Friday, August 7, 2009

ඇස් රතුවෙන විහිළු . . . හා . . කොන්ඩුම් . . . !


පසුගිය දවස් ටිකේම ආදරය . . . පාසැල් දිවිය . . . දහම් පාසැල් දිවිය වගේ මාතෘකා ගැන ලියුව නිසා අද හිතුනා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන ලියන්න කියලා . . . මොකද මලී ළමයගෙන් චෝදනාවකුත් තිබුනා දැං වැඩිපුර ආදර කතා තමයි හැමෝම ලියන්නේ කියලා . . .

ඇත්තෙන්ම මේක මම බ්ලොග් ලියන බව දන්න මගේ මිතුරෙක් "උඹ මෙක උබේ බ්ලොග් එකෙ උනත් ලියපන් මචං" කියලම කිව්ව දෙයක් . . . !

කොන්ඩුම් කියන වචනේ දැක්ක ගමන් . . . මේක බලන පොඩි ළමයි බය වෙන්න එපා . . මම වැඩිහිටියන්ට පමණයි කතාවක් කියන්න හදනවා කියලා . . . ඔයාලත් කවදහරි වැඩිහිටියෝ වෙන නිසා මේක බලල තිබ්බට පාඩුවක් වෙන එකක් නෑ . . . !

ලඟදි දවසක් මම සාගර කියන මගේ යාලුවගේ ගෙදර ගියා සති අන්තයේ හවස් වරුවක . . . මාව දැක්ක ගමන් ඌට මාර ජොලියක් ගියා . . .

"නියමයි මචං උඹ ආපු එක . . . . හෙට අපේ වෙඩින් ඇනිවසරි එක . . . උඹ එනව කියල මඟදි කෝල් කරන කොටම අපි කතාවුනා අපි එහෙනම් පොඩි පාටියක් දාමු කියලා . . ." සාගර බිරිඳ දිහා බැලුවේ . . . "ඔන්න එහෙනම් අකමැත්තක් නෑනේ ඩාලිං " කියලා කියනවා වගේ . . . !

මම ඉතිං සුපුරුදු පරිදි . . . "මොනාද මචං පාටියට තියෙන කෑම . . " කියලා මගේ සුපුරුදු බඩජාරිකම ප්‍රදර්ශනය කලා . . .

"තාම හිතුවෙ නෑ . . . උඹම කියපන් මොනාද හොඳ කියලා . . . " සාගර බෝලේ මගේ පැත්තට පාස් කලා . . .

"ම් ම් ම් ම් අපි එහෙනම් ඉඳි ආප්ප හදල . . . මස් හොද්දක් හදල . . . පොල් සම්බෝල හදමු . . . " මම මගේ රෑට කන්න කැමතිම මෙනු එකක් යෝජනා කලා . . . .

"කවුරු හරි පොල්ගාලා දෙනවානම් මම පොල් සම්බෝලේ හදන්නම් " මම පොල් සම්බල් එක්ස්පර්ට් නිසා ඉක්මනට පැනලා දුන්නා. . .

"ඔයා මික්ස් කරල දෙනවානම් මම ඉඳි ආප්ප හදන්නම් . . . " සාගරගේ බිරිඳත් . . . ඈට අමාරු වැඩේ සාගර පිට පටවන්න ට්‍රයි කලා . . .

"හරි මම එහෙනම් ඒ ටික කරල දීලා කලින් බාගෙට හදන්න අරං නතර කරපු මස් රොටී වැඩේ ඉවර කරන්නම්" කියලා සාගර වැඩේට බැස්සා . . .

"පුතා ඔයා මේ දුකා මාමට පොල් ටිකක් ගාලා දෙන්න සුදූ . . . " කියලා සාගරගේ බිරිඳ අවුරුදු 4ක් විතර වයස ඔවුන්ගේ සුරතල් පුතාට බටර් ටිකක් ගෑවා . . .

"අපේ මල්ලිත් ඉන්නවනේ . . එයාට දෙමු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික බදින්න . . . " නිසංසලා එයාගේ මල්ලිටත් වැඩක් පැවරුවා . . .

සාගර ඔය අතරේ කුකුලෙකුත් අවන් එකට දැම්මා බේක් වෙන්න කියලා බයිට් එකට ගන්න හිතාගෙන . . .

ඔන්න ඉතින් ඔය විදිහට කෑම ප්‍රශ්නේ විසඳුවා කියමුකෝ . . . ඊලඟට බීම ප්‍රශ්නේ . . .

"මොනාද මචං බොන්න තියෙන්නේ" . . . මම හිමිහිට සාගරට ලංවෙලා ඇහුවා . . .

"එදා උඹත් එක්කම ගිහින් ගත්තු රෙඩ් ලේබල් එක තාම එහෙම්මම තියෙනවා . . .ඒක කඩමු . . . " සාගර ටිකක් හයියෙන් කිව්වා . . . මේ අපි ටිකක් බොන්නයි හදන්නේ කියල නොකියා බිරිඳට කියනවා වගේ . . .

ඒක ඉතිං මගේ ප්‍රියතම වර්ගයක් නෙමෙයි උනත් මොනා කරන්නද කියලා "හ්හ්හ්ම්ම් " කියල පිලිතුරු දුන්නා . . .

අපි ඉතින් කන බොන ගමන් ගොඩාක් දේවල ගැන කතාකලා . . . ඔවුන්ගේ ප්‍රේමය පටන් ගත් හැටි . . . ගෙවල් වලින් ආ ප්‍රශ්නවලට මුහුන දුන් හැටි . . . හදිස්සියේම විවාහ වූ හැටි . . ආදී වශයෙන් . . .

අහ් කියන්න අමතක උනානේ . . . මගේ මිත්‍රයා සාගර යුධ හමුදවේ ඉහල නිලයක් දරපු කෙනෙක් . . . පවුලේ බලපෑම් නිසා දැන් යුධ හමුදවෙන් ඉවත් වෙලයි ඉන්නේ . . .

හමුදා ජීවිතේ රසමුසු තැන් එහෙමත් ඔහු විස්තර කරමින් ඉන්නකොට එක පාරටම

"මචං උඹේ ඔය බ්ලොග් එකේ උනත් ලියන්න පුලුවන් සීන් එකක් උනා එක පාරක් . . කාට උනත් ප්‍රයොජන වත් වෙයි" කියලා පැරණි රසාංගයක් එලි දක්වන්න ලෑස්ති උනා. . .

"අපේ හොඳම යාලුවෙක් මචං යෝජනාවකින් කසාද බැන්දා . . . " ඔහු පටන් ගත්තෙ එහෙමයි (අපි ඔහුට ඩිලාන් කියමු ) . . .

"ඌ හරිම අහිංසක එකෙක් . . . උගේ හොඳම යාලුවයි ඌයි දෙන්නම සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්ලා. . . " සාගර කතාව කර ගෙන ගියා . . .

"ආමි එකේ මචං නිවාඩු ගන්න ඉතිං ලේසි නෑනේ . . . ඩිලාන් ඉතිං අලුත බැඳපු එකා නිසා මූ කොහොම හරි සතියක් නිවාඩුවක් අනුමත කරගෙන යන්න රෙඩි උනා . . . "

සාගරගේ කතාව අහගෙන අපි තුන්දෙනා බයිට් එක ටික ටික හිස් කරගෙන ගියා . . . (සාගරට කතාව නිසා කන්න වෙලාවක් නෑ . . මායි නිසංසලායි . . එයාගේ මල්ලියි තමයි කෑම ගේම් එක ගොඩදාගෙන ගියේ . . . )

"සතියකට නිවාඩු ගිය එකා මෙන්න පහුවදාම ආවා මූනත් නරක් කරගෙන . . . " සාගර එහෙම කියනකොටම

"ඒ මොකද . .??" අපි තුන්දෙනාම එකම පාරට ඇහුවා . . . .

"උගේ බෑග් එක ඇතුලට කවුදෝ කොන්ඩුම් වගයක් දාලලු . . . වයිෆ් බෑග් එක අස්කරනකොට ඒක දැක ඌ ගැන සැක කරල ඌත් එක්ක රන්ඩු කරලලු . . . රන්ඩු කරල වයිෆ් අම්මලගෙ ගෙදර ගියාලු ඩිලාන්ගෙන් අයින්වෙනවා (ඩිවෝස් වෙනවා)කියලා . . . "

"මල කෙලියයි . . ." අහං හිටපු අපි තුන්දෙනාටම කියවුනා. . .

"පස්සේ අපේ කෑම්ප් එකේ හිටපු ලොක්ක . . . කර්නල් XXX ට හොඳටම තද වෙලා . . . හැමෝටම බැන්නා . . ."

"මේ වැඩේ කරපු නොසංඩලයා කවුද . . . ඌ කවුරු උනත් ඌ මාත් එක්ක දැම්මම එන්න ඕන මේ රෑම ඒ කෙල්ලගේ ගෙදර යන්න . . . ගිහින් ඇත්ත පැහැදිලි කරලා දීලා . . . මේ අහිංසක කොල්ලගේ මගුල ආපහු හරිගස්සල දෙන්න ඕන කියල අඩි පොලොවෙ ගහල මාර සද්දයක් දැම්මා . . . "

සාගර එහෙම කියද්දි . . . උගේ මූනේ හැගීම් අනුව අපි නිරීක්ශනය කලා කර්නල් කොච්චර සැර . . .ඒ වගේම හොඳ කෙනෙක්ද කියලා .. .

"උගේ හොඳම යාලුවා ඉදිරිපත් වෙලා කියනවා. . . අනේ සර් . . .මමයි ඒවා දැම්මේ . . . මම ඒක කලේ විහිලුවට . . . අනික ඩිලාන් ලගදිනේ බැන්දේ . . . ළමයි හදන්න එහෙම දැම්මම හදිස්සි වෙන්න එපා කියන එක නොකියා විහිලුවෙන් කියන්නයි මට ඕන වුනේ . . . නැතුව . . පවුල් අවුල් කරන්න කියල හිතල දැම්ම නෙමෙයි සර් . . . කියලා" කිව්වලු

අපිටත් ඩිලාන්ගේ හොඳම යාලුවා ගැනත් ඩිලාන් ගැනත් දුක හිතුනා ඒක ඇහුවාම . . .

"පස්සේ එදා රෑම කර්නලුයි . . . ඩිලානුයි . . . උගේ හොඳම යාලුවයි ගිහින් . . . ඩිලාන්ගේ වයිෆ්ටයි . . . නැන්දම්මලටයි . . . හැමෝටම කියල කියල . . . ටික කාලයක් ගිහින් දෙන්න ආපහු ශෙප් උනා . . ." කියල කිව්වහම තමයි අපේ හිත් වලට හීන් සතුටක් ගලාගෙන ආවෙ . . .

ඉතිං ඔය කතාව සාගර කියල ඉවර උනාම මට හිතුනේ මේ පහත දේවල් ටික තමයි . . . . . .

1. යාළුවෝ විහිළු කරනවා තමයි . . . ඒ උනාට විහිළුවක් කරන්න කලින් ටිකක් දුර දිග හිතල බලන්න
2. තව කෙනෙක් අපහසුවට පත්වෙන විදිහේ විහිළු නොකර ඉන්න උත්සාහ කරන්න . . .
3. බිරින්ඳෑවරු හරි . . අනාගතයේ බිරින්ඳෑවරු වෙන්න බලාපොරොත්තුවෙන් හරි ඉන්න අය මේක බලනවනම් . . . විහිළුවක් නිසා සිදුවිය හැකි ඔය වගේ සුළු සිදුවීමක් දික්කසාදයකින් කෙලවර කර ගන්න තරමට දුර දිග ඕනද නැද්ද කියන එක ටිකක් හිතලා බලන්න . . .
4. අවසානයට අපේ උතුරු නැගෙනහිර යුද්ධය වගේ දෙයක් හැර පවුලක ඕනෑම දෙයක් අඹු සැමියන් කතාබහ කර ගෙන සාකච්ඡා කරගෙන විසඳ ගන්න පුලුවන් කියන එක විවාහක අයත් . . . අනාගතයේදී විවාහ වීමට ඉන්න අයත් . . . ටිකක් හිතට ගන්න . . . .

33 comments:

  1. දුකා ඔන්න අපි දන්නේ නෑ මේ 18+ ඒවා දාලා බ්ලොග් එක BAN කරගත්තොත් එහෙම.....!! :P Hik hikz........ :D

    ReplyDelete
  2. මධු සමයේදී කොන්ඩම් දැකලා මෙතරම් දෙයක් කරන්න බිරිඳ පෙළඹුණේ ඇයි කියන ඒක තමා විකාරයක් වෙන්නේ. එක්කෝ පැත්තක දාපු බෑග් එකක් වෙන්න ඇති, ඒත් ඉතිං ඒක මෙතරම් දුර දිග යන ඒකත් විහිළුවක් නේද?

    ඔන්න ඕ‍කයි අපේ රටේ හැටි (අපේම විතරක් නෙමේ ඉතිං), විවාහ ජිවිතයක් සාරථික වෙන්න විශ්වාසය හා අනේන්‍ය බැඳිම ඕනේ නේද?

    ReplyDelete
  3. හොද යාලුවෙක්,

    යාලුවගෙ පරන කොන්ඩම් ජීවිතය හංගන්න බොරුත් කියනව උගෙ බොස්ටයි තව නැන්දම්මලටයි.

    ReplyDelete
  4. අනෙ පව් ඒ අසරනයා ! ශුවර් එකට ඕකට දුකා අය්යත් කොහෙන් හරි ගෑවිලා ඇති ...

    ReplyDelete
  5. @බින්කු- ඒක එහෙම තමයි. තරය යන එකේ ඇති මෙලෝ තේරුමක් අපිට පෙනුනේ නැති වුනත්. ඒ අය හිතන්නේ එහෙම තමයි... අනික අහවල් දෑ පාවිච්චි කරන්නේ උපත් පාලනයට විතරක්ම නෙවෙයි නෙව. ආරක්ෂාව සඳහාත් පාවිච්චි කරනවා නෙව. ඉතින් බවලතා හිතුවාද දන්නෑ නෙව අවිශ්වාසය නිසා පාවිච්චි කරා කියලා... ඉතින් ඕවා ඔහොම තමයි.

    ‍මොනවා වුනත් කාට කාටත් හොඳ පාඩම්! :D

    ReplyDelete
  6. @ Uraj Deemantha !
    ඒක තමයි . . මටත් පස්සේ මතක් උනේ . . . මීට පස්සේ සිංදුවක් දැම්මත් දාන්නේ "හා හා හරි හාවා . . ." වගේ ඒවා විතරයි ඕං . . . !

    ReplyDelete
  7. ෙකාන්ඩම් කියන්නෙ මහා භයානක අායුධයක්/උපකරණයක් ෙනවෙයි. ඒදිෙනදා භාවිතා වන සාමාන්‍ය ෙදයක් විය යුතුයි. ඒෙහම ෙනාවෙන නිසයි නීති විෙරා්ධී ගබ්සා ප්‍රමාණය ඉහල යන්ෙනත්.

    ෙම් යන විදියට කවදාවත් ඒක ලංකාෙවදි සාමාන්‍ය ෙදයක් ෙවන ඒකකුත් නැහැ.

    ReplyDelete
  8. @ -බිன்ku- !
    "විවාහ ජිවිතයක් සාර්ථක වෙන්න විශ්වාසය හා අනේන්‍ය බැඳිම ඕනේ නේද?" අනිවාර්‍යයෙන්ම ඔව්. . .

    ඒත් අවාසනාවට අපේ සමාජයේ වැඩිදෙනෙක් . . . ගොඩක් සිදුවීම් වලදි . . .

    "මේක වෙන්න ඇත්තේ . . මෙන්න මෙහෙමයි ". . . කියල පූර්ව නිගමන කරල . . .

    "ඔව් එහෙමම තමයි උනේ" කියල තීන්දුව තමන්ම දීල . . .

    "මේකට මෙහෙමයි දඬුවම් කරන්න ඕන" කියල තමන්ම . . . තමන් තීන්දුකරපු වැරදි කාරයාට දඬුවමුත් කරනවා . . . .

    හරිම අසාධාරනයි . . . !

    ReplyDelete
  9. හරි. අනම් මනං කථා නැතුව මම උපදෙස් ටික පිළිගත්තා කියලා විතරක් කියන්නංකෝ.. :p

    ReplyDelete
  10. @ චා_එස් එල් !
    සාගර කියපු විදිහට නම් මචං ඌ චාටර් පොරක් නෙමෙයි . . . !

    මෙහෙම හිතුවොත් . . .

    ලංකාවේ ගනිකා නිවාස වැඩියෙන්ම තියෙන්නේ අනුරාධපුරේ කියල මම අහල තියෙනවා . . .

    හේතුව විදිහට දක්වන්නේ . . . මාස ගනන් උතුරේ කෑලෑවල් වල දුක් විඳ විඳ යුද්ධ කරල නිවාඩු එන හමුදා සෙබලුන්ගේ යුද්ධය නිසා සිර කරගෙන සිටි (මානුශික ) ලිංගික හැඟීම් මුදාහරින්න ඉඩ සලසල දෙන්න කියන එක . . .

    ඔය වගේ කථා ඩිලාන්ගේ වයිෆුත් දැනගෙන හිටියේ වෙන්න ඇතිනේ . . .

    නරක දේ කියන්නේ . . . "මොකටද මේවා ගෙනාවේ . . " කියල අහන්න තරම් මනෝභායක් නැත් එකනේ . . .

    ඇහුවොත් . . . "අනේ මම දන්නේ නෑ . . . කවුරු හරි යාළුවෙක් විහිළුවට දාන්න ඇති" කියල දෙන පිලිතුර පිලිගන්න තරම් නම්‍යශීලී නොවන එකනේ . . . !

    ReplyDelete
  11. @ DragonD !
    අනේ මූ මේ අහිංසක මාවත් ඒකට පටලවන්නයි හදන්නේ . . . !

    ReplyDelete
  12. එල කිරි මචන්.

    ReplyDelete
  13. @ Supun Sudaraka !
    මටත් හිතුනේ ඒක තමයි සුපුන් . . .

    ඩිලාන්ගේ වයිෆ් හිතන්න ඇති ඔහුට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා නැතිනම් ඔහු ගණිකාවන් ඇසුරු කරනවා කියලා . . .

    ඇත්තෙන්ම හොද පාඩමක් මේක හැමෝටම . . . ඕනෑම දේක දෙපැත්තක් තියෙනවා කියලා හිතල බලන්න . . . !

    ReplyDelete
  14. @ The Chinthaka !
    ඔයාගෙ අදහසට මම සම්පූර්නයෙන් එකඟයි . . .

    "මේ යන විදියට කවදාවත් ඒක ලංකාවෙදි සාමාන්‍ය දෙයක් වෙන එකකුත් නැහැ."

    මේ දවස්වල නිතර කතාබහට ලක්වෙන "හැමදේම වාරනය කිරීම" කියන අදහස ගැන නම් මචං මට මගේම පුද්ගලික අදහසක් තියෙනවා. . .

    මම ඒ වැඩේ එක්ක පොඩි එකඟ වීමක් තියෙනවා . . . ඒකට සාධාරන හේතු මට මගේ පවුලෙන්මත් ලබිලා තියෙනවා . . . (අක්කගේ පුතාගේ ජංගමේ තියෙන පින්තූර . . .එස්.එම්.එස් . . . එහෙම )

    මගේ හැඟීම අපේ රටේ ගොඩාක් දේවල් එක්ස්ට්‍රීම් ගියා කියන එකයි . . . (මම හනමිටි කාරයෙක් කියල මොහොතකට වත් හිතන්න එපා ) . . . "ඉන්ටර්නෙට්" . . . "බ්‍රොතල් හවුස්" . . . "මසාජ් ක්ලිනික්" . . . "ගේ ක්ලබ්" . . . "කැබරේ පබ්" . . . "නයිට් ක්ලබ්" . . . "ඩ්‍රග්ස්" . . . ඔය ආදී කී නොකී හැම දේකින්ම අපි අන්තයකටම බොහොම ටික කාලයක් තුලදි අපි ගමන් කලා කියලයි. . .

    මේවාට මුලින්ම ගොදුරු වෙන්නේ . . . ජීවිතය ගැන වැඩි අත්දැකීම් නැති පාසැල් දරුවන් . . . රටේ හෙට දවස භාර ගන්න ඉන්න දරුවන් . . . මානසික විකෘතිකාරයන් වුනොත් . . . රටේ අනාගතය මොන වගේ වේවිද . . . ( පසුගිය පරම්පරාවෙ මානසික විකෘතිකාර මැති ඇමතිවරු දාන ගොංපාට් අපි හැමෝම හොඳට අත්විඳිනවානේ . . . )

    ඉතින් එහෙම එකේ . . . ටික ටික නතර කරන්න දැං පරක්කු වැඩියි . . . කරන්න ඕන සහමුලින්ම නතර කරල ටික ටික ඕපන් කරන එකයි කියන එකයි මගේ පුද්ගලික හැඟීම . . . !

    ReplyDelete
  15. @ malee_msg !
    අන්න හොඳයි මලී . . .

    පිලිගත්තා වගේම හෙට දවසේ බිරින්ඳෑවරු වෙන්න ඉන්න ගැහැනු යාලුවන්ටත් කියන්න මෙහෙම දෙවලුත් ලෝකේ සිදුවෙනවා කියලා . . .

    "තොටිල්ල පදවන අත ලෝකය පාලනය කරයි . . " කියල කියමනක් තියෙනවනේ . . .

    යහපත් පුරවැසියෝ බිහිවෙන්නේ . . . යහපත් පවුල් වලින් . . . යහපත් පවුල රැඳිලා තියෙන්නේ . . . ඥානවන්ත කාන්තාවෝ අතේ . . . !

    ReplyDelete
  16. @ Nanditha !

    ස්තූත්යි මචං . . . !

    ReplyDelete
  17. මේ වගේ කතාවක් මන් එක පාරක් පත්තරේ දැක්ක.
    හැබැයි අනික් පැත්ත.
    මධු සමය දවසේ මනමාලිගේ බෑග් එකට එයාගේ යලුවෝ කොන්ඩම් එකක් දාලා ඒක දැකපු මනමාලය යකා නටලා මනමාලි නරක චරිතයක් තියෙන කෙනෙක් කියලා.
    අනේ මන්දා කොන්ඩම්, කොච්චර සේවයක් කලත් ලඟ තබා ගැනීම අහිතකරයි.

    නිකන් හිතමුකෝ බලන්න මන් ගාවා එකක් තියෙනවා අපේ ගෙදර වැඩිහිටියෝ දැක්කොත් එහෙම
    මන් ඉවරයි තමා.

    ReplyDelete
  18. @ ම !
    "කොච්චර සේවයක් කලත් ලඟ තබා ගැනීම අහිතකරයි"

    වෙන්න ඕන ඒවාගැන අවබෝදයෙන් සිටීමයි . . . මොකටද ලඟ තබා ගත්තේ කියා සොයා බැලීමයි . . හදිසි තීරන ගැනීම නෙමෙයි . . .

    මගේ තරුණ වයසෙදි . . .මගේ අල්මාරියේ යාලුවෙක් ගෙනත් හංගපු එකක් තිබිලා අප්පච්චිට මාට්ටු උනා . . .

    ඔහු කලේ ඒක මට පෙනෙන්න අල්මාරියේ වෙන තැනක තැබූ එකයි . . . ඔහු කියන්න උත්සාහ කරන්න ඇත්තේ . . . "මේවා උඹේ ජීවිතයට මේ වයසෙදි ඕනමද කියල හිතල බලපන් පුතේ වගේ පනිවිඩයක් දෙන එක වෙන්න ඕන . . . "

    අන්න ඒකටයි අවබෝධය කියන්නේ . . .

    ReplyDelete
  19. @ දුකා,
    හැමදේම වාරනය/තහනම් කිරීම පිළිබද මීට වඩා වැඩි සංවාදයක් අවශ්‍යයි. ඒ ගැන මට දැෙනන අදහස නම් ටිකක් ෙවනස්.

    හිතන්න, ලංකාෙව නීති මගින් පාලනය/තහනම් කල ෙද් ෙකාච්චර තිෙයනවද? ෙකලවරක් නැති ලිස්ට් ඒකක් හදන්න පුලුවන් ෙවයි.ඒත් ඒවයින් කීයක් අැත්තටම පාලනය ෙවලා/නතර ෙවලා තිෙයනවද? මහපාෙර,ෙර්ල් පාෙර්, ගංගා අැලෙදාල රිසෙව්ෂන් ඒෙක් ෙගාඩනැගිලි හදන්න තහනම් වුනාට ඒවයෙ අද තිෙයන්නෙ තට්ටු බිල්ඩින්. ඒ තරම් ෙලාකු ෙද්වල් පාලනය කරන්න බැරි ඒෙක් ෙපාඩි ඒකාෙග ජංගමේ තියෙන පින්තූර නවත්තන්න පුලුවන් ෙවයි කියල හිතන්න පුලුවන්ද?

    අපේ රටේ ගොඩාක් දේවල් එක්ස්ට්‍රීම් ගියා කියන එක අැත්ත. ඔබ සදහන් කල ෙද්වල් (ඉන්ටර්නෙට්, බ්‍රොතල් හවුස්,මසාජ් ක්ලිනික්, ගේ ක්ලබ්, කැබරේ පබ්, නයිට් ක්ලබ්,ඩ්‍රග්ස් . . .)මුලින්ම අාෙව අපි ෙම් ජීවත් ෙවන සාමාන්‍ය සමාජයට ෙනාෙවයි.ඉහල පැලැන්තිෙය් සමාජයට. හැබැයි ඒ අය ඒක යම් පාලනයකින් කර ෙගන යන්න ඉක්මණට ඉෙගන ගන්නව. ඒ අයට ෙම්වා තහනම් ෙවන්ෙනත් නෑ.ඒ ෙදවල්ම සාමාන්‍ය සමාජයට අාවම පාලනයක් නැතුව යනවා. තහනම් කරත් ෙහාෙරන් හරි සිද්ධ ෙවනවා.

    ඔනම ෙදයක් හංගගෙන වහගෙන නීති දාල කරන්න යනකොට කුතුහලයක් අැතිවීම මානව ලක්ෂණයක්. විෙශෂයෙන් ෙපාඩි ලමයි. නිතර දකින කුකුළගෙ කරමල වගෙ උනානම් කවුරුවත් පස්ෙසන් ඒලවලා ෙහායාගෙන යන ඒකක් නෑ.

    ReplyDelete
  20. දුකා එලකිරි ගොඩක් ස්තුතියි කතාව ලිව්වට උන් දෙන්නා දෙය්යන්ගෙ පිහිටෙන් දැන් ගොඩක් හොඳින් ඉන්නවා

    ReplyDelete
  21. කාන්තා පාර්ශවේ ඉතින් පොඩි දේටත් කලබල වෙන එක පුරුද්දක්නේ

    ReplyDelete
  22. පොඬි ප්‍රශිණයක් තියනවා දුකෝ.. ඔය වගේ දේකට wedding එක කටේ තියෙද්දි දමල ගහලා ගියා කියන්නෙ දෙන්නා අතර හරි අවබෝධයක් නෑ කියන එක නේද? අහල පහල මිනිස්සුන්ට වෙන වැඬක් නැතිවෙයි ඔය ඬබලව සමාදාන කරනව ඇරෙන්න. බොරුද මම කියන්නෙ?

    එකට මගෙ වයලට්. කොච්චර රෑ වෙලා ගෙදර ආවත්, බීලා ආවත් ගෙට ගොඬවෙච්ච ගමන් මගෙ ඔඬොක්කුවෙ. ;)

    ReplyDelete
  23. වයලට් = laptop

    ReplyDelete
  24. "දුකා එලකිරි ගොඩක් ස්තුතියි කතාව ලිව්වට උන් දෙන්නා දෙය්යන්ගෙ පිහිටෙන් දැන් ගොඩක් හොඳින් ඉන්නවා"

    මේ Anonymous කියලා කමෙන්ට් එක දාල තියෙන්නේ සාගර . . .

    ස්තූතියි මචං . . . අලුත්ම තත්වය ගැන දැනුම් දුන්නාට . . .

    ReplyDelete
  25. @ NUWAN"s lane !

    ඒක නම් ඇත්ත නුවන් . . .

    ReplyDelete
  26. @ änthräX !

    වෙඩින් එක කටේ තියෙද්දි නොමෙයි මචෝ . . . උන් දෙන්නා කසාද බැඳලා ඉඳල තියෙන්නේ ඒ වෙනකොට . . .

    උඹ හරියට කියවල නෑ වගේ . . හික්ස්. . .

    අහ් උඹේ වයලට් ට අර පෙනහලු අමාරුව හැදුනේ නැද්ද ඊට පස්සේ . . . ?? හික් හික් හික්

    ReplyDelete
  27. සොරි වෙන්ඩෝනා. මම හරියට කියවලා නෑ නේන්න්ම්...

    මචන් transplant එකක් කලානෙ. දැන් ඉටිකිරිස් පෙනහල්ලක් තියෙන්නෙ. තුරුල් කරන් ඉද්දි වත් සද්දයක් ඇහෙන්නෑ. ;) දැන් කතාවෙ happily ever after කොටස යන්නෙ. ;)

    ReplyDelete
  28. @ änthräX !

    එල කිරි . . . !

    ReplyDelete
  29. @ දුකා !

    "ලංකාවේ ගනිකා නිවාස වැඩියෙන්ම තියෙන්නේ අනුරාධපුරේ කියල මම අහල තියෙනවා . . ."

    මලා.... සීන් එක ඔක්කොම දන්නවා වගේ... හත්තිලව්වයි... ඔක්කොම අනුරාධපුරේ එන්න සෙට් වෙයිද දන්නේ නෑ...

    ReplyDelete
  30. @ Udara || උදාර මදුෂංක !

    උඹ රනවරා බීම විකුනන කඩයක් වත් දාගනින් එහෙනම් . . . හොඳට බිස්නස් තියෙයි . . . හික්ස්

    ReplyDelete
  31. හ්ම් අනව්ශ්ය විහිලු හොඳ නෑ නේන්නම්!

    ReplyDelete
  32. @ ඉන්දික !

    ඒක ඇත්ත මචෝ . . .

    ReplyDelete
  33. අතිශ්‍යය වැදගත් ලිපියක් මගේ නසනාරිටත් මේක පෙන්නන් ඕන :D
    කිතුලට ගිය මිනිහටත් උත්තර තිබ්බ එකේ කොන්නඩම් බැලුම් පුම්බන්න ගෙනාවයි කිවුවනං ඉවරයිනේ ;)

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails