Monday, July 13, 2009

රතු හැට්ටෙ පළල් මදි . . . !


මලීගෙ බ්ලොග් එකේ තාරාවො ඉගිලෙනවා බලන්න බැරි උනු බව දැකපු වෙලේ ඉදන් මම මගේ නැති උනු තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ගීත අඩංගු සංයුක්ත තැටිය හෙව්වා . . . "හොයන්නාට හම්බවෙයි" කියනවානේ . . . ඔන්න මම හොයා ගත්තා. . . එතකොට තමයි දැක්කේ ඒකෙ තාරාවෝ ඉගිලෙති නාට්‍යයෙයි රතු හැට්ටකාරී නාට්‍යයෙයි දෙකේම සින්දු තියෙනවා කියලා . . . .

ඉතිං මට හිතුනා නෑසෙන ගී රස එකට ඒකෙ තියෙන ගීත දෙක තුනක් ලියන්න ඕන කියලා. . .

බලන්න ඔබටත් මතකද කියලා මේ ගීත . . . !

රතු හැට්ටෙ පළල් මදි දෙතන පෙනෙන්නට . . .
තිසරුන් ආසයි මුහුන බලන්නට . . .
උස්සලා තන පට තද කරපන් . . .
රණ තිසරු පනී බැදපන් . . .

සේලෙ පලන් උඹේ කලව පෙන්නෙන්ට . . .
සුලිය වගේ නාභිය පෙන්වන්නට . .
උස්සලා පස්ස ටිකාක් හදපන් . . .
ඉඟ සේලෙ තදින් ඇදපන් . . .

පාරට්ටු ළදේ නුඹෙ මුහුන පෙනෙන්නට . .
නීල දෙබැම දිගු දෑස දිලෙන්නට . . .
උස්සල කෙස්ස තදින් බැදපන් . . .
රන් තෝඩු කනේ දමපන් . . .

රතු හැට්ටෙ පළල් මදි දෙතන පෙනෙන්නට . . .
තිසරුන් ආසයි මුහුන බලන්නට . . .
උස්සලා තන පට තද කරපන් . . .
රණ තිසරු පනී බැදපන් . . .
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

බෑ බෑ ගෙදර යන්න බෑ . . . / /
ගෙදර යන්නේ නෑ මම ගෙදර යන්නේ නෑ . . . / /
පය ඔසවා ගන්න බෑ මගේ . . .
සියොලගින්ම බැද දමා තිබේ . . . / /
සිර මැදිරිය හැරලුවත් මෙසේ . . මේ සිරකරු යන්නේ නෑ කපේ . . . / /

ඉගිල යන්න ඇයි බැරී . . ඉගිල යන්න ඇයි බැරී . .
ඉගිල යන්න ඇයි බැරි මගේ තාරාවෝ . .
කූඩුවෙ දොර හැර දම්මා මා . . .
අහස තියෙයි ඔබ හට සීමා . . . / /
විසල් ලොවට මඟ ඉඩ දෙන්නා ඉතිං ඉගිලියන් තාරාවා . . .

බෑ බෑ ගෙදර යන්න බෑ . . . / /
ගෙදර යන්නේ නෑ මම ගෙදර යන්නේ නෑ . . . / /
බෑ බෑ ගෙදර යන්න බෑ . . . / /
ගෙදර යන්නේ නෑ මම ගෙදර යන්නේ නෑ . . . / /
දියපීනා එයි තාරාවා . . . .
ඉගිලී පල කලු තාරාවා . . . / / / /
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . . / /
ළඟම ඇතේ දුරක නැතේ . . . / /
අපි යන්නේ ඒ පාරේ . .
යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . .

යුක්ති ගරුක අතීතයට කැන්දන් යමි මම
දස රාජ ධර්ම කල තෙද වීර රජුන් ඇත . . .
ඇස් ඉදිරියෙ ඔබ ලග . . ඇස් ඉදිරියෙ ඔබ ලග . .
අතීතයේ ඉස්ටෝරුව එදා ඉදන් මම . . .
නිදි මර මර මුර කොට . . .
බහිරව බිලිපුද කොට . . .
රැක ගත්තේ ඔබලට . . .රැක ගත්තේ ඔබලට . . .

යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . ./ /

රජවරු රජ මැති වරු යස රාජ බිසෝ වරු . . .
කල කෙළි සෙල්ලම් දැක . . .
තව කාසි දියන් මට. . .
හොද තෑගි දියන් මට . . . . / /

යස ඉසුරූ පිරුනු තැනා සිරි දෙව්දූ සිටින තැනා . . ./ /
ළඟම ඇතේ දුරක නැතේ . . . / /
අපි යන්නේ ඒ පාරේ . .
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

තට්ටු කරන්න හෙමින් . . . තට්ටු කරන්න හෙමින් . . .
මගේ විමානේ . . දොරටුව ඔබගේ . . .
තට්ටු කරන්න හෙමින් . . . තට්ටු කරන්න හෙමින් . . .

දෙපා තබන්න හෙමින් . . . දෙපා තබන්න හෙමින් . . .
මගෙ බුමුතුරුනේ සුපහස ඔබටයි . . .
දෙපා තබන්න හෙමින් . . . දෙපා තබන්න හෙමින් . . .

මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .
මගෙ මී බදුනේ . . මධුරස ඔබටයි . . .
මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .
මා වෙත එන්න පෙමින් . . . මා වෙත එන්න පෙමින් . . .

21 comments:

  1. @දුකා
    මේ සිංදු ටික දෙන්ඩ විදිහක් නැද්ද?
    අහන්ඩ ආසයි.

    ReplyDelete
  2. අනේ දුකා අයියේ... පුළුවන් නම් ‍හොර රහසේම එවන්න :) පරණ නාට්‍ය සින්දු ගැන කතා කරන්න නම් වෙනම බ්ලොග් පෝස්ට් දහයක් පහළොවක් නම් ලියන්න වෙනවාමයි... පිස්සු හැදෙන නාට්‍ය සින්දු! :)

    අන්තර්ජාලේ ජාලගතව (Online) අහන්න පුළුවන් වෙන විදිහට සින්දු තිබුනත්, quality එක නම් අන්තිමයි. මම CD ගන්න තැනකුත් හෙව්වා. ඒත් අවාසනාවට ඇත්ත කතාවක් වගේ හම්බවුනු CD එකක් නෑ. අ‍පේ නාටය භාර මිස්ගෙන් ඉල්ලන්න හිටියත් ඒකත් මොකක්දෝ හේතුවකට අමතක වෙලා ගියා... බලමු...

    ආයෙත් මේක මතක් කරපු බ්ලොග් ඔත්තුවට ස්තූති වේවා! :)

    ReplyDelete
  3. මචෝ upload කරපන්කො කොහෙට හරි.

    ReplyDelete
  4. අඩේ මාව අමතක කරන්ඩ එපා දුකා..
    upload කරනවනං Mediafire try කරන්ඩ. වාත නැතුව බාගන්ඩ පුළුවන්.

    ReplyDelete
  5. අනේ මචං අප්ලෝඩ් කරනවනං මටත් දෙන්න හොඳේ..

    ReplyDelete
  6. නෑ බෑ නොකියා සිංදු ටික upload කරන්න. ගොඩක් අය කැමති වෙයි ඔය සිංදු අහන්න.

    ReplyDelete
  7. මන්දා Upload කරන්න කියලා කියන හරි නැති වුණත් පුලුවන් නම් කරන්නකෝ. නැත්තං මිලදී ගන්න විදිහක්වත් ඊළඟ පෝසට් එකේ දානවා නම් ගොඩාක් පිං!

    ReplyDelete
  8. අනේ කොල්ලනේ. . . මම ඔය Upload කරන වැඩේ හරියට කරන්න දන්න කෙනෙක් නෙමෙයි . . . බොහොම කාලෙකට කලින් මගේ ලග තිබුනා Wave ෆයිල්ස් MP3 කරන්න පුලුවන් Software එකක් . . . එත් දැන් නම් නෑ . . . කාට හරි පුලුවන් නම් මට එහෙම Software එකක් එවල Upload කරන්නෙ කොහොමද කියල කියා දෙන්න . . . ඔන්න මම ලෑස්තියි හැමෝම එක්ක මේ ගීත රස විදින්න . . . CD එක නම් මම ගත්තෙ නුගේගොඩ සුපර් මාර්කට් එකේ පහල තියෙන CD ෂොප් එකෙන්.

    ReplyDelete
  9. dukaa.blog@gmail.com
    එකට එවන්නකෝ එවන්න තියෙන යමක් . . . .

    ReplyDelete
  10. ආහ්..මටත් ඕන ඒ සින්දු ටික..ඉන්නකො මම වැඩේ සෙට් කරන්න!

    ReplyDelete
  11. @ පොතේ ගුරා !

    මටත් ආසයි හැමෝම මේ ගීත රස විදිනවාට . . . උදව්වක් දෙන්න කොහොමද ඕක කරන්නෙ කියලා . . . මම Upload කරන්නම් . . . . !

    ReplyDelete
  12. ඔන්න ඊමේල් එකක් එව්ව සහෝ!

    ReplyDelete
  13. කෝ මොකද උනේ සිංදු වලට?

    ReplyDelete
  14. බලාගෙන ගියාම මම නාට්‍ය නොබලපු එකත් හොදා වගේ.. කෝ මටත් සිංදු ටික දෙන්ටකො....! බලන්න බැරි නම් අඩුම ගානේ අහන්නවත් පිං කරලා තියනවාද බලන්න..

    ReplyDelete
  15. කට්ටිය මට පොඩි කාලයක් දෙන්න වැඩේ කරන්න පුලුවන් විදිහේ සොෆ්ට්වෙයා එකක් හොයලා සිංදු ටික එවනකම් . . .අනික මේ දවස් ටිකේ ඔෆිස් එකේ මට මාර ප්‍රශ්නයක් . . . මාස දෙකකට විතර කලින් මම කරපු වැඩක පොඩි බුලක් කෙලිලා දැන් එක ආපහු බලන්න වෙලා බොසා මාව අනුභව කරන්න හදනවා . . . මම ගොඩදාගන්නේ කොහොමද කියලා ට්‍රයි කර කර බලනවා. . . .එක නිසා ටික දවසක් දෙන්න මට වැඩේට . . . තරහ නැතුව. . . . !

    ReplyDelete
  16. පුලුවන්නම් බොසාවත් ඇටෑච් කරල අප්ලෝඩ් කරන්ඩ......වැඩේ ඉවරයි

    ReplyDelete
  17. කිංකිණිJuly 3, 2010 at 2:12 PM

    අෙන් මමත් අාසයි ෙවිදිකා නාට්‍ය සිංදු වලට. ෙකාෙහාමද ගන්ෙන්...

    ReplyDelete
  18. කෝ හැබෑට මේ සින්දු ටික?
    මටත් ඕනේ..
    :(

    ReplyDelete
  19. නාට්‍ය සින්දු භාගත කරගන්න හොද ලින්ක් එකක් මෙන්න. සමහරු නං දන්නවත් ඇති

    http://noorthi.blogspot.com/2009_12_21_archive.html

    ReplyDelete
  20. විලි ලැජ්ජා නැතිව දැම්මානේ ලිරික්ස් විතරක්..වහාම අප්ලෝඩ් කරපිය...!! :D

    මං ලගත් ඇති නූර්තී ගීතා කියලා ඇල්බමයක්...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails