Thursday, August 13, 2009

තනි තරුව. . . . සහ මම . . . !


පාලු . . .හුදකලා රාත්‍රියේ . . .
කොම්පූටරේට මූන ඔබාගෙන . . .
වායුසමීකරනය අඩු කරන්න කම්මැලි කමට . . .
එක අතක් කකුල් දෙක අස්සේ ගහගෙන . . .
සීතලේ වෙව්ල වෙව්ලා. . .
මූනු පොත බල බල හිඳිද්දි . . .
අම්මෝ . . . මාර . . .සීතලයි . . .
යන්න ඕන දුමක් දාන්න . . .
ඔන්න මං එලියේ . . . !
දහවල් ගිනියම් අව්වට කැකෑරී . . .
පදමට රත්වුනු . . . බිත්තියට . . .
පස්සා පැත්ත හේත්තුකර . . .
දුම් පිට කරන්න උඩ බැලුවාමයි දැක්කේ . . . නුඹව . . .
නුඹ . . .
දූලි වලාවෙන් පිරුනු අහස්කුස . . .
හරි මැද්දටම වෙන්න හිටපු . . .
එකම එක . . දීප්තිමත් තරුව . . .නුඹ . . .
ඊට ගොඩාක් ඈතින් . . .
තව පුංචිම පුංචි තරුවක් . . .
නුඹ දිහා . . . නෙත් දල්වා . . .
දුකෙන් වගේ බලා සිටිනවා . . . .
හ්හ්ම්ම්ම්ම්ම් . . . .
තව කොපමන කලක් යාවිද . .
මේ දෙකට එක ලඟට එන්න . . .
මට නිකමට හිතුනා. . .
අනේ . . . .
නුඹයි . . . මායි . . . එකම වගේ . . . .
මට දුක . . . . . හිතුනා . . . . . !

26 comments:

  1. නියමයි.... ලස්සනයි...

    ReplyDelete
  2. ලස්සනයි..! හැබැයි තරු දෙකක් අතර දුරට වඩා ඔයයි ඇයයි අතර දුර අනිවාර්යෙන්ම අඩුයි!

    ReplyDelete
  3. දුකා නිසදැස නම් ලස්ස්සනයි ඒත් පුතේ උඹේ හිත මොකක හරි පැටලිල වගේ

    ReplyDelete
  4. පොතක් කියවන්නෙ නැතුව උබට දුක හිතෙන එක නම් එච්චර හොද නිමිත්තක් නෙම්යි. මොකද්ද පටලැවිල්ල???

    ReplyDelete
  5. ජෝන් තාමත් සිගරට් බොනවා

    ReplyDelete
  6. පටන්ගැනිල්ල තාත්විකයි... අවසානය ඒකාකාරීයි...
    මීට හොදට උඔ ලියනවා දුකා...
    මම කැමතියි උඔ ලියන විදියට.

    ReplyDelete
  7. උඹ මගෙ ජීවිත කථාව ලියනවා වගේ ! මට දුක හිතෙන දාට උඹ ලියන්නෙ දුක ගැන. මම සතුටින් ඉද්දී හොඳ ලස්සන සතුටු හිතෙන පෝස්ට් එකක් දානවා. අනේ මට තේරෙන්නෙ නෑ මේවා.

    ReplyDelete
  8. @ angel !

    ස්තූතියි . . .

    ReplyDelete
  9. @ malee_msg !

    ම්ම්ම්ම් මම හිතන්නෙත් එහෙමම තමයි . . කොහෙද . . . කිව්වට තේරුම් ගන්නෑනේ මලී. . . .!

    ReplyDelete
  10. @ rusara, änthräX !

    නෑ නෑ මචං එහෙමට පටලැවිල්ලක් නෑ . . . දන්නෙද්ද . . මේ පොඩි පොඩි අභ්‍යන්තර ගැටළු . . . හික්ස්

    ReplyDelete
  11. @ Anonymous !

    දුම්බීම ශරීරයට අහිතකරයි කියනවනේ මචං . .. හික් හික්

    ReplyDelete
  12. @ Prabath !

    ඇත්තෙන්ම මේක මේ පහුගිය දවස්වල සිදුවුනු පොඩි පොඩි සිදුවීම් ටිකක වේදනාවට නිකමට වගේ ලියවුනු එකක් . . . ආයේ ලියනකොට මීට වඩා සැලකිල්ලෙන් ලියන්නම් මචං . . . ස්තූතියි . . .

    ReplyDelete
  13. @ Chrishi !

    "එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනව . . . " කියල කතාවක් තියෙනවනේ මචං . . . .අපි මේ එක ජාතියේ කුරුල්ලෝ . . . ඒකයි මේ එකට සෙට් වෙලා තියෙන්නේ . . . . ඉතිං අපේ එකම හැඟීම් හැමෝටම එක විදිහට දැනෙනවා. . .මම හිතන්නේ . . .!

    ReplyDelete
  14. මචන් අපිත් එන්නද ....

    ReplyDelete
  15. අදයි විසිට් කලේ. සිංහල බ්ලොග් අවකාශය විවිධාංගීකරණය වන හැටි දකින එක ලොකු සන්තෝෂයක්. උඹ ජීවන අත්දැකීම් සහ සාහිත්‍යමය පෝස්ට් රසට ලියනවා. ඒ තීම් එකෙන් දිගටම ලියපන්. ලියන්න දෙයක් නැති උනාම විතරක් ඔය සමාජ විමර්ෂණ (මුලින් තිබුන කිහිපයක් කියෙව්වා)හා වෙනත් වර්ගවල ඒවා එකතු කරපන්.

    Suggestions:
    උඩ තියෙන හෝම් ලින්ක් එක රීසෙට් කරගන්න. සයිඩ් බාර් එකට පොපියුලර් පෝස්ට් විජට් එකත් එකතු කරන්න.

    දුක තමයි දුකා......

    - ලොස්ට්ඉන්රෝමෑන්ස් -
    (මමත් ටික දවසක් ‍ලොස්ට් වෙලා හිටියේ. සංස්කෘතික (ළමා කටයුතු) අමාත්‍යාංශයෙන් බේරෙන්න. ( joke :) ) උඹේ එල පෝස්ට් ටික දැකලා ආයෙමත් කොහොම හරි වෙලාව හදාගෙන ලියන්න අධිෂ්ඨාන කර ගත්තා)

    ReplyDelete
  16. @ NUWAN"s lane !

    වහපන් . . නුවන් . . වහපන් . . . මේක ලොකු අත්තක් . . . අපි හැමෝගෙම බර දරා ගන්න පුලුවන් . . . කඩා වැටෙයි කියලාබයවෙන්න දෙයක් නෑ . . . !

    ReplyDelete
  17. @ lostinromance !

    බොහෝම ස්තූතියි . . උඹේ කමෙන්ට් එකට . . .

    ඇත්තෙන්ම . . මම බ්ලොග් එක පටන් ගනිද්දිම හිතේ තිබුනු දෙයක් තමයි . . . සමාජ විමර්ශන වලට අදාල ලිපි වැඩිපුර ලියන්න ඕන කියන එක. . .

    නමුත් පසුව හිතුනා . . . ජීවන අත්දැකීම් ලියන එකෙන් . . . මට සමාජයට දෙන්න ඕන පනිවිඩය . . . වඩා පහසුවෙන් දෙන්න හැකි වෙයි කියලා. . . ඉතින් දැන් ඒවාට පුල් තැන දීලා ලියනවා. . .

    උඹේ සජෙෂන් ගැන මම පොතේ ගුරා මල්ලිට කියන්නම් . . . එයා තමයි මට මගේ බ්ලොග් එක හදාගන්නත් . . .වැඩි දියුනු කර ගන්නත් උදව් කරන්නේ. . . මම . . . වැඩි පරිඝනක දැනීමක් තියෙන එකෙක් නෙමෙයි මචං . . . !

    ළමා කටයුතු අමාත්‍යාංෂයේ දැලෙන් රින්ගන්න පුලුවන් විදිහට උඹට ලියන්න පුලුවන් කියන එක මට ප්‍රත්‍යක්ශ වුනා . . .උඹේ බ්ලොග් එක බැලුවාම . . .

    හරිම සතුටුයි මචං . . අඳුන ගත්තට . . . උඹේ බ්ලොග් එකට පාර කිව්වට . . . අදහස් දැක්වීමට. . .

    ජය. . .!

    ReplyDelete
  18. දුම් පිට කරන්න උඩ බැලුවාමයි දැක්කේ . . . නුඹව . . .

    මම හිතුවෙ උඩ තට්ටුවෙ හිටිය කෑල්ලක් ද කියලා................හි හී...

    දුක්ගන්නාරාල.....
    දුක් ගන්නවා කියන්නෙ අනුන්ගේ දුක් නෙ........
    අත්තටම දුකෝ ඔයාගෙ දුක් එතැනමද?
    දුකෙන් මිදෙන විදිහ තියෙන්නෙ බුදු බණේ තමයි ඉතින්..

    ReplyDelete
  19. @ ගීශා !

    මටත් ඉතිං මගේම දුක් සිදුවීමුත් ඉඳල හිටලා තියෙනවා . . .

    බුදු බනේ උගන්වපු දුකින් මිදීමේ ක්‍රම සහ විදි භාවිතා කරමින් දුකින් මිදෙන්න උත්සාහ කරමින් ඉන්නවා . . ඉතිං බොහේ කාලයක ඉඳලා. . .

    ReplyDelete
  20. ලස්සනයි.කියවගෙන යද්දි හිතේ මැවෙනවා වගේ. තාත්වික බවක් දැනෙනවා.හොද උත්සාහයක් .

    ReplyDelete
  21. ane duka matath namak hada ganna hati kiyannako. hemadama Anonymous daala epa wela.

    ReplyDelete
  22. @ Anonymous !

    ස්තූතියි . . .

    @ Anonymous !
    ම් ම් ම්ම් ටිකක් අපේ බයිස්කෝප් සයිට් එක පොතේ ගුරා සහෝදරයගෙන් අහන්න කොහොමද ඒ වඩේ කරන්නේ කියල තරහ නැතුව . . .

    ReplyDelete
  23. අදයි මචං මේක කියෙව්වෙ... සොරි වෙන්න ඕනා...
    ඇත්තටම ලස්සනයි....

    ReplyDelete
  24. @ ධනික | Dhanika !
    ස්තූතියි මචං . . .

    ReplyDelete
  25. ජෝන්ද බිව්වේ නැත්තං ගංජාද දුකෝ?

    ReplyDelete
  26. දුකා
    හැමදාමත් වගේ අදත් ලස්සනට ලියලා
    වැඩි කතන්දර කිසිම දෙයක් නෑ එත් එකේ අර්ථය හුගාක් ගැඹුරුයි

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails