Monday, July 27, 2009

කාලයේ වැලිතලාව පහුරුගා . . .!


බලන කට්ටිය මට බනිනවද දන්නෙ නැහැ මම වැඩිපුරම ලියන්නේ දුක හිතෙන දේවල්මයි කියලා . . . බ්ලොග් එකෙ නමත් දුකා නිසා එහෙම හිතෙනවත් වෙන්න ඇති . . .

මම ඇත්තෙන්ම හරිම සතුටින් කාලය ගතකරන කෙනෙක් . . . මාව ගොඩක් ලඟින් ඇසුරු කරන අය හෙවත් මගේ හොඳම යහලු යෙහෙලියන් හැමෝම දන්නවා ඒ බව . . . ඒ අය අහම්බෙන් හරි දැක්කොත් මම දුකෙන් ඇස්දෙකේ කඳුලු පුරෝගෙන ඉන්නවා . . . ඒ අය දන්නවා ඒ මම එහෙම ඉන්නේ . . එක්කෝ . . දුක හිතන නවකතාවක් බලල . . . නැතිනම් දුක හිතෙන චිත්‍රපටියක් බලල . . නැතිනම් දුක්ගීතයක් අහල. . . එහෙමත් නැතිනම් කාට හෝ සිදුවුනු දුක හිතෙන යමක් අහන්න ලැබිලා වත් කියලා . . .

හැබැයි මට මොනා උනත් මට එහෙමට දුකක් දැනෙන්නේ නෑ . . . (ඇත්තමයි)

මට මතකයි දවසක් අපේ චමරියට යාලුවෙකුගේ යාලුවෙක් ඇවිත් . . ඌට වැරදිලා මගේ කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවා . . මම ඒ වෙලාවේ "සෝමා ජයකොඩි" මහත්මිය ලියපු "මධාරා" නවකතාව කඳුලු පෙරපෙර බල බල හිටියේ . . . මටත් ටිකක් ලැජ්ජත් හිතුනා. . .

ඌ “සමාවෙන්න මචං” කියල පිටවෙලා ගියා . . .

ගිහින් ඌ ඇහුවලු අනිත් අයගෙන් “මචං . . අරූට මොකක් හරි ගෙදර ප්‍රශ්නයක්ද . . . ?? කාට හරි අසනීපයක් වෙලා මූට ගෙදර යන්න නිවාඩු ගන්න බෑ වගේ සීන් එකක්ද . . ?” කියලා . . .

මගේ මිතුරෝ ඇහුවලු . . . "උගේ අතේ පොතක් තිබුනද . . ?" කියලා . . .

ඌ කිව්වලු . . "ඔව් මම දැක්කා පොතක් තියෙනවා . . " කියලා . . .

මගේ මිතුරෝ කිව්වලු . . . "ආ එහෙනම් ඕක ගනන් ගත යුතු දෙයක් නෙමෙයි . . . " කියලා . . .

ඒ කොටස ඇත්තෙන්ම අතුරු කතාවක් . . . දැන් අපි නියම කතාව ගැන හිතුවොත් . . .

ඔන්න ඉතිං මම අද හිතුවා මගේ ප්‍රියතම ගායිකාව වූ "නන්දා මාලනී ගෝකුළ" මහහ්මිය ගැයූ මගේ හද සසල කල ගීත ටිකක් ලියා තබන්න කියලා . . . ඇත්තෙන්ම මේ ගීත දැන් රේඩියෝ එකේ වත් ඇහෙනවද කියල සැකයි . . . !

මේ බ්ලොග් පෝස්ට් එක ඔයාල බැලුවොත් . . මම කියනවාට වත් නිකමට අහල බලන්න මේ ගීත කොතරම් ළයාන්විතයිද . . කොතරම් හැඟීම් බරයිද කියලා . . .

මියුරුගී සයිට් එකෙන් මේවා අහන්න පුලුවන් කැමති කෙනෙකුට . . .

මම කලින් අක්කල ගැන ලියපු ලිපියේ සඳහන් කරපු මගේ මිතුරාත් (කීර විකුනපු අක්කගේ මල්ලී) අපේ හතරදෙනාගේ කල්ලියේ අනෙක් අයත් තව ගෙවල් පැත්තේ මිතුරනුත් . . . අපි කට්ටිය කාලෙකට පසුව මුනගැසෙන හැම විටම (මම දැන් පදිංචිය ඒ පැත්තට වඩා කි.මී. 20කට වැඩිය දුරක ) පුලුවන් හැකි උපරිමයෙන් පුංචි හෝ මධුසාදයක් පවත්වනවා . . .

එහිදී මගේ මිතුරා කරන විශේෂ ඉල්ලීමක් තමයි . . . "අනේ දුකා කාලයේ වැලිතලාව පහුරුගා සිංදුව කියපන් . . " කියන එක . . .

"ඒක ඇහෙන කොට මට මතක් වෙන්නේ අපි ගතකරපු . . . ජීවිතයේ ආයි කවදාවත් නොලබෙන . . . සිහිනෙන් දිවගෑ සුවඳක් වගේ දැනෙන . . . අපේ සුන්දරම සුන්දර අතීතය" කියලා ඔහු පවසන්නේ ඇස් දෙකත් වසා ගෙන හිතින් ආපහු අතීතෙට ගිහින් වගේ . . . !

කාලයේ වැලිතලාව පහුරුගා . . .

කාලයේ වැලිතලාව පහුරුගා . . .
නියඟ ගෙවී ලේ ගලනා වෙලාවේ . . .
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම් . . .
ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම් . . .

වියැලුනු හෝපලු වනයේ . .
සුලඟේ යන පරඬැල් මැද . .
අතීතයක ගුන සුවඳක් විඳින්නම් . .
ඒ සුවඳම හමුවනතුරු සිටින්නම් . . .

කාලයේ වැලිතලාව . .

ගිනිදැල්වෙන මරු කතරේ . .
පුපුරු ගසන වැලිකැට මත . .
ළතෙත් බවක සිහිලැස සිහි කරන්නම් . .
ඒ සිහිලම පතමින් මඟ බලනම් . .

කාලයේ වැලිතලාව . .


සුන්දර ප්‍රේමනීය අතීතයක විඳි සිනා කඳුලු සිහිකරන මට නිතැතිම සිහියට එන්නේ මේ ගීය . . .

වැස්සකට ඉඩ ඇතත් . .

වැස්සකට ඉඩ ඇතත් . . අහස්කුස දස අතම . .
හිරුට එපමන කුමට . . පුන්චිපෙදෙසක් ඇතිය . .
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැලෙද්දී . .
හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට . . .

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල . .
බිඳීගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය. . .
ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . . .

සයුර ගොඩ එන තුරා කඳු මුඳුන් ඇත උසට . .
ගලන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද . . .
ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . . .

ඔබට මා . . මටද ඔබ හමුවුනෝතින් . .
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අපි දෙදෙන . . .


මම කලින් ලියූ "ගැහැනු ළමයිනේ . . කොහෙද බලා ඉන්නේ . . ." ලිපියේ සඳහන් චූටි නංගි ගැන හිතන හැම විටෙකම . . ඇගේ කැදල්ල කැඩී ගියොත් ඇයට පිහිට වියහැකි අයෙක් මේ ලෝකයේ සිටීදැයි සිතෙන විටෙක මට සිහිවෙන්නේ මේ ගීතය . . .
(ඇගේ කැදැල්ල විසිරී නොයා ඔවුන්ට සතුටින් සිටීමට ඉඩ සැලැසීමට මා මට හැකි ඕනෑම කිරීමට මා ඉටාගෙන සිටින්නේ . . . )

සුළං කපොල්ලේ . .

සුළං කපොල්ලේ . .
තැනූ කැදැල්ලේ . .
කෑලි කැඩී බිඳී වැටේ
නිල් කඳු රැල්ලේ . . //

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී . . .
දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්වී . . .
යොදුන් ගමන් ඔබමැ සොයා ආ සියුමැල්ලී . . .
පිලිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී . . .

සුළං කපොල්ලේ . .

ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වළල්ලේ . .
කඳුල පමනි ඇයට උරුම දවස මුලුල්ලේ . .
ඔබ තනිකඩ කුරුලු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ළැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ . .

සුළං කපොල්ලේ . .
තැනූ කැදැල්ලේ . .
කෑලි කැඩී බිඳී වැටේ
නිල් කඳු රැල්ලේ . . //

මම කලින් අක්කල ගැන ලියපු ලිපියේ සඳහන් කරපු ලොකු අක්කාට කියා බත්කවා ගන්නා මිතුරා තමයි මා දන්නා අයගෙන් සාර්ථකම විවාහ දිවිය ගත කරන්නේ . . . ඔවුන්ගේ අන්‍යෝන්ය අවබෝදය දකින මට සිහිවෙන්නේ මේ ගීතයයි . . .

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන . .

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන . .
අනන්ත බාධක දුක් පීඩා විඳ . .
භවෙන් භවය යන මං සළකුනු දැක . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .

සත් සමුදුරු තරනය කර ආවා . .
සත්කුලු පව් අතරින් දිව ආවා . . //
තරු එලියෙන් පියවර මැන ආවා . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .

කප් සුවහස් කල් . . .

නොනිමෙන ගමනක ආශා පොදි බැඳ . .
මිරිඟුව පසුපස දිව යන ඉකිබිඳ . . //
දිවි දෙන වැයුමට ඔබ පසෙකින් හිඳ . . .
ඔබව සොයා ආවා . . ඔබව සොයා ආවා . . .

කප් සුවහස් කල් . . .

දහය වසරෙදි මා ගිය නුගේගොඩ නාවල පාරේ "ඇල්ෆා ඉන්ස්ටිටුට්" උපකාරක පංතියේදී මා නුගේගොඩ "අනුලා විද්‍යායයේ" යුවතියකට පෙම්කලා . . . තද විනය නීහි තිබූ එහි අපට එකෙනෙකා කෙරෙහි බලා ඉන්නවත් නිමේශයක් ලැබුනේ විවේක කාල වලදී පමනයි . .

අප දෙනෙත්වලින් කතාකරද්දී අවට සිටි දහසක් සිසු සිසුවියන් මැද අප පමනක් තනිවූවා වැනිවයි අපට දැනුනේ . . . ඒ අතීතය යලි යලිත් සිහිකරවන මේ ගීතය ඇත්තෙනම හද සසල කරනවා නොව හද පාරනවා කීවොත් නිවරදියි . . .

දෙනෝ දාහක් නුවන් අතරේ . .

දෙනෝ දාහක් නුවන් අතරේ . .
කවුරුදෝ මා . .
තනිකලේ . . තනිකලේ . .
පාසැල් බිමේ . .

සිනා කෙළිලොල් තෙපුල් රහසේ . . .
දෙඩූ තැන් අද ගොලුවෙලා . .
සොඳුරු පාසැල් පියස කඳුලින් බොඳ වෙලා . .
කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා . .

නිබඳ ඔබ මා ඇවිද ගිය තැන් . .
සෙවන දුන් ගහ කොල පුරා . .
බිමට බරවුනු කැකුලු අතු ඉති මැලවිලා . .
දුකින් හදවත ගොලුවෙලා . .

දෙනෝ දාහක් නුවන් අතරේ . .
කවුරුදෝ මා . .
තනිකලේ . . තනිකලේ . .
පාසැල් බිමේ . .

8 comments:

  1. අතීතයේදී මා තුල වූ සංවේදී බව තව දුරත මා තුල නැත.
    ඒදා මාලු ටැංකියේ මාලුවෙකු මියදුනද අඩන මට නෑයෙක් මියදුනද අද ඇඩෙන්නෙ නැත.
    අතීතයේ වු සංවේදී බවට මා අදද ප්‍රය කරමි.
    නමුත් එය ලබාගන්නෙ කෙලෙසදැයි නොදනිමි,

    ReplyDelete
  2. ගොඩාක් ස්තූතියි දුකා.....
    මියුරුගී අඩවිය ගැන සඳහනක් දැම්මට.
    මම අදයි ඒකට මුලින්ම ගියේ...

    ReplyDelete
  3. කාලයක් මට තිබුනා අඩන්න බැරි ලෙඩක්.. මට ඇඩුනේ සතෙක් මැරෙනවා දැක්කොත් විතරයි.. මගේ දුකකට කදුළක් ගන්න බැරිව මං පුදුම උනා.. පොත් කියවලා ඇඩෙන්නේ නම් ඒ පොත හොදම හොද එකක් උනොත් විතරයි.. ෆිල්ම් එකක් බලලා ඇඩුවේ ටිකක් පරණ හිංදි ෆිල්ම් එකක අලි අම්මා කෙනෙක් වෙඩි වැදිලා මැරෙනවා දැකලා.. ඒ හැර මම අඩන්නේ නෑ ඉස්සර. අපේ අම්මා මාව හැදුවේ අඩන්නේ නැතුව හැමදේම දරාගන්න පුළුවන් විදියට. ඒත් මෑතක ඉදන් මගේ වයර් ශෝ‍ට් එකක් වෙලා.. හිනා වෙන්න කලින් ඇඩෙනවා. මොකෝ මංදා..
    කොහොම උනත් ලිපියට අදාලව කථා කරනවා නම් නන්දා මාලනී මහත්මිය කියන්නේ කොයි වි‍දියෙක සිංදුවට උනත් පණ පොවලා ගායනා කරන්න පුළුවන් කෙනෙක්.. ඔ‍තනින් මම වැඩියෙන්ම අහන්න කැමති සුළං කපොල්ලේ.. ගීතය. අනිත්වා වැඩිය අහලා නැහැ.

    ReplyDelete
  4. @ චා_එස් එල් !
    "අතීතයේදී මා තුල වූ සංවේදී බව තව දුරටත් මා තුල නැත" මගේ විශ්වාසය නම් ඔබ තාමත් එදා සිටි සංවේදී පුද්ගලයාමයි . . .

    "එදා මාලු ටැංකියේ මාලුවෙකු මියදුනද අඩන මට නෑයෙක් මියදුනද අද ඇඩෙන්නෙ නැත" ඔබේ හදවතට තට්ටු කර අසා බලන්න . . . ඇසට කඳුලක් නොනැඟෙනවා විය හැකියි . . . නමුත් හදවතින් ඔබ හඬා වැටෙනවා විය හැකියි . . .

    "අතීතයේ වු සංවේදී බවට මා අදද ප්‍රිය කරමි" සංවේදී පුද්ගලයෝ ප්‍රේමනීය මිනිසුන්ය . . .

    "නමුත් එය ලබාගන්නෙ කෙලෙසදැයි නොදනිමි". . . සමාජයෙන් ලද විශමවූ අත්දැකීම් ඔබව රළු මිනිසෙකු කලා විය හැකියි . . . සිනා විය යුතු දෙයට සිනා වෙන්න උත්සාහ කරන්න . . . හැඬිය යුතු දෙයට හඬන්න . . . ඔබව රළු මිනිසෙකු කල අතීතය අමතක කරන්න . . . ජීවිතය ජීවිතය ලෙසින් සලකන්න . . .

    ReplyDelete
  5. @ චමි.දේ.වා. !

    ඒකේ Quality එක නම් අඩුයි . . . ඒත් ගොඩක් සිංදු තියෙනවා . . .

    ReplyDelete
  6. @ malee_msg !

    ඔය අඬන්න බැරි ලෙඩේ මටත් වෙනස් ආකාරයකින් තියෙනවා . . .

    ගොඩාක් කාලයකට කලින් මාව භයානක විදිහට අනතුරකට ලක් වුනා . . . මාව බලන්න ආපු මගේ ඤාති සොයුරෙකුත් . . මගේ මිතුරෙකුත් . . මාව දුටු ගමන් සිහි නැතුව වැටුනා . .

    ඒත් මම හිටියේ සිනහ වෙමින් . . මම අනෙක් අයගෙන් කල ඉල්ලීම තමයි මාව හිනා ගස්සන්න එපා හිනා වෙනකොට රිදෙනව කියන එක . . .

    මාස තුනක් රෝහලේ හිටියා එකම එක දවසයි අඬුවේ . . . ඒ අක්කා මාව බලන්න අවිත් මාව දුටු ගමන් අඬාගෙන මා ලගට ආපු වෙලාවේ . . ඈ අඬනවා බලා ඉන්න . . ඉවස ගන්න බැරි නිසයි මට ඇඬුනේ . .

    නන්දා මාලනී මත්මියගේ මේ ගීත ටික මම කියනවට වත් අහල බලන්න . . .

    බලල මට කියන්න කොහොමද දැනුනේ කියලා . . .

    ReplyDelete
  7. පැරනි ගිතවල අමුතු ලස්සනක් තියනවා....මම එක තම අලුත් සින්දුවල දැක්කෙ නැ ..............එ අතින් බලද්දි මෙ සින්දුව මරෙ මරු දුකා අය්යා....

    ReplyDelete
  8. දුකා උඔ නං මාර අදහස් තියෙන පුද්ලයෙක්. උඹ ලියන දේ නිවී හැනහිල්ලෙ කියෝලා ටිකක් හිතන්න පුලුවන් විදියට උඔ ලියනවා.
    මට එක දෙයක් තේරෙන්නෙ නෑ. මට කියපං උඔ සංවේදී තැන්වලදි අඩන එකෙක්ද? නැද්ද කියලා.
    මටනං ඔය සමහර පිල්ම් බලල ඉවර වෙද්දි ටිකක් අප්සෙටි යනවා ඒත් ඉතිං ඕක පිල්ම් එකක්නෙ කියලා හිතලා අර දියවුණු හිත ආයෙ ගල් කරගන්නවා. ඔයවගේ බොහෝ අවස්ථාවල මං අර වැඩේ අවසථාව​ට ගැලපෙන විදිහට වෙනස් කරගෙන හිත හදා ගන්න බලනවා. ඒක ගැන මොකද උඔ හිතන්නෙ. ඒක කාලකක්ණි සතුටක්ද බං?

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails