Tuesday, August 4, 2009

එක කුඩයක් යට. .ගෑවි නොගෑවී. . දවසක් හැන්දෑවේ . . !


අතීතයේ . .
"මේහ්"
"හ්හ්ම්ම්"
"ඔයාව තෙමෙනවානේ . . හැඟීම් දැනීම් නැද්ද . . අයියෝ . . . ? "
"වහිනකොට තෙමෙනවා තමා ඉතින්"
"නෑ අනේ මම ඇහුවෙ කුඩයකුත් තියාගෙන ඇයි තෙමෙන්නේ කියලා"
"හෆොයි . . මේ. . . ක තෙමල බෑ . . "
"ඇයි ඒ ? "
"අක්ක එයාගේ අලුත්ම කුඩේ මට දුන්නේ, තෙමන්නේ නැතුව අරගෙන වරෙන් කියලා"
"ඉඳා . . . හරි වැඩක්නේ . . . නොතෙමන කුඩ තියෙනවද මේ ලෝකේ? "
"අපේ අක්ක එහෙමයි . . . ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වගේ . . . අපභංශ කොන්දේසි දාලා තමයි දෙන දෙයක් දෙන්නේ . . . "
"ඒ උනාට ඔයාව තෙමෙනවානේ . . . "
"කමක් නෑ . . . අපිව බලාගන්න ඉතිං කවුරුවත් නෑනේ. . . "
"එන්න ඉතිං මගේ කුඩේ යටට . . ."
"ඔහොම ඉතිං බල්ලන්ට ගල් ගහනව වගේ කිව්වට කවුද එන්නේ . . "
"එන්න සුදූ කුඩේ යටට . . . "
"අන්න එහෙම ප්‍රේමනීය ආරාධනා තියෙනවනම් . . . එන්නම්කෝ"
"කෝලං . . "

ලඟදි දිනෙක . . . . .
"හනේ . . . දැක්ක කල් අනේ . . . ඔයා කොහෙද අන්ත්‍රස්දාන වෙලා හිටියේ . . . මම රුශීගෙනුත් ඇහුවා ඇයි ඔයාව පේන්න නැත්තේ කියලා . . "
"අහ් . . . මම අඟහරු ලෝකෙට ගියානේ පොඩි වැකේෂන් එකකට . . "
"මට අඳුරල දෙන්නත් බැරි උනා . . මේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් . . ආකාෂ් . . . "
"හායි . . . හව් ආ යූ මචං. . "
"හායි . . . අයි ඈම් ඩුයින්ග් ගූඩ් මචං . . තෑන්කස් . . . "
"මේ අපිත් එක්ක ඇලෙක්සැන්ඩ්‍රා එකේ ක්ලාසස් ගිය යාලුවෙක් අනේ . . "
"මෙයා ඉස්සරත් ඔහොමයි හරිම පිස්සු . . . මෙයාගේ ගෑනු ලමයත් අයින් උනා මෙයාගෙන් . . මෙයා චුට්ටක් වත් සීරියස් නෑ කියලා . . "
"කවුද ඒ ලමයා . . . මේ මට නමත් මතක නෑ වගේ . . ආ . . ජීනු . . . දැං කොහෙද එයා . . . "
"අහ් එයාව නාසා එකෙන් හඳට යැව්වනේ . . "
"පිස්සු අනේ මෙයාට . . . "
"එක නෙමෙයි . . අපි නෙක්ස්ට් ඩිසෙම්බර් වල වෙඩින් එක ගන්නවා . . . ටාජ් එකේ ගන්නයි ඉන්නේ . . . ඔයාටත් ඉන්වයිට් කරන්න්ම්කෝ . . අපි මෙයාගේ ප්‍රාඩෝ එකේ ඔඩෙල් එකට ආවා අනේ ෂොපිං කරන්න . ."
"ක්‍රෙස්කැට් එකටත් යන්න තියෙනවා අනේ . . අපි යන්නද එහෙනම් . . . ?"
"පස්සේ හම්බුවෙමු මචං . . . නයිස් ටු මීට් යූ . . සී යූ දෙන්"
"සී යූ "

අද . . .
"අනේ ඒයි මට සමාවෙන්න . . . මම ඔයාට ද්‍රෝහි උනා . . "
"හ්හ්හ්ම්ම්ම්ම්ම්"
"මට පස්සේ තමයි ඔයාගේ අගය තෙරුනේ . . "
"හ්හ්හ්ම්ම්ම්ම්ම්"
"ගොඩක් අය මහා බොරු කාරයෝ අයියෝ . . සෝබන කාරයෝ . . වංචා කාරයෝ . . . "
"ඔයා දන්නවනේ . . . වාහන නෑ,  අලුත් අලුත් අයි.ටී ගැජට් බැජට් නෑ,  ටී ශර්ට් -කලිසම් ගන්නේ පේමන්ට් එකෙන් . . . කන්නේ . . බත් . . . බොන්නේ වතුර . . ."
"මම දන්නවා අනේ ඔයා හරිම සරල කෙනෙක් කියලා . . . "
"හැබැයි . . ඔයාට බැඳුනෙ ආදරේ . . තාම මගේ හිතේ එහෙමම තියෙනවා. . . ඔයාට මාත් එක්ක සතුටින් ඉන්න පුලුවන් කියලා හිතෙන ඕන වෙලාවක . . . මගේ හිතේ දොරගුළු ඔයා වෙනුවෙන් ඇරිලා . . ."
"ඔයා හරිම සුන්දර ප්‍රානියෙක් අනේ . . . "



එක කුඩයක් යට

එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .
දවසක් හැන්දෑවේ . . .
මතකද ඔබ . . මා . . පියවර මැන්නා . . .
පිනිමල් වරුසාවේ . . .

කිසිවකු සමඟින් එකට තුරුළු වී . . .
ඉර බැස යන වේලේ . . .
ඔබ යනු දුටුවිට . . . මතකය රිදවයි . . .
අපෙ ඉස්සර කාලේ . . . අපේ ඉස්සර කාලේ . . .

එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .

මඳ අව් රස්නෙට වුව සෙවනක් නැත . . .
ඔබහට අද දවසේ . . .
වැස්සට අව්වට තනිව මුහුන දෙමි . . .
මගේ මහිම එලෙසේ . . . මගේ මහිම එලෙසේ . . .

එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .
දවසක් හැන්දෑවේ . . .
මතකද ඔබ . . මා . . පියවර මැන්නා . . .
පිනිමල් වරුසාවේ . . .

ම්. .ම් . .ම් . . ම් . . ම් . . ම් . . .
හා . . හා . . හා . . හා . .

සින්දුව අහන්න මෙන්න මෙතනින්

ගායනය : වික්ටර් රත්නායක මහතා
පද රචනය : දෙල්තොට චන්ද්‍රපාල මහතා
සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස් මහතා

40 comments:

  1. දුකෝ, උඹ පුදුම එකෙක් දුකෝ! ඇත්තටම! පුදුුුුුුුුම එකෙක් ලියන හැමදේම උඹ පපුවටම දැනෙන්න ඩොට් පේලියක් එක්ක ලියන්නේ......ඒ ලියන ඩොඩ් පේලියක් පාසා මගේ පපුවට කතා කරන්නේ. දිඟු කලක් දිඟු සිදුවීම් ඔස්සේ තවත් කෙනෙක් බිඳි හඳසර නොවෙන්න මම මෙහෙලකටත් කණපිට හැරුණ කුඩයක්!

    ReplyDelete
  2. නියමයි..ආසාවෙන් දෙතුන්පාරක්ම කියෙව්ව මේ ලිපිය..ඇත්තටම දුකා ලියන්න ගොඩක් හිතට වදින දේවල්..දෙන්න ඕන මේ ලිපියට මූණු පොතෙන් ප්‍රසිද්ධියක්!

    ReplyDelete
  3. සිරා දුකෝ...කොච්චර කීවත් එපා වෙන්නැ උ‍ෙඕ ලිපි...ඔහොම යං....සුභ පතනවා හැමදාමත් වගේම අදත්....

    ReplyDelete
  4. අනේ දුකෝ ! උඹට මාත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියනවාද හැමදාම පොස්ට් එක කියවපු ගමන් මට ඇඬවෙන විදියට ලියන්නේ ?????

    ReplyDelete
  5. ඇත්ත සිද්ධියක් වගේ...?? :D

    ReplyDelete
  6. නියමයි දුකා මේක. වස්සත් එක්ක ආදරයේ සුන්දර මතකයන් ගොඩක් දෙනාට නැවත මතක් වෙනවා. සමහර ඒවා දුකක් තමයි.....හරියට "මුතුකුඩ ඉහලන මල් වරුසාවේ" සින්දුවෙ වගේ
    අපේ සභදකම් නෑ රියසක දන්නේ........
    සුභ පතුම්....

    ReplyDelete
  7. එලම තමා , මට ඔය වගේ කෙල්ලො සෙට් වෙන්නෙ නෑනෙ ශික් ! මම ඔහොම කියන්න ගියොත් මූන හරහ බාටා පාරක් ගහ ගන්න තමා වෙන්නෙ. අනික මෙහෙ කෙල්ලන්ට ඔහොම කඩ්ඩෙන් කියන්න ගියොත් හිතයි කුනු හප්ප වලින් බනිනවා කියලා.... මේ පැත්තෙ ( කැලෙ ) අය නම් ඔය වගේ නෑ ඕන් ! ප්‍රාඩෝ එකන් ගිහින් යන් කිව්වොත් කියය් බෑ අනෙ බස් එකෙ යං , මට ඕකෙ යන්න බයයි කියල....

    මොකක් උනත් අය්යගෙ බ්ලොග් එක නම් සිරාම සිරා... මගේ සුබ පැතුම් !

    ReplyDelete
  8. මේක දුකෙන් යුතුව ලියපු කතාවක් නෙමේ. දෙන්න ඝෙ නොගැළපීම හොඳින් පේනවා.

    කතන්දර කාරයා
    http://kathandara.blogspot.com/

    ReplyDelete
  9. ආදරේ කියන්නේ මාර ඩයිනමික් දෙයක් කියල මට සමර විජේසිංහ ලියල එව්වා පහු ගිය දවසක.

    මේ තියෙන්නෙත් ඒ ඩයිනමික් බවේම තව ෆ්‍රීස් වෙච්ච මෝමන්ට් එකක්.

    සිංහලෙන් කීවොත් අවුල් වෙන නිසා එහෙම කීවා.

    සුභ පැතුම් දුකා...!

    ReplyDelete
  10. මාර ලිවිල්ලක්නෙ මචං, ඇත්ත්ම සීන් එකක්ද, දිගටම් ලියන්න, බලන්න ගත්තම නවත්තන්න හිතෙන්නෙ නැත්තෙ, හැමෝටම මේ වගෙ අත්දැකීම් තියෙන නිසා වෙන්න ඇති

    ReplyDelete
  11. හමුවීම වෙන්වීම... ජීවිතයේ හැම තප්පරයකම වෙන දෙයක්.. නමුත් අපේ කියන දේවල් වලටත් මේ දේ උරුමයි කියල දැනුනම තියෙන දුක වැඩිවෙන්නේ, නිමිත්ත අපි ගාවින් බලෙන් ඈත්වෙන්න හදනකොට. වෙන මොනවත් මට මේ ගැන කියන්න එන්නේ නෑ.

    හිතට වදින දේවල් ගැන ලියනකොට උඹට එතන වාදයක් නෑ කියලා මම කොහොමත් දන්නවා.

    පපුවට වදිනවා දුකා......උඹ මොනා ගැන ලිව්වත්.

    ReplyDelete
  12. දීර්ඝ ලෙස ලිවිය යුත්තක් වචන නාස්ති නොකර හදවතට වදින ලෙස ලියා තිබේ. විඥාපනය මනසට ආහාරයක් නම් මේ ඇඹුල් රසැති, එහෙත් නොකා නොසිටීමට නොසිතෙන මිදි පොකුරකි.

    ReplyDelete
  13. ආයෙත් පාරක්,
    පිස්සු හැදෙන දුක හිතෙන කතාවක්,
    හ්ම්...

    දුක(සතුට හෝ දුක) තමයි :)

    ReplyDelete
  14. අනේ මන්දා ‍දැන් කට්ටිය ලියන්නේම මේවා.. දුකත් හිතෙනවා හිනාත් යනවා... මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ‍

    ReplyDelete
  15. @ -බිன்ku- !
    බීන්කු මලයා . . . යමෙකුගේ පපුවට දැනෙන්න මට ලියන්න හුරු උනේ . . . මම ගොඩක් පොත් බලල තියෙන නිසාවෙන් වෙන්න ඇති . . . ම්ම්ම්ම් ඩොට් පේලිය ගැන කිව්වොත් නම් . . මම ඒක එහෙම කරන්නේ . . එක දිගට කියවද්දි අපහසු නිසාත් . . පොඩි හුස්මක් ගන්නත් ඕන කියන හැඟීම නිසාත් . . . ඇත්තෙනම අපි හැමෝම කනපිට හැරුනු කුඩ තමයි අපේ අතීතයේ විඳි සුන්දර අසුන්දර මතක සටහන් වලින් පාඩම් ඉගෙන නොගත්තානම් . . . !

    ReplyDelete
  16. @ පොතේ ගුරා !
    ස්තූතියි . . . ඔබට . . බ්ලොග් ලියන්න පටන් ගත්තු මේ ටික කාලෙට බ්ලොගර් කෙනෙකු ලෙස මගේ යම්කිසි සාර්ථකත්වයක් තිබේ නම් . . . එහි මුල්ම ගෞරවය හිමිවෙන්න ඕන ඔබට . . .

    මගේ ශරීරයේ මටත් නොදන්වා සැඟව සිටි . . නිදාසිටි . . ලිවීමේ හැකියාවක් ඇති මාද වන . . මාද නොවන. . . යම්කිසි පුද්ගලයෙකු . . . දීර්ඝ නිද්‍රාවෙන් ඇහරවා . . . උසිගන්වා. . . කුළුගන්වා . . . ඔහු ලවා . . . සමාජයට යම්කිසි අයුරකින් වැඩදායි (මා සිතනා ලෙස ) . . යමක් ලියැවූවේ ඔබයි . . . !

    මා එයට ඔබට නයගතියි සහෝදරයා . . . !

    ReplyDelete
  17. @ හසී !
    ස්තූතියි . . . ඔබටත් . .

    @ Chrishi !
    ම්ම්ම් ඉතිං මොකද කරන්නේ . . . ටිකක් රළු විදිහට ලියන්නද . . සහෝ . . ? හික්ස්

    @ ගයන්ත !
    ම්ම්ම්ම් මීට ටිකක් සමාන සිදුවීම් නම් සිදුවෙලා නැත්තෙමත් නෑ . . . . . හැබැයි මේක නම් . . මේ ගීතයට පූර්විකාවක් ලිවුවා වීතරයි . .

    ReplyDelete
  18. @ ගීශා... !
    ආදරේ කරල තියෙන ගොඩාක් අයට . . . වැස්සත් සමඟ බද්ධ වුනු . . . රසවත් සිදුවීම් නම් . . නොතිබී තියෙන්නම බෑ . . . !

    ඒ තරමට වැස්සයි . . ආදරෙයි . . එකිනෙකට සමීපයි . . . !

    "මුතුකුඩ ඉහලන මල් වරුසාවේ" ගීතයනම් ඇහෙන කොටත් මගේ නෙතට කඳුලක් උනනවා. . . මගේ යටගියාවේ . . . සමහර දුක හිතෙන ප්‍රේමනීය මතක සටහන් ආපහු සිහිවෙලා. . . !

    ReplyDelete
  19. @ DragonD !
    "මට ඔය වගේ කෙල්ලො සෙට් වෙන්නෙ නෑනෙ ශික් . . " කිව්වේ ඔයාව දාල වෙන කොල්ලෙක් එක්ක ගිහින් . . ආපහු ඔයා ලගටම එන ජාතියේ කෙල්ලොද? හික්ස්. . ගමේ නගරයේ කියලා නෑ සහෝ . . . ආදරේ සම්බන්ධ සිදුවීම් සිදුවෙන්නේ එකම රටාවකට. . . ස්තූත්යි අගය කිරීමට. . . !

    ReplyDelete
  20. @ Kathandara Kaarayaa !
    හැබැයි ඉතිං සින්දුවේ කියැවෙන විදිහට . . . ඔයාට මගේ විදිහට වෙනස් වෙන්න හැකිනම් . . . සලකා බලන්නම් වගේ දෙයක් තමයි කියැවෙන්නේ කියල තමයි . . . මට නම් හිතුනේ. . . !

    ReplyDelete
  21. @ ඩෝසන් !
    ම්ම්ම් ඒක ටිකක් කාව්‍යමය විදිහට කියන්න හිතුවොත් . . .

    "සසල ආදරේ . . රුදුරු වේදනාවේන් . . . මගේ සොඳුරු හද . . . පාෂානීභූත කල මොහොතක් . . ."

    කියල වගේ කියන්න පුළුවන් වෙයිද. . .?

    ReplyDelete
  22. @ BEAUTIFUL SRI LANKA !
    කට්ටිය ඔක්කොම ගීතයට ලියපු පූර්විකාව ගැන කතාකරනවා මිසක් . . . ගීතය ගන කතා කරන්නේ නෑ වගේ. . . අනේ . . මම ඒ ගීතයට . . . අසාධාරනයක් කලාදෝ . . . ???

    ReplyDelete
  23. @ LishWish !
    හමුවීමේ . . වෙන්වීමේ . . . තියෙන . . . සදාකාලික රිද්මය . . . අපිට හඳුනා ගන්න හැකි වෙනවානම් . . . හමුවීම් . . . වෙන්වීම් . . වලින් සිදුවෙන සිත් තැවුල් වලට . . . සාර්ථකව මුහුන දිය හැකියි කියලයි මට හිතෙන්නේ . . . !

    ReplyDelete
  24. @ taboosubjects !
    ස්තූතියි ටැබූ . . . ඒ වගේම සතුටුයි . . කමෙන්ට් එකටම නෙමෙයි . . . මෙපමන කලක් . . . ඇහැට රොඩ්ඩක් වැටුන වගේ . . . හිත රිදවමින් තිබුනු . . . ඔබේ නිහඬියාව බිඳුනු එක ගැන . . . . !

    ReplyDelete
  25. @ Supun Sudaraka !
    කතාව අමතක කරන්න සුපුන් . . . ගීතය හොයාගෙන එක වරක් හෝ අහන්න . . . අනේ මම කියනවාට වත් . . . !

    ReplyDelete
  26. @ malee_msg !
    මලී කෙලීගේ චෝදනාව . . . ටිකක් බරපතලයි වගේ. . . ම් ම් ම් ම් ම් ඉන්නකෝ . . ඊලඟ ලිපිය වෙනස් විදිහට ලියන්නම් . . . ස්තූතියි . . !

    ReplyDelete
  27. හත්ඉල්ලව්වේ මම මේක දැක්කේ නෑ වෙන්න බෑ.මට හොඳටම මතකයි කියවලා තියෙනවා කියලා.සමහරවිට කියවලා ඉවර උනාට පස්සේ මනෝ ගහගෙනම නින්ද යන්න ඇති.සමාවෙන්න ඕන ඒක හින්දා මෙච්චර ආතල් ලිපියකට කලින් කමෙන්ටුවක් දාන්න බැරිවුනාට.මේකටනං මූණු පොත් ප්‍රසිද්ධියක් දෙනවාමයි.කලිනුත් එකපාරක් ප්‍රසිද්ධ කලා.

    ReplyDelete
  28. නියමයි අයියෙ. ඇත්තටම මේ පාරත් ලස්සන කථාවක් ලියලා තියනවා. ජය වේවා.

    ReplyDelete
  29. නියමෙටම ලියල තියනවා
    ඒක නෙමේ මචෝ මේක කියෙව්වම හිතුනා අපි දෙන්නම එකම වගේ ඩයල් දෙකක් කියලා........
    හැබැයි මගෙ කතාවෙනං අර "අද . . ." කියන Episode එක නෑ :D

    ReplyDelete
  30. අනෙ මන්දා මටනම් හිතා ගන්න බෑ...!

    "ඔයා දන්නවනේ . . . මට ඉන්ෆිනිටි . . ලෑන්ඩ්ක්‍රූසර් නෑ . . . බ්ලැක්බෙරි ෆෝන්ස් . . . අයිපොඩ්ස් නෑ . . . ටී ශර්ට් . . කලිසම් ගන්නේ පේමන්ට් එකෙන් . . . කන්නේ . . බත් . . . බොන්නේ වතුර . . ."

    මෙන්න මෙ කොටසනම් මට හෙනට හිතට ඇල්ලුව..!

    මටත් එහෙමයි වහනෙකට කියලා පුටාර් එක තියෙනවා
    T-shirt 2යි ඔක්කොටම තියෙන්නෙ. බත් වලට අමතරව පාන් කනවා එච්චරයි...!
    නමුත් මෙවා කියන්නෙ කෙල්ලෙක් නැ :-P

    මැක්සා ලිපිය දුකා අයියේ !!! එළ

    ReplyDelete
  31. හ්ම්ම්..
    මමත් මේ වගේ ප්‍රශ්නෙක (තරමක් වෙනස් වුනත්) පැටලුනු නිසාද කොහෙද, මොනා කියන්නද කියල හිතෙන්නෙ නෑ.

    ReplyDelete
  32. බින්කූ කියලා තියෙනවා වගේ දුකා අයියත් තිත් පේලියක් දාන්වා නොවැ.. මකුළු පැංචිත් වාක්‍යයක් ඉවා වෙද්දි තිත් පෙළක්ම තියනවා පුරුද්දට වගේ.. ඒකනං කවි ලියලා ඒකෙන් ලැබුණු හුරුව.. :D

    හරිම ලස්සන හදවතට කතාකරන දෙබසක් දුකා... අමුතුම හැඟීමක් දැනෙනවා හිතට... :(

    ReplyDelete
  33. ඇත්තටම හිතට දැනෙන සිංදුවක්. මාත් ඕක ගැන මේ ලඟදි ලිව්වා.

    ReplyDelete
  34. මෙන්න පෝස්ට්... කනට ගැහුවා වගෙ ලියලා. දැන් ලියන උන්ට මේවා තමයි මුලට පෙන්නන්න ඕනේ.

    ReplyDelete
  35. ඉස්සර ක්ලාස් යන කාලේ ජෝඩුවක් හිටියා..උන් පිටිපස්සෙන් පංතියට ඇතුල් වෙද්දි මුලු ක්ලාස් එකම දන්නවා උන් දෙන්නා එක කුඩයක් යට ඇවිත් තියෙන්නේ කියලා..කොල්ලාගේ එක පැත්තක් විතරක් තෙමිලා..කෙල්ලගේ අනිත් පැත්ත විතරක් තෙමිලා :D
    මගෙත් ආසම ගීයක්! ඉතින් ඊට පස්සේ CD එක සියත FM එකෙන් ලඟදි නිකුත්කලා මං හිතන්නේ ඔය සිංදුවත් දාලා!

    ReplyDelete
  36. පට්ට බන් අය්යෙ... මේ පොස්ට් එක මම දැක්කෙ අද... සින්දුවත් කලින් අහපු බවක් මතක නෑ... උබෙ ලියවිල්ලත් එක්ක සින්දුව වැදුන බොක්කටම.

    ReplyDelete
  37. ගීතයට කිසිම අසාධාරණයක් වෙලා නැතෝ ... දුකා ලියලා තියෙන්නේ ඒ පද්‍යයේ ගද්‍ය වර්ෂන් එක.. එච්චරයි .. ලස්සනයි ලිපිය :)

    ReplyDelete
  38. දුකා...මට දැම්ම කමෙන්ට් එක දිගේ ආවෙ. මේක සැබෑ අත්දැකීමක්ද? එතකොට අර ඔඩෙල් එකට යනගමන් ප්‍රාඩෝ එකෙන් බැස්සෙත් එයාමද? ඒ වගේ කෙනෙක් ඔහොම ගිය එකමයි හොඳ. ඒක ඔබට ආශිර්වාදයක්.

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියේ නෑ නෑ මේක මේ සින්දුවෙන් කියන්න හදන්නේ මෙන්න මේ වගේ සීන් එකක් කියලා මට හිතුනු දෙයක් මිසක් හැබෑ අත්දැකීමක් නෙමේ . . :D

      Delete
    2. දෙයියෝ සාක්කි!! දුකා නැතිව වෙන නමක් දාන්නෙපැයි.

      Delete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails