Saturday, October 31, 2009

තව පොඩ්ඩෙන් උඹයි මායි සුනේ සුං . . . . ! ! !


අපිට එක කාලයක් "පංසල් උනක්" තිබුනා . . . ඒක උනක් කිව්වේ මේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔදවැඩිලා ගිය ගමනක් නොවන නිසා. එය තනිකරම යෞවනයේ පොපියන චමත්කාරයෙන් ඔකඳ වෙලා මල්සරාගේ දුන්නයි ඊතලයි සොරකම් කරගෙන, නෙත සිත බැඳුනු රූ සපු, හදවත් ආක්‍රමනය කරන්න යන සොඳුරු දඩයමේ යාමක් වැනි ගමනක් නිසාවෙන්මයි . . . (සියලුම යෞවනයෝත්, යෞවනය පසුකලෝත් මගේ මේ සඳහන් කල "උනට" සාක්ශි දරත්වා . . . )

මා කලින් ලිපි වල සඳහන් කල අක්කගේ මිතුරියන් වූ අචලා චමිලා අක්කලාත් ඔවුන්ගේ සොයුරන්වූ දිලුම් අයියාත් දිලාශ් ත් මාත් චමිලා අක්කලාගේ ඤාති සොයුරු සොයුරින් කීප දෙනෙකුත් සමඟ, අපේ ගමේ ප්‍රසිද්ධ විශාල හා පුරාන පංසල් දෙකක්ම තිබුනා වුවත් අපේ නිවෙස් වල සිට කි.මී. දෙකක් පමන දුරින් පිහිටි කුඩා පන්සලක් වූ "විවේකාරාමය" පංසලට අපි හැම පෝයටම යන්න පටන් ගත්තේ මේ "පංසල් උනේ" ප්‍රතිඵලයක් ලෙසයි . . .

එක පෝයක් නිමා වෙලා ඊලඟ පෝය එනකම් ඇඟිලි ගැන ගැන නොයිවසිල්ලෙන් බලා ඉන්න තරම් මේ "උන" උත්සන්න වෙලා තිබුනු කාල පවා තිබුනා . . .

"ඊලඟ පෝයට පංසල් යනකොට අපි කට්ටිය පාර්ලිමන්ට් බන්ට් එක පැත්තේ එකට ගිහින් ඕලු මල් කඩා එග්න එමුද . .. ?"

"නෑ අපි බෝ මළුවේ බිම එක එක හැඩේට පහන් පත්තු කරමු . . "

"අපිට මල් ගොඩාක් කඩාගන්න පුලුවන් උනොත් පංසල් එන අයට බුදුන් වදින්න නෙලුම් කොල වල දාලා මල් දෙන්නත් පුලුවන් . . "

අපේ ඔය වැනි අනාගත සැලසුම් අප සියලු දෙනාගේම නොයිවසිල්ල නොදනුවත්වම පිට වුනු අවස්ථාවන් වලට උදාහරන . . .

අනෙක් පංසල් වලට වඩා මේ "විවේකාරාමයේ" විශේෂත්වය වුනේ එකල මෙහි වැඩිපුර සිටියේ යෞවන යෞවනියන් හා තරුණ තරුණියන් වීම . . .

කෙසේ හෝ මේ පංසලට යාම් ඊම පටන් ගත් මුල් අවදියේදීම එක් රූබර යෞවනියක් මගේ නෙත් සිත් පැහැර ගත්තා . . .

ඈ මා තරම්ම පුංචි එකියක් . . . පිට මැදට වන්නට තිබූ ටිකක් ලොකු කර්ලි කෙටි කොන්ඩය ඇයට එක් කලේ අමුතුම සුන්දර පෙනුමක් . . . දුටු මුල් දිනයේදීම ඈ මා හා හොඳින් සිනා සුනා . . . ඕනෑ තරම් ගැහනු ළමුන් සමඟ චකිතයක් නැතුව කතා කරන්න බුහුටි කමක් තිබූ මට මේ ගෑනු දරුවා සමඟ කතා කරන්න වචන එකතු කර ගැනීම ඉතාමත්ම අපහසු කාරියක් වුනා . .

තවත් නෙත් හී සර පහර වල් එකක් දෙකක් මා කරා ආවත් ඒ සැම වලක්වා ඈ දෙස පමනක් අවධානය යොමු කරන්න බොහෝ අවස්ථාන් වල්දී පරිස්සම් වූවා කියා කීවොත් එය කෙසේවත් බොරුවක් නම් නොවේ . ..

ඈට තිබුනේ මුස්ලිම් නමක් . . . අපි ඈ ශබීනා කියා හඳුන්වමු . . . ඈ සිංහල මුස්ලිම් මිශ්‍ර විවාහයක ප්‍රතිඵලයක් . . මුස්ලිම් නමක් තිබුනා වුවත් ඈ පංසල් ඒම අපට කෙසේ වත් අරුමයක් නොවූයේ අපගේ තවත් ක්‍රිස්තියානි ආගමික මිතුරි මිතුරියන් පවා පංසල් යෑමත් බෞද්ධ වූ අප සමහර විටෙක පල්ලි යෑමත් වැනි හේතු නිසාවෙන්මයි . . .

දෙනෝ දාහක් සෙනග ගැවසුනු බන ශාලාවේ . . . සිත කුල්මත් කල සිලි සිලි නදින් පිරුනු බෝ මළුවේ . . . ගාම්භීර රජවරු සිටුවරුන්ගේ රූප ඇඳ, ශාන්ත බුද්ධ පිලිම නෙලා තිබූ විහාර ගේ ඇතුලත . . . මර්කරි ලයිට් එලියෙන් කිරි සුදු පාටින් දිදුලන චෛත්‍ය වටේදී . . මේ සියලුම තැන් වල මා දුටුවේ එකම එක රුවයි . . . ඒ රුව සිනහවක් පා මා අසලින් ගමන් ගන්නා සෑම වෙලාවකම මා සිටියේ පංසලට ඇතුලුවීමේ පඩිපෙල අසල තනා තිබූ මුර ගල තරම්ම ගල් වූ ස්වභාවයකින් . . .

විටෙක ඒ ගල් වූ ස්වභාවයෙන් මිදී වට පිට බැලූ අවස්ථාවක මා දුටුවේ නිතරමා මා ලඟින්ම සිටිනා මගේ මිතුරු දිලාශ් ද ගල් වී සිටි බවයි . . . ඔහුගේ නෙත් ගමන් කරනා දිසාවට නෙත් යොමු කල මට හැඟුනේ ඔහුගේ නෙත් සිත් පවා නතර වී ඇත්තේ ශබීනා අසල බවයි . . . මගේ හිතට දනුනේ හීනි ඉඳි කට්ටකින් මගේ හදවත සිදුරු කරනවා වැනි වේදනාවක් . . . එක් වරම මගේ මිතුරා ගැන මගේ හිතේ ඇති වුනේ ඊර්ෂ්‍යාවක් . . . වේදනාව ඈ මට නොලබේදෝ කියා ඇති වූ හැඟීමෙන් උපන් එකක් වූ අතර ඊර්ෂ්‍යාව ඈ මට වඩා දිලාශ්ට කැමති වීමට තරම් සුදුසු කම් දිලාශ්ට ඇති බව මට පසක් වීමෙන් උපන්නක් වුනා . .

"ඒකි මේ මුස්ලිම් කෙල්ලෙක් මචං . . ."

"ඒකි එක විදිහක බඩ්ඩක් වගේ . . . බලපන් හැමෝටම පනාව දාන හටි . . "

"දාංගලේ නම් ටිකක් වැඩී වගේ එයාට . .. "

"එච්චරම ලස්සනක් නෑ නේ බං . . . "

"ඉගෙන ගන්න එහෙම බැරි මැටි ලූක් එකක් තියෙන්නේ එයාට . .. "

ඔය වැනි බොරු හේතු කාරනා මා විසින් දිලාශ්ටත් දිලාශ් විසින් මටත් හුවමාරු වුනේ හිතේ එක් කොටසක් වසාගෙන "අනේ මූට එයාව එපා වෙනවානම් " යන හැඟීමෙන් . . .

එක් දිනක් පංසල් ගිය ගමන් අක්කලා ටික අසල නිවසක මිතුරියක් වූ ගිම්හානි අක්කලගේ නිවසට ගියේ ඉක්මනින් නැවත පැමිනෙන බව අපට පවසා . . . එදින නිදහසේ හිතේ ඇති හැඟීම් කෙසේ හෝ ශබීනා ට පවසනවා යැයි මා මගේ සිතට ශපථ කරගෙන සිටි ලෙසම දිලාශ් ත් ඉන්න ඇති බව ඔහුගේ කතා බහෙන් මට වැටහී ගියා . . .

පැමිනි මොහොතේ සිට සෙව්වේ ඈ තනිවම කතා බහට අල්ලා ගත හැකි ඉඩ හසර ගැන . . . ඈ යන යන පසුපස අප දෙදෙනාද හොරෙන් හොරෙන් පියවර නැගුවේ . . . ඒ මොහොත කොයි වේලාවේ උදා වේදෝ කියා නොයිවසිල්ලකින් . . . අවසන බෝ මළුවේදී ඈ විසින්ම ඒ මොහොත අපට උදාකර දෙනු ලැබුවා . . . වැඩිපුර සෙනඟක් නැති අවස්ථාවක් බලා ඈ හෙමින් හෙමින් අප වෙත් පිය නැඟුවේ මුවේ සිහින් සිනා රැල්ලක් රඳවාගෙන . . .

දෙමෝලෙන් පිටි කොටනවා වැනිව මේ "ඩිග් . .. ඩිග්. . .ඩිග් . . " යනුවෙන් ඇසෙන්නේ මගේ හදවත ගහෙන රිද්මයද දිලාශ්ගේ හදවත ගහෙන රිද්මයද කියා සිතන්න ඉඩ ලබා නොදී අප වෙත පැමිනි ඈ ඇසුවේ . . .

"මල්ලී . . . කෝ මධූල චමිලලා . .. ???"

"ම්ම්ම්ම් . . . . ."

"මේ . . මේ . . මේ . . "

මල්ලී . .. ?????" ඒ මොන හරුපයක් ද . . දිලාශ් ත් මාත් නිරුත්තරයි . . . .

"අද ඔයාල දෙන්න විතරද ආවේ . . ."

නැවත ඇගෙන් ප්‍රශ්නයක් . ..

"නෑ . . . මේ . . . අක්කලා . . . එහා වත්තේ . . . ගිම්හානි අක්කලාගේ . . . ගෙදර ගියා . .. "අපහසුවෙන් හෝ තටම තටම පිලිතුරක් ලබා දීමට දිලාශ්ට හැකිවුනා . ..

"හා මාත් එහෙනම් එහේට යන්නම් . .. " ඈ ඉක්මන් ගමනින් අපෙන් වෙන් වුනා . . .

දිලාශ් යි මායි එකිනෙකාගේ මූනු දිහා බලා හිටියේ "මේ මොකද්ද බං වුනේ" කියා අසනු වැනිව . ..

පංසල් ගොස් එන ගමනේ දී වීදි පහන් නොමැති එක්තරා කළුවර අඩවියකදී අපගේ කුතුහලය සංසිදුවා ගන්න අප උත්සාහ කලා . . .

"මේ අක්කේ . . . අද මාර වැඩක් වුනානේ හලෝ . . "

"මොකද්ද . . ."

"ශබීනා ඇවිත් අපි දෙන්නට මල්ලී කියලා කතා කලානේ . . . "

"මොකද්ද ඒකේ තියෙන මාර වැඩේ . . . එයා අපේ වයසේ නේ . . . "

. . . .

"මල කෙලියයි . . . . "

"තව පොඩ්ඩෙන් ඇහුවනම් එහෙම උඹයි මායි සුනේ සුං . . "

දිලාශ්යි මායි කනට කර මුමුන ගත්තා . ..

28 comments:

  1. හරි ගියා නම්, උඹට ලැම්බට් කෙනෙක් වෙන්න තිබ්බා....
    හික් හික්.......

    ReplyDelete
  2. මොකක්ද බං ඒ ලැම්බට් කතාව.....

    ReplyDelete
  3. කැම්පස් එකේ, කෙල්ල සීනියර් බැච් එකේ වෙලා, කොල්ලා ජූනියර් බැච් එකේ නම් (ඒ කිව්වේ ගොඩාක් වෙලාවට, කෙල්ලා කොල්ලට වඩා වැඩිමල් නම්) ලැම්බට් වෙනවා කියලා තමයි කියන්නේ.. එහෙම කරපු මුල්ම කොල්ලට ගෞරවයක් වෙන්න තමයි ඒ නම දිගටම හාවිතා කරන්නේ.....

    ReplyDelete
  4. ඇයි ජිල්බට් වෙන්නත් තිබ්බා...

    ReplyDelete
  5. බාලාගෙන යනකොට දුකාඅයියා මාරම මාර බුවෙක් නේ හික්ස් :D

    ReplyDelete
  6. මෑදෑයි.ඊට පස්සෙ දෙන්නම අදහස අත් ඈර ගත්තාද දුකෝ???ඒත් මට උබ නම් ශුවර් නෑ......

    ReplyDelete
  7. හක් හක්

    .මේ වගේ කතා හොදා.නව කතා නෑතුව

    ReplyDelete
  8. කිව්වම විශ්වාස කරන්න දුකා මටත් ඔය වගේ දෙයක් වෙලා තියෙනවා. කොහොම උනත් මරු කතාව. අර නවකතාවට වඩා මේ වගේ කතා හොදයි තමා.

    ReplyDelete
  9. අප්පටසිරි... :D ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියන්නෙ, ඔච්චර දුර ගියපු එකේ උත්සාහ කරල බලන්න තිබුනා... :D

    ReplyDelete
  10. මට නම් හිනා !!! :D :D

    ReplyDelete
  11. මේ ඇත්ත සිද්ධියක්ද ප්‍රබන්‍ධයක්ද? :O

    ReplyDelete
  12. කමෙන්ට් කොරපු හැමෝටම ස්තූතියි කිව්වා . . . ! !

    ReplyDelete
  13. @ NUWAN"s lane
    නැතුව බං . . . වෙන මොනා කරනන්ද . . .

    ReplyDelete
  14. @ Hasitha Madushanka !
    උඹේ කතාවත් ලියපන්කෝ අපිට බලා ගන්න . .

    ReplyDelete
  15. @ Supun Sudaraka!
    හෆොයි ඒ කාලේ එක දවසක් හරි වැඩිමල් නම් අක්ක කෙනෙක් කියල හිතපු කාලයක් මලේ . .

    ReplyDelete
  16. @ Supun Budhajeewa !
    උඹ අහුවොත් අහන්නේ ඔය වගේ ප්‍රශ්නයක් . . .hik hik

    ප්‍රබන්ධ නෙමෙයි බං . .

    ReplyDelete
  17. අපරාදේ වැඩේ හරි ගියානම් සුලඟ වගේ ඇවිදින් වගේ කතාවක් ලියන්න තිබ්බා

    ReplyDelete
  18. @ ම !
    හොඳ වෙලාවට එහෙම වුනේ නැත්තේ . . . නැත්තම් ලියපන්කෝ තවත් නවකතාවක් . . . ! !

    ReplyDelete
  19. හු.........! හික් හික් හික්!!!

    ReplyDelete
  20. Oovath prashna da mallee?

    I have at least five Lambert experiences and they are all good.

    (Sorry but no Kathandara will be written at all about those).

    Kathandara Kaaraya

    ReplyDelete
  21. @ malee_msg, Kathandara Kaaraya ! !

    හික් හික් හික් . . . . ! !

    ReplyDelete
  22. එක අවුරුද්දක් දෙකක් නම් ඔහේ කමක් නෑ නේ?

    ReplyDelete
  23. @ yasasi !
    අපෝ එහෙම හරියන්නේ නෑ . . හික්ස් දවසක් හරි වැඩිමල් නම් වැඩිමල් . . .

    ReplyDelete
  24. ඔයාත් පුදුම දේවල් කරන්නෙ.ආදරයට වයස් භේදය බලපාන්නෙ නෑ.අයියට තිබ්බෙ ඕන එකක් කියල අහන්න.සමහරක් විට අයියට ඒ අක්කා කෑමතී වෙන්න තිබ්බා.

    ReplyDelete
  25. ඔව් ඔව් ඉතින් ඒ කාලෙ වෙනස්නෙ.... දැන් නම් ඉතින් ඕවා එච්චරම එහෙම නෑ.. මගෙ ගෑනු ලමයා මට වඩා අවුරුදු 3ක් වැඩිමහල්.. ඒත් අපි ගොඩාක් සතුටින් ඉන්නවා.. ගෙදරිනුත් අව්ලක් නෑ... හිහි.....

    ReplyDelete
  26. @Ano!
    මම ඉතිං ඒ කාලේ ලිඳේ ගෙම්බා වගේනේ . .. අහල, දැකලා තියෙන දේවල් තමයි හරි දේවල් කියලා විස්වාසකරගෙන හිටපු බුවානේ මම. දැන් තමයි දන්නේ වයස කියන්නේ රිලේෂ්න්ශිප් එකකට අදාලම දෙයක් නෙමෙයි . . . අදහස් සහ උසස් ගතිගුන තියෙනවනම් හොඳටෝම ප්‍රමනාවත් බව . . .!

    ReplyDelete
  27. @chutte malli !
    ම් ම් ම් කොයි දේ වෙන්නේත් හොඳටයි කියනවනේ චුට්ටේ මල්ලී . . .

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails