Tuesday, December 22, 2009

ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 2වෙනි කොටස



කලින් කොටසින් . ..

"හැම මොහොතෙම ඈ ලඟ හිටියත් නොහිටියත් මට දැනෙන සුවඳ . . ඇගේ හිසකෙස් වලින්, බෙල්ලෙන් එන සුවඳ මාව සුපුරුදු පරිදි පැරනි මතකයක් ලඟට මටත් නොදැනිම ගෙන ගියා. . . .. "

නිලූ දෝනිව කුසේ දරාගෙන කොන්දේ වේදනා විඳිමින් සිටි අතීතයේ දවසක, කාර්‍‍යාලයේ වැඩ අධික කම නිසාත් නිමා කරන්න අපහසු රාජකාරියකට දින ගනනක් වෙහෙස වී නිදි මැරීම නිසාත් හටගත් හිසරදයකින් පෙලෙමින් සිටි මා දිනක් සවස පහට පමන නිවසට පැමිණියේ බොහෝම අපහසුවෙන්.

වෙනදා පරිදි ගැලවූ පාවහන් පාවහන් රාක්කයට වත් නොදා දොර ලඟම ගලවා දැමුවා. කමිසය ගලවා පුටුවක් මතට විසිකලේ සුපුරුදු පරිදි ඇඳූ ඇඳුම් අපේ නාන කාමරයේ කිළුටු ඇඳුම් බහාලනයට දමන පුරුද්දත් අමතක කරමින්. . . !

"නිලූ මගේ ඔලුව පැලෙන්න තරම් කැක්කුමයි" කියූ මා එක් වරම ඇඳට වැටුනේ නින්දෙන් වත් සහනයක් ලැබේවී යැයි උපකල්පනයෙන්.

සුළු මොහොතකින් වේදනා නාශක පෙති දෙකක්, වතුර වීදුරුවක්, ඕඩි ක්ලෝන් බෝතයලයක් සහ ඕඩි ක්ලෝන් තැවරූ රෙදි කැබැල්ලක් රැගෙන නිලූ එනවිට මා එදෙස බැලුවේ හිස ඔසවන්නේ නැතුවම.

"මේ පැනඩෝල් දෙක බොන්නකෝ . . . නලළට මේ ඕඩි ක්ලෝන් රෙදි කෑල්ල දැම්මාම සනීපයක් ඒවි"

"නෑ පැනඩෝල් විතරක් ඇති"

"කිව්වම අහන්නකෝ ඉතිං. කෝ ඔලුව උස්සලා මගේ ඔඩොක්කුවේ තියන්න මම ඔලුව පොඩ්ඩක් මසාජ් කරන්නම්" ඇඳ විට්ටමට හේත්තු වෙන්නෙත් නැතුවම නිලූ මගේ ඔලුව එයාගේ ඔඩොක්කුවේ තියා ගත්තා.

එකපාරටම නින්දට වැටුනු මට දැනෙන්න ඇත්තේ පාවෙනවා වගේ හැඟීමක්. . . . නින්ද කොපමන කාලයක්ද කියා සිතා ගන්නවත් අපහසු නිමේශයකදී මට දැනුනේ එක්තරා සුපුරුදු සුවඳක්. . . .දෑස් නොඇරම මම ඒ සුවඳ තේරුම් ගන්න උත්සාහ කලා . . . .

නිවාඩුවට ගමේ ගිය වෙලාවල් වලදී ගමේ ආච්චිගේ චීත්තයක් පොරවාගෙන, ඇගේ ලඟින් ඈව බදාගෙන, ඈ මගේ හිසේ නියපොතු අනිමින් සිටියදී නිදා ගන්න විට දැනෙන සුවඳ මෙන් සුවඳක් . . . . . අම්මා සෝෆා එකේ ඉඳගෙන ටී වී එකේ ටෙලි නාට්‍යය බලද්දී ඇගේ ඔඩොක්කුවේ හිස තියාගෙන,මගේ කකුල් සෝෆා එකේ දිගා කරගෙන ඉන්න විට අම්මා ඇගේ ඇඟිලු තුඩු වලින් හිස අතගාන විට දැනෙනවා වැවි සුවඳක් . . . . . .

හෙමීට ඇස් ඇරපු මම දැක්කේ එක අතක් කොන්දට තියාගෙන අනිත් අත ඇඳේ ඔබාගෙන මගේ හිස ඇගේ ඔඩොක්කුවේ තබාගෙන අපහසුවෙන් ඉන්න නිලූ . . . . !!

එක් වරම නැගිටගත් මා බැලුවේ ඔරලෝසුව දිහා . .. වෙලාව රාත්‍රී 9.10යි. පය හතරක් පමන එක දිගට මම නිදාගෙන.

"මෙච්චර වෙලා ඔයා මෙහෙමද හිටියේ "

"ඔව් . . . "

"ඔයාට පිස්සුද?? මාව අහකට තල්ලු කරලා දාන්න තිබුනානේ . . ඔයා මේ කොන්දේ අමාරුවෙන් ඉන්න කෙනා. . ."

"නෑ මට ඔයාට ඇහැරවන්න පව් කියලා හිතුනා. . ඔලුව කොට්ටයක් උඩින් තියන්න ගිහින් ඔයාව ඇහැරුනොත් කියලා මම එහෙමම හිටියා"

. . . . .

එදා ඒ දැනුනු සුවඳත් . . . අද මේ දැන් දැනෙන සුවඳත් . . . . දෙකක් නොව එකක්ම යැයි මගේ සිත කීවා . . . .එදා ඒ දැනුනේ ත්, . . . මෙදා මේ දැනෙන්නේ ත් . . . ඈ ලඟ සිටියත් නොසිටියත් මට දැනෙන්නේ ත්. . . ස්ත්‍රීත්වයේ සුවඳද ??? මාතෘත්වයේ සුවඳද ??? . . . . මගේ හිත මගෙන්ම ප්‍රශ්න අහනවා . . . .

නෑ ඒ ස්ත්‍රීත්වය, මාතෘත්වය හා මුසු වුනු ආදරයේ සුවඳ . .. මගේ හිතම පිලිතුරු බඳිනවා. . .. !!

අපි ඈතට ඈතට පා නඟලා . . . . !

මගේ දුරකතනයේ නාදය මගේ ප්‍රියතම ගායකයාගේ ගීතයක් . . .

"ඉක්මනට ආන්සර් කරන්න දෝනි ඇහැරෙයි නැත් නම් . . ." මගේ තුරුල්ලෙන් මිදුනු නිලූ මා ව හෙමීට තල්ලු කලා.

"තිලා . . . මම නුවර පාරට දාන්න හදන්නේ . . මොකෝ කියන්නේ එක වාහනේම යන්ද. . ? ඕකේ නම් මම උඹලගේ ගෙදරට එන්නම්"

මගේ කාර්‍‍යයාලයේ මිතුරා හෙවත් අපේ බිස්නස් ඩිවෙලොප්මන්ට් මැනේජර් නෂීම්.

"අනේ ලොකු දෙයක් මචං. . . මම ඊයේ ටිකක් නිදි මරලාත් ඉන්නේ . . . වරෙන් වරෙන් එහෙනම්"

. . . .

"ඔන්න මම දෙන්නටම උදේටයි දවල්ටයි කෑම ලෑස්ති කලා" . . . පිටත් වෙන්න හදද්දී කෙසෙල් කොලේක ඔතලා පාර්සල් කරපු බත් පාර්සල් දෙකකුයි, උදේ කෑම එකයි වතුර බෝතල් දෙකකුයි නෂීම් ගේ වාහනයේ පිටිපස ආසනයට දාන ගමන් නිලූ කියනවා.

"අහ් එහෙනම් අදත් ඔෆිස් එකෙන් පිට කියලා නෑ නිලූගේ කෑම වල රසවිඳින්න පුලුවන්" නෂීම් කියන්නේ සතුටින් පිනා ගිය මූනකින්.

. . . .

"බලපන්, නිලූත් කොලිෆයිඩ් ආකිටෙක්ට් කෙනෙක් වෙලත් කොච්චර නිහතමානිද. අපේ වැඩ වලට ත් කොච්චර හෙල්ප් එකක් දේන්වාද සද්දේ නොකරම . . ." පිටත් වෙලා සුළු මොහොතකින් රිය ධාවනය කරන ගමන් නෂීම් පවසන්නේ හැඟීම්බරව.

මුස්ලිම් සමාජයක හැදීවැඩුනු අයෙක් වුවත් අන්තවාදීයෙක් නොවූ නෂීම් ඔහුගේ බිරිඳට අන් මුස්ලිම් සැමියන් මෙන් වාරන නීති රීති පනවා නැති අයෙක්. එවැනි සැමියෙක් සමඟ සතුටින් ජීවත් වීමට ඕනෑ තරම් ඉඩ කඩ තිබියදීත් තමන්ගේ විහින් සකසා ගත් කුඩා කොටුවක් තුල ජීවත් වනවා වැනි ජීවිත රාමුවක් සදාගෙන ඉන් පිට ලෝකයක් ගැන සිතන්න වත් අකමැති වූ රිෂායා, නෂීම්ගේ සමාජශීලී ජීවිතයට වැට කඩොළු බඳිමින් ඔහුගේ ඔහුගේ ජීවිතයට මහා බරක් එක් කරන ගමන් ඇයගේ ලෝකයේ වැඩකඩොළු ශක්තිමත් කරමින් සිටින්නියක්.

"ඔව් මචං මම උඹට කිව්වේ අපි මොනා හරි ඩිසයින් එකක් ගැන ඩිස්කස් කරන වෙලාවට එයාටත් ජොයින් වෙන්න කිව්වාම ඇවිත් අහගෙන ඉඳලා මොනා හරි අප්සෙට් තැන් තියෙනවානම් මට ශේප් එකේ කියනවා මිසක් එයත් හැම දේම දන්නවා කියලා පෙන්නන්න හදන්නේ නෑ " මම කිව්වේ සියුම් ආඩම්බරයකින්

"ඔව් ඒක තමයි මාත් කිව්වේ වෙන ගෑනියෙක් නම් පැනලා දෙනවානේ අනිත් අය ඉස්සරහා මාත් දන්නවා කියලා පෙන්නන්න. අනික බලහන් උඹේ යාලුවෝ ඔක්කෝටම එයා එයාගේ යාලුවන්ට වගේ සලකනවා. උඹ හරි වාසනවන්තයි ඒ වගේ කෙනෙක් ලැබෙන්න"

ස්වාමියෙකුට තමන්ගේ බිරිඳ ගැන මිතුරෙකුගෙන් හෝ තෙවන පාර්ෂවකරුවෙකුන් එවැනි ගුණවැනුමක් අසන්න ලැබෙනවාට වඩා වෙනත් සතුටක් ලැබිය හැකිද . . . ?

. . . . .

මතු සම්බන්ධයි . . . !

අවසන් කොටසට මෙතනින් යන්න . .

25 comments:

  1. නියමයි ඊලග එකත ඉක්මනට ලියන්න. ;)

    ReplyDelete
  2. Amazing.., waiting for next episode..! keep it up da good work machan

    ReplyDelete
  3. ඔය අන්තිමට කියලා තියෙන ගුණ වැනුමේ කතාව නං සහතික ඇත්ත අයියේ.අනිත් කොටසත් ඉක්මනට ලියන්න!

    ReplyDelete
  4. එල එල! ආයෙ සති ගණන් ඉන්න ඕනේ නෑ. අනික් කොටහත් දැම්මනම්...

    ReplyDelete
  5. බොහොම සුන්දරයි....!

    ReplyDelete
  6. සුන්දර කතාවක්. හැම පවුල් ජිවිතයක්ම මේ වගේ වෙනව නම් ලෝකේ කොච්චර සුන්දර වෙයිද?

    ReplyDelete
  7. ඇත්තටම ආදරය මේ තරම් සුන්දර ද.....! අත්විදින්න ආසයි.
    ඊලග කොටස ඉක්මනටම ලියන්න

    ReplyDelete
  8. [said]
    වෙලාව රාත්‍රී 9.10යි. පය හතරක් පමන එක දිගට මම නිදාගෙන.

    "මෙච්චර වෙලා ඔයා මෙහෙමද හිටියේ "

    "ඔව් . . . "
    [/said]

    නෑහ්! මේ සිරාද? :O

    ReplyDelete
  9. තාත්තා උනත් මා බත සරි කරන...
    අම්මා නුඹයි මගේ දරුවන් රකින..

    අමරදේව මහත්තයාගේ සිංදුවක් මේ සිංදුව දුකා අයියාගේ කතාවේ කොතනට හරි එනවා නම් මම කැමතියි.. සැමියෙක් බිරිදකට ‍කියන ලස්සනම සිංදුව(තෑග්ග)ඒකයි කියලයි මට දැනෙන්නේ.. මේක කියවද්දි මට දැනුනේ ඒක.. අනේ කොහෙට හරි දාන්න හොදේ.. ප්‍රේකෂක ඉල්ලීම්නේ මේවා.. :)

    ReplyDelete
  10. @සරදියල් !
    හරි මචං . . .පුලුවන් ඉක්මනට ඉතුරු ටිකත් දාන්නම් . . .

    @LishWish!
    Yo, u knw hw busy I am now a days rte?? Be patient dude It’ll come soon . . . !

    @මුචලින්ද !
    උඹ බැඳලත් නැතුව කොහොමද බං ඒක සහතික ඇත්ත කියලා කියන්නේ . . හික්ස්

    ReplyDelete
  11. @Prabath !
    හරි හරි මචං සති ගනන් ඉන්නේ නැතුව ඉක්මනටම දාන්නම් . . . පොඩ්ඩක් මේ දවස් වල පොඩි පොඩි වැඩ වගයකට හිර වෙලත් ඉන්නේ . .

    @සචී !
    සචී මට මතක් වෙනකොටත් හිනා යනවා මූනු පොතේ සුදේෂ් දාපු කමෙන්ට් එක. . . .

    "ඊයේ රාත්‍රියේ මටත් ඔය වගේ වැඩක් වුනා බලනකොට මට නින්ද ගිහින් තියෙන්නේ අල්ලපු ගෙදර චම්පාගේ උකුල උඩ දුකෝ"

    උගේ කමෙන්ට් එකට පස්සේ ඔයා සුන්දරයි කියලා ලිව්වාම . . .

    මම ඔයාව කේන්ති ගස්සන්නමයි ඇහුවේ සුන්දරයි කිව්වේ "සුදේෂ් චම්පාගේ උකුලේ නිදා ගත්තු එකද සුන්දර" කියලා . . හික් හික්

    ReplyDelete
  12. @දිලාන් !
    හැම පවුල් ජීවිතයක්ම මේ වගේ කර ගන්න ඕන මචං . . . එතකොට තමයි සාර්ථක ව්‍යාපාරිකයෝ, ලේඛකයෝ, කවියෝ, මෙකී නොකී සියලුම "පොර" වල් බිහි වෙන්නේ . . !
    ඇයි තව . . . යහපත් සමාජයට වැඩදායී දරුවෝ . . . . !!

    හැමෝම උත්සාහ කරමු . . .

    @රුචක!
    අනිවාර්යෙන් . . . . ඉක්මනට අත්විඳින්න ලැබේවා කියලා පතන්නම් . . .

    ReplyDelete
  13. @Supun Budhajeewa !
    මගුලක් කතා කරනවා (හිනා) ඇයි උඹට එක දිගට පැය හතරක් නින්ද යන්නේ නැද්ද කොල්ලෝ . . ??? හික් හික්

    @e_msg!
    හරි හරි මලී . . . මේ සිංදුව නම් දාන්න අදහස් තිබුනේ නෑ . . . ඒත් වෙන සිංදු ටිකක් නම් දාන්න හිටියා . . . ප්‍රේක්ෂක අහ් නෑ පාඨක ඉල්ලීම් අහක දාන්නත් බෑ නෙව . . අනිවාර්යෙන් දාන්නම් . . .

    ReplyDelete
  14. එල. දුකා...
    අනිත් කොටස කෝ???

    /නිශාන්ත

    ReplyDelete
  15. @ නිශාන්ත අනුරුද්ධ !
    ඒක මඟ එනවා මචං . . .

    ReplyDelete
  16. දුකා අයියා.., අදයි මම පළමු වන වරට මේක කියවන්නේ භරිම අපූරුයි.....

    ReplyDelete
  17. @දුකා:

    වැරදි කොනෙන් නේ දුකා අල්ලගෙන තියෙන්නේ! :P

    මම සිරාද කියලා ඇහුවේ;

    [said]
    "මෙච්චර වෙලා ඔයා මෙහෙමද හිටියේ "

    "ඔව් . . . "
    [/said]

    කියන කොටස.

    ReplyDelete
  18. හරි චෝයී..
    පැණි බේරෙනවා...

    ReplyDelete
  19. ලියමු ලියමු දුකා ඉඩක් ලෑබුන ගමන් කියවනවා

    ReplyDelete
  20. මම මූණු පොතේ කමෙන්ට් එක දානකොට සුදේෂ්ගේ කමෙන්ට් එක තිබුණෙ නෑ...එයත් ඒක ඒ වෙලාවෙමයි දාන්න ඇත්තෙ. ඉතිං කරුමෙට මගේ කමෙන්ට් එක පෝස්ට් උනේ ඊට පස්සෙ. මදැයි!!! :-)

    ReplyDelete
  21. @Sampath S!
    අහ් හරි මල්ලී. . . දිගටම රැඳී ඉන්න කෝ . . .

    @Supun Budhajeewa !
    ඔව් බන් සිරා . . . !

    @.::පිස්සා::.!
    කූඹිත් එයිද දන්නේ නෑ එහෙනම් . .. hiks

    ReplyDelete
  22. @NUWAN"s lane!
    මම දන්නේ නැතුවැයි නුවන් . . . !! ela ela

    @සචී !
    hik hik hik .. . . .

    ReplyDelete
  23. me kathawa nam kiyawanawa.
    ara kalin eka mokakda
    "Hiru payan na epa mage lowata"
    eka nam kiyawan na bari una

    meka ela kiri

    ReplyDelete
  24. @ Dam

    Kalin eka diga wadi wage neda???
    meke nam tawa eka kotasakin iwarai . . .
    ikmanata dannam ekath . .
    tnx . . .

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails