Sunday, February 5, 2017

හිණි මඟ !

ඉහල අවකාශය දකින්නේ කෙසේදැයි
සිතන්නවත් බැරි කල
අහම්බෙන් අතගැටුනු, 

පියෙන් පිය ඉහල යද්දී
තුතියක් පුදන්න වත්
අමතක වුනු,

ඉහලට නැඟුනු සැනින්
මළකෑ ඇණ මුරිසි
අඩු පාඩු දකින,

ඉහල අවකාශයේ 
අසිරි විඳින සඳ 
මේ මොන කසි කබලක්දැයි
පා පහර ලබන 

හිණි මඟ !

එනමුත් 
තවත් ඉහල යන්න අවැසි 
උන් ඇත්දැයි විමසා බලන, 
පා පහරවලින් නොසැලෙන...!

Pic from www.shutterstock.com

4 comments:

  1. ටිකෙන් ටික ඉහළටම යන්නට දුන්නු වෙර හොඳටම ඇතී
    ඉතින් ඉහළට ගිය පසුව මුල අමතකද එය හරි නැතී
    ළඟින් හිඳ නිති දිරිය ලැබදුන් කෙනෙකු වේ නම් ගුණ ඇතී
    හොඳින් රැකගනු එවැනි කෙනෙකුව ඔවුන්ගේ ගුණ නිම් නැතී.....

    කාලෙකට පස්සේ දුකා අපූරු කවියක් එක්ක ඇවිත්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. හ්ම්ම්ම් ඉනිමග...නියමයි.....

    ReplyDelete
  3. ඉනිමගට මම කියන්නේ, ඉන්න කෙනෙක්ව උඩට නග්ගලා අයින් වෙලා ඉන්නයි කියලා. බහින්න බැරිනම් පැනලා බෙල්ල කඩාගත්තත් මොකෝ.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails