
හැම සැමියෙකුගේම ප්‍රාර්ථනාව යසෝදරා වන් බිරිඳක්.
බෞද්ධ සාහිත්‍ය ගැන දැනීමක් ඇති ඕනෑම කෙනෙක් මා මේ ඉහතින් දැක්වූ අදහස එක සිතින් පිලිගන්නවා ඇති යන්න මගේ හැඟීමයි.
සිද්ධාර්ථ චරිතය, ගෞතම බුද්ධ චරිතය ගැන ගැඹුරින් අධ්‍යනය කල අය දන්නවා ඇති ගෞතම බුදුන් යසෝදරාගේ ගුණකඳ වර්ණනා කරන්න කිසි විටෙක පසුබට නොවූ වග.
එතුමා හැකි සෑම අවස්ථාවකදීම සඳහන් කර තිබෙනවා එතුමාගේ සත්‍ය සොයා යන ගමනට එසේත් නැතිනම් ලෝවැසින්ට සසර දුකෙන් මිදී නිර්වාණය අත්කරගැනීම වෙනුවෙන් වෙහෙසවුනු කාර්‍ය්යට යසෝදරා උපරිම අනුබලය දුන්වග.
සනත් නන්දසිරි මහතා ගායනා කරන "සිතේ නැඟුනු කළකිරීම කුමරිය ඔබ පමනයි දැන සිටියේ පෙර සිට" ගීතයේත් "එයින් මිදෙන මංපෙත සොයනා සඳ . . ඔබෙන් ලැබින නිබඳවම සියළු වෙර" ලෙසින් සඳහන් වන්නේ ඒ ඇගෙන් ලැබුනු අනුබලයේ දෝංකාරයයි.
බුද්ධත්වයෙන් පසු කපිලවස්තු පුරයට ගෞතම බුදුන් වැඩමකල අවස්තාවේ, සුදොවුන් පිය රජතුමාත් යසෝදරා සහ රහල් පුතුත් දැකගැනීමට මාලිගාවට වැඩම කල මොහොතේ යසෝදරා එතුමා අභිමුඛයට නොපැමින "ඔහු වෙනුවෙන් බිරිඳක් ලෙස මා කල කැපකිරීම් ගැන ඔහු සලකනවානම් මා අභිමුඛයට ඔහු පැමිණිය යුතුයි" සිතා ඇගේ කුටියට වී සිටි බව අප කියවා ඇත්තෙමු.
"මා හිස මුඩු කල බව අසා හිස මුඩුකල, මා දිනකට එක්වරක් ආහාර ගන්නා බව අසා දිනකට එක්වරක් අනුභව කරන, මා දළ කසාවත් පොරවන බව අසා දළ කසාවතින් රන් රුව පොරවන, රහල් කුමරු උපන්දාම මා ඔවුන් හැර ගිය නිසාවෙන් සියලු දුක් දොම්නස් උසුලන, මට සත්‍ය සොයා යන ගමනට දිරි දුන් යසෝදරාව බැහැදකින්න මා යායුතුයි" කියා ගෞතම බුදුන් යශෝදරාගේ කුටියට වැඩම කල බවත් එහිදී යසෝදරා බුදු පා මුල වැටී කඳුලින් බුදුපා තෙමූ වගත් අප කියවා ඇත්තෙමු.
යසෝදරාව කලාක් මෙන් හිස මුඩුකිරීම්, එක වරක් අනුභවය ආදී දේ සැමියන් බලාපොරොත්තු නොවුනත් යසෝදරාව මෙන් සැමියාගේ පරමාර්ථ හඳුනාගෙන ඒවා උසස් ඒවා යැයි හැඟේ නම් ඔහුට ඒ වෙනුවෙන් දිරිදීම සැමියාගේ ගමන් මගේ පහන් ටැඹක් වීම ආදියෙන් මා මුලින් කී ආකාරයෙන් සැමියා බලාපොරොත්තු වන යසෝදරාවක් වීම බිරිඳකට මහා අමාරු කාරියක් නොවන බව මඟේ හැඟීමයි.
දරුවන් කීප දෙනෙක් සමඟ බිරිඳ අත්හැර අභිනික්මන් කරන සිද්ධාර්ථ ලා අද සමාජයේ බොහෝ නමුත් ඒ සිද්ධාර්ථලාගේ අභිනික්මන සමාජයට අර්ථයක් සිද්ධ කිරීම නොවන නිසාම ඔවුන්ට සමාව දෙන්න බැරි වීම වෙනමම කාරණයක්.
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
සමාජශීලී මිනිසෙක් වූ දාටත් වඩා පවුලේ යමක් තේරෙන කුඩා සහෝදරයෙක් දා පටන් කිසිම රස කෑමක් තනිවම බුක්ති විඳීමේ හැකියාව මා අතැර ගිය බැව් මා දනිමි. ඉදින් එවන් වූ මා හැමදෙනාටම රසවිඳිය හැකි යමක් ලදහොත් බෙදා හදාගෙන රසවිඳින්න පමා වන්නේ ඇයි.
"මචං මේක අහල බලපන්" කියා පෙරේදා මා මිතුරු බුද්ධි ඔහුගේ එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකේ තිබී අහම්බෙන් හමුවූ නරසීහ ගාථා MP3 එකක් අසන්න සැලස්වීය.
ඒ අසා උපන් තෘප්තිය ඒ නරසීහ ගාථා ඔබ සැමට රසවිඳින්න සල්වනු වස් මෙවන් වූ ලිපියක් ලියන්න ඉඩසැලසූ බව කියන්නේ සතුටිනි.
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
බුද්ධත්වයෙන් පසු කපිලවස්තු පුරයට වැඩමකල ගෞතම බුදුන් එහි වීථි පුරා පා ගමනින් වැඩමකරද්දී, යසෝදරා සුදොවුන් රජ මාලිගයේ සඳළුතලාවේ සිට රහල් කුමරු තුරුල් කරගෙන එසේ පා ගමනින් වඩින බුදු පියා පෙන්වා මේ නරසීහ ගාථා ගැයූ බව අප බුද්ධ සාහිත්‍ය පත පොතින් කියවා ඇත්තෙමු.
එසේ කියවූ නරසීහ ගාථා මෙසේ අසද්දී දැනෙන හැඟීම ඔබත් විඳ බලන්න . . .
අනුමාන කරන ආකාරයට ගායිකාවගේ හඬ නම් විශාරද රශ්මි සංගීතා ගේ විය යුතුයි.
මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක . .
පහල නරසීහ ගාථා ගැන ඇති පින්තූරය ගත්තේ එලකිරි අඩවියෙන්
අනෙක් පින්තූරය ගත්තේ මෙතැනින්: http://thienviendaidang.net/01phathoc/nghiencuu.php?rowstart=462
යශෝදරාවක වැනි බිරිඳක් වීම පහසු කටයුත්තක් මෙන් පෙනුනද..සැබවින්ම එය එතරම් පහසු නොවන බවයි මංචිට නම් හිතෙන්නෙ..මොකද කිව්වොත් සියළුම සැමියන් සිදුහත් වරුන නොවන හෙයින්..බෝසතුන් වහන්සේ කෙනෙකු වශයෙන් ඉතා හික්මීමක් ඇති පැවැත්මක් එතුමාට තිබුනද..බොහෝ පෘතක්ජනයින්ට ඇත්තේ ඉතා ඉක්මනින් වෙනස් කම් වලට බඳුන් වන මනසක් නොවේද?? එවිට දිනෙක රස වන දෑ දිනක වහ බවට පත් වේ..වැඩි හොඳත් නරකට සිටින අවස්ථාද එළඹේ...
ReplyDeleteපරිපූර්ණ නොවෙතත් එවන් බිරින්දෑවරුන්ද නැතුවාම නොවෙයි හැබැයි...ඒ වගේම සිදුහත් කුමරුන් වගේ තමන්ගෙ බිරිඳට ගරු කරන සැමියනුත් අදත් ඉන්නවා..ඉතින් එහෙම යුවලකට චිරං ජයතු... :D
නරසීහ ගාථාත් අහලම ඉන්න මන්චී නගේ . .
ReplyDelete"සනත් නන්දසිරි මහතා ගායනා කරන "සිතේ නැඟුනු කළකිරීම කුමරිය ඔබ පමනයි දැන සිටියේ පෙර සිට" ගීතයේත් "එයින් මිදෙන මංපෙත සොයනා සඳ . . ඔබෙන් ලැබින නිබඳවම සියළු වෙර" ලෙසින් සඳහන් වන්නේ ඒ ඇගෙන් ලැබුනු අනුබලයේ දෝංකාරයයි."
ReplyDeleteසනත් මහත්තය ඔය සින්දු කිව්වට එයාගෙ බිරිය නම් එහෙම නොවෙන්න ඇති ඒකනේ උසාවී ගානේ බඩ ගාන්න උනෙ මේ නහින දෙහින කාලෙත් (මේවා ඔපාදූප ය , සත්‍යතාව ගැන මම දන්නෙ නැත ..:D)
කොහොම උනත් අර මකුලු පැංචි කියනව වගේ බිරියගෙන් බලාපොරොත්තු වෙන්න නම් සැමියත් ඒ ගුණාංග වලින් යුක්ත වෙන්න ඕනි
මේක බෙදා හදා ගත්තට අයියට පිං,, කියන්න බැරි මොකක්දෝ හැඟීමක් දැනෙනවා
ReplyDeleteඇහුවා ඇහුවා දුකා අයියේ..මේ දෙවෙනි වතාවට අහන ගමන්... :)))
ReplyDeleteජීවිතේටම අහපු පලවෙනි වතාව නොවුනත් ආපහු ආපහු ඉන්න තරම් සුන්දරයි...ස්තූතියි මේ හඬපටය දැමුවාට.. :)
හරිම පහන් සංවේගයක් දනවන ගීයක්. යසෝධරාවගේ ආදරය, කණගාටුව, අනුකම්පාව, දයාව, කරුනාව පදමාලාවේ වගේම තනුවෙත්, ගැබ්වෙලා තියනවා.
ReplyDeleteබුදුන් පහල වෙන්නේ කල්පයකට එක පාරක් නම් යසෝධරාවක් පහල වෙන්නෙත් කල්පයකට එකපාරයි. ඒ හන්දා අනෙක් ගැහැනුන්ට ඒ සමීපයටවත් එන්ට පුලුවන් වෙයි කියලා හිතන්ට නම් බෑ...
අද කාලෙට ගැළපෙන ගොඩක් අර්ථවත් ලිපියක්..
ReplyDeleteසැමියා සහ බිරිය ගැන තියෙන බෞද්ධ පර්සේප්ෂන් එක හෝ පුරාන ඉන්දීය චින්තනය එක්ක මට එකඟ වෙන්න අමාරුයි.
ReplyDeleteදෙන්න දෙමාල්ලන් තේරුම් අරන් ඉන්න එක නම් හොඳයි. යම් විදිහක ස්වාධීනත්වයක් තිබ්බ නම් තමයි වඩාත් හොඳ.
තේරුම් ගැනීමත් එක එක ජෝඩුවට වෙනස් නේ. සමහරු අනෙකා ගේ දෙයට උදව් කරන්නේ ඒ ගැන අවබෝධයකින්. තව සමහරුන්ට තම සහකරු/කාරිය කරන දේ ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒත් උදව කරනවා, ඒ වෙනුවෙන් වෙහෙසෙනවා, තනිකර ම ආදරේට. දෙවැනි අවස්ථාවේ තියෙන්නේ තේරුම ගැනීමට වඩා ආදරයක්. ඒකත් හරිම සුන්දරයි.
නරසිහ ගාථා ඇහෙනකොට හරිම සිත් පහන් වෙන හැගීමක දැනෙනවා.ලිපිය ට ස්තුතියි කියනවට වඩා මම නම් ස්තුතියි කියන්නේ audio ක්ලිප් ඒක බෙදා හදා ගත්තට :)
ReplyDeleteඇත්තටම අයියේ මේ කවි ටික හරි ලස්සනයි.මම 3පාරක් විතර ඇහුවා.පුළුවන් නම් ඩවුන්ලොඩ් ලින්ක් එකක් දාන්න... :)
ReplyDelete@ චතුමිතු - යුට්යුබ් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න :)
ReplyDeleteමෙන්න එකක්
මේ ලිපිය ලිව්වට අයියට ගොඩක්ම පින්. ඇත්තටම අද ඉන්න සිද්ධාර්ථලා යශෝදරාලා වගේ බිරින්දෑවරුන් දාලා යන්නේ වෙනෙ වෙන මාර දූවරු පස්සේ.
ReplyDelete@ChammA !
ReplyDeleteඇත්තෙන්ම ලිපියට නම් ස්තූති කරන්න දෙයක් නෑ . . ඒක වැඩිය මහන්සි නොවී ලියපු එකක්. අවශ්‍ය උනේ MP3 එක බෙදා හදා ගැනීම. ඒකට පොඩි පූර්විකාවක් විදිහට තමයි ඒ ලිපිය ලිව්වේ . .. ඒක වැඩිය සාර්ථක නැති බව මටම තේරුනා ඒත් වැඩ රාජකාරීත් එක්ක මේ වෙලාවේ මීට වඩාදෙයක් කරන්න අමාරුයි.
@මධුරංග අයියා..පොඩි නිවැරදි කිරීමකට අවසර....!! යශෝදරා වගේ බිරින්දෑවරුන්ව දාලා මාර දූවරු පස්සෙ යන්නෙ''සිද්ධාර්ථලා''වගේ සැමියන් නොවෙයි...''සිරිකාලකන්නි'' වගේ සැමියන්... ;D
ReplyDeleteයශෝධරා වගේ බිරිඳක් හොයාගන්න එක එන්න එන්නම අමාරු වෙනව නේද අයියෙ? මොකද දැන් කාලෙ ගොඩක් කාන්තාවො අයිතිවාසිකම් ගැන කතා කරනව මිසක් තමන්ගෙ යුතුකම් ගැන හිතන්නෙ නෑ නෙ. තව ටික කාලෙකින් යශෝධරාල කෙසේ වෙතත් feministල විතරයි ඉතුරු වෙන්නෙ.
ReplyDeleteඅනිත් එක මකුලු පැංචි කියන කතාවත් ඇත්ත. යශෝධරා වගේ බිරිඳක් වෙන්න සිද්ධාර්ථ වගේ සැමියෙක් ඉන්නත් ඕන. එහෙම අයත් ඉතින් අඩුයි නෙ.
ගොඩක් ස්තූතියි අයියෙ. පළවෙනි වතාවට නරසීහ ගාථා ඇහුවෙ.
අපි දහම් පාසල් ඇරෙනකොට සමහර දවසට කියන්නේ නරසීහ ගාථා. ඒ අවුරුදු ගානක් පරණ අතීතයට මේ ලිපිය මාව ගෙන ගියා...ස්තුතියි දුකා අයියේ..
ReplyDelete@ChammA -ස්තුතියි යාළු... :)
ReplyDeleteඔය ගාථා හැමදාම මට ඇහෙනවා..ම්ම්... මට හිතෙන්නේ රන්ගිරි දඹුලු එකෙන්ද කොහෙද...
ReplyDeleteස්තූතියි link එකට....
අයියා . . . ලස්සන ලියමන, ඔයා මේ පැත්තෙන් යසෝදරා ගැන හිතුවද ???
ReplyDeleteහිමයේ ගොසින් මල් යහනක නිදනවද . . . .
කොමල අනගි සිරිපා දෙක රිදෙනවද . . . .
හිඟේ නැතිව දෙවියෝ මුර කරනවද. . . .
මගෙ ඇත් රජුනි හිමි අද කොතනකද. . . .
කැලේ තිබෙන කොයි දේවත් රස වේවා . . . .
මලේ බමරු ලෙස පිරිවර ලැබේවා . . . .
අවුවේ තියන රැස්මාලා අඩු වේවා . . . .
ගවුවෙන් ගවුව දිව මාලිග සෑදේවා. . . .
නරසීහ ගාථා මම මීට කලින් අහලා තිබුනේ නෑ . අද තමයි පලමු වෙනි වතාවට ඒවා අහුවේ .
ReplyDeleteස්තූතියි දුකා අයියේ .
අද කාලේ කොයින්ද යසෝදරා ලා .. වදක බාරියෙක් කර පින්නගන්න තමයි ගොඩක් අයට සිද්ද වෙන්නේ .
මමත් ඉස්කෝලේ යන කාලේ පහේ පන්තියෙදි අහපු කවි දෙකක් මතක් උනා මේ මාතෘකාවටම ගැලපෙන.
ReplyDeleteපෙර පෙර කඳුලු කිරි දරුවෙකු අතේ දරා
පෙරලා නොගොස් පෙම්බර මවුපියන් කරා
දර දඩු ගැසුනු අත පය හාමතේ දිරා
නරකාදියක හිමියනි අද යශෝදරා
කුමරෙකු සමග තෙමි තෙමි කඳුලැලි වැස්සේ
......................................................
මම හිමි සඳුනි ගිය අවුරුදු හය තිස්සේ
මෙම පඩිපෙලෙන් තව නැත පහලට බැස්සේ.
අපේ පන්තියේ ළමයි මේ කවි කිය කිය අඬනවා මතකයි ඒ දවස්වල. ඒ තරම් දුක හිතෙන විදිහට ගයනා කරා පන්තියෙ ඔක්කොම. මොන පොතක කවුරු ලියපු කවිද කියල ඩන්නෙ නම් නැහැ. එක පදයක් මතකත් නැහැ දන් ගොඩක් කල් හින්ද. දන්න කෙනෙක් සම්පූර්න කරන්න.
හොඳ දෙයක් බෙදා දුන්නට බොහොම පින් දුකා..
ReplyDeleteඇත්තටම අද කාලෙ යශෝධරාවන් නැතුවා නොවේ නමුත් ගොඩාක්ම බහුල යශෝධරාවන් නොවන අයයි (අවාසනාවක මහිම) ....
ReplyDeleteඈත්තෙන්ම මේ Audio එකට මම ගොඩාක් ආසයි ඉස්සර මේ ගාථා කවි කොච්චර ලස්සනට ගායනා කලාද දහම් පාසල් සමිති වල ඉස්කෝල වල නමුත් අද මේවගෙ තැන අරගෙන තියෙන්නේ කිසිම සාරයක් නොමැති දේවල් ඒ අතරෙ මේ Audio එක අපි හැමෝම එක්ක බෙදා ගත්තට ගොඩාක් පින් ...
ගොඩාක් අය යශෝධරාවත අහල තිබ්බට මම හිතනව ඒක කියවපු අය නම් බොහෝම අඩුයි ඒකෙනුත් ජීවිතයට ආදර්ශයක් වෙන විදිහට යශෝධරාවත භාවිතා කල අය අතේ ඇඟිලි ගානටත් අඩු ඇති නමුත් හැමෝගෙම ප්‍රයෝජනය සඳහා යශෝධරාවත බාගන්න පුළුවන් ලින්ක් එකක් පහල තියනව මේව නිකන් කියවන්නේ නැතුව ජීවිතයට යමක් එකතු කරගන්න නුවණැස පහල වේවා කියල ප්‍රාර්ථනා කරනව .....
යශෝධරාවත : http://subasa.lk/pothgula/download.php
මෙහි සිරිත් මල්දම, වදන් කවි පොත, අමාවතුර කවිසිළුමිණ හා සැලළිහිණි සංදේශය යන තවත් වැදගත් නිර්මාණයන්හි සිංහල තේරුම සහිතව අන්තර්ගත වේ
හරිම ලස්සනයි ගීත ටික. ගොඩාක් රෑ වෙලා ඇහුවේ . එවිට ගීතයක සන්වේදී බාවයත් වැඩිනේ.
ReplyDeleteයසෝදරාලා පතන්න ඕන සිද්ධාර්ත කුමරුවන් වැනි අය පමනයි. අද කාලේ ඉන්නවද එවනි අය. සිද්ධාර්ථලා නැති ලොවක යසෝදරාවන් නොඉපදේවා.
ගොඩක් හොඳ ලිපියක්. ලිපියට සම්බන්ද නිසා මෙකත් කියවල බලන්න.
ReplyDeletehttp://tinyurl.com/444rj5z
හරිම ගේ ඇති ලිපියක් දුකා . අපිත් දහම් පාසල් කාලේ ඕව පාඩම් කළා . හරිම අපුරු රිද්මය ක් ඒවායේ තිබුනේ . අපේ ළමා සිත් අයාලේ යානොදී එක තැන කරන්න ඒ රිද්මයන් උදව් වුනා කියල අද මන් විශ්වාස කරනවා. සිදුහත් යශෝදරා වෙන්න අපිට අමාරුයි . ඒ අය ලෝකෝත්තර සැප සොයා ගත් අය. ඒත් එදිනෙදා ජීවිතේදී සැමියයි බිරිඳයි විදියට යහතින් කල් ගෙවන්න අපි කාටත් කැපකිරීම් කරන්න වෙනවා . විවිධ මට්ටම් වලින්. දෙන්නම ඒ කැපවීම් කරන කොට අනෙක් පැත්තෙන් අගය කිරීමකුත් අවශ්‍යයි.
ReplyDeleteස්තුතියි මෙය බෙදා ගත්තට
ගීතය හරිම රසවත් විදිහට ගායනා කරනවා.. සිදුහත් කුමාරයට බිරිඳ වීමට යසෝදරා දේවිය පෙරුම් පිරු බවයි අසා ඇත්තේ ./ බුදු වීමට සරාස්න්කෙයිය කල්පයක් පෙරුම් පිරු උන්වහන්සේගේ පසුපස සෙවනැල්ලක් සේ සිටියේ ඇයයි .. ඇය වන්නියක් ලැබීමට අපද එතරම් පෙරුම් පිරිය යුතුයි.. තම සියලු දුශ්චරිතයන්ගේ යෙදෙමින් බිරිඳ යසොදරාවක් වීමට පතන්න බැහැනේ .. ඔබේ ලිපිය උදෑසනම හදවත පහන් කලා. ගීතය තවමත් සවනේ රැවු දෙනවා ඔබට පින් සොයුර !
ReplyDeleteඅදත් අහන්න කියල ආවම,මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක දාලා. අනේ පිං අයියේ...
ReplyDeleteඅගේ ඇති ලිපියක් ස්තුතියි.
ReplyDeleteමෙම ලිපියට සම්බන්ධ නිසා මෙයත් කියවා බලන්න.
ReplyDeletehttp://menik-p.blogspot.com/2011/06/blog-post_25.html
ස්තුතියි MP3 එකට.
මැණික්
සෝම හිමියන් ලියු යසෝදරාවත පහත link එකෙන් කියවන්න
ReplyDeletehttp://www.scribd.com/doc/43094930/soduru-Yashodhara
දුකා මල්ලිගෙ පෝස්ට් එක දැක්කට වචනයක් ලියන්නට ලැබුනේ දැනුයි. බොහෝ දෙනෙක් පිරිමින්, යශෝදරාවක් වන් වූ බිරිඳක් පතනවා. අපි සිදුහත් වැනි උතුම් සැමියෙකු පතනවා. මේ දෙගොල්ලන්ම ඉන්නේ මුලාවක. කවදාවත්ම සර්ව සම්පූර්ණ මේ වගේ චරිත ලක්ෂණ ඇති අය අපිට හමුවෙන්නේ නෑ. අපිට හොඳ භාර්යාවක් වගේම හොඳ ස්වාමියෙකුත් ලැබෙන්නෙ අපේ කර්ම ශක්තිය අනුවම තමයි. ඒක මම තදින්ම විශ්වාස කරනවා. කෙනෙක්ගෙ ජීවිතේ විවාහයෙන් තමයි මල්ලි තීරණය වෙන්නෙ හොඳ අතටද , නරක අතටද යන්නෙ කියල. බේබදු සල්ලාල සැමියෙක් ලැබුනොත් පෙර පවකට සේරම ඉවරයි. ඒ වගේම වදක භාර්‍යාවක් , අයාලේ යන කෙනෙක් ලැබුන ස්වාමියෙකුටත් අත්වෙන ඉරනම හිතාගන්න පුලුවන් නේ. විවාහයේ දී දෙපාර්ශවයේම කැප කිරීම අත්‍යාවශ්‍යයි. එහෙම නැතිව මේ ගමන යන්න බැහැ. මල්ලිට මට වඩා තේරෙනවා ඇතිනේ, බිරිඳ ලංකාවේ සිට තම පවුල වෙනුවෙන් කරනා මෙහෙය. ඒ වගේම ඔබත් ගිනිකන කතරේ වෙහෙසෙනවා නේ. මේ දෙපැත්තම සමබර වෙන්න ඕනේ. අනෙක කරුණාව, දයාව, ඉවසීම, කැප කිරීම, අනෙකාගේ සතුටේදී අවංකව සතුටු වීම, දිරිමත් කිරීම මේ හැම දෙයක්ම සාර්ථක විවාහයකට බලපානවා. මොනවා කළත් දෙන්නට කාලයක් වෙන්කරගන්නම ඕනේ තමන් වෙනුවෙන්. නැතිනම් කාලයක් යනකොට දෙන්නට දෙන්නා නොරුස්සන තත්වයකට එනවා. හැමදාම අපි ආදරය කරන කාලේ වගේ කථාකරන්න, විහිලුවක් කරන්න කාලය සොයා ගත්ත කෙනා සාර්ථකව ජීවිතේ සොදුරුබව විඳිමින් ජීවිතය ගෙවනවා. ස්තූතියි මල්ලි මෙයට. ගීතය හිත නිවා සනසනවා. ඔබගේ අනාගතයත් සොඳුරු වාසනාවන්ත සාර්ථක එකක් වෙවා! කියල පතනවා සෙනෙහසින්ම.
ReplyDeleteයසෝදරා පරමාදර්ශයක්නේ. ඒ කියන්නේ ෆැන්ටසියක්. කොහොමත් යසෝදරාවතේ කවි ටිකට නම් මම මාරම ආසයි.
ReplyDeleteහැැබැයි මගේ පරමාදර්ශය නම් අප්සරා.
http://reargate.blogspot.com/2010/10/blog-post_21.html
ආපහු පොඩි කාලේ දහම් පාසල් ගිය කාලෙට ඇදිලා ගියා.... පණ දාගෙන කටපාඩම් කරපු නරසීහ ගාථා.....! කීවෙනි පන්තියේදි කියල නම් මතක නෑ...!
ReplyDeleteනියම ලිපියක් දුකා අයියා...අයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ...යසෝදරාවක් වගේ බිරිඳක් ලබන්න ඇත්තටම වාසනාව තියෙන්න ඕනේ...මං හිතන්නේ අයියා ඒ වාසනාව බුක්ති විඳිනවා වෙන්න ඕනේ... :)
ReplyDeleteයසෝදරාව මාත් ඇතුළුව ගොඩක් පිරිමින්ගෙ හිතේ ඉන්න එක හීනයක් විතරයි. යසෝදරා චරිත කතාව සාහිත්‍ය ගණුදෙණුවක්. ගැහැණියකට යසෝදරාවක් වෙන්න පුළුවන් නම්, සියළු චිත්තාවේග, හැඟීම්, මැඩපවත්වාගෙන ඉන්න වෙනව නේද? බෞද්ධ සාහිත්‍යට රචකයන් වගේම රචිකාවියනුත් එකතුවෙලා තිබුනනම් අද දකින සුදු චරිත එච්චරටම සුදට නොපෙනෙන්න තිබුන.
ReplyDeleteකොහොම උනත් අපාහාසයකට නෙමෙයි, යසෝදරාවක් එක්ක ගතකරන පවුල් ජීවිතේ කාලයක් යනකොට බෝරිං වෙලා යයි කියල මට නම් හිතෙන්නෙ.
දුකා,
ReplyDeleteනරසීහ ගාථා ඩවුන් ලෝර්ඩ් කරගන්න දුන්න අවස්ථාව වෙනුවෙන්, මගේ යශෝධරාව ඔයාට පින් දෙන්න කිව්වා.
මේක දැක්කද?
ReplyDeleteරජ කතාවක්
මගෙත් පැතුම ඔච්චරයි....
ReplyDeleteගාථා ටික ඇහුවම හිතට දැනුනේ අසිමිත සතුටක්...අයියේ.
ReplyDeleteහැම ගැහැනියක්ම .. සිදුහත් කෙනෙක් නොපතා .. තමන් යශෝධරාවක් වෙන්න, උත්සාහ ගත්තොත් වගේම.....
හැම පිරිමියෙක්ම.. යශෝධරාවක් නොපතා..තමන් සිදුහත් කෙනෙක් වෙන්න, උත්සාහ ගත්තොත්....
දෙදෙනාටම තමන් බලාපොරොත්තු වන යශෝධරාව හෝ සිදුහත් ..ලැබේවි ..කියලයි..මම නම් හිතන්නේ.
දුකා... කෙටියෙන් ලියන්න අමාරු මිශ්‍ර හැඟීම් ඇති කරපු ලියවිල්ලක්...ක්ලිප් එකත් කීප වතාවක් ඇහුවා... ශාන්ත හැඟීම් දනවන ලෙස ගායනා කර තිබෙනවා... සංගීතය මුසු නොවුනානම් හොඳයි කියල හිතෙනව...
ReplyDeleteමචෝ උඹ දීපු 4514671 නොම්මරේ වැඩකරන් නෑනෙ…කීප වතාවක්ම බැලුව.. ම්හු..බඩු වැඩ නෑ.. උඹ වැඩකරන තැන රාජකාරි වෙලාවට ෆෝන් පාවිච්චි නොකරන ප්‍රතිපත්තියක්වත් තියෙද ?
කියන්න වදන් නැත ....
ReplyDeleteමම අද බ්ලොග් ටිකක් කියවලා කමෙන්ට් ටිකක් දානවා කියලා හිතාගෙන කියවන්න පටන් ගත්තාම තමා මේ ලිපිය සෙට් වුනේ, එතනින්ම මගේ කියවිල්ල ඉවරයි, මම දෙපාරක්ම නරසීහ ගාථා ඇහුවා, ඩවුන්ලෝඩ් කර ගත්තා, කමෙන්ට්වල තිබුන ලින්ක් කියවනවා තාම, කියවන්න හිතාගෙන හිටපු බ්ලොග් නෙමේ දැන් කියවන්නෙ .......
පොඩි කාලේ අමාරුවෙන් පාඩම් කරපු ගාථා, දැන් නම් මතක නැහැ, ඒත් ඇහුවාම හිතට පුදුම සතුටක් දැනෙනවා, බොහොම ස්තුතියි අයියෙ ......
අද සිදුහත්ල බොහොම අඩු වීම තමා ගැටලුව.
ReplyDeleteයසෝදරා ගැන සංවාදයක් අරුණි අක්කගේ අඩවියේ ගිය නිසා ඒක ඇගේ අවසරයකින් තොරවම මෙතන දාන්න හිතුවා.
ReplyDeleteවිවාහය සහ සතුට යටතේ ලියැවුණු සටහන් වලින් අන්තිමට දාපු “යසෝදරා වන් බිරිඳක් …!” ලියද්දී ඔයාගේ මූලික සිද්ධාන්ත විශ්වාසයන් (core beliefs) මුලින් දාපු සටහන් වලින් මේ වෙද්දී වෙනස් වෙලා නැහැනෙ මල්ලී. ඔව් ඔව් ඒක mp3 නරසීහ ගාථා සඳහා ඉක්මණින් ලියපු හැඳින්වීමක් කියමුකෝ … ඒත් ලියැවෙන්නෙ හිතේ තියෙන දේවල් නේද?!!
යසෝදරා ලිපිය නම් අක්කේ කිව්ව වගේ ඕඩියෝ ෆයිල් එක බෙදාගන්න හදිසියේ ලියපු දෙයක්. ඒත් මම දකින යසෝදරා (සෝමා ජයකොඩි ලියපු සිදුහත් යසෝදරා නවකතාවෙන් එහෙම කියවපු විදිහට) ඕනෑම දෙයක් කර්මයට හරි වෙන කෙහෙල්මලකට හරි භාර දීලා පරාජය භාර ගන්න දියාරු කෙනෙක් නෙමෙයි. යසෝදරා ගැන මගේ හිතේ ඇඳුනු විවිධ චරිත තියෙනවා. තරුණ වයසේ හැඟීම් එක්ක හිරවුනු චරිතයක්, සිදුහත්ගේ ඥාති සහෝදරවරුන්ගේ බලපෑම් වලට නතුවෙම්දෝ නොවෙම්දෝ කියලා හිතේ දෙගිඩියාවක් තියෙන්න ඇති කියලා හිතෙන චරිතයක් . . සිදුහත්ගේ වුනත් හැම තීරණයක්ම එහෙයි කියලා භාර නොගත්තු චරිතයක් . .
ඇත්තෙන්ම යසෝදරා ගැනත් තවදුරටත් තමන්ගේ පුතාට කිරිමවුන්ගේ කිරි දෙන්න කියලා සිදුහත්ට තමන්ගේ ළයේ ඉනූ කිරි දුන්නු ඔහුගේ පුංචි අම්මා ප්‍රජාපතී දේවී ගැනත් සංවාදාත්මක ලිපි දෙකක් ලියන්න ඕන කියන එක මගේ බ්ලොග් ආඩවිය පටන් ගත් දා ඉඳන් හිතුවත් නිදහසේ කරුනු ගලපා ලියන්න වෙලාවක් නැති කමින් දවසෙන් දවස කල් යනවා.
පිරිමි අපි ඉන්දියානු මොඩලයේ ගෑනු පතනවා ඇති කියලා අක්කා ඇතුලු කාන්තාවෝ හිතනවා ඇති “හැම සැමියෙකුගේම ප්‍රාර්ථනාව යසෝදරා වන් බිරිඳක්” කිව්වහම. ඒත් විස්වාස කරන්න ඒ කියමනෙන් මම එහෙම එකක් අදහස් කලේ නෑ. කලිනුත් කිව්ව වගේ මම හිතාගෙන ඉන්න යසෝදරා දරුවා ලද දාම තමා අතහැර ගිය සිදුහත් වෙනුවෙන් ඒ තරම්ම කැපකිරීම් කල යුතුද කියන එක මටත් ප්‍රශ්නයක්. අසාධාරණේට විරුද්ධ වෙන, සාධාරණේ ඉස් මුදුනින් පිලිගන්න, හොඳ දෙයක් කරද්දී හොඳයි කියලා ඒයට උදව් කරන, වැරදි දේ කරද්දී වැරැද්ද පෙන්වලා දෙන ජාතියේ කෙනෙක් තමයි මම හිතන යසෝදරා.
Chandy
ReplyDeleteදහම් පාසලේ පහේ පන්තියේ දී මුලින්ම නරසීහ ගතවල සිංහල තේරුම දැනගත්තම මේ තරම් ලස්සන උපමා ගලපන්නට හැකි යශෝධරාවගේ සාහිත්‍ය රසය ගැන මම පුදුම උනත් ඒකාලේ ඒගැන කතා බහ කරන්න කෙනෙක් හිටියේ නෑ. මම තනියම රසවින්ද, අදටත් රසවිදින මේ පදවැල් තවත් පිරිසක් රසවිඳින බව දැනගන්න ලැබීමම කොච්චර සතුටක්ද? දවස් මම හරකෙක් ලඟට හුගක් කිට්ටුවෙලා හරකාගේ ඇස් දිහා බලනකොට අම්ම ඇහුව මොකද පුතේ කියල? මම කිව්වා නරසීහ ගාථාවල එන "ගොප මොකෝ අභි නීල සුනේත්තෝ" (ගවයෙක් බඳු ඇස් ඇති) ඇත්තද කියල බැලුව කියල. එදා තමා මට තේරුනේ ඒ උපමාව කොච්චර සුන්දරද කියල. අදටත් පැහැදිලි අහසක් තියෙන පෝය දාට අහස දිහා බැලුවම "ගච්චති නීල පතේ විය චන්දෝ තාරඝනා පරිවෙටිත රුපෝ" (තරු පිරිවරාගෙන අහසේ සරණ සඳ මෙන්)පද වැලමට මතක් වෙනවා. ඇත්තට මේ ගාථා නිර්මාණය කලේ යසොධාරවම නම් ඇයට මොනතරම් සියුම් රසඥතාවයක් තියෙන්නෙ ඇතිද? ස්තුති දුකා,අව්රුදු ගානකට කලින් හිතේ ගොඩ ගැහුණු සිතුවිලි බෙදාගන්නට අවස්ථාවක් ලබා දුන්නට
බෞද්ධ සාහිත්‍යයේ පමණක් නොව අනෙකුත් ආගමික සාහිත්‍ය නිර්මාණ වල වගේම, වීර කාව්‍ය යටතට ගැනෙන සාහිත්‍ය නිර්මාණ තුළත් බොහෝ වෙලාවට කතා නායකයින්ට සුවිශේෂ චරිත ලක්ෂණ ආරෝපණය කරනු ලබනව.
ReplyDeleteයශෝධරා චරිතයත් එහෙම වෙන්නත් පුඵවන්. ඉතින් ලියවිලා තියෙන හෝ ඉගෙන ගෙන තියෙන පරමාදර්ශ චරිත වලට අනුව බිරිඳක් හෝ සැමියෙක් හොයන්න යාමම ගැටඵ වලට මුලක්. කවුරුත් මනුෂ්‍ය ස්වභාවයෙන් යුක්තයි. අඩුපාඩු සහිතයි. වැරැදීම් සහිතයි. ඒ දේවල් නැතිව පරිණාමයක් සිදුවෙන්නෙ නෑ.
ආදරය ගැන මගේ අදහස..
ReplyDeletehttp://mothagamanaya.blogspot.com/2011/07/blog-post.html
-මොතා
ලස්සන අදහසක් අයියණ්ඩි .. "යස්ස ඒතං දිසං යානං -ඉත්තියා පුරිසස්සවා
ReplyDeleteසචේ ඒතේන යානේන -නිබ්බානස්සේව සන්තිකේ "
ස්වාමියාට හා බිරිඳට එක්ව නිවනට පවා යා හැකි බව කිව්වෙ මේ නිසා වෙන්න ඇති . ඒත් අපේ කොල්ලන්ට ,කෙල්ලන්ට සමහර වැඩි හිටියන්ට එකට කඩේටවත් යන්න බැරි හැටි . යසෝදරාව ,විශාකාව කියන්නෙ කාන්තාවකට ඇති අභියෝගයක් , ඒත් අපේ අයට ඒව ලිං මැඩි කතා ..
අකුරු නම් වැරදි ඇති ..
යසෝදරාවත කියලා බලන්නකෝ.... ඒකෙ බර සිංහල වචන නැති නිසා හොඳට තේරෙනවා
ReplyDeleteසිදුහත් යශෝධරාවන් වෙනුවෙනුත් යශෝධරාවන් සිදුහත් වෙනුවෙනුත් ආත්ම ගණනක් පෙරුම් පිරුවා ...කැප කිරීම් කලා...ඒ වගේම සිදුහත් යශෝධරාවන් අත හැරියේ හැම දේම අතහැරදාලා අන්තිමටම...ඒ රඟපු නලගනක් එක්ක පැනලා යන්න නොවයි මුලු ලෝකයාම වෙනුවෙන්...ඒ වගේම සිදුහත් යශෝධරාවන් තනි කරලා ගියේ ඉතා සුරක්ෂිත ආර්ථිකයක් සහ ඉතා ආරක්ෂිත බලය ධනය සහිත තැනක...යශෝදරාවන්ට තමන්ගේ ආරක්ෂාව ආර්ථිකය දරුවාගේ නඩත්තුව ගැන සිත සිතා දුක් විදින්නවත් පාරට වැටෙන්නවත් සිදු වුනේ නැහැ ඒ නිසාම..මේක සංකීර්ණ තත්වයක් වෙන්නේ අපේ සමාජය දිහා බැලුවම..ගෑණි අනාථ කරලා පැනලා යන මිනිහෙක් සිදුහත් වෙන්නෙත් නැහැ...මිනිහා ට හොරෙන් වෙන මිනිස්සු එක්ක ලගින ගෑනි යශෝධරා වෙන්නෙත් නැහැ...ඒත් ඒ ඒ අවස්ථාවල ඇති වෙන තත්වයන් උඩ තාත්තා දාලා ගිය ලමයට කන්න දෙන්න ගණිකාවක් වෙන ගෑණි යශෝධරාවක් නොවුනට...ඊට ඉහල කැප කිරීමක් කරනවා වෙන්න පුලුවන් ආත්ම ගාණක...ඒ කෙසේ වෙතත් අම්බපාලි බුදු හාමුදුරුවන් වැඩ වසන කාලේ ගණිකාවක් උනේ ..එක්තරා ආත්මයක එක් බුදුහාමුදුරුවන් වහන්සේ කෙනෙක් ලඟ මහණ වෙලා හිටපු සිල්වත් මෙහෙණියකට ගණිකාවක් කියලා අපහාස කල නිසා දස දහස් ආත්ම ගණනක් ගණිකා වෘත්තියේ නියලිලා අවසන් වෙලාලු
ReplyDeleteනරසීහ ගාථා වගේම ථේරී ගාථාත් අහන්න...සිත නිවෙන්නත් අන් අයට අපහාස නොකරන්නත් ...සමාව දෙන්නත්... හුඟක් මඟ පාදාවි...
යශෝධරාවත කවි පන්තිය ඇඩ් කරන්නකෝ
ReplyDeleteඉතාමත්ම ලස්සනයි.ලින්ක් එකට ස්තූත්යි.
ReplyDeleteදුකා,
ReplyDeleteගොඩාක් කාලෙකට ඉස්සෙල්ලා දාපු මේ එකට නැවත වතාවක් මම ආවේ අස්වැන්න එකේ තිබුනු මේ ලිපිය දැකලයි.
http://aswanna.blogspot.sg/2012/05/blog-post_06.html
මම හැමදාම වගේ රැකියාවට යද්දි මුලින්ම අහන්නේ මේ නරසීහ ගාථායි.
දුකා කියලා තියෙනව වගේම එකෙන් හිතට ලැබෙන සහනය ශාන්තිය කියා නිම කල නොහැකි.
අනිත් කාරණය මේ ගායනය කරන්නේ විශාරද ශ්‍රීමා රත්නායකයි..ඇයගේ අනිකුත් ගායනාවන් ඔබට Youtube තුලින් සවන් දිය හැකිය.
නුවන්