Friday, August 28, 2009

මොහොතක් සැඟවෙමු ලොවෙන් මුවා වී . . . අපේ සිහින උයනේ . . . !


මේ තවත් සිත් ගත් යුග ගී කීපයක් . . . .!

කන්ද උඩරට කුළ කාන්තාවන්ගේ ආඩම්බරයත් . . . වෙනත් පෙදෙසකින් දළදා සමිඳුන් වැඳ පුදා ගැන්මට සපැමිනි තරුනයන්ගේ ඇලුම් බැලුම් වලට එය විඳින්නට යටිසිතේ ඇති පෙළඹවීම මැඩගෙන . . . කෝල ලෙස ප්‍රතිචාර දැක්වීමත් ගැන කියවෙන මේ ගීතය . . . ඔබ මෝහනය පත්කරනවාට කිසිදු සැකයක් නෑ . . .
(ගීතය ගායනා කරන්නේ . . ප්‍රියා සූරියසේන මහතාත් . . . නිරංජලා සරෝජිනී මහත්මියත් විසින් . . . )

ගෙල වට බැන්දා වූ මුතු පොටේ . . .

ගෙල වට බැන්දා වූ මුතු පොටේ . . .
දිස්නෙට මුහුනේහි ඔප වැටේ . . .
ඔසරි නෙරියට . . . නලල් තිලකෙට . . .
බැන්ද සිතු පෙම් ආනන්ද වේ . . .

කෝකිල සංදේශ කවි පොතේ . . .
ඔය වැනි උපමාද තව ඇතේ . . . .
රුවැති ළඳකට . . . තනිව මඟ තොට . . .
යන්න නිදහස දැන් නෑ වගේ . . .

කාගේ කවුරුද . . ඉන්නේ කොතැනද . . .
නෑ අපි හඳුනන්නේ . . .
ආගන්තුක අපි . . . ආවම කඳුරට . . .
නැතුවද පිලිගන්නේ . . . .

කෝකිල සංදේශ කවි පොතේ . . .

සෙන්කඩගල පුර පෝදා සඳ මෙනි . . .
මේ මුතු මැනිකේලා . . .
දළදා සමිඳුන් වැඩ සිටිනා බිම . . .
නෑ සුභ නෑ ඕවා . . . .

ගෙල වට බැන්දා වූ මුතු පොටේ . . .


ප්‍රේමයෙන් පරාජිතව හඬන සුපෙම්වත් හදකට . . . පිහිට විය යුතුයි යන . . . අනුකම්පාව තුලින් උපන් ආදරයකින් . . . කරනු ලබන . . ප්‍රේමාරාධනාවක් . . .
(ගීතය ගායනා කරන්නේ . . අබේවර්ධන බාලසූරිය මහතාත් . . . නිරංජලා සරෝජිනී මහත්මියත් විසින් . . . )

බඹරෙකු හැඬුවා . . . .

බඹරෙකු හැඬුවා . . . .
මලක් ලඟදි
බඹරෙකු හැඬුවා . . .
හැඬුවා . . . . . . . .
මලක් ලඟදි බඹරෙකු හැඬුවා . . .

ළන්ද එහා ඇති ඕවිට පාමුල . . .
කේතකි මල මට බහ දුන්නා . . . .
කවුදෝ ඇවිදින් එ මල නෙලූ බව . . .
ඉකිබිඳිමින් බඹරිඳු කීවා. . . .

ඇහේ කඳුලු නොව . . . .
හිතේ කඳුලු දැක . . . .
මලටත් හරියට . . . දුක හිතුනා . . . .
එහෙනම් මා වෙත පියඹා එන්නැයි . . . .
සෙනෙහෙ සිතින් ඒ මල කීවා . . . .

බඹරෙකු හැඬුවා . . . .


සුන්දර වූ ප්‍රේමයේ වෙලී ඇත්තෝ . . . උනුන්ගේ ලෝකයේ . . . තමන් හැර අන් අය මේ ලොව සිටීදැයි . . . නොසිතෙන තරමින් . . . පෙම්සුව විඳින්නට කැමැත්තෝය . . . ඔවුන්ගේ ලොව ඔවුන්ගේ පමනක්මය . . . . ඔබට මට එහි ඉඩ කඩක් නැත්තේමය . . . අසන්න මේ නින්නාද දෙන්නේ . . එවන් අසිරිමත් වූ ප්‍රේමයක . . . ප්‍රතිරාව නොවේද . . .
(ගීත ගායනය ග්‍රේෂන් ආනන්ද මහතා සහ නිරංජලා සරෝජනී මහත්මිය . . )

හිම කඳු යහනේ . . . යහනේ . . .

හිම කඳු යහනේ . . . යහනේ . . .
වළා සඳැල්ලේ . . . .
සදා හරිත තුරු සෙවනැල්ලේ . . .
මොහොතක් සැඟවෙමු ලොවෙන් මුවා වී . . .
අපේ සිහින උයනේ . . .
මොහොතක් සැඟවෙමු ලොවෙන් මුවා වී . . .
අපේ සිහින උයනේ . . .
හිම කඳු යහනේ . . . යහනේ . . .

දෙසිතක බැඳි රැකවල් ගිලිහී යයි . . .
තනිවූ සිත් අද නොතනි වෙලා . . . //
ඒ හසරැල් විල මා සිත පිබිදී . .
ඔබට පිදෙන්නට මලක් වෙලා . . . .

කඳුලක් නැඟි මොහොතක ඔබ නෙතඟින් . . .
ලංවෙමි සිටියද කොතැන ලොවේ . . . //
හිනැහෙමි එසඳෙහි කඳුලු මුදාහැර . . .
ඔබගේ උනුසුම් ළය මඬලේ . . .

හිම කඳු යහනේ . . . යහනේ . . .


ඔබ මාත් සමඟින් හිඳී නම් . . . කානතාරයේ පිපුනු මලක් මෙන් ඔබේ දසුන මහද අලෝකමත් නොකරාවිද . . . . . ?
ලෝකයට බියෙන් සැඟවී පලා ගොස් සිටි මගේ ජීවිත සිරගෙය බිඳ දැමූ ඔබට හැර . . . . මා වෙන කාට නම් සුදුසු වෙත්ද . . . ?
(එම්.එස්. ප්‍රනාන්දු මහතා සමඟ සුජාතා අත්තනායක ?? මහත්මිය )

ඔබගේ රුව මාගේ මයි . . .

ඔබගේ රුව මාගේ මයි . . .
සතුටේ මල් පීදේමයි . . .
පෙරමඟ මුතු පෑදේමයි . . .
හෝ හෝ හෝ
කිරි පැනි සේ පෑහේමයි . . .

ඔබගේ ලොව මාගේමයි . . .
කතරේ මල් පීදේමයි . . .
නොවිඳපු සුව සෑදේමයි
හෝ . .හෝ .. හෝ
රන් රස සේ පෑහේමයි . . .

සංසාරේ . . .
කෙම් බිම් සොයා සොයා
සිතූ පැතූ දේ . . .
තිරසර වුනා . .
සංසාරේ . . .
පෙම් පැනි පොවා පොවා . . .
සිතේ හොවාලා අපි ලං වෙලා . . .
සීතල හිම ලංවේවී . . .
උනුසුම මට ඕනෑ වේ . . .
පෙම් සිලිලාරේ මා මත් වුනා . . . .

පෙම් සීනේ
ලොව දැන ගනී කියා
බියේ සැකේ මා . . .
හද ගොලු වෙලා . . .
සංතෝසේ
උන්නෙමි ඔයා නිසා දිවා රැයේ මා . . .
උමතුව ගියා. . .
සිරගෙය බින්දේ ඔබයි . . .
මා සිත දන්නේ ඔබයි . . .
පෙම් සිලිලාරේ මා මත් වුනා. .. .

ඔබගේ රුව මාගේ මයි . . .


තාරුන්‍යයේ නෙත් සර පහරකින් කිතිකැවුනු මහදේ සොඳුරු ගීතිකාව මා ඔහුට කෙසේ පවසන්නද . . . අනේ මටම අවනත කරගනු නොහුනු මගේ දිව . . . කිම මේ මගේ හදේ දොරගුලු වසා දමන්න සැරසෙන්නේ . . . !
(මිල්ටන් මල්ලවාරච්චි මහතා සමඟින් ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය )

සමනළ රෑනක් සේ . . .

සමනළ රෑනක් සේ . . .
අනන්ත හැඟුම් මැවේ . . .
කෙසේ දෝ කියන්නේ . . .
මගෙ දිව දෙතොල් අතර සැන්ඟේ . . .

පොදි වුනු සිතුවිලි අවදි වෙවී
සිත තෙරපෙයි නතර නොවී . . .
ළා දලුවක් මෙන් මහද සැලෙයි
නෙත් යුග එක රුවක වෙලෙයි . . .
සමනළ රෑනක් සේ . . . .

දේදුනු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ . .
රිදී මල් සිනා පා . . .
සීගිරි ළඳක් පිබිද ලංවේ . . .

සිහිවෙන පන නළ රැඳෙන තුරු . . .
එය දවසකි පෙරුම් පිරූ . ..
ඔබේ වත සඳ වත ලෙසින් සොමි . .
මම දින දින පතන්නෙමී . . .

දේදුනු දහසක් සේ . . ..

කෙසේ දෝ කියන්නේ . . .
මගෙ දිව දෙතොල් අතර සැන්ඟේ . . .
රිදී මල් සිනා පා . . .
සීගිරි ළඳක් පිබිද ලංවේ . . .

17 comments:

  1. මෙතන තියන සිංදු වලින් දෙකක් මම වැඩිය අහලා නැහැ නේ.. මුල් එකයි අන්තිම එකයි නම් මතකයි.

    ReplyDelete
  2. කරුණා අවසර කොරලා අපිටත් අහන්න අවස්ථාවක් දුන්නා නම්?

    ReplyDelete
  3. මෙහෙම ලස්සන පරණ සින්දු මතක් කරලා දෙන ලොකු දෙයක් දුකා, අලුත් පරම්පරාවට. විවිධත්වය ඔයාගෙ බ්ලොග් එකට අලංකාර ආභරණයක් වගෙ. ජය!

    ReplyDelete
  4. ඔන්න දුකයියාට ආයෙත් ලස්සන සින්දු ටිකක් මතක්වෙලා.. අබේවර්ධන බාලසූරියගේ සින්දු වලින් මං නම් වැඩිපුරම ආස "රැලකින් තනි වී" කියන එකට.. අපේ තාත්තාගේ කාලයක් song of the year වෙලා තිබ්බා.. :)

    ආහ් බින්කුට අහන්න ඕනේ කිව්ව නිසා මෙන්න ලින්ක් ඔන්ලයින් අහන්න.. අපේ මලී ළමයා තාම පොඩිනේ.. ඒක නිසා මේ පරණ සින්දු වැඩිය දන්නේ නැතුව ඇති.. :)

    ගෙල වට බැන්දාවූ...

    බඹරෙකු හැඬුවා...

    හිම කඳු යහනේ...

    ඔබගේ රුව මාගේමයි...

    සමනල රෑනක් සේ...

    ReplyDelete
  5. නෑවතත් විශිෂ්ටයි .මතකය අලුත් කලාට.දුකෝ...

    ReplyDelete
  6. දුකා අලුත් වැඩකට අතගහන්න කලය ඇවිත් කියලා මට හිතෙනවා මොකක් හරි හිතට දැනෙන දෙයක් කරන්න.

    ReplyDelete
  7. දුකා

    මේ සම්පූර්ණ ලිපියේ මල්දමක් මෙන් ගැට ගැසුනු මේ විවිධ පැති වලට විසිරැනු ගීතාවලිය රසවිඳිද් දී...

    මට කන්වලට මේ ගීත ඇසෙන්න ගත්තා...
    ඇස්වලට කඳුළු උනන්න ගත්තා...

    හරිම සංවේදී අතීත මතකයන් ගිලගත් ගීත සමූහයක්.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. මචෝ වෑඩේ නම් එල..
    සින්ඩු වල INTRODUCTION එක තව පොඩ්ඩක් බොක්කට වඩීන්න තිබ්බානම් මරු

    ReplyDelete
  10. @ Dam !
    අනිත් පාර මීට වැඩිය උත්සාහ කරල බලන්නම් . . . ස්තූතියි . .

    ReplyDelete
  11. @ හකාවතී!
    සතුටුයි මේ වා මා රසවිඳි අයුරින්ම රසවිඳි එක ගැන නම් . . . !

    ReplyDelete
  12. (එම්.එස්. ප්‍රනාන්දු මහතා සමඟ සුජාතා අත්තනායක ?? මහත්මිය )

    Sujatha Aththanayaka mahathmiyage akka thamai meka kiyanne. mata nama mathaka na hariyatama.

    menna song eka ahala balanna.

    sangiithaya Clarance Wijewardana.

    http://www.mediafire.com/file/diznyn0rjdm/OBAGE HADA MAAGEMAI.mp3

    ReplyDelete
  13. දුකා අයිය තවත් අලුත් සින්දු ටිකක් දනවද..................
    දපු සින්දු ලස්සනයි. එවගෙන් සින්දු තුනයි අහල තියෙන්නේ ගොඩක් හොදයි මෙක. දිගටම කරගෙන යන්න........... good luck

    ReplyDelete
  14. @amila malith!
    මේ වගේ තව ලස්සන සිංදු ගොඩාක් තියෙනවා, වෙලාව ලැබෙන ලැබෙන විදිහට දාන්නම් !!

    ReplyDelete
  15. @සුදු මහත්තයා !
    thank u sudu mahattayo. . .

    ReplyDelete
  16. ශා මරු මරු... මම නම් ගොඩක් එවා අහලා නැ වගේ... :-(

    ReplyDelete
  17. නියම සින්දු ටික.
    මගේ ප්‍රියතම ගීත ටිකක්.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails