Wednesday, July 29, 2009

කර්නල්ගේ බිරින්ඳෑවරු


බත් එපා පොත් වර්ගීකරනයට අද මම හිතුවා මගේ ප්‍රියතම පොතක් ගැන ලියන්න ඕන කියලා . . .

මේ පොත මම දැනට 12 සැරයක් හෝ ඊට වැඩි වැඩි පාරක් කියවලා තියෙනවා . . . නමුත් ආයෙත් හෙට මේ පොත ගත්තොත් බලන්න කියලා අලුතෙන්ම මේ පොත බලනවා වගේ ආයෙ පාරක් රසවිඳින්න පුලුවන් . . . . මම නමය වසරෙ . . දහය වසරෙ වගේ පංති වල ඉන්නකොට හිතා හිටියේ පරිවර්තන පොත් විතරයි මෙහෙම ආයෙ ආයෙ කියවන්න තරම් හිතට දැනෙන විදිහට ලියල තියෙන්නෙ කියලා . ..

නමුත් . . . පසුකාලෙක කරුණාසේන ජයලත් මහතාගේ . . . සෝමා ජයකොඩි මහත්මියගේ . . ජයසේන ජයකොඩි මහතාගේ . . සුනේත්‍රා රාජකරුණායක මහත්මියගේ එහෙම පොත් බලනන් ගත්තට පසුව තමයි මට තේරුනේ පරිවර්තන විතරක් නෙමෙයි ස්වතන්ත්‍ර පොතුත් ඒ වගේ ම ආයෙ ආයෙ බලල රසවිඳින්න පුලුවන් තරමට ලියලා තියෙනවා කියලා . . (පසුකාලෙක කිව්වට මට මතක හැටියට මම මුලින්ම බැලුවේ ගොලු හදවත පොත )

මම විස්තර කරන්න යන පොතේ නම "කර්නල්ගේ බිරින්ඳෑවරු" . . . මේ පොත ලියල තියෙන්නෙ සෝමා ජයකොඩි මහත්මිය . . .

යුධ හමුදාව ඇතුලේ තිබෙන ඉහලට යාමට . . . තනතුරු ලබාගැනීමට . . කරනු ලබන කැපිලි කෙටිලි ගැනත් . . . ස්වාමියා බිරිඳ අතර අදහස් හුවමාරුවක් නැති කමිනුත් . . . එකිනෙකා කෙරෙහි විශ්වාසයක් නැති කමිනුත් . . පවුල් කැඩී විසිරෙන හැටිත් . . . ඉන් දරුවන් දුකට පත්වෙන හැටිත් . . . සහෝදර සහෝදරින් . . නෑදෑයින් . . පවුලේ දේපල වල උරුමයට එකිනෙකා කා කොටා ගන්න අයුරුත් . . . දෙමාපියන්ගේ ප්‍රශ්න දිහා දරුවනුත් සානුකම්පිත ලෙස සිතා බලන්න ඕන කියන දෙයත් . . . මාතෘත්වයට මිනිසුන් කොතරම් ගරු කරනාවාද යන්නත් . . . අරක්කු බෝතලේක සංතෝශමකට තමාගේ බිරිඳ වෙන කෙනෙකුට පාවා දිය හැකි තරම් දීන මිනිසුන් වුවද මේ මිහිපිට සිටින බවත් . . . ජීවිතයේ වටිනා කියන හැමදෙම නැතිවූවාට පසුව වුවත් . . . ජීවිතේ ආයිත් අලුතින් පටන් අරගෙන . . තමාට වැඩක් නැතිනම් . . . කාට හෝ වැඩක් ඇති ලෙස . . . ලස්සන . . . වැඩදයි ජීවිතයක් ලෙස ගතකල හැකියි . . යනාදී ලෙස . . .ජීවිතයට . . . සමාජයට . . .විශාල මෙහෙවරක් කලහැකි . . . පනිවිඩ රාශියකින් සපිරි නවකතාවක් කියන්න පුලුවන් මේ නවකතාව . . ..

මම කතාවේ සාරංශය හෝ කිව්වොත් ඔයාලට බලන්න හියෙන උනන්දුව අඩුවෙයි කියලා හිතලා කතාවේ සාරංශය නැතුව මගේ හිත සසල කල සමහරක් තැන් දෙක තුනක් විතරක් මම ඔයාලට කියන්නම් . . .

තරුණවියේදීම අවාසනාවන්ත ලෙස බිරිද මියගිය . . . යුධහමුදාවේ කැපිලි කෙටිලි වලින් කලකිරී හමුදා ජීවිතයටත් ආයිබෝං කියා කලින්ම විශ්‍රාම ගත් . . . කර්නල් චූලාභය තෙන්නකෝන්ට . . . ජීවිතයේ මහා පාලුවක් . . . තනිකමක් . . .දැනී . . . ඒ පාලුව තනිකම මකා ගන්න දෙවෙනි විවාහයක් ගැන හිතුවොත් කියා නිකමට හිතූ මොහොතේ විදුලියක් කෙටුවා වැනිව හිතට ආවේ . . . නිවාඩු කාලයට දමයන්ති අක්කගේ අනාථ නිවාසයට එන . . . කොටි ත්‍රස්තවාදීන් තම භාගයක් දෙමළ භාගයක් සිංහල සැමියාව පැහැර ගත් නිසාත් . . . කුඩා කලම කුඹුරේදීම තම දෙමාපියන් කොටි ත්‍රස්තවාදීන් විසින් මරා දැමූ නිසාත් අනාථ භාවයට පත්වුනු . . . තරුණ ගුරුවරිය ධරනී ගැනයි . . . . !

ඔවුන් දෙදෙනාගේම හද පතුලටම ඔඩු දිවූ අතීතය නැමැති මුල් ගලවා දමා ඔවුන්ගේ ජීවිත සුන්දර කිරීමේ අරමුනින් . . . පවුලේ බූදලේටත් . . . පවුලේ පාරම්පරික රන් ආභරනවලටත් . . . කෑදර . . . එක් යක්ශාවේස වූ නීලමනී කෙනෙකු නොව . . . නීලමනීලා දාහක් ආවත් . . . තම ඤාති සොහොයුරා පමනක් නොව . . . පලමු විවාහය බිඳවැටී . . . දුක් විඳින . . . දෙවෙනි විවාහයක් ගැන හිතන හැම දෙනාම වෙනුවෙන් . . . ඕනෑම පරාස්සයෙක් සමඟ වුව ගැටිය හැකියි යන ආත්ම විශ්වාසය ඇති . . . අනුන්ගේ දුක් කරදර වලට පිහිට වෙන්න දෝත දිගුකරගෙන මෙලොවට ආවායි සිතන . . . මහඹබාගේ නියෝජිත වරිය හෙවත් . . . සොඳුරු කුමන්ත්‍රන කාරිය . . දමයන්ති අක්කට . . . ඔවුන් දෙදෙනා එක කිරීමට හැකි වේද . . . ?

තමන්ට පෞරුශයක් ඇති සැමියෙක් නොලත් කමින් . . . නොසන්සිඳෙන ඉරිසියාවෙන් . . චූලාභය ගැන බොරු කේලාම් කියා සරෝජිනීගේ සිත ඔහුකෙරෙන් බිඳුවා . . . තම එකම නිවුන් සොයුරියට අකල් මරනයක් හිමිකර දුන් . . . කුරිරු නීලමණී . . . හමුදාවේ උසස් නිධාරියෙකු වූ තම මස්සිනා ලවා . . . උතුරේ ක්‍රියාන්විතයේ රාජකාරී කල . . . චූලාභයගේ එකමු පුතු . . . කැප්ටන් මනුජය තෙන්නකෝන් . . . කොළඹට ගෙන්වාගෙන . . . පියාගේ දෙවෙනි විවාහය පිලිබඳ අදහසට එරෙහිව සටන් කරවන්න කරන කුමන්ත්‍රනයට මනුජය අසුවේද . . . ? පියාගේ දෙවෙනි විවාහය පිලිබඳ අදහසට ඔහු කෙසේ ප්‍රතිචාර දක්වයිද . . .?

උප ඇමතිනියගේ නොසන්ඩාල පුත්‍රයා විසින් දූෂනය කල . . . එම හේතුව නිසාම දමයන්ති මැඩම්ගේ අනාථ නිවාසයට පැමිනි . . . රූමත් . . . විජයකාන්තිගේත් . . . ෆුට්බෝල් ක්‍රීඩාවට ගොස් කකුල කඩාගෙන නොව . . නොව රට වෙනුවෙන් සටනට ගොස් බට්ටෙක් පෑගීමෙන් කකුලක් අහිමි වූ . . . එනිසාම තමාව අතහැර වෙන මිනිසෙක් සමඟ පැනගිය පෙම්වතියට සාප කරමින් නොසිට . . . විජයකාන්තිගේ කන්‍යාභාවයත් . . අනාථකමත් . . . පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් නොසලකා . . . ඈව විවාහ කරගැනීමට සැරසෙන කෝප්‍රල් සාලින්දගේත් . . . විවාහ උත්සවය . . . චූලාභයටත් . . ධරනීටත් . . . ඔවුන්ගේ සිත් එකිනෙකා කෙරෙහි විමසිලිමත් වන්නට ඉඩ සලසාදෙන තෝතැන්නක් වීද . . . හිතේ උපන් සෙනෙහස ලත් තැනම ලොප් කල . . . සාදයක් වීද . . .?

මේ හැම දේටම ඔබට පිළිතුරු අවශ්‍යනම් . . . කර්නල්ගේ බිරින්ඳෑවරු ඔබට බලන්නම වෙනවා . . .

13 comments:

  1. කර්නල් ගේ බිරින්දෑවරු කොටස් දෙකක් තියෙනව. දෙවෙනි කොටස අවසන් වෙන්නෙ තවත් ප්‍රශ්නාර්ථයක් පාඨකාය ට ඉතුරු කරල. තුන් වෙනි කොටසක් එයි කියල දෑන් කාලයක් බලගෙන හිටියා. තාම නම් ආරන්චියක් නැහැ.

    ReplyDelete
  2. ekmantama meka kiyawanna ona.(sunethra rajakarunanaayaka mahathmiyage poth walata mama hugaak kamathi.wisheshayen ma "Ridithiranganawi" pothata..)aawath nawatha nawatha kammali nathuwa kiyawnna puluwani.potha gana kiwwata sthuthiy.

    ReplyDelete
  3. @ Anonymous !

    මම නම් හිතන්නේ . . තුන්වෙනි කොටසක් අවශ්‍ය නැහැ කියලයි . . . මම නම් අවසානය මේ විදිහයි කියලා හිතාගත්තා . . .

    ReplyDelete
  4. @ Anju !

    සුනේත්‍රා රාජකරුණායක මහත්මියගේ "රිදී තිරංගනාවි" පොත මගෙත් ආසම පොතක් . . . දවසක ඒක ගැනත් ලියන්න හිතාගෙන ඉන්නේ . . . මේ පොත කිව්ව වගේ ඉක්මනට බලන්න . . . බලල කියන්න කොහොමද දනුනේ කියලා . . . මේ පොතේ සමහර තැන් තියෙනවා බලද්දි ඇඬෙන තැන් . . . වැඩේ කියන්නේ . . කීවෙනි පාරට බැලුවත් . . . ඒ තැන් වලදි හිත කඩා වැටෙනව . . . අනේ . . . කියල හිතෙනවා . . නොදැනුවත්වම ඇඬෙනවා . . . ! එතරම් ලස්සනයි . . . එතරම් හැඟීම් බරයි . . .

    ReplyDelete
  5. මම කියවලා නැහැ නේ.. :( කොහොමත් මම පරිවර්තන නොවන සිංහල පොත් කියවලා තියෙන්නේ අඩුවෙන්. මේ පාර ගන්න ඕනි.

    ReplyDelete
  6. සුනේත්‍රාගේ "සුබෝධාලංකාරය" බලා නැද්ද ඒකට මන් කැමති රිදී තිරංගනාවි" ට වඩා

    ReplyDelete
  7. @ Anonymous !

    මම නම් හිතන්නේ . . තුන්වෙනි කොටසක් අවශ්‍ය නැහැ කියලයි . . . මම නම් අවසානය මේ විදිහයි කියලා හිතාගත්තා . . .

    මටනම් ගුරුතූමීව ජයචන්ද්‍රන්ට දෙන්න හිත හදා ගන්න බැරි උනා. :-)

    දුකා චන්ද්‍රසිරි දොඩන්ගොඩයන්ගෙ පොත් වලටත් කැමති වේවි කියල මට හිතෙනව.විශේෂයෙන් "මගේ සඳ ඔබ" සහ තවත් පොතක් තියෙනව නම මතක නැති (දූන්යා සහ නිරුදක ගැන කියවෙන ).

    ReplyDelete
  8. චන්ද්‍රසිරි දොඩන්ගොඩයන්ගෙ මොනාද ඕනේ
    ඔය කියන්නේ
    සඳ කළුවරයි ගැන
    අළුත්ම එක දෙදෙනෙක් සහ කතා දෙකක්
    තව තියෙනවා පූජාසනය, සසළ රාත්‍රිය, ලෝචනා, සතී....

    ReplyDelete
  9. @ Anonymous !

    අනේ ජයචන්ද්‍රන්ගෙයි ගුරුතුමීගෙයි ආදරේත් සංසාරේ පතාගෙන ආව එකක් වගේනේ . . . චූලාභයට නම් . . . මනුජය ඉන්නවා . . දමයන්ති අක්ක ඉන්නවා . . .

    දමයන්ති අක්ක වගේ අනෙක් අයගෙ යහපත වෙනුවෙන් තමගේ ජීවිතය කැප කරනව කියල හිත හදාගෙන බාලිකා නිවාසයට උදව් කරගෙන වත් ඉන්න පුලුවන්නේ . . . !

    ජයචන්ද්‍රන්ට කවුරුවත් නැහැනේ ගුරුතුමී හැර . . . අනික එයා කියන්නෙත් මම මෙච්චර කල් ජීවත් උනෙ ධරනීට මොකද උනේ කියල දැන ගන්න . . . දැන් මට මරෙන්න හිත හදාගන්න පුලුවන් කියලනේ . . . !

    අහ් චන්ද්‍රසිරි දොඩන්ගොඩයන්ගෙ දූන්යා සහ නිරුදක ගැන කියවෙන පොත මම බලල තියෙනවා . . .

    "මගේ සඳ ඔබ" "සඳ කළුවරයි " පොත් දෙකම මම බැලුවේ බොහෝම කාලෙකට පෙර . . .

    මම හිතන්නේ මගේ පොත් එකතුවේ ඕවාත් තියෙනවා . . මගේ පොත් එකතුවෙන් දුරක මම දැන් ඉන්න නිසා ඕවා ආයේ කාලෙකට බලන්න බැරිවේවි . . . ! දුක තමයි . . .

    දුකාට ටික කාලයකට දුක ඉවසගෙන ඉන්න වෙනවා . . . !

    ReplyDelete
  10. @ ම !

    ඇත්තෙන්ම චන්ද්‍රසිරි දොඩන්ගොඩයන්ගෙ පොතුත් හරිම ලස්සනයි . . . කසුරිගෙ පොත් වගේ නෙමෙයි . . . ඔයා කියපු පුලුවන් වෙලාවක අරගන්න ඕන . . . ! ස්තූතියි . . .

    ReplyDelete
  11. මම පරිවර්ථන හැරෙන්න සිංහල පොත් කියවලාම නෑ,
    එකක් දෙකක් ඇරෙන්න. මේක මෙදා සැරේ බලන්න ඕනේ. අද මේ තකහනියක් බ්ලොග් එක පැත්තේ ආවෙත් හොඳ පොත් ටිකක් ගැන දැන ගන්න.

    ReplyDelete
  12. @Ansh Lucky Sri Jay!
    මේක හරිම ලස්සන පොතක් නඟේ අරගෙන බලන්න මම කිව්වට

    ReplyDelete
  13. කර්නල්ගේ බිරින්දෑවරු මන් කියවලා තියෙන ලස්සන පොතක්. ඈත්තටම කරුණාසේන ජයලත් ,සෝමා ජයකොඩි,ජයසේන ජයකොඩි,සුනේත්‍රා රාජකරුණායක කියන්නේ මන් කෑමතිම ලේඛකයො කීපදෙනෙක්.සුමිත්‍රා රාහුබද්ද මහත්මියගෙ නමත් ඔතනට ගෑලපෙනවා.චන්ද්‍රසිරි දොඩන්ගොඩයන්ගෙ පොත් වලින් මන් ආසම පොත් තමා සඳ කළුවරයි,පූජාසනය,මගේ සඳ ඔබ.
    ඈත්තටම පෝස්ට් එක සහ කොමෙන්ටු බෑලුවම කාලෙකින් දෑක්කෙ නෑති යාලුවො පිරිසක් මුනගෑහුනා වගෙ සතුටක් ඈති උනා.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails