Sunday, September 13, 2009

විවාහකයින් සියලුම දෙනාට එක වරක් හෝ දික්කසාද වීමට ඉඩ සලසා දිය යුතුයි . . . !




විවාහකයින් සියලුම දෙනාට එක වරක් හෝ දික්කසාද වී නැවත ටික කලෙකට පසු පරන සහකාරයා හෝ සහකාරිය සමඟ නැවත විවාහ වීමට ඉඩකඩ සලසා දිය යුතුයි කියන එක බොහෝ කාලයක් තිස්සේ මගේ සිතේ පැල පදියම් වී තිබෙන අදහසක් . . . . .

මගේ අම්මෝ . . මෙන්න හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් තියෙන වර්ගයේ බොරු සුචරිතවාදියෝ රෑනක් මගේ පස්සේ පන්නනවොඅ . . .මේ සමාජ ද්‍රෝහියාව එල්ලා මරව් කියලා ලිප්ටන් වටරවුමේ පිකටින් කරනවොඅ . . . දුටු තැන වෙඩි තියන්න කියලා ආඥාවකුත් නිකුත් කරලා . . . .

හෝව් හෝව් . . . මට කියල ඉවර කරන්න දුන්නේ නෑනේ . . . !

ටිකක් මගෙන් අහල බලන්නකෝ ඇයි මේ වගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරන්නේ කියලා . . .

මෙන්න මේකයි . . . දුකා කියන්නේ ටිකක් සමාජශීලී පුද්ගලයෙක් . . . සමහර අවස්ථාවල එක් එක් සමාජ ස්ථර වල මිනිසුන් ඇසුරු කරන්න ලැබෙනවා . . . ඒ වගේම තමාගේ පුද්ගලික සිදුවීමක් . . . රහසක් . . . ප්‍රශ්නයක් . . . සිත රිදවන කිසිවෙකුට පැවසිය නොහැකි යමක් අන් අයට තමාගේ පුද්ගලිකත්වය පළුදු වෙන ලෙස භාවිතා නොකරයි යන විශ්වාසයෙන් යුතුව පැවසිය හැකියි කියා කෙනෙකුට විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙක් . . . විසඳුමක් නොදුන්නත් . . . පන්සලකට පල්ලියකට ගිහින් පවු සමාකරගන්නවා වගේ බෝධි රාජයාට තමාගේ දුක් පවසනවා වැනිව සාවදානව තව කෙනෙකුගේ දුකක් . . . කරදරයක් . . . "අනේ මේ කෙනා එයාගේ දුක මට කියන එකෙන් එයාගේ සිත සුවපත්වෙනවානම් . . . මගේ වටිනා කාලය ගතවුනා වුනත් කම් නෑ . . " කියා සිතා අඩු තරමින් අසා සිටින්න වත් තරම් සාමාකාමී . . . හර්ද්‍යාංගම කෙනෙක් . . .

තමන්ට තමන්ම සුදු හුනු ගා ගන්නවා කියා චෝදනා එල්ල කරන්නෑ ඔන්න . . . හරිද . . . ?

ඔන්න එහෙව් දුකාට ගොඩක් අයගේ පවුල් ජීවිත වල ගැටුම් . . . අඬ දබර . . . සිත් රිදවීම් . . . අදහස් නොගැලපීම් . . . අභූත චෝදනා . . . බාහිර පුද්ගලයින්ගේ බලපෑමෙන් ඇතිවන ආරවුල් . . . නැන්දම්මගේ කෙනෙහිලි . . . නෑනලගේ රැවුම් ගෙරවුම් . . . ආදී මෙකී නොකී ප්‍රශ්න පත්තර දුකා ඉදිරියේ දිගහැරීම නිසා දුකාට යම් තරමකට වැටහීමක් තියෙනවා කුටුම්භ ඝට්ටන හෙවත් . . . පවුල් ආරවුල් ගැන . . .

ඉතිං මෙකී නොකී ආරවුල් වලදී දුකා විනිසුරුවරයෙක් ලෙසට නොව අසන්නෙක් ලෙසට සවන් දීමේදී දුකාගෙම හිතට එක් එක් ආකාරයේ අදහස් එනවා . . .
“මේ ප්‍රශ්නෙදිනම් මේ මනුස්සය තමයි ලොකු වැරැද්දක් කරල තියෙන්නේ . . . එයාට මේ විදිහට කරන්න තිබුනා . . . “
“ඔව් ඔව් මේ කියන විදිහට මේ මනුස්සයාගේ බිරිඳ ටිකක් මේ මනුස්සය ගැන සානුකම්පිතව හිතල බලන්න ඕන . . .”
"මොනා වුනත් මෙයා එයාට එහෙම කතා කරපු එක වැරදියි . . . "
"නෑ නෑ එයා කවුරු කොහොම කිව්වත් මේ මනුස්සයා එක්ක ජීවත් උනාට පස්සෙ වත් මෙයා කවුද කියල තේරුම් ගන්න බැරිනම් එයාගේ උගත්කමිනුත් වැඩක් නෑනේ . . . "

ඔය කොයි ආකාරයේ අදහස් දුකාගේ ගොං මොලේට ආවත් ගොඩාක් වෙලාවට දුකා නෙමෙයි කිසි උපදෙසක් දෙන්නේ . . . මොකද උපදෙස් දෙන්න ගිහින් ප්‍රශ්න තිබුනටත් වැඩිය අල වෙලා පවුල් අවුල් උනොත් ඒ පාපකර්මේ මේ ගොං බූරු මගේ උපදෙස් නිසා නොවේදෝ ඒ ආනිසංසෙන් මට අවීචි නරකාදියේ ලෝදිය ඩ්‍රින්ක් එක ටේස්ට් කරන්න වෙයිදෝ කියලා තියෙන බයෙන් උපදෙසක් නොදීම බැරි අවස්ථාවක හැර දුකා උපදෙස් දෙන්න යන්නේ නෑ . . .
"අපි හැමෝගෙම වැරදි තියෙනවා . . ."
"නෝබොඩි ඊස් පර්ෆෙක්ට් . . . "
"අපි හැමෝම පෘථග්ජන මිනිස්සුනේ . . . "
"හෙමිහිට තෙරුම් කරල දෙන්න බලන්න . . . . "
"තේරුම් ගන්න කාලයක් දෙන්න . . . "
"තීරන ගන්න හදිස්සි වෙන්න එපා . . . "
"එයාගේ පැත්තෙන් ප්‍රශ්නේ ගැන හිතන්න . . . "
ඔය වගේ කොමන් පිලිතුරු ටිකක් තමයි දුකා බොහේ විට උපදෙස් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන අයට ලබා දෙන්නේ . . . මොකේ දුකා කියන්නේ කවුන්සලින්ග් කරපු එකෙක්යැ . . . මහලොකු පොරක්යැ . . . හදවතේ ප්‍රතිබිම්භයවූ මූනේ ලස්සන හිනාවක් තියෙන නිකං සිම්පල් පොරක් විතරයිනෙ . . .

ඔය හැම ප්‍රශ්නයක්ම ඒ පැත්ත මේ පැත්ත හරවලා . . කපල කොටල . . අඹරල මිරිකල . . පුම්බල ඔබල බලල . . . විශ්ලේශනය කරල බැලුවාම තමයි මට ඔය ඉහලින් තියෙන මම කියපු බරපතල ප්‍රකාශය නිකුත් කරන්න හිතුනේ . . .

මිස්ටර් මහඹබා අන්කල් ගෑනුන්ට පිරිමි හොයල දෙනකොටයි . . . පිරිමින්ට ගෑනු හොයල දෙනකොටයි . . . හොඳට හොයල බලල තමයි සෙට් කරන්නේ කියල ගොඩාක් ජෝඩු දිහා බැලුවාම හිතෙනවා . . . උදාහරනයක් විදිහට . . . .
"නාස්තිකාර බෙබේ පොරවල් වලට විනීත අරපරිස්සම් ශ්‍රියාකාන්තාවෝ සෙට් කරල දීල තියෙන්නේ . . ."
"මාසෙකින්වත් නාන්න අකමැති හඩුගඳ ගහන අපිරිසිදු ගෑනුන්ට දිනපතා නාන පිරිසිදුකම ගැන මහාඉහලින් හිතන පිරිමි සෙට් කරල දීලා තියෙන්නේ . ."
"සින්ඳු කියල ට්‍රිප් ගිහිල්ලා ජොලි කරන්න කැමති පොරවල් වලට ඒ වගෙම ජොලියට බර පොරීල සෙට් කරල දීලා තියෙන්නේ . ."
"කන්න බොන්න වත් රුපියල් සීයක් වියදම් කරන්න අකමැති xxxත් (වසුරුත්) පුච්චගෙන කන්න හිතන වර්ගයේ ලෝභ කුනාලට ෆේශල් එකකටම රුපියල් 5000ක් විතර වියදම් කරන ජාතියේ නාස්තිකාර ගෑනු සෙට් කරල දීලා තියෙන්නේ . ."

ඔහොම ඔහොම හිතලා බැලුවාම හැම එකා / එකීටම ලැබිලා තියෙන්නේ නැතිනම් මහඹබා අන්කල් සෙට් කරලා දීලා තියෙන්නේ . . . තමන්ටම හරියන එකා / එකී තමයි කියලා හිතෙනවා . . . නමුත් කරුමෙකට වගේ හැම එකාම / එකීම හිතන්නේ . . . අනේ මට මූට වඩා හොඳ එකෙක් එක්ක යන්න තිබුනා . . . අනේ මට මේ මලහොන්තුව නැතුව හොඳ එකක් ගේන්න තිබුනා . . . වගේ කියලා තමයි මට නම් හිතෙන්නේ . . .

මිනිස්සු එහෙම හිතනවා කියලා කියන්න පොදු උදාහරන කීපයක් ලෙසට සුමිත්‍රා රාහුබද්ද මහත්මියගේ "අග පිපි මල්" නවකතාවත් . . . ඒ නවකතාව ඇසුරින් වසන්ති චතුරානි මහත්මිය නිපදවපු "අග පිපි මල්" ටෙලි නාට්‍යයත් . . . අචලා අලස්, රොජර් සෙනෙවිරත්න සහ ශ්‍රියන්ත මෙන්ඩිස් රඟපාපු "ඉඳිකඩ අස්න" ටෙලි නාට්‍යයත් නන්දා මාලනී මහත්මියගේ පහත ගීතයත් දක්වන්න පුලුවන් . . . . (මේවා සාර්ථක නිර්මාන . . . නිර්මානයක් සාර්ථක නිර්මානයක් වෙන්න නම් ඒවා තාත්වික (රියලස්ටික්) . . . අර්ථවත් එකක් විය යුතුයි කියලයි මට නම් හිතෙන්නේ . . .)

නෙලා ගන්න බැරි හින්දයි

නෙලා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට ලස්සන . . . .
නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන . . .

සීන මවාගෙන දහසක් තනියෙන් රස විඳපු . . .
බිතු සිතුවම් රූ මෙන් හද තෙලිකඩ මත ඇඳපු . . .
ලොවට හොරා පැස පුරවා ගෙනවිත් හැඩ බලපු . . .
ලස්සන නැති හැටි මල් වල ඉස්සර මම නෙලපු . . .

මුහුන දෙමින් සැඩ පහරට අනංගයා විදපු . . .
නොදැක හිටපු දවස් වලදි ඉකි බිඳ බිඳ හඬපු . .
කාත් කවුරුවත් නැති තැන තුරුලු වෙලා දොඩපු . . .
පැහැය සුවඳ කොහි ගිහින්ද මල් වල මම නෙලපු . . .

ඕනෑම දෙයක නියම වටිනාකම දැනෙන්නේ එය අපෙන් ඈත්වුනාමයි කියලා කියනවානේ . . . (වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් . . . හැඬූ දා කඳුලයි දකින්නේ සිනහවේ සරදම් . . . කියලා සුනිල් එදිරිසිංහ මහත්තයත් කියල තියෙනවානේ )

ඒක නිසා ටික කාලයක් දෙන්නට දෙපසට වෙලා ඉන්න තියෙනවානම් දෙන්නට දෙන්නගේ අගේ තේරෙයි කියලා මට හිතෙනවා . . .
"අනේ එයා මට කිසි දේකින් අඩු පාඩු කලේ නෑ නේද . . . "
"පව් ඒ මනුස්සයා රෑ තිස්සේ ලමයින්ගේ වද විඳලා විඳලා හැමදාම පාන්දරින් නැගිටලා මට කෑම හදලා දෙනවා . . "
"එයා කොයි වෙලාවක වත් නෑ බෑ කියන්නෙ නැතුව එයාට ෂර්ට් එකක් වත් නොගෙන මට සාරියක් ඉල්ලුවාම ගෙනත් දෙනවා . . ."
"මට එයා උඹ නොදකින් කියලා නෑ . . . නිය පිටින් පාරක් ගහල නෑ . . . "
"පව් මම බැන්නහම මී හරකි වගේ අඬනව විතරයි . . ඒත් තේ එක වෙලාවට ගෙනත් දෙන්න අමතක කරන්නේ නෑ . . ."
"අනේ එයා වගේ තාත්තෙක් මේ ලමයින්ට කොහෙන්ද . . . කවදාවත් බත් කන්නේ නෑ ලමයි කාලද කියල හොයල බලන්නෙ නැතුව . . . "
"පව් ඒ මනුස්සය . . . උදේ ඉඳන් මැරිල මැරිල ගෙදර වැඩයි . . ළමයින්ගේ වැඩයි . . . . ඔක්කොම තියෙද්දිනේ මම ගොනා වගේ ඒ ගෑනිගේ අඟට කඩන් පනින්න්නේ හැමදාම බොරු වැරදි වලට . . . "

ඔය වගේ දේවල හිතලා තමන්ගේ සහකාරිය / සහකාරයා ගැන නියම වටිනාකමක් ලබා ගන්න අවස්ථාව ලබා දෙන්න තමයි මම කිව්වේ . . . .

"විවාහකයින් සියලුම දෙනාට එක වරක් හෝ දික්කසාද වී නැවත ටික කෙලෙකට පසු පරන සහකාරයා හෝ සහකාරිය සමඟ නැවත විවාහ වීමට ඉඩකඩ සලසා දිය යුතුයි" කියා

41 comments:

  1. දැන් තාවකාලිකව මහණ වෙන්නත් පුළුවන් කාලේ නරකම නැහැ දුකාගේ අදහසත්...

    ReplyDelete
  2. @ ඩෝසන්!
    එල එල . . . ටික කාලෙකට දික්කසාද වෙලා මහන වෙලා . . . සිවුරු හැරලා පරන එකම ආයෙත් හරිගස්ස ගත්තනම් හරි නේද . . . ?

    ReplyDelete
  3. බදින්න ඉස්ස‍රවෙලා ඔය හදහන් සීන් එකට එන්ටර් වෙන්නේ නැතුව රූම් අස්සේ ෆිල්ම් හෝල් අස්සේම ඉන්නේ නැතුව දෙන්නට දෙන්නා තේරුම් ගන්න දෙදෙනාගේ ජීවිතය සැලසුම් ක‍රන්න සමාජයේ විවිද ගැටලු හා ඊට මුහුන දෙන ආකාරය ගැන කතාක‍ර ගන්න වැඩි කාලයක් ගතක‍රනවා නම් ඕවා ඕන නෑ නේද?

    ReplyDelete
  4. wede tiyenne aye parana ekama kara ganeewida kiyalai......... hodai dukama awankawa kiyanna oya parana wife wama aye badinawada?????????

    ReplyDelete
  5. මම පොඩි කාලෙ හිතන් හිටියෙ දික්කසාද වෙනවා කියන්නෙ කසාදෙ තව දික් කර ගන්නවා කියලා expired වුනාම

    ReplyDelete
  6. @ රන්දීර වීරකෝන් !
    බඳින්න කලින් හැමෝම කරන්නේ ලොකු බොරුවක් මල්ලී . . . නියම දෙන්නා එලියට එන්නේ බැන්දට පස්සේ . . . .

    අනික මූද හත්ගව්වක් දුර තියා අමුඩ ගැහුවට . . . . මුහුදට බැස්සම වැඩ කරන්නේ කලින් කතාවුනු විදිහට නෙමෙයි . .. තම තමන්ගේ චරිත ලක්ශන වලලින් හැඩ ගැසුනු විදිහට . . .

    ඒකයි මම කිව්වේ නියම කෙනාව හරියට අඳුරගෙන මුලින්ම සිදුවෙන එපාවීම නිසා ටික කාලයක් වෙන් වෙලා ඉඳලා . . . මට මීට වැඩිය හොඳකෙනෙක් ආයේ මේ කපේදී ලැබෙන්නේ නෑ කියන එක සහතික උනාට පස්සේ . . . නියම පුද්ගලයාට කැමැත්තෙන් එකිනෙකාගේ වැරදි අඩුපාඩු ඉවසමින් එකිනෙකාට හැඩගැහෙමින් ජීවත් වෙන්න ඒ දෙන්නාටම ආපහු එක් වෙන්න අවස්ථාව දෙන්න ඕන කියලා. . .

    ReplyDelete
  7. @ Anonymous !
    මගේ අවංක අදහස නම් . . . නොදන්න දෙයියට වැඩිය දන්න යකා හොඳයි කියලා හිතලා . . . මේ යකාම තමයි මට ගැලපෙන්නේ කියලා . . . යකාගේ විදිහට විමානේ හදාගෙන . . . යක්කුන්ටයි දෙයියන්ටයි එකාට ඉන්න බෑනේ . . උඹත් යකා නම් මමත් යකා කියලා දෙයියව එලවලා යකා බැඳගෙන . . . පරන බෙරේම කරේ එල්ලගෙන සතුටින් ඉන්න ට්‍රයි කරන එක . . . !

    ReplyDelete
  8. @ Chanaka Aruna Munasinghe!

    නියම ඉමැජිනේෂන් එකක් එල එල . . !

    ReplyDelete
  9. @ Chrishi !
    ඒකනේ . . . අන්න උඹට තේරුනා . . . සිරාවට මේක ජෝක් එකකට නොගෙන දන්න කියන අයගේ විවාහ ජීවිත එක්ක නිකමට හිතල බලන්න . . . මම නම් මගේ අම්මටයි තාත්තටයිත් කියනව ඔය දෙන්න ටික කාලයක් ඩිවෝස් වෙලා ඉඳලා බලන්න කියලා . . . ! ඊට පස්සේ සතුටින් ඉඳී ෆුල් ජොලියේ . . .

    ReplyDelete
  10. දුකා මෙහෙමයි මමත් ගොඩක් යාලුවො ආශ්‍රය කරනවා.උන් බදින්න කලින් හා බෑන්දාට පසුවත්.ඒත් ගොඩ දෙනෙක් ඉන්නේ අර කලින් තරම් සතුටෙන් නිදහසෙන් නම් නෙමෙයි.ඉතින් අපි ඔය ...වෙන වෙලාවට අපේ ගොඩාක් කතා කරනවා මේ ගෑන.ඒත් මට තේරෙන විදියට කාන්තාවො සීයක් ගත්තත් ගොඩක් වෙලාවට හිතන්නෙ පතන්නෙ, අඩන්නෙ ඔන්ක්කොම එකයි.ගොඩාක් වෙලාවට සමානකන් වෑඩියි ඒත් පිරිමි ඊට වඩා වෙනස් එක්කෙනාට එක්කෙනා ගොඩාක් වෙනස්.මටත් ඒ අත් දෑකීම් අනුව වෙලාවකට හිතෙනවා බෑන්දා කියන වචනේ විවාහයට කියන්නෙ යෙදුනෙ හරියටම හරි නෙ කියලා.

    ReplyDelete
  11. මට නං හිතෙන්නේ විවාහ නොවීම ඉන්න එක හොඳයි කියලා... මාර නිදහස්....!

    ReplyDelete
  12. @ NUWAN"s lane !
    කාන්තාවෝ ගත්තොත් . . . එයාලා පිරිමින්ගෙන් සීයට සීයක්ම පර්ෆෙක්ට් අය වෙන්න ඕන කියල බලාපොරොත්තු වෙනවා . . . අපි හිතමු සහකරු ලස්සනයි . . . සල්ලි තියෙනවා . . . ලෝභ නැතුව වියදම් කරනවා . . . හැබැයි එයා මිතුරු මිහුරියන් ඇසුරු කරන සමාජාශීලී කෙනෙක් කියලා . . අන්න එතනදි සහකාරියට හිතෙනවා අනේ මේ මොනා තිබුනත් මම බලාපොරොත්තු උනේ වෙන අය කිසිකෙනෙක් නැතුව මාව විතරක් ලගතියාගෙන ආදරේ කරන මිනිහෙක් . . . අනේ මට එහෙම එකෙක් ලබුනේ නෑනේ කියලා දුක්වෙනවා . . .

    ඉතිං ඔය වගේ අවස්ථාවල් වලදී අනවෂ්‍ය ප්‍රශ්න ඇවිත් වලි ගොඩ වෙනවා . . . ටිකක් දුරස් වෙලා හිටියොත් මට හිතෙනවා හිතෙයි කියලා අනේ ඉතින් මට කිසි අඩුපාඩුවක් නොකරන එකේ . . . එයාගේ සතුට මිතුරු ඇසුර නම් එයත් ජීවිතේ සතුටක් ලබපුවාවේ . . . කියලා මානුශිකව හිතයි කියලා . . .

    ReplyDelete
  13. @ ශාකුන්තල!
    විවාහ නොවී ඉන්න පුලුවන් නම් හොඳයි කියලත් හිතෙනවා . . .ඒත් ජීවිතේට කිසි ගැම්මක් නැති වෙයි කියලත් හිතෙනවා නොබඳ හිටියොත් . . . !

    සුනිල් ආරියරත්න මහතා වරක් කියා තිබුනා පුවත්පතකට "මගේ ඕනම දෙයක් අනුකරනය කරන්න . . . අවිවාහක බව නම් අනුකරනය කරන්න එපා " කියලා . . .

    මට හිතෙන්නේ ඒක පස්ස්සේ කාලෙක මහා දුකක් . . සාංකාවක් වගේ ෆීලින්ග් එකක් වෙයි කියලයි . . . !

    ReplyDelete
  14. නියම කතාවක් දුකා.
    බඳින එකත් හරියට ඇඹුල් කනව වගේ කියනවනේ. අනිත් අය කනව දැක්කම කනකන් ඉන්න බෑ. කන්න පටන් ගත්තම තමයි තේරෙන්නෙ රඟ.

    දුකා කිව්ව හරි. බඳිනකන් හැමෝම කරන්නෙ බොරුවක්. ඒක පේන්න ගන්න කොට ප්‍රමාද වැඩියි.
    රන්දීර කියනව වගේ තේරුම් ගන්න පුලුවන් නම් හොඳයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනව. එකිනෙකා නොගැලපෙන බව තේරුම් ගත්තොත් මොකද වෙන්නෙ. ලංකාවෙ අය ඒත් උත්සාහ ගන්නෙ කොහොම හරි ගැට ගහගෙන දිගටම එකට ඉන්න. බුද්ධියෙන් මේ තත්වය තේරුම් ගන්න පුලුවන් අයත් හැඟීම් වලට මුල් තැන දීල කසාදය කරගන්නව. අන්තිමට ජීවිත කාලයම දුක් විඳිනව, නැත්නම් දික්කසාද වෙල තමන්ගෙ දරුවන්ටත් ඒ දුක දෙනව.

    ReplyDelete
  15. විවාහය ගැන එළම එළ ලිපියක් තිබ්බා දැක්කාද ?

    එදා ඇය සමග සිනමා ශාලාවේදී ලයිට් නිවනකල් බලා සිටි මම.

    ReplyDelete
  16. පිටරටවල නං ඉතින් ඔය ව‍ගේ ඕනෑතරම් සීන් තියෙනවා කියලා තමයි මටනං ආරන්චි. අඩුගානේ පොඩ්ඩ බැරිවෙච්ච ගමන් දික්කසාද වෙන එකවත්... (අතිශයෝක්තියකුත් එකතු කරලා කි‍ව්වේ, ඒ අය හරිම නිදහසේ දික්කසාද වෙනවා කියලා...) ලංකාවේ (ව‍ගේ රටවල) තමා ඉතින් එහෙම බැරි. ඉස්සරනං ඉතින් ඔය කට්‍ටිය දික්කසා‍ද වෙන්නේ නෑ නෙව. ගේ අතඇරලා දාලා ටික කාලයකට අම්මලයි ගෙදර යනවා නෙව. ඉතින් ආයෙත් ආපහු මහත්තයා එනවා නෝනාව එක්කගෙන එන්න යන්න. සමහර විට නෝනාම ආපහු ගෙදරට එනවා නෙව. ඉතින් දික්කසාද වෙන්නම ඕනේ නෑ... හැබැයි ඉතින් දැං කාලේ නං ඉතින් ඒක අමාරුයි. මොකද පරණ මහගෙවල් කඩලා නෑයෝ ඔක්කොම තනි තනි ගෙවල් හදාගෙන නෙව.

    මේ, ඔය දුකා නෙවෙයි. අර සින්දු ලියන දුක්ගන්නාරාළ මේකට සම්බන්ධ කෙටිකතාවකුත් ලියලා තිබුනා කියලා තමයි මට නං මතක.

    ආ... මේ තියෙන්නේ...
    http://rala.info.lk/?p=13

    ReplyDelete
  17. හපොයි මම නම් පොඩි 1කා මට අත්දැකීමුත් නෑ හැබැයි මේ ක්‍රමෙත් නරක නෑ

    ReplyDelete
  18. @ NeoN!
    ස්තූතියි . . .

    @ Anonymous!
    මම ඒක කියෙව්ව . . . නියම ලිපියක් . . . හැබයි ඒකත් චන්ද්‍ර අනගිරත්නගේ ලිපියක් වගේ කියල තමයි මට හිතුනේ . . . !

    @ ushan!
    උඹ පොඩි එක නම් මේ ක්‍රමෙත් නරක නෑ කියල හිතුනේ කොහොමද . . .හික්ස් . . . !

    ReplyDelete
  19. @ The Chinthaka!
    ඒක තමයි . . බැන්ද නිසා "බැඳගත්තු බෙරේ ගහනව කියන " මතයෙන් වෙනස් වෙලා . . .ඇත්තටම එකිනෙකා කෙරෙසි සෙනෙහසින් බැඳී ජීවහ් වෙන්න පුලුවන් නම් කොච්චර හොඳද . . .ඒකටයි මම මේ ක්‍රමේ යෝජනා කරල බැලුවේ . . . !

    ReplyDelete
  20. @ Supun Sudaraka!
    ලංකාවේ දික්කසාද වෙන්න අමාරු නිසා ඇත්තෙන්ම සුදාරකමල්ලි කියනව වගේ දෙන්නා සාමදානෙන් ඔයාට මාව එපා වෙලානේ . . මටත් ඔයාව එපා වෙලා . . . අපි දෙන්නට අපි දෙන්නාවම ඕන කියල හිතෙන දවසක් එනකම් ටිකක් වෙන්වෙලා ඉමු කියලා වෙන් වෙලා ඉන්න එක එහෙනම් හොඳ ක්‍රමයක් වෙයි . . .නේද . . .?

    ReplyDelete
  21. යස් ඇත්ත... ‍එහෙම නීත්‍යානූකූලව දික්කසාද ඕනි නෑ.. දෙන්නා වෙන වෙනම ගමනක් බිමනක් ගිහිං තනියෙන් ටිකක් ඉදලා ආවම හරිනේ.. ඒත් ඉතිං අපේ රටේ එහෙම බැහැනේ.. පිරිමියෙක් තනියෙන් යන එක අවුලක් නැති වුනත් ගැණු කෙනෙක් තනියම නෑදෑ ගෙදරකට හරි තමන්ගෙම ම‍හ ගෙදරට හරි ගියත් අහන්නේ කෝ මහත්තයා මොකුත් ප්‍රශ්ණයක්ද කියලනේ.. සේරටම කලින් අපේ මිනිස්සුන්ට පුරුදු කරන්න ඕනී හැම කෙනෙකුටම අතිශය පුද්ගලික වූ තමන්ගෙම ජිවිතයක් තියනවා ඒකට ගරු කරන්න ඕනී කියලා.. ඊට පස්සේ පුළුවන් ඔය සේරම කරන්න.

    ReplyDelete
  22. @ malee_msg !
    ඒක නම් ඇත්ත මලී . . මෙතනදි මම හිතාගෙන ලිව්වේ . . .විවාහක දෙදෙනෙකු එකිනෙකා කෙරෙහි අකමැත්තෙන් නොසිට . . . මේ මට ලැබුනු හොඳම වස්තුවයි කියලා රියල් ලව් ෆීලින්ග් එකකින් එකිනෙකා කෙරෙහි ආදරෙන් . . . දයාවෙන් . . .බැඳගත්තා වෙනුවට නොයිඳ . . . සතුටෙන් ඉන්න ඕන නිසා බැන්ඳා කියන තේමාවෙන් ජීවිතේ හදා ගන්න මේ වගේ දෙයක් යොදාගන්න බැරිද කියන දේ මිසක . . . තුන්වෙනි පාර්ශව කරුවන්ගේ මතවාද ගැන නෙමෙයි . . .

    ReplyDelete
  23. සොරි දුකා අයියා.. අපි ඒ කිව්වේ මම තාම තුන්වෙනි පාර්ශවයට අයත් අය නිසා.. ඕවා ගැන හැමවෙලේම බැලෙන්නේ පිට ඉදන්. ඒකයි.. ඇතුලට යන්න කලින් ඔයාලා වගේ අය අවුල් ජරමර විසදලා ක්ලීන් කරලා දෙන්න හදන එක නම් සෑහේන්න වටිනවා.. අම්මපා!

    ReplyDelete
  24. @ malee_msg !
    මටත් හරි සතුටුයි නංගි මගේ ලිපි වලින් කාට හරි ජීවිතේට ගන්න පුලුවන් දෙයක් දෙන්න මට පුලුවන් වුනා කියන එක ගැන . . .!

    ReplyDelete
  25. ඔවි පොඩ්ඩක් හරි ඈතින් හිටියොත් දන් ලස්සන නහෑ කියල හිතන මල ඉස්සටත් වඩා දන් ලස්සනයි කියල අත්තටම දනගන්න පුලුවන්.

    ReplyDelete
  26. @ Anjana !
    ඒක තමයි . . . ලඟ නැතිවුනාමනේ මචං නියම වටිනාකම දැනෙන්නේ . . !

    ReplyDelete
  27. ඒ වෙන්වී ඉන්න අතරේ උඹේ එකට වැඩිය ලොකු එකක් තියෙන බුවෙක් අනිවාර්යයෙන්ම බුවීට හමුවෙනවා එතකොට බොල මොකද කරන්නේ.

    ReplyDelete
  28. @ කේ ළමා !
    මමත් නොදන්න කාලේ විවාහය ගැන හිතා හිටියේ ඔය ලොකු පොඩි එක විශේෂ සාධකයක් කියලා . . පස්සේ තමයි තේරුනේ ලොකු පොඩි කෙසේවෙතත් වැඩ බැරි පුලුවන් කියන එක තමයි අනිවාර්ය සාධකය කියලා . . . හික්ස්

    ReplyDelete
  29. මේක සරලව කිව්වොත් ලඟ ඉන්න කුකුළාගේ කරමලය සුදුයි වගේ කේස් එකක් තමයි. මගේ උපදෙස නම් availability එක අඩු කරන්න. ලව් කරනකොට නම් ගොඩක් අයට මේක ඇ‍ඟෙන්ම එනවා. ඒත් බැන්දට පස්සේ අමතක වෙනවා.(ඕන නම් ‍මගේ "කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින්" පෝස්ට් එකත් බලන්න)

    ලිංගිකත්වය විවාහ ජීවිතයේ සාර්ථකත්වයට 50% කින් විතර සම්මාදම් වෙන බවත් අමතක කරන්න එපා. ඒකේ රස නොනැසී පවත්වා ගැනීමත්, විවිධත්වයක් ඇති කර ගැනීමත් අතිශයින් වැදගත්.

    ReplyDelete
  30. ඇත්තටම විවාහය ගැන මට අත්දැකීමක් නොමැති වුනත් මේ ලියුම කියෙවුවම ත් කමෙන්ට්ස් බැලුවමත් මෙහෙම හිතුනා.අපිට 100% ගැලපෙන අයව හොයන එක බොරු වැඩක් නිසා හොදම දෙය තමා යම් තරමකට ගැලපෙන , අපිට ආදරය කරන සහ අපෙන් ආදරය ලබන කෙනාව බැදගන්න එක.අපි ගොඩක් වෙලවට අදහස් හුවමාරු කර ගත යුතුයි.එකිනෙකාට කතා කරලා ගොඩක් දේ විසදා ගන්න පුලුවන්. හැබැයි යකාගෙ විදියට විමානෙ හදනව කියන්නෙ නම් තාවකාලික සිත රැවටීමක්. එහෙම සතුටින් ඉන්න පුලුවන් කියල මට හිතෙන්නෙ නෑ.එක අතකට ඒක සමාජයට වදයක් . මොකද එක යකෙක් හිටිය එක 2ක් වෙනවනෙ.

    යකාට කරුනු පහඩන්න බැරි නම් දැඩි ක්‍රමයකට හරි හරි මගට ගන්න උත්සාහ කරන එක තමා වඩා හොද දෙය.

    ReplyDelete
  31. @ lostinromance !
    ඔබේ අදහස් වලට ස්තූතියි . . .

    ReplyDelete
  32. @ Anonymous !
    ඇත්ත තමයි . . යක්කු දෙන්නෙක් වෙනවාට වැඩිය යකා මෙල්ල කර ගන්න ක්‍රම හොයා ගත්තානම් හොඳයි තමයි . .

    ReplyDelete
  33. පරණ ලිපියකට comment එකක් ලියන්න හිතුනා දුකා අයිෙය්...ඔය අදහස අැත්තටම ම ෙග් හිෙතත් තිබුණා.මමත් හිතනවා අපි ළග තිෙයන ෙදයක අගය දැෙනන්ෙන එ් ෙද් අපිට නැති වුනාම.. විවාහ ජීවිෙත් ගැට්‍ළු අැතිෙවන්න තව ෙව්තුවක් තමයි කතා බහ කරලා ප්‍රශ්න විසදා ගැණීමට බැරිකම...
    දුකා අයියා කියනවා ව ෙග් බදින්න කලින් ෙදපාර්ශවයම තමන්ෙග් අැත්ත ස්වරූෙප සගවනවා...

    ReplyDelete
  34. උඹේ අදහස නියමයි මචං... වෙන්වුනාම ලඟ ඉන්නවට වඩා අගේ දැනෙනවා කියලා මටත් හිතෙනවා... හැබැයි ඒ වෙන්වීම ආදරයෙන්ම වුණු වෙන්වීමක් නම්... නැත්නං ඉතිං වෙන කෙනෙක් ව සැට් කරගෙන ඉදිරි ජීවිතේට මූණ දෙනවා... කියලා හිතුනොත් එහෙම....

    ReplyDelete
  35. මාතෘකාව කියවපු ගමන්, කියන්න යන්නේ මොනවගේ දෙයක්ද කියලා මීටරේට අහුවුණා. අවංකව කරනව නම් වටිනාකමක් තියෙන වැඩක් එක එකා මොක කීවත්. මොකෝ ඔය කියන් එකෙක්වත් ඇවිල්ල ප්‍රශ්න විසඳලා දෙන්නේ නෑනේ. ඔය කියන දේ නිල නොවන මට්ටමින් සමාජයේ වෙනවනේ දැනටම වුනත්. මං කියන්නේ, ගෑනියි මිනිහයි හොඳට ඇරගෙන, ආයෙත් ෂෝක් එකට සෙට් වෙලා ජීවත් වෙන්නේ. අපේ නෑදෑයින් එහෙමත් ඉන්නවා එහෙම. ඒක නිසා මේක හොඳ අදහසක්. මොකද ඔය කියන්නා වගේ, දෙන්නෙක් අතර ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉස්සෙල්ලා, අනිත් කෙනාගේ අගය අවබෝධ වෙලා තිබුනොත් (ඔය කියනව වගේ කළින් සුලු කාලයකට වෙන්වෙලා හිටියා කියල හිතුවොත්), ප්‍රශ්න ඇතිවීම අඩුවෙන්න පුලුවන් වගේම, ප්‍රශ්න ඇතිවුනත් ඒවා දුරදිග ගිහින් බරපතලවෙන එක අඩු කරගන්නත් ගොඩක් වෙලාවට පුලුවන් වෙයි මට හිතෙන්නේ.

    ReplyDelete
  36. mekanam niyama kathawa. habai eka deyak wenawa samaha joodu hamadatama wen welama idiwi. mokada maha bamba uncle hama joduwama hariyata galapana nathi nisa

    ReplyDelete
  37. මට හිතුන මේකත් එක්ක පොඩි බිස්නස් එකක් පටන් ගන්න. මොකක්ද දන්නවද..? දික්කසාද පෝලිමේ කෙළවර හොයාගන්න ත්‍රීවීල් සර්විස් එකක් දාන්න....!!!

    ReplyDelete
  38. ඇත්තටම ඒක හොඳ අදහසක්....

    ReplyDelete
  39. විවාහ වීමට වඩා විවාහ නොවී සිටීම නිදහසත් භාග්‍යසම්පන්නභාවයත් ‍රැක ගැනීමට ඉවහල් වේ...

    මනුෂ්‍යයා ඇතුලුව සමස්ත සත්ත්ව ප්‍රජාව තුල සොබාදහම විසින් කලින් කල ශාරීරක නොසන්සුන්බවක්(ලිංගික උත්තේජනයක්) ඇති කරනු ලබන්නේ ප්‍රජනනය සදහා පමණක් බවද, එය කිසිම පුද්ගලයෙකු විසින් අනිවාර්යයෙන් සන්තර්පණය කර ගත යුත්තක් නොවන බවද, එය ගැටලුවක් වී ඇත්තේ එක්කෝ සන්තර්පනය කලයුතු වන්නේ එසේ නැත්නම් මර්දනය කලයුතු වන්නේ එම ශාරීරික නොසන්සුන් බව සිතින් අල්ලාගත් විට පමණක් බව කෙනෙකුට අවබෝධවූ අවස්ථාවේදී එම අවස්ථාවේ පටන් අපූර්ව නිදහසක් සහ සන්සුන් බවක් ඔහු හෝ ඇය තුල නිරායාසයෙන්ම ඇතිවන්නේය. විවාහ වීමේ හෝ කාමාශාවේ හෝ තේරුමක් ඊටපසු ඔහු නොදනියි. එහෙයින් ඒ තැනැත්තා විවාහ වන්නේ නැත...
    සැබෑ බ්‍රහ්මචාරී හෝ අනාගාරික ජීවිතයක් ගෙනයන පුද්ගලයින්ගේ සැබෑ ඇතුලාන්තය මෙය විය හැකිය.

    http://www.facebook.com/notes.php?id=1295460785#!/note.php?note_id=10150247539930114

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails