Thursday, July 9, 2009

සුළඟින් බිත්ති තැනූ . . සුවදින් පිරියම් වූ . . මාළිගයකි මගෙ හද දොරගුලු නැති . .පිරී තිබේ . .තදබද වී . . ආදරේ . . . .


මලීගේ බ්ලොග් එකේ . . තාරාවෝ ඉගිලෙති නාට්‍ය බලන්න හිතාගෙන ඉදල බැරිඋනු වගක් ලියල තියෙනව දැකලා . . .(මම තාරාවෝ ඉගිලෙති නාට්‍ය බලල නැති නිසා) තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ කියලා මම උපකල්පනය කරගෙන ඉන්න . . . අතිවිශිෂ්ට ගීතයක් ගැන ලියා තැබිය යුතුයි කියල්ල හිතුවා. . .

මෙය ඉතාම දුර්ලභ ගීතයක් . . . මම හිතන්නේ නාට්‍ය බලපු අයත් . . නාට්‍යයේ ගීත අඩංගු සංයුක්ත තැටිය ඇති අයත් හැර අනෙක් අය මේ ගීතය අහල නැතුවම වෙන්න ඕන . . . . එකයි මම දුර්ලභ කියලා කිව්වේ . . .

කෙනෙකුගේ හිතේ තව කෙනෙක් ගැන විශ්වය තරමට තියෙන ආදරේ ගැනත් . . එපමන ආදරයක් තිබුනා උනත් තව කෙනෙකු ගැනත් ආදරයක් ඇතිවිය හැකියි කියන මනෝභාවය ගැනත් ලියවුනු හොදම නිර්මාණය මේ ගීතය කියන එකයි මගේ හැගීම නම් . . . !

තව දෙයක් . . . මේ ගීතයේ පද දෙකක් මට අමතකයි . . .මතක් කර ගන්න විදිහක් නැහැ මගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ගීත අඩංගු සංයුක්ත තැටිය මම කොහේ හරි දාල මට ම හොයා ගන්න බැහැ හදිස්සියට . . . මෙක බලන කෙනෙක් ඒ පද දෙක දන්නවනම් කමෙන්ට් එකක් දාවි කියල මම හිතනවා . . නැතිනම් ඒක මම ම පසුව හොයලා දාන්නම් . . (11-07-2009 - ඔන්න මම ම හොයා ගත්තා ඉතුරු පද දෙකත් . . .)

මෙන්න ගීතය . . .

සුලගින් බිත්ති තැනූ . . .
සුවදින් පිරියම් වූ . . .
මාළිගයකි මගෙ
හද දොරගුලු නැති . .
පිරී තිබේ . . .
තදබද වී . . .
ආදරේ . . .

අහසකි මගෙ හිස . .
සියොතුන් හැසිරෙන . .
සැමරුම් මේකුලු . .
අතර නිරන්තර . . .
නිදහස ඇත . . .
කාටත් පිවිසෙන්නට . . .
ඉන්න එපා එලිපත්තේ . . .
ආදරේ . . .

මුවවිට තෙක් එය . . .
ඔබෙන් පිරී ඇත . .
එනමුදු හැම විට . .
පුංචි ඉඩක් ඇත . .
තව එක් අයෙකුට . . .
පිවිසිය හැකි ලෙස . .
දොරක් වැසී . .
දොරක් ඇරේ . .
ආදරේ . . .

7 comments:

  1. දුකා කියනවා වගෙ මේක අත්තටම අපුරු සින්දුවක්,මම හිතන්නේ ගීතයක තිබිය යුතු සියලු ගුනන්ග මෙගිය තුල තිබෙනව.

    මට හිතෙන්නෙ මේ වගේ ගීත අද කාලේ ගීත රචකයන්ට හා ගායකයන්ට හොද නිදසුනක්

    තාරවො ඉගිලිති වල මේවගේ ගීත තව බොහොමයක් තිබෙනවා

    ReplyDelete
  2. මෙ සිංදුවෙ පද ටික මං ලග තිබුණ. දැං කොහෙ දාල ද දන්නේ නෑ. ස්වර සටහන නං හම්බ උණා. .

    ReplyDelete
  3. අද මේ සිංදුව අනුලා බුලත්සිංහල ගායනා කළා.. හරිම ලස්සනයි.. බොහොම ස්තූතියි.

    ReplyDelete
  4. අඩේ මම ආසම සින්දුවක්.ඒත් මම දෙපාරයි අහලා තියෙන්නේ.මම ආසම කෑල්ල

    "මුවවිට තෙක් එය . . .
    ඔබෙන් පිරී ඇත . .
    එනමුදු හැම විට . .
    පුංචි ඉඩක් ඇත . .".

    උඹට පිං දුකායියා.පුළුවන්නං ඒ සින්දුව හොයල දෙන්න.

    ReplyDelete
  5. @මුචලින්ද !
    මළේ ඔතන ලින්ක් එක දාලා තියෙනව සිංදුව අහන්න . . අහලා බැලුවේ නැද්ද . . . ?

    ReplyDelete
  6. මේක තාගෝර් ගෙ ගීතාංජලී කවියක්..

    ReplyDelete
  7. http://fromstoneageto.wordpress.com/2011/08/23/%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%96-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92/

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails