Wednesday, September 7, 2011

මහින්ද චින්තනය . . !



පොඩි උවමනාවකට කලින් ආපු ඊමේල් එකක් හොයා ගන්න ඕන වෙලා ඔක්කෝම ඊමේල් පීර පීර හොයද්දී අහම්බෙන් මෙන්න මේක හම්බ උනා.

මේක 2005 ජනාධිපතිවරණෙදි ගෙවල් වලට තැපෑලෙන් ආපු පොත් පිංචක්.

සමහර අයට ඊමේල් මඟිනුත් ලැබිලා තියෙනවා.

එහෙම ලැබුනු (නමුත් මම අඳුන්නේ වත් නැති මගේ බ්ලොග් රසිකයෙක්) මගේ ඊමේල් එකට මේක එවලා තිබ්බා.

මතක හැටියට මම කොමෙන්ටුවකින් හරි ගූගල් බස් එකෙක හරි ඇහුවා මේ සටහනේ PDF වර්ෂන් එකක් තියෙන කෙනෙක් ඉන්නවද කියලා.

ඒකට පිලිතුරු ලෙස තමයි මම හිතන්නේ මේක මට ලැබුනේ.

හොඳ දෙයක් ලැබුනාම අපි බෙදා හදා ගන්න ඕනෑනේ . ..

ඒක නිසා ඔන්න මම මේක ෂෙයා කරන්න හිතුවා.

කැමති කෙනෙක් ඉන්නවනම් http://www.mediafire.com/?a380g8ors6h2j7c මෙතනින් බාගෙන කියවන්න.

31 comments:

  1. දැන් එතකොට ලංකාවෙ පුරවැසියන් විදිහට අපි මේක කියවලා තියෙනා ඕනද ?

    මොනාටද බං නිකන් හිත් තැවුල්, හිත් රිදීම් ඇතිකරගන්නෙ කියලා මම නම් ඔය ඕන නැති දේවල් කියවන්නෙ නෑ....!

    ReplyDelete
  2. http://status-chanaka.blogspot.com/2010/01/02.html
    මේ ඔය ප්‍රතිපත්ති ප්‍රකාශය යොදාගෙන මකරයියත් එක්ක කරපු ආතල් වැඩක් (පහුගිය ජනාධිපතිවරනය දවස්වල) :D

    ReplyDelete
  3. ඕක කියෙව්වාම ඇඩෙනවා ( සිරාවටම ) ඒ හින්දා කියවන්න බෑ..............

    ReplyDelete
  4. අපි මෙවුව කියවල තියෙන්න ඕනෙ . . . . මේ යන සිස්ටම් එක දිගටම ගියොත් මෙවුව ඉස්කෝලෙ පාඩම් පොත් වලට ඇතුලත් වෙන්න ඉඩතියනව . . . . කලිං කියවල තිබුනෙ නැත්නම් අපි මොනවද ඒ කාලෙට ඉස්කෝලෙ යන අපේ දරුවන්ට දෙන උත්තර ????

    ReplyDelete
  5. දුකා අයියාට අහුවෙන දේවල් :)

    ReplyDelete
  6. මොනවත් කියන්න බැරියෝ.... සුදුවෑන් එකක් එවයිදෝ...

    ReplyDelete
  7. මට කියනන් තියෙන්නේ ඔය මුලින්ම කමෙන්ට් කරපු හාදයා මේ රටේ පුරවැසියෙනක් නොවන වග :-D

    ReplyDelete
  8. අනික අපිට හිනා යන එව්වට ඇයි ඔය මුලින් කමෙන්ට් කරපු එකාට ඇඬෙන්නෙ?

    ReplyDelete
  9. අඩේ පිස්සු කරන්න එපා දුකා....ලොක්කට මල පැන්නොත් මේකෙ තියන සේරම කරලා ලංකාවම සුරපුරයක් කරලා දායි....එහෙව් මනුස්සයා..අනිත් එක ඊට පස්සෙ අපිට මෙහෙ ඉඳගන සැප ගන්න වෙන්නෙ නැහැ..අපේ ගෙවල් වල මිනිස්සු අපීව ගෙදර ගෙන්න ගනියි...

    ReplyDelete
  10. 2005 දිත් මට ඕක තේරුන් නෑ...අද බැලින්නන් තේරෙන්නෙම නෑ අයියන්ඩි....

    ReplyDelete
  11. අනේ මන්දා ඉතින්.... ඕක එදා කියෙව්වේත් නැ... චන්දේ තිබුනේ නැතුව ඇති... දැන් කියවලා ඕවා සසදන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නැ.. කොහොම උනත් නිවාඩුවක් දාලා හරි කියවන්න ඕනා..

    ReplyDelete
  12. උදේ ඉඳන් ටොයිලට් යන්න්න බැරිව බඩ වේලවලා තිබුනා ..හරිම අමාරුවෙන් හිටියේ .. මේක කියෙවුව ගමං ලෙඩ කොහෙං ගියාද නෑ ..

    ස්තූතියි දුකා අයියේ ..

    ReplyDelete
  13. සිරාම උත්තරේ දීල තියෙන්නෙ ඕං සඳරු කොළුවා තමයි.....! නිකන් මොනාටද අපිත් ඔය බඩ විරේක කොරගන්නේ......?

    ReplyDelete
  14. මචෝ උඹට දෙයියන්ගෙ හාල් කැවිලද..?

    ඉතුරු ටික ෆෝන් එකෙන් දෙන්නම්... ලෑස්ති වෙලා හිටපන්...

    ReplyDelete
  15. මේක විවේචනය කරන්නත් මුලින් කියවල ඉන්න එපාය.. නැතුව ඉතින් කරන්නන් වාලෙ ඔහෙ විවේචනය කරනවට වඩා ප්‍රබලව මතයක් ගොඩ නගන්න නම් කියවන්න ඕනි.. අද ගොඩක් අය කරන්නෙත් ඒක..

    ReplyDelete
  16. අනේ ඔය ඕන්නැති ඒව මොකට කියවනවද?

    ReplyDelete
  17. අපේ ගෙදරටත් ඕක තැපෑලෙන්ද කොහේද ආවා ඒකාලෙ. දැං ඕව කියවල පිච්චෙන ලේ ධාතුව වඩවාගන්න බිත්තර දහයක් පහලවක් වත් කන්න වෙන නිසා මං නං කියවන්නෑ.සදරුවට නං හොදයි ඕක. උදේට කරන වැඩේට සහය ගන්න රුපියල් විස්සක් වියදං කරනවට වඩා...:)

    ReplyDelete
  18. ඕක අපේ ගෙදෙට්ටත් ආවා. මම් ඔක්කොම කියවලා දැම්මා. සමහර ඒවා කෙරෙනවා උනාට සමහර ඒකා කෙරෙන්නේ නෑ.

    ReplyDelete
  19. ඕවා උඹලා අපිට තේරෙන්නේ නෑ... ඔය තියෙන්නේ තව අවුරුදු 75කින් කරණ දේවල්.. මේ දවස් වල කරන්නේ ඒකට අවශ්‍ය පසු බිම හැදීම...

    ReplyDelete
  20. හපොයි ආතල් කැඩෙන වැඩක් තමා !

    කියවන්නෙ නැතුව කොහොමෙයි කොමෙන්ට් දාන්නෙ. ඉන්නකො කියලම බලන්න. ඊට පසෙ කොමෙන්ට් දාන්න හිතෙයිද වෙන මොනා හරි කොරගන්න හිතෙයිද දන්නෙ නෑ...

    ReplyDelete
  21. සුරංගනා කථා කියවීම අත්හැර දමා ටිකක් කල් නිසා කියවීමට හිතක් නැත ,(වරක් උඩින් පල්ලෙන් කියවා ඇත ) .මා චින්තනයට වඩා කැමති යලි පුබුදම ශ්‍රි ලංකා එකටය .එය ඔය චින්තන සුරංගනා කථාවට වඩා ඵ්ලදායකය . නමුත් එජාපය නැවතත් එවන් එකක් ගේන්නේ නැත , ගෙනාවොත් දිනන්නේත් නැත(කොහොමටත් නොදිනන එක වෙනම කථාවක් :) ) එනිසා ඊලඟ ජනාධිපතිවරණයේදී චින්තනයේ තුන්වන දිගුවත් , එජාපයෙන් අලුත් සුරංගනා කථාවකුත් , ජවිපෙන් ( හෝ පඩික්කමෙන් ) අන්ධ භූත ජාතකයකුත් බලා ගත හැක . එයින් රසවත්ම සුරංගනා කථාවට හෝ සුරංගනා ක්ථාව රසටම කියන්නාට අපගේ වටිනා ( එහෙත් සත පහකට පලක් නැති ) ඡන්දය පුද කරනු ඇත .. ආසියාවේ ආස්චර්යම උදාවනු ඇත . ඉන්දියාවේ දරිද්‍රතාවය සහමුලින්ම නැතිවන දවසටත් ශ්‍රි ලංකාව මෙතනමය

    ReplyDelete
  22. අම්මට සිරි.මේකේ තියන ඒවා අම්බානක් කරල ඉවරයිනේ.දැන් මේකේ ඊලඟ දිගුව ගෙනත් තමයි රටට ආයෙත් වැඩ කරන්න පටන් ගන්න වෙන්නේ.

    ReplyDelete
  23. ඕවට කියන්නෙ සුරන්ගනා කතා කියල. මතකද මන්ද කට්ටියට JR‍ කිව්ව හැම පවුලකටම සතියකට ධාන්‍ය රාත්තල් අටක් දෙනව කියල. ඒක අමතකම වෙලා ගියා. හැමෝම කළෙත් , කරන්නෙත් චන්ද කාලෙට මේ වගේ ලස්සන කතා කියන එක. තව එකෙක් කීව මතකද හැමෝටම ගස් ලබු කන්න දෙනව, බ්‍රේස්ලට් දෙනව කියල. ප්‍රබාකරන් මහත්තය කිව්ව වගේ අපිට ඕනම දෙයක් අමතක වෙන්න යන්නෙ සති දෙකයි .

    ReplyDelete
  24. ඕකේ තියෙන දේවල්ම නොකෙරුවට ඔය කරලා තියෙන හරිය මැදෑ දුකා අයියේ. තව දවස් කීයද ආශ්චර්යයට...!!!!!!!!!!!

    ReplyDelete
  25. මචං මේක ලබාගන්න හැකියාව ඇතිකරාට නම් ස්තූතියි! හැබැයි ඉතින් මේකේ තියෙන පොරොන්දු අපේ ජීවිතකාලේ ඇතුලත්වත් ඉටුවෙයිදමන්දා?

    ReplyDelete
  26. මේකේ ලින්ක් එක එවපු එක නම් හරිම වටිනව.ඇත්තටම බැරි වෙයිද? මේවගේම දීපු "ජනතා න්‍යාය පත්‍රය" වගේ එවත් හොයා ගන්න.සොෆ්ට් කොපීස් නැත්නම් හාඩ් කොපීස් වුනත් කමක් නෑ..

    ReplyDelete
  27. 2005 දී පමණක් නොව 2010 ද කියවා ඒවා ගැන බලාපොරොතු තබා ගැනීම තෙරුමක් නැත. 2010 දී නම් එක නොව දෙකම එසේය. අනික මීට අන්තය.
    2005 දී අනික ගැන නම් ආවොත් කරනවා යයි විශ්වාසයක් තිබුණි. නමුත් ආවොත් කරන දේට අකමැති නිසා අනිත් පොතට නොව මිනිහාට කැමැත්ත දුනිමි.

    ReplyDelete
  28. ස්තූතියි බෙදාගත්තාට..
    ඉතා වටිනා ලියවිල්ලක්..

    ReplyDelete
  29. ස්තුතියි. පොඩි ඉස්කෝල වැඩකට මෙයින් එකක් හොය හොය හිටියේ.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails