Sunday, August 16, 2009

"කොයිදේ වෙන්නෙත් හොඳටයි" කියා ඔබ කිසිදාක සිතා තිබෙනවාද . . . ? ඔව් එය එසේමයි . . . අසන්න මෙය මගේ කතාවයි . . . !


උපතේ පටන් වයස 13 පමන වෙනකම් කාලයට ජීවිතයේ මල් සමය කියා අප පවසනවා. වයස 13 සිට 19 දක්වා (Teen Age - ටීන් ඒජ්) ජීවිතයේ සමනල් සමය කියා හඳුන්වනවා. වයස 20 දී අප තාරුණ්‍ය හෙවත් ජීවිතයේ වසත් කාලයට පිය නඟනවා කියා මා පැවසුවොත්, නෑ එය එසේ නොවේ කියා අභියෝග කල හැකි කිසිවෙක් සිටිනවාදැයි සැකයි!

වසත් කාලය සතුටින් ගත කරන්න අත්‍යාවශ්යයි කියා ඔබ සිතා සිටි නැතහොත් මෙතුවක් ඔබේ ජීවිත කාලයටම ඔබට වැඩි වටිනාකමක් ලැබුනේ යම් කිසි ඔබ සතු සුවිශේෂී දෙයකට කියා ඔබ අනුමාන කරගෙන සිටි යමක් ඔබේ වසත් සමයේ ආරම්භයේදීම ඔබෙන් ගිලිහී ගියොත් ඔබට ඔබේ ජීවිතය ගැන කුමක් සිතෙයි කියා ඔබ සිතනාවද?

ඔබ තවදුරටත් සමාජශීලී පුද්ගලයෙකු ලෙස කෙසේ සමාජයේ හැසිරෙයිද?

එවන් අයෙක් දිවි තොර කර ගැනීමට තරම් ශක්තියක් ඇති කර නොගනී කියා ඔබ සිතනාවද ?

සමාජයෙන් වසන් වූ පුද්ගලයෙකු ලෙස කාලය ගතකිරීමට ඔහු හෝ ඇය මානසිකත්වයක් ගොඩනගා නොගනීවී යැයි ඔබට දිය හැකි සහතිකය කුමක්ද ?

නැතිවූ වටිනාකම් ගැන පසුතැවිලි නොවී . . .

"ගිය දේ ගියාවේ - හෙට අලුත් දවසක් - නැතිවූ වටිනාකම වෙනුවට - තවත් වටිනාකමක් ඇති කර ගැනීමට තවත් ඇයි පමා වෙන්නේ ? "

කියා සිතා, නැවතත් අලුතින් ජීවිතය පටන් ගැනීමට තරම් ධෛර්යක් ඇති අය මෙලොව සිටිද්ද?

ඇත්තෙන්ම ඔව්. එවැනි අය සිටී! මේ ලොව අයිති එවැනි ධනාත්මක චින්තයක් ඇති මිනිසුන්ටයි !

අසන්න, මේ මගේ කතාවයි. මගේ දිවියේ වටිනාම දේ මේ යැයි සිතා සිටිද්දී වයස 21දී හෙවත් තාරුණ්‍යයට පියනැඟූ මුල්කාලයේදීම ඒ වටිනාම දේ ගිලිහී ගිය පසුත් දිරියෙන් දිවියට මුහුන දී දිවිය ජයගත් තවත් එක් මානවකයෙක් වූ මගේ කතාවයි මේ !

මේ කතාවෙන් පසු කවුද මේ දුකා කියලා ලියන්නේ කියන කුතුහලය ඇති මගේ මිතුරන් බොහේ දෙනෙකුට ඔවුන්ගේ කුතුහලය සංසිදුවාගත හැකිවනවා එසේ වුවත් මේ කතාව නොකියා බැරි බව "මෙය මා ඇත්තෙන්ම ලිවිය යුතුමදැයි ?" මගේ සිතෙන් ඇසූ ප්‍රශ්නයට පිලිතුරු දුන් මගේ සිත කියා සිටියා . . .

මගේ මේ කතාවත් ඔබට බොහෝ ප්‍රයෝජනවත් විය හැකියි, මට විශ්වාසයි . . . !

මගේ ජාතික හැඳුම්පතේ පින්තූරත්යොවුන් කාලයේ ගත්තු සමහර පින්තූරත් දිහා මැදිහත් සිතකින් බලද්දි මට හැඟෙන දේ තමයි මම ඒ කාලයේ හරිම අවලස්සන කොල්ලෙක් කියන එක. නමුත් මගේ පාසල් සමයේ සමහර මිතුරන්ගෙත්, නෑදෑයන් සමහර දෙනාගෙත් හැඟීම නම් එය එසේ නොවන බවයි !

මගේ මිතුරන්ගේ අම්මලා ඔවුන්ට අවවාද දෙන්නේ
"බලන්න මේ ළමයා කොච්චර හොඳද, ඔයාලට බෑනේ මෙයා වගේ හදෙන්න" කියලා

පසුව වෙලාවල් වලදී මිතුරෝ මට කියනවා . . .
"උඹේ ඉතින් ඩයල් ශේප් නේ මචං මොන චාටර් වැඩේ කලත් මූන දැක්කම හිතෙන්නේ අනේ මූ නම් කීයට වත් මේ වැඩේ කලා කියන්න බෑ කියලා තමයි"

"අපිනේ ඉතිං උඹේ තරම දන්නේ, අම්මලට ඒවා කියන්න පුලුවන්ද " තව එකෙක් හොට දානවා

"ඔව් ඔව් උඹ වගේ හැදුනොත් ඉතිං අබසරනයි තමයි " තව එකෙක් සාපරාදී කතා කියනවා

මමත් හිතුවා මම අවලස්සනයි කියා මා සිතාගෙන සිටියාට එහෙමටම අවලස්සන නැතුව ඇති කියලා . යෞවනයේ ඇරඹුමේ ඉඳලාම මට ප්‍රේමයට ඇරයුම් එහෙම තිබුනේ කොහේ ගියත් අන් අයට වඩා විශේෂ සැලකිලි මට ලැබෙන්නේ මම ආකර්ශනයක් ඇති කෙනෙක් නිසා වෙන්න ඕන කියලා හිතලා මම මගේ ආකර්ශනීය පෙනීම මගේ විශාලම වටිනාකම කියලා (බොරු මාන්නෙන්)රැවටිලා ඉගෙනීම ගැනවත් වැඩි උනන්දුවක් නොදක්වා විශාල මායාවක හිටියේ!

1994 නොවැම්බර් 1 වෙනිදා අපේ ගෙදරට ඉස්සරහා ගෙදර ඇතිවූ ගින්නක් නිවන්න උදව් කරන්න ගොස් ඇඳ සිටි කොට කලිසමෙන් වැසුනු ප්‍රදේශය හැර මගේ ආකර්ශනීයයි කියා මා සිතා සිටි මුහුනත් ඇතුලුව මුලු ඇඟම පිලිස්සුනා.

මුලින්ම මාව බලන්න රෝහලට ආපු අක්කගේ මහත්තයා මව අඳුන ගත්තේ මා ඔහුට කතා කල නිසා . . .

"මල්ලී කියූ ඔහු ආපහු හැරී ගොස් බොහේ වේලාවකට පසුවයි නැවත පැමිනියේ (ඔහුට හිත හදා ගැනීමට ගතවූ කාලය පැයක් පමන මට මතක හැටියට)

දකුනු කොළඹ ජාතික රෝහලෙන් රාජගිරිය ආයුර්වේද රෝහලට ගෙනියද්දි රෝද පුටුවේ හිටි මා ලඟින් දන ගසාගෙන ජෙලි කෝප්පක් මට කැවීමට අපමන උත්සාහයක් ගත් මගේ මිතුරු ශාම්ගේ දෙනෙතින් ගලා ගිය කඳුලු මට මගේ තත්වය කොපමන භයංකාර වියහැකිදැයි පසක් කලා !

මාව බලන්න රෝහලට පැමිනි මගේ ඤාති සොහොයුරෙකුත් මගේ ගමේ (නිවාඩුවට ගතකරන්න යන) මා සමග කෙලි සෙල්ලම් කල මිතුරෙකුත් මා දුටු මොහොතේම සිහිමුර්ජාවී වැටුනා !

කෙසේ වුවත් මා සිටියේ "වුන දේ වුනා දැං මොනාද ඊලඟට කරන්න ඕන " කියන මානසිකත්වයෙන්

මගේ පොඩි මාමගේ බිරිඳ හෙවත් වල් කටක් තිබුනු ශීලා නැන්දා රෝහලේදී මගේ කනට කර
"XXX මුකුත් හානියක් නෑ නේද කොල්ලෝ " කියා ඇසූ වේලේ

"නෑ නෑ ඌට කිසිම හානියක් නෑ " කියා අපහසුවෙන් වුවත් කොක් හඬලා සිනාසෙනු දුටු අනෙක් රෝගීන් මා දෙස බලා සිටියේ

"මූට අඬන්න ඕන දෙයක්ද, හිනාවෙන්න ඕන දෙයක්ද මේ වෙලා තියෙන්නේ" කියා . . . අසනුවැනි මුනුනු වලින් . . .

විශ්වාස කරන්න රෝහල් ගතවෙලා හිටි මාස 3ක පමන කාලයෙන් මා හැඬුවේ එකම එක මොහොතක් පමනයි . . . !

මගේ ආදරණීය අක්කා මා දුටු විගසම "අනේ මල්ලී " කියාගෙන මගේ ලඟට දිව ආ මොහොතේ පමනයි මට හැඬුනේ

මා හඬමින් අන් අයගෙන් කල ඉල්ලීම "අනේ මෙයාට අඬන්නේ නැතුව ඉන්න කියන්නකෝ මෙයා ඇවිත් මේ හොඳට ඉන්න මාව අඬවනවා" කියන එකයි

රෝහලේ සියලුම දෙනාට මා තවත් රෝගියෙක් පමනයි , අනතුරට සතියකට පමන කලින් ගත් පින්තූර වගයක් මගේ කැමරාවේ තිබී ශාම් ඒවා මුද්‍රනය කරගෙන ඇවිත් සියලුම දෙනාට පෙන්වූ පසු

"අනේ මේ වගේ කෙනෙක්ද මේ ලෙඩා අපි හිතුවේ වයසක කෙනෙක් කියලයි " (මිතුරන්ගේ අත්වාරුවෙන් හා සැරයටියක වාරුවෙන් මා ගමන් කරනු දුටු ඔවුන් අනුමාන කර ඇත්තේ එලෙසයි) කියා එතැන් සිට මා කෙරෙහි විශේෂ අනුකම්පාවකින් සැලකීම මට මහත් මානසික හිරිහැරයක් වූවා

තනිවම නැගිට එහා මෙහා යන්න තරමට සුවවූ පසු දවසක කෙලවරේ ඇඳේ නේවාසික රෝගියාගේ ලාච්චුවේ ඇති කන්නාඩිය රාත්‍රී දෙකට පමන රැගෙන විත් මගේ ස්වරූපය මම නිරීක්ශනය කලා.

විශ්වාස කරන්න පිලිස්සුනු සම් කෑලි ගැලවී යමින් තිබූ මගේ මුහුනෙත් Horror චිත්‍රපටියක එවැනි මුහුනකත් වැඩි වෙනසක් නැතැයි මට සිතුනා !

රෝහලේ සිට පැමිනි මුල් කාලයේ බස් වල ගමන් බිමන් යද්දි මගේ අසල සිටි අය මගේ ලඟින් පිලිකුලෙන් ඉවත් වෙද්දී මා ගැනම මට දැනුනේ මහාම මහා එපා කරපු හැඟීමක්. ඒ වේදනාව කොපමනදැයි එවැනි සිදුවීමකට මුහුනදුන් අයෙක් හැර අන් කිසිවෙක් වටහා නොගනු ඇති කියා මට සිතෙනවා.

මෙය බලන ඔබ සැම මට අනුකම්පා කලයුතු නෑ . . !!

දැනට මිය පරලොව ගොස් ඇති රාජගිරිය ආයුර්වේද රෝහලේ සේවය කල "රාජරත්න " වෙද මහතාට නිවන් සුව අත්වෙන්න ඔහුගේ තෙල්, කසාය, කල්ක, පත්තු වලට පින්සිදු වෙන්න මා පෙර තරම් නොවුනත් අනුකම්පාවට ලක්නොවිය යුතු තරම් දුරකට යථාතත්වයට පත්වුනු අයෙක් !

රෝහලේ සිට ගෙදර පැමිනි මා මගේ ජීවිතය ගැන කල්පනා කලා ජීවිතයෙන් පලා යාම මෙයට පිලිතුර නොවේ යැයි මා මටම කියා ගත්තා !

මෙතුවක් කලක් මට වටිනාකමක් තිබුනේ මගේ පෙනුමටනම් තවදුරටත් එම වටිනාකම මා ලඟ නැතිනම් සමාජයේ සාමාන්‍ය අයෙක් ලෙස වැජඹීමට නම් මා වෙනයම් හෝ වටිනාකම්ක් ඇති අයෙක් විය යුතු බව මට පසක් වුනා.

එතැන් සිට මා ඉගෙනීමේ වැඩ කටයුතු ඉතා උනන්දුවෙන් හා ඉතා වෙහෙස මහන්සියෙන් කරගෙන ගියා . . . !

බොහේ දේ සඳහා කාලය හරස් වී ඇති සෙයක් දැනුනා !

විශ්ව විද්‍යාලය මට සිහිනයක් පමනක් ම වූවා . . . !

නමුත් අධෛ‍යමත් වූයේ මා නොවේ.

එතැන් සිට මගේ කාල සටහන බොහේ අවිවේකී එකක් වූවා. එක කාලයක සවස 7ට ගෙදරට පැමිනීමේ මගේ සම්භාවිතාවය දවස් 7න් එකක් පමනක් වූවා !

එසේ වූ මගේ ධෛර්‍ය ඉතා කෙටි කලක් තුල මා රැගෙන ආ දුර ගැන මා ඔසවා තැබූ තැන ගැන නැවත ආපසු හැරී බැලුවෝතින් . . . !

වචන දෙකක් නැත මට ඉත සිතින් සතුටු විය හැකි තැනක්මය ! ඉත සිති සතුටු වියහැකි දුරක්මය !

පසුගිය කාලය දෙස හැරී බලද්දී මගේ ජීවිතයට සිදුවූ බරපතලම අකරතැබ්බය මගේ දිවියට සිදුවූ හොඳම සිදුවීම කියා පැවසිය හැකි මා හැර "කොයි දේ වෙන්නේත් හොඳටයි " කියා පැවසිය හැකි වෙන අයෙක් සිටීද ?

74 comments:

  1. උඹේ ධෛර්ය ගැන නම් මට ආඩම්බරයි ඒත් ඔහොම එකක් නම් මට නැහැ.

    ReplyDelete
  2. මේ තරම් ධනාත්මක විදිහට හිතන්න නම් මට බෑ......
    ඔයා නම් සිරා බුවෙක්...

    ReplyDelete
  3. @ ම !
    මේක පෝස්ට් කරන්න හදද්දි මම උඹේ "මගේ මරනය" පෝස්ට් එක දැක්කා. . . මට හිතුනා මේක උඹටම ලියපු එකක් වගේ වෙයි කියලා . . . !

    අපි කිසිම දෙකට . . .තාම පරක්කු නෑ මචං . . . !

    ජීවිතේ අලුතින් පටන් ගන්න . .. !

    ReplyDelete
  4. @ DragonD !
    එහෙම හිතලා බෑ මලේ . . . නෑ . . බෑ කියන දේවල් . . ජීවිතෙන් අයින් කරන්න . . . හිත තමයි හැම දේටම මුල. . . . !

    ReplyDelete
  5. මගෙ නම් මූණෙ ඇති ලස්සනක් නෑ... ඒ උනාට ඔහොම දෙයක් මට නම් දරාගන්න පුළුවන් වෙයිද කියන එක මට සැකයි. උඹේ ධෛර්යය ගැන මටත් ආඩම්බරයි කියල තමයි කියන්න තියෙන්නෙ. අපි හැමෝටම ආදර්ශයක් උඹ.

    ReplyDelete
  6. ෂහ්! අගේ ඇති ලිපියක්... ඇත්තටම වෙන හැමදේම වෙන්නේ අපේ හොඳටම තමයි. මාත් ඒක අත්විඳලා තියෙනවා. මේ කරුම දේවල් වෙන්නේ අපේම කරුමෙට කියලා හිතුවා‍ට, ඇත්තටම ටික කාලයකට පස්සේ තමයි තේරෙන්නේ ඒ සිදුවීම ජීවිතයට හරියට වැදගත් කියලා. ෂහ්! ජීවිතේ නම් මරු! හරියට නිකම් අපි වෙනුවෙන් පිළිවෙලකට එක එක දේවල් අපි ඉස්සරහා කවුරුමහරි ලෑස්ති කරලා තියෙනවා වගේ...

    ReplyDelete
  7. හිතා ගන්න බැරි තරමට අපිව හැම දේටම ලැහැස්ති කරලා තියෙනවා. ඒ උනත්, ටික කාලයක් ගියාට පස්සේ තමා මට තේරුනේ මේ හැම දේම ලැහැත්ති කරලා තිබිලා තියෙන්නේ මටම නේද? කියලා.

    ඔය හිත වට්ට ගන්න එපා. ඕකට තව ආවා වගේ දෙතුන් ගුණයක් දුර යන්න පුලුවන්.
    තේරුණාද දුකෝ....?

    ReplyDelete
  8. මචෝ facebook එකේ comment එක දාද්දි මේක කියවලා තිබ්බෙ නෑ. ලිපියෙ උඹ කියලා තියනවා "මෙය බලන ඔබ සැම මට අනුකම්පා කලයුතු නෑ . . . " කියලා. මචන් ඇත්තටම වෙන්න ඕනා උඹ වගේ පොරක් අපිට අනුකම්පා කරන එක "හිත හයිය නැති චූ කොල්ලො" කියලා. අවන්කවම ආඬම්බරයි මචන් උඹ ගැන.

    ReplyDelete
  9. සිරාවට බං උඹ නං මාරම පොරක්

    ReplyDelete
  10. ඇත්තටම මට උඹ ගැන පුදුමත් හිතෙනවා.උඹෙ ජීවිතේම නිකං නවකාතාවක් වගේ.

    ReplyDelete
  11. ජිවිතේ කිසිම දෙයක් ලියවිලා නෑ.. ඒක සිදුවෙනවා විතරයි..අපි උඹේ ලියුම් බලල කොයිතරම් නම් සුන්දර අතීතෙකට ගියාද, ඒ අතීතෙ මේ වගේ දුක්බර අත්දැකීමක්... මට උඹ ගැන ආඩම්බරයි.. ඉදිරියටම යන්න උඹට හොද ශක්තිමත් සුන්දර හිතක් තියෙනවා.. (නැත්නම් අර නැන්දා ගැන මම ලියන්නේ මෙහෙම නෙමෙයි..

    ReplyDelete
  12. අඩේ.. මේ දුකා මහ පුදුම එකෙක් නොවැ..

    සියල්ලම වෙන්නේ හොඳටයි කියන එක මම ප්‍රතික්‍ෂේප කළාට, ඕනම සිද්ධියකට පසු අපි කටයතු කරන ආකාරය අනුව ප්‍රතිඵල වෙනස් කරගන්න පුළුවන් බව විශ්වාස කරනවා !

    ReplyDelete
  13. ඔව් මචෝ, උන හැමදේම අමතකරලා ( සදහටම නෙමෙයි ) අපි අපේ ගමන යං............

    ReplyDelete
  14. මම මේ ලිපියෙ යට හ‍රියෙ ගොඩ වෙලාවක් හෙව්ව මේක හීනයක්ද,නැත්නම් කතා පොතකින්/පත්ත‍රේකින් උපුට ගත්ත කොටසක්ද කියල..මම උඹව දැකල තියෙන නිසා හිතාගන්නත් බෑ බන් මේ කියල තියෙන සිද්දිය ඇත්තට උන දෙයක්ද කියල..මේ ලිපිය කියෙව්වම මාර ආඩම්බ‍රයි මචන් උබ ගැන..

    පී.ඇස්:- හැබැයි මට මෙහෙම දෙයක් උනා නම් මම මෙලහකට හත් අට පාරක් සියදිවි නසාගෙන..!

    ReplyDelete
  15. ඔන්න අපේ ගුරා කියලා තියෙන දේමයි මටත් කියන්න තියෙන්නේ... මාත් උඩබිම බැලුවා මොකද්ද මේ අපේ දුකයියා කියන හුටප්පරේ කියලා... කථාවක්ද නැත්නම් යාළුවෙක්ට වුන සත්‍ය සිද්ධියක්ද කියලා මං හැමතැනම කියව කියව මුලින්ම හොයන්න ගත්තා... මාත් දුකයියාව ඇත්තටම දැකලා තියෙන හින්දා පොඩ්ඩක් වත් හිතුවේ නෑ මෙහෙම දෙයක්... මට නම් මේ කථාව කියෙව්වාම කිසිම දුකක් දැනුන්‍නෑ... පුදුම ෆිට් එකක් ආවේ.. ලොකේ පෙරලෙන්න ආවත් ඩිෂුම් කියලා පයින් ගහලා නැගිටින්න පුළුවන් නේද කියලා පොර ගට් එකක් ආවා... මේක ගැන මට දුකයියාත් එක්ක ප්‍රයිවට් එකේ කථා කරන්න ඕනේ... කෝ ඉතින් අද බලං හිටියා හිටියා ආවේ නෑනේ මූණුපොත පැත්තේ... පස්සේවත් අල්ලා ගන්නම්කො...

    ආහ් ඉස්සර මූණට වඩා දැන් එක හොඳයි මං හිතන්නේ... පබා එකේ ආමන්ත කියලා මං මුලින් හිතුවේ...

    ටොපිකේ කියලා තියෙනවා වගේ "හැමදේම වෙන්නේ හොඳටම තමයි" කියලා දස දහස් වාරයක් හිතෙනවා මටනම්.. හිතහදා ගන්න හොඳම බෙහෙතත් ඒකම තමයි හැමදෙයක්ම වෙන ‍හැමවෙලාවකම...

    ReplyDelete
  16. You are a great person ban. A great person.

    ReplyDelete
  17. මචෝ.... උඹේ මේ කතාව කියවද්දි මම මොන අපතයෙක් ද කියලා මටම තේරුණා...බොහොම පිං උඹට මගේ ඇස් පැදුවට...උඹට ජය මචෝ.....

    ReplyDelete
  18. අනේ මංදා බං උඹ නම් මාර පොරක් තමයි... සිරාවට අර කව්ද කිව්වත් වගේ උඹේ මේ ජීවිත කතාවත් හරියට නවකතාවක් වගේ තමයි බං...
    ඇත්තමයි උඹට මේ තරම් දෙයක් වෙලත් උඹ හැමදේම වෙන්නෙ හොඳටයි කියලා හිතන එක මාර පරමාදර්ශී ගුණයක් බං... මමත් ගොඩක් කල් ඉඳං විශ්වාස කරන දෙයක් තමයි ඕක... ‍ඒත් දැන් මට වෙන සමහර දේවල් නිසා ඒ දේ ටික ටික විශ්වාස නොකරන ගානට ඇවිල්ල තිබ්බෙ... උඹේ මේ කතාවෙන් මට ආයෙත් ඒ දේ විශ්වාස කරන්න හොඳ උත්තේජනයක් ලැබුණා බං.... උඹට ස්තුතිය ඒකට...!
    (ආසයි උඹව ඇත්තටම අඳුනගන්න... උඹ 'දුකා' කියන නමින් මූණුපොතේ මගෙ යාළුවෙක්නෙ... කැමතිනම් ඇත්ත නමිනුත් මගේ මූණුපොතේ යාළුවෙක් වෙයං බං...)

    ReplyDelete
  19. අයියා මමත් ඔය වගේම නැතත් යම් සිද්දියක් නිසා ජීවිතේ කඩා වෑටුනු කෙනෙක් ඒත් මම උත්සාහය අතහැරලා නෑ අපි කතාක‍රමු මාව google talk වලට එකතු ක‍රගන්න ranndeera@gmail.com

    ReplyDelete
  20. දුකා අයියේ මට මේ පෝස්ට් එක කියවද්දි පුදුමාකාර හැගීමක් දැනුනේ
    අයියාට නවකතාවක් එහෙම ලියන්න අදහසක් නැද්ද?

    ReplyDelete
  21. මට උඹ ගැන ආඩම්බරයි කොල්ලො. මට හිතෙන්නෙ අපි අපේ ජීවිතේ කිසිම දෙයකින් පස්සට යා යුතු නෑ. ඒකට හොඳම උදාහරණය තමා උඹ. මගේ ජීවිතේත් ම්හාම කාලකණ්ණි තත්වයකට ඇද වැටෙන්න තිබුනේ නමුත් නොපසුබට උත්සාහය සහ අතීතයෙන් පාඩම් උගෙනීම අපරිමිත ධෛර්යක් කොටගෙන එම තත්වය මගහරින්න මට පුලුවන් වූවා. සිත ඇත්නම් පත කුඩාද කියන්නේ. නමුත් උඹට වූ තත්වය නම් දරාගත නොහැකි වේවි. උඹ අපරිමාණයි, විශිෂ්ඨයි කොල්ලො. කිසිම පවුරකින් උඹව වට කළ නොහැකි වේවි, ඒ උඹ අපරිමාණ චිත්ත ශක්තියක් ඇති අයෙකු නිසාය. මොකවත් බෑ, වාසනාව නෑ කිය කියා ජීවිතයම කාලකණ්ණි කරගන්න අයට උඹ කදිම නිදසුනකි. දිවි ගමනේ සදා ජය, සැනසුම , සතුට , සම්පත ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  22. උඹ පංසල් යන්න එපා.

    අනික උඹ පංසල් ගියා කියලා වැඩක් වෙන්නේ නෑ... මොකද..,

    උඹ උඹේ අත්දැකීම් කියලා., අපේ හිත් වලට ජීවත් වෙන්න දෙන ටියුෂන් එකම ඇති උඹට නිවන් යන්න...

    හැමදාමත් වගේ උඹේ අත් දෙකට බුදුසරණයි..!

    ReplyDelete
  23. කට්ටියම මට සමාවෙන්න . . . හැම දෙනාගේම කමෙන්ට් වලට තනි තනියෙන් පිලිතුරු දෙන්න බැරි වීම ගැන . . . ගෙදර ඉන්ටනෙට් එකේ ප්‍රශ්නයක් නිසාත් . . . මේ සති අන්තේ මම වාර්ෂික නිවාඩුව ගන්න බලාගෙන ඉන්න නිසා කාර්‍යාලයේ වැඩ අධික වීම නිසාත් . . . . මට බ්ලොග් අවකාශේ වැඩිපුර වෙලාවක් රැඳෙන්න . . . නිමේශයක් නැති වේවි . . . නමුත් . . . ඉඩක් ලැබුනු වහාම . . . මම ඔයාලා සමගයි . . . !

    මට හරි සතුටුයි . . මගේ ජීවන අත්දැකීමක් ඔයාලා එක්ක බෙදා හදා ගැනීමෙන් . . .ඔයාලගේ ජීවිතවල . . . යම්කිසි කඩාවැටීමක් සිදුවුනු වෙලාවක . . . වෙනස් ලෙසකට ජීවිතයට මුහුන දී ජීවිතය ජයගත් අයත් . . . සිටී . . කියන පරමාදර්ශය . . සිහි තබාගෙන . . . දිරියෙන් ජීවිතයට මුහුන දෙන්න . . . යම්කිසි හැඟීමක් දෙන්න පුලුවන් වීම ගැන . . . .

    ReplyDelete
  24. මැරෙන්න අමාරු නෑ... ජීවත් වෙන්නයි අමාරු... :)

    ReplyDelete
  25. උ‍ඹ‍ට‍ ක‍තා‍ ක‍ර‍න්‍ න‍ ති‍යෙ‍න‍ව‍න‍ම්‍ කි‍ය‍ල‍ හි‍තෙ‍න‍ව‍ ‍, අ‍දු‍ර‍න්‍ නෙ‍ නෑ‍නෙ‍ , උ‍ඹ‍ මා‍ර‍ පො‍ර‍ක්‍ බ‍න්‍

    ReplyDelete
  26. ඒක මමත් පිළිගන්න දෙයක්... හැමදේම වෙන්නේ හොදට
    ... ඒත් සමහර වෙලාවල් එනවා ජි‍විතේ මේ මොන කරුමයක්ද කියලා හිතෙන... එතනින් ‍එහාට ගියාම ආයෙමත් ජිවිතේ සුන්දරයි.. එහෙම හිතන්න බැරි උනොත් තව මොහොතක් වත් ජිවත් වෙන්න බැරි වෙයි.. කොහොම උනත් දුකා අයියගේ කථාව විශ්වාස කරන්න බැරි තරමට විශිෂ්ඨයි!

    ReplyDelete
  27. @ malee_msg !
    මේකත් ඇත්තම කතාවක් මලී . . .

    ReplyDelete
  28. @ BEAUTIFUL SRI LANKA !
    මම උඹේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මා . . ටිකක් බලපන් . . . මට ඊමේල් එකක් එවන්නකෝ . . .

    ReplyDelete
  29. @ ගයන්ත !
    ඇත්ත තමයි ගයන්ත . . .

    ReplyDelete
  30. @ රන්දීර වීරකෝන් !
    රන්දීර . . . මම ඔයාව පස්සෙ වෙලාවක එකතු කරගෙන කතා කරන්න අවස්තාවක් හදා ගන්නම් මචෝ . . .

    ReplyDelete
  31. @ LishWish !
    අනේ එහෙම කියන්න එපා බං . . .පන්සල් ගියාම හිතට දැනෙන සනීපේ . . වෙන කොහේදිවත් ලැබෙයි කියල හිතනවාද . . . ? හික්ස්

    ReplyDelete
  32. උඹ අපේ ජීවිත වලට පාර කියා දෙන මාලිමාවක් වගේ. ඒත් මට නම් තාම හිතා ගන්න බැරිව ඉන්නේ පාර පෙන්නන්න කොයි තරම් අය හිටියත් අපිට අපේ ජීවිත වෙනස් කර ගන්න බැරි වෙලා තියෙන එක ගැන. ආඩම්බරයි උඹ ගැන. හැබැයි මට ඒ වගේ දෙයක් වුණා නම් සතුටු වෙනවා මම. මොකද ජීවිතේ හිස්කම වහගන්න මටත් ඒකෙන් ආවරණයක් ලැබෙනවා. මම මේ කියපු දේ උඹට තේරෙන එකක් නෑ.... සමහර විට කාටවත්ම තේරෙන එකක් නෑ.

    www.lankanthoughts.blogspot.com

    ReplyDelete
  33. මාර කථාවක් දුකා අයියේ..මේක කියෙව්වම උඹ ගැන අනුකම්පා හිතෙන්නේ නෑ.උඹ ගැන ආඩම්බර හිතෙනවා.මට නං කවදාවත් ඔය විදිහ දෙයක් කරන්න බෑ.ඇත්තටම ආඩම්බරයි දුකා අයියේ.උඹේ ජීවිතේම මරු.මොනවා උනත් මේක තවත් මෙහෙම ජීවිතෙන් වැටිච්ච කෙනෙක්ට ගොඩ එනවනං කියවන්න හොඳ කතාවක් !

    ReplyDelete
  34. ආඩම්බරයි උඹ ගැන. එක අතකට උඹ හරිම වාසනාවන්තයෙක් බං. ඔය හැම සිදුවීමකින්ම උඹ‍ ලබන පන්නරය, උඹ ලබන අත්දැකීම් සමහර වි‍ට මේ ලෝකෙ 1000කින් එකෙක්වත් ලබනවද කියන එක සැකයි.
    ගොඩක් එවුන් ‍වගේ විදවනවා නොවෙයි උඹ ජීවිත‍ය විදිනවා. උඹ මේව ලියල දෙන සමාජ පණිවුඩයත් ඉතාම වටිනවා.‍
    දිගටම ලියන්න ඔහොමම....

    ජය වේවා!!!!

    ReplyDelete
  35. මම මේ කතාව කියන්න ඕන කියල හිතුවෙත් . . . සමහර සිදුවීම් නිසා ජීවිතය කල කිරිල වගේ ඉන්න අය මේ බ්ලොග් අවකාශේ දැකපු නිසා . . . ඒ අයට . . . ඔය දේවල් එතරම් ගනන් ගත යුතු නෑ කියලා . . පොඩි අදහසක් දෙන්න ඕන කියන හැඟීමෙන්මයි . . . ! සතුටුයි මේකෙන් කාට හෝ ප්‍රයෝජනයක් ලැබුනානම් . . . !

    ReplyDelete
  36. තව කියන්න දේවල් ඉතුරුවෙලා තියනවද කියලා සැකයි. මට කියන්න තියෙන්නේ ජිවිතය ජයගත් විරුවො කියලා පරන අයගේ ජීවිත කතා කියවන්න ඔනේ නෑ. දැන් අපි අතරේ ජීවමානව ඒවගේ වීරයෙක් ඉන්නවා.
    දුකා අයියේ
    ඔයාගේ ධෛර්යයෙන් දශමයක් හෝ මට අතැයි කියා මම හිතනවා. එහෙමවත් තිබුනොතින් ලොකු දෙයක් මට....

    ReplyDelete
  37. දුකා අයියේ ඇත්තටම විශිෂ්ඨයි. ‍ඔයා වගේ ‍කොල්ලොත් අපේ රටේ ඉන්නව කියන එකත් අපි හැමෝටම ලොකු ආඩම්භරයක්. පොඩි දේකින් හිත වට්ටගෙන හැමදේම නැති කරගන්න හදන අයට ඔයාව ලොකු ආදර්ශයක් අයියෙ.. ඇත්තමයි පුදුම ආඩම්බරයක් තියෙන්නෙ. මටත් පුදුම ධෛර්යයක් හිතට අවේ. ඔයාගෙන් අපි‍ට ගොඩක් දේවල් ඉගන ගන්න තියනව අයියෙ.
    ඇත්තම කියන්නම් පොඩි දෙයක් නිසා මටත් හැම දේම එපා වෙලා තිබුනෙ එත් ඔයා එක්ක බලද්දි අපිට වෙන දේවල මෙනවද කියල හිතෙනව. ගොඩක් ස්තූතී අයියෙ මේක අපිත් එක්ක බෙදා ගත්තට. දැන් මටත් හිතට පුදුම ධෛර්යයක් තියෙන්නෙ. ‍ඔයාට ගොඩාක් ස්තූතී අයියෙ. ඔයාට කවදාවත් වරදින්නෙ නෑ. අයියේ ඇත්තටම ඔයාව අඳුනගන්න කැමති. වෙලාවකි තිබුනොත් මාවත් ගූගල් කථා වලට එකතු කර ගන්න. ඔයාට ගොඩක් ස්තූති හැමෝටම දෙන මේ පණිවිඩයට. අත්තටම ගොඩක් අයට වැදගත්. දිගටම ඉදිරියට යන්න සුභ පතනව අයියේ..

    ReplyDelete
  38. දුකා අය්ය , මම දැන් හතර වෙනි පාරටත් මේක මුල ඉඳන් කියෙව්වා.
    ඔයා දන්නවනෙ මම අර සීන් ටිකක් එක ගැන උඩ දාගෙන හිතනව කියල. දැන් මටත් හිතෙනව ඇයි මට බැරි ඔයා වගේ වෙන්න කියල.. හ්ම්... මාත් ටිකක් හරි ඔයා වගේ වෙන්න ඕනි !

    Udara || උදාර මදුෂංක , සහෝදරය කියල තිබ්බෙ ඔයා පබා එකෙ ආමන්ත වගේ කියල ! ආ... ඒකනෙ මාත් එදා කිව්වෙ.. කෝ ඉතින් අපෙ තාම රැවුල නෑනෙ .. ඉතින් අපි කියල ඒව අහන්නෙ නෑ.. හිකි හිකි... ආමන්තයම තමා .. ඌද දන්නෙත් නෑ.

    ReplyDelete
  39. සටහන කියෙව්වා. අර බූදල් කියන මනුස්සයා සීගිරි ගිහිල්ලා ලියපු දේ තමා මටත් කියන්න තියෙන්නේ.

    මා ලියන්නට අදහස් කළ දෙය අනුන් දැනටමත් ලියා ඇති නිසා නොලියමි.

    ReplyDelete
  40. @ DragonD !
    මම කලිනුත් කිව්ව වගේ සිත තමයි මල්ලියා හැම දේටම මුල . . . ඕනෑම දේකින් හිත වට්ටගන්නේ නැතුව ඉන්නවානම් . . . ජයග්‍රහනය කියන එක මහ කජ්ජක් නෙමෙයි . . .

    ReplyDelete
  41. @ KaniRockz !
    මටත් හරි සතුටුයි මලේ . . මගේ ලිපියෙන් ඔයාලගේ ජීවිත වලට එකතු කරගන්න යමක් ලැබුනානම් . . . මම ඔයාව පසුව වෙලාවක එකතු කරගෙන . . . කතා කරන්නම් . . . ! මට ඊමේල් එකක් එවන්නකෝ . . . !

    ReplyDelete
  42. @ Chrishi !
    අනේ කොල්ලෝ මම එහෙමට විරුවෙක් නෙමෙයි . . . සිදුවීමකට අවදි මනසින් හිතලා බලලා . . . කටයුතු කල නිසා . . .අද දවස සතුටින් ඉන්න ඉඩ හදා ගත් . . සාමාන්‍ය කෙනෙක් . . .

    ඕක ඕන කෙනෙකුට කරන්න පුලුවන් . .. නොසිතන එකයි වැරැද්ද. . . !

    ReplyDelete
  43. පරක්කුවෙලා කමෙන්ට් කලාට තරහ වෙන්න එපා.. අද තමා ගෙදර ආවෙ.

    උඹ නං සිරා පොරක් මචෝ.. ඔච්චර අකරතැබ්බයක් වෙලත් ඒක ප්‍රශ්ණයක් කරගන්නැතුව ජීවිතේ ජයගන්න උත්සාහ කරපු උඹ අද කාලෙ ඉන්න වැඩිහරියකට ආදර්ශයක්. ඉදිරියටත් උඹට ජයෙන් ජයම වේවා කියල පතනව මචං..

    ReplyDelete
  44. @ ප්‍රවීන් ඉන්ද්‍රනාම !

    අහ් පරක්කු වෙලා හරි කමෙන්ට් එකක් දාපු එකම මදිද . . . ? උඹේ ප්‍රාර්ථනාවට ස්තූතියි . . . උඹටත් සියලුම දෙනාටත් එසේම වේවා . . . කියන එක තමයි මගේ ප්‍රාර්ථනාවත් . . . !

    ReplyDelete
  45. ප්‍රමාද වී දාන ක්මේන්ට් ඒකට කණගාටුව! මේ ලිපිය අවාසනාවටදෝ දැන් දැක්කේ.

    දුකෝ, උඹ ගැන මං පුදුම වෙන්නේ නෑ දුකෝ. ඒත් උඹේ හිතේ ශක්තියට මම ගරු කරනවා දුකෝ. උඹ තරම්ම නොවුණත් මම අවුරුදු දෙකේ ඉඳං එක්තරා විදිහට ගැට කෙහෙලිකම් ඔස්සේ ආවා, මේ ගැන මම යථා කාලයක ලියන්න ඉන්නේ මචෝ ( දැන්ම ලියන්නේ ඒ මාර්ගයේ ඉසව්වකට ඇවිත් නැති නිසා). ඒත් ඒක එක්ක මම ‍බොහො දෙවල් කලා/කරනවා. උඹ නො කිව්වත් මචෝ, ඒ ශක්තියට වැදෙන ස්පර්ශ කරන සැඩ මාරැතය වේදනාත්මකයි නේද? ඒත් අපි ඒකට මුහුණ දෙන පර්වර්තකයක් වගේ සිටිනතාක් "සිතින් නොසැලී" ඉන්න පුළුවන් නේද?!?

    ReplyDelete
  46. @ -බිன்ku- !
    අපි වැටුනු වෙලාවක දැනෙන හැඟීම් . . . ඒවාට අන් අය ප්‍රතිචාර දක්වන විදි වලට අපේ හිත් බොහෝ වේදනාවට පත් වුවත් . . . පසු කාලෙක අපේ දරාගැනීමේ ශක්තිය ගැන අපිටම දැනෙන්නේ මාර ආඩම්බරයක් බීන්කු මලේ . . .

    ReplyDelete
  47. අනෙ දුක අය්යා කොහොමද ඔයා මෙ තරම් සුබවාදිව හිතන්නෙ.මට නම් එක කරන්න කොච්චර උත්සහ ගත්තත් බෑ.පොඩි දෙයක් උනත් මටත් කලින් මගෙ හිත වැටෙනවා.............

    ReplyDelete
  48. @ Lahiruni Hansika !
    එහෙම කර ගන්න නරකයි . . . ඕන නම් දැනට පොඩි උපදෙසක් විදිහට ජයසේන ජයකොඩි මහතා ලියපු "පිච්ච මල" "අරලිය මල් ආරාමය" "මහ මෙර" "උපේඛා" "සිල් සුවඳ" "තෙර තරනය". .. ආදී පිච්චමල පොත් මාලාව බලන්න . .. වෙනස ඔයාටම, දැනේවි . . .

    ReplyDelete
  49. ඔයා අද ඇත්ත තමයි කිව්වෙ දුකා...! මෙච්චර දෙයක් වෙලත් ඔය තරම් සන්තෝසෙන් ජීවිතේට මූණ දුන්නු, ජීවිතෙන් අත ඇරිලා ගියයි කියලා හිතපු හැම දෙයක් ම ආපහු ලබා ගත්තු ඔයාට අනිත් හැම ප්‍රශ්නයක්ම සුළු ප්‍රශ්නයක් වේවි....ඒක අනිවාර්යයෙන් ම එහෙම තමා.....ඔක්කොම හොඳට විසඳෙයී.......! මගෙ ජීවිතේ ආදර්ශ පාඨයත් 'ඔක්කොම වෙන්නෙ හොඳටයි' කියන එකම තමා....!!!!..(ඒක විශ්වාස කරගෙන හිටියම හිතට හරිම සැහැල්ලුයි නේද?)

    ReplyDelete
  50. මම මේක දැක්කේ අද දුකා අයියේ මට ඔයා ගැන පුදුමයි
    මට මෙහෙම දෙයක් උනානම් දැන් මැරිච්ච තැන්වල ගසුත් පැලවෙල
    මට මතකයි මම 7 වසරෙදි මගේ මුනෙයි බෙල්ලෙයි allergic එකක් ඇවිත් මට දවස් තුනක් විතර hospital හිටිය මම ඒ දවස් වල මං ගොඩක් මානසිකව වැටිල හිටියෙ. මට මමම කැතයි මුන පිම්බිලා ඒ දවස් වල මම සමහර වෙලාවට අඩනව මුනත් එක්ක වහගෙන__ අද උදේ නාල කන්ණාඩි ඉස්සරහදි මගේ ඔලුව අත ගාද්දි කොන්ඩගස් වගයක් ගැලවිලා ආව මට තාමත් ඒවගේ එකකුත් ඇති දවසෙම මුන එල්ලං ඉන්න
    මට ගොඩක් සංතොෂයි අද ඔයා මේවිදියට සතුටින් ඉන්න එක ගැන මම ඔයාට සුභම සුභ අනාගනයක් හදවතින්ම පතනව ඔයාට බුදුසරණයි!!!

    ReplyDelete
  51. මචන් දුකා මම අදයි මේක කියවන්නේ. උඹ එදා අර කතාව කියද්දී මම හිතුව විදිය නෙවෙයි මේක.

    මට වැඩිය දෙයක් කියවෙන්නේ නෑ. ප්‍රතිචාරයක් දක්වන්න බැරි තරම් numb වෙලා. පොත්පත් වලින් කියෙව්වට උඹ වගේ චරිතයක් හැබැහින් දැකලා අතට අත දීලා කතාබහ කරපු එක මට ලොකු දෙයක් මචන්.

    උඹට ජයම වෙන්න ඕනෙ. ඔන්න හැමදාම වගේ උඹ හදවතට පොඩි තට්ටුවක් දැම්මා.

    ReplyDelete
  52. @ සචී !

    මේකට පිලිතුරක් දෙන්න මට බැරි වෙලානේ . . .

    ඔව් අප්පා එහෙම හිතුවාම හිතට හරිම සනෙපයක් දැනෙන්නේ . . .

    ReplyDelete
  53. @උෂාන් කෝදාගොඩ !
    අපි බහුතරයක් බෞධයෝනේ මල්ලී . . . මතක නැද්ද ඉගෙන ගත්තා "සියලු සංස්කාරයෝ නැසෙන සුලුයි" කියලා . . . ඒ සත්ය තේරුම් අරගෙන එකෙන් නොසැලී ඉන්න උත්සාහ කරන එක තමයි වටින්නේ මට හිතෙන විදිහට . . .

    ReplyDelete
  54. @chamiladealwis.com!
    එදා හමුවුනු වෙලාවෙදී මේ සිදුවීම මම කොයි විදිහටද කිව්වේ කියලා මතක නෑ . . . ම් ම් ම් ම්. . මම ජීවිතේ ඉගෙන ගත්තේ ජීවිතෙන්මයි මල්ලී . . . . ඔයාලට අපිට වඩා ජීවිතෙන් පාඩම් ඉගෙන ගන්න ජීවිතේ එක්ක ගැටෙන්න අවස්තාව තියෙනවා, ඒ කියන්නේ මම එක්ක සංසංදනය කලාම ඔයාලා විශාල නිර්මානකාරයෝ . . ඉතිං මමයි සතුටු වෙන්න ඕන ඔයාල ව හැබෑවටම මුන ගැහුනු එක ගැන . ..

    ReplyDelete
  55. දුකා අයියා මම බොහොම පොඩි කෙනෙක්... එ උනත් මනුස්සයෙකුව අදුනගද්දි මගෙ මනසට වරදින්නෙ බොහොම කලාතුරකින්. මම මෙතතනදිත් හරි දාගත්තා. ඔයා ගැන,ජිවිතෙ ගැන කරපු එක අනුමානයක් හරි ගියා...මම මෙක දැනුයි දැක්කෙ.

    ReplyDelete
  56. මචන් දුකා, මම බ්ලොග් අවකාශයට නවකයෙක් ඉතින් මම අදයි මේ Post එක කියෙව්වේ. උඹ දැනටමත් මූනු පොතේ මගේ යාලුවෙක් උනත් කතා කරන්න අවස්ථාවක් ලැබුනේ නෑනෙ. මේක කියවන එවුන් කවුරුවත් උඹට අනුකම්පා කරන එකක් නෑ යාළුවා, උන් උඹ ගැන ආඩම්බර වෙයි, උඹේ අත්දැකීම් ගැන හිතලා තමන්ගේ ජීවිතේ හදාගනියි අනිත් එවුන්ටත් කියලා දෙයි, ඒ පින උඹට අනිවාර්යයෙන්ම ලැබෙයි. ඒත් එක්කම මගේ පැත්තෙන් මමත් තරමක් දුරට මනසින් කඩාගෙන වැටිලා ජීවිතේ අවුල් ජාලයක් කරගෙන ඉන්න වෙලාවක් මේක. උඹේ කතාව මටත් ලොකු ශක්තියක් වෙයි හිත ශක්තිමත් කරගෙන ජීවිතේට මූණ දෙන්න. දිගටම ලියපන් මචං උඹට සදා ජය....!!!

    ReplyDelete
  57. මම කියෙව්වා අයියේ, (මම හිතනවා අයියා කියලා, ඒ නැතත් අයියා තනතුරේ තබන්න ඕන කෙනෙක් ඔයා). මට දුක නැහැ. ඔයා ඒ විදිහට ජීවිතේ හදා ගත්තේ නැත්නම් තමයි හැමෝටම දුක් වෙන්න වෙන්නේ.

    ReplyDelete
  58. @රවා !
    අහ් මල්ලී ඔයා මගේ පරන ම ඉඳන් ඉන්න හිතවතෙක් නිසා මම හිතුවේ කලින් දකින්න ඇති කියලා . . .

    ReplyDelete
  59. @Nishacharaya !
    මටත් හරිම සතුටුයි මගේ පෝස්ට් එක නිසා පොඩි පොඩි දේවල් වලින් හිත වට්ටගෙන ජීවිතේ කලකිරිලා ඉන්න අයට ගන්න පොඩි හරි දෙයක් මට දෙන්න හැකිවීම ගැන. . ..

    ReplyDelete
  60. @RanDil!
    අනිවාර්යෙන් . . . ජීවිතේ කියන්නේ විඳවන්න ඕන දෙයක් නෙමෙයි . . විඳින්න ඕන දෙයක් . . . ඕනෑම මොහොතක ඒක ඒ විදිහේ සුන්දර මානසිකත්වයකින් ගන්න ලෑස්ති වෙනවානම් ජීවිතය මොන තරම් සුන්දරද . ..

    ReplyDelete
  61. මටත් ඔහොම හිතන්න පුළුවන් නම් හොදයි ... ඒත් කොයි දේ වෙන්නෙත් හොදටයි කියලා මට නම් දැන් හිතෙන්නේ නෑ

    ReplyDelete
  62. මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා ! මම FB එකේදි දැක්ක පොටෝස් වල දුකා අයියා එළ කිරි වගේ ඉන්නවනෙ. !

    ඒත් මෙකෙ කියලා තියෙන විදියට ඔයාගෙ මුන තාම හරි ගිහින් නැ. එක වෙන්න බැ නෙද ?

    අම්මො මටනම් ඔලුව කැර කෙනවා වගේ :-D

    එහෙම මුනේ අපි නොදන්න අවුලක් තියෙනවනම් ඇයි ප්ලාස්ටික් සැත්කමක් කරන්නෙ නැත්තෙ ?

    ReplyDelete
  63. @Dark_Lord !
    අනිවාර්යෙන් එහෙම හිතන්න පටන් ගන්න . . බලන්න දැනෙන වෙනස කොයි තරම්ද කියලා . .

    @Bunny !!
    දැං ගොඩක් දුරට හරි . . ඒත් තාම Lip එකේ, එක අතක, කකුලේ ලොකු පැචස් තියෙනවා, මුලු ඇඟේම (පිච්චුනු හරියේ) අළුහම් හැදිලා වගේ කැලැල්. ඒකයි මම කිව්වේ.
    අපෝ නෑ මලේ ප්ලාස්ටික් සැත්කම් කරන්න ඕන වුනේ නෑ ආයුර්වේදෙට හා අර වෙද මහත්තයාට පිංසිදු වෙන්න

    ReplyDelete
  64. අපි සමහරක් දෙවල් අසාදාරනයි කියල හිතුවට එතරම්ම අසාදාරනනෑ

    ReplyDelete
  65. ඔහොම තමයි ජීවිතෙ......... හැබැයි නරකම නැ

    ReplyDelete
  66. මට නම් හිතා ගන්නත් බැහැ.
    ඒ උනාට අර ෆොටෝ වල අයියා හරි ෂෝක් එකට උන්නානේ. මේ පෝස්ට් එක ඇත්තටම මම දැක්කේ නැහැ කලින්, දැක්කා නම් අර අයියාගේ කව් බෝයි ෆොටෝ ෂූට් එකට කෝචොක් එකක් දන්නේ නැහැ කීයටවත්.
    අයියාගේ දරා ගැනීමේ ශක්තිය ගැන මට හිතා ගන්නවත් බැහැ.

    ReplyDelete
  67. ඔයානම් අදහන්න වටින කෙනෙක් දුකා අයියා... ස්තුතියි මේක ලිව්වට...

    ReplyDelete
  68. මටත් ජිවිතේ හදිසි ගැටළුවක් මතු වුනා. මම නම් ගොඩක් පස්සට ගියා ඒ ප්‍රශ්නය මත පදනම් වෙලා යි මම තීරණ ගන්නෙත් . ඔයා වගේ වෙන්න පුළුවන් නම් හොඳයි .

    ReplyDelete
  69. අයියගේ බස් එකේ ලින්ක් එක හරහා මේක දැක්කේ මම. ඇත්තටම අනික් අය කිව්ව වගේම අයියා ගැන හරිම ආඩම්බරයි. අපි දුක් වෙලා කලකිරෙන්නේ මොන තරම් බොළඳ දේවල් වලටද කියලා හිතුනා........ ඇත්තටම........... ගොඩාඩාක් වටින ලිපියක් කොයි කාටම උනත්.......

    බොහොම ස්තූතියි යට ගිහින් තිබුන පෝස්ට් එකක් නොකියවපු අයට නැවත මතක් කල එක ගැන.

    ReplyDelete
  70. මම අදයි මේක දැක්කෙ ගූගල් ප්ලස් එකේ දාල තිබුනුනිසා.

    මෙහෙම දිරියක් තිබීම, ධනාත්මකව සිතීම.. මේ වගේ වෙලාවට මටනං බොහොම අමාරුදෙයක්.. මටත් ඔය(ස්වරූපය) හා සමාන ගැටලු තියෙනව.. ඇත්තටම අයියගැන ආඩම්බරයි.. කොයිදේ වෙන්නෙත් හොදටයි.. එහෙමම හිතමු.. ස්තූතියි අත්දැකීම බෙදා ගත්තාට..

    ReplyDelete
  71. ඔලුව අස්සෙ කැරකෙන වචන ගැටගහල ලියන්න බැරි තරන් දේවල් කැරකෙනවා.... ඔයා මාරයිනේ!!!

    ReplyDelete
  72. කියන්න වචන නැහැ. විශිෂ්ඨයි මචෝ.

    ReplyDelete
  73. අනේ පලයං උඹව මම එදා දැක්කනේ මහරගමදි උඹව පිච්චිලා නැ

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails