Sunday, August 9, 2009

කුසුම් . . ආදරණීය . . කුසුම් . . සාගරයක් තරමට මා හැඬවූ . . කුසුම් . . . !



කුසුම්:
"අනේ ලොක්කයියේ . . . නැන්දගේ හිත රිද්දලා නම් මට කිසි දෙයක් කරන්න බෑ . . . . "
"අම්ම කෙනෙකුගෙ හිත රිද්දන පාප කර්මෙට හවුල් වෙන්න කියල මට බල කරන්න එපා ලොකක්යියේ දෙයියන්ගේ නාමෙට . . . "
"එක හතුරුසිංහ කෙනෙක් මගේ ඉගෙනීම කඩාකප්පල් කලා . . . තව හතුරුසිංහ කෙනෙක් ඇවිත් මට ගමේ යහතින් වසන්න තියෙන එකත් නැති කරන්නද හදන්නේ . . . අනේ කරුනාකරල යන්න රෝහණ . . . ගිහින් අම්ම ඉන්න වෙලාවක එන්න . . . "
අම්මෝ අද ලොක්කයියගේ ලස්සන . . . . කඳුලු පිහදාන්න ලේන්සුවක් ගෙනාවද . . . ?

නිමල් හතුරුසිංහ:
"අම්මල මුලින් අකමැති උනත් පස්සේ අපි විවාහ වුනාට පස්සේ ඒ අකමැත්ත නැතිවෙලා යයි කුසුම් . . . "
"හැම ගැහැනියක්ම සීතාවක් කියල හිතපු මට විවාහ වෙන්න සිදුවුනේ . . විවාහයට කලින් කන්‍යාභාවය වත් රැක ගන්න බැරි වුනු ගෑනියෙක් . . ."
"මේ මෝඩි අම්මත් එක්ක ඔක්කෝම කියලනෙ රෝහණ . . . අකමැත්තෙන් හරි බැන්දනම් පස්සේ අම්මව කැමති කර ගන්න තිබුනානේ . . . "
"ඇයි පද්මිනී . . . දෙයියන්ගෙ නාමෙට කියන්න ඇයි මාවම තෝරගත්තේ . . . "
“කඳුළු පිහින්න එක ලේන්සුවක් නෙමෙයි ලේන්සු දහයක් ගේන්න බැරියැයි . . . . අඬන්න නෙමෙයි කුසුම් අපිට හිනාවෙන්න බැරිද . . .?”

කමලාවතී:
"ජේන් අකක්ලගෙ ගෙදරින් හිර ගේන්න නම් ලොකු පුතේ මම කඩයප්පන් හද හද දහදුක් විඳ විඳ උඹව ඩීයාරෝ මහත්තයෙක් කරනකම් උගන්නන්න ඕනද . . . ?"
"මට වැඩක් පලක් කරල දෙන්න හිටි අර කුසුම්ව මට නැති කලා . . . මගේ අතකැඩුව වගේ දැන් . . . "
"උඹ ඕකම කරගන්නවනම් අම්ම නෑ කියල හිතා ගනින් ලොකු පුතේ . . ."

පද්මිනී:
"මම ගෑනියෙක් වුනේ ලොකු ලමයෙක් වෙන්නත් කලින් කුසුම් . . . "
"මට ඕන මේ ලෝකේ ඔක්කොම පිරිමින්ගෙන් පලිගන්න . . . "

රෝහන හතුරුසිංහ:
"හ්හ්හ්ම්ම්ම්ම් සෝමා කොහේ ඇද්ද. . . "
"මගේ එකම පැතුම කොයි ලෝකෙන් හරි සෝමා හොයා ගන්න එක . . . ඒකි මිනිස්සු කීදෙකෙන් එක්ක නිදියල තිබුනත් මට කමක් නෑ ලොක්කයියේ . . . මම ඒකිව බඳිනවා. . . "
"සෝමා ඉස්සෙල්ලාම පාපයට වැටුනේ මගෙන් ලොක්කයියේ . . . ඒකිව අනාථ කලේ මම. . . "

මේ ලෝකේ . . . මාව වැඩියෙන්නම හඬවලා තියෙන කාන්තාව කවුද කියල ඔබ මගෙන් ඇසුවොත් . . . .මට දෙන්න තියෙන පිළිතුර නම් . . ."දෝන කුසුමාවතී" හෙවත් "කුසුම් " කියන එකයි . . . .

කුසුම් කියා කෙනෙක් මේ ලෝකේ කවදාවත් ජීවත් නොවුනා කියා මට බොහොතකට වත් නොසිතුනා තරම් . . . මගේ පුංචි ලෝකයේ කුසුම් එපමනටම ජීවමානයි . . . !

ඈ ගැන සිහිවෙන සිහිවෙන වාරයක් පාසා මම හිතන්නේ . . . අනේ මම කරුනාසේන ජයලත් මහතා විසින් රචිත "ගැහැනු ළමයි" . . ."පිරුනු හදක්" . . ."හතුරු හිතක්" . . . . තුන් ඈඳුතු නවකතාව නොබලා හිටියානම් කොපමන හොඳද කියලයි . . . . !

මට එහෙම හිතුනා වුනත් මම ඔයාලට දෙන උපදෙස නම් . . . එක වරක් හෝ මේ පොත් තුන හදවතින්ම රසවිඳින්න කියන එකයි . . . . මම හිතනවා බොහේ දෙනෙක් . . . . දැනටමත් මේවා බලලා ඇති . . . . නොබලපු යම්කිසි කෙනෙක් හිටියොත් කියල හිතලයි මම මේ සටහන ලිව්වේ . . .

මේ පොත් තුන බලන්න පමනක් නොවේ හැකිනම් . . . මිලදී අරන් ඔබේ පොත් එකතුවේ තබා ගන්න . . . ඔබ අද දවසේ දරුවෙක් වියහැකියි . . . වැඩිහිටියෙකු වූ දවසක ඔබේ දරුවන්ටත් මේ පොත් තුන බලන්න කියා උපදෙස් දෙන්න . . . ආදරේට සංවේදී වෙන්න ඔවුන්ටත් උගන්වන්න . . . අපට හෙට ලෝකයට අවශ්‍ය වන්නේ ආදරේට ආදරෙන් ආදරය කරන සංවේදී මිනිසුන් . . . . !

මම . . . 10 වසරෙ . . . 11 වසරෙ . . . ඉඳල මේ පොත් තුන බලන්න පටන් අරගෙන අද මේ වෙනකොට මම හිතන්නේ . . .මම 20 පාරකට වඩා මේ පොත් තුන බලල තියෙනවා . . . විශේෂයෙන් "පිරුනු හදක්" පොත . . .

ඉහත දෙබස් ඛාන්ඩ පොතෙන් කොපි කරගත්තුවාම නෙමෙයි පොතේ මෙලෙස තිබුනා කියා හෝ මෙලෙස කියන්න තිබුනා කියා මගේ මතකයෙනුත් මගේ අදහස් වලට අනුචිත ලෙසත් ලියූ දෙබස් . . . . (මම මේ මොහොතේ ඉන්නේ . . . මගේ පොත් එකතුවෙන් බොහෝ ඈතක . . . . . මතකයෙන් තමයි මෙපමනක්වත් ලියුවේ . . . )

පිරුනු හදක් පොත ගැඹුරින් බලපු කෙනෙකුට . . . සුමිත්‍රා පීරිස් මහත්මිය නිර්මාණය කරපු ගැහැනු ළමයි චිත්‍රපටියේ . . . නීලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කරන "වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ . . ." ගීතය සවනත වැකෙන මොහොතක . . . කුසුම් ගැන උපන් දුකින් නෙතට කඳුලක් නොනැඟෙනවානම් . . . . ඔහු හෝ ඇය . . . ආදරය . . . විරහ වේදනාව . . . නාඳුනන . . . තද හිත් ඇත්තෙක් / ඇත්තියෙක් විය යුතුමයි . . . . !

වියෝ ගී ගැයෙනා හදේ . . .

වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .

අතීතයේ මායා. . . .
රූ කැඩී බිඳී යාවී . . . . .
අනාථ වූ මා දෑසේ. . .
කතා නිමා වේවී. . .
මගේ කඳුලු හංගා . . .
මා සිනා සිසී ඉන්නේ . . .
ඔබේ ලොවේ හිරු පායා . . .
සදා සිනාසේවා. . .

වියෝ ගී ගැයෙනා හදේ . . . .

අනාගතේ සිහිනේ . . .
නෑ මෙදා සැබෑ වෙන්නේ . . .
මිලාන වූ ආකාසේ . . .
අපේ පැතුම් පාවේ . . . .
මගේ පැලේ තනිවී . . . .
මා සුසුම් හෙලන වේලේ . . .
ඔබේ ලොවේ හිරු පායා . . . .
සදා සිනාසේවා . . . .

වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .

මේ තුන් ඈඳුතු නවකතාව . . වචනයේ පරිසමාප්තයෙන්ම . . . ශෝකාන්තයක් . . . නමුත් අවසාන කොටස වූ හතුරු හිතක් හි . . . අවසානයට පාඨකයාට . . . සැනසුම් සුසුමක් හෙලිය හැකි . . . අඳුරු වලාවක රිදීඉරක් මෙන් වූ . . . සතුටු සේයාවක සියුම් ඉඟියක් ලබා නොදෙනවාම නොවෙයි . . . !

මේ ශෝකාන්තයේ කාට එරෙහිව දොස් පවරනවාද කියා පාඨකයා වල්මත් කරන ගතියක් මට දැනුනා . . . මෙහි පාත්‍රවර්ගයාගෙන් කිසිවෙක් වැරදි කරුවෝ නොවෙයි . . . මනුශ්‍යත්වයට නොව . . . ඇති නැති කම් වලට වටිනාකම් ලබා දෙන . . . කුහක සමාජයට එරෙහිව පමනයි අපට දොස් පැවරිය හැක්කේ . . .

කරුනාසේන ජයලත් මහතා ජීවතුන් අතර සිටි කාලයේ පමනක් නොව . . . අදටත් . . . ආදරය . . . ජීවිතය මෙන් සලකන කුසුම්ලා දහස් ගනන් ජීවත් වෙන බව මගේ හැඟීමයි . . .

මාතෘත්වය වෙනුවෙන් ආදරය පූජා කල හැකි . . . ආදරය වෙනුවෙන් ජීවිතය පූජා කලහැකි . . . සියලුම කුසුම්ලාට මේ සටහන උපහාරයක් වේවා. . . . !

29 comments:

  1. ඇත්තටම නීලා වික්‍රමසිංහගේ ගීතය ඇහෙද්දී පොත කියවලා නැති උනත් හිතට මාර අමුතු හැඟීමක් එනවා. එක විස්තර කරන්න අමාරුයි !!

    ReplyDelete
  2. @ Chrishi!
    අනිවාර්යෙන් පොත් තුනත් කියවන්න . . . කඳුලු පිසදාන්න ලේන්සුවකුත් අරගෙනම . . . !

    ReplyDelete
  3. කුසුම් කියන්නේ මට හම්බ උන මන් කැමතිම කාන්තා චරිතය. මන් ගාව පිරුනු සඳක් නැහැ ඒක ගන්න හෙව්වට තිබ්බේ නැහැ.

    ReplyDelete
  4. මමත් පොත් තුන කියවලා නැහැ. ඒත් මේ දාල තියෙන කොටස් දැක්කම අදහසක් එනවා. සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනේදි පොත් තුනම ගන්න ඕන.
    ස්තුතියි!

    ReplyDelete
  5. මේ ලියුම කියවද්දි තමා මටත් එක පාරටම මතක් වුනෙ කුසුම් කියන්නෙ ජීවමාන චරිතයක් නොවන බව.

    ReplyDelete
  6. පොත කියවන වෙලාවේ මට හිතුනා ඇයි කුසුම් මේ තරම් හොද වෙන්නේ කියලා.. ඒත් නැවත හිතද්දි මට හිතුනා ‍කුසුම් හරි කියලා. කවුරු උනත් කුසුම් ගේ තැන හිටියනම් කරන්නේ කුසුම් කරපු දේවල්ම තමයි. ඒ අතින් බලද්දි කුසුම් කියන්නේ ලාංකික සාම්ප්‍රධායික කාන්තාවන්ට හොද ගුරුතුමියක්

    ReplyDelete
  7. @ ම !

    එකත් ගන්න මචං . . . හතුරු හිතක් පොතත් ගන්න . . .

    ගැහැනු ළමයි කියන්නේ සම්පූර්න කතා සාරාංශය . . .

    පිරුනු හදක් කියන්නේ . . . සිදුවීම් ගැන . . . කුසුම්ගේ දෘෂ්ටි කෝනයෙන් බලන හැටි . . .

    හතුරු හිතක් කියන්නේ නිමල්ගේ සහ පද්මිනීගේ කතාව . . .

    ReplyDelete
  8. @ තමීර !

    අනිවාර්‍යෙන් ගනන් තමිර . . . ගත්තට පාඩුවෙන්නේ නෑ . . .

    ReplyDelete
  9. @ Anonymous!

    නෑ නෑ කුසුම් කියන්නේ ජීවමාන චරිතයක් තමයි . . . භෞතික දේවල් වලට වැඩි වටිනාකමක් ලබාදෙන ලාංකේය සමාජයේ . . . ආදරේ නාමයෙන් සදාදුක්විඳින ජීවමාන කුසුම්ලා බොහොමයි . . . එනයින් ගත්තාම කුසුම් කියන්නේ ජීවමාන චරිතයක් . . . !

    ReplyDelete
  10. @ malee_msg!

    මුලින් මටත් කුසුම් ගෑන් හිතුනේ තරහක් . . . ඇයි කුසුම් මෙපමන හොඳ වෙන්නේ කියා. . . නමුත් පසුව කල්පන්න කරල බැලුවාම හිතෙනවා . . . කුසුම් කලේ ආදරේ වෙනුවෙන් කෙනෙකුට කරන්න පුලුවන් ලොකුම පරිත්‍යාගය කියලා . . . ඈට වෙන විකල්පයක් නෑ නේද කියලා. . .

    ReplyDelete
  11. දුකා...දුකා...දුකා....මට අමතක වෙලා තිබුන පොත් පිස්සුව ආයෙ අලුත් කරන්නයි යන්නෙ........ම්..........දැන් ඉතින් පොත් හොයපන්කො........

    ReplyDelete
  12. @ චන්දිම!

    ලබන මාසේ . . . පොත් මාසේ . . .(ඒ කිව්වේ මේ සාහිත්‍ය මාසේ . . .) . . හුරේ . . . . ළමයි ඔක්කොමල්ල පටි තද කරගන්න ලබන මාසෙ එනකම් . . . . කෑම . . . බීම . . . අරක්කු . . . සිගරට් . . . ඇඳුම් . . . මොබයිල් ෆෝන්ස් . . . ට්‍රිප්ස්. . . වලට වියදම් කරන එක ටිකක් . . . අඩුකරල . . . කීයක් හරි පිරිමහගෙන ඉන්න . . . ලබන මාසේ පොත් ටිකක් ගන්න . . . . !

    ReplyDelete
  13. පොත් තුනම මම කියවලා තියෙනවා. මාර පොත් තුනක්. නමුත් ඉතින් දුකෝ අපි වයසයි නෙ. සුන්දර මතකයන් විදියට ඔය පොත් මගේ හිතේ තියාන ඉන්නවා.

    ReplyDelete
  14. @ මිගාර !

    අපි කොපමන වයසට ගියත් . . . සුන්දර මතකයන් . . . වයසට නොයන එකනේ . . . පුදුමේ කියන්නේ මිගාර . . . !

    ReplyDelete
  15. කුසුම්.... මොනතරම් සුන්දරද...
    ඒත් අද කාලෙ කුසුම්ල ඉන්නවද කියන එක සැකයි.
    අත්තටම දුකා ඔයාට කුසුම්ව ලැබුන නම්.........
    අනේ මමනම් ගහැණු ළමයි විතරයි කියවල තියෙන්නෙ.
    ඔයා මේ වගේ ලිපියක් ලියල හමෝටම රසවිදින්න කියාදීපු එකනම් අගය කරනව.
    සුභ පැතුම්.....

    ReplyDelete
  16. හිත හදාගනින් දුකෝ

    ReplyDelete
  17. @ ගීශා !

    අදටත් කුසුම්ලා ඕන තරම් ඉන්නවා ගීෂා . . . පුවත්පත් බැලුවාම . . .ඒක තහවුරු කර ගන්න පුලුවන් . . . .!

    "අත්තටම දුකා ඔයාට කුසුම්ව ලැබුන නම්........."

    බුදු අම්මෝ . . . මට නිමල් හතුරුසිංහ හෙවත් ලොක්කයියා එක්ක මරා ගන්න තමා එහෙනම් වෙන්නේ . . . !

    අනිත් පොත් දෙකත් බලන්න . . . වඩා ලස්සන . . . පිරුනු හදක් . . .

    ස්තූතියි අගය කිරීමට . . .

    ReplyDelete
  18. @ NUWAN"s lane !

    කොච්චර හිත හදාගෙන හිටියත් . . . ඒ පොත් දැක්කම ආයෙ ආයෙ බලන්න හිතෙනවා . . . එතකොට . . . හදාගෙන ඉන්න හිත ආපහු කඩා වැටෙනවා . . . . ! නොනවතින චක්‍රයක් . . .

    ReplyDelete
  19. මේ උඹ පොත් ගැන ලියද්දී පුලුවන් නම් පොතේ පින්තුර දාන්න මචං, ඒක වැදගත් වෙවි ෂුවර් ඒකටම!

    අනික මචං,
    පිටරට ඉන්න අපිට ඔව්ව ගන්න විදියක් නැද්ද මචෝ? ඔන්ලයින් එකේ තියෙන බොළඳම එව්වා කියෝලා එපා වෙලා! ඉංශ්‍රිසි ඒවා කියෙව්වත් එච්චර ගතියක් නෑ මචෝ සමහරක් එව්වා හැරෙන්න.

    ReplyDelete
  20. @ -බිன்ku- !

    අනිත් දවසේ . . .පොතේ පින්තූරත් හොයලා දාන්නම් බීන්කු . . .

    දැනට පිටරට නම් ඉන්නේ . . . ලංකාවට ආව කාලෙක උනත් අරන් තියාගෙන ආපහු යනකොට ගෙනිච්චත් පාඩු නෑ . . මේ පොත් නම් . . .

    ReplyDelete
  21. අපේ අද කාලෙ ගෑණු ලමයි ඔය ඕළු නෙළුම් මානෙල් වගෙ බොලඳ නවකතා කියවන්නෙ නැතිව මේ වගේ පොතක් බලනවනම් කොයිතරම් හොඳද ??

    එහෙම උනානම් අද මම තනිකඩයෙක් නොවෙන්න ගොඩක් ඉඩ තිබ්බා ...

    ReplyDelete
  22. Hmmm .............:)))))these are just fictions guys , there are no extreme good/bad women or men like this .don't expect it in the real world :)

    ReplyDelete
  23. dukaa ta kusumwa lebunanam pem karamin innawa hara poth liyana ekak ne neda?

    ReplyDelete
  24. @Mano (TMG), you are trying to be too smart, aren't you?? :-)....ඕකට තමයි කියන්නෙ 'නරුම වාදය' කියල.....ඇත්ත ජීවිතේ මේ වගේ චරිත තමුන්ට මුණ ගැහිලා නැති පලියට, එහෙම චරිත නෑ කියලා පූර්ව නිගමන වලට එන එක වැරදියි නේද මනෝ?

    ReplyDelete
  25. මේක සෑහෙන්න අගයකරනවා දුකා.... සෑහෙන්න............

    ReplyDelete
  26. කුසුම් මාව අඩවපු තරම් මෙච්චරයි කියලා කියන්න බෑ.ඒ පොත කියවලා සතියක් විතර යනකල් මම හිටියේ වෙනස්ම ලෝකෙක.ඒ තරම් වටිනා කාන්තා චරිතයක් මම කියවපු කිසිම පොතක දෑකලා නෑ.ගැහැනු ළමයි චිත්‍රපටියෙ ගීතය ඈත්තටම ඈහෑට කදුලක් ගේනවා.

    ReplyDelete
  27. ගැහැනු ලමයි ඉස්කොලේ යන කාලේ පුස්ථකාලෙන් කියෙවුවා.
    අවුරුදු අටකට පස්සේ පෙරේදා පිරුනු හදක් e-book එක කි‍යවලා ඉවර කලා. කුසුම් ගේ භාෂාවෙන් කියනවා නම්,
    ඉවර තියෙන වෙලාවක් බලලා හතුරු හිතක් කො‍හේද තියෙන්නේ කියලා ගුගල් දෙයියන් ගෙන් අහපුවම තමයි මෙතෙන්ට එන්ඩ පාර හම්බුනේ. ලිපිය බොහො වැදගත් යැයි ම‍ට හැගේ
    නමුත් මෙතනත් මම හොයන දේ නැ වගේ.කොහොම උනත් මම මේ විදියට හතුරු හිතන් හොයන එක හරිද මන්දා.(තනිකරම හොර වැඩක්නේ)
    මම කියනනේ තවමත් වෙලද සැල්වල විකිනිම‍ට තියෙන පොත්, e-book විදිහට අන්තර්ජාලයට මුදා හැර තිබිම පිලිබදවයි.
    සංවා‍දය‍‍ට ලක්කිරිම දුකාට බාරයි.

    ReplyDelete
  28. අය්යේ, ඇත්තටම ආදරේ කරන හැම කෙල්ලෙක්ම කුසුම් කෙනෙක් නේද..??

    මම මේ පොස්ට් එක කියවන්නේ වියෝ ගී සින්දුව අහන ගමන්...
    මම පුංචි කාලේ ඉඳන්ම මේ සින්දුවට හරිම ආසයි..... සින්දුව අහන වෙලාවට හිතට මොකක්ද මන්ද අමුත්තක් දැනෙනවා... පපුව හිර වෙනවා... ඇස වලට කඳුළු එනවා....

    ප ලි : කරුණාකරලා කව්රු හරි දන්නවා නම් කියන්නකෝ බලන තැනක්.... ලංකාවේ පිට ඉන්දැද්දී පොත් හොයා ගන්න ටිකක් අමරුයිනේ.

    ReplyDelete
  29. I have exact same feelings as duka. As I remember, Gahanu lamai was an award winning book in 1966. After 50 yrs, these 3 books still talk to our hearts. I was thinking why he didn't write a 4th book to tell us that kusum and Nimal were together again after his divorce.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails