Monday, January 18, 2010

මා කාටද මේක කියන්නේ . .. මා . . . කාටද මේක කියන්නේ . .. . . . !



මම බොහෝ කාලයක සිට සිතමින් සිටියා මගේ සිත් ගත් පැරණි රසාංග (පැරණි ගී) කීපයක් ඔබ සමඟ බෙදා හදා ගත යුතුයි කියා . . .

විශේෂයෙන්ම නිවාඩුවක දී නුගේගොඩ සුපර් මාර්කට් හි පහත මාලයේ ඇති කඩයකින් මා මිලදී ගත් සංයුත්ත තැටියක් මට ඒ අදහසට පොහොර දමනු ලැබුවා . . .එහි මිල ඉතා පුන්චියි නමුත් ලබාදෙන රසය කියා නිමා කල නොහැකියි . . .

ආර් මුත්තුසාමි අපේ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තැබූ සංගීතඥයෙක් බව ඔහුගේ ගී . . . ඔහු විසින් නිර්මිත තනු සහිත ගී . . . රසවිඳ ඇති ඕනෑම අයෙක් විසින් පිලිගනු ලබන බව මගේ වැටහීමයි . . .

මේ සංයුත්ත තැටිය ඔහු විසින් නිර්මිත ඔහුගේ ගී ඔහුගේ පුත් මෝහන් රාජ් විසින් සමහර ගී සඳහා නව ගීයක ගායිකාවන් යොදා නැවත පටිගත කල අපූරු තැටියක් . . .

මේ බ්ලොග් අවකාශේ නංගිලා මල්ලිලා බොහෝ දෙනෙක් නම් මේ ගී අසා ඇතිදැයි කියා මට නම් සැක සහිතයි . . . අසා බලන්න මේ ගී ඔබව කොතරම් ආනන්දයට පත්කරනවාදැයි . . .

. . . . . . . . . . . . . . . . . . . . . . . .

මම මගේ දෙනෙත වසා ගතිමි . . . දෙවියනේ . . . ඔබ ඇවිදින් මා අසලම සිටගෙන . . . මම මගේ දෑතින්ම දෙසවන වසා ගතිමි . . ඔබේ මියුරු හඬ මා වටේටම රැව් පිලිරැව් දෙන්නේ මන්ද මේ . . . දෙවියනේ . . මේ මදනලේ දැවටීගෙන එන සුලඟට ඔබේ සුවඳ කොහෙන් ලැබුනාද . . . මේ හැමදේම මගේ කැඩී ගිය පෙම් කැදැල්ලේ මතක සටහන් මට යලි යලි සිහිපත්කරවන්නේ මන්ද . . . අනේ මා මේවා කාටද කියන්නේ . . . දෙවියන්ගේ නාමයෙන් කියන්න මට ඇයි ඔබ පිටවෙද්දී ඔබට මේ සියළුම දේවලුත් රැගෙන යන්න අමතක වුනේ . ..

මගේ දෑසම පියවී යන්නේ . .

මගේ දෑසම පියවී යන්නේ . .
ඔබේ රූපය මයි දිස්වන්නේ . . .
මා කාටද මේක කියන්නේ . ..
මා කාටද මේක කියන්නේ . . .

මා සෑදුව කූඩුව කැඩුනා
මල් මාලය පරවී වැටුනා
සෝ සුසුම් හෙලා දෑසම නොබලා
කාටද මේක කියන්නේ . ..
මා කාටද මේක කියන්නේ . . .

අද ගං තලයේ දිය සිඳුනා
වැලි කතරක ඒ දිය ගිලුනා
මග මරු වැදුනා පහනද නිවුනා
කාටද මේක කියන්නේ . ..
මා කාටද මේක කියන්නේ . . .

මගේ මතකයේ හැටියට නම් මේ ගීතය ගයන්නේ සූරියකුමාර් මුත්තලගේ . .නමුත් මියුරුගී අඩවියේ ඇති ගීතය ගායනා කරනෙන මුත්තුසාමි මාස්ටර් විසින් . . .

මේ මියුරු ගීතය මෙතනින් අහන්න . . .

. . . . . . . . .. . . . . . .

මේ මංදාකිනිය පුරාවට පීදිලා තියෙන දාස් ගනන් තරු නිවි නිවී දිලෙමින් සිනා වෙන්නේ අප සමඟ නොවේද . . .?? මේ මාධුර්‍‍යය පිරුනු රාත්‍රිය අප වෙනුවෙන්ම සුසැදි ප්‍රේම නදියක් ලෙස ඔබට නිකමට වත් සිතෙන්නේ නැද්ද . . . එන්න ප්‍රේමිය . . මේ සුදු හංස රෑන් පෙම් රැඟුම් රඟන ප්‍රේම නදියේ ඇයි අපි තවත් පිහිනමින් සතුටු වෙන්න පමා වෙන්නේ . ..

මධුර යාමේ. . .

මධුර යාමේ සුව දෙසාමේ . . //
සිනහ වීලා එන්න රෑ මේ . .
ප්‍රේම නදියේ . . පීන පීනා
එන්න රෑ මේ . . ඕ . .
තරු සිනා සේ . . දෙනෙත පොපියයි . . //
මසිත පිබිදී සතුට රජවෙයි . .
ප්‍රේම නදියේ . . පීන පීනා
එන්න රෑ මේ . . ඕ . .
ඕ ඔ ඕ . . ඕ ඔ ඕ
හා . හ . හා . . . හා . හ . හා . . .

සුසුදු හංසයෝ විලෙහි සරතී
රසය ඇති තැන් කොහෙද සොයතී . . . //
දෑත විහිදා එන්න අඳුරේ. .
උන්ව අල්ලා ගන්න මිහිරේ . .
අතට අතදී . . .හිතට හිත දී. . //
රැල්ල විලසී එන්න පෙරලී . .
ප්‍රේම අන්දියේ පීන පීනා එන්න රෑ මේ . .
ඕ ඔ ඕ . . ඕ ඔ ඕ
හා . හ . හා . . . හා . හ . හා . . .

"සිතක මහිම" චිත්‍රපටියට ආර්. මුත්තුසාමි සමඟ සුජාතා අත්තනායක ගායනා කල මේ ගීතය මෙතනින් අසන්න පුලුවන් . . .

. . . . . . . . . . . . . . . . . . .

අනේ සුළං රැල්ල . . . ඔබ රැගෙන ආ ඔහුගේ සුවඳ මට නොදී ඔබ පලා යන්න නම් සිතනන්වත් එපා . . . ඔහු වෙනුවෙන් මගේ සිතේ උපන් සිතුවිලි මේ ගං දියේ නැගෙන සුලි මෙන් එක තැනම කැරකි කැරකී එක තැනකටම රොක් වෙනවාක් මෙන් ඔහු වටා පමනයි . . ඔහු පමනයි . . . නෑ මට වෙන ලොවක් ඔහු හැර . . . ඔහු එපමනකටම මගේ ලෝකය ආක්‍රමනය කල සැටි කොතරම් අපූරුද . . . ??? ඉතිං කෝ ඒ සොඳුරු කුමන්ත්‍රනකාරයා . . . ඔහුගේ පමාවෙන් මගේ සිත වේදනාවෙන් සැලෙන හැටි . . .

ආදරේ මන්දිරේ

ආදරේ මන්දිරේ
සඳළුතල එලිවෙලා
මීවිතේ . . මී පිරී
පිටාරය එයි ගලා . .. //

සුවඳ අරගෙන ඔබේ . .
සුලඟ මා වෙත එබේ . . //
සුහද ඔබ කිම පමා . .
සුසුම් රැල් යයි හමා . . . //

ගඟක බිහිවෙන සුලී
වැනිය හද සිතුවිලී . . //
නයන සනහන පුරා . .
කොහෙද මගේ පෙම්බරා . . . //

"ඔක්කොම හරි" චිත්‍රපටයෙන් වෙනුවෙන් මේ ගීතය ගායනා කරන්නේ සුජාතා අත්තනායක . . . මේ ගීතය මෙන්න මෙතනින් අසන්න පුලුවන් . . .

. . . . .. . . . .. . . .. . .

දෙවියනේ . . . ඔබේ කැදැල්ල උනුසුම පිරුනු සුව යහනාවක් කියා මා රැවටුන තරමක් . . . අපේ ප්‍රේමය මගේ හද සුවපත් කරන ඔසුවක් නොව වේදනාවෙන් හදවත පුලුස්සන රත්වූ යවටයක් බව වැටහෙන විට මා කෙතරම් පමා වීද . . . විවාහයට පෙර ඔබෙන් ලද මුදු වදන් වෙනුවට අද පිටවෙන මේ ගිනිදළු වන් රුදුරු වදන් මා සිතේ ඇතිකරන සංකාව මා කෙසේ විඳදරා ගන්නද . . .

පරම රමණී

පරම රමණී අපේ ආලේ
සදාකල් දුකට වී මූලේ . .
සමාජේ රුදුරු කාන්තාරේ . .
කොහේ අපි යනුද නොම තේරේ . .
පරම රමණී . . .

කිමද වෙන්නේ අනේ නොදැනේ . .
මෙයින් මතුදා . . ..
විදුලි හඬ ජලයකැයි සිතලා
මිරිඟුවකි ආවේ මා සොයලා
එයින් නෙත කඳුලී පිරිලා

ආ .. අ . . ආ . ..

විවාහේ මධුර රස ලොබ වී. .
මුලාවේ වැටුනේ අඳුරේ හී
ලැබෙයිදෝ . . මිහිර ප්‍රේමේ මේ
සදා දුක දෙයිද නොදැනේවී . .
සිතේ සැක ඒවි දැන් මතුවී . .

"නලඟන" චිත්‍රපටියට ජී. එස්. බී . රානි පෙරේරා ගායනා කල මේ ශෝකී ගීතය මෙතනින් අහන්න . ..

. . . . . . . . . . .

පියා සලන ඉගිල්ලී . ..

පියා සලන ඉගිල්ලී . . . //
රත්තරනේ . . .
පියා සලන ඉගිල්ලී
රත්තරනේ . . .
ඔබයි සුසුදු පරෙවි කිරිල්ලී . . . ..
පියා සලන ඉගිල්ලී
රත්තරනේ . . .
ඔබයි සුසුදු පරෙවි කිරිල්ලී . . . ..
පියා සලන ඉගිල්ලී . . ..

සිනා හලන වෙලාවේ . . රත්තරනේ
සිත පිබිදෙයි සඳසේ වලාවේ . . .//
නෙතේ කඳුලු පෙනීලා . .
මාස්ටර් . . මාස්ටර් . .
රත්තරනේ . .
ලේ වැගිරෙයි හද පෑරීලා .. .

ඔබේ වත මැලවිලා නම්
රත්තරනේ .. මගේ දුක වාවමිද කෙසේ මම් . . .//
ආ . . .
ඔබේ වත මැලවිලා නම්
රත්තරනේ .. මගේ දුක වාවමිද කෙසේ මම් . .
ඇදී සුරත ගනිද්දී . . රත්තරනේ මා මත්වේ මිහිර පිරෙද්දී . . .


මේ ගීතය ගැන නම් මා අතින් වෙන කිසියම් දෙයක් නොලියවෙන තරම් . . . එපමනටම මේ ගීතයට අදාල චිත්‍රපටියේ රූප රාමු මේ ගීතයේ අන්තර්ගතය පවා ගිලගෙන කියා මා කීවොත් මේ රූප රාමු නරඹා ඇති කෙනෙක් මා නම් සමඟ එකඟ නොවේද . . . ?

චිත්‍රපටිය : අල්ලපු ගෙදර
නළු නිළියෝ : හි‍යුගෝ මාස්ටර්, ජෝ අබේවික්‍රම සහ සුරූපී නිළි කැලැරිස් ද සිල්වා.

(මේ චිත්‍රපටිය සිනමා ශාලාවේ නරඹන්න මා රැගෙන යද්දී දෙමාපියන් කියන හැටියට මට වයස අවුරුදු 2ක් හෝ 3ක් පමන ඇතිලු . . . නමුත් පසුකාලීනව මේ ගීතය හැර සිනමා පටිය මා නරඹා නැති බව පමනක් මා දනිමි . . )

තට්ටු නිවාස ගොඩනැගිල්ලක උඩුමහලක හියුගෝ මාස්ටර්, ජෝ කාරයා (අපේ අම්මා ඔහුව හඳුන්වන නම )සහ තවත් මිතුරන් නවාතැන් ගෙන සිටී . . .

ඔවුන්ගේ සැඳැල්ලෙන් පෙනෙන අල්ලපු ගෙදර නිවසේ හිංදි නිළියන් පරදවන සුරූපී රූ සපුවක් හිමි තරුණියක් වාසය කරයි . . . මෙහා ගෙදර සියළුම තරුණයන් ඈට උමතුවෙන් මෙන් පෙම් කරනු ලබයි . . .

කෙසේ නමුත් සංගීත හැකියාව නිසාම ඇයට සංගීතය ඉගැන්වීම සඳහා හියුගෝ මාස්ටර් මේ තරුණියට ලංවීමට ඉඩ ප්‍රස්ථාලබා ගනී . . .

මේ ගීතය උගන්වමින් සිටින අතරතුර "රත්තරනේ . . " කියමින් තරුණියගේ නිකටින් අල්ලමින් සිටියදී මෙහා ගෙදර සැඳැල්ලේ සිට ජෝ කාරයා හියුගෝ මාස්ටර් ට "බූරුවා. . මී හරකා . .. කැරපොත්තා. . . ගැඩවිලා . . යනදී වචනයෙන් බැනවදිමින් එහාට මෙහාට ගමන් කරන දර්ශනය මේ ගීතය අසන හැම මොහොතකම මැවී පෙනී සිනා උතුරා යන බැවින් ඉන් එහාට දෙයක් සිතීමට වත් මට නම් ඉඩක් නොලැබේ . ..

මේ අපූරු ගීතය ගායන කරනෙන මුත්තුසාමි මාස්ටර් සමඟ සුජාතා අත්තනායක. මේ ගීතය මෙන්න මෙතනින් අසන්න

. . . . . . . . . . . . . . . . . . . .

සෙස්ස පස්සට . . .මේ ලිපියේ ඉතුරු කොටස මතුවට ලියන්න සිතාගෙන සිටිමි . ..

24 comments:

  1. බොරු මොකටද මීට අවුරුදු 8 9 යකට විතර කලින් සිරස ටීවී එකෙන් මුත්තුසාමී මාස්ටර් ගේ අනුස්මරණ වැඩසටහනක් කලා.. එයින් පස්සේ තමයි මමත් මේ සිංදු ඇහුවේ.. මොකද ඒ කා‍ලේ නිතරම මේ සිංදු අහන්න පුළුවන් උනා.. මොනා උනත් ලස්සන සිංදු ටික..!

    ReplyDelete
  2. එළ මචාන්.. ලස්සන සින්දුටික.. ඕව දැන් ඇහෙන්නෙත් නෑ නෙ..

    ReplyDelete
  3. පරණ වුනත් හැම කාලෙකම රස විදින්න පුළුවන් අමරණීය සින්දු මේවා..

    ReplyDelete
  4. නියමයි දුකා අයියා සිරා සින්දු ටික

    ReplyDelete
  5. මේ ගීතෙ පරන වුනාට රසයනම් කවදවත් පරන වෙන්නෙ නෑ.මේ වැඩේ දිගටම කරගෙන යන්න.හරිම වටිනවා.

    ReplyDelete
  6. කවුද කියන්නෙ අපි මේව අහල නෑ කියල? මෙත සිංදුවලින් බහුතරයක් මම අහල තියනවා කියන්න පුළුවං.

    නමුත් ඩවුන්ලෝඩ් කරන්න තරං කික් එකක් තියෙන්නේ "මගේ දෑසම පියවී යන්නේ..." විතරයි. මොකද දන්නෙ නෑ! :O

    ReplyDelete
  7. ඉස්සර මේ සීඩී එකේ කැසට් එක අපේ ගෙදර තිබුනා. මුත්තුසාමි කියන්නෙ අපේ තාත්තාගේ කැමතිම ගායකයින් ගෙන් එක අයෙක් අනික් කෙනා මිල්ටන් මල්ලව ආරච්චි.
    මේ පෝස්ට් එක අපේ තාත්තාට පෙන්නුවාම තාත්තා කිව්වේ .ram ෆයිල් ටික භාගෙන සින්දු ටික ආයිත් රැකෝඩ් කර ගන්න ඕනි කියලා. පරණ ගී මේ වගේ හොයල දෙනවට උඹට ජාතිත් පිං දුකා අයියා...!

    ReplyDelete
  8. දුකා අයියේ මම නම් පරණ සින්දු ගැන ගොඩක් දන්න කෙනෙක් නෙමේ. ඒ උනත් මුත්තුසාමි මාස්ටර්ගේ සින්දුවලින් භාගෙකට වඩා හින්දි සින්දු කොපි. මෙතන දාල තියෙන සින්දු 3ක් හින්දි කොපි මට මතක විදියට. ඒ කාලෙ ඔක්කොම තිබ්බෙ ඉතින් හින්දි කොපිනෙ. අල්ලපු ගෙදර ෆිල්ම් එකම හින්දි කොපියක්.කේමදාස මාස්ටර් මේවා ප්‍රසිද්ධියේ විවේචනය කලා.

    ReplyDelete
  9. අද කාලේ සිංදුවක් මේ කිට්ටුවෙන් තියන්න පුළුවන්ද?

    කෙල්ලෙක් නාන ඇඳුමක් ඇඳගෙන ඉන්න කෑල්ලක් හරි කොට ඇඳුමක් ඇඳගෙන හරි
    වීඩියෝ කෑල්ලක් දාලා නිකං ....

    හපෝ....

    ඒත් කොහොමද මේ පරණ සිංදු ටික....
    මැක්සී නේද........

    /බිඟුවා...!

    ReplyDelete
  10. මලී කිව්වා වගේ මේ සින්දු ටික දැනට අවුරුදු කීපයකට කලින් නිතරම අහන්න විතරක් නෙමෙයි සජීවි ගායනයත් දකින්න ලැබුනා.. ඉතින් මේ සින්දු කටපාඩම් වුනා නිකම්ම.. පස්සේ කාලෙක කැසට් එකක් විදිහටත් ආවා.. මාත් ආසම සින්දු කීපයක්... සමහර ඒවා නම් හින්දි කොපි.. මගේ බ්ලොග් එකේ මං ඔරිජිනල් ඒවා ගැන විස්තර දාන්නම්... තැන්කුන් දුකායියා මතක් කලාට..

    ReplyDelete
  11. පට්ට දුකා, නියමයි!! සිරා වචන හා සිංන්දු ටික.

    ReplyDelete
  12. ස්තුති නමුත් බාගන්න තැන් නැද්ද...
    හරි මමත් හොයලා බලන්නම්.
    කොහොම උනත් පරන සිංදු ලස්සනයි..

    ReplyDelete
  13. ම්ම්ම්ම්ම්..... මේ සිංදු මට කොහේදී හරි ඇහුනොත් අහං ඉන්නවා.. නැතුව, මම විශේෂයෙන් අහන්නේ නෑ...

    ReplyDelete
  14. අපෙ ගෙදරත් ඔය කැසට් එක තිබුනා මට මතකයි..ලස්සන සිංදු සෙට් එක... හැබැයි මම අකමැති දෙයක් තමයි හින්දි තනු අරගෙන තනු නිර්මාණය තමුන්ගේ කියලා දාගන්න එක.. තනුව අරන් නිර්මාණය කලාට මුල් අයිතිකරුට නිසි ඇගයීම දෙන්න ඕන.. මම ඕක අපේ සමහර පැරණි කාලාකාරයන්ගෙ මම දකින හරි නැති වැඩක්... ඒ කාලේ වැඩිය පිටරට දේවල් ඇහුනෙ නැති නිසා රසිකයන්ට මේක එච්චර ගානක් උනේ නැහැ... අද කාලෙ අය ඔය වැඩේ කරන්න ගියාම අපිට පොඩි හිරිකිත ගතියක් එන්නෙ අපිට එවගේ මුල් නිර්මාණ නිතරම ඇහෙන නිසා...

    ReplyDelete
  15. අද තියෙන කාලෙන් කාලෙට ඇවිත් යන සින්දු, visual එක නිසා විතරක් ජනප්‍රිය වෙන සින්දු වලට වඩා මේව ගොඩක් වටිනවා. ඉතුරුවත් ලියන්න දුකා...

    ReplyDelete
  16. මීට පෙර අසා තිබෙන බවක් දැනෙනවා, නමුත් මතකයේ තිබුණේ නෑ. බොහෝම ස්තුතියි දුකෝ!!!

    ReplyDelete
  17. @malee_msg !
    ඔව් . . මේ සින්දු දැන් කොච්චර පරනද නමුත් තාමත් ඒවා හොඳින් රසවිඳින්න පුලුවන් . . .

    @ජනුක !
    දැන් එෆ් එම් නාලිකා වල කරන්නේ මිනිස්සුන්ගේ රසවින්දනය දියුනු කරන්න උදව් කරන එක නෙමෙයි තියෙන ටිකත් නැති කරලා දාන එකනේ මචන් . .

    @ LG !
    ඇත්ත තමයි නංගී මේවා අමරනීය සිංදු . .

    @ කසූ !
    එළ එළ . . ඔයාලා වගේ අලුත් පරම්පරාවේ අය වෙනුවෙන්ම තමයි මේවා දැම්මේ . . .

    ReplyDelete
  18. @ප්‍රියන්ත කරුණාරත්න !
    අනිවා . . . තවත් සෙට් එකක් තියෙනවා පස්සේ වෙලාවක් ලැබුනු ගමන් ලියන්නම් . . . අහ් ඒක නෙමෙයි ඔයා තාත්තා කෙනෙක් වුනා නේද . . .සුභපතනන්ත් බැරි වුනා පහුගිය දවස් වල වැඩ වැඩි නිසා . . . ඔන්න එහෙනම් මගේ සුභ පැතුම් . . .

    @Supun Budhajeewa !
    මම දන්නවා මලේ උඹට "මගේ දෑසම පියවී යන්නේ" ගීතය විතරක් ඩවුන්ලෝඩ් කරන්න හිතුන රහස . . හික් හික්

    @LishWish !
    අහ් තාත්තයි පුතයි දෙන්නම හොඳ කලාකාරයෝ එහෙනම් . . . කලාව හොඳට රසවිඳින්නෝ . . . එල එල . . .

    ReplyDelete
  19. @ත‍රිඳු !
    මෙහෙමයි තරිඳු . . කවුරුන් මේවා ප්‍රසිද්ධියේ විවේචනය කලත් ඒ කරපු නිසා මමත් අකමැතියි නොකියා . . අපේ හිත් වලට දැනෙන දේ ගැන කතා කරමුද . . .

    මේ වා හිංදි කොපි උනත් මිනිසුන් අතර ජනප්‍රිය වුනේ අර "ගේමක් දීලා හිරේ ඉඳලා මේ අවුරුද්දේ චන්දෙන් දිනලා හොරකම් කරනවා" වගේ මොකක් හරි දාන්නම් වාලේ වචන නොදා මිනිසුන්ගේ හදවත් වලට කතාකරන පදමාලා දාපු නිසා නෙමෙයිද. . .???

    අනික ඒ කාලෙත් හිංදි උන්මාදයක් තිබුනු කාලයක් අපි හිතනන් නරකයි මේ ගීත අහපු අය ඔරිජිනල් හිංදිගීතය නො අහපු අය කියලා . . . මගේ අම්මයි ලොකු මාමයි ඒකට හොඳ උදාහරන දෙකක්. . තව මම දන්න අය ගොඩක් ඉන්නවා . . .

    අනික අපේ කාලවේ (ජන කලාවේ නෙමේ - ගීතයේ චිත්‍රපටියේ ආදී)ඉන්දියානු ආභාශය කොහොමත් ඉස්සර ඉඳන් තිබුනා කියලා තමයි මගේ හැඟීම ඉතිං ඒකෙන් අයින් වෙලා නිර්මාන කරන්න ඒ අයට අපහසු වෙන්න ඇති . .

    ReplyDelete
  20. @බිඟුවා...!
    එල එල උඹලා රසවින්දානම් මට සතුටුයි . .

    @Udara || උදාර මදුෂංක !
    අනිවාර්යෙන් මල්ලී . . .දාන්න ඔයාගේ හිංදි ගී බ්ලොග් එකේ එතකොට අපිට පුලුවන් ඔරිමජිනල් එකයි ඩුප්ලිකේට් එකයි දෙකම රසවිඳින්න . . .

    @Madhuka!
    එල එල . . ඉතුරු ටිකත් ඉක්මනට දාන්නම් . ..

    @රවා !
    මියුරුගී සයිට් එකේ තියෙන ඒවා නම් කොලිටි එක අඩුයි . . .ඔය සී ඩී එක ගන්න පුලුවන් නම් රුපියල්ක් 150යි නේ එකේ නියමෙට කරලා තියෙනවා . . සුජාතාගේ සමහර ගීත නිරෝෂා කියන්නේ . . මුත්තුසාමි මාස්ටර්ගේ ගීත මෝහන් රාජ් කියන්නේ . . .ඒක ගන්න ට්‍රයි කලා නම් තමයි හොඳ . . .

    @ පිස්සා !
    අපි නම් පාර්ටි දාන වෙලාවට ඕල්ඩ් හිට්ස් වලට වෙනම කාලයක් වෙන්කරලා ඒවා කියනවත් එක්ක . . . ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවානේ මචං . . .

    ReplyDelete
  21. @Ishara !
    ඕනෑම කෙනෙකුගේ නිර්මාණයක් ගෙඩි පිටින් කොපි කරලා එහි මුල් නිර්මාණය කරපු කෙනා ගැන සඳහනක් නොකරනවානම් ඒක සදාචාර විරෝධීයි . . .

    මගේ හැඟීම නම් කොපි කිරීම නෙමෙයි මේ උඹත් කිව්ව වගේ ඒ ගැන සඳහන් නොකිරීමයි වැරද්ද . . .

    මට මතකයි පහුගියකාඑල බ්ලොග් එකකක් තිබුන කසුන්ගේ "මල් මිටක්" සින්දුවේ සංගීතය ගැන වාදයක් . . කාලයක් අමරදේව මාස්ටර් ගායනා කරන "නිම් හිම් සෙව්වා මා සසරේ" ගීතය ගැනත් ඔය වගේම වාදයක් තිබුනා . .

    ReplyDelete
  22. @indik !
    ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න හිතාගෙන ඉන්නවා . . පොඩි කාලයක් දෙන්න මම මේ නිවාඩු යන්න ඉන්න නිසා ලබන සතියේ මේ ටිකේ වැඩ වැඩියි . ..

    ReplyDelete
  23. @~බිன்ku~ !
    මට හරිම සතුටුයි කලින් මේ ගී වැඩිය අහල නැති උඹ වගේ කීප දෙනෙකුටත් . . මතකයෙන් අමතක වෙමින් ගිය අයටත් මේ ගී ගැන සිහිකැඳවීමක් ලබා දෙන්න මට හැකිවීම ගැන . .

    ReplyDelete
  24. මරු සිංදු ටික. පළමු වෙනි එක නම්, මගේ හිතටත් හොඳට වැදුනු එකක්. මමත් පරණ සිංදු එකතු කරනවා.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails