Sunday, December 4, 2016

නඩු අහන්නේ පවතින ආන්ඩුවද?



"මට විශ්වාස කරගන්නත් අමාරුයි ඊ නිව්ස් ප්‍රධාන කර්තෘ අත් අඩංගුවට ගන්න තැනට අපේ ආණ්ඩුව කොහොම පත් උනාද කියල“ - නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා

හර්ෂ විතරක් නෙමේ යහපාලන ආන්ඩුවේ මැති ඇමතිවරුන් වන හරීන් ප්‍රනාන්දු රන්ජන් රාමනායක එහෙමත් මේ අදහසම එන විදිහේ ප්‍රකාෂ කරලා තියෙන බව ඊනිව්ස් එකේ දැක්කා.

අපිට පැටලිලාද උන්ට පැටලිලාද?

අධිකරණය කියන්නේ එතකොට ව්‍යවස්ථාව විධායකය වගේ ස්වාධීන ආයතනයක් නෙමේද?

ව්‍යවස්ථාවයි විධායකයයිත් ස්වාධීනයි කියලා අපි හිතන් හිටියට ඒවත් ස්වාධීන නැද්ද?

කැලෑ උසාවියේ නඩු අහනවා වගේ නඩු අහලා අගවිනිසුරුවරිය පහත් විදිහට එලොපු කලින් හිටි ඒකාධිපති ගනයේ නායකයා ස්වාධීන අධිකරණයට අනවශ්‍ය ඇඟිලි ගහනවා කියලා ඒ ආන්ඩුව ගෙදර යවලා මේ පත් කරගෙන තියෙන්නෙත් එතකොට ඒ ජාතියෙම ආන්ඩුවක්ද?

එකිනෙකාගේ බලය අනිසි විදිහට භාවිතා කරන එක වැලැක්වීමේ බලයන් සහිත ස්වාධීන බලකනු තුනෙන් එකක් වැරද්දක් කලාම ඒක වලක්වන්නේ වොයිස්කට් දීලාද?

කොටින්ම උසාවිය කියන බලකනුවෙන් දුන්නු තීරණයක් වැරදි කියලා අනෙක් බල කනු දෙකේ අයට හිතෙනවා නම් විධායකය කියන බලකනුව ජනාධිපති කොමිසමක් කැඳවලා විමර්ෂනය කිරීම හෝ ව්‍යවස්ථාදායකය කියන බලකනුවේ උන් පාර්ලිමේන්තුවේ විවස්දයක් කැඳවලා ඒකේ වැඩි චන්දෙන් සම්මත වෙන විදිහට ඒ වැරදි කරපු බලකනුවේ තීරණය අභියෝග කරන එක නැතුව වොයිස්කට් දීම මොකද්ද එක හන්ගගෙන මොකද්ද දෙකෙන් රමණයේ යෙදෙන්න හදනවා වගේ නෙමේද?

මේ තුන්ගොල්ලෝම එකතු වෙලා ඩීල් දැමීමේ සෙල්ලමක්ද තියෙන්නේ එතකොට?

එහෙමත් නැතිනම් අරුන් තුන්දෙනා තාම කලින් ආන්ඩුව බලයේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවාද?

නැති නම් ඇත්තෙන්ම තිරෙන් එහා පැත්තේ වෙන්නේ මොනාද කියලා දන්න නිසා හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වත්ද?

අරුනුත් කසාය බීබු ගොලුවෝ වගේ කිසි සද්දයක් නැතුව ඉන්නේ උනුත් ඩීල් දාලා මාට්ටු වෙලා නිසා අතින් ඉල්ලන් පුක මස්සගෙන බඩ යන්න බෙහෙත් බොන්නේ ඇයි කියලා හිතනවා වත්ද?

උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි කියලා අපිට හිතෙන්නේ නැතුව තියෙයිද?

උන්ට පිස්සුද ? 

අපිට පිස්සුද?

හිතා ගන්න බෑ ඕයි !!

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails