මම හොඳ රසවින්දනයක් තියෙන කෙනෙක් . . .
ඒ බවට මගේ ලබැඳියෝ මෙන්ම බ්ලොග් එක නිතර කියවන අය සාක්ෂි දරනවා ඇති කියලා මම හිතනවා.
හොඳ රසවින්දනයක් තියෙන කෙනෙක් වීම ගැන ඇත්තෙන්ම මට නිහතමානී ආඩම්බරයක් තියෙන බවත් කියන්න ඕන..
මගේ රසවින්දනය දියුනු කරන්න මුලින්ම හේතු වුනේ මොකද්ද කියලා කවුරු හරි ඇහුවොත් මම මොකක් කියයි කියලද හිතන්නේ
දෙකක් නෑ රේඩියෝ එක
පුංචි එකා සංදියෙම රේඩියෝ එක ලස්සන සිංදුවක් යන කොට අම්මා මගේ අතට කොලෙකුයි පෑනකුයි දීලා "පුතේ මේ සිංදුව ලියා ගන්න" කියලා කියපු හැටි මට අද වගේ මතකයි . .
ගෙදර හිටි දවසටත් පත්තරේ බලන්නයි කන්නයි නිදා ගන්නයි විතරක් ගෙදර හිටි තාත්තා දේශපාලන රැස්වීම්, දේශ්පාලන සාකච්චා වලට අපිව ගෙදර තනි කරලා යද්දී අම්මලගේ ඇඳට වෙලා එක පොදියට තුරුල් වෙලා අම්මයි අක්කයි මායි නංගියි බ්‍රහස්පතින්දා ගිය රහස් පරීක්ෂක නාට්‍ය අහපු හැටිත් මේ දැන් එහෙම හිටියා වගේ මතකයි.
මුවන් පැලැස්ස නාට්‍ය අහද්දී මැණිකෙගෙයි කෝරලේ මහත්තයගෙයි අසාධාරන කම් වලින් පුංචි සංදියෙම හොඳ නරක ගැන වැටහීමක් ලැබුනා වගේම කදිරාගේ චන්දි වැඩ හිත හොඳ අසාධාරණේට විරුද්ද වෙන සාධාරණ මනුස්සයෙක් ගේ ගති කියන එකත් හිතේ රැඳුනා වෙන්න ඕන.
රජ කාලේ කතා අනුසාරයෙන් හදපු ගුවන් විදුලි නාට්‍ය වලින් අපිට අපේ ඉතිහාසය ගැන මහා විසාල චිත්ත රූප මවා ගන්න ඉඩ සලස්වලා දුන්නා . .
දාඩිය දාගෙන සෙල්ලම් කර කර ඉද්දී උනත් හවස තුනේ ඉඳන් හතර වෙන කම් තිබුනු හිංදි ගී තීරුව අහන්න අමතක කලේ නෑ අපි.
අසන්නන්ගේ ඉල්ලීම් තීරුවට නිතර ගී ඉල්ලීම් ඉදිරිපත් කල "මගුලාගම මල්ලිකා දිසානායක" කරුණාසේන ජයලත්ගේ "දම්මි" "සුගත්" "කුසුම්" "නිමල් හතුරුසිංහ" "සරස්වතී මානවඩු හෙවත් සතී" "නිස්සංක විජේකෝන්" තරම්ම සජීවී චරිතයක්.
නිවේදක තෝරයි වැඩ සටහනේ තිලකා රණසිංහගේ, කුසුම් පීරිස්ගේ තේරීම් මේවා මේවා කියලා කලින්ම කියන්න පුලුවන් තරම් ඔවුන්ගේ රසවින්දනය ගැන අදහස් අපිට තිබ්බා.
උදා ගී ඇහෙද්දී තමයි අපි උදේට නැගිට්ටේ . .
උදේ පාන්දර රම්‍යා වනිගසේකරගේ ආයුබෝවන් මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයයි . . මෙන්න ප්‍රවෘත්ති කියලා ඇහුවේ නැති නම් උදේට කෑවේ නෑ කෑවේ නෑ වගේ.
අම්බිගා ගීතයෙන් ගීතය යද්දී අපි නතර කරන අකුරින් පටන් ගන්න ගීත හොයල ඒ අයට කලින් කියන්න පොරකෑවා . . .
පිබිදෙන ගායක පරපුර අහනකොට පුංචි වුනත් අපි ඉහල පෙලේ ජජ්ලා වෙලා අපෝ එයා සෘතියට ගායනා කලේ නෑ . . එයාගේ කට හඬ පාලනය මදි වගේ විනිච්චයන් දුන්නා.
පැන විසඳුම් තරඟයෙදිත් අපි ගීතයෙන් ගීතය වැඩ සටහනේ වගේ එයාලට කලින් පිලිතුරු දෙන්න දැඟලුවා.
සැමුවෙල් ඇනස්ලි බර්ටි මර්සිගේ විනෝද සමය අපිව සිනා සාගරයක ගිල්ලෙව්වා.
දවල් දොළහේ ඉඳන් ගිය බයිලා ගී තීරුවත් හරිම අපූරුයි. එකේ ගිය මුළු ගතම වෙහෙසුනා . . දාඩියෙන් නෑවුනා . . කුස ගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා වගේ කැලිප්සෝ සින්දු ඇහෙන කොට දවාලේ ගිනියම් අවුවේ දාඩිය දාගෙන යකඩ තලන අපේ කම්මල් බාසුනැහේව මැවිලා පෙනුනා.
හවස පහේ ඉඳන් රෑ හත අට විතර වෙනකම් වාදනය වුනු සරල ගී තමයි අදටත් අපේ ප්‍රියතම ගීත.
මේ පරන රේඩියෝ මතකය අවුස්සන්න හිතුනේ හේතුවක් ඇතුව.
කෙනෙක්ගේ රසවින්දනය දියුනු කරපු මාද්‍යයක, සාකච්චාවකට ඒ කෙනාට ආරාධනාවක් ලැබුනොත් . . .
අම්මෝ කොයි තරම් සතුටක් දැනෙයිද . . මහා ලොකු භාග්‍යක් කියලා නොහිතෙයිද . . ?
ඔන්න මට ඒ භාග්‍ය අපේ බස් රේඩියෝ එකේ කට්ටිය උදා කරලා දුන්නා.
ඒ ගැන බස් රේඩියෝ එකේ සියළු දෙනාට මගේ හර්ද්‍යාංගම ස්තූතිය.
ලංකාවේ වෙලාවෙන් අද රෑ අටයි තිහට බස් රේඩියෝ එකේ කතා බස් වැඩසටහනට එකතු වෙන්නේ දුකා . . .
මෙන්න් මේ ලින්ක් එකෙන් බස් රේඩියෝ එකට සම්බන්ධ වෙන්න පුලුවන් . .
එහෙම නැති නම් මගේ බ්ලොග් එකේ උඩ දකුණු කෙලවරේ ලින්ක් එක උඩ ක්ලික් කලාමත් බස් රේඩියෝ එකට යන්න පුලුවන්.
බැරි වෙලාවත් අහන්න බැරි වුනොත් දවසක් දෙකක් පහුවෙලා මෙන්න මේ බස් රේඩියෝ බ්ලොග් අඩවියෙන් සම්පූර්ණ වැඩසටහනම අහන්න පුලුවන්.
එහෙනම් කතා බස් එකෙන් හමුවෙමු ඈ . . .
අහ් කියන්න අමතක උනා . ..
ඉස්සර රේඩියෝ එකේ මට අමතක වුනු වැඩ සටහන් මතක තියෙන අය ඉන්න බව මම හොඳින්ම දන්නවා . . .
ඩෝසා, සචී, හශිත, දුමී, කකා, තිසා, ඩීන්, මාරයා, ඕනයා, සපතේරු උන්නැහේ, අරුනි අක්කා, වෙද ගෙදර වෙදනා, නලිනි, බින්දි, චාමි, ටැබූ, ඉන්දික, සුජීව, අක්කන්ඩී, ඔබා මාමා, වෙනී . . මේ අයට වගේම තව බොහෝ අය ඇති ඒ වැඩ සටහන් මතක ඇති අය . . .
අනේ කරුනාකරලා මට අමතක උනු වැඩ සටහන් ගැන පොඩියක් ලියලා තියලා යන්න හොඳේ . . .
Pic From : http://www.austinpost.org/content/3d-radio