

හරිම තද විනය නීති රීති තිබුනු ඒ පංතියේදිත් . . . අපි සර්ලගේ කන් වලින් රිංගලා . . . පෙම් කලා . . . ! පෙම් හසුන් . . . සමරු පොත් . . .ෆේවරිට් බූක්ස් . . ටීන් බූක්ස් . . . එහාට මෙහාට පාස් කර ගත්තා . . . . (කොහොමද ටිකිරි මොලෙන් කරපු ටිකිරි වැඩ . . .?)

මම ඒ දවස් වල නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ඉගෙන ගත්තු . . . දඟකාර ගැහැනු ළමයෙක් එක්ක පෙමින් වෙලිලයි හිටියේ . . . පංතියේදී කතා කරන්න නිදහස නොතිබූ අපි කලේ . . . විවේක කාලවලදී එකෙනෙකා දිහා බලා ගෙන ඉඟි කරන එක විතරයි . . . . ( ඒ කතාව පස්සේ දවසක කියන්නම්කෝ . . . ) එයා හිටියෙත් අපේ පේලිවලම තමයි . . . ඒ කියන්නේ ගැහැනු ළමයින්ගේ පැත්තේ ඉස්සරහා ඉඳලා තුන්වෙනි පේලියේ . . . .

ඔයාලට මතකද මම කිව්වා . . . වෙන බාලිකා පාසැල් වල ගැහැනු ළමයි 100ක් ගත්තාම ලකුනු දෙන්න බැරි ළමයි 5ක් ඉන්නැත්ති . . . ගැහැනු ළමයි 100ක් ගත්තාම කපල දාන්න ඕන ළමයි 95ක් ඉන්න . . . අපේ බාලිකා විදුහල කියලා අපි හඳුන්වන . . . අපේ බාලිකා විදුහල ගැන . . . . මේ බාලිකා විදුහලේ අපේ වයස් වල හිටපු ලස්සනම ගැහැනු ළමයාත් (අපි එයාව තාරුකා කියලා හඳුන්වමු . . .) අපේ උපකාරක පංතියට ආවා . . . .

අහ් ඊට කලින් කියන්න අමතක උනානේ . . . අපේ ගෙදරට එහා ගෙදර තිබුනු ඇනෙක්සියට . . . . අලුත් පවුලක් පදිංචියට ආවා . . . ඒ පවුලේ කෙල්ලොම හතර දෙනෙක් . . . ! කරුමේ කියන්නේ තුන්දෙනෙක්ම . . . මට වඩා වැඩිමහල් . . . බාලම කෙල්ල මගේ වයසේ . . . .( අපි ඈව . . . දිල්හානි කියා අමතමු . . .) . . එතනත් කරුමේ කියන්නේ . . . ඒ කෙල්ල මට වඩා ගොඩාක් උසයි . . . .! ! ! (අපිට ඉතිං ඔහොමමයි වෙන්නේ . . . පුවක් ගහට නැග්ගත් දෙබලක් . . .හික් හික් හික් ) එහා ගෙදර ගැහැනු ළමයි ඔක්කොම ගියේ . . . අපේ බාලිකා විදුහලට තමයි . . . ඉතිං ඕං . . . !

ඉතිං අර කියපු තාරුකාත් . . . දිල්හානිත් . . . අපේ බාලිකා විදුහලේ . . .අනිත් සක්කර වට්ටම් ටිකත් . . . ඔක්කොම ඉඳ ගත්තේ . . . පන්තියේ . . . මැද හරියේ . . .පේලි තුනක . . . . පංතියට ඇතුල්වෙන්න ඉස්සරහිනුත් . . . පිටිපස්සෙනුත් . . .දොරවල් දෙකක් තිබුනා වුනත් . . . මමයි මගේ ගැන්සියයි ඉතිං හැමදාම ඇතුල්වෙන්නේ . . ඉස්සරහා දොරෙන් තමයි . . . ! අපි ඉතිං ඔය පිටිපස්සේ . . . මැද . . . ඉන්න කෑලි දිහා නිකමටවත් ඇහැක් ඇරලා බලන්නේ නෑ . . . !!

දවසක් . . . තාරුකා මාත් එක්ක අහම්බෙන් හිනා වුනා . . . . (මගේ අක්කයි . . නංගිත් එයාලගේ පාසැලේ නිසා වෙන්න ඇති . . . ) ඇගේ හිනාවේ තිබුනු . . . ආකර්ශනයට . . . ඇගේ මන බඳින රූපයට ඇතිවූ ආසාවට . . . මට පෙම්වතියක් හිටියා වුනත් . . . තාරුකා ගැනත් මගේ හිතට විදුලියක් කෙටුවා වගේ . . . ආදරයක් ඇති වුනා . . . .

මම පිස්සුවෙන් වගේ ඈ ගැන කල්පනා කර කර ඉඳලා . . . බැරිම තැන . . . අල්ලපු ගෙදර දිල්හානිට මේක ගැන කිව්වා . . . . එයා එක පාරටම කිව්වා . . .

"අම්මෝ . . . මට නම් බෑ . . . උඹට උදව් කරන්න " කියලා . . .

මම "ඒ මොකද බං අම්මෝ බෑ කියන්නේ . . . " කියල අහුවාම . . .

"උඹව අපේ ඉස්කෝලේ හොඳටම නෝන්ඩි වෙලා ඉන්නේ . . . උඹ හරිම පැනියා කියලා . . " අහස පොලව නුහුලන . . .මහා සාපරාධී කතාවක් කිව්වා. . . .

"එහෙම වෙන්නෙ කොහොමද බං . . . අවාරයට පොල් වැටෙනවා වගේ උඹලාගේ ඉස්කෝලේ ලස්සන කෙල්ලෝ ඉන්නෙත් එකයි . . . දෙකයි . . . අනික උඹලගේ ඉස්කෝලේ කෙල්ලගෙන් මම යාලුවෙලා හිටියේ ෂෝශි එක්ක විතරයිනේ . . ." කියලා මම කිව්වා . . . .

"ඒ උනාට මට නම් බෑ ඔය කපුකම කරන්න . . . " දිල්හානි . . . අවසන් නිවේදනයක් නිකුත් කරන හඬින් කිව්වා. . .

"අනේ එහෙම කරන්න එපා බං . . . උඹේ ගල හිතක්ද . . .අහ් නෑ හිත ගලක්ද . . ." කියලා මම දුකෙන් වගේ ඇහුවා . . .

"හ්හ්ම්ම්ම්ම් උඹ කියලම හිටිනවනම් . . . ලියුමක් ලියලා මට දීපන්කෝ . . . මම තාරුකාට දෙන්නම් උඹ දුන්න කියලා . . . " දිල්හානි මට පොඩි සහනයක් දෙන්න කැමති වගට ඉඟියක් දුන්නා . . . .

මාත් ඉතිං සතුටින් ඔකඳ වෙලා ගිහින් . . . මල්සරා මල් දුන්නෙන් විදිනවා වගේ . . . පෙම් පැනි බේරෙන . . . . ලිපියක් ලිව්වා . . . තාරුකාට . . . . !

මම කියල තියෙනවානේ . . .මම පුංචි එකා සංදියේ ඉඳලා සින්දු අහනවා කියලා . . . . ඔය අහපු සින්දුවකින් කෑල්ලක් වත් . . . ලියුමක ලියන්නේ නැතිනම් . . . සිංදු අහන්න මේ කන් දෙකක් මොකටද ඊට හොඳයි කන් දෙක කපලා දානවා කියලා හිතලා . . . ලිපියේ උඩින්ම ලිව්වා ලස්සන ගීතයක කෑල්ලක් . . .

"ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න . . . .
ගසක තිබෙන තල්කොල මදි ලියාල දෙන්න . . . .
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න . . . .
කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න . . . . "

දිල්හානිගේ අතේ පහුවදාම මේ ලියුම යැවුවා . . . ඊටත් පසුව දා සවස අපිට පංති . . . පාසැලට කිට්ටුවෙන්ම වගේ අපේ ගෙදර තියෙන නිසා වෙනදට පාසැල් ඇරිලා ගෙදරට ගිහින් ඇඳුම් මාරු කරගෙන පංති යන මම එදා පාසැල් නිලඇඳුම පිටින්ම . . . පංති යන්න පිටත් උනා . . . . (මොකද අපේ බාලිකා විදුහලේ බාලිකාවියෝ . . .පාසැල් ඇරුනු ගමන් . . . පංතියට යනබව මම දන්න නිසා. . . )

වෙනදට . . . නුගේගොඩ හංදියට වෙලා . . . . ගැන්සියේ අනිත් කට්ටිය එනකම් . . . .ගෑනු ළමයින්ට . . . රබර් ඇහැ ද දා . . . ඉන්න මම . . . ! එදා උන්ටික එන්නත් කලින්ම . . . තනියෙම පිටත් උනා පංතියට යන්න . . . .

ගේට්ටුව ලඟ ඉඳන්ම . . . මගේ කකුල් දෙක මැඩ්ලින් ගහ ගහ තමයි ගියේ . . . බොරු කියන්න ඕන නෑනේ ඉතිං . . . !

වෙනදාට ඉස්සරහ දොරෙන් යන මම . . . එදා පිටි පස්සේ දොරෙන් ඇතුල්වුනා . . . . මම දුන්නු ලිපියට . . . පිලිතුරකුත් . . . යනගමන් අරගෙන යන්න පුලුවන් වෙයි කියන . . . . විශ්වාසෙන් . . . .

XXXX බාලිකාවියොත් කවුරු හරි එනකම් මග බලන් ඉන්නවා වගේ මට දැනුනා . . . මොකද මම ඇතුල්වෙද්දිම . . දෙතුන් දෙනෙක් . . . පිටිපස්ස හැරිලා බැලුවා . . . මම එයාලගේ පේලි වලට පේලි 3ක්විතර කලින් පේලි ලගට එනකොටම මට ඇහුනා . . . එකියක් කියනවා. . .

"ඔන්න මචං ඌ එනවා. . . . එකායි . . . දෙකායි . . . . තුනායි . . . . " කියලා. . . . . . . . . . . . ! ! !

පේලි තුනකම හිටපු . . . XXX බාලිකාවියෝ . . .. 20ක් විතර . . . ඔක්කොම . . . එකටම . . . .

"ඔබට තිබෙන ආදරේ මම කියාලා දෙන්න . . . .
ගසක තිබෙන තල්කොල මදි ලියාල දෙන්න . . . .
ඔබේ ලස්සන සිනහව මොහොතකට දකින්න . . . .
කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා එන්න . . . . " කියලා තාලයට . . . ගායනා කලා . . . .

හිස් මුදුනින් පටන් ගත්තු හිරිවැටීමක් . . . බෙල්ල . . . පපුව . . . අත . . පය දිගේ . . . කකුලේ නියපොත්ත ලගටම යනවා මට දැනුනා . . . . මම එතන පහුකරලා . . .ඉස්සරහ පේලිවලට ආවේ කොහොමද කියලා මම කොපමන මහන්සිවී හිතුවත් . . . . මට අදටත් හිතා ගන්න බෑ . . . . . !

පොත් ටික මගේ ඩෙස්ක් එක උඩින් තියපු මම එලියට වෙලා ඉන්නැත්තී . . . මගේ ගැනිසියේ පොරවල් ටික ඇවිත් . . .

"මොකේ බං මේ . . . ?? හරියට පන්සල් වත්තෙන් .. හොරෙන් කුරුම්බා කඩලා ලොකු හාමුදුරුවන්ට මාට්ටු වෙලා වගේ අප්සට් මූනක් හයි කරන් ඉන්නේ . . . " කියලා . . මාව ශේප් කරලා පංතියට එක්ක යනකම් . . . . . මම හිටියේ . . . නිකම් . . බ්‍රහ්ම ලෝකෙන් චුතවෙලා ආව එකෙන් වගේ . . . . . !

Sunday, August 9, 2009

කුසුම් . . ආදරණීය . . කුසුම් . . සාගරයක් තරමට මා හැඬවූ . . කුසුම් . . . !



කුසුම්:
"අනේ ලොක්කයියේ . . . නැන්දගේ හිත රිද්දලා නම් මට කිසි දෙයක් කරන්න බෑ . . . . "
"අම්ම කෙනෙකුගෙ හිත රිද්දන පාප කර්මෙට හවුල් වෙන්න කියල මට බල කරන්න එපා ලොකක්යියේ දෙයියන්ගේ නාමෙට . . . "
"එක හතුරුසිංහ කෙනෙක් මගේ ඉගෙනීම කඩාකප්පල් කලා . . . තව හතුරුසිංහ කෙනෙක් ඇවිත් මට ගමේ යහතින් වසන්න තියෙන එකත් නැති කරන්නද හදන්නේ . . . අනේ කරුනාකරල යන්න රෝහණ . . . ගිහින් අම්ම ඉන්න වෙලාවක එන්න . . . "
අම්මෝ අද ලොක්කයියගේ ලස්සන . . . . කඳුලු පිහදාන්න ලේන්සුවක් ගෙනාවද . . . ?

නිමල් හතුරුසිංහ:
"අම්මල මුලින් අකමැති උනත් පස්සේ අපි විවාහ වුනාට පස්සේ ඒ අකමැත්ත නැතිවෙලා යයි කුසුම් . . . "
"හැම ගැහැනියක්ම සීතාවක් කියල හිතපු මට විවාහ වෙන්න සිදුවුනේ . . විවාහයට කලින් කන්‍යාභාවය වත් රැක ගන්න බැරි වුනු ගෑනියෙක් . . ."
"මේ මෝඩි අම්මත් එක්ක ඔක්කෝම කියලනෙ රෝහණ . . . අකමැත්තෙන් හරි බැන්දනම් පස්සේ අම්මව කැමති කර ගන්න තිබුනානේ . . . "
"ඇයි පද්මිනී . . . දෙයියන්ගෙ නාමෙට කියන්න ඇයි මාවම තෝරගත්තේ . . . "
“කඳුළු පිහින්න එක ලේන්සුවක් නෙමෙයි ලේන්සු දහයක් ගේන්න බැරියැයි . . . . අඬන්න නෙමෙයි කුසුම් අපිට හිනාවෙන්න බැරිද . . .?”

කමලාවතී:
"ජේන් අකක්ලගෙ ගෙදරින් හිර ගේන්න නම් ලොකු පුතේ මම කඩයප්පන් හද හද දහදුක් විඳ විඳ උඹව ඩීයාරෝ මහත්තයෙක් කරනකම් උගන්නන්න ඕනද . . . ?"
"මට වැඩක් පලක් කරල දෙන්න හිටි අර කුසුම්ව මට නැති කලා . . . මගේ අතකැඩුව වගේ දැන් . . . "
"උඹ ඕකම කරගන්නවනම් අම්ම නෑ කියල හිතා ගනින් ලොකු පුතේ . . ."

පද්මිනී:
"මම ගෑනියෙක් වුනේ ලොකු ලමයෙක් වෙන්නත් කලින් කුසුම් . . . "
"මට ඕන මේ ලෝකේ ඔක්කොම පිරිමින්ගෙන් පලිගන්න . . . "

රෝහන හතුරුසිංහ:
"හ්හ්හ්ම්ම්ම්ම් සෝමා කොහේ ඇද්ද. . . "
"මගේ එකම පැතුම කොයි ලෝකෙන් හරි සෝමා හොයා ගන්න එක . . . ඒකි මිනිස්සු කීදෙකෙන් එක්ක නිදියල තිබුනත් මට කමක් නෑ ලොක්කයියේ . . . මම ඒකිව බඳිනවා. . . "
"සෝමා ඉස්සෙල්ලාම පාපයට වැටුනේ මගෙන් ලොක්කයියේ . . . ඒකිව අනාථ කලේ මම. . . "

මේ ලෝකේ . . . මාව වැඩියෙන්නම හඬවලා තියෙන කාන්තාව කවුද කියල ඔබ මගෙන් ඇසුවොත් . . . .මට දෙන්න තියෙන පිළිතුර නම් . . ."දෝන කුසුමාවතී" හෙවත් "කුසුම් " කියන එකයි . . . .

කුසුම් කියා කෙනෙක් මේ ලෝකේ කවදාවත් ජීවත් නොවුනා කියා මට බොහොතකට වත් නොසිතුනා තරම් . . . මගේ පුංචි ලෝකයේ කුසුම් එපමනටම ජීවමානයි . . . !

ඈ ගැන සිහිවෙන සිහිවෙන වාරයක් පාසා මම හිතන්නේ . . . අනේ මම කරුනාසේන ජයලත් මහතා විසින් රචිත "ගැහැනු ළමයි" . . ."පිරුනු හදක්" . . ."හතුරු හිතක්" . . . . තුන් ඈඳුතු නවකතාව නොබලා හිටියානම් කොපමන හොඳද කියලයි . . . . !

මට එහෙම හිතුනා වුනත් මම ඔයාලට දෙන උපදෙස නම් . . . එක වරක් හෝ මේ පොත් තුන හදවතින්ම රසවිඳින්න කියන එකයි . . . . මම හිතනවා බොහේ දෙනෙක් . . . . දැනටමත් මේවා බලලා ඇති . . . . නොබලපු යම්කිසි කෙනෙක් හිටියොත් කියල හිතලයි මම මේ සටහන ලිව්වේ . . .

මේ පොත් තුන බලන්න පමනක් නොවේ හැකිනම් . . . මිලදී අරන් ඔබේ පොත් එකතුවේ තබා ගන්න . . . ඔබ අද දවසේ දරුවෙක් වියහැකියි . . . වැඩිහිටියෙකු වූ දවසක ඔබේ දරුවන්ටත් මේ පොත් තුන බලන්න කියා උපදෙස් දෙන්න . . . ආදරේට සංවේදී වෙන්න ඔවුන්ටත් උගන්වන්න . . . අපට හෙට ලෝකයට අවශ්‍ය වන්නේ ආදරේට ආදරෙන් ආදරය කරන සංවේදී මිනිසුන් . . . . !

මම . . . 10 වසරෙ . . . 11 වසරෙ . . . ඉඳල මේ පොත් තුන බලන්න පටන් අරගෙන අද මේ වෙනකොට මම හිතන්නේ . . .මම 20 පාරකට වඩා මේ පොත් තුන බලල තියෙනවා . . . විශේෂයෙන් "පිරුනු හදක්" පොත . . .

ඉහත දෙබස් ඛාන්ඩ පොතෙන් කොපි කරගත්තුවාම නෙමෙයි පොතේ මෙලෙස තිබුනා කියා හෝ මෙලෙස කියන්න තිබුනා කියා මගේ මතකයෙනුත් මගේ අදහස් වලට අනුචිත ලෙසත් ලියූ දෙබස් . . . . (මම මේ මොහොතේ ඉන්නේ . . . මගේ පොත් එකතුවෙන් බොහෝ ඈතක . . . . . මතකයෙන් තමයි මෙපමනක්වත් ලියුවේ . . . )

පිරුනු හදක් පොත ගැඹුරින් බලපු කෙනෙකුට . . . සුමිත්‍රා පීරිස් මහත්මිය නිර්මාණය කරපු ගැහැනු ළමයි චිත්‍රපටියේ . . . නීලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කරන "වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ . . ." ගීතය සවනත වැකෙන මොහොතක . . . කුසුම් ගැන උපන් දුකින් නෙතට කඳුලක් නොනැඟෙනවානම් . . . . ඔහු හෝ ඇය . . . ආදරය . . . විරහ වේදනාව . . . නාඳුනන . . . තද හිත් ඇත්තෙක් / ඇත්තියෙක් විය යුතුමයි . . . . !

වියෝ ගී ගැයෙනා හදේ . . .

වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .

අතීතයේ මායා. . . .
රූ කැඩී බිඳී යාවී . . . . .
අනාථ වූ මා දෑසේ. . .
කතා නිමා වේවී. . .
මගේ කඳුලු හංගා . . .
මා සිනා සිසී ඉන්නේ . . .
ඔබේ ලොවේ හිරු පායා . . .
සදා සිනාසේවා. . .

වියෝ ගී ගැයෙනා හදේ . . . .

අනාගතේ සිහිනේ . . .
නෑ මෙදා සැබෑ වෙන්නේ . . .
මිලාන වූ ආකාසේ . . .
අපේ පැතුම් පාවේ . . . .
මගේ පැලේ තනිවී . . . .
මා සුසුම් හෙලන වේලේ . . .
ඔබේ ලොවේ හිරු පායා . . . .
සදා සිනාසේවා . . . .

වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .

මේ තුන් ඈඳුතු නවකතාව . . වචනයේ පරිසමාප්තයෙන්ම . . . ශෝකාන්තයක් . . . නමුත් අවසාන කොටස වූ හතුරු හිතක් හි . . . අවසානයට පාඨකයාට . . . සැනසුම් සුසුමක් හෙලිය හැකි . . . අඳුරු වලාවක රිදීඉරක් මෙන් වූ . . . සතුටු සේයාවක සියුම් ඉඟියක් ලබා නොදෙනවාම නොවෙයි . . . !

මේ ශෝකාන්තයේ කාට එරෙහිව දොස් පවරනවාද කියා පාඨකයා වල්මත් කරන ගතියක් මට දැනුනා . . . මෙහි පාත්‍රවර්ගයාගෙන් කිසිවෙක් වැරදි කරුවෝ නොවෙයි . . . මනුශ්‍යත්වයට නොව . . . ඇති නැති කම් වලට වටිනාකම් ලබා දෙන . . . කුහක සමාජයට එරෙහිව පමනයි අපට දොස් පැවරිය හැක්කේ . . .

කරුනාසේන ජයලත් මහතා ජීවතුන් අතර සිටි කාලයේ පමනක් නොව . . . අදටත් . . . ආදරය . . . ජීවිතය මෙන් සලකන කුසුම්ලා දහස් ගනන් ජීවත් වෙන බව මගේ හැඟීමයි . . .

මාතෘත්වය වෙනුවෙන් ආදරය පූජා කල හැකි . . . ආදරය වෙනුවෙන් ජීවිතය පූජා කලහැකි . . . සියලුම කුසුම්ලාට මේ සටහන උපහාරයක් වේවා. . . . !

Saturday, August 8, 2009

කෝමල නාරී ගමන ළතාවේ . . . . !


ඔබේ පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනීමේදී . . . වෙළඳ දැන්වීම් ඔබේ ජීවිතයට බලපෑමක් කරනවාද කියා කිසිවෙක් ඔබෙන් ඇසුවොත් ඔබේ පිළිතුර කුමක් විය හැකිද . . . ? මගේ නම් පිළිතුර "ඇත්තෙන්ම . . . ඔව් " කියන එකයි . . . !

මෙහෙම ලියන්න හිතුනේ කාලෙකට පස්සේ අද මට අහම්බෙන් වගේ මම පුංචිකාලේ රසවිඳි වෙළඳ දැන්වීමක් ගැන මගේ මතකයට ආපු නිසායි . . . !

මේ බ්ලොග් අවකාශේ කීයෙන් කීදෙනුකුට මේක රසවිඳින්න ලැබිල තියෙනවද කියලත් සැක සහිතයි . . . !

මම දන්න විදිහට බොහේම කාලෙකට කලින් වේයන්ගොඩ පෙහෙකම්හලත් . . . තුල්හිරියේ පෙහෙකම්හලත් . . . . රජයට අයිතිව තිබූ පේෂකර්මාන්ත ශාලා දෙකක් . . . දැන්නම් මා දන්න තරමින් දෙකම වහල දාලා . . . නමුත් පසුගිය දවසක පුවත්පතක මා දුටුවා ඒවා නැවත රජයට පවරාගෙන . . . යලිත් විවෘත කරන්න අදහසක් තියෙනවා වගේ පුවතක් . . . මේ වෙළඳ දැන්වීම මට යලි සිහිකැඳවන්න ඒ පුවතත් හේතු සාධක වූවා විය හැකියි . . . !

වේයන්ගොඩ පෙහෙකම්හලේ "වේටෙක්ස්" රෙදිත් . . . තුල්හිරියේ පෙහෙකම්හලේ "තුල්ටෙක්ස්" රෙදිත් අපූරු නිමාවෙන් යුතුවූ . . . ලස්සන ලස්සන මෝස්තර වලින් සපිරුනු ඒවා බව මගේ මතකයේ රැඳී තියෙන්නේ මගේ ආදරණීය අක්කා ඒ කාලයේ ඒවායින් මැසූ ගවුම් ඇඳි බවට මගේ සිතේ ඇති මතකය විය හැකියි . . . !

ඇත්තෙන්ම මම ගොඩක් පුංචි එකා සංදියේදි තමයි මේ වෙළඳ දැන්වීම රසවින්ඳේ . . . මට පුංචි සංදියේ ඉඳන් . . . හොඳ ගීත රසවිඳින්න මගේ ආදරණීය අම්මා මට උගන්වා තිබුනු නිසා . . . උසස් පදමාලාවකිනුත් . . . මියුරු තනුවකිනුත් . . . ටී. එම්. ජයරත්න මහතාගේ ළගන්නා ස්වරයත් සම්මිශ්‍රනය වූ මෙය මගේ හිතේ රැඳී තිබුනා වියත් හැකියි . . . !

ඒ හැමදේටම වඩා මේ වෙළඳ දැන්වීමට පෙනී සිටි යෞවනියන්ගේ සොඳුරු රූ සපුවත් . . . ඉරිඟු පැහැති බඳත් . . . ඇත්දළ පැහැති පායුගත් . . . වල තිබූ ආකර්ශනීය බව . . . එකල පුංචි එකෙක් වුවත් . . . මනුශ්‍යත්වයට ආවේනිකවූ රාගනිශ්‍රිත ආශාව විසින් මෙහෙයවනු ලැබූ යම්කිසි මනෝභවයක් හේතුවෙන් මේ ගීතය අඩංගු වෙළඳ දැන්වීම මගේ මතකයේ රැඳුනා විය හැකියි . . . !

එකල කුඩා එකෙක් වූ මා . . . මටම සුවිශේෂී වූ ගී පද රාශියක් මතක ගබඩාවේ තැන්පත් කරගැනීමේ හැකියාවට පින්සිදුවෙන්න . . . මේ ගීතය කටපාඩම් කර ගත්තා වුවත් . . . අද දින වැඩිහිටියෙකුවූ මා මේ ගීතයත් . . . එයට අල්ලා තිබූ රූප පෙළත් . . . මනසින් රසවිඳින්නේ . . . . සියුම් අනුරාගික රසයක්ද සමඟින් . . . . !

යම් හෙයකින් මේ පෙහෙකම්හල් දෙක නැවත විවෘත කොට . . . දෛවයේ හාස්කමකින් මෙන් මේ වෙළඳ දැන්වීම රූපවාහිනියේ තැටි ගබඩාවක පුස් කකා හෝ තිබී නැවත හමුවී . . . විකාශනය කලහොත් . . . ඔබ සැමටත් මේ වෙළඳ දැන්වීම ගැන මගේ අදහස් හා එකඟ වෙනවාද නැද්ද යන්න තීරනය කලහැකියි . . . !

මෙන්න ගීතය . . . .

ළඳුනේ සතුටු සිතින් . . .
පාට පාට මාල බඳින්නේ . . . .
ළඳුනේ සතුටු සිතින් . . .
පාට පාට මාල බඳින්නේ . . . .

කෝමල නාරී ගමන ළතාවේ . . .

මුවගේ . . .
සිනහා සිරි දෙව්දුව බැබලෙනවා . . .
දේදුනු පැහැය ඇගේ . . .
මුදු බඳ වට දැවටෙනවා . . .

ඇගේ මුදු පාදේ ගිගිරි සැලෙන්නේ . . .

ළඳුනේ සතුටු සිතින් . . .
පාට පාට මාල බඳින්නේ . . . .

2009 ලියපු පෝස්ට් එකක් මතක තිබිලා 2015 ජූනි මාසේ 14 වෙනිදා උදේ මගේ ෆේස් බුක් ගිනුමට "අයියේ, මේ අඩ් එක ගැන ඔබ බ්ලොග් පොස්ට්
එකක් ලියල තිබුණා මතකයි, අහම්බෙන් මෙය හමුවුණ නිසා ඔබට එවන්න සිතුවා. ස්තුතියි"
කියා මට මේ වීඩියෝ ලින්ක් එක එවූ තාරකා විජේරත්න සොයුරිය ඔබට බොහෝම ස්තූතියි . . !
https://www.facebook.com/SriLankanoldtvads/videos/vb.434722033302262/792250227549439/?type=2&theater


Friday, August 7, 2009

ඇස් රතුවෙන විහිළු . . . හා . . කොන්ඩුම් . . . !


පසුගිය දවස් ටිකේම ආදරය . . . පාසැල් දිවිය . . . දහම් පාසැල් දිවිය වගේ මාතෘකා ගැන ලියුව නිසා අද හිතුනා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන ලියන්න කියලා . . . මොකද මලී ළමයගෙන් චෝදනාවකුත් තිබුනා දැං වැඩිපුර ආදර කතා තමයි හැමෝම ලියන්නේ කියලා . . .

ඇත්තෙන්ම මේක මම බ්ලොග් ලියන බව දන්න මගේ මිතුරෙක් "උඹ මෙක උබේ බ්ලොග් එකෙ උනත් ලියපන් මචං" කියලම කිව්ව දෙයක් . . . !

කොන්ඩුම් කියන වචනේ දැක්ක ගමන් . . . මේක බලන පොඩි ළමයි බය වෙන්න එපා . . මම වැඩිහිටියන්ට පමණයි කතාවක් කියන්න හදනවා කියලා . . . ඔයාලත් කවදහරි වැඩිහිටියෝ වෙන නිසා මේක බලල තිබ්බට පාඩුවක් වෙන එකක් නෑ . . . !

ලඟදි දවසක් මම සාගර කියන මගේ යාලුවගේ ගෙදර ගියා සති අන්තයේ හවස් වරුවක . . . මාව දැක්ක ගමන් ඌට මාර ජොලියක් ගියා . . .

"නියමයි මචං උඹ ආපු එක . . . . හෙට අපේ වෙඩින් ඇනිවසරි එක . . . උඹ එනව කියල මඟදි කෝල් කරන කොටම අපි කතාවුනා අපි එහෙනම් පොඩි පාටියක් දාමු කියලා . . ." සාගර බිරිඳ දිහා බැලුවේ . . . "ඔන්න එහෙනම් අකමැත්තක් නෑනේ ඩාලිං " කියලා කියනවා වගේ . . . !

මම ඉතිං සුපුරුදු පරිදි . . . "මොනාද මචං පාටියට තියෙන කෑම . . " කියලා මගේ සුපුරුදු බඩජාරිකම ප්‍රදර්ශනය කලා . . .

"තාම හිතුවෙ නෑ . . . උඹම කියපන් මොනාද හොඳ කියලා . . . " සාගර බෝලේ මගේ පැත්තට පාස් කලා . . .

"ම් ම් ම් ම් අපි එහෙනම් ඉඳි ආප්ප හදල . . . මස් හොද්දක් හදල . . . පොල් සම්බෝල හදමු . . . " මම මගේ රෑට කන්න කැමතිම මෙනු එකක් යෝජනා කලා . . . .

"කවුරු හරි පොල්ගාලා දෙනවානම් මම පොල් සම්බෝලේ හදන්නම් " මම පොල් සම්බල් එක්ස්පර්ට් නිසා ඉක්මනට පැනලා දුන්නා. . .

"ඔයා මික්ස් කරල දෙනවානම් මම ඉඳි ආප්ප හදන්නම් . . . " සාගරගේ බිරිඳත් . . . ඈට අමාරු වැඩේ සාගර පිට පටවන්න ට්‍රයි කලා . . .

"හරි මම එහෙනම් ඒ ටික කරල දීලා කලින් බාගෙට හදන්න අරං නතර කරපු මස් රොටී වැඩේ ඉවර කරන්නම්" කියලා සාගර වැඩේට බැස්සා . . .

"පුතා ඔයා මේ දුකා මාමට පොල් ටිකක් ගාලා දෙන්න සුදූ . . . " කියලා සාගරගේ බිරිඳ අවුරුදු 4ක් විතර වයස ඔවුන්ගේ සුරතල් පුතාට බටර් ටිකක් ගෑවා . . .

"අපේ මල්ලිත් ඉන්නවනේ . . එයාට දෙමු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික බදින්න . . . " නිසංසලා එයාගේ මල්ලිටත් වැඩක් පැවරුවා . . .

සාගර ඔය අතරේ කුකුලෙකුත් අවන් එකට දැම්මා බේක් වෙන්න කියලා බයිට් එකට ගන්න හිතාගෙන . . .

ඔන්න ඉතින් ඔය විදිහට කෑම ප්‍රශ්නේ විසඳුවා කියමුකෝ . . . ඊලඟට බීම ප්‍රශ්නේ . . .

"මොනාද මචං බොන්න තියෙන්නේ" . . . මම හිමිහිට සාගරට ලංවෙලා ඇහුවා . . .

"එදා උඹත් එක්කම ගිහින් ගත්තු රෙඩ් ලේබල් එක තාම එහෙම්මම තියෙනවා . . .ඒක කඩමු . . . " සාගර ටිකක් හයියෙන් කිව්වා . . . මේ අපි ටිකක් බොන්නයි හදන්නේ කියල නොකියා බිරිඳට කියනවා වගේ . . .

ඒක ඉතිං මගේ ප්‍රියතම වර්ගයක් නෙමෙයි උනත් මොනා කරන්නද කියලා "හ්හ්හ්ම්ම් " කියල පිලිතුරු දුන්නා . . .

අපි ඉතින් කන බොන ගමන් ගොඩාක් දේවල ගැන කතාකලා . . . ඔවුන්ගේ ප්‍රේමය පටන් ගත් හැටි . . . ගෙවල් වලින් ආ ප්‍රශ්නවලට මුහුන දුන් හැටි . . . හදිස්සියේම විවාහ වූ හැටි . . ආදී වශයෙන් . . .

අහ් කියන්න අමතක උනානේ . . . මගේ මිත්‍රයා සාගර යුධ හමුදවේ ඉහල නිලයක් දරපු කෙනෙක් . . . පවුලේ බලපෑම් නිසා දැන් යුධ හමුදවෙන් ඉවත් වෙලයි ඉන්නේ . . .

හමුදා ජීවිතේ රසමුසු තැන් එහෙමත් ඔහු විස්තර කරමින් ඉන්නකොට එක පාරටම

"මචං උඹේ ඔය බ්ලොග් එකේ උනත් ලියන්න පුලුවන් සීන් එකක් උනා එක පාරක් . . කාට උනත් ප්‍රයොජන වත් වෙයි" කියලා පැරණි රසාංගයක් එලි දක්වන්න ලෑස්ති උනා. . .

"අපේ හොඳම යාලුවෙක් මචං යෝජනාවකින් කසාද බැන්දා . . . " ඔහු පටන් ගත්තෙ එහෙමයි (අපි ඔහුට ඩිලාන් කියමු ) . . .

"ඌ හරිම අහිංසක එකෙක් . . . උගේ හොඳම යාලුවයි ඌයි දෙන්නම සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්ලා. . . " සාගර කතාව කර ගෙන ගියා . . .

"ආමි එකේ මචං නිවාඩු ගන්න ඉතිං ලේසි නෑනේ . . . ඩිලාන් ඉතිං අලුත බැඳපු එකා නිසා මූ කොහොම හරි සතියක් නිවාඩුවක් අනුමත කරගෙන යන්න රෙඩි උනා . . . "

සාගරගේ කතාව අහගෙන අපි තුන්දෙනා බයිට් එක ටික ටික හිස් කරගෙන ගියා . . . (සාගරට කතාව නිසා කන්න වෙලාවක් නෑ . . මායි නිසංසලායි . . එයාගේ මල්ලියි තමයි කෑම ගේම් එක ගොඩදාගෙන ගියේ . . . )

"සතියකට නිවාඩු ගිය එකා මෙන්න පහුවදාම ආවා මූනත් නරක් කරගෙන . . . " සාගර එහෙම කියනකොටම

"ඒ මොකද . .??" අපි තුන්දෙනාම එකම පාරට ඇහුවා . . . .

"උගේ බෑග් එක ඇතුලට කවුදෝ කොන්ඩුම් වගයක් දාලලු . . . වයිෆ් බෑග් එක අස්කරනකොට ඒක දැක ඌ ගැන සැක කරල ඌත් එක්ක රන්ඩු කරලලු . . . රන්ඩු කරල වයිෆ් අම්මලගෙ ගෙදර ගියාලු ඩිලාන්ගෙන් අයින්වෙනවා (ඩිවෝස් වෙනවා)කියලා . . . "

"මල කෙලියයි . . ." අහං හිටපු අපි තුන්දෙනාටම කියවුනා. . .

"පස්සේ අපේ කෑම්ප් එකේ හිටපු ලොක්ක . . . කර්නල් XXX ට හොඳටම තද වෙලා . . . හැමෝටම බැන්නා . . ."

"මේ වැඩේ කරපු නොසංඩලයා කවුද . . . ඌ කවුරු උනත් ඌ මාත් එක්ක දැම්මම එන්න ඕන මේ රෑම ඒ කෙල්ලගේ ගෙදර යන්න . . . ගිහින් ඇත්ත පැහැදිලි කරලා දීලා . . . මේ අහිංසක කොල්ලගේ මගුල ආපහු හරිගස්සල දෙන්න ඕන කියල අඩි පොලොවෙ ගහල මාර සද්දයක් දැම්මා . . . "

සාගර එහෙම කියද්දි . . . උගේ මූනේ හැගීම් අනුව අපි නිරීක්ශනය කලා කර්නල් කොච්චර සැර . . .ඒ වගේම හොඳ කෙනෙක්ද කියලා .. .

"උගේ හොඳම යාලුවා ඉදිරිපත් වෙලා කියනවා. . . අනේ සර් . . .මමයි ඒවා දැම්මේ . . . මම ඒක කලේ විහිලුවට . . . අනික ඩිලාන් ලගදිනේ බැන්දේ . . . ළමයි හදන්න එහෙම දැම්මම හදිස්සි වෙන්න එපා කියන එක නොකියා විහිලුවෙන් කියන්නයි මට ඕන වුනේ . . . නැතුව . . පවුල් අවුල් කරන්න කියල හිතල දැම්ම නෙමෙයි සර් . . . කියලා" කිව්වලු

අපිටත් ඩිලාන්ගේ හොඳම යාලුවා ගැනත් ඩිලාන් ගැනත් දුක හිතුනා ඒක ඇහුවාම . . .

"පස්සේ එදා රෑම කර්නලුයි . . . ඩිලානුයි . . . උගේ හොඳම යාලුවයි ගිහින් . . . ඩිලාන්ගේ වයිෆ්ටයි . . . නැන්දම්මලටයි . . . හැමෝටම කියල කියල . . . ටික කාලයක් ගිහින් දෙන්න ආපහු ශෙප් උනා . . ." කියල කිව්වහම තමයි අපේ හිත් වලට හීන් සතුටක් ගලාගෙන ආවෙ . . .

ඉතිං ඔය කතාව සාගර කියල ඉවර උනාම මට හිතුනේ මේ පහත දේවල් ටික තමයි . . . . . .

1. යාළුවෝ විහිළු කරනවා තමයි . . . ඒ උනාට විහිළුවක් කරන්න කලින් ටිකක් දුර දිග හිතල බලන්න
2. තව කෙනෙක් අපහසුවට පත්වෙන විදිහේ විහිළු නොකර ඉන්න උත්සාහ කරන්න . . .
3. බිරින්ඳෑවරු හරි . . අනාගතයේ බිරින්ඳෑවරු වෙන්න බලාපොරොත්තුවෙන් හරි ඉන්න අය මේක බලනවනම් . . . විහිළුවක් නිසා සිදුවිය හැකි ඔය වගේ සුළු සිදුවීමක් දික්කසාදයකින් කෙලවර කර ගන්න තරමට දුර දිග ඕනද නැද්ද කියන එක ටිකක් හිතලා බලන්න . . .
4. අවසානයට අපේ උතුරු නැගෙනහිර යුද්ධය වගේ දෙයක් හැර පවුලක ඕනෑම දෙයක් අඹු සැමියන් කතාබහ කර ගෙන සාකච්ඡා කරගෙන විසඳ ගන්න පුලුවන් කියන එක විවාහක අයත් . . . අනාගතයේදී විවාහ වීමට ඉන්න අයත් . . . ටිකක් හිතට ගන්න . . . .

Tuesday, August 4, 2009

එක කුඩයක් යට. .ගෑවි නොගෑවී. . දවසක් හැන්දෑවේ . . !


අතීතයේ . .
"මේහ්"
"හ්හ්ම්ම්"
"ඔයාව තෙමෙනවානේ . . හැඟීම් දැනීම් නැද්ද . . අයියෝ . . . ? "
"වහිනකොට තෙමෙනවා තමා ඉතින්"
"නෑ අනේ මම ඇහුවෙ කුඩයකුත් තියාගෙන ඇයි තෙමෙන්නේ කියලා"
"හෆොයි . . මේ. . . ක තෙමල බෑ . . "
"ඇයි ඒ ? "
"අක්ක එයාගේ අලුත්ම කුඩේ මට දුන්නේ, තෙමන්නේ නැතුව අරගෙන වරෙන් කියලා"
"ඉඳා . . . හරි වැඩක්නේ . . . නොතෙමන කුඩ තියෙනවද මේ ලෝකේ? "
"අපේ අක්ක එහෙමයි . . . ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වගේ . . . අපභංශ කොන්දේසි දාලා තමයි දෙන දෙයක් දෙන්නේ . . . "
"ඒ උනාට ඔයාව තෙමෙනවානේ . . . "
"කමක් නෑ . . . අපිව බලාගන්න ඉතිං කවුරුවත් නෑනේ. . . "
"එන්න ඉතිං මගේ කුඩේ යටට . . ."
"ඔහොම ඉතිං බල්ලන්ට ගල් ගහනව වගේ කිව්වට කවුද එන්නේ . . "
"එන්න සුදූ කුඩේ යටට . . . "
"අන්න එහෙම ප්‍රේමනීය ආරාධනා තියෙනවනම් . . . එන්නම්කෝ"
"කෝලං . . "

ලඟදි දිනෙක . . . . .
"හනේ . . . දැක්ක කල් අනේ . . . ඔයා කොහෙද අන්ත්‍රස්දාන වෙලා හිටියේ . . . මම රුශීගෙනුත් ඇහුවා ඇයි ඔයාව පේන්න නැත්තේ කියලා . . "
"අහ් . . . මම අඟහරු ලෝකෙට ගියානේ පොඩි වැකේෂන් එකකට . . "
"මට අඳුරල දෙන්නත් බැරි උනා . . මේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් . . ආකාෂ් . . . "
"හායි . . . හව් ආ යූ මචං. . "
"හායි . . . අයි ඈම් ඩුයින්ග් ගූඩ් මචං . . තෑන්කස් . . . "
"මේ අපිත් එක්ක ඇලෙක්සැන්ඩ්‍රා එකේ ක්ලාසස් ගිය යාලුවෙක් අනේ . . "
"මෙයා ඉස්සරත් ඔහොමයි හරිම පිස්සු . . . මෙයාගේ ගෑනු ලමයත් අයින් උනා මෙයාගෙන් . . මෙයා චුට්ටක් වත් සීරියස් නෑ කියලා . . "
"කවුද ඒ ලමයා . . . මේ මට නමත් මතක නෑ වගේ . . ආ . . ජීනු . . . දැං කොහෙද එයා . . . "
"අහ් එයාව නාසා එකෙන් හඳට යැව්වනේ . . "
"පිස්සු අනේ මෙයාට . . . "
"එක නෙමෙයි . . අපි නෙක්ස්ට් ඩිසෙම්බර් වල වෙඩින් එක ගන්නවා . . . ටාජ් එකේ ගන්නයි ඉන්නේ . . . ඔයාටත් ඉන්වයිට් කරන්න්ම්කෝ . . අපි මෙයාගේ ප්‍රාඩෝ එකේ ඔඩෙල් එකට ආවා අනේ ෂොපිං කරන්න . ."
"ක්‍රෙස්කැට් එකටත් යන්න තියෙනවා අනේ . . අපි යන්නද එහෙනම් . . . ?"
"පස්සේ හම්බුවෙමු මචං . . . නයිස් ටු මීට් යූ . . සී යූ දෙන්"
"සී යූ "

අද . . .
"අනේ ඒයි මට සමාවෙන්න . . . මම ඔයාට ද්‍රෝහි උනා . . "
"හ්හ්හ්ම්ම්ම්ම්ම්"
"මට පස්සේ තමයි ඔයාගේ අගය තෙරුනේ . . "
"හ්හ්හ්ම්ම්ම්ම්ම්"
"ගොඩක් අය මහා බොරු කාරයෝ අයියෝ . . සෝබන කාරයෝ . . වංචා කාරයෝ . . . "
"ඔයා දන්නවනේ . . . වාහන නෑ,  අලුත් අලුත් අයි.ටී ගැජට් බැජට් නෑ,  ටී ශර්ට් -කලිසම් ගන්නේ පේමන්ට් එකෙන් . . . කන්නේ . . බත් . . . බොන්නේ වතුර . . ."
"මම දන්නවා අනේ ඔයා හරිම සරල කෙනෙක් කියලා . . . "
"හැබැයි . . ඔයාට බැඳුනෙ ආදරේ . . තාම මගේ හිතේ එහෙමම තියෙනවා. . . ඔයාට මාත් එක්ක සතුටින් ඉන්න පුලුවන් කියලා හිතෙන ඕන වෙලාවක . . . මගේ හිතේ දොරගුළු ඔයා වෙනුවෙන් ඇරිලා . . ."
"ඔයා හරිම සුන්දර ප්‍රානියෙක් අනේ . . . "



එක කුඩයක් යට

එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .
දවසක් හැන්දෑවේ . . .
මතකද ඔබ . . මා . . පියවර මැන්නා . . .
පිනිමල් වරුසාවේ . . .

කිසිවකු සමඟින් එකට තුරුළු වී . . .
ඉර බැස යන වේලේ . . .
ඔබ යනු දුටුවිට . . . මතකය රිදවයි . . .
අපෙ ඉස්සර කාලේ . . . අපේ ඉස්සර කාලේ . . .

එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .

මඳ අව් රස්නෙට වුව සෙවනක් නැත . . .
ඔබහට අද දවසේ . . .
වැස්සට අව්වට තනිව මුහුන දෙමි . . .
මගේ මහිම එලෙසේ . . . මගේ මහිම එලෙසේ . . .

එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .
දවසක් හැන්දෑවේ . . .
මතකද ඔබ . . මා . . පියවර මැන්නා . . .
පිනිමල් වරුසාවේ . . .

ම්. .ම් . .ම් . . ම් . . ම් . . ම් . . .
හා . . හා . . හා . . හා . .

සින්දුව අහන්න මෙන්න මෙතනින්

ගායනය : වික්ටර් රත්නායක මහතා
පද රචනය : දෙල්තොට චන්ද්‍රපාල මහතා
සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස් මහතා

Monday, August 3, 2009

විවාහය !


සසර පුරා දිගු ගමනක් යන්නට . . .

අත්වැල කනවැල වෙමි මම දවසක . . .

දුක්විඳි පෙර කල සිහිනයක්ම මැයි. . .

සතුටු සිනා ඇත්තේ හෙට පෙර මඟ . . .

ළමා ළපැටියන් දෑතින් අල්ලා . . .

සිනා සිසී අපි යමු ඒ මල් මඟ . . .

බැඳුනේ දෑඟිලි දෙගුරුන් අසිරින් . . .

වැලපෙන්නට නොව මේ ලෙස ළසොවින් . . .

මා . . ද ඔබම වන . . . ඔබද මා. . ම වන . .

අපට අපව අපි . . . අප ලෙස දැකි හැකි . . .

සිනා පිරි හදින් දවසක් අරඹන . . .

දවස කොයි තරම් දුරකද කිව මැන . . . !

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails