Thursday, August 13, 2009
තනි තරුව. . . . සහ මම . . . !
පාලු . . .හුදකලා රාත්‍රියේ . . .
කොම්පූටරේට මූන ඔබාගෙන . . .
වායුසමීකරනය අඩු කරන්න කම්මැලි කමට . . .
එක අතක් කකුල් දෙක අස්සේ ගහගෙන . . .
සීතලේ වෙව්ල වෙව්ලා. . .
මූනු පොත බල බල හිඳිද්දි . . .
අම්මෝ . . . මාර . . .සීතලයි . . .
යන්න ඕන දුමක් දාන්න . . .
ඔන්න මං එලියේ . . . !
දහවල් ගිනියම් අව්වට කැකෑරී . . .
පදමට රත්වුනු . . . බිත්තියට . . .
පස්සා පැත්ත හේත්තුකර . . .
දුම් පිට කරන්න උඩ බැලුවාමයි දැක්කේ . . . නුඹව . . .
නුඹ . . .
දූලි වලාවෙන් පිරුනු අහස්කුස . . .
හරි මැද්දටම වෙන්න හිටපු . . .
එකම එක . . දීප්තිමත් තරුව . . .නුඹ . . .
ඊට ගොඩාක් ඈතින් . . .
තව පුංචිම පුංචි තරුවක් . . .
නුඹ දිහා . . . නෙත් දල්වා . . .
දුකෙන් වගේ බලා සිටිනවා . . . .
හ්හ්ම්ම්ම්ම්ම් . . . .
තව කොපමන කලක් යාවිද . .
මේ දෙකට එක ලඟට එන්න . . .
මට නිකමට හිතුනා. . .
අනේ . . . .
නුඹයි . . . මායි . . . එකම වගේ . . . .
මට දුක . . . . . හිතුනා . . . . . !
Subscribe to:
Post Comments (Atom)
නියමයි.... ලස්සනයි...
ReplyDeleteලස්සනයි..! හැබැයි තරු දෙකක් අතර දුරට වඩා ඔයයි ඇයයි අතර දුර අනිවාර්යෙන්ම අඩුයි!
ReplyDeleteදුකා නිසදැස නම් ලස්ස්සනයි ඒත් පුතේ උඹේ හිත මොකක හරි පැටලිල වගේ
ReplyDeleteපොතක් කියවන්නෙ නැතුව උබට දුක හිතෙන එක නම් එච්චර හොද නිමිත්තක් නෙම්යි. මොකද්ද පටලැවිල්ල???
ReplyDeleteජෝන් තාමත් සිගරට් බොනවා
ReplyDeleteපටන්ගැනිල්ල තාත්විකයි... අවසානය ඒකාකාරීයි...
ReplyDeleteමීට හොදට උඔ ලියනවා දුකා...
මම කැමතියි උඔ ලියන විදියට.
උඹ මගෙ ජීවිත කථාව ලියනවා වගේ ! මට දුක හිතෙන දාට උඹ ලියන්නෙ දුක ගැන. මම සතුටින් ඉද්දී හොඳ ලස්සන සතුටු හිතෙන පෝස්ට් එකක් දානවා. අනේ මට තේරෙන්නෙ නෑ මේවා.
ReplyDelete@ angel !
ReplyDeleteස්තූතියි . . .
@ malee_msg !
ReplyDeleteම්ම්ම්ම් මම හිතන්නෙත් එහෙමම තමයි . . කොහෙද . . . කිව්වට තේරුම් ගන්නෑනේ මලී. . . .!
@ rusara, änthräX !
ReplyDeleteනෑ නෑ මචං එහෙමට පටලැවිල්ලක් නෑ . . . දන්නෙද්ද . . මේ පොඩි පොඩි අභ්‍යන්තර ගැටළු . . . හික්ස්
@ Anonymous !
ReplyDeleteදුම්බීම ශරීරයට අහිතකරයි කියනවනේ මචං . .. හික් හික්
@ Prabath !
ReplyDeleteඇත්තෙන්ම මේක මේ පහුගිය දවස්වල සිදුවුනු පොඩි පොඩි සිදුවීම් ටිකක වේදනාවට නිකමට වගේ ලියවුනු එකක් . . . ආයේ ලියනකොට මීට වඩා සැලකිල්ලෙන් ලියන්නම් මචං . . . ස්තූතියි . . .
@ Chrishi !
ReplyDelete"එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනව . . . " කියල කතාවක් තියෙනවනේ මචං . . . .අපි මේ එක ජාතියේ කුරුල්ලෝ . . . ඒකයි මේ එකට සෙට් වෙලා තියෙන්නේ . . . . ඉතිං අපේ එකම හැඟීම් හැමෝටම එක විදිහට දැනෙනවා. . .මම හිතන්නේ . . .!
මචන් අපිත් එන්නද ....
ReplyDeleteඅදයි විසිට් කලේ. සිංහල බ්ලොග් අවකාශය විවිධාංගීකරණය වන හැටි දකින එක ලොකු සන්තෝෂයක්. උඹ ජීවන අත්දැකීම් සහ සාහිත්‍යමය පෝස්ට් රසට ලියනවා. ඒ තීම් එකෙන් දිගටම ලියපන්. ලියන්න දෙයක් නැති උනාම විතරක් ඔය සමාජ විමර්ෂණ (මුලින් තිබුන කිහිපයක් කියෙව්වා)හා වෙනත් වර්ගවල ඒවා එකතු කරපන්.
ReplyDeleteSuggestions:
උඩ තියෙන හෝම් ලින්ක් එක රීසෙට් කරගන්න. සයිඩ් බාර් එකට පොපියුලර් පෝස්ට් විජට් එකත් එකතු කරන්න.
දුක තමයි දුකා......
- ලොස්ට්ඉන්රෝමෑන්ස් -
(මමත් ටික දවසක් ලොස්ට් වෙලා හිටියේ. සංස්කෘතික (ළමා කටයුතු) අමාත්‍යාංශයෙන් බේරෙන්න. ( joke :) ) උඹේ එල පෝස්ට් ටික දැකලා ආයෙමත් කොහොම හරි වෙලාව හදාගෙන ලියන්න අධිෂ්ඨාන කර ගත්තා)
@ NUWAN"s lane !
ReplyDeleteවහපන් . . නුවන් . . වහපන් . . . මේක ලොකු අත්තක් . . . අපි හැමෝගෙම බර දරා ගන්න පුලුවන් . . . කඩා වැටෙයි කියලාබයවෙන්න දෙයක් නෑ . . . !
@ lostinromance !
ReplyDeleteබොහෝම ස්තූතියි . . උඹේ කමෙන්ට් එකට . . .
ඇත්තෙන්ම . . මම බ්ලොග් එක පටන් ගනිද්දිම හිතේ තිබුනු දෙයක් තමයි . . . සමාජ විමර්ශන වලට අදාල ලිපි වැඩිපුර ලියන්න ඕන කියන එක. . .
නමුත් පසුව හිතුනා . . . ජීවන අත්දැකීම් ලියන එකෙන් . . . මට සමාජයට දෙන්න ඕන පනිවිඩය . . . වඩා පහසුවෙන් දෙන්න හැකි වෙයි කියලා. . . ඉතින් දැන් ඒවාට පුල් තැන දීලා ලියනවා. . .
උඹේ සජෙෂන් ගැන මම පොතේ ගුරා මල්ලිට කියන්නම් . . . එයා තමයි මට මගේ බ්ලොග් එක හදාගන්නත් . . .වැඩි දියුනු කර ගන්නත් උදව් කරන්නේ. . . මම . . . වැඩි පරිඝනක දැනීමක් තියෙන එකෙක් නෙමෙයි මචං . . . !
ළමා කටයුතු අමාත්‍යාංෂයේ දැලෙන් රින්ගන්න පුලුවන් විදිහට උඹට ලියන්න පුලුවන් කියන එක මට ප්‍රත්‍යක්ශ වුනා . . .උඹේ බ්ලොග් එක බැලුවාම . . .
හරිම සතුටුයි මචං . . අඳුන ගත්තට . . . උඹේ බ්ලොග් එකට පාර කිව්වට . . . අදහස් දැක්වීමට. . .
ජය. . .!
දුම් පිට කරන්න උඩ බැලුවාමයි දැක්කේ . . . නුඹව . . .
ReplyDeleteමම හිතුවෙ උඩ තට්ටුවෙ හිටිය කෑල්ලක් ද කියලා................හි හී...
දුක්ගන්නාරාල.....
දුක් ගන්නවා කියන්නෙ අනුන්ගේ දුක් නෙ........
අත්තටම දුකෝ ඔයාගෙ දුක් එතැනමද?
දුකෙන් මිදෙන විදිහ තියෙන්නෙ බුදු බණේ තමයි ඉතින්..
@ ගීශා !
ReplyDeleteමටත් ඉතිං මගේම දුක් සිදුවීමුත් ඉඳල හිටලා තියෙනවා . . .
බුදු බනේ උගන්වපු දුකින් මිදීමේ ක්‍රම සහ විදි භාවිතා කරමින් දුකින් මිදෙන්න උත්සාහ කරමින් ඉන්නවා . . ඉතිං බොහේ කාලයක ඉඳලා. . .
ලස්සනයි.කියවගෙන යද්දි හිතේ මැවෙනවා වගේ. තාත්වික බවක් දැනෙනවා.හොද උත්සාහයක් .
ReplyDeleteane duka matath namak hada ganna hati kiyannako. hemadama Anonymous daala epa wela.
ReplyDelete@ Anonymous !
ReplyDeleteස්තූතියි . . .
@ Anonymous !
ම් ම් ම්ම් ටිකක් අපේ බයිස්කෝප් සයිට් එක පොතේ ගුරා සහෝදරයගෙන් අහන්න කොහොමද ඒ වඩේ කරන්නේ කියල තරහ නැතුව . . .
අදයි මචං මේක කියෙව්වෙ... සොරි වෙන්න ඕනා...
ReplyDeleteඇත්තටම ලස්සනයි....
@ ධනික | Dhanika !
ReplyDeleteස්තූතියි මචං . . .
ජෝන්ද බිව්වේ නැත්තං ගංජාද දුකෝ?
ReplyDeleteදුකා
ReplyDeleteහැමදාමත් වගේ අදත් ලස්සනට ලියලා
වැඩි කතන්දර කිසිම දෙයක් නෑ එත් එකේ අර්ථය හුගාක් ගැඹුරුයි